4. අච්චය (නොහොත් අකෝධන) සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල වනාහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් පෙන්වයි. ඒ භික්‍ෂුව (ඒ වරද කීම) නොපිළිගනී.

3. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පස්ව උන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීහ: ´´ස්වාමීනි, මෙහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ. එහි එක් භික්‍ෂුවක් නුසුදුසු වචන ඔහු පිළිබඳ කීයේය. ස්වාමීනි, ඉක්බිති ඒ භික්‍ෂුතෙමේ අනික් භික්‍ෂුව සමීපයෙහි වරද වරද වශයෙන් කීය. ඒ භික්‍ෂුතෙමේ ඒ නොපිළිගනී.´ යි (කීහ.)

4. ´´මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. යමෙක් වරද වරද වශයෙන් නොදකීද, යමෙක් වරද කියන්නහු සුදුස්සේ නොපිළිගනීද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ වෙත්.

5. ´´මහණෙනි, මේ දෙදෙනෙක් පණ්ඩිතයෝ වෙති. යමෙක් වරද වරද වශයෙන් දකීද, යමෙක් වරද කීවිට ඒ සුදුස්සේ පිළිගනීද, මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ වෙති.

6. ´´මහණෙනි, පෙර වූවක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මාසභායේ තව්තිසා වැසි දෙවියන් සතුටු කරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:

´´ක්‍රෝධය තොපගේ යටතට පැමිණේවා. මිතුරන් කෙරෙහි තොපගේ කළකිරීමෙක් නොවේවා. නොගැරහියයුතු පුද්ගලයාට නොගරහව්, කේළාම් නොකියව්, තවද ක්‍රෝධයතෙම පර්‍වතයක් මෙන් පවිටු (ළාමක) ජනයා හාත්පසින් මැඩලයි.

1. බුද්ධානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? බුද්ධානුස්මෘතිය (බුදුගුණ සිහිකිරීම) යි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

2. ධම්මානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? ධර්මානුස්මෘතියයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´
 
3. සංඝානුස්සති සූත්‍රය.

. ´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? සංඝානුස්මෘතියයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´
 
4. සීලානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? සීලානුස්මෘතියයි (ශීලයෙහි ගුණ සිහි කිරීමයි.)

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

5. චාගානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? දීමෙහි ගුණ සිහි කිරීමයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

6. දෙවතානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? දෙවියන් සාක්‍ෂිකොට ගුණධර්ම සිහි කිරීමයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

7. ආනාපානසති සූත්‍රය.
 
´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? ආශ්වාස ප්‍රශ්වාස නිමිතිකොට ඇති සිහියයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

8. මරණසති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? මරණය ගැන සිහි කිරීමයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´
 
9. කායගතාසති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? ශරීරයේ පිළිකුල් බව ගැන සිහි කිරීමයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

10. උපසමානුස්සති සූත්‍රය.

´´මහණෙනි, එක් ධර්‍මයක් වඩන ලද්දේ, නැවත නැවත පුරුදු කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.

´´කවර නම් එකම ධර්‍මයක්ද? දුක් සංසිඳීම අරමුණුකොට ඇති සිහියයි.

´´මහණෙනි, මේ එකම ධර්මය වඩන ලද්දේ, බහුල වශයෙන් (පුරුදු) කරණ ලද්දේ, ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැතිවීම පිණිස, ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස, විශිෂ්ට ඥාණය පිණිස, චතුරාය්‍ර්‍යසත්‍යය අවබෝධය පිණිස, නිර්‍වාණය අත්පත් කිරීම පිණිස පවතී.´´

(ප්‍රථම වර්‍ගයයි.)

1. පඨම මිච්ඡාදිට්ඨි සූත්‍රය.

මහණෙනි, යම් මිත්‍යාදෘෂ්ටියක් (වැරදි දැකීමක්) කරණකොටගෙන නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිද්ද, උපන්නාවූ අකුශල ධර්මයන්ගේත් වැඩීම හා විශාලවීම ඇතිවේද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්‍වයට පැමිණෙත්.´´

2. පඨම සම්මාදිට්ඨි සූත්‍රය.

මහණෙනි, යම් සම්‍යක්දෘෂ්ටියක් (නිවැරදි සේ දැනීමක්) කරණකොටගෙන නූපන්නාවූ කුශල ධර්මයෝත් උපදිද්ද, උපන්නාවූ කුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්‍වයට පැමිණෙත්ද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන්නාවූ කුශල ධර්මයෝත් උපදිත්, උපන්නාවූ කුශල ධර්මයෝත් වැඩීමට හා විශාලත්‍වයට පැමිණෙත්.´´

3. දුතිය මිච්ඡාදිට්ඨි සූත්‍රය.
 
මහණෙනි, යම් මිත්‍යාදෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් කුශල ධර්මයෝත් නූපදිද්ද, උපන් කුශල ධර්මයෝත් පිරිහෙත්ද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් කුශල ධර්මයෝද නූපදිත්, උපන් කුශල ධර්මයෝද පිරිහෙත්.´´

4. දුතිය සම්මාදිට්ඨි සූත්‍රය.

මහණෙනි, යම් සම්‍යක්දෘෂ්ටියක් කරණකොටගෙන පෙර නූපන් අකුශල ධර්මයෝත් නූපදිද්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්ත පුද්ගලයාහට පෙර නූපන් අකුශල ධර්මයෝත් නූපදිත්, උපන් අකුශල ධර්මයෝත් පිරිහෙත්.

5. අයොනිසොමනසිකාර සූත්‍රය.

´´මහණෙනි, යම් වැරදිසේ මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් වැරදි දැකීම උපදීද, උපන් මිත්‍යාදෘෂ්ටිය මහත්සේ වැඩේද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, වැරදිසේ මෙනෙහි කරන්නාහට පෙර නූපන්නාවූ මිත්‍යාදෘෂ්ටියත් උපදී, උපන්නාවූ මිත්‍යාදෘෂ්ටියත් මහත්සේ වැඩේ.

6. යොනිසොමනසිකාර සූත්‍රය.
 
´´මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙන පෙර නූපන් සම්‍යග්දෘෂ්ටියත් උපදීද, උපන් සම්‍යග්දෘෂ්ටියත් වැඩේද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට පෙර නූපන් සම්‍යග්දෘෂ්ටියත් උපදී, උපන් සම්‍යග්දෘෂ්ටියත් මහත්සේ වැඩේ.

7. නිරයුත්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම් මිත්‍යාදෘෂ්ටියක් (වැරදි දැකීමක්) නිසා සත්ත්‍වයෝ ශරීරය බිඳී යාමෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදිත්ද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ සත්ත්‍වයෝ ශරීරය බිඳීමෙන් පසු, මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම්වූ විකාරව වැටෙන විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.

8. සග්ගුප්පපත්ති සූත්‍රය.

´´මහණෙනි, යම් සම්‍යක් දෘෂ්ටියක් (යහපත් දැකීමක්) නිසා සත්ත්‍වයෝ ශරීරය බිඳී යාමෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදිත්ද,

´´මහණෙනි, ඒ බඳුවූ අන්‍ය එක ස්වභාවයකුදු මම නොමදකිමි.

´´මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තවූ සත්ත්‍වයෝ ශරීරය බිඳීමෙන් පසු, මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වග්‍ර ලෝකයෙහි උපදිත්.

9. පාපකබීජ සූත්‍රය.

´´මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ (ඵස්සාදී) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස, අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය ලාමකවේද (එහෙයිනි.)

´´මහණෙනි, කොසඹ ඇටයක් හෝ තිත්ත වැටකොලු ඇටයක් හෝ තිත්ත ලබු ඇටයක් හෝ තෙත්වූ පොළවෙහි සිටවන ලද්දේ, යම්බඳුවූ පෘථිවි රසයකුත් ඇදගනීද, යම්බඳු ආපෝ රසයකුත් ඇදගනීද, ඒ සියලු රසය තිත්ත භාවය පිණිස, කටුකභාවය පිණිස, අමධුරභාවය පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය (ඇටය) ලාමක වේද. එහෙයිනි.

´´මහණෙනි, මිත්‍යාදෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාග්කර්මයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් ස්වකීය දෘෂ්ටිය වූ පරිද්දෙන්ම සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ ප්‍රාර්ථනාවක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ අධිෂ්ඨානයක් තමාගේ දෘෂ්ටියට එකඟවනසේ සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ (ඵස්සාදී) සංස්කාරයක් දෘෂ්ටියවූ පරිදි සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ අයහපත පිණිස, නොකැමැති බැව් පිණිස, අමනාපය පිණිස, අවැඩ පිණිස, දුක් පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය ලාමකවේද (එහෙයිනි.)

10. භද්දකබීජ සූත්‍රය.

´´මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් දෘෂ්ටිය වූ පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු ප්‍රාර්ථනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු අධිෂ්ඨානයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස, කැමැතිබව පිණිස, මනාපය පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය යහපත්වේද (එහෙයිනි.)

මහණෙනි, යම්සේ වනාහි උක් (බීජයක්) කරටියෙන් හෝ, ඇල්වී බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත්වූ පොළොවෙහි සිටවන ලද්දේ, යම් පෘථුවි රසයකුත් ඇදගණීද, යම් ආපෝ රසයකුත් ඇදගනීද, ඒ සියල්ල මිහිරි බැව් පිණිස, රස බැව් පිණිස, හාත් පසින් රස වැගිරීම පිණිස පවතී. ඊට හේතු කවරේද? මහණෙනි, බීජය යහපත් හෙයිනි.

´´මහණෙනි, සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ පුරුෂ පුද්ගලයා විසින් යම්බඳුවූ කායකර්‍මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ වාක්කර්මයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණකරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ මනඃකර්මයක් දෘෂ්ටිය වූ පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳුවූ චේතනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු ප්‍රාර්ථනාවක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු අධිෂ්ඨානයක් දෘෂ්ටියට එකඟවන පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, මනාකොට ගන්නා ලැබේද, යම්බඳු සංස්කාරයක් දෘෂ්ටියවූ පරිද්දෙන් සම්පූර්‍ණ කරණු ලැබේද, සමාදන්වනු ලැබේද, ඒ සියලු ධර්මයෝ යහපත පිණිස, කැමැතිබව පිණිස, මනාපය පිණිස, හිත පිණිස, සැප පිණිස පවතිත්. ඊට හේතු කවරේද? මහණෙනි, යම් හෙයකින් දෘෂ්ටිය යහපත්වේද (එහෙයිනි.)

( දෙවෙනි(බීජ) වර්‍ගයයි.)

1. මිච්ඡාදිට්ඨි සූත්‍රය.

´´මහණෙනි, ලෝකයෙහි උපදනාවූ එකම පුද්ගලයෙක් බොහෝ දෙනාට අයහපත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.

