සුත්තන්ත භාජනිය

සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ සස්නෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,  උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,   නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,   උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිසද,  වැඩීම පිණිසද,  මහත්බව පිණිසද,  භාවනාවන් සම්පූර්‍ණකිරීම පිණිසද කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද, යනුයි.

කෙසේ මහණතෙම නූපන් ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද, එහි නූපන් ලාමක අකුසල ධර්‍මයෝ කවරහුද?   ලෝභය,  දෝසය, මෝහය යන තුන් අකුසල මූලයෝය.   එයට එකතුවූ ක්ලේශයෝය.   ඒ හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය,  සංඥා ස්කන්‍ධය,  සංස්කාර ස්කන්‍ධය,  විඤ්ඤාණ ස්කන්‍ධය යනුයි.   එයින් සමුට්ඨානවූ කායකර්‍මය,  වචීකර්‍මය,  මනොකර්‍මය යනුයි.   මෙය නූපන් ලාමක අකුසල ධර්‍මයෝයයි කියත්.

මෙසේ මේ ´´නූපන් ලාමක අකුසල ධර්‍මයන්ගේ නූපදීම පිණිස,  කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍ය ආරම්භ කරයි.   සිත දැඩිකොට ඔසවයි.   කැමැත්ත උපදවයි.´´   ´´කැමැත්ත උපදවයි´´ යනු එහි කැමැත්ත කවරේද?   යම් කැමැත්තක් ඇද්ද,  කැමති බවක්,  කරණු කැමැත්තක්,  කුසලයක්,  ධර්‍මයට කැමැත්තක් ඇද්ද, එයයි.   මෙය කැමැත්තයයි කියනු ලැබේ.   මේ කැමැත්ත උපදවයි.   ඇති කරයි.   විශෙෂයෙන් ඇතිකරයි.  පහළ කරයි.   විශෙෂයෙන් පහළ කරයි.   එහෙයින් කැමැත්ත   ඇතිකරයි යනු කියනු ලැබේ.

´´උත්සාහකරයි´´ යනු එහි උත්සාහය කවරේද?   යම් චෛතසිකවූ වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය උත්සාහයයි කියනු ලැබේ.   මේ උත්සාහයෙන් යුක්තවූයේ වෙයි.   විශෙෂයෙන් යුක්තවූයේ,   පැමිණියේ,     විශෙෂයෙන් පැමිණියේ,  ඇතිවූයේ,  සමන්නාගතවූයේ වෙයි.    එහෙයින් වීය්‍ර්‍යය කෙරේයයි කියනු ලැබේ.

´´වීය්‍ර්‍යය ආරම්භ කෙරේය´´ යනු එහි වීය්‍ර්‍යය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-   සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය වීය්‍ර්‍යයයි කියනු ලැබේ.   මේ වීය්‍ර්‍යය පටන් ගනියි.   විශෙෂයෙන් පටන්ගනියි.   සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් වීය්‍ර්‍යය ආරම්භ කෙරේයයි කියනු ලැබේ.

´´සිත දැඩිකොට ඔසවයි´´ යනු එහි චිත්තය කවරේද?   යම් සිතක් ඇද්ද,  මනයක්,  මානසයක්,  -පෙ- තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත දැඩිකොට ගනියි.   විශෙෂයෙන් දැඩිකොට ගනියි.   උපකාර කරයි.   උසස්ව උපකාර කරයි.   එහෙයින් සිත දැඩිකොට ගනීයයි කියනු ලැබේ.

´´බලවත් ලෙස උත්සාහ කෙරේය´´ යනු එහි බලවත් උත්සාහය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,   -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ.

කෙසේ මහණතෙම උපන් ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය ආරම්භ කරයි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් උත්සාහය උපදවයි.   එහි උපන් ලාමකවූ අකුසල ධර්‍මයෝ කවරහුද? ලෝභය,  දෝසය, මෝහය යන තුන් අකුසල මූලයෝය.   එයට එකතුවූ ක්ලේශයෝය.   ඒ හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය,  සංඥා ස්කන්‍ධය,  සංස්කාර ස්කන්‍ධය,  විඤ්ඤාණ ස්කන්‍ධය යනුයි.   එයින් උපන් කායකර්‍මය,  වචීකර්‍මය,  මනොකර්‍මය යනුයි.   මොවුහු උපන් ලාමක අකුසල ධර්‍මයෝයයි කියත්.   මෙසේ මේ උපන් ලාමක අකුසල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස, කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍ය ආරම්භ කරයි.   සිත දැඩිකොට ඔසවයි.   කැමැත්ත උපදවයි.´´   ´´කැමැත්ත උපදවයි´´ යනු එහි කැමැත්ත කවරේද?   යම් කැමැත්තක් ඇද්ද,  කැමති බවක්,  කරණු කැමැත්තක්,  කුසලයක්,  ධර්‍මයට කැමැත්තක් ඇද්ද, එයයි.   මෙය කැමැත්තයයි කියනු ලැබේ.   මේ කැමැත්ත උපදවයි.   ඇති කරයි.   විශෙෂයෙන් ඇතිකරයි.  පහළ කරයි.   විශෙෂයෙන් පහළ කරයි.   එහෙයින් කැමැත්ත   ඇතිකරයි යනු කියනු ලැබේ.   බලවත් උත්සාහය යනු   -පෙ-  උත්සාහ කරයි යනු   -පෙ-  වීය්‍ර්‍යය ආරම්භකෙරේ යනු    -පෙ-  සිත දැඩිසේ ඔසවයි යනු    -පෙ-  කැමැත්ත උපදවයි යනු එහි බලවත් කැමැත්ත කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ.   මේ බලවත් උත්සාහයෙන් යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් බලවත් උත්සාහයයි කියනු ලැබේ.

කෙසේ මහණතෙම නූපන් අකුසල ධර්‍මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද?

එහි නූපන් කුසල ධර්‍මයෝ කවරහුද?   අලොභය අදොසය අමොහය යන කුසල් මුල් තුනද,  එය හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය  -පෙ-  විඥාන ස්කන්‍ධය යනුයි.   එයින් උපන් කාය කර්‍මය, වචි කර්‍මය,  මනොකර්‍මය යනුයි.   මොවුහු නුපන් කුසල ධර්‍මයෝයයි කියත්.   මෙසේ මේ නූපන් කුසල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍ය ආරම්භ කරයි.   සිත දැඩිකොට ඔසවයි.   කැමැත්ත උපදවයි.´´   බලවත් උත්සාහය උපදවයි.

´´කැමැත්ත උපදවයි´´ යනු  -පෙ-  උත්සාහ කෙරේය යනු  -පෙ-  වීය්‍ර්‍යය ආරම්භ කෙරේය යනු  -පෙ-  සිත දැඩිසේ ඔසවයි යනු  -පෙ-  ´´බලවත් උත්සාහය උපදවයි´´ යනු එහි බලවත් උත්සාහය කවරේද?   යම් චෛතසිකවූ වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ.   මේ බලවත් උත්සාහයෙන් යුක්තවුයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් බලවත් උත්සාහයයි කියනු ලැබේ.

කෙසේ මහණතෙම උපන් කුසල ධර්‍මයන්ගේ පැවතීම පිණිස.  වැඩීම පිණිස,  මහත්බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය පටන් ගනියි.   බලවත් ලෙස උත්සාහ කරයි.

එහි උපන් කුශල ධර්‍මයෝ කවරහුද?   එයින් අලොභය අදොසය අමොහය යන කුසල් මුල් තුනද,  එය හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය  -පෙ-  විඥාන ස්කන්‍ධය යනුයි.   උපන් කායකර්‍මය,  වචීකර්‍මය,  මනොකර්‍මය යන මොවුහු උපන් කුසල ධර්‍මයෝයයි කියත්.   මෙසේ මේ උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිස,  වැඩීම පිණිස,  මහත්බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය ආරම්භ කරයි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් ලෙස උත්සාහ කරයි.   පැවතීම යනු යම් පැවැත්මක් ඇද්ද,  එය අසම්මොඝයයි.   යම් අසම්මොඝයක් ඇද්ද, එය මහත් බවයි.   යම් මහත් බවක් ඇද්ද,  එය විපුල බවයි.   යම් විපුල බවක් ඇද්ද,  එය භාවනාවයි.   යම් භාවනාවක් ඇද්ද,  එය වැඩීමයි.   කැමැත්ත උපදවයි යනු   -පෙ-  උත්සාහ කෙරේය යනු  -පෙ-  වීය්‍ර්‍යය ආරම්භ කෙරේය යනු  -පෙ-  සිත දැඩිසේ ඔසවයි යනු  -පෙ-  බලවත් ලෙස උත්සාහ කරයි යනු.

එහි බලවත් උත්සාහය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය බලවත් උත්සාහය යයි කියනු ලැබේ.   මේ බලවත් උත්සාහයෙන් යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් බලවත්සේ උත්සාහ කිරීමයයි කියනු ලැබේ.

(සුත්තන්ත භාජනිය නිමි. )

6. පුද්ගල වර්‍ගය.

1. චෙපුග්ගල සූත්‍රය.

´´මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලොකයෙහි උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, තථාගතයන් වහන්සේද, සක්විති රජ තෙමේද (යන දෙදෙන) වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, බොහෝ දෙනාට හිත පිණිස, බොයෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාට වැඩ පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස උපදිත්.´´

2. අච්ඡරිය මනුස්ස සූත්‍රය.

´´මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලොව උපදින්නාහු, ආශ්චය්‍ර්‍ය මනුෂ්‍යයෝව උපදිත්. කවර දෙදෙනෙක්ද යත්. තථාගතවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන වනාහි ලොව උපදින්නාහු, ආශ්චය්‍ර්‍ය මනුෂ්‍යයෝව උපදිත්.´´

3. කාලකිරිය සූත්‍රය.

´´මහණෙනි, පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියාව මහජනයාට සිත් තැවුල්වේ. කවර දෙදෙනෙක්හුගේද යත්, තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේද, සක්විති රජහුගේද වෙත්. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනෙක්හුගේ කාලක්‍රියා තොමෝ මහජනයාහට සිත් තැවුල් වේ.´´

4. ථූපාරහ සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් චෛත්‍යයට සුදුස්සෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේද, සක්විති රජ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන ථූපයට සුදුස්සෝ වෙත්.´´

5. චෙබුද්ධ සූත්‍රය.

´´මහණෙනි, මේ බුදුවරයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද? තථාගතවූ අර්හත්වූ, සම්මා සම්බුද්ධ තෙමේද, පසේබුදු තෙමේද යන දෙදෙනෙයි. මහණෙනි, මේ දෙදෙන බුදුවරයෝ වෙත්.´´

6. අසනි සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.´´

7. දුතිය අසනි සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි තැති නොගනිත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, අජානීය අශ්ව තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙන වනාහි, හෙන පුපුරණ කල්හි තැති නොගනිත්.´´

8. තතිය අසනි සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් හෙන පුපුරණ කල්හි බිය නොවෙත්. කවර දෙදෙනෙක්ද යත්. ක්‍ෂීණාශ්‍රව (රහත්) භික්‍ෂු තෙමේද, මෘගරාජවූ සිංහ තෙමේද වෙත්. මහණෙනි, මේ දෙදෙනා වනාහි, හෙන පුපුරණ කල්හි බිය නොවෙත්.´´

9. කිම්පුරිස සූත්‍රය.

´´මහණෙනි, මේ කරුණු දෙකක් දක්නාවූ, (සලකන්නාවූ) කින්නරයෝ මිනිස් බස් නොකියත්. කවර දෙකක්ද යත්, බොරු නොකියමු. අන්‍යයෙකුට බොරුවෙන් නින්‍දා නොකරමු. මහණෙනි, මේ කරුණු දෙක බලමින් කින්නරයෝ මිනිස් බස් නොකියත්.´´

10. අතිත්ත මාතුගාම සූත්‍රය.

´´මහණෙනි, කරුණු දෙකක් සම්බන්‍ධව තෘප්තියට නොපැමිණී, පසුබැසීම් නැතිව, (සාමාන්‍ය) ස්ත්‍රිය මැරෙයි. කවර කරුණු දෙකක් සම්බන්‍ධවද යත්, මෙවුන්දම් සෙවීම සම්බන්‍ධවද, වැදීම සම්බන්‍ධවද වෙත්. මහණෙනි, මේ දෙයාකාර ධර්‍මයන් සම්බන්‍ධව තෘප්ති රහිතවූ, පසුබැසීම් නැත්තාවූ ස්ත්‍රිය වනාහි කලුරිය කෙරේ.´´

11. සන්නිවාස සූත්‍රය.

´´මහණෙනි, තොපට අසත් පුරුෂයන්ගේ සමාගමයද, සත්මුරුෂයන්ගේ සමාගමයද දේශනා කරන්නෙමි. ඒ අසව්. යහපත්කොට සිත්හි තබා ගනිව්. කියන්නෙමි. ´´එසේය ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

´´මහණෙනි, කෙසේනම් අසත්පුරුෂයන්ගේ සහවාසය වේද, කෙසේනම් අසත්පුරුෂයෝ සමග වෙසෙද්ද? මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂු නමකට මෙබඳු සිතක් වෙයි.

´´ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්‍ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමෙියි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි´ යි (කියා මෙබඳු සිතක් උපදී.)

´´මධ්‍යම භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරමි.

´´මධ්‍යම භික්‍ෂුවටද මෙබඳු සිතක් වෙයි. ´ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්‍ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමෙියි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි´ යි (කියා මෙබඳු සිතක් උපදී.) මධ්‍යම භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරමි.´

´´නවක භික්‍ෂුවටද මෙබඳු සිතක් වෙයි. ´ස්ථවිර භික්‍ෂුවක් මට යමක් නොකියාවා. මධ්‍යම භික්‍ෂුවක් මට යමක් නොකියාවා. නවක භික්‍ෂුවක්ද මට යමක් නොකියාවා. මමත් ස්ථවිර භික්‍ෂුවට නොකියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් නොකියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් නොකියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කියන්නේ නම් මට අවැඩ කැමැතිව කියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. මෙසේ හෙයින් තොපගේ වචනය නොකරන්නමෙියි මම ඕහට කියන්නෙමි. ඕහට වෙහෙසද කරන්නෙමි. ඔහුගේ වචනය (සත්‍යයයි) දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරන්නෙමි´ යි (කියා මෙබඳු සිතක් උපදී.) මධ්‍යම භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම්, මට අහිතානුකම්පීව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව නොකියන්නේය. හිත කැමැතිව නොකියන්නේය. (නොපිළිපැදීමෙන්) ඕහට වෙහෙසද කරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ නමුදු ඊට ප්‍රතිකර්‍ම නොකරමි.´

´´මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂයන්ගේ සහවාසය වෙයි. මෙසේම අසත්පුරුෂයෝ සමග වෙසෙත්.

