1. සද්ධම්මන්තරධාපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්රකාශ කෙරෙත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
2. අධම්මදීපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ධර්මය අධර්මයයි ප්රකාශ කෙරෙත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
3. අවිනයදීපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අවිනය විනයයි ප්රකාශ කෙරෙත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
4. විනයහාපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් විනය අවිනයයි ප්රකාශ කෙරෙත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
5. අභාසිත දීපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් නොවදාරණලද්ද, ප්රකාශ නොකරණලද්ද, තථාගතයන් විසින් කියන ලද්දේය, ප්රකාශ කරණ ලද්දේයයි දක්වත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
6. භාසිතභාසින සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද, ප්රකාශ කරණලද්ද, තථාගතයන් විසින් නොකියන ලද්දේය, ප්රකාශ නොකරණ ලද්දේයයි දක්වත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
7. අනාවිණ්ණදීපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදුනොකරණලද්ද, තථාගතයන් විසින් පුරුදුකරණ ලද්දේයයි දක්වත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
8. ආවිණ්ණහාපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදු කරණලද්ද, තථාගතයන් විසින් පුරුදු නොකරණ ලද්දේයයි දක්වත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
9 අපඤ්ඤත්තදීපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් නොපණවනලද්ද, තථාගතයන් විසින් පණවනලද්දේයයි දක්වත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
10. පඤ්ඤත්තදීපන සූත්රය.
´´මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පණවනලද්ද, තථාගතයන් විසින් නොපණවනලද්දේයයි ප්රකාශ කෙරෙත්ද,
´´මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´
අධර්මවාදී එකොළොස්වන වර්ගය නිමි.