´´කවරනම් එකම පුද්ගලයෙක්ද?

´´විපරීත දර්‍ශන ඇති, මිත්‍යාදෘෂ්ටික තැනැත්තේය. හෙතෙම මහාජනයා දශ කුශලකර්‍මපථ නම් සද්ධර්‍මයෙන් උදුරා දශ අකුශලකර්‍මපථ නම් අසද්ධර්‍මයෙහි පිහිටුවයි.

´´මහණෙනි, මේ එකම පුද්ගල තෙම ලොව උපදින්නේ බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝදෙනාට අනර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස උපදී.

2. සම්මාදිට්ඨි සූත්‍රය.

´´මහණෙනි, ලොව උපදනාවූ එකම පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට අර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී.

´´කවරනම් එකම පුද්ගලයෙක්ද?

´´විපරීත දර්‍ශන නැති, සම්‍යක්දෘෂ්ටික තැනැත්තේය. හෙතෙම මහාජනයා දශ අකුශලකර්‍මපථ නම් අසද්ධර්‍මයෙන් උදුරා දශ කුශලකර්‍මපථ නම් සද්ධර්‍මයෙහි පිහිටුවයි.

´´මහණෙනි, මේ එකම පුද්ගල තෙම ලොව උපදින්නේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට අර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදී.

3. මහාසාවජ්ජ සූත්‍රය.
 
´´මහණෙනි, යම්සේ මිථ්‍යාදෘෂ්ටිය මහත් වරද සහිත වේද,

´´මහණෙනි, මේ බඳුවූ අනික් එක ස්වභාවයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, මහත් දෝෂයන් අතරෙන් මිත්‍යාදෘෂ්ටිය ඉතා මහත් දෝෂ ඇත්තීය.´´

4. මක්ඛලී සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ ජනයාට අනර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේද, මහණෙනි, ඒ මේ බඳුවූ අනික් එක පුද්ගලයෙකුදු මම නොම දකිමි.

´´මහණෙනි, යම්සේ ගංමුවදොරෙක්හි වූ කෙමනක් බොහෝ මතස්‍යයන්ට අහිත පිණිස, දුක් පිණිස, අනර්‍ථය පිණිස, විනාශය පිණිස අටවනු ලබන්නේ වේද, මහණෙනි, එපරිද්දෙන්ම මක්ඛලී නම් තුච්ඡ පුරුෂයා බොහෝ සත්ත්‍වයන්ට අහිත පිණිස, දුක් පිණිස, අනර්‍ථය පිණිස, විනාශය පිණිස මිනිස් කෙමනෙකැයි සිතමි.´´

5. දුරක්ඛාත සූත්‍රය.

´´මහණෙනි, නපුරුකොට ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්‍ම විනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්‍රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ වචනය පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ අකුසල් රැස්කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ධර්‍මය නපුරුකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

6. ස්වක්ඛාත සූත්‍රය.

´´මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්‍ම විනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් (යම් ප්‍රතිපත්තියක්) සමාදන් කරවයිද, යම් අතවැසියකු ලවාත් සමාදන් කරවයිද, යම් ඒ අතවැසි තෙමේද සමාදන් කරවන ලද්දේ ඔහුගේ වචනය පිළිගෙන ඒ වචනය පිණිස පිළිපදීද, ඒ සියල්ලෝ බොහෝ කුසල් රැස්කෙරෙත්. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ධර්‍මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

7. දායකෙනමත්තාජානිතබ්බ සූත්‍රය.
 
´´මහණෙනි, වරදවා ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්‍ම විනය ඇති ශාසනයෙහි දායකයා විසින් ( දෙන දෙයෙහි ) පමණ දත යුතුයි ( පිළිගන්නහු ) විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්‍මය (වරදවා) ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

8. පටිග්ගාහකෙන මත්තාජානිතබ්බ සූත්‍රය.

´´මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනය ඇති ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතුයි දායකයා විසින් දතයුතු නොවෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්‍මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

9. දුක්ඛවිහාරී සූත්‍රය.

´´මහණෙනි, වරදවා ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇති ශාසනයෙහි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තේ වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය වරදවා ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

10. කුසීතදුක්ඛවිහරණ සූත්‍රය.

´´මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම දුකින් වෙසෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

11. කුසීතසුඛවිහරණ සූත්‍රය.

´´මහණෙනි, වරදවා ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් කුසීත වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය වරදවා ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

12. ආරද්ධවිරිය සූත්‍රය.

´´මහණෙනි, මනාකොට ප්‍රකාශ කරණ ලද ධර්ම විනය ඇති ශාසනයෙක්හි යම් පුද්ගලයෙක් පටන්ගන්නාලද වීය්‍ර්‍යය ඇත්තේ වේද, හෙතෙම සැපසේ වාසය කරයි. ඊට හේතු කවරේද? මහණෙනි, ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද හෙයිනි.´´

13. ගූථොපම සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍රවූ අසුචිය වුවද දුගඳ වේද,

´´මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.´´

14. මුත්තොපම සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍ර මූත්‍රය වුවද දුගඳ වේද,

´´මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.´´

15. ඛෙලොපම සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ස්වල්ප මාත කෙල වුවද දුගඳ වේද,

´´මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.´´

16. පුබ්බොපම සූත්‍රය.
 
´´මහණෙනි, යම්සේ ස්වල්ප මාත සරව වුවද දුගඳ වේද,

´´මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.´´

17. ලොහිතොපම සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ස්වල්ප මාත්‍ර ලේ වුවද දුගඳ වේද,

´´මහණෙනි, එපරිද්දෙන්ම ස්වල්ප මාත්‍රයකුදු භවයෙහි ඉපදීම වර්‍ණනා නොකරමි.´´

(තුන්වෙනි(මක්ඛලි) වර්‍ගය නිමි.)

1. ථලජාප්පක සූත්‍රය.
 
´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ගොඩ උපන්නෝ වෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දියෙහි උපන්නෝ වෙත්ද, මේ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

2. අඤ්ඤත්‍ර මනුස්ස සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් මනුෂ්‍යයන් විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. යලිදු යම් සත්ත්‍ව කෙනෙක් මනුෂ්‍යයන්ගෙන් වෙන්ව උපදිත්ද, ඒ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

3. පච්චන්තිමජාත සූත්‍රය.
 
´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍ය ජනපදයන්හි (දඹදිව මධ්‍ය දේශයෙහි) උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්ත්‍ව කෙනෙක් අප්‍රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

4. දුප්පඤ්ඤ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රඥාව ඇත්තාහු වෙත්ද, මුළා නොවූවාහු වෙත්ද, කෙළතොළු නොවූවාහු වෙත්ද, යහපත් අයහපත් ප්‍රකාශයන්හි අර්‍ථයන් දැනගැනීමට සමර්‍ථවූවාහු වෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රඥා නැත්තාහු වෙත්ද, (මෝහයෙන් මුළාවූයේ වෙත්ද), කෙලතොල්ලෝ වෙත්ද, සුභාෂිත දුර්භාෂිතයන්හි අර්‍ථය දැනගැනීමට අසමර්‍ථවූවාහු වෙත්ද, මේ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

5. අවිජ්ජාගත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ආය්‍ර්‍යයන්ට ඇති ප්‍රඥා චක්‍ෂුසින් යුක්තවූවාහු වෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් අවිද්‍යාන්‍ධකාරයෙන් යුක්තවූවාහු, අතිශයින් මුළාවූවාහු වෙත්ද, මේ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

6. තථාගත දස්සන සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එසේම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නොලබත්ද, මේ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

7. ධම්මසවණ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසනලද ධර්ම විනය ශ්‍රවණය කරන්ට ලබත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්ම විනය ශ්‍රවණයට නොලබත්ද, මේ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

8. ධම්මධාරණ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ධර්මය අසා (සිතෙහි) දරත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ත්‍ව කෙනෙක් ධර්මය අසා සිතෙහි නොදරත්ද, මේ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

9. අත්‍ථුපපරික්ඛා සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ධාරණය කරණ ලද්දාවූ ධර්මයන්ගේ අර්‍ථය පරීක්‍ෂා කෙරෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ත්‍ව කෙනෙක් ධාරණය කරණලද්දාවූ ධර්මයන්ගේ අර්‍ථය පරීක්‍ෂා නොකෙරෙත්ද, ඒ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

10. ධම්මානුධම්ම සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් අර්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුදු යම් සත්ත්‍ව කෙනෙක් අර්‍ථය නොදැන, ධර්‍මය නොදැන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිනොපදිත්ද, මේ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

11. සංවෙජනීයට්ඨාන සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් කලකිරියයුතු කාරණයන්හි කලකිරෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් සංවේග කටයුතු කාරණයන්හි සංවේග නූපදවත්ද, මේ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

12. සංචිග්ගප්පදහන සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් සංවේගයට පැමිණියාහු නුවණින් (සම්‍යක්ප්‍රධාන) වීය්‍ර්‍යය කෙරෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත් එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් සංවේගයට පැමිණියාහු (කළකිරුණාහු) නුවණින් (සම්‍යක්ප්‍රධාන) වීය්‍ර්‍ය නොකෙරෙත්ද, මේ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

13. වචස්සග්ගාරම්මණ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් නිර්‍වාණය අරමුණුකොට චිත්තය සම්බන්‍ධවූ සමාධිය ලබත්ද, චිත්තය සම්බන්‍ධවූ එකඟබව ලබත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් නිර්‍වාණය අරමුණුකොට සිතේ සමාධිය නොලබත්ද, මේ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

14. අන්නග්ගරසග්ගලාභී සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් ලැබීම් ඇත්තෝ වෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් උතුම් ආහාර හා උතුම් රසයන් නොලබන්නාහු උඤ්ඡාචරිය යයි කියනලද වන මුල ඵලයෙන් හෝ කබලක් ගෙන සිඟා ලත් දෙයින් හෝ යැපෙත්ද, මේ සත්ත්‍වයෝම අතිශයින් බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

15. රසස්සලාභී සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් අර්‍ථ රසය (හෙවත් සෝවාන් ඵලය ආදී චතුර්විධ ශ්‍රාමණ්‍යඵලය)ද, ධර්ම රසය (හෙවත් සතරමග)ද, විමුක්ති රසය (හෙවත් නිර්‍වාණය)ද ලබන්නාහු වෙත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් අර්‍ථ රසයද, ධර්ම රසයද, විමුක්ති රසයද නොලබන්නාහු වෙත්ද, මේ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

16. මනුස්ස මනුස්සුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු මනුෂ්‍යයන් අතුරෙහි නැවත උපදිද්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

17. මනුස්ස දෙවුප්පත්ති සූත්‍රය.
 
´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´ යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත නිකායෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

18. දෙව දෙවුප්පත්ති සූත්‍රය.
 