´´මහණෙනි, කෙසේ නම් සත්පුරුෂයන්ගේ සහවාසය වේද, කෙසේ නම් සත්පුරුෂයන් (සමග) වෙසෙද්ද? මහණෙනි, මේ ශාසනයෙහි ස්ථවිර භික්‍ෂුවකට මෙබඳු අදහසක් වෙයි.

´´ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. මධ්‍යම භික්‍ෂු තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. නවක භික්‍ෂු තෙමේද මට අවවාදාදියක් කෙරේවා. මම ස්ථවිර භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කරන්නේ නම් හිත කැමැත්තෙන් කරන්නේය. අහිත කැමැත්තෙන් මට නොකියන්නේය. මම ඕහට ´මැනව, තොප කීයේ යහපතැ´ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දක්නේ ඊට ප්‍රතිකර්‍ම කරන්නෙමි´ යි කියායි.

´´මධ්‍යම භික්‍ෂුතෙමේද මට (අවවාද) කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම් හිත අනුකම්පාව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව කින්නේය. හිත කැමතිව කියන්නේය. (පිළිපැදීමෙන් ඕහට වෙහෙසද නොකරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ ඊට ප්‍රතිකර්‍ම කරමි. නවක භික්‍ෂු තෙමේද මට අවවාද වශයෙන් කියන්නේ, හිත කැමැත්තෙන්ම කියන්නේය. අහිත කැමැත්තෙන් නොකියන්නේය. මම ඕහට ´මැනව, තොප කීයේ යහපතැ´ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දුටුයේ ඊට ප්‍රතිකර්‍මද කරන්නෙමි´ යි කියායි.

´´මධ්‍යම භික්‍ෂුවටද මෙබඳු සිතක් වෙයි. ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. මධ්‍යම භික්‍ෂු තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. නවක භික්‍ෂු තෙමේද මට අවවාදාදියක් කෙරේවා. මම ස්ථවිර භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කරන්නේ නම් හිත කැමැත්තෙන් කරන්නේය. අහිත කැමැත්තෙන් මට නොකියන්නේය. මම ඕහට ´මැනව, තොප කීයේ යහපතැ´ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දක්නේ ඊට ප්‍රතිකර්‍ම කරන්නෙමි´ යි කියායි. මධ්‍යම භික්‍ෂුතෙමේද මට (අවවාද) කියන්නේ නම්, නවක භික්‍ෂු තෙමේත් මට කියන්නේ නම් හිත අනුකම්පාව කියන්නේය. හිතයෙන් අනුකම්පා ඇතිව කින්නේය. හිත කැමතිව කියන්නේය. (පිළිපැදීමෙන්) ඕහට වෙහෙසද නොකරමි. ඔහුගේ වචනය සත්‍යයයි දන්නේ ඊට ප්‍රතිකර්‍ම කරමි. නවක භික්‍ෂු තෙමේද මට අවවාද වශයෙන් කියන්නේ, හිත කැමැත්තෙන්ම කියන්නේය. අහිත කැමැත්තෙන් නොකියන්නේය. මම ඕහට ´මැනව, තොප කීයේ යහපතැ´ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දුටුයේ ඊට ප්‍රතිකර්‍මද කරන්නෙමි´ යි කියායි.

´´නවක භික්‍ෂුවටද මෙබඳු සිතක් වෙයි. ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. මධ්‍යම භික්‍ෂු තෙමේත් මට අවවාදාදියක් කෙරේවා. නවක භික්‍ෂු තෙමේද මට අවවාදාදියක් කෙරේවා. මම ස්ථවිර භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම මධ්‍යම භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. මම නවක භික්‍ෂුවටත් අවවාදාදියක් කියන්නෙමි. ඉදින් ස්ථවිර තෙමේත් මට අවවාදාදියක් කරන්නේ නම් හිත කැමැත්තෙන් කරන්නේය. අහිත කැමැත්තෙන් මට නොකියන්නේය. මම ඕහට ´මැනව, තොප කීයේ යහපතැ´ යි කියන්නෙමි. ඕහට වෙහෙස නොකරන්නෙමි. (මගේ දෝෂය) දක්නේ ඊට ප්‍රතිකර්‍ම කරන්නෙමි´ යි කියායි.

´´මහණෙනි, සත්පුරුෂයන් සහවාසය වනාහි මෙසේ වෙයි. මෙසේම සත්පුරුෂයෝ වාසය කෙරෙත්.´´

12. වචීසංසාර සූත්‍රය.

´´මහණෙනි, යම් විනිශචයකට එළඹි කරුණෙක්හි දෙපසෙහි පවත්නා වචන හුවමාරුවද, දෘෂ්ටිය නිසා උපන් තදපරුෂ බවද, සිතේ කෝපයද, දොම්නස හා අනුන්ගේ සැපතෙහි නොසතුටුවීම ඇතිවේද, (ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස) මනාකොට නොසංසිඳුනේ වේද, මහණෙනි, ඒ විනිශ්චයෙහි මෙබන්දක් අවශ්‍යයෙන් සිදු වන්නේය. (ඒ අධිකරණය) බොහෝ කල් පැවැත්ම පිණිසද, නපුරුකම හා චණ්ඩභාවය පිණිසද ඇතිවන්නේය. (ඊට මැදහත්වූ) භික්‍ෂූහුද සැපසේ වාසය නොකරන්නාහුය. (යනුයි.)

13. දුතිය වචීසංසාර සූත්‍රය.

´´මහණෙනි, යම් විනිශ්චයෙක්හි වනාහි දෙපාර්ශ්වයෙහි ආක්‍රොශාදී වශයෙන් පවත්නා වචන හුවමාරුවද, දෘෂ්ටිය නිසා උපන් තද පරුෂ බවද, සිතේ කෝපයද, දොම්නසද, අනුන්ගේ සැපතෙහි නොසතුටුවීමද පවත්නේ නම්, ස්වකීය චිත්තය හා ස්වකීය පිරිස මනාකොට නොසංසිඳුනේ වේද, මහණෙනි, ඒ විනිශ්චය ගැන මෙසේ බලාපොරොත්තුවිය යුතුයි. (කෙසේද?) බොහෝකල් නොපැවැත්ම පිණිසද, කෲර භාවය පිණිසද, චණ්ඩභාවය පිණිසද, පවතින්නේය. (ඊට මැදහත්වූ) භික්‍ෂූහුද සැපසේ වාසය කරන්නාහුය යන මෙයයි.

(6 පළමුවන වර්‍ගය නිමි.)

5. පිරිස් වර්‍ගය.

1. උත්තානපරිස සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: ප්‍රකටවූ ( මතුපිට පෙණෙන ) පිරිසද, ගැඹුරුවූ පිරිසද ( යන දෙකයි ).

´´මහණෙනි, ප්‍රකටවූ පිරිස කවරේද?

´´මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු උඩඟු වූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ ඇත්තාහු, චපල වූවාහු, ක්‍රූර වචන ඇත්තාහු, ප්‍රලාප වචන ඇත්තාහු, මුළාසිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥාව නැත්තාහු, එකඟ සිත් නැත්තාහු, විශෙෂයෙන් කලබල සිත් ඇත්තාහු, සංවරයට නොපැමිණි ඉඳුරන් ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ වනාහි මතුපිටවූ ( නොගැඹුරුවූ ) පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, ගැඹුරුවූ පිරිස කවරීද?

´´මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු උඩඟු නොවූවාහු, උද්ගතවූ හිස් මාන නමැති නළ නැත්තාහු, චපල නොවූවාහු, රළු බස් නැත්තාහු, ප්‍රලාප වචන නැත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, සම්‍යක් ප්‍රඥා ඇත්තාහු, තැන්පත් සිත් ඇත්තාහු, එකඟවූ සිත් ඇත්තාහු, සංවරණය කරණ ලද ඉන්‍ද්‍රිය ඇත්තාහු වෙත්ද, මහණෙනි, මේ ගැඹුරු පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙදෙන වෙති. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ ගැඹුරුවූ පිරිසක් වේද, මේ පිරිස ශ්‍රෙෂ්ඨයි.´´

2. වග්ගාපරිස සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: වර්‍ගවූ අසමගි පිරිසද, සමගිවූ පිරිසද (යන දෙදෙනයි ).

´´මහණෙනි, වර්‍ගවූ පිරිස කවරීද?

´´මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු තුමූ හටගත් ඩබර ඇත්තාහු, හටගත් කෝලාහල ඇත්තාහු, විරුද්ධ වාදයට පැමිණියාහු, එකිනෙකා වචන නමැති සැත්වලින් විදිමින් වාසය කොරත්ද, මහණෙනි, මේ වර්‍ගවූ පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, සමගි පිරිස කවරීද?

´´මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සමගි වූවාහු, ( එක්ව ) සතුටු වූවාහු, විරුද්ධ වාද නොකරන්නාහු, කිරි හා ජලය මෙන් එක් වූවාහු, ඔවුනොවුන් ප්‍රිය ඇස්වලින් බලමින් වාසය කෙරෙත්ද, මහණෙනි, මේ සමගි පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙදෙන වෙති. මහණෙනි, මේ පිරිස් දෙදෙන අතුරෙන් යම් මේ සමගි පිරිසක් වේද, එය ශ්‍රෙෂ්ඨයි.´´

3. අග්ගවතිපරිස සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: උත්තම පුද්ගලයන් ඇත්තාවූ පිරිසද, උතුම්වූ පුද්ගලයන් නැත්තාවූ පිරිසද ( යන දෙකයි. )

´´මහණෙනි, උත්තම පුද්ගලයින් නැත්තාවූ (නිකෘෂ්ට) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්‍ෂු බහුල භාවය පිණිස පිළිපන්නාහු, (ශාසනය) ලිහිල්කොට ගන්නාහු, ශික්‍ෂා ගරුක නොවී, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්‍මයන්හි පූර්‍වාඞ්ගම (පෙරදැරි) වූවාහු, නිර්‍වාණයෙහි බහා ලබන ලද, හරණ ලද, උත්සාහ ඇත්තාහු වෙත්ද, ඔවුහු පෙර නොපැමිණෙන ලද්දට පැමිණීම පිණිසත්, අනධිගත (අවබෝධ නොකරණ ලද) ධ්‍යානාදීන්ගේ අවබෝධය පිණිසත්, (කායික, චෛතසික) වීය්‍ර්‍යය පටන් නොගනිත්.´´

´´පශ්චිම ජන සමූහයාද, තමන් දුටු දේ අනුව පිළිපැදීමට පැමිණේ.(සැරසේ) ඕතොමෝද (ඒ පශ්චිම ජනතාවද), (ප්‍රත්‍ය) බහුලාදියෙන් යුක්තවූවා, සස්න ලිහිල්කොට ගත්තී, පහත බැසීම් නම් පඤ්චනීවරණ ධර්‍ම පූරණයෙහි පෙරටුව යන්නී, නිර්‍වණයෙහි බහා තබන ලද උත්සාහ ඇත්තී, පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබෝධ නොකළ ගුණ විශේෂයන්ගේ අවබෝධය පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධර්මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිසද, (කායික, චෛතසික) වීය්‍ර්‍යය පටන් නොගණී. මහණෙනි, මේ අග්‍ර නොවූ පුද්ගලයන් ඇති පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, උතුම් පුද්ගලයන් ඇති පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ස්ථවිර භික්‍ෂූහු (ප්‍රත්‍ය) බාහුල්‍යයෙන් යුක්ත නොවෙත්ද, ශාසනය ලිහිල්කොට නොගන්නෝ (ශික්‍ෂාගරුකයෝ) වෙත්ද, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්‍මයෙහි හරණ ලද වීය්‍ර්‍ය ඇත්තෝ වෙත්ද, නිර්‍වාණ ධර්‍මයෙහි පූර්‍වඞ්ගම (පෙරදැරි) වූවෝ වෙත්ද, ඔවුහු නොලැබූ ගුණයන් ලැබීම පිණිසද, අවබෝධ නොකරණලද ධර්‍මයන් අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකරණලද ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිසද වීය්‍ර්‍යය පටන් ගණිති.

´´පශ්චිම ජන සමූහයාද ඔවුන්ගේ දෘෂ්ටිය (තමන් දුටු දේ) අනුව යාමට සැරසේ. ඕ තොමෝද ප්‍රත්‍ය බාහුල්‍යයෙන් යුක්ත නොව සස්න ලිහිල් කොට නොගත්තී, පහත බැසීම් නම් පඤ්චනීවරණධර්‍ම පූරණයෙහි පෙරටුව නොයන්නී නිර්‍වාණයෙහි බහා නොතබනලද උත්සාහ ඇත්තී පෙර නොපැමිණෙන ලද ගුණයන්ට පැමිණීම පිණිස හා අවබෝධ නොකළ ගුණ විශේෂයන්ගේ අවබෝධය පිණිසද, ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද, (කායික, චෛතසික) වීය්‍ර්‍යය පටන් ගණී. මහණෙනි, මේ අග්‍රවතී (උතුමන් ඇති) පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ අග්‍රවතී පිරිසක් වේද, මෙය උතුම්වේ.´´

4. අරිය සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආය්‍ර්‍යවූ පිරිසද, අනාය්‍ර්‍ය (පෘථග්ජන) වූ පිරිසද (යන දෙදෙනයි.)

´´මහණෙනි, අනාය්‍ර්‍ය (පෘථග්ජන) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු මේ (පඤ්චස්කන්‍ධය) දුක්යයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණාව) දුක් හටගැනීමේ හේතුවයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මේ (තෘෂ්ණා නිරෝධය) දුක් නැසීමයයි ඇති සැටියෙන් නොදනිත්ද, මේ (ආය්‍ර්‍ය අෂ්ටාංගික මාර්‍ගය) දුක් නිරුද්Ȁdධ කිරීමට පමුණුවන පිළිවෙතයයි ඇතිසැටියෙන් නොදනිත්ද, මහණෙනි, මේ ආය්‍ර්‍ය නොවූ පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, ආය්‍ර්‍ය පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු තුමූ මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනිත්ද, මේ දුක් උපදින හේතුවයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමේ පිළිවෙතයයි තතුසේ දනිත්ද, මහණෙනි, මේ ආය්‍ර්‍ය පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස දෙක අතුරෙන් යම් මේ ආය්‍ර්‍ය පිරිසක් වේද, ඒ අග්‍ර වේ.

