1. ඉත්ථිරූප පරියාදාන සූත්‍රය.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ´ මහණෙනි´ කියා භික්ෂූන් ඇමතූ සේක. ´ස්වාමීනි´ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:-
´´මහණෙනි, යම්සේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එබඳුවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
2. ඉත්ථිසද්ද පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
3. ඉත්ථිගන්ධ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගන්ධයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී ගන්ධය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
4. ඉත්ථිරස පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ රසය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රී රසය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
5. ඉත්ථිපොට්ඨබ්බ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ ස්ත්‍රියගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්ශයකුදු මම නොම දකිමි. මහණෙනි, ස්ත්‍රියගේ ස්පර්ශය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
6. පුරුෂ රූප පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් රූපය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රූපයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ රූපය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
7. පුරිසසද්ද පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් හඬ ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ශබ්දයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ශබ්දය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
8. පුරිසගන්ධ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් ගන්ධය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ගඳකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ ගන්ධය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
9. පුරිසරස පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම රසයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂ රසය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
10. පුරිසපොට්ඨබ්බ පරියාදාන සූත්‍රය.
´´මහණෙනි, යම්සේ පුරුෂයාගේ් ස්පර්ශය ස්ත්‍රියගේ් සිත හාත්පසින් මැඩගෙන සිටීද, මහණෙනි, එසේවූ අනික් එකම ස්පර්ශයකුදු මම නොම දකිමි. මහණෙනි, පුරුෂයාගේ ස්පර්ශය ස්ත්‍රියගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී.´´
(පළමුවන වර්ගය නිමි.)