´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු දෙවියන් විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් මනුෂ්‍ය යෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, මේ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂය (ලෝක)යෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

19. දෙව මනුස්සුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් දේව යෝනියෙන් චුත වූවාහු දේව ලොකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් දේව ලෝකයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම ඉතා බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

20. දෙව මනුස්සුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් දේව ලෝකයෙන් චුත වූවාහු මනුෂ්‍ය විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් දේව ලෝකයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ඉතා බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

21. නිරය මනුස්සුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් නරකයෙන් චුත වූවාහු මනුෂ්‍ය ලොකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්ත්‍වයෝ බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

22. නිරයදෙවුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් නරකයෙන් චුත වූවාහු දේව ලොකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් නරකයෙන් චුතවූවාහු නරකයෙහිම උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ඉතා බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

22. තිරච්ඡාන මනුස්සුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන් යෝනියෙන් චුත වූවාහු මනුෂ්‍ය ලෝකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන් යෝනියෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

23. තිරච්ඡාන දෙවුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එසේම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන් යෝනියෙන් චුත වූවාහු දේව ලොකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්ප වෙත්. එහෙත් තිරිසත් යෝනියෙන් සැව නිරයෙහි යම් සත්ත්‍ව කෙනෙක් උපදිත්ද, තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත ලෝකයෙහි උපදිත්ද, ඔවුහුම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

24. පෙත මනුස්සුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුත වූවාහු මනුෂ්‍ය ලොකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

25. පෙත දෙවුප්පත්ති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මේ ජම්බුද්වීපයෙහි ආරාමයන්ගෙන් සිත්කළු තැන්ද, වනයන්ගෙන් සිත්කළු තැන්ද, භූමි ප්‍රදේශයන්ගෙන් සිත්කළු තැන්ද, පොකුණුවලින් සිත්කළු තැන්ද, ස්වල්පමාත්‍ර වේද, එතකුදු වුවත් යම් ඒ උස් මිටි තැන්ද, ගංගා නිසා පහසුවෙන් නොපැමිණිය හැකි තැන්ද, කණු කටු පිහිටි තැන්ද, පර්‍වතයන්ගෙන් විෂමවූ ස්ථානද, යන මේ ස්ථානයෝම ඉතා බොහෝ වෙත්ද,

´´මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුත වූවාහු දේව ලොකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝ ස්වල්පවූවාහු වෙත්. එසේ නමුත් යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රෙතවිෂයෙන් චුතවූවාහු නරකයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්. තිරිසන් යෝනියෙහි උපදිත්ද, ප්‍රෙත විෂයෙහි උපදිත්ද, ඒ සත්ත්‍වයෝම බොහෝ වෙත්.

´´මහණෙනි, එහෙයින් මේ පිළිබඳව මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) අර්‍ථරසය (චතුර්විධ ශ්‍රාමණ්‍ය ඵලය)ද, ධර්‍මරසය (චතුර්විධ මාර්‍ගය)ද, විමුක්ති රසය (නිර්‍වාණය)ද ලබන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

(සතරවැනි(අප්පමත්ත) වර්‍ගය නිමි.)

1. ආරඤ්ඤකත්ත සූත්‍රය.

´´මහණෙනි, යම් මේ වනවාසික භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

2. පිණ්ඩපාති සූත්‍රය.

´´මහණෙනි, යම් මේ පිණ්ඩපාතික භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

3. පංසුකූලික සූත්‍රය.

´´මහණෙනි, යම් මේ පංසුකූලික භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

4. තෙචීවරිකත්ත සූත්‍රය.

´´මහණෙනි, යම් මේ තෙචීවරික භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

5. ධම්මකථිකත්ත සූත්‍රය.

´´මහණෙනි, යම් මේ ධර්‍මකථික භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

6. විනයධරත්ත සූත්‍රය.
 
´´මහණෙනි, යම් මේ විනයධර භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

7. බාහුසච්ච සූත්‍රය.

´´මහණෙනි, යම් මේ බහුශ්‍රුත භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

8. ථාවරෙය්‍ය සූත්‍රය.

´´මහණෙනි, යම් මේ ස්ථවිර භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

9. ආකප්පසම්පදා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ (සිවුරු ගැනීම් ආදී යහපත්) ආකල්ප සම්පත්තියක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

10. පරිවාරසම්පදා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ (යහපත්) පිරිවර ඇති බවක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

11. මහාපරිවාරතා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ මහත් පිරිවර ඇති බවක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

12. කොලපුත්තියතා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ කුලපුත්‍රභාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

13. වණ්ණපොක්ඛරතා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ වර්‍ණ (ශරීර) සෞන්දය්‍ර්‍යයෙන් සමන්විතභාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

14. කල්‍යාණ වාක්කරණතා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ (යහපත්) වචන ඇති බවක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

15. අප්පිච්ඡතා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ අල්පෙච්ඡ භාවයක් වේද,

´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයකි.´´

16. අප්පාබාධතා සූත්‍රය.

´´මහණෙනි, යම් මේ නීරෝගී භාවයක් වේද,

2. ´´මෙය ලාභයන් අතුරෙන් මෙය ඒකාන්ත ලාභයයි.´´

(සතරවැනි වර්ගය නිමි)

1. පඨමජඣාන අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ප්‍රථමධ්‍යානය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

2. දුතියජඣාන අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´විතීයද්ධ්‍යාන සමාපත්තිය වඩයිද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

3. තතියජඣාන අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´තෘතීය ධ්‍යානය වඩයිද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

4. චතුත්‍ථජඣාන අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´චතුත්‍ර්‍ථ ධ්‍යානය වඩයිද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

5. මෙත්තා චෙතො විමුත්ති සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´මෛත්‍රී සහගත චිත්ත විමුක්තිය වඩයිද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

6. කරුණා චෙතො විමුත්ති සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´කරුණා සහගත චෙතො විමුක්තිය වඩයිද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

7. මුදිතා චෙතො විමුක්ති සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´මුදිතා සහගත චෙතො විමුක්තිය වඩයිද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

8. උපෙක්ඛා වෙතො විමුත්ති සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´උපෙක්‍ෂා සහගත චෙතො විමුක්තිය වඩයිද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

9. කායානුපස්සී සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, සම්‍යක් ප්‍රඥාව ඇත්තේ, ස්මෘතිමත්වූයේ, ලෝකයෙහි තෘෂ්ණාව හා (ක්‍රෝධය සමග පවත්නා) දොම්නසද යන මේ පාප ධර්‍මයන් සංසිඳුවාද, කයෙහි ඇති කේශාදී අශුභයන් කය අනුව බලමින් වාසය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

10. වේදනානුපස්සී සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, සම්‍යක් ප්‍රඥාව ඇත්තේ, ස්මෘතිමත්වූයේ, ලෝකයෙහි තෘෂ්ණාව හා (ක්‍රෝධය සමග පවත්නා) දොම්නසද යන මේ පාප ධර්‍මයන් සංසිඳුවාද, වේදනාවන් කෙරෙහි වේදනාවන් අනුව බලමින් වාසය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

11. චිත්තානුපස්සී සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, සම්‍යක් ප්‍රඥාව ඇත්තේ, ස්මෘතිමත්වූයේ, ලෝකයෙහි තෘෂ්ණාව හා (ක්‍රෝධය සමග පවත්නා) දොම්නසද යන මේ පාප ධර්‍මයන් සංසිඳුවාද, සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

12. ධම්මානුපස්සී සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´කෙලෙස් තවන වීය්‍ර්‍යය ඇත්තේ, සම්‍යක් ප්‍රඥාව ඇත්තේ, ස්මෘතිමත්වූයේ, ලෝකයෙහි තෘෂ්ණාව හා (ක්‍රෝධය සමග පවත්නා) දොම්නසද යන මේ පාප ධර්‍මයන් සංසිඳුවාද, ධර්‍මයන් කෙරෙහි ඒ ධර්මය අනුව බලමින් වාසය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

13. පඨමසම්මප්පධාන සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´නූපන්නාවූ ලාමකවූ අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස යහපත්වූ කැමැත්ත උපදවාද, වෑයම් කෙරේද, වීය්‍ර්‍යය කෙරේද, සිත ඔසවාද, (සම්‍යක්) ප්‍රධාන වීය්‍ර්‍යය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

14. දුතියසම්මප්පධාන සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´උපන්නාවූ ලාමක අකුශල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කුසලච්ඡන්දය උපදවාද, ව්‍යායාම කෙරේද, වීය්‍ර්‍යය කෙරේද, සිත ඔසවාද, (සම්‍යක්) ප්‍රධාන වීය්‍ර්‍යය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

15. තතිය සම්මප්පධාන සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´නූපන්නාවූ කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස (යහපත් කැමැත්ත) උපදවාද, උත්සාහ කෙරේද, වීය්‍ර්‍යය කෙරේද, (එයින්) සිත ඔසවාද, (සම්‍යක්) ප්‍රධාන වීය්‍ර්‍යය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

16. චතුත්‍ථසම්මප්පධාන සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´උූපන්නාවූ කුසල ධර්මයන්ගේ (පැවැත්ම) පිණිස විනාශ නොවීම පිණිස, බහුල භාවය පිණිස, විපුලභාවය පිණිස, වැඩීමෙන් සම්පූර්‍ණත්‍වය (ඇතිවන) පිණිස, කුශලච්ඡන්දය උපදවයිද, ව්‍යායාම කෙරේද, වීය්‍ර්‍යය කෙරේද, (එයින්) සිත ඔසවාද, ප්‍රධාන වීය්‍ර්‍යය කෙරේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

17. ඡන්‍දිද්ධිපාද අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´කුසල් කරනු කැමැත්ත නිසා ලබනලද සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයයෙන් යුක්තවූ ඎද්Ȁdධිපාදය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

18. විරියිද්ධිපාද අච්ඡරාසංඝාත සූත්‍රය.