6. කසට සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, කසට (හිස්) පිරිසද, මණ්ඩ (සාර) පිරිසද (යන දෙදෙනයි.)

´´මහණෙනි, කසට (බොල් හෙවත් නිස්සාර) පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යෙත්ද, ෙවෂයෙන් අගතියට යෙත්ද, මොහයෙන් අගතියට යෙත්ද, භයින් අගතියට යෙත්ද, මහණෙනි, මේ කසට (හිස්) පිරිස යයි කියනු ලැබේ.

´´මහණෙනි, ප්‍රසන්න (සාර) වු පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නොයත්ද, ෙවෂයෙන් අගතියට නොයත්ද, මොහයෙන් අගතියට නොයත්ද, භයින් අගතියට නොයත්ද, මහණෙනි, මේ ප්‍රසන්නවූ පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ආය්‍ර්‍ය පිරිසක් වේද, ඒ අග්‍රයි.´´

6. උක්තා සූත්‍රය.

´´මහණෙනි, පිරිස් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, හික්මවන්නට නොහැකිවූ, ධර්‍මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිසද, ධර්‍මය අසා දැනගෙන හික්මුනාවූ, සුවිනීතවූ පිරිසද වෙත්.

´´මහණෙනි, හික්මවන්නට නොහැකිවූ, ධර්මය අසා දැන නොගෙන නොහික්මුනාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අත්‍ර්‍ථ ඇත්තාවූ, ලෝකෝත්තරාර්‍ථ දක්වන්නාවූ, ශුන්‍යතාප්‍රතිසංයුක්තවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නො අසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැණීම පිණිස සිත එළවා නොතබද්ද, ඒ ධර්මයන් ඉගෙණ ගතයුතුය, පුහුණු කළ යුතුයයි නොහඟිද්ද, (බාහිර) කවීන් විසින් කරන ලද. කවීන් පිළිබඳ විසිතුරු අකුරු ඇත්තාවූ. විසිතුරු ව්‍යඤ්ජනයන් ඇත්තාවූ. ශාසනයෙන් බැහැරවූ බාහිරක ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම්, ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් අසත්ද. කන් යොමු කරත්ද. දැනගැණීම පිණිස සිත එළවා තබත්ද. ඒ ධර්මයන් ඉගෙණගතයුතුයයි ප්‍රගුණ කටයුතුයයි හගිත්ද. ඔවුහු ඒ ධර්‍මය ප්‍රගුණකොට, ´කෙසේද, මේ පද වචනාදිය කුමක්ද? මෙහි අත්‍ර්‍ථය කවරේදැ?´ යි ඔවුනොවුන්ගෙන් නොවිචාරත්ද, (එසේ විචාරීම පිණිස) ඔබ මොබ නොහැසිරෙත්ද, ඔවුහුතුමූ වැසුණාවූ අත්‍ර්‍ථ විවෘත නොකෙරෙත්ද, නොයෙක් ආකාරවූ, සැකයට කරුණුවූ, ධර්‍මයන් කෙරෙහි සැකය පහ නොකෙරෙත්ද, මහණෙනි, මේ (පිරිස) දුර්විනීතවූ (අසා දැනගැනීමෙන්) නොහික්මුනාවූ පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, අසා දැනගැනීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහිවූ යම් පිරිසෙක්හි භික්‍ෂූහු කවීන් විසින් කරණලද, කවීන්ට හිතවූ, (කවීන් පිළිබඳවූ) විසිතුරු අකුරු හා විසිතුරු පද වචනාදිය ඇත්තාවූ, බාහිරක ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම්, ඒ සූත්‍රාන්තයන් කියනු ලබන කල්හි සතුටින් නොඅසත්ද, කන් යොමු නොකරත්ද, දැනගැනීම පිණිස සිත එළවා නොතබත්ද, ඒ ධර්මයන් ඉගෙන ගත යුතුයයි, ප්‍රගුණ කටයුතුයයි නොහඟිත්ද, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරුවූ, ගැඹුරු අත්‍ර්‍ථ ඇත්තාවූ, ලොකොත්තරාත්‍ර්‍ථ දක්වන්නාවූ, ශූන්‍යතා ප්‍රතිසංයුක්තවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියනු ලබනකල්හි සතුටින් අසත්ද, කන් යොමු කරත්ද, දැනගැනීම පිණිස සිත එලවා තබත්ද, ඒ ධර්මයන් උද්ග්‍රහණය කටයුතුය, ප්‍රගුණ කටයුතුයයි හඟිත්ද, ඔවුහු ඒ ධර්මය ප්‍රගුණකොට මේ පද වචනාදිය කුමක්ද, මෙහි අත්‍ර්‍ථය කවරේදැයි ඔවුනොවුන් විචාරත්ද, ඔබ මොබ හැසිරෙත්ද, ඔවුහු වැසුනාවූ අත්‍ර්‍ථ විවෘත කෙරෙත්ද, ප්‍රකට නොවූවක් (ගැඹුරු වූවක්) ප්‍රකට කෙරෙත්ද, නොයෙක් ආකාරවූ, සැකයට කරුණුවූ, ධර්මයන් කෙරෙහි සැකය පහ කෙරෙත්ද, මහණෙනි, මේ පිරිස පිළිවිසීමෙන් හික්මුනාවූ, හික්මවන්ට හැකිවූ, පිරිස යයි කියනු ලැබේ.

´´මහණෙනි, මේ වනාහි පිරිස්හු දෙකකි. මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ පිළිවිසීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිසක් වේද, මේ පිරිස අග්‍රවේ.´´

7. ආමිසගරු සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපසය ගරු කොට ඇත්තාවූ දහම් ගරුකොට නැත්තාවූ පිරිසද, දහම් ගරුකොට ඇත්තාවූ, ආමිෂය (සිවුපසය) ගරුකොට නැත්තාවූ පිරිසද වෙත්.

´´මහණෙනි, සිවුපසය ගරුකොට සලකන්නාවූ, සදහම් ගරුකොට නොසලකන්නාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන් ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ දොස් කියමින් ´අසවල් මහණතෙම (විස්කම්භන, සමුච්ඡෙද යන) දෙකොටසින් මිදුනේය, අසවල් මහණතෙම ප්‍රඥාවෙන් විමුක්තය, අසුවලා කයින් ධ්‍යාන ස්පර්‍ශකොට, පසුව නිවන් ප්‍රත්‍යක්‍ෂ කෙළේය. අසුවලා මාර්‍ග දෘෂ්ටියට පැමිණියේය. අසුවලා ශ්‍රද්ධාව නිසා මිදුනේය. අසුවලා ධර්මය අනුව සිහිකරන ස්වභාවය. අසුවලා ශ්‍රද්Ȁdධානුසාරීය. අසුවලා සිල්වත්ය. අසුවලා කල්‍යාණ ස්වභාව ඇත්තේය. අසුවල් මහණතෙම ලාමකවූ ස්වභාව ඇත්තේය. දුශ්ශීලයයි කියත්. ඔවුහු තුමූ ඒ ගුණාගුණ කීමෙන් සිවුපසය ලබත්. ඔවුහු ඒ ලාභයෙහි (තෘෂ්ණාවෙන්) ගැටගැසුනාහු, මූර්ඡාවූවාහු, ගැලී සිටියාහු, ආදීනව (වරද) නොදක්නා ස්වභාව වූවාහු, ඡන්‍දරාගය දුරුකරණ, ප්‍රඥාවෙන් තොරවූවාහු, (සිවුපසය) පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරුකොට ඇත්තාවූ, සදහම් ගරුකොට නැත්තාවූ පිරිස යයි කියනු ලැබේ.

´´මහණෙනි, දහම් ගරුකොට ඇත්තාවූ, සිවුපසය ගරුකොට නැත්තාවූ පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සුදුවත් හඳින්නාවූ ගිහීන්ගේ ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ නොකියන්නේ, අසවල් මහණතෙම (විස්කම්භන, සමුච්ඡේද යන) දෙකොටසින් විමුක්තය. අසවල් භික්‍ෂුතෙම ප්‍රඥාවෙන් විමුක්තය. අසවල් මහණතෙම කයින් ධ්‍යාන ස්පර්‍ශකොට පසුව නිවන් පසක් කෙළේය. අසවල් මහණතෙම මාර්‍ගදෘෂ්ටියට පැමිණියේය. අසවල් මහණතෙම ශ්‍රද්Ȁdධාවිමුක්තය. අසවල් මහණතෙම ධර්‍මානුසාරීය. අසවල් මහණතෙම ශ්‍රද්Ȁdධානුසාරීය, අසවල් මහණතෙම සිල්වත්ය. යහපත් ස්වභාව ඇත්තේය. අසවල් මහණතෙම දුශ්ශීලය. පාප ස්වභාව ඇත්තේයයි නොකියත්ද, ඔවුහු තුමූ සිවුපසය ලැබීමෙහි (තෘෂ්ණාවෙහි) ගැට ගැසුනාහු, මුසපත් නොවූවාහු, ගැලී නොසිටියාහු, ආදීනව දක්නාසුලු වූවාහු, .නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තවූවාහු, (සිවුපසය) පරිභෝග කරත්. මහණෙනි, මේ සද්ධර්මය ගරු කරන්නාවූ, ආමිෂය ගරු නොකරන්නාවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි.

´´මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සද්ධර්මය ගරුකරන්නාවූ, ආමිෂය ගරු නොකරන්නාවූ, පිරිසක් වේද, මේ පිරිස අග්‍රවේ.´´

8. විසමපරිස සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, විසමවූ (පැකිලීම් ඇති) පිරිසද, සමවූ (නොපැකිලෙන) පිරිසද (යන දෙක) වෙත්.

´´ මහණෙනි, විසම පිරිස කවරීද?

´´මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්‍මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි,මේ විෂමවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස විෂම බැවින් අධර්ම කර්මයෝ පවතිත්. ධර්‍ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්‍මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිනෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිනෙත්.

´´මහණෙනි, සමවූ පිරිස කවරීද?

´´මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්. අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්.

´´මහණෙනි, මේ වනාහි පිරිස් දෙකකි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ සමවූ පිරිසක් වේද, එය අග්‍රයි.´´

9. අධම්මික සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. අධාර්මික පිරිසද, ධාර්මික පිරිසද (යන දෙක) වෙත්.

´´මහණෙනි, අධාර්මික පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි අධර්ම කර්‍මයෝ පවතිත්ද, ධර්ම කර්මයෝ නොපවතිත්ද, විනයට විරුද්ධ කර්මයෝ පවතිත්ද, විනය කර්මයෝ නොපවතිත්ද, අධර්ම කර්මයෝ බබලත්ද, ධර්ම කර්මයෝ නොබබලත්ද, විනයට විරුද්ධවූ කර්මයෝ දීප්තියට පැමිණෙත්ද, විනය කර්මයෝ දීප්තියට නොපැමිණෙත්ද, මහණෙනි,මේ විෂමවූ පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස විෂම බැවින් අධර්ම කර්මයෝ පවතිත්. ධර්‍ම කර්මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කර්‍මයෝ පවතිත්. විනය කර්මයෝ නොපවතිත්. අධර්ම කර්මයෝ දීප්තියට පැමිනෙත්. ධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ දීප්තියට පැමිණෙත්. විනය කර්මයෝ දීප්තියට නොපැමිනෙත්.

´´මහණෙනි, ධාර්මික පිරිස කවරීද? මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි ධර්ම කර්මයෝ පවතිත්ද, අධර්ම කර්මයෝ නොපවතිත්ද, විනය කර්මයෝ පවතිත්ද, අවිනය කර්මයෝ නොපවතිත්ද, ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්ද, මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්ම කර්මයෝ පවතිත්. අධර්ම කර්මයෝ නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්.

´´මහණෙනි, මේ පිරිස් දෙකක්වේ. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසක් වේද, මෙය අග්‍රවේ´´

10. ධම්මිය සූත්‍රය.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්. මහණෙනි, අධර්මවාදී පිරිසද, ධර්මවාදී පිරිසද (යන දෙක) වෙත්.

´´මහණෙනි, අධර්මවාදී පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ විවාද ආදී විනිශ්චය කළ යුතු කරුණක් ගනිත්ද, ඔවුහු ඒ අධිකරණය ගෙණ එකිනෙකාට ඒ බව නොමදන්වත්ද, දැන්වීම සඳහා රැස් නොවෙත්ද, නොදක්වත්ද, දැක්වීමට නොඑළඹෙත්ද, ඔවුහු තුමූ අසඤ්ඤත්තිය (නොදැන්වීම) බලය කොට ගත්තාහු, නොදැක්වීම බලය කොට ගත්තාහු, විවාදය අත්හැරීමට අදහස් නැත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ දෘෂ්ටිය සිතෙහි ඇතුල්කොට (මෙසේ) ප්‍රකාශ කෙරෙත්ද, ´මේ (අපගේ වචනය)ම සත්‍යය, මෙයින් අන්‍යවූ වචන තුච්ඡය´ යි කියායි. මහණෙනි, මෙබඳුවූ පිරිස අධර්මවාදී පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, ධර්‍මවාදී පිරිස කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ (විවාද ආදී) අධිකරණයක් ගනිත්ද, ඔවුහු තුමූ මේ අධිකරණය ගෙණ එකිනෙකාට මේ ගැණ දන්වත්ද, දැන්වීම පිණිස රැස්වෙත්ද, දක්වත්ද, දැක්වීම පිණිස පැමිණෙත්ද, ඔවුහු තුමූ දැන්වීම් බලය කොට ඇත්තාහු, දැක්වීම බලය කොට ඇත්තාහු, බැහැරලීමෙහි අදහස් ඇත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ හැඟීම් (සිතෙහි) ඇතුල්කොට මෙසේ ප්‍රකාශ නොකෙරෙත්ද, (කෙසේද?) ´මේ අපගේ වචනයම සත්‍යය, අන්‍යයන්ගේ වචන තුච්ඡය´ යි කියායි. මහණෙනි, මෙබඳු පිරිස ධර්‍මවාදී පිරිසයයි කියනු ලැබේ.