. ´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´වීය්‍ර්‍ය සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයෙන් යුක්තවූ ඎද්ධිපාද වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

19. චිත්තිද්ධිපාද අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´වීය්‍ර්‍ය සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයෙන් යුක්තවූ ඎද්ධිපාද වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

20. වීමංසිද්ධිපාද අච්ඡරා සංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´වීමංසාව (විචාරණ ප්‍රඥාව) අධිපතිකොට පැවති සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයෙන් යුක්තවූ ඎද්Ȁdධිපාද වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

21. සද්ධින්‍ද්‍රිය අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සතින්‍ද්‍රිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

22. විරියින්‍ද්‍රිය අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´විරියින්‍ද්‍රිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

23. සතින්‍ද්‍රිය අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සතින්‍ද්‍රිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

24. සමාධින්‍ද්‍රිය අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සමාධින්‍ද්‍රිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

25. පඤ්ඤින්‍ද්‍රිය අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ප්‍රඥෙන්‍ද්‍රිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

26. සද්ධාබල අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ශ්‍රද්ධා බලය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

27. විරියබල අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´වීය්‍ර්‍ය බලය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

28. සතිබල අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සති (නුමුළාවූ සිහි) බලය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

29. සමාධිබල අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සමාධි බලය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

30. පඤ්ඤාබල අච්ඡරාසංඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ප්‍රඥා බලය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

31. සති සම්බොජ්ඣඞ්ග සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ස්මෘතිසම්බොද්ධ්‍යඞ්ගය (සත්‍යාවබෝධයට හේතුවන එළඹසිටි සිහිය) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

32. ධම්මවිචය සම්බොජ්ඣඞ්ග සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ධර්‍මවිචය සම්බොජ්ඣඞ්ගය (සත්‍යාවබෝධය පිණිස ප්‍රඥා ධර්‍මයන්ගේ සෙවීම) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

33. විරිය සම්බොජ්ඣඞ්ග සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´විරිය සම්බොජ්ඣඞ්ගය (සත්‍යාවබෝධය පිණිස ශූරභාවය) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

34. පීති සම්බොජ්ඣඞ්ග සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ප්‍රීති සම්බොජ්ඣඞ්ගය (සත්‍යාවබෝධය පිණිස කය සිත පිණවීම) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

35. පස්සද්ධි සම්බොජ්ඣඞ්ග සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ප්‍රශ්‍රබ්ධි සම්බොද්ධ්‍යඞ්ගය (සත්‍යාවබෝධය පිණිස කය හා සිතෙහි ක්ලේශදාහය සංසිඳවීම) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

36. සමාධි සම්බොජ්ඣඞ්ග සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සමාධි සම්බොධ්‍යඞ්ගය (සත්‍යාවබෝධය පිණිස කය හා සිත මනාකොට පිහිටුවීම) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

38. සම්මාදිට්ඨි අච්ඡරා සංඝාත සූත්‍රය.
 
´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් දෘෂ්ටිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

39. සම්මාසඞ්කප්ප අච්ඡරා සඞඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් සඞකල්පය (යහපත්සේ කල්පනාව) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

40. සම්මාවාචා අච්ඡරා සඞඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් වචනය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

41. සම්මා කම්මන්ත අච්ඡරා සඞඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් කර්‍මාන්තය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

42. සම්මා ආජීව අච්ඡරා සඞඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් ආජීවය (යහපත් දිවි පැවැත්ම) වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

43. සම්මාවායාම අච්ඡරා සඞඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් ව්‍යායාමය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

44. සම්මාසති අච්ඡරා සඞඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් සතිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

45. සම්මා සමාධි අච්ඡරා සඞඝාත සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´සම්‍යක් සමාධිය වඩාද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

46. පඨම අභිභායතන සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා ඇත්තේ පිටත්හිවූ, නොවැඩුනාවූ යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන් බව දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

47. දුතිය අභිභායතන සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ පිටත්හිවූ, අප්‍රමාණවූ (වැඩීමෙන් මහත්වූ) යහපත් වර්ණ හා දුර්වර්ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන් බව දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

48. තතිය අභිභායතන සූත්‍රය.

´´මහණෙනි, ඉදින් මහණතෙම අසුරගසන කලක් පමණවත්

´´ස්වකීය රූපයෙහි රූපයන් ඇත යන සංඥා නැත්තේ (අරූපධ්‍යාන හෙවත් අරූප සංඥා ඇත්තේ) පිටත්හිවූ, නොවැඩුනාවූ යහපත් වර්‍ණ හා දුර්‍වර්‍ණ ඇත්තාවූ රූපයන් දකීද, ඒ රූපයන් මැඩපවත්වා ධ්‍යානය උපන් බව දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේද,

´´මහණෙනි, මේ මහණතෙම හිස් නොවූ ධ්‍යාන ඇතිව වාසය කරයි. හෙතෙම ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව කරන්නේ, අවවාදය පිළිපදින්නේ, රටවාසීන් විසින් දෙනු ලබන භෝජනය (ප්‍රයෝජන ඇතිවන සේ) අනුභව කෙරේයයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ බහුල වශයෙන් කෙරෙත් නම් (එහි අනුසස්) කියනුම කවරේද?´´

15. අට්ඨාන වර්‍ගය.

1. නිච්චතූපගමන සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) පෘතග්ජන පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය. මේ කාරණය විද්‍යමානවේ.´´

2. සුඛතූපගමන සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජන පුද්ගලයෙක් කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නේය. යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

3. අත්තතූපගමන සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් කිසි ධර්‍මයක් ආත්ම වශයෙන් ගන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. එවැනි දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජනයෙක් කිසි ධර්‍මයක් ආත්ම වශයෙන් ගන්නේය. යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

4. මාතුජීවිත සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා වැදූ මව ජීවිතයෙන් තොර කරන්නේය. යන මේ කාරණය හේතු රහිත වේ, ඒ ප්‍රත්‍ය රහිතයි. එබඳු දෙයක් දක්නට නැත. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමානවේ. (එනම්) පෘතග්ජන තෙම යම් හෙයකින් මව ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

5. පිතුජීවිත සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් යුක්තවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය. යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. මෙබඳු දෙයක් දක්නට නොලැබේ. මහණෙනි, මෙවැනි දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘතග්ජනයෙක් ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

6. අරහන්තජීවිත සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් තෙම යම් හේතුවක් නිසා රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය. යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘතග්ජනයෙක් රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය, යන මේ දේ නම් විද්‍යමානවේ.´´

7. ලොහිතුප්පාද සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් ලේ උපදවන්නේය, යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘතග්ජනයෙක් තථාගතයන් වහන්සේ ගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් යුක්තව ලේ උපදවන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

8. සඞ්ඝභෙද සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා සඞ්ඝයා භෙද කරන්නේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් විද්‍යමාන වේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජනයෙක් සඞ්ඝයා බිඳුවන්නේය, යන මේ කාරණය නම් දක්නට ලැබේ.´´

9. අඤ්ඤසත්‍ථාරුදේදස සූත්‍රය.

´´මහණෙනි, මාර්‍ගදෘෂ්ටියෙන් සම්පූර්‍ණවූ, (සෝවාන්වූ) පුද්ගලයෙක් යම් හෙයකින් අන්‍ය ශාස්තෘවරයෙක් අදහන්නේය, යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පෘතග්ජනයෙක් අන්‍ය ශාස්තෘවරයෙකු විශ්වාස කරන්නේය, යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

10. එකසම්මාසම්බුද්ධ සූත්‍රය.

´´මහණෙනි, එක ලෝක ධාතුවෙක්හි අර්හත්වූ සම්‍යක් සම්බුඳුවරයන් වහන්සේලා දෙනමක් පෙර පසු නොව (එකවර) උපදින්නාහුය යන මේ කාරණයක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) යම් හෙයකින් එක ලෝක ධාතුවෙක්හි අර්හත්වූ එකම සම්බුදුවරයෙක් උපදනේය යන මේ කාරණය වනාහි විද්‍යමානවේ.´´

11. එකචක්කවත්ති සූත්‍රය.

´´මහණෙනි, එක ලෝක ධාතුවෙක්හි සක්විති රජවරු දෙදෙනෙක් පෙර නොව පසු නොව (එකවර) උපදනාහුය යන මේ කාරණයක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. මේ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මෙබඳු දෙයක් නම් ඇත්තේය. (එනම්) එක ලෝක ධාතුවෙක්හි එකම සක්විති රජෙක් උපදනේය යන මේ කාරණයක් වේද, ඒ වනාහි විද්‍යමානවේ.´´

12. පුරිසසම්මාසම්බොධි සූත්‍රය.

´´මහණෙනි, ස්ත්‍රියක් තොම අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේය යන මේ කාරණයක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයෙක් වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.´´

13. පුරිස චක්කවත්ති සූත්‍රය.

´´මහණෙනි, ස්ත්‍රියක් තොම සක්විති රජෙක් වේය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් සක්විති රජ වේද, මේ කාරණය නම් විද්‍යමානවේ.´´

14. පුරිසසක්කත්ත සූත්‍රය.

´´මහණෙනි, ස්ත්‍රියක් තොම ශක්‍ර ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් ශක්‍ර ආත්මය ලබන්නේය, මේ කාරණය නම් විද්‍යමානවේ.´´

15. පුරිසමාරත්ත සූත්‍රය.

´´මහණෙනි, ස්ත්‍රියක් තොම මාරආත්මය ලබන්නීය යන මේ කාරණය, හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් මාර ආත්මය ලබන්නේය, මේ කාරණය නම් විද්‍යමානවේ.´´

16. පුරිසබ්‍රහ්මත්ත සූත්‍රය.

´´මහණෙනි, ස්ත්‍රියක් තොම බ්‍රහ්ම ආත්මය ලබන්නීය, යන මේ කාරණය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් බ්‍රහ්ම ආත්මය ලබන්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

17. කායදුච්චරිතවිපාක සූත්‍රය.

´´මහණෙනි, කාය දුශ්චරිතයෙන් ප්‍රියවූ සිත්කළුවූ මන වඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදු නොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම් හෙයකින් කාය දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදු වන්නේය.´´

18. වචීදුච්චරිතවිපාක සූත්‍රය.

´´මහණෙනි, වචී (වචන) දුශ්චරිතයෙන් ප්‍රියවූ සිත්කළුවූ මන වඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදු නොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම් හෙයකින් වචී (වචන) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදු වන්නේය.´´

19. මනොදුච්චරිතවිපාක සූත්‍රය.

´´මහණෙනි, මනෝ (හිතේ) දුශ්චරිතයෙන් ප්‍රියවූ සිත්කළුවූ මන වඩන්නාවූ විපාකයක් උපදනේයයි යම් කරුණක් වේද, ඒ හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එබඳු දෙයක් සිදු නොවන්නේය. මහණෙනි, මේ කාරණය නම් සිදුවේ. (එනම්) යම් හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයාගේ අප්‍රියවූ, අකාන්තවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් සිදු වන්නේය.´´

20. කායසුචරිතවිපාක සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් කාය සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

21. වචීසුචරිතවිපාක සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් වචී (වචන) සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් වචී (වචන) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

22. මනොසුචරිතවිපාක සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයාගේ අනිෂ්ටවූ, අප්‍රියවූ, අමනාපවූ විපාකයක් උපදනේය යන මෙය හේතු රහිතයි, ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයාගේ ඉෂ්ටවූ, කාන්තවූ, මනාපවූ විපාකයක් උපදනේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

23. කායදුච්චරිතසමංගී සූත්‍රය.
 
´´මහණෙනි, යම් හෙයකින් කායදුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතු කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරය බිඳි යාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් කායදුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

24. වචීදුච්චරිතසමංගී සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් වචී (වචන) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතු කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරය බිඳි යාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් වචී (වචන) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

25. මනොදුච්චරිතසමංගී සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතු කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරය බිඳි යාමෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මෙය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. එවැනි කාරණයක් විද්‍යමාන නොවේ. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) යම් හෙයකින් මනෝ (හිතේ) දුශ්චරිතයෙන් යුත් පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ, නපුරු ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

26. කායසුචරිතසමංගී සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූල කාරණා (හේතු) කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්‍ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

27. වචීසුචරිතසමංගී සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූල කාරණා (හේතු) කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්‍ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් දක්නට ලැබේ. (එනම්) මහණෙනි, යම් හෙයකින් වචී (වචන) සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

28. මනොසුචරිතසමංගී සූත්‍රය.

´´මහණෙනි, යම් හෙයකින් මනො (හිතේ) සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය මූල කාරණා (හේතු) කොට ගෙන, එය ප්‍රත්‍යය කොටගෙන ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි සැපයෙන් පහවූ, දුර්‍ගති ඇති, විකාරව වැටෙන්නාවූ නරකයෙහි උපදින්නේය යන මේ කාරණය හේතු රහිතයි. ප්‍රත්‍යය රහිතයි. දක්නට නැත. මහණෙනි, මේ කාරණය නම් විද්‍යමානවේ. (එනම්) යම් හෙයකින් මනො සුචරිතයෙන් යුක්තවූ පුද්ගල තෙම එය හේතුකොටගෙන, එය ප්‍රත්‍යයකොටගෙන, ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ ස්වර්‍ග ලෝකයෙහි උපදින්නේය යන මේ කාරණය නම් විද්‍යමානවේ.´´

(අට්ඨාන වර්‍ගය නිමි.)

14. එතදග්‍ර පාලිය.

(a). මහණහු

1 වෙනි වර්‍ගය.

1. අඤ්ඤාකොණ්ඩඤ්ඤ එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, යම් මේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් ස්ථවිර නමක් වේද, මේ තෙම චිර රාත්‍රි දන්නාවූ ( ඉකුත්කළ බොහෝ කල් ඇති ) මාගේ ශ්‍රාවකවූ ඝික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

2. සාරීපුත්ත එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මහත් ප්‍රඥා ඇත්තවුන් අතුරෙන් මේ ශාරීපුත්‍ර ස්ථවිර තෙම අග්‍රයි.´´

3. මහාමොග්ගල්ලාන එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, ඎද්ධි ඇත්තවුන් අතුරෙන් මේ මහා මෞද්ගල්‍යාන ස්ථවිර තෙම අග්‍රයි.

4. මහාකස්සප එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, ධුතවාද ඇත්තාවූ ( ධූතඞ්ගධාරීවූ ) භික්‍ෂූන් අතුරෙන් මේ මහා කාශ්‍යප ස්ථවිර තෙම අග්‍රයි.´´

5. අනුරුද්ධ එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, දිවැස් ඇත්තවුන් අතුරෙන් මේ අනුරුද්ධ ස්ථවිර තෙම අග්‍රයි.´´

6. භද්දිය කාළිගොධායපුත්තඑතදග්ග සූත්‍රය.

´´මහණෙනි, උසස් කුල ඇත්තවුන් අතුරෙන් කාළිගොධා නම් බැමිණියගේ පුත්‍රවූ මේ භද්දිය ස්ථවිර තෙම අග්‍රයි.´´

7. ලකුණ්ටක භද්දිය එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මධුර ස්වර ( මිහිරි හඬ ) ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් මේ ලකුණ්ඨක භද්දිය ස්ථවිර තෙම අග්‍රයි.´´

8. පිණ්ඩොලභාරද්වාජ එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, සිංහනාද ( අභීතනාද ) කරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් මේ පිණ්ඩොල භාරද්වාජ ස්ථවිර තෙම අග්‍රයි.´´

9. පුණ්ණමත්තානිපුත්ත එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, ධර්‍මකථිකවූ ශ්‍රාවකයන් අතුරෙන් මේ මන්තානී බැමිණියගේ පුත්‍රවූ මේ පුණ්ණ නම් ස්ථවිර තෙම අග්‍රයි.´´

10. මහා කච්චාන එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, සංක්‍ෂෙපයෙන් කියනලද ධර්‍මයාගේ අත්‍ර්‍ථය විස්තර වශයෙන් විභාග කරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් මේ මහාකච්චාන ස්ථවිර තෙම අග්‍රයි.´´

( ප්‍රථම වර්‍ගය නිමි. )

2 වෙනි වර්‍ගය.

11. චුල්ලඵන්ථක එතදග්ග සූත්‍රය.

´´යම් මේ චුල්ල පන්ථක නම් ස්ථවිර නමක් වේද, මනොමය ශරීරයන් උපදවන්නාවූ මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.´´

12. චුල්ලපන්ථක චෙතොවට්ට එතදග්ග සූත්‍රය.

´´ මේ චුල්ල පන්ථක ස්ථවිර තෙම, රූපාවචර ධ්‍යාන ලාභීන් අතුරෙන් අග්‍රයි.´´

13. මහාපන්ථක එතදග්ග සූත්‍රය.

´´ මේ මහා පන්ථක ස්ථවිර තෙම අරූපාවචර ධ්‍යාන ලාභීන් අතුරෙන් අග්‍රයි.´´

14. සුභූති එතදග්ග සූත්‍රය.

´´ මේ සුභූති ස්ථවිර තෙම රාගාදී කෙලෙසුන් කෙරෙන් තොරවූ වාසය ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

15. සුභූති දක්ඛිනෙය්‍ය එතදග්ග සූත්‍රය.

´´ මේ සුභූති නම් ස්ථවිර තෙම දක්‍ෂිණාවට සුදුසු වූවන් අතුරෙන් අග්‍රයි.´´

16. රෙවත ඛදිරවනියසූත්‍රය එතදග්ග .

´´ මේ කිහිරි වනවාසී රෙවත ස්ථවිර තෙම වනයෙහි වසන භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

17. කඞ්ඛාරෙවත එතදග්ග සූත්‍රය.

´´ මේ කඞ්ඛා රෙවත නම් ස්ථවිර තෙම ධ්‍යානයෙහි ඇලී වසන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

18. සොණකොලිවිස එතදග්ග සූත්‍රය.

´´ මේ කොලිවිස ගොත්‍ර ඇති සොණ ස්ථවිර තෙම පටන්ගෙණ සම්පූර්‍ණකරණලද වීය්‍ර්‍ය ඇති ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.´´

19. සොණකුටිකණ්ණ එතදග්ග සූත්‍රය.

´´ (කෙළක් අගනා කන් පළඳනා ඇති හෙයින් ) කුටිකණ්ණයයි කියන ලද සොණ නම් ස්ථවිර තෙම යහපත් වචන කියන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

20. සීවලී එතදග්ග සූත්‍රය.

´´ මේ සීවලී ස්ථවිර තෙම ප්‍රත්‍ය ලාභීවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

21. වක්කලි එතදග්ග සූත්‍රය.

´´ මේ වක්කලි නම් ස්ථවිර තෙම බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

( දෙවෙනි වර්‍ගය නිමි. )

3 වෙනි වර්‍ගය.

22. රාහුල එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, යම් මේ රාහුල නම් ස්ථවිර නමක් වේද, ශික්‍ෂාකාමීවූ මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.´´

23. රට්ඨපාල එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ රට්ඨපාල ස්ථවිර තෙම ශ්‍රද්ධායෙන් පැවිදිවූවන් අතුරෙන් අග්‍රයි.´´

24. කුණ්ඩධාන එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ කුණ්ඩදාන ස්ථවිර තෙම සියල්ලන්ට පළමුව සළකා ගන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

25. වඞ්ගීස එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ වඞ්ගීස ස්ථවිර තෙම සම්පූර්‍ණවූ වැටහීම් ඇත්තාවූ නොහොත් වහා වැටහෙන නුවණැත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

26. උපසේන වඞ්ගන්තපුත්ත එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ වඞ්ගන්ත බමුණාගේ පුත්‍රවූ උපසේන ස්ථවිර තෙම සියල්ලන් පහදවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

27. දබ්බමල්ලපුත්ත එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ මල්ලරාජ පුත්‍රවූ, දබ්බ නම් ස්ථවිර තෙම සෙනසුන් පනවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

28. පිළින්‍දිවච්ඡ එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ පිළින්‍දි ගොත්‍රයෙහි උපන් වච්ඡ නම්වූ හෙවත්, පිළින්‍දිවච්ඡ ස්ථවිර තෙම දෙවියන්ට ප්‍රිය මනාපවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

29. බාහිය දාරුචීරිය එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, ( දැව පතුරෙන් කළ වැහැරි දැරූ නිසා ) දාරුචීරියයි කියන ලද බාහිය නම්වූ මේ ස්ථවිර තෙම වහා ලත් අර්හත් ඵලාවබෝධය ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

30. කුමාරකස්සප එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ කුමාරකාශ්‍යප ස්ථවිර තෙම විසිතුරුකොට බණ කියන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

31. මහාකොට්ඨිත එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ මහා කොට්ඨිත ස්ථවිර තෙම සිවු පිළිසිඹියාවට පත් භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

( තුන්වෙනි වර්‍ගය නිමි. )

4 වෙනි වර්‍ගය.