´´මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධර්‍මවාදී පිරිසක් වේද, මේ පිරිස අග්‍රය´´

( පස්වෙනි වර්‍ගය නිමි. )

පළමුවෙනි පණස නිමි.

4. සමචිත්ත වර්‍ගය.

1. භූමි සූත්‍රය.

1. ´´මහණෙනි, අසත්පුරුෂ භූමියද, සත්පුරුෂ භූමියද තොපට දේශනා කරන්නෙමි. ඒ අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.´´

´´එසේය ස්වාමීනි´´ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

2. ´´මහණෙනි, අසත්පුරුෂ භූමිය කවරේද? මහණෙනි, අසත්පුරුෂ තෙම කළ උපකාර නොදන්නේ වෙයි. කළගුණ ප්‍රකටකොට නොදන්නේ වෙයි. මහණෙනි, යම් මේ කළ ගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය අසත්පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ නොසැලකීමක් වේද, කළගුණ නොසැලකීම් භාවයක් වේද, මේ කාරණය සම්පූර්‍ණයෙන් අසත්පුරුෂ භූමි නම් වේ.´´

3. ´´මහණෙනි, සත්පුරුෂ තෙමේ වනාහි කළ උපකාර දන්නේ වෙයි. කළගුණ ප්‍රකටසේ දන්නේ වෙයි. යම් මේ කළ ගුණ දන්නා බවක්, ප්‍රකටසේ දන්නා බවක් වේද, මේ කාරණය සත්පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද්දේය. මහණෙනි, යම් මේ කළගුණ දන්නා භාවයක් වේද, කළගුණ ප්‍රකටසේ දන්නා භාවයක් වේද, සම්පූර්‍ණයෙන් මේ කාරණය සත්පුරුෂ භූමි නම් වේ.´´

2. සුප්පතිකාර සූත්‍රය.

1. ´´මහණෙනි, දෙදෙනෙකුන්හට සුදුසු සේ කළගුණ සැළකීම නොකළ හැකියයි මම කියමි. කවර දෙදෙනෙකුන්ටද යත්. තමන් දාකළ මවටද, ජනක පියාටද වෙත්.

2. ´´මහණෙනි, වර්‍ෂ සියයක් ආයු ඇත්තාවූ, වර්‍ෂ සියයක් ජීවත් වන්නාවූ (පුතෙක්) එක් අංශයකින් මව පෝෂණය කරන්නේද, එක් අංශයකින් පියා පෝෂණය කරන්නේද, හෙතෙම ඔවුන්ගේ ඇඟ ඉලීමෙන්, පිරිමැදීමෙන්, නෑවීමෙන්, අත් පා මැඩීම් කිරීමෙන් ඔවුන්ට උපස්ථාන කෙරේද, එකී දෙමව්පියෝ එහිම හුන්නාහු මල මූත්‍ර පහ කෙරෙත්ද, මහණෙනි, (එපමණකිනුදු) මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ නොවේමය.

3. ´´මහණෙනි, යම් පුත්‍රයෙක් මව් පිය දෙදෙනා බොහෝ සප්තවිධ රත්නයන් ඇත්තාවූ, මේ මහා පෘථුවියෙහි ඉසුරු බව හා අධිපති බව ඇත්තාවූ චක්‍රවර්ති රාජ්‍යයෙහි පිහිටුවන්නේද, එපමණකිනිදු මහණෙනි, මවු පිය දෙදෙනාට උපකාර කරණ ලද්දේ හෝ කළ ගුණ සලකන ලද්දේ හෝ නොවේමය. ඊට හේතු කවරේද? මහණෙනි, මව් පිය දෙදෙනා පුත්‍රයන්ට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුන් වර්‍ධනය කරන්නෝය. පෝෂණය කරන්නෝය. මේ ලෝකය දක්වන්නෝය. එහෙයිනි.´´

3. කිංචාදී සූත්‍රය.

1. ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු සාමීචි කථා කොට එක් පසෙක උන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ බ්‍රාහ්මණ තෙම භාගයවතුන් වහන්සේට මේ කාරණය සැළකෙලේය.

2. ´´භවත් ගෞතම තෙමේ කිනම් ලබ්ධි ඇත්තේද? කිනම් ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරන්නේද?´´

´´බ්‍රාහ්මණය, මම ක්‍රියාවාදී වෙමි. අක්‍රියාවාදීද වෙමි.´´

3. ´´භවත් ගෞතම තෙමේ කෙසේ නම් ක්‍රියාවාදීත් වේද, අක්‍රියාවාදීත් වේද?´´

´´බ්‍රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතයාගේද, වාග්දුශ්චරිතයාගේද, මනොදුශ්චරිතයාගේද, නොකටයුතු බව කියමි. නොයෙක් ආකාර ලාමකවූ අකුශලධර්‍මයන් නොකට යුතු බව කියමි. බ්‍රාහ්මණය, මම වනාහි කායසුචරිතයාගේද, වාක්සුචරිතයාගේද, මනොසුචරිතයාගේද, කිරීම කියමි. තුන් වැදෑරුම් වූ කුශලධර්‍මයන් කිරීම කියමි. බ්‍රාහ්මණය, මෙසේ මම වනාහි ක්‍රියාවාදීත් වෙමි, අක්‍රියාවාදීත් වෙමි´´

4. ´´භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවූ උපාසකයෙක් කොට මා දරණ සේක්වා. (දැන වදාරණ සේක්වා.)´´

4. දක්ඛිණෙය්‍ය සූත්‍රය.

ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ අනාථපිණ්ඩික ගෘහපතිතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.

2. ´´ස්වාමීනි.ලොව ඍැදැහැවතුන්ගේද දන් ලැබීමට සුදුස්සෝ කීදෙනෙක් වෙත්ද? කොතැන්හි හෙවත් කවර පුද්ගලයෙකුට දන්දිය යුතුදු?´

´´ගෘහපතිය. දෙදෙනෙක් වනාහි ලොව දක්ෂිණාර්‍හයෝවෙත්. (එනම්) ශෛක්‍ෂපුද්ගල තෙමේද (සිල්වත් පෘථග්ජනයා සහ සෝවාන් පුද්ගලයා පටන් අර්‍හත් මාර්‍ගය පිළිපන් පුද්ගලයා), අශෛක්‍ෂ රහත් පුද්ගලතෙමේද (යන දෙදෙනයි.) ගෘහපතිය. මේ දෙදෙන වනාහි දන්දීමට සුදුස්සෝය. තවද මේ පුද්ගලයන් කෙරෙහි දානය දිය යුතුයි´´

3. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරා නැවත මේ ගාථාවද වදාළ සේක.

´´මෙලොව (සප්තවිධ) ශෛක්‍ෂ පුද්ගල තෙමේද, අශෛක්‍ෂ පුද්ගල තෙමේද, දන් දෙන්නවුන්ගේ දන් පිළිගැනීමට සුදුස්සෝ වෙත්. ඔවුහු කයින්ද, වචනයෙන්ද, නැවත සිතින්ද ඎජු වූවෝය. දන් දෙන්නවුන්ට ඔවුහු පින් කෙතයි. එහි දෙන ලද්ද මහත් ඵල වේ.´´

5. සාරීපුත්ත සඤ්ඤෝජන සූත්‍රය.

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහි වූ පූර්‍වාරාමයෙහි මිගාරමාතු නම්වූ (විශාඛා) උපාසිකාව විසින් කරවා පිළිගන්වන ලද ප්‍රාසාදයෙහි වැඩ වාසය කෙරෙයි. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම, ´´ඇවැත්නි, මහණෙනි,´´ කියා භික්‍ෂූන් ඇමතූයේය. ඒ භික්‍ෂූහු තුමූ, ´´ඇවැත්නි´´ කියා ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම මෙසේ ප්‍රකාශ කෙළේය:

2. ´´ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇති පුද්ගලයාද (අධ්‍යාත්ම නම් කාම භවයෙහි ඡන්‍දරාගය ඇත්තාවූ පුද්ගලයාද) බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයාද (බහිද්ධා නම් රූපා රූප භවයන්හි ඡන්‍දරාග ඇත්තාවූ පුද්ගලයාද) ප්‍රකාශ කරන්නෙමි. ඒ ශ්‍රවණය කරව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.´´ ඒ භික්‍ෂූහු තුමූ ´´එසේය, පින්වතුන් වහන්සැ´´ යි ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන්ට පිළිතුරු දුන්හ. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම මෙසේ වදාළේය: ´´ඇවැත්නි, අධ්‍යාත්ම සංයෝජන ඇත්තාවූ පුද්ගල තෙම කවරේද?

3. ´´ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද,

4. ´´හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, යටට බස්නා ස්වභාව වූයේ, මේ මනුෂ්‍යාත්ම භාවයට එන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි අධ්‍යාත්මික (ඔරම්භාගිය) සංයෝජනයෙන් (බැඳීමෙන්) යුක්තවූ, යටට බස්නා සුලුවූ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නාවූ පුද්ගල තෙමේයයි කියනු ලැබේ.

5. ´´ඇවැත්නි, බහිද්ධාසංයෝජනයෙන් (බැඳුමෙන්) යුක්තවූ පුද්ගල තෙම කවරේද?

´´ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ, ආචාර, ගෝචර දෙකින් යුක්තවූයේ, ස්වල්ප මාත්‍රවූ අකුශල ධර්මයන්හි බිය දක්නා සුලුව වාසය කෙරේද, ශික්‍ෂා පදයන් සමාදන්ව එහි හික්මේද,

6. ´´හෙතෙම එක්තරා ශාන්තවූ චිත්තවිමුක්තියකට පැමිණ වාසය කෙරෙයි. හෙතෙම ශරීරයාගේ භෙදයෙන් පසු මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, පහළට නොබස්නා ස්වභාව වූයේ, මේ මිනිස් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට නොබස්නා ස්වභාවවූ, මේ මිනිස් බවට නොඑන්නාවූ, බාහිර සංයෝජනයෙන් යුක්තවූ, පුද්ගල තෙමේයයි කියනු ලැබේ.

හෙතෙම ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, යටට බස්නා ස්වභාව වූයේ, මේ මනුෂ්‍යාත්ම භාවයට එන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි අධ්‍යාත්මික (ඔරම්භාගිය) සංයෝජනයෙන් (බැඳීමෙන්) යුක්තවූ, යටට බස්නා සුලුවූ, මේ මනුෂ්‍යාත්මභාවයට එන්නාවූ පුද්ගල තෙමේයයි කියනු ලැබේ.

7. හෙතෙම කාමයන්හිම කලකිරීම පිණිස, නොඇලීම පිණිස, විනාශය පිණිස පිළිපන්නේ වේ. හෙතෙම (තුන්) භවයන්හිම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, විනාශය පිණිසද පිළිපන්නේ වේ. හෙතෙම තෘෂ්ණාව ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වේ. හෙතෙම ලෝභය ක්‍ෂය කිරීම පිණිස පිළිපන්නේ වේ. හෙතෙම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි එක්තරා දිව්‍ය නිකායෙක්හි උපදී. හෙතෙම එයින් චුතවූයේ, අනාගාමී වූයේ, මේ මිනිසත් බවට නොඑන්නේ වේ. ඇවැත්නි, මේ වනාහි පහතට (කාමභවයට) නොබස්නා ස්වභාව වූ, මේ මිනිසත් බවට නොඑන්නාවූ, බාහිර සංයෝජනයෙන් යුක්තවූ, පුද්ගල තෙමේයයි කියනු ලැබේ.´´

8. ඉක්බිත්තෙන් සමසිත් ඇත්තාවූ, බොහෝවූ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාහුය. එක්පසෙක සිටියාවූ මේ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය.

9. ´´ස්වාමීනි, මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි භික්‍ෂූන්ට, අධ්‍යාත්ම සංයෝජනය ඇති පුද්ගලයාද, බහිද්Ȁdධාසංයෝජනය ඇති පුද්ගලයාද දේශනා කෙරෙයි. ස්වාමීනි, (එහිවූ) පිරිස් තොමෝ සතුටු සිත් ඇත්තීය. ස්වාමීනි, භාග්‍යවත් තෙම අනුකම්පා කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙන සේක් නම් මැනව.´´

10. භාග්‍යවතුන් වහන්සේ, තූෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිත්තෙන් භාග්‍යවත් තෙමේ, යම් සේ ශක්තිමත් පුරුෂයෙක් වූකලී හකුළුවන ලද්දාවූ අතක් දිගු කරන්නේ හෝ වේද, දිගු කරණ ලද්දාවූ අතක් හකුළුවන්නේ හෝ වේද, එපරිද්දෙන්ම ජේතවනාරාම විහාරයෙහි අතුරුදන් වූයේ, පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් ඉදිරියෙහි පහළවූසේක. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද අසුන්හි වැඩහුන් සේක. ආයුෂමත් ශාරීපුත්‍ර ස්ථවිර

තෙමේද භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ශාරීපුත්‍ර ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

11. ´´ශාරීපුත්‍රය, මෙහි සමාන සිත් ඇත්තාවූ බොහෝ දේවතාවෝ මම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියාහුය. ශාරීපුත්‍රය, එක් පසෙක සිටියාවූ ඒ දේවතාවෝ මට මෙසේ කීවාහුය. ´´ස්වාමීනි, මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම පූර්‍වාරාමයෙහි මිගාරමාතා ප්‍රාසාදයෙහි භික්‍ෂූන්ට, අධ්‍යාත්ම සංයෝජනයෙන් යුත් පුද්ගලයාද, බහිද්ධාසංයෝජනයෙන් යුත් පුද්ගලයාද දේශනා කෙරෙයි. ස්වාමීනි, පිරිස් තොම තුටු පහටු සිත් ඇත්තීය. ස්වාමීනි, භාග්‍යවත් තෙමේ අනුකම්පා කොට ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට එළඹෙන සේක්වා, ශාරීපුත්‍රය, ඒ දේවතාවෝ වනාහි දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පණස්දෙනෙක්වද, සැටදෙනෙක්වද, පිරිස් වශයෙන් රැස්ව, ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හි සිටිත්. නමුත් එකිනෙකා නොපෙළෙත්.