32. බහුස්සුත ආනන්‍ද එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, යම් මේ ආනන්‍ද නම් ස්ථවිර නමක් වේද, බහුශ්‍රුතවූ ( බොහෝ ඇසූ පිරූ තැන් ඇති ) මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන් අතුරෙන් මෙතෙම අග්‍රයි.´´

33. සතිමන්ත ආනන්‍ද එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ ආනන්‍ද නම් ස්ථවිර තෙම ( ඇසූ පිරූ තැන් දරාගන්නා සිහි ඇති ) ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.´´

34. ගතිමන්ත ආනන්‍ද එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ ආනන්‍ද නම් ස්ථවිර තෙම ඥාණගති ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

35. ධිතිමන්ත ආනන්‍ද එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ ආනන්‍ද ස්ථවිර තෙම ( බුද්ධ වචනය දැරීමාදියෙහි ) වීය්‍ර්‍යය ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

36. උපට්ඨාක ආනන්‍ද එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ ආනන්‍ද ස්ථවිර තෙම බුදේධාපස්ථායකවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

37. උරුවෙල කස්සප එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ උරුවෙල කාශ්‍යප ස්ථවිර තෙම මහත් පිරිවර ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

38. කාලුදායි එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ කාලුදායි ස්ථවිර තෙම කුලයන් පහදවන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

39. බක්කුල එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, බක්කුල ස්ථවිර තෙම නීරෝගීවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

40. සොභිත එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ සොභිත ස්ථවිර තෙම පූවෙර්‍්නිවාසය ( පෙර විසූ කඳ පිළිවෙළ ) සිහිකරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

41. උපාලි එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ උපාලි ස්ථවිර තෙම විනයධරවූවන් අතුරෙන් අග්‍රයි.´´

42. නන්‍දක එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ නන්‍දක ස්ථවිර තෙම භික්‍ෂුණීන්ට අවවාද කරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

43. නන්‍ද එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ නන්‍ද නම් ස්ථවිර තෙම ඉන්‍ද්‍රියයන් කෙරෙහි වසනලද දොර ඇත්තාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

44. මහාකප්පින එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ මහා කප්පින නම් ස්ථවිර තෙම භික්‍ෂූණ්ට අවවාද කරන්නාවූ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රයි.´´

45. සාගත එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ සාගත ස්ථවිර තෙම තෙජොධාතු සමාපත්තියට සමවදින්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

46. රාධ එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ රාධ ස්ථවිර තෙම දම්දෙසුම් වැටහීමට හේතුවූ නුවණ ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

47. මොඝරාජ එතදග්ග සූත්‍රය.

´´ මහණෙනි, මේ මොඝරාජ නම් ස්ථවිර තෙම රූක්‍ෂ ( රළු ) සිවුරු දරන්නාවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍රයි.´´

( සතරවෙනි වර්‍ගයයි. )

(b). මෙහෙනිවරු

1. මහාපජාපතී ගොතමී එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, යම් මේ මහාප්‍රජාපතී ගොතමී නම් ස්ථවිරියක් වේද, චිර රාත්‍රි ( ඉකුත්කළ බොහෝ කල් දන්නාවූ ) මාගේ ශ්‍රාවිකා භික්‍ෂුණීන් අතුරෙන් ඕතොමෝ අග්‍රයි.´´

2. ඛෙමා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ ඛෙමා භික්‍ෂුණී තොමෝ මහා ප්‍රඥා ඇති භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

3. උප්පලවණ්ණා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ උප්පලවණ්ණා භික්‍ෂුණිය ඎද්ධිමත්වූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.´´

4. පටාචාරා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ පටාචාරා නම් භික්‍ෂුණිය විනයධරවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.´´

5. ධම්මදින්නා එතදග්ග සූත්‍රය

මහණෙනි, මේ ධම්මදින්නා ස්ථවිරී තොමෝ ධර්‍මකථිකවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.

6. නන්දා එතදග්ග සූත්‍රය

මහණෙනි, මේ නන්දා නම් භික්‍ෂුණිය ධ්‍යානයෙහි ඇලුනාවූ ශ්‍රාවිකාවන් අතුරෙන් අග්‍රයි.

7. සොණා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ සොණා නම් භික්‍ෂුණිය පවත්නාලද පරිපූර්‍ණ වීය්‍ර්‍ය ඇති භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

8. සකුලා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ සකුලා නම් භික්‍ෂුණිය දිවැස් ඇත්තාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

9. භද්දාකුණ්ඩලකෙසා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ ( කුණ්ඩලවූ හෙවත් වක්‍ර කෙහෙ ඇති ) කුණ්ඩලකෙසා භික්‍ෂුණිය, වහා පැමිණෙනලද අභිඥා අවබෝධ ඇති මාගේ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

10. භද්දාකාපිලානී එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ භද්දා කාපිලානී නම්වූ භික්‍ෂුණිය පූවෙර්‍්නිවාසය ( පෙර විසූ කඳ පිළිවෙළ ) සිහි කරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

11. භද්දාකච්චානා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ භද්දා කච්චානා නම්වූ භික්‍ෂුණිය මහත්වූ අභිඥාවන්ට පැමිණියාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

12. කිසාගොතමී එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ කිසා ගොතමී නම් භික්‍ෂුණිය, රළු සිවුරු දරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

13. සිගාලමාතා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ සිගාලමාතා භික්‍ෂුණිය, බලවත් ශ්‍රද්ධා ඇත්තාවූ භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රයි.´´

( පස්වෙනි වර්‍ගයයි. )

(c). උපාසකවරු

1. තපස්සු භල්ලිකා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, යම් මේ තපස්සුය, භල්ලිකය යන වෙළඳ දෙබෑ කෙනෙක් වෙත්ද, පළමු සරණ ගියාවූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙන් මොහු තුමූ අග්‍රයි.

2. සුදත්ත ( අනාථ පිණ්ඩික ) එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ ( අසරණයන්ට අහර දෙන බැවින් ) අනාථ පිණ්ඩික නම් ඇති, සුදත්ත නම් ගෘහපති තෙම දානයෙහි ඇලුනාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

3. චිත්ත එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ මච්ඡිකාසණ්ඩ නුවර වාසී චිත්ත නම් ගෘහපති තෙම ධර්‍මකථිකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

4. හත්‍ථක ආලවක එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ හත්‍ථක නම් ඇති ආලවක නම්වූ කුමාර තෙම සිවු සඟරාවතින් පිරිසට සංග්‍රහ කරණ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

5. මහානාම සක්ක එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ මහානාම නම් ශාක්‍ය තෙම ප්‍රණීත දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

6. උග්ග ගහපති වෙසාලික එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ විශාලා මහනුවර වාසීවූ ඒ උග්ග නම් ගෘහපතියා මනාප දේ දෙන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

7. උග්ගත එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ උග්ගත නම් ගෘහපතියා සඞ්ඝයාට උපස්ථාන කරන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

8. සුර අම්බට්ඨ එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ සුර අම්බට්ඨ උපාසක තෙම අචල ප්‍රසාදයෙන් යුක්තවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

9. ජීවක කොමාරභච්ච එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, කොමාරභච්ච නම් ඇති මේ ජීවක උපාසක තෙම පුද්ගලයන්ගේ ප්‍රසාදය දිනාගත් මාගේ ශ්‍රාවකවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

10. නකුලපිතා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ නකුල පිතා නම් ගෘහපතියා විශ්වාස කටයුතු දේ කියන්නාවූ උපාසකයන් අතුරෙන් අග්‍රයි.´´

( සයවෙනි වර්‍ගයයි. )

(d). උපාසිකාවරු

1. සුජාතා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ සෙනානි කෙළෙඹියාගේ දියණියවූ සුජාතා නම් උපාසිකාවක් වේද, ඕතොමෝ පළමුකොට සරණගියාවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

2. විසාඛා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, ( මිගාර සිටුහු විසින් මවු තනතුරෙහි පිහිටවූ හෙයින් ) මිගාර මාතා නම් ඇති මේ විසාඛා උපාසිකාව දානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

3. ඛුජ්ජුත්තරා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ ඛුජ්ජුත්තරා උපාසිකාව බහුශ්‍රුතවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

4. සාමාවතී එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ සාමාවතී උපාසිකාව මෙත් සිත පතුරුවා වසන උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

5. උත්තරා නන්‍දමාතා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ නන්‍ද ගේ මව්වූ උත්තරා නම් උපාසිකා තොමෝ ධ්‍යානයෙහි ඇලුනාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

6. සුප්පවාසා කොලියධිතා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ කෝලිය රාජගේ දුවවූ සුප්පවාසා උපාසිකා තොමෝ ප්‍රණීත දේ දෙන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

7. සුප්පියා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ සුප්පියා උපාසිකාව ගිලනුන්ට උපස්ථාන කරන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

8. කාතියානි එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ කාතියානි නම් උපාසිකාව නොසෙල්වෙන සැදැහැති උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

9. නකුලමාතා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, මේ නකුලමාතෘවූ ගෘහිණිය විශ්වාස කටයුතු කථා කියන්නාවූ උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

10. කාළී කුරරඝරිකා එතදග්ග සූත්‍රය.

´´මහණෙනි, කුරරඝර නගරවාසීවූ මේ කාළී නම් උපාසිකාව බුදුගුණ අනුන් වෙතින් ඇසීමෙන්ම උපන් ප්‍රසාදයෙන් යුක්තවූ මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙන් අග්‍රයි.´´

( සත්වෙනි වර්‍ගයයි. )

13. එකපුග්ගල වර්‍ගය.

1. සම්මාසම්බුද්ධ සූත්‍රය.

´´මහණෙනි, එකම පුද්ගලයෙක් තෙම ලෝකයෙහි උපදනේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස උපදී. කවරනම් අසහාය පුද්ගලයෙක්ද? තථාගත (නම්වූ) අර්‍හත් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, මේ අසහාය පුද්ගල තෙම වනාහි ලෝකයෙහි උපදනේ, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, උපදී.´´

2. දුල්ලභපුග්ගල සූත්‍රය.

´´මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙකුගේ පහළවීම දුර්‍ලභය. කවර එකම පුද්ගලයෙකුගේද? තථාගතවූ, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධයන් ගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ ලොව පහලවීම වනාහි දුර්‍ලභය.´´

3. අච්ඡරිය මනුස්ස සූත්‍රය.

´´මහණෙනි, ලෝකයෙහි එකම පුද්ගලයෙක් උපදනේ, ආශ්චය්‍ර්‍ය මනුෂ්‍යයෙක්ව උපදී. කවර එකම පුද්ගලයෙක්ද? තථාගතවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, ලෝකයෙහි මේ අසහාය පුද්ගල තෙම වනාහි  උපදින්නේ, ආශ්චය්‍ර්‍ය මනුෂ්‍යයෙක්ව උපදී.´´

4. අනුතප්ප සූත්‍රය.

´´මහණෙනි, එකම පුද්ගලයෙකුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නීය. කවර එකම පුද්ගලයෙකුගේද යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට තැවිලි උපදවන්නීය.´´

5. අප්පටි පුග්ගල සූත්‍රය.

´´මහණෙනි, කමහට සරිලන දෙවැන්නකු නැතිවූ, සාමාන්‍යයෙකු නැතිවූ, සම කරනට දෙයක් නැතිවූ, ආත්මභාවයෙන් සමානයෙකු නැතිවූ, තමාගේ ධර්‍මයෙහි අඩුපාඩු ප්‍රකාශ කිරීමට කිසිවකු නැතිවූ, ( ´මම බුදුවෙමි´ යි ප්‍රතිඥා දෙන්නට සමත්‍ර්‍ථවූ අන් කිසිවකු නැතිවූ, ( සියලු පුද්ගලයන් හා අසමානවූ,) අසම නම් ලද බුදුවරයන්ට සමානවූ, දෙවිමිනිසුන් අතුරෙන් අග්‍රවූ, එක පුද්ගලයෙක් ලෝකයේ උපදනේය. කවර එකම පුද්ගලයෙක්ද යත්, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය. මහණෙනි, තමාට සම දෙවැනියෙකු නැති, ප්‍රතිමායෙන් සමානයෙකු නැති, අප්‍රති සමවූ, ප්‍රතිභාගවීමට සුදුස්සකු නැති, අප්‍රතිපුද්ගලවූ, අසමවූ, අසමසමවූ මේ අසහාය පුද්ගල තෙම වනාහි දෙපා ඇත්තවුන්ට අග්‍රව උපදී.´´

6. ධම්මපාතුභව සූත්‍රය.