12. ´´ශාරීපුත්‍රය, ඉදින් තොපට මේ කරුණු ගැන මෙබඳු සිතක් ඇතිවිය හැකියි. යම් හෙයකින් ඒ දේවතාවෝ දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පණස්දෙනෙක්වද, සැටදෙනෙක්වද, ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හිත් සිටිත්ද. එහෙත් එකිනෙකා නොපෙළෙත්ද, ඒකාන්තයෙන් එපරිද්දෙන් ඒ දේවතාවන් විසින් (ඒ සමාපත්ති) සිත වඩනලද්දේ, එහි (ඔවුන්ගේ දේව ලෝකයෙහිය) කියායි. ශාරීපුත්‍රය, මේ කාරණය එසේ නොසැලකිය යුතුය. (මක්නිසාදයත්) යම් හෙයකින් ඒ දේවතාවෝ දසදෙනෙක්වද, විසිදෙනෙක්වද, තිස්දෙනෙක්වද, සතළිස්දෙනෙක්වද, පණස්දෙනෙක්වද, සැටදෙනෙක්වද, ඉදිකටු තුඩක් හෙළන පමණ තන්හි සිටිත්ද. එහෙත් එකිනෙකා නොපෙළෙත්ද. ශාරීපුත්‍රය, ඒ දේවතාවන් විසින් එසේ කිරීමට හැකිවන සේ (සමාපත්ති) සිතක් වඩන ලද්දේ මේ ලෝකයෙහිමය. නොහොත් මේ ශාසනයෙහිමය.

13. ´´ශාරීපුත්‍රය, එහෙයින් මේ කරුණෙහි මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ´සන්සුන් ඉඳුරන් ඇත්තෝ, සන්සුන් සිත් ඇත්තෝ වන්නෙමු´ යි (කියායි). ශාරීපුත්‍රය, තොප විසින් හික්මිය යුතු මෙසේමය. ශාරීපුත්‍රය, සන්සුන් ඉඳුරන් ඇත්තාවූ, සන්සුන් සිත් ඇත්තාවූ, තොපගේ කාය කර්මය ශාන්ත වන්නේමය. වාක් කර්මය ශාන්ත වන්නේමය. මනො කර්මය ශාන්ත වන්නේමය. ශාරීපුත්‍රය, ´සමාන බඹසර ඇත්තන් කෙරෙහි ශාන්තවූම, කය සිත දෙකින් කරණ, පූජාව පමුණුවන්නෙමු´ යි තොප විසින් මෙසේම හික්මිය යුතුයි. යමෙක් තුමූ මේ ධර්ම දේශනාව නොඇසුවාහුද, ඒ අන්‍යතීත්‍ර්‍ථක පරිබ්‍රාජකයෝ පිරිහුණාහුම වෙත්.´´

6. ආරාමදණ්ඩ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිර තෙම චරණ නම් නුවර, කද්දම නම් විල්තෙර වාසය කරයි. එකල්හි වනාහි ආරාමදණ්ඩ නම් බ්‍රාහ්මණ තෙම ආයුෂ්මත් මහාකච්ඡාන ස්ථවිරයන් වෙත පැමිණ සතුටු සාමීචි කථාකොට එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ ආරාමදණ්ඩ බමුණු මහාකච්ඡාන ස්ථවිරයන්ට මේ කරුණ සැළකළේය.

2. ´´භවත් කච්චායනයෙනි, යමක් හේතුකොටගෙන ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙත්ද, බ්‍රාහ්මණයෝත් බ්‍රාහ්මණයන් සමග විවාද කෙරෙත්ද, ගෘහපතියෝත් ගෘහපතියන් සමග විවාද කෙරෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?

බ්‍රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ හේතුකොටගෙණ, ක්‍ෂත්‍රියයෝත් ක්‍ෂත්‍රියයන් සමග විවාද කෙරෙති, බමුණෝත්, බමුණන් සමග විවාද කෙරෙති, ගහපතියෝත් ගහපතියන් සමග විවාද කෙරෙති,´´

3. ´´භවත් කච්චායනයෙනි, යමක් හේතුකොටගෙන ශ්‍රමණයෝත් ශ්‍රමණයන් සමග විවාද කෙරෙත්ද, ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍යය කවරේද?

´´බ්‍රාහ්මණය, දෘෂ්ටිරාගයෙන් ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය, දෘෂ්ටිරාගයෙහි ගැලී සිටීමය යන මේ හේතු කොට ගෙන ශ්‍රමණයෝත්, ශ්‍රමණයන් සමග විවාද කෙරෙත්.´´

4. ´´භවත් කච්චායනයෙනි, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද? මෙම දෘෂ්ටිරාගයෙන් ඇතුල්වීමය, දෘෂ්ටිරාගයෙන් බැඳීමය, දෘෂ්ටිරාගයෙන් ගිජුවීමය, දෘෂ්ටිරාගයෙන් සිත වැළඳගැන්මය, දෘෂ්ටිරාගයෙහි ගැලී සිටීමය යන මේ දේ ඉක්මෙව්වාවූ කිසිවෙක් ඇද්ද?´´

´´බ්‍රාහ්මණය, කාමරාගයෙහි ඇතුල්වීමය, කාමරාගයෙන් බැඳිමය, කාමරාගයෙහි ගිජුවීමය, කාමරාගයෙන් සිත වැළඳගැන්මය, කාමරාගයෙහි ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාවූද, මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද කිසිවෙක් ලෝකයෙහි නැත්තේය.

5. ´´භවත් කච්චායනයෙනි, මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද, මෙම දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මෙව්වාද යම් කිසිවෙක් ලොව ඇත්නම් හෙතෙම කවරේද?´´

´´බ්‍රාහ්මණය, පූර්‍වදිශා ජනපදයන්හි සැවැත් නම් නුවරෙක් ඇත. අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ එහි දැන් වාසය කරණ සේක. බ්‍රාහ්මණය, ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගියසේක.. මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේද ඉක්මගිය සේක.

මෙසේ කී කල්හි ආරාමදණ්ඩ නම් බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිටපියා, උතුරු සළුව එකස්කොට, දකුණු දණමඬල බිම ගසා භාග්‍යවතුන් වහන්සේ යම් දිසාවෙක්හිද, ඒ දිශාවට වැඳ නමස්කාරකොට (ඇඳිලි බැඳ) (මෙසේ) ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය. (කෙසේදයත්) ´´යම් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් මේ කාමරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය, මේ දෘෂ්ටිරාගයෙහි ඇතුල්වීමය, බැඳීමය, ගිජුවීමය, සිත වැළඳගැන්මය, ගැලීමය යන මේ දේ ඉක්මගිය සේක්ද,

ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

´භවත් කාත්‍යායනයෙනි, භවත් කාත්‍යායනයෙනි, ඉතාම යහපත. භවත් කාත්‍යායනයෙනි, මුව යටිකුරුකොට තබන ලද්දක් යම්සේ මුව උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ දල්වන්නේද, එපරිද්දෙන් භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දෙශනා කරණ ලද්දේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් කාත්‍යායන ස්ථවිර තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වායි.´´

7. මධුරා සූත්‍රය.

1. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරතෙම මධුරා නම් නුවර ගුන්දා වනයෙහි වාසය කෙරෙයි. එකල්හි, කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙමේ මහා කාත්‍යායන ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ එකත්පස්ව උන්නේය. එකත්පසෙක උන්නාවූ කණ්ඩරායන බ්‍රාහ්මණතෙම ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන්ට මෙසේ සැලකෙළේය.

2. ´´භවත් කාත්‍යායනයෙනි, මවිසින් මෙසේ අසන ලද්දේය. (කෙසේද යත්) ´මහා කාත්‍යායන ශ්‍රමණතෙමේ (ජරාවෙන්) ජීර්‍ණවූ, ජාතිමහල්ලකවූ, දීර්‍ඝ කාලයක් ඉක්මුණාවූ, පශ්විම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි. දැක හුනස්නෙන්ද නැගී නොසිටියි. ආසනයෙන්ද නොපවරයි.´ (කියායි.) භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කරුණු එසේමය.

භවත් කාත්‍යායනයෝ, (ජරාවෙන්) ජීර්‍ණවූ, වයොවෘද්ධවූ, ජාතිමහල්ලකවූ, දීර්‍ඝ කාලයක් ඉක්මුණාවූ, පශ්විම වයසට පිළිවෙලින් පැමිණියාවූ බ්‍රාහ්මණයන් නොවඳියි. දැක හුනස්නෙන්ද නැගී නොසිටියි. ආසනයෙන්ද නොපවරත්ද, ´´භවත් කාත්‍යායනයෙනි, ඒ මේ කාරණය නුසුදුසුමය.´´

3. ´´බ්‍රාහ්මණය, (දතයුතු සියලු දේ) දන්නාවූ, (සියල්ල) දක්නාවූ, අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාවූ, වෘද්ධයන් වන කාරණයද, තරුණයන් වන කාරණයද ඇත. බ්‍රාහ්මණය, ඉදින් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස් ඇත්තාවූ හෝ උත්පත්තියෙන් අවුරුදු සියයක් ඇත්තාවූ හෝ වෘද්ධයෙක් වේද, එහෙත් හෙතෙමේ කාමයන් පරිභෝග කෙරේද, ද්විවිධවූ කාමයන් මධ්‍යයෙහි වාසය කෙරේද, කාම දැවිල්ලෙන් හාත්පසින් දැවේද, කාම විතර්‍කයන් විසින් කනු (පෙළනු) ලැබේද, නොයෙක් කාමයන් සෙවීමෙහි උත්සාහවත් වේද, එසේ ඇති කල්හි, හෙතෙම බාලය. වෘද්ධ නැත, යන කොටසට යෙයි. (බාලයයි සලකනු ලැබේ.)

4. ´´බ්‍රාහ්මණය, ඉදින් තරුණ බැව් ඇති, මනාව කළුවූ කෙස් ඇති, සොඳුරු යොවුන් වියෙන් සමන්විතවූ, (තෙතිස් වයස් නොඉක්මවූ) පළමුවෙනි වයසින් යුක්තවූ, තරුණයෙක් වේද, එහෙත් හෙතෙම ද්විවිධ කාමයන් පරිභෝග නොකෙරේද, කාමයන් මධ්‍යයෙහි නොවසාද, කාම දැවිල්ලෙන් හාත්පස නොදැවේද, කාම විතර්‍කයන්ගෙන් කනු (පෙළනු) නොලැබේද, කාමයන් සෙවීමෙහි උත්සාහවත් නොවේද, එසේ ඇති කල්හි, හෙතෙම පණ්ඩිතය, ස්ථවිරය යන කොටසට පැමිණේ.´´

5. මෙසේ වදාළ කල්හි කණ්ඩරායන නම් බ්‍රාහ්මණ තෙම හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශකොට පොරවා, ´තරුණවූ, භික්‍ෂූන්ගේ පාදයන් හිසින් වඳී. පින්වතුන් වහන්සේලා වෘද්ධයෝය. වෘද්ධ භූමියෙහි සිටියෝය. අපි තරුණයෝ වම්හ, තරුණ භූමියෙහි සිටුම්හ.

´භවත් කාත්‍යායනස්ථවිරයන් වහන්ස, ඉතාම යහපත. භවත් කාත්‍යායනයෙනි, මුව යටිකුරුකොට තබන ලද්දක් යම්සේ මුව උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ දල්වන්නේද, එපරිද්දෙන් භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දෙශනා කරණ ලද්දේය. භවත් කාත්‍යායන ස්ථවිරයන් වහන්ස, මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් කාත්‍යායන ස්ථවිර තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.´´

8. චොරබල සූත්‍රය.

1. ´´මහණෙනි, යම් කාලයෙක්හි සොරු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි රජවරු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි රජුට (ඇතුළු නුවරට සිතු කෙණෙහි) පිවිසෙන්නට හෝ (ඇතුළු නුවරින්) නික්ම යාමට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු නොවේ. ඒ කාලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියන්ටද යන්නට හෝ පිටත්ව යන්නට හෝ බාහිර කර්‍මාන්තයන් පරීක්‍ෂා කිරීමට හෝ පහසු නොවෙයි.

2. ´´මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි පාප භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි ප්‍රියශීලී භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, එකල්හි ප්‍රියශීලී භික්‍ෂූහු නිශ්ශබ්දවූවාහු, සඟ මැද තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. පසල් දනව් හෝ සොයා යත්. මහණෙනි, ඒ මේ කාරණය

බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ථය පිණිස, දෙව්මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස වේ.´´

9. රජබල සූත්‍රය.

1. ´´මහණෙනි, යම් කලෙක්හි රජවරු බලවත් වූවාහු වෙත්ද, එකල සොරු දුර්‍වල වූවාහු වෙත්. ඒ කාලයෙහි රජුට පිවිසෙන්නට හෝ නික්ම යන්නට හෝ පසල් දනව්වෙහි කටයුතු දේ පාලනය කිරීමට හෝ පහසු වේ. ඒ කාලයෙහි බමුණු ගැහැවියන්ටද පිවිසෙන්නට හෝ නික්මෙන්නට හෝ කර්‍මාන්තයන් පරීක්‍ෂා කරන්නට හෝ පහසු වෙයි.

2. ´´මහණෙනි, එපරිද්දෙන්ම යම් කාලයෙක්හි ප්‍රියශීලී භික්‍ෂූහු බලවත් වූවාහු වෙත්ද, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු දුර්‍වල වූවාහු වෙත්. මහණෙනි, ඒ කාලයෙහි පාප භික්‍ෂූහු සඟ මැද අතිශයින් නිශ්ශබ්දව, තූෂ්ණිම්භූතව, දුර්මුඛව සිටිත්. කොතැන්හි හෝ පලා යෙත්. මහණෙනි, ඒ මේ කාරණය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට යහපත පිණිස, දෙව්මිනිසුන්ගේ හිත පිණිස, සැප පිණිස වේ.´´

10. මිච්ඡාපටිපත්ති සූත්‍රය.

´´මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ මිත්‍යා ප්‍රතිපත්තිය වර්‍ණනා නොකරමි. ( එනම් ): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපන්නේ වේද, හෙතෙම වරදවා පිළිපැදීමේ කාරණය හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය ( විදර්‍ශනා සහිත ආය්‍ර්‍ය මාර්‍ගය ) සම්පාදනය කරන්නෙක් නොවේ.´´

11. සම්මාපටිපත්ති සූත්‍රය.

´´මහණෙනි, මම දෙදෙනෙකුන්ගේ සම්‍යක් ප්‍රතිපත්තිය වර්‍ණනා කරමි. ( එනම් ): ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යන දෙදෙනාගේයි. මහණෙනි, ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ මනාකොට පිළිපන්නේ වේද, හෙතෙම මනාකොට පිළිපැදීම් හේතුකොටගෙණ කුසල්වූ න්‍යාය ධර්‍මය ( විදර්‍ශනා සහිත ආය්‍ර්‍ය මාර්‍ගය ) සම්පාදනය කරන්නෙක් වේ.´´

12. ධම්මපටිබාහන සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂූහු වරදවා ගන්නා ලද්දාවූ, අකුරෙන් පමණක් සමානවූ, අත්‍ර්‍ථයෙන් අසමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අත්‍ර්‍ථයත්, පාළි ධර්‍මයක් ඉවත දමත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනත්‍ර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අවැඩ පිණිස, දුක් පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ අකුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්ධර්‍මයද අතුරුදහන් කරන්නාහු වෙත්.´´

13. ධම්මානුලොමක සූත්‍රය.

´´මහණෙනි, යම් භික්‍ෂූහු මනාකොට ගන්නා ලද්දාවූ, ව්‍යඤ්ජනයෙන්ම නොව අත්‍ර්‍ථයෙන්ද සමානවූ සූත්‍රාන්තයන් කරණකොටගෙන, අත්‍ර්‍ථ කථාවද, පාළි ධර්‍මයද, සුදුසුසේ තබත්ද, මහණෙනි, ඒ භික්‍ෂූහු තුමූ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අත්‍ර්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝවූ කුසල්ද රැස් කරත්. ඔවුහු මේ සද්ධර්‍මය පිහිටුවත්. ´´

( සතරවෙනි සමචිත්ත වර්‍ගය නිමි. )

3. බාල වර්‍ගය.

1. බාලඅම්මය සූත්‍රය.

´´මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් නොදකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් නොපිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි බාලයෝ වෙත්.´´

2. පණ්ඩිත සූත්‍රය.

´´මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් දෝෂය දෝෂ වශයෙන් දකීද, යමෙක් වරද දෙසන්නහුගේ දෝෂය දහම්වූ පරිද්දෙන් පිළිගණීද, මහණෙනි, මේ දෙදෙන වනාහි පණ්ඩිතයෝ වෙත්.´´

3. දුට්ඨ සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: අභ්‍යන්තරයෙහි පිහිටි දොස් ඇත්තාවූ, ද්වෙෂයෙන් දූෂිතවූ පුද්ගල තෙමේද, නොමනාව ගන්නාලද බැවින් (නුවණ නැති) සැදැහැවත් පුද්ගල තෙමේද යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.´´

4. භාසිත සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, මහණෙනි, මොහු දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නගත්.´´

5. අනබ්භාවික්ඛණ සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, ප්‍රකාශ නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්දේය, ප්‍රකාශ නොකරණ ලද්දේයයි කියාද, යමෙක් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේය, ප්‍රකාශ කරණ ලද්දේයයි කියාද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.´´

6. නෙය්‍යත්‍ථ සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විස්තර කළ යුතු අත්‍ර්‍ථ ඇති සූත්‍රාන්තය පමුණුවන ලද්දාවූ අත්‍ර්‍ථ විස්තර ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, යමෙක් අත්‍ර්‍ථ ඇති, විස්තර කියා දෙන ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අත්‍ර්‍ථ ඇති සූත්‍රාන්තයයි ප්‍රකාශ කෙරේද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් කියත්.´´

7. නීතත්‍ථ සූත්‍රය.

´´මහණෙනි, මේ දෙදෙනෙක් තුමූ තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්. කවර දෙදෙනෙක්ද යත්: යමෙක් විස්තර කළ යුතු අත්‍ර්‍ථ ඇති සූත්‍රාන්තය විස්තර කියා දෙන ලද සූත්‍රාන්තයයි දක්වයිද, යමෙක් විස්තර කරණ ලද සූත්‍රාන්තය විස්තර කළ යුතු අත්‍ර්‍ථ ඇති සූත්‍රාන්තයයි දක්වයිද, මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන් වහන්සේට අසත්‍යයෙන් දොස් නොකියත්.´´

8. පටිච්ඡන්නකම්මන්ත සූත්‍රය.

´´මහණෙනි, වැසුනාවූ හෙවත් පාප කර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. (එනම්) නරකය හා තිරිසන් යෝනිය (යන දෙකින් එකකි.)´´

9. අපටිච්ඡන්නකම්මන්ත සූත්‍රය.

´´මහණෙනි, (නොවැසුනාවූ) හෙවත් කුශලකර්ම ඇත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. දේව ගතිය හා මනුෂ්‍ය ගතිය (යන දෙකින් එකකි.)´´

10. මිච්ඡාදිට්ඨික සූත්‍රය.

´´මහණෙනි, මිසදිටු ගත්තහු විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. නරකය හෝ තිරිසන් යෝනිය හෝ (යන දෙකින් එකකි.)´´

11. සම්මාදිට්ඨික සූත්‍රය.

´´මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා විසින් ගති දෙකක් අතුරෙන් එක්තරා ගතියක් බලාපොරොත්තු විය යුතුයි. දේව ගතිය හා මානුසික ගතිය (යන දෙකින් එකකි.)´´

12. දුස්සීලපටිග්ගහන සූත්‍රය.

´´මහණෙනි, දුශ්ශීල පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. (එනම්) නරකය හා තිරිසන් යෝනිය ය.´´

13. සීලපටිග්ගහන සූත්‍රය.

´´මහණෙනි, සිල්වත් පුද්ගලයා පිළිගන්නාවූ (ස්ථාන) දෙකක් වෙත්. දෙව්ලොව හා මිනිස් ලොවය.´´

14. අරඤ්ඤ සූත්‍රය.

´´මහණෙනි, මම කරුණු දෙකක් බලමින් ආරණ්‍ය සේනාසනයන්ද, මනුෂ්‍ය වාසයෙන් තොරවූ තැන්හි සේනාසනයන්ද, ගම්වලින් ඉතා දුරින් පිහිටි සේනාසනයන්ද සෙවනය කරමි. කවර කරුණු දෙකක්ද යත්, මගේම මෙලොව සැප විහරණය හා පසුව ඇතිවෙන ජන සමූහයාහට අනුකම්පාවය.´´

15. විජ්ජාභාගිය සූත්‍රය.

1. ´´මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් (මාර්‍ගඥානය නම්) විද්‍යාව භජනය කරන්නෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සමථය නම් හිතේ එකඟ භාවයද, විදර්‍ශනාව යයි කියන ලද සංස්කාර ඥානයද යන දෙදෙනයි. මහණෙනි, සමථය වඩන ලද්දේ කවර අත්‍ර්‍ථයක් සම්පාදනය කරයිද? චිත්තය වැඩෙයි. (මාර්‍ග) චිත්තය වඩන ලද්දේ කවර අත්‍ර්‍ථයක් සලසාද? යම් රාගයක්හි ඇලේද, ඒ රාගය පහවෙයි.

2. ´´මහණෙනි, විදර්‍ශනාව වඩන ලද්දේ කවර අත්‍ර්‍ථයක් සම්පාදනය කෙරේද? ප්‍රඥාව (මාර්ග ප්‍රඥාව) වැඩෙයි. ප්‍රඥාව වඩන ලද්දේ කවර අත්‍ර්‍ථයක් සිද්Ȁdධ කෙරේද? යම් අවිද්‍යාවක් වේද, එය ප්‍රහීණ වෙයි. මහණෙනි, රාගයෙන් කිලුටු කරණ ලද්දාවූ සිතද (කෙලෙසුන් කෙරෙන්) නොමිදෙයි. අවිද්‍යාවෙන් කිලුටු කරණ ලද්දාවූ ප්‍රඥාවද නොවැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයෙහි නොඇලීමෙන් චිත්ත විමුක්තියද, (ඵල සමාධියද) අවිද්‍යා විරාගයෙන් ප්‍රඥා විමුක්තියද ඇතිවේ.´´

( තුන්වැනි බාල වර්‍ගය නිමි. )

2. අධිකරණ වර්‍ගය.

1. සෙඛබල සූත්‍රය.

´´මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙකයි.

´´මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.

´´මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ බල දෙක අතුරෙන් යම් මේ භාවනා බලයක් වේද. මේ බලය (අර්හත්වයට නොපැමිණ සෝවාන් ආදී මාර්‍ගයන්හි හැසිරෙන) ශෛක්‍ෂයන් සම්බන්ධ ඥානබලය වේ. මහණෙනි, හෙතෙම ශෛක්‍ෂ බලය නිසා රාගය දුරුකරයි. ෙවෂය දුරුකරයි. මොහය දුරුකරයි. රාගය දුරුකොට, ෙවෂය දුරුකොට, මොහය දුරුකොට, යමක් අකුසල් වේද, එය නොකෙරෙයි. යමක් පව් වේද, එය සේවනය නොකෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු දෙදෙන වනාහි භාවනා බලයෝ වෙති.´´

2. බොජ්ඣංගබල සූත්‍රය.

´´මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙදෙනයි.

´´මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය තෙම මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.

´´මහණෙනි, භාවනා බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ස්මෘති සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ධර්‍මවිචය සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ වීය්‍ර්‍යය සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ ප්‍රීති සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ පස්සද්ධි සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ සමාධි සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකයන් ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, දුක්ඛ නිරෝධය ඇසුරුකළාවූ, කෙලෙසුන් නැසීම හා නිවන් අරමුණට පැමිණීම ඇත්තාවූ උපෙක්‍ෂා සම්බොධ්‍යාඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ.

´´මහණෙනි, මොහු වනාහි බලයෝ දෙදෙන වෙත්.

3. ඣානබල සූත්‍රය.

´´මහණෙනි, මේ බලයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, පරීක්‍ෂාකිරීමේ බලයද, භාවනා බලයද යන දෙදෙනයි.

´´මහණෙනි, පරීක්‍ෂා කිරීමේ බලය කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් මෙසේ පරීක්‍ෂා කරයි. (කෙසේද?) කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය තෙම මේ ආත්ම භාවයෙහිද, පරලොවෙහිද වේය කියායි. හෙතෙම මෙසේ නුවණින් සලකා බලා කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්ම භාවයක් පරිහරණය කෙරෙයි. (රකියි.) මහණෙනි, මේ පරීක්‍ෂාකිරීමේ බලයයි කියනු ලැබේ.

´´මහණෙනි, භවනා බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්‍ක (කල්පනා කිරීම්) සහිතවූ, විචාර (අරමුණෙහි සිත හැසිරවීම) සහිතවූ, විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. විතර්‍ක විවාරයන්ගේ සන්සිඳීමෙන් ස්වකීය සන්තානයෙහි මනාකොට පැහැදීම ඇති, චිත්තයාගේ එකට පහළවීම (එකඟබැව්) ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැප ඇති විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියෙහි නො ඇලීමෙන් උපෙක්‍ෂා ඇත්තෙක්ව වාසය කරයි. සිහි ඇත්තේ, මනා නුවණ ඇත්තේ, සැපයද කයින් විඳී. (බුද්ධාදී) ආය්‍ර්‍යයෝ (එහි වසන්නා) උපෙක්‍ෂා ඇත්තේය, සැප විහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීයධ්‍යාන සමාපත්තියට එළඹ වාසය කෙරෙයි. (කායික) සුඛ ප්‍රහාණයෙන් (දුරු කිරීමෙන්ද) දුඃඛ ප්‍රහාණයෙන්ද පළමුකොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ බැහැරලීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදු බව ඇති චතුත්‍ර්‍ථධ්‍යාන සම්පත්තියට එළඹ වාසය කෙරෙයි. මහණෙනි, මේ භාවනා බලයයි කියනු ලැබේ. මහණෙනි, මොහු බලයෝ දෙදෙන වෙති.´´

4. ධම්මදෙසනා සූත්‍රය.

´´මහණෙනි, තථාගතයන්ගේ මේ ධර්‍මදෙශනාවෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්: සංක්‍ෂෙප වශයෙන් කරණ දේශනාවය, විස්තර වශයෙන් කරණ දේශනාවය යන දෙදෙනයි. මහණෙනි, මේ දෙදෙන වනාහි තථාගතයන්ගේ ධර්‍මදේශනාවෝයි.´´

5. අධිකරණ සූත්‍රය.

´´මහණෙනි, (විවාදාදී) අධිකරණයන් අතුරෙන් යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂු තෙමේද, චොදක භික්‍ෂු තෙමේද මනාකොට තමාම (තමන්ගේ දෝෂය) පරීක්‍ෂා නොකෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණයෙහි ලා මෙය අවශ්‍යයෙන් විය යුතුයි. (එනම්) ඒ අධිකරණය දීර්‍ඝභාවයට, නපුරු බවට, කර්‍කශ භාවයට පැමිණෙන්නේය. භික්‍ෂූහු තුමූද සැපසේ වාසය නොකරන්නාහුය (යන මේ වශයෙනි.)

´´මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂු තෙමේද, චොදක භික්‍ෂු තෙමේද මනාකොට තුමූම තමන් පරීක්‍ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්‍ඝභාවයට, ක්‍රූරභාවයට, කර්‍කශ භාවයට නොපැමිණෙන්නේය. භික්‍ෂූහු තුමූද සැපසේ වාසය කරන්නාහුය යන මේ කාරණය අවශ්‍යයෙන් වන්නේය.