´´මහණෙනි, එකම පුද්ගලයෙකුගේ පහළවීමෙන් මහත්වූ ( ප්‍රඥා ) චක්‍ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ ( ප්‍රඥා ) ආලෝකයාගේ පහළවීම වේ. මහත්වූ ( ප්‍රඥා ) දීප්තියකගේ පහළවීම වේ. සවැදෑරුම් අනුත්තරිය ධර්‍මයන්ගේ පහළවීම වේ. සිව්පිළිසිඹියාවන්ගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. නොයෙක් ධාතූන්ගේ ප්‍රතිවේධය වේ. නානාප්‍රකාර ස්වභාවය දැනගැනීම ඇතිවේ. මාර්‍ගඵලඥානය හා ඒ සමග යෙදුනු අවශෙෂ ධර්‍මයන්ගේ හා අර්‍හත් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. සෝවාන් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. සකෘදාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අනාගාමි ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අර්‍හත් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ.´´

2. කවර එකම පුද්ගලයෙකුගේද යත්? තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය. මහණෙනි, මේ අසහාය පුද්ගලයාගේ පහළවීමෙන් මහත්වූ ( ප්‍රඥා ) චක්‍ෂුසයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාලෝකයාගේ පහළවීම වේ. මහත්වූ ප්‍රඥාභාවයාගේ පහළවීම වේ. ෂඩ්විධ අනුත්තරිය ධර්‍මයන්ගේ් පහළවීම වේ. චතුර්විධ පටිසම්භිදා ධර්‍මයන්ගේ පහළවීම වේ. නොයෙක් ධාතූන්ගේම ප්‍රතිවේධය වේ. ඒ නා නා ස්වභාවයන්ගේ ප්‍රතිවේධය වේ. විද්‍යාවිමුක්ති ඵලයන්ගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. ශ්‍රොතාපත්ති ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. සකෘදාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අනාගාමී ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ. අර්‍හත් ඵලයාගේ ප්‍රත්‍යක්‍ෂකිරීම වේ.´´

7. සාරීපුත්තධම්මචක්ක සූත්‍රය.

´´මහණෙනි, යමෙක්තෙම තථාගතයන් වහන්සේ විසින් පවත්වනලද නිරුත්තරවූ ධර්‍මචක්‍රය මනාකොට ( ඒ අනුවම ) පවත්වාද, මහණෙනි, ( එසේ කිරීමෙහි ) මේ ශාරීපුත්‍ර ස්ථවිරයන් බඳුවූ අනෙක් එක පුද්ගලයෙකුදු මම (නුවණැසින්) නොම දකිමි. මහණෙනි, ශාරීපුත්‍ර ස්ථවිරතෙමේ තථාගතයන් විසින් පවත්වනලද ශ්‍රේෂ්ඨවූ ධර්‍මචක්‍රය මනාකොට ඒ අනුවම පවත්වයි.´´

( එක පුද්ගල වර්‍ගය නිමි, )

12. අධර්‍ම වර්‍ගය (අනාපත්ති වර්‍ගය)

1. අධම්මහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් අධර්මය අධර්මයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

2. ධම්මදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් ධර්මය ධර්මයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

3. අවිනයහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් අවිනය අවිනයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

4. විනයදීපන සූත්‍රය.
 
´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් විනය විනයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

5. අභාසිතහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් නොකියනලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් විසින් නොකියනලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි, දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

6. භාසිතදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් විසින් කියනලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි, දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

7. අණාවිණ්ණහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පුරුදු නොකරණලද්ද තථාගතයන් විසින් පුරුදු නොකරණ ලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

8. ආවිණ්ණදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පුරුදුකරණලද්ද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්දේයයි, දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

9. අපඤ්ඤත්තහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් නොපනවනලද්ද, තථාගතයන් විසින් නොපනවනලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

10. පඤ්ඤත්තදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂුකෙනෙක් තථාගතයන් විසින් පනවනලද්ද, තථාගතයන් විසින් පනවනලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

අනාපත්ති වර්‍ගය(i)

11. අනාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් නොවූ, ( නිවරදවූ ) දේ ඇවැත් ( වරද ) යයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

12. ආපත්තිහාපන සූත්‍රය.
 
´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත්වූ දේ ඇවැත් නොවේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

13. ලහුකාපත්ති ගරුකරණ සූත්‍රය.

´´ මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සැහැල්ලු ඇවත ගරු ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

14. ගරුකාපත්ති ලහුකරණ සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ගරු ඇවත ලුහු ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

15. දුට්ඨුල්ලහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දොෂ බහුලවූ ඇවත දොෂ බහුල නොවූ ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

16. අදුට්ඨුල්ලදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දුත්‍රළා නොවූ ඇවත දුකුළා ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

17. සාවසෙසහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සාවසෙසාපත්තිය (ඉතුරුවූ ඇවත) අනවසෙසාපත්තියයි ( ඉතුරුනොවූ ඇවත ) යයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

18. අනවසෙසදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අනවසෙසාපත්තිය සාවසෙසාපත්තියයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

19. සප්පටිකම්මහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම සහිත පිළියම් කළ හැකි ඇවත, ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

20. අප්පටිකම්මදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත, ප්‍රතිකර්ම සහිත ( පිළියම්කළ හැකි ) ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

අනාපත්ති වර්‍ගය(ii)

21. අනාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් නොවූ දේ, ඇවැත් නුවූයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

22. ආපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ඇවැත් වූ දේ, ඇවැත් වූ දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

23 ලහුකාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ලු ඇවත, ලු ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

24 ගරුකාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ගරු ඇවත, ගරු ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

25. දුට්ඨුල්ලාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දෝෂ බහුලවූ ඇවත, දොෂ බහුලවූ ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

26. අදුට්ඨුල්ලාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් දොෂ බහුලනුවූ ඇවත දොෂ බහුලනුවූ ඇවත යයි දක්වත් ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

27. සාවසෙසාපත්තිදීපන සූත්‍රය.
 
´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් සාවසෙසාපත්තිය ( ඉතුරුවූ ඇවත ) සාවසෙසාපත්තියයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

28. අනවසෙසාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අනවසෙසාපත්තිය ( ඉතුරුනුවූ ඇවත ) අනවසෙසාපත්ති (ඉතුරුනුවූ ඇවත) යයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´
 
29. සප්පටිකම්මාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම ( පිළියම් කළ හැකි ඇවත ) පිළියම් කළ හැකි ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

30. අප්පටිකම්මාපත්තිදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය පිහිටුවත්.´´

( දොළොස්වන වර්‍ගය නිමි. )

11. අධර්‍මාදී වර්‍ගය.

1. සද්ධම්මන්තරධාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

2. අධම්මදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ධර්මය අධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

3. අවිනයදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් අවිනය විනයයි ප්‍රකාශ කෙරෙත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

4. විනයහාපන සූත්‍රය.
 
´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් විනය අවිනයයි ප්‍රකාශ කෙරෙත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

5. අභාසිත දීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් නොවදාරණලද්ද, ප්‍රකාශ නොකරණලද්ද, තථාගතයන් විසින් කියන ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

6. භාසිතභාසින සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද, ප්‍රකාශ කරණලද්ද, තථාගතයන් විසින් නොකියන ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

7. අනාවිණ්ණදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදුනොකරණලද්ද, තථාගතයන් විසින් පුරුදුකරණ ලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

8. ආවිණ්ණහාපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදු කරණලද්ද, තථාගතයන් විසින් පුරුදු නොකරණ ලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

9 අපඤ්ඤත්තදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් නොපණවනලද්ද, තථාගතයන් විසින් පණවනලද්දේයයි දක්වත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

10. පඤ්ඤත්තදීපන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් තථාගතයන් විසින් පණවනලද්ද, තථාගතයන් විසින් නොපණවනලද්දේයයි ප්‍රකාශ කෙරෙත්ද,

´´මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස, පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්. ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.´´

අධර්‍මවාදී එකොළොස්වන වර්‍ගය නිමි.

10. චතුකොටිකය වර්‍ගය.

1. පමාද සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ ( ස්වකීය සන්ථානයෙහි පිහිටි ) කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත් අනත්‍ර්‍ථයට හේතුවේද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතී.

2. අප්පමාද සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත් අත්‍ර්‍ථයට හේතුවේද,

´´මහණෙනි, ඒ අප්‍රමාදය බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, අප්‍රමාදය මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී.

3. කොසජ්ජ සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ කුසීත භාවය මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ කුසීත භාවය බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, කුසීත භාවය මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතී´´.

4. විරියාරම්භ සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ වීය්‍ර්‍යාරම්භය මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ වීය්‍ර්‍යාරම්භය බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, වීය්‍ර්‍යාරම්භය මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී.´´

5. මහිච්ඡ්තා සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ දැඩි ලෝභී බව බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, දැඩි ලෝභී බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී.´´

6. අප්පිච්ඡතා සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ අලෝභි බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ අලෝභි බව බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, අලෝභී බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතී.´´

7. අසන්තුට්ඨිතා සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනත්‍ර්‍ථයට පිණිස පවතීද,

´´මහණෙනි, ඒ ලද දෙයින් සතුටු නොවන බව බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී.´´

8. සන්තුට්ඨිතා සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව මහත් අත්‍ර්‍ථයට පිණිස පවතීද,

´´මහණෙනි, ඒ ලද දෙයින් සතුටු වන බව බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, ලද දෙයින් සතුටු වන බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතී.´´

9. අයොනිසොමනසිකාර සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ අයෝනිසොමනසිකාරය මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ අයෝනිසොමනසිකාරය බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, ඇතිදේ ඇති සැටි නොදැකීම මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී.´´

10. යොනිසොමනසිකාර සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ යෝනිසොමනසිකාරය මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ යෝනිසොමනසිකාරය බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, ඇතිදේ ඇති සැටි දැකීම මහත් අත්‍ර්‍ථය පිණිස පවතී.´´

11. අසම්පජඤ්ඤ සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ මනා ප්‍රඥා නැති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ මනා ප්‍රඥා නැති බව බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, මනා ප්‍රඥා නැති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී.´´

12. සම්පජඤ්ඤ සූත්‍රය.