´´මහණෙනි, ඇවතට පැමිණියාවූ භික්‍ෂුතෙම කෙසේ නම් තමන්ගේ දෝෂය පරීක්‍ෂා කෙරේද? වරදට පැමිණි මහණතෙම මෙසේ පරීක්‍ෂා කෙරෙයි: ´මම වනාහි කායවාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ ඇවතකට පැමිණියෙම්ද, කායවාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා ඒ (චොදක) භික්‍ෂුතෙම දුටුවේය. (ඉදින්) මම කාය ද්වාරයෙන් කිසියම් ලෙශ මාත්‍රවූ අකුශලයකට නොපැමිණියේනම් ඒ මහණතෙම කායද්වාරයෙන් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට නොපැමිණියේනම් ඒ මහණතෙම කායද්වාරයෙන් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා නොදක්නේය. යම් හෙයකින් වනාහි මම කායවාරයෙන් කිසියම් ස්වල්ප මාත්‍රවූ ඇවතකට පැමිණියෙම්ද, එහෙයින්ම ඒ මහණතෙම කයින් කිසියම් ස්වල්ප මාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මා දුටුවේය. ඒ භික්‍ෂුතෙම කයින් කිසියම් ලෙශමාත්‍රවූ ඇවතකට පැමිණෙන්නාවූ මා දැක නොසතුටු සිත් ඇත්තේ විය. නොසතුටු සිත් ඇත්තේම ඒ මහණතෙම නොසතුටු සිතින් යුත් වචන මට කීවේය. ඒ භික්‍ෂුව විසින් නොසතුටු සිතින් යුත් වචන කියන ලද්දාවූ මම නොසතුටු සිත් ඇත්තේ වීමි. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයෙමි. මෙසේ ඒ අධිකරණයෙහිවූ අපරාධය තෙම මාම මැඩගෙන ඉක්මවා ගියේය. (කෙසේදයත්) තීරුව ගෙවිය යුතු තැන පසුකොට තීරුව නොගෙවා ගෙණ ගිය භාණ්ඩයක් නිසා තීරුව දිය යුතු අය (තමා කළ) ඒ අපරාධයෙන් මඩිනු ලබන්නාක් මෙනි.´´

´´මහණෙනි, මෙසේ ඇවතටද පැමිණියාවූ මහණතෙම මනාකොට තෙමේම පරීක්‍ෂා කෙරෙයි. මහණෙනි, චොදක භික්‍ෂු තෙමේ මනාකොට තෙමේම තමන් කෙසේ නම් පරීක්‍ෂා කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි චෝදක භික්‍ෂුතෙම මෙසේ පරීක්‍ෂා කෙරෙයි. (කෙසේද?) වරදකළ මේ භික්‍ෂුතෙම වනාහි කාය ද්වාරයෙන් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණියේය. කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ ඒ මේ මහණ (මම) දුටුයෙමි. මේ මහණතෙම කයින් කිසියම් ලෙශමාත්‍රවූ අකුශලයකට ඉදින් නොපැමිණියේ නම්, කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිනෙන්නාවූ මේ මහණ (මම) නොදක්නෙමි. යම් හෙයකින් වනාහි මේ මහණතෙම කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණියේද, එහෙයින්ම කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මේ මහණ (මම) දුටුයෙමි. කයින් කිසියම් ලේශමාත්‍රවූ අකුශලයකට පැමිණෙන්නාවූ මේ මහණ දැක (මම) නොසතුටු සිත් ඇත්තේ වීමි. නොසතුටු සිත් ඇත්තේම මම මේ මහණහුට නොසතුටු සිතින් යුත් වචන කීයෙමි. මේ මහණතෙම විසින් නොසතුටු තෙපුල් කියනලද්දේම නොසතුටු සිත් ඇත්තෙක් වූයේය. නොසතුටු සිත් ඇත්තේම අනුන්ට කීයේය. මෙසේ භාණ්ඩයක් නිසා (වරදට පැමිණි) සුංවත් දෙන්නෙකු මැඩගෙණ (තමා කළ අපරාධය) යන්නාක් මෙන් මා කළ දෙයෙහි දෝෂය මා ම මැඩගෙණ සිටියේය´ කියායි.

´´මහණෙනි, මෙසේ චොදක භික්‍ෂු තෙම (වනාහි) තමාම තමන් ප්‍රත්‍යවෙක්‍ෂා කෙරෙයි.

´´මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි (ඇවැත්) භික්‍ෂුතෙමේද, චොදක භික්‍ෂුතෙමේද, මනාකොට තමාම තමන් ප්‍රත්‍යවෙක්‍ෂා නොකරත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්‍ඝභාවයට, රළුබස් ඇතිබවට, අතින් පයින් පහරදීම් ආදියට පැමිනෙන්නේයයිද, භික්‍ෂු තුමූත් සැපසේ වාසය නොකරන්නාහුයයිද අවශ්‍යයෙන් බලාපොරොත්තු විය යුතුයි. මහණෙනි, යම් අධිකරණයෙක්හි ඇවතට පැමිණි භික්‍ෂු තෙමේද, චොදක භික්‍ෂු තෙමේද, මනාකොට තුමූද තමන් ප්‍රත්‍යවෙක්‍ෂා කෙරෙත්ද, මහණෙනි, ඒ අධිකරණය දීර්‍ඝභාවයට, රළුබස් ඇති බවට, අත් පා ආදියෙන් පහරදීම් ආදී කර්‍කශ භාවයට නොපැමිණෙන්නේයයිද, භික්‍ෂූහුත් සැපසේ වාසය කරන්නාහුයයිද, අවශ්‍යයෙන් බලාපොරොත්තු විය යුතුයි.´´

6. අධම්මචරියා සූත්‍රය.

එකල්හි (නාම ගොත්‍රයෙන් අප්‍රසිද්ධවූ) එක්තරා බ්‍රාහ්මණයෙක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ (සතුටුසාමීචි) කථාව ඉවරකොට, එකත් පසෙක හුන්නාවූ ඒ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැලකෙළේය.

´´භවත් ගෞතමයන් වහන්ස, මෙලොව යමක් හේතුකොටගෙණ ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපදිත් නම්, ඒ හේතුව කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?´´

´´බ්‍රාහ්මණය, අධර්‍මචය්‍ර්‍යාව හේතුකොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.´´

´´භවත් ගෞතමයන් වහන්ස, එසේනම් යමක් හේතුකොටගෙණ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත් නම්, ඒ හේතු කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?´´

´´බ්‍රාහ්මණය, ධර්‍මචය්‍ර්‍යා නම් සමචය්‍ර්‍යාව හේතුකොට ගෙණ මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සුගති නම් ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.´´

´´භවත් ගෞතමයන් වහන්ස, (නුඹ වහන්සේගේ දේශනාව) ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් යම්සේ උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ එළිදරව් කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ ඔසවන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද සරණ යෙමි. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.´´

7. ජාණුස්සොණි සූත්‍රය.

එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවූයේය. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ (සතුටු සාමීචි) කථාව ඉවරකොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ඒ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේය.

´´භවත් ගෞතමයන් වහන්ස, මෙලොව යමක් හේතුකොටගෙණ ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, විනිපාත නම්වූ, නරකයෙහි උපදිත් නම්, ඒ හේතුව කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?´´

´´බ්‍රාහ්මණය, කරණලද බැවින්ද, නොකරණලද බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.´´

´´භවත් ගෞතමයන් වහන්ස, එසේනම් යමක් හේතුකොටගෙණ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති සංඛ්‍යාතවූ ස්වර්‍ග ලෝකයෙහි උපදිත් නම්, ඒ හේතු කවරේද, ඒ ප්‍රත්‍යය කවරේද?´´

´´බ්‍රාහ්මණය, කරණලද බැවින්ද, නොකරණලද බැවින්ද මෙසේ මෙලොව ඇතැම් සත්ත්‍වයෝ ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, සුගති නම්වූ, ස්වර්‍ග ලෝකයෙහි උපදිත්.´´

´´භවත් ගෞතමයන් වහන්සේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාවූ, විස්තර වශයෙන් අත්‍ර්‍ථය විභාග නොකරණ ලද්දාවූ, මේ ධර්‍මයාගේ අර්‍ථය විස්තර වශයෙන් මම නොදනිමි. භවත් ගෞතමයන් වහන්නේ විසින් සංක්‍ෂෙපයෙන් වදාරණ ලද්දාවූ, විස්තර වශයෙන් අත්‍ර්‍ථය විභාග නොකරණ ලද්දාවූ, මේ ධර්‍මයාගේ අත්‍ර්‍ථය විස්තර වශයෙන් යම්සේ මම දැනගනිම්ද, ඒ භවත් ගෞතම තෙම මට ධර්‍මය දේශනා කරණ සේක් නම් ඒ ඉතා මැනව.´´

´´බ්‍රාහ්මණය, එසේවීනම් අසව. මනාකොට මෙනෙහි කරව. කියන්නෙමි.´´ ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ, ´´පින්වතුන් වහන්ස, එසේ යහපතැ´´ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවත් තෙමේ මේ වදාළසේක.

´´බ්‍රාහ්මණය. මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේ වේද. කාය සුචරිතය නොකරණ ලද්දේ වේද. වාග් දුශ්චරිතය කරණ ලද්දේ වේද. වාග් සුචරිතය නොකරණ ලද්දේ වේද. මනෝ දුශ්චරිතය කරණලද්දේ වේද. මනෝ සුචරිතය නොකරණ ලද්දේ වේද. බ්‍රාහ්මණය. මෙසේ වනාහි කළ බැවින්ද නොකළ බැවින්ද මෙඍේ මෙලොව ඇතැම් ඍත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්‍ගති නම්වූ, විනිපාත නම්වූ නිරයෙහි උපදිත්. බ්‍රාහ්මණය. මෙලොව ඇතැමෙකු විසින් කාය සුචරිතය කරණ ලද්දේ වේද. කාය දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. වාග් සුචරිතය කරණ ලද්දේ වේද. වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. මනෝ සුචරිතය කරණලද්දේ වේද. මනෝ දුශ්චරිතය නොකරණ ලද්දේ වේද. බ්‍රාහ්මණය. එපරිද්දෙන් කරණ ලද හෙයින්ද, නොකරණ ලද හෙයින්ද, මෙඍේ මෙලොව ඇතැම් ඍත්ත්‍වයෝ ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ, ස්වර්‍ග නම්වූ, ලෝකයෙහි උපදිත්.´´

´´භවත් ගෞතමයන් වහන්ස, (නුඹ වහන්සේගේ දේශනාව) ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් යම්සේ උඩුකුරුකොට තබන්නේද, වසන ලද්දක් යම්සේ එළිදරව් කරන්නේද, මංමුළාවූවෙකුට යම්සේ මාර්‍ගය කියන්නේද, ඇස් ඇත්තාහු රූපයන් දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් යම්සේ ඔසවන්නේද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද කරණ යෙමි. භවත් ගෞතම තෙමේ අද පටන් දිවිහිම්කොට සරණ ගියාවු උපාසකයෙකුකොට මා දරණ සේක්වා.´´

8. ආනන්‍දපණ්හ සූත්‍රය.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවත් බුදුරජ යම් තැනෙක්හිද, එහි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මනාකොට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. ´´ආනන්‍දය, කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි මම කියමි.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, නොකටයුතුවූ ඒ කරණු ලබන කල්හි කිනම් දෝෂයක් අවශ්‍යයෙන් ඇති වන්නේද?´´

´´ආනන්‍දය, මා විසින් යම් මේ කාය දුශ්චරිතයද, වාග් දුශ්චරිතයද, මනො දුශ්චරිතයද, ඒකාන්තයෙන් නොකටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, නොකටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආදීනවය අවශ්‍යයෙන් ඇතිවිය යුතුයි. (කුමක්ද?) තෙමේද තමන්ට දෝෂ කියයි. දැන නින්‍දා කරත්. (තමන් පිළිබඳ) ලාමකවූ කීර්ති ශබ්දයක් වෙඍෙඍින් උඍ්ව පැනනගී. ඍිහිමුළාව මැරෙයි. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ. දුර්‍ගති නම්වූ. විනිපාත නම් වූ නරකයෙහි උපදී. ආනත්‍දය. මවිඍින් යම් මේ කායදුශ්චරිතයද වාග්දුශ්චරිතයද. මනොදුශ්චරිතයද. ඒකාන්තයෙන් නොකටයුතුය යි ප්‍රකාශ කරණ ලද්දේද, එය කරණු ලබන කල්හි මේ දෝෂය තෙම අවශ්‍යයෙන් විය යුතුයි.

´´ආනන්‍දය, මම කායසුචරිතයද, වාග්සුචරිතයද, මනොසුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි කියමි.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කාය සුචරිතයද, වාග් සුචරිතයද, මනො සුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි කවර ආනිසංසයක් බලාපොරොත්තු විය යුතුද?´´

´´ආනන්‍දය, මා විසින් යම් මේ කායසුචරිතයද, වාග්සු්චරිතයද, මනොසුචරිතයද, ඒකාන්තයෙන් කටයුතුයයි ප්‍රකාශ කරණ ලද්දේද, කටයුතුවූ එය කරණු ලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තු විය යුතුයි. (කුමක්ද?) තෙමේද තමන්ට දොස් නොකියයි. නුවණැත්තෝ දැන ප්‍රශංසා කෙරත්. යහපත්වූ කීර්ති ශබ්දයක් වෙඍෙඍින් උඍ්ව පැනනඟී. ඍිහිමුළා බවක් නැතිව කළුරිය කෙරෙයි. ශරීරයාගේ භෙදයෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති ස්වර්‍ග ලෝකයෙහි උපදී. ආනත්‍දය. මවිඍින් යම් මේ කායසුචරිතයද වාග්සුචරිතයද. මනොසුචරිතයද. ඒකාන්තයෙන් කටයුතුය යි ප්‍රකාශ කරණ ලද්දේද, එය කරණු ලබන කල්හි මේ ආනිසංසය බලාපොරොත්තු විය යුතුයි.´´

9. අකුසලප්පහාන සූත්‍රය.

´´මහණෙනි, අකුසලය දුරුකරව්. මහණෙනි, අකුසලය දුරුකිරීමට හැක්කේය. මහණෙනි, ඉදින් අකුසලය දුරුකිරීමට නොහැකිවන්නේනම්, ´´ මහණෙනි, අකුසලය දුරුකරව්.´´ යයි මම මෙසේ නොකියමි. මහණෙනි, යම්හෙයකින් වනාහි අකුසලය දුරුකරන්ට හැකි වන්නේද, එහෙයින්ම, ´´ මහණෙනි, අකුසලය දුරුකරව්.´´ යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ අකුසලය දුරුකරණ ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවත්නේ නම්, ´´ මහණෙනි, අකුසලය දුරුකරව්.´´ යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම් හෙයකින් අකුසලය හිත පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම, ´´ මහණෙනි, අකුසලය දුරුකරව්.´´ යයි මම මෙසේ කියමි.´´

10. කුසලභාව සූත්‍රය.

´´මහණෙනි, කුසලය වඩව්. මහණෙනි, කුසලය වඩන්නට හැක්කේය. මහණෙනි, ඉදින් කුසලය වඩන්නට නොහැකිවන්නේනම්, ´´ මහණෙනි, කුසලය වඩව්.´´ යයි මම මෙසේ නොකියන්නෙමි. මහණෙනි, යම්හෙයකින් වනාහි කුසලය වඩන්නට හැක්කේද, එහෙයින්ම, ´´ මහණෙනි, කුසලය වඩව්.´´ යයි මම මෙසේ කියමි. මහණෙනි, මේ කුසලයද වඩන ලද්දේ අවැඩ පිණිස, දුක් පිණිස පවත්නේ නම්, ´´ මහණෙනි, කුසලය වඩව්.´´ යයි මම නොකියන්නෙමි. මහණෙනි, යම් හෙයකින් වනාහි කුසලය වඩන ලද්දේ වැඩ පිණිස, සැප පිණිස පවතීද, එහෙයින්ම, ´´ මහණෙනි, කුසලය වඩව්.´´ යයි මම මෙසේ කියමි.´´

11. සම්මොස සූත්‍රය.