´´මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකන විට

´´මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද,

´´මහණෙනි, ඒ මනා ප්‍රඥා ඇති බව බඳුවූ අනික් එක කරුණනුදු මම නොම දකිමි.

´´මහණෙනි, මනා ප්‍රඥා ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතී.´´

13. පාපමිත්ත සූත්‍රය.

´´මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ පාපමිත්‍රතාව මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, එබඳු අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, පාපමිත්‍රතාව මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතී.

14. කල්‍යාණමිත්ත සූත්‍රය.

´´මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ කල්‍යාණමිත්‍රතාව ( යහපත් මිතුරන් ඇති බව ) මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, එබඳු අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී.

15. අකුශලානුයෝග සූත්‍රය.

´´මහණෙනි, අධ්‍යාත්මිකවූ කරුණු වශයෙන් සලකනවිට යම්සේ අකුශලයන්හි යෙදීම හා කුසලයන්හි නොයෙදීම මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, එබඳුවූ අන් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතී.

16. කුසලානුයෝග සූත්‍රය.

´´මහණෙනි, අධ්‍යාත්මික කරුණු වශයෙන් සලකනවිට යම්සේ කුශලයන්හි යෙදීම හා අකුසලයන්හි නොයෙදීම මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, එබඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශල ධර්මයන්හි නොයෙදීමද මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී.´´

17. සද්ධම්මන්තරධාන පමාද සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, මහණෙනි, ඒ බඳු අනික් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතී.´´

18 සස සද්ධම්මට්ඨිති අප්පමාද සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද නොවිනාසය පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

19. සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.´´

20. සද්ධම්මට්ඨිති විරියාරම්භ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

21. සද්ධම්මන්තරධානමහිච්ඡතා සූත්‍රය.

´´මහණෙනි, යම්සේ දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, දැඩි ලෝභී බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´

22. සද්ධම්මට්ඨිති සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, අලෝභී බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසච, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

23. සද්ධම්මන්තරධාන අසන්තුට්ඨිතා සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´

24. සද්ධම්මට්ඨති සන්තුට්ඨිතා සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´
 
25. සද්ධම්මන්තරධාන අයෝනිසෝමනසිකාර සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන් වීම පිණිසත් පවතී.´´

26. සද්ධම්මට්ඨිතියෝනිසෝමනසිකාර සූත්‍රය.

´´මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

27. සද්ධම්මන්තර අසම්පජඤ්ඤ සූත්‍රය.
 
´´මහණෙනි, යම්සේ මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´

28. සද්ධම්මට්ඨිතිසම්පජඤ්ඤ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, මනා ප්‍රඥා ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

29. සද්ධම්මන්තරධාන පාපමිත්තා සූත්‍රය.

´´මහණෙනි, එසේම පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´

30. සද්ධම්මට්ඨිති කල්‍යාණමිත්තතා සූත්‍රය.

´´මහණෙනි, එසේම යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, යහපත් මිතුරන් ඇති බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

31. සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්‍රය.

´´මහණෙනි, එසේම අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසද, අතුරුදන් වීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, අකුශල ධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් ( ස්වභාවයෝ ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ ) විනාශය පිණිසත්, අතුරුදන් වීම පිණිසත් පවතී.´´

32. සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූත්‍රය.

´´මහණෙනි, එසේම කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,

´´මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.

´´මහණෙනි, කුශල ධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතී.´´

( දසවෙනි වර්‍ගය නිමි.)

9. පමාද වර්‍ගය.

1. යසොවුද්ධි සූත්‍රය.

´´මහණෙනි, යසසෙහි ( කීර්තියෙහි හා පිරිවරෙහි ) යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද, මේ අග්‍රයි. මහණෙනි, එහෙයින් මෙහිදී මෙසේ හික්මිය යුතුයි. ´ ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමු ´ යි කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේම හික්මිය යුතුය.´´

2. පමාද සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී´´

3. අප්පමාද සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී´´

4. කොසජ්ජ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මේ අලසකම මහත්වූ අනත්ර්‍‍ථය පිණිස පවතී´´

5. විරියාරම්භ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය මහත්වූ අර්‍ථය පිණිස පවතී´´

6. මහිච්ඡ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ මහා ලෝභි බව මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මහා ලෝභි බව මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතී´´

7. අප්පිච්ඡ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අලෝභී බව මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභි බව මහත්වූ අර්‍ථය පිණිස පවතී´´

8. අසන්තුට්ඨි සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත්වූ අනර්ථය පිණිස පවතී´´

9. සන්තුට්ඨි සූත්‍රය.

´´මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු වීම මහත්වූ අරීථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, ලද දෙයින් සතුටු වීම මහත්වූ අර්ථය පිණිස පවතී´´

10. අයොනිසොමනසිකාර සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම මහත්වූ අනර්ථය පිණිස පවතී´´

11. යොනිසොමනසිකාර සූත්‍රය.

´´මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී´´

12. අසම්පජඤ්ඤ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රඥා නැති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී´´

13. සම්පජඤ්ඤ සූත්‍රය.

´´මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රඥා ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රඥා ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතී´´

14. පාපමිත්ත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ පාප මිතුරන් ඇති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාප මිතුරන් ඇති බව මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී´´

15. කල්‍යාණමිත්ත සූත්‍රය.

´´මහණෙනි, යම්සේ යහපත් මිතුරන් ඇති බව මහත් අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙබඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, යහපත් මිතුරන් ඇති බව මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී´´

16. අකුසලානුයෝග සූත්‍රය.

´´මහණෙනි, යම්සේ අකුශල ධර්‍මයන්හි යෙදීම හා කුසල ධර්‍මයන්හි නොයෙදීම මහත්වූ අනත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මේ අකුසල ධර්‍ම අනුයෝගය හා කුශල ධර්‍ම අනනුයෝගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්‍මයන්ගේ අනුයෝගයද, කුශල ධර්‍මයන්ගේ අනනුයෝගයද මහත් අනත්‍ර්‍ථය පිණිස පවතී´´

17. කුසලානුයෝග සූත්‍රය.

´´මහණෙනි, යම්සේ කුශල ධර්‍මයන්හි යෙදීම හා අකුසල ධර්‍මයන්හි නොයෙදීම මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්‍මය අනුයෝගය හා අකුශල ධර්‍ම් අනනුයෝගය මහත්වූ අත්‍ර්‍ථය පිණිස පවතී´´

( නවවෙනි වර්‍ගය නිමි. )

8. කල්‍යාණමිත්‍ර වර්‍ගය.

1. කල්‍යාණමිත්‍ර සූත්‍රය.

´´මහණෙනි, යම් කල්‍යාණ මිත්‍රතාවක් ( යහපත් මිතුරන් ඇති බවක් ) හේතුකොටගෙණ නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණ මිත්‍රයන් ඇත්තාහට නූපන්නාවූ කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.´´

2. අකුසලානුයොග සූත්‍රය.

´´මහණෙනි, යම් අකුශල ධර්‍මයන්හි යෙදීමක් හා කුශල ධර්‍මයන්හි නොයෙදීමක් නිසා නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්‍මයන්හි යෙදීමෙන්ද, කුශල ධර්‍මයන්හි නොයෙදීමෙන්ද, නූපන් අකුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ කුශල ධර්‍මයෝත් පිරිහෙත්.´´

3. කුසලානුයොග සූත්‍රය.

´´මහණෙනි, යම් කුශල ධර්‍මයන්හි යෙදීමක් හා අකුශල ධර්‍මයන්හි නොයෙදීමක් නිසා නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්ද, උපන් අකුශල ුධර්‍මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්‍මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්‍මයන්හි යෙදීමෙන් හා අකුශල ධර්‍මයන්හි නොයෙදීමෙන් ( පෙර ) නූපන් කුශල ධර්‍මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්‍මයෝත් පිරිහෙත්.´´

4. බොජ්ඣඞග අනුප්පාද සූත්‍රය.

´´මහණෙනි, යම් අනුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙණ නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝ ( ඥානයට කරුණුවන ධර්මයෝත් ) නූපදිත්ද, උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් සම්පූර්‍ණභාවයට නොයෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝත් නූපදිත්. උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් වැඩීමට සම්පූර්‍ණ බවට නොයෙත්.´´

5. බොජ්ඣංගුප්පාද සූත්‍රය.

´´මහණෙනි, යම් නුවණින් මෙනෙහි කිරීමක් කරණකොටගෙණ නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් වැඩීමෙන් සම්පූර්‍ණභාවයට යෙත්ද, මහණෙනි, මේ වැනිවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන් බොජ්ඣඞ්ග ධර්මයෝත් උපදිත්. උපන්නාවූ බොජ්ඣඞ්ග ධර්මයෝත් වැඩීමෙන් සම්පූර්‍ණවීමට යෙත්.´´

6. ඤාතිපරිහානි සූත්‍රය.

´´මහණෙනි, නෑයන්ගේ යම් පිරිහීමක් වේද, මේ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරින් මේ ප්‍රඥාවගේ පිරිහීම ලාමකය.´´

7. ඤාතිවුද්ධි සූත්‍රය.

´´මහණෙනි, නෑයන්ගේ යම් වැඩීමක්, දියුණුවක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද, වැඩීම් අතුරින් මේ ප්‍රඥා වැඩීම ශ්‍රෙෂ්ඨවේ.´´

´´මහණෙනි, එහෙයින් මේ කාරණයෙහි මෙසේ හික්මිය යුතුයි. ( කෙසේදයත් ) ´ අපි ප්‍රඥා වැඩීමෙන් වැඩෙන්නෙමු ´ යි කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේ හික්මිය යුතුයි.´´

8. භොගපරිහානි සූත්‍රය.

´´මහණෙනි, යම් සම්පත් පිරිහීමක් වේද, ඒ මේ පිරිහීම සුලුවේ. මහණෙනි, පිරිහීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් පිරිහීමක් වේද, මෙය පිරිහීම් අතුරෙන් ලාමක වන්නේය.´´

9. භොගවුද්ධි සූත්‍රය.

´´මහණෙනි, සම්පත්තියෙන් යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් යම් ප්‍රඥා වැඩීමක් වේද, ඒ මේ වැඩීම අග්‍රය. මහණෙනි, එහෙයින් මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුයි. ´ ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමු ´ යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

10. යසොපරිහානි සූත්‍රය.

´´මහණෙනි, යසසෙහි, ( කීර්තියෙහි හා පිරිවරෙහි ) යම් පිරිහීමක් වේද, ඒ පිරිහීම සුලුවේ. මහණෙනි, ප්‍රඥාවෙහි යම් පිරිහීමක් වේද, පිරිහීම් අතුරෙන් ඒ ලාමකය.´´

( අට වෙනි වර්‍ගය නිමි. )