´´මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: වරදවා ගන්නා ලද පාලි පදයද, වරදවා පමුණුවන ලද්දාවූ අත්‍ර්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, පිළිවෙල වරදවා ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අත්‍ර්‍ථයද දුකසේ දැනගත යුතුය. මහණෙනි, මේ ධර්මයෝ දෙදෙන වනාහි සද්ධර්‍මශාසනයාගේ විනාශය පිණිස, අතුරුදන්වීම පිණිස, පවතිත්.´´

12. අසම්මොස සූත්‍රය.

´´මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතිත්. කවර දෙදෙනෙක්ද යත්: පිළිවෙළ නොයික්මවා ගන්නා ලද දෙශනා පාලියද, පරිපාටිය නොපෙරළා ගන්නා ලද අත්‍ර්‍ථයද යන දෙදෙනයි. මහණෙනි, මනාකොට ගන්නා ලද්දාවූ පදව්‍යඤ්ජනයාගේ අත්‍ර්‍ථයද මනාකොට දත හැකි වේ. මේ ධර්මයෝ දෙදෙන වනාහි ශාසනයාගේ චිරස්ථිය පිණිස, අවිනාශය පිණිස, අතුරුදන්නොවීම පිණිස, පවතිත්.´´

(දෙවෙනි අධිකරණ වර්‍ගය නිමි.)

1. කම්මකාරක වර්‍ගය.

1. වජ්ජ සූත්‍රය.

´´මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි, භාග්‍යවතුන් වහන්සේ, ´මහණෙනි,´ යි කියා භික්‍ෂූන් ඇමතූහ. ´ස්වාමීනි´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

´´මහණෙනි, මේ දෙදෙන දොෂ (අපරාධ) යෝ වෙත්. කවර දෙදෙනෙක්ද යත්, මේ ආත්මයෙහි උපදින විපාක ඇති (දෘෂ්ටධර්මක) දොෂයද, පරලෙව්හි උපදින විපාක ඇති (සම්පරායික) දෝෂයද (යන දෙකයි.)

´´මහණෙනි, දෘෂ්ටධර්මික දෝෂය කවරේද?

´´මහණෙනි, මෙලොව රජවරු (නිලධාරීහු) අපරාධකාරීවූ සොරෙකු අල්වාගෙන නොයෙක් කම්කටුළු කරවත්නම් (එබඳු සොරා) ඇතැමෙක් දකී.

´´(රාජපුරුෂයෝ ඔහුට) කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. (ඔහුගේ) අතද, සිඳිත්. පයද කපත්. අත්පාද සිඳිත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හිස් කබල උපුටා රත්වූ යගුළි හිස තුළ බහාලීමද කරත්. හිස (හක්ගෙඩියක්) මෙන් මුඩුකිරීමද කරත්. මුඛය විවෘතකොට ඇතුළෙහි පහක් දැල්වීමද කරත්. තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීමද කරත්. අතෙහි තෙල් රෙදි වෙළා ඒ පහනක් මෙන් දැල්වීමද කරත්. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම් උපුටා යොතින් බැඳ ඇදීමද කරත්. බෙල්ල පටන් කටිය දක්වාද, කටිය පටන් ගොප් මස දක්වාද සම උගුළුවා, වැහැරි සිවුරක් සේ පැළඳවීමද කරත්. දෙ දණ, දෙ වැලමිටිවල යකඩ වලලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරත්. දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටාලීමද කරත්. මුලු සිරුර කහවණු පමණට කැපීමද කරත්. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තන්හි කොස්සෙන් කාරම් ඉසීමද කරත්. භූමියෙහි තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරත්. සිවි සම නොසිඳෙන සේ දාගලින් ඇට සුනු කොට ශරීරය පිදුරු වැටියක් මෙන් තළාදැමීමද කරත්. රත්වූ තෙලෙන්ද සිරුර ඉසිත්. බල්ලන් ලවාද කවත්. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්.

´´මේ කම්කටොලු දක්නා තැනැත්තාහට මෙබඳු සිතක් වෙයි.

´´ලාමකවූ (පාප) කර්මයන්ගේ හේතුවෙන්, මහණෙනි, මෙලොව රජවරු (නිලධාරීහු) අපරාධකාරීවූ සොරෙකු අල්වාගෙන නොයෙක් කම්කටුළු කරවත්නම් (එබඳු සොරා) ඇතැමෙක් දකී.

´´(රාජපුරුෂයෝ ඔහුට) කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. (ඔහුගේ) අතද, සිඳිත්. පයද කපත්. අත්පාද සිඳිත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හිස් කබල උපුටා රත්වූ යගුළි හිස තුළ බහාලීමද කරත්. හිස (හක්ගෙඩියක්) මෙන් මුඩුකිරීමද කරත්. මුඛය විවෘතකොට ඇතුළෙහි පහන් දැල්වීමද කරත්. තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීමද කරත්. අතෙහි තෙල් රෙදි වෙළා ඒ පහනක් මෙන් දැල්වීමද කරත්. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම් උපුටා යොතින් බැඳ ඇදීමද කරත්. බෙල්ල පටන් කටිය දක්වාද, කටිය පටන් ගොප් මස දක්වාද සම උගුළුවා, වැහැරි සිවුරක් සේ පැළඳවීමද කරත්. දෙ දණ, දෙ වැලමිටිවල යකඩ වලලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරත්. දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටාලීමද කරත්. මුලු සිරුර කහවණු පමණට කැපීමද කරත්. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තන්හි කොස්සෙන් කාරම් ඉසීමද කරත්. භූමියෙහි තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරත්. සිවි සම නොසිඳෙන සේ දාගලින් ඇට සුනු කොට ශරීරය පිදුරු වැටියක් මෙන් තළාදැමීමද කරත්. රත්වූ තෙලෙන්ද සිරුර ඉසිත්. බල්ලන් ලවාද කවත්. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්.

´´මමද මෙබඳුවූ පාප කර්මයක් කරන්නේ නම් මා ද රජවරු ගෙණ මෙබඳුවූ නා නා ප්‍රකාරවූ කම්කටුළු කරවන්නහුය.

´´(රාජපුරුෂයෝ ඔහුට) කසවලින්ද තළත්. වේවැල්වලින්ද තළත්. මුගුරුවලින්ද තළත්. (ඔහුගේ) අතද, සිඳිත්. පයද කපත්. අත්පාද සිඳිත්. කණද කපත්. නාසයද කපත්. කන් නාසා දෙකමද කපත්. හිස් කබල උපුටා රත්වූ යගුළි හිස තුළ බහාලීමද කරත්. හිස (හක්ගෙඩියක්) මෙන් මුඩුකිරීමද කරත්. මුඛය විවෘතකොට ඇතුළෙහි පහන් දැල්වීමද කරත්. තෙල් රෙදිවලින් වෙලා ගිනි දැල්වීමද කරත්. අතෙහි තෙල් රෙදි වෙළා ඒ පහනක් මෙන් දැල්වීමද කරත්. බෙල්ල පටන් ගොප් ඇටය දක්වා හම් උපුටා යොතින් බැඳ ඇදීමද කරත්. බෙල්ල පටන් කටිය දක්වාද, කටිය පටන් ගොප් මස දක්වාද සම උගුළුවා, වැහැරි සිවුරක් සේ පැළඳවීමද කරත්. දෙ දණ, දෙ වැලමිටිවල යකඩ වලලු දමා යවුලෙන් බිම සිටුවා ගින්නෙන් පිරිවරාලීමද කරත්. දෙපස මුවැති බිලියෙන් ගසා සම් නහර උපුටාලීමද කරත්. මුලු සිරුර කහවණු පමණට කැපීමද කරත්. සිරුර ආයුධයෙන් කපා ඒ ඒ තන්හි කොස්සෙන් කාරම් ඉසීමද කරත්. භූමියෙහි තබා කන් සිදුරෙහි යවුල් ගසා කරකැවීමද කරත්. සිවි සම නොසිඳෙන සේ දාගලින් ඇට සුනු කොට ශරීරය පිදුරු වැටියක් මෙන් තළාදැමීමද කරත්. රත්වූ තෙලෙන්ද සිරුර ඉසිත්. බල්ලන් ලවාද කවත්. ජීවත්ව සිටියදී හුළෙහි හිඳුවත්. කඩුවෙන්ද හිස සිඳිත්.

´´හෙතෙම මේ ආත්මයෙහි විපාක දෙන දෝෂයට බියවූයේ අනුන්ගේ බඩු පැහැර ගනිමින් නොහැසිරෙයි. මහණෙනි, මේ මේ ආත්මයෙහි විපාකදෙන දෝෂයයි කියනු ලැබේ.

´´මහණෙනි, පරලොව විපාක ඇත්තාවූ දෝෂය කවරේද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මෙසේ නුවණින් සලකා බලයි. (කෙසේද) ´කාය දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. වාග් දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මනො දුශ්චරිතයාගේ ලාමකවූ විපාකය වනාහි පරලෙව්හි වේ. මම වනාහි කයින් දුශ්චරිත කරන්නෙම්නම්, වචනයෙන් දුශ්චරිත කරන්නෙම් නම්, සිතින් දුශ්චරිත කරන්නෙම් නම්, යම් හෙයකින් මම ශරීරයාගේ භේදයෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇත්තාවූ, විකාරව වැටෙන්නාවූ නරකයෙහි නූපදින්නෙමි නම්, එසේ වීමට කිනම් කරණයක් ඇද්ද, හෙතෙම (මෙසේ) සලකා පරලෙව්හි විපාක ඇති දෝෂය ගැන බියපත්වූයේ කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාග් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදුවූ ආත්මයක් පරිහරණය කෙරෙයි.

´´මහණෙනි, මේ පරලෙව්හි විපාක ඇති දෝෂයයි කියනු ලැබේ. මහණෙනි, මේ දෙක වනාහි දෝෂයෝ වෙත්. මහණෙනි, එහෙයින් මේ කාරණයෙහිදී තොප විසින් මෙසේ හික්මිය යුතුයි. මේ ආත්මභාවයෙහි විපාක ඇත්තාවූ දෝෂයට බියවන්නෙමු. පරලොවෙහි විපාක ඇත්තාවූ දෝෂයට බිය වන්නෙමු. වරදට බියවන ස්වභාව ඇත්තෝ වරදෙහි බිය දක්නා ස්වභාව ඇත්තෝ වන්නෙමු´ යි (කියායි.)

´´මහණෙනි, තොප විසින් මෙසේ හික්මියයුතුයි. මහණෙනි, වරදෙහි බියවන සුළුවූ, වරදෙහි බිය දක්නා සුළුවූ තැනැත්තෝ සියලු වරදින් මිදෙත් යන මේ කාරණය අවශ්‍යයෙන් සිදුවිය යුත්තෙකි.

2. පධාන සූත්‍රය.

´´මහණෙනි, ලොව ලබාගැනීමට දුෂ්කරවූ මේ වීය්‍ර්‍යයෝ දෙදෙනෙක් වෙත්. ඒ කවර දෙදෙනෙක්ද යත්, ගිහිගෙයි වාසය කරන්නාවූ ගිහියන් විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් (වාසස්ථාන), ගිලන්පස, බෙහෙත් පිරිකර යන මේ පසය සපයාගනු පිණිස යම් වීය්‍ර්‍යයක් වේනම් (එයද) ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූවන්ගේ සියලු ආශාවන්ගේ බැහැරලීමයයි කියනලද නිර්‍වාණය පිණිස යම් වීය්‍ර්‍යයකුත් වේ නම් එයද (යන මේ දෙකයි.)

´´මහණෙනි, ලොව මේ වීය්‍ර්‍යය දෙක වනාහි ලබා ගැනීමට දුෂ්කර වෙත්. මහණෙනි, මේ වීය්‍ර්‍ය දෙක අතුරෙන් යම් මේ සියලු ආසාවන්ගේ දුරලීම පිණිස වීය්‍ර්‍යයක් වේද, මෙය අග්‍රයි. මහණෙනි, එහෙයින් මේ කරුණෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) (ස්කන්‍ධාදී) සියලු ආසාවන්ගේ බැහැරලීම පිණිස වීය්‍ර්‍යය කරන්නෙමු (යි කියායි.) මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

3. තපනීය සූත්‍රය.

´´මහණෙනි, (සිත්) තැවීම කරන්නාවූ මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. ඒ දෙදෙන කවරහුද යත්, මහණෙනි, මෙලොව ඇතැමෙකු විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේ වේද, කාය සුචරිතය නොකරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය කරණ ලද්දේ වේද, වාග් සුචරිතය නොකරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය කරණ ලද්දේ වේද, මනො සුචරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම, ´මා විසින් කාය දුශ්චරිතය කරණ ලද්දේය´ යි තැවෙයි. ´කාය සුචරිතය මවිසින් නොකරණ ලද්දේයය´ යි තැවෙයි. ´වාග් දුශ්චරිතය මවිසින් කරණ ලද්දේය´ යි තැවෙයි. වාග් සුචරිතය මවිසින් නොකරණ ලද්දේය´ යි .තැවෙයි. ´මනො දුශ්චරිතය කරණ ලද්දේය´ යි තැවෙයි. මනො සුචරිතය නොකරණ ලද්දේය´ යි තැවෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන වනාහි තැවීම කරන්නෝය.´´

4. අතපනීය සූත්‍රය.

´´මහණෙනි, (සිත්) තැවීම් නොකරන්නාවූ මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනක්ද යත්, මහණෙනි, මෙලොව ඇතැමෙක් විසින් කාය සුචරිතය කරණ ලද්දේ වේද, කාය දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, වාක් සුචරිතය කරණ ලද්දේ වේද, වාග් දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, මනො සුචරිතය කරණ ලද්දේ වේද, මනො දුශ්චරිතය නොකරණ ලද්දේ වේද, හෙතෙම, ´මවිසින් කාය සුචරිතය කරණ ලද්දේය´ යි නොතැවෙයි. ´මවිසින් කාය දුශ්චරිතය නොකරණ ලද්දේයය´ යි නොතැවෙයි. ´ මවිසින් වාක් සුචරිතය කරණ ලද්දේය´ යි නොතැවෙයි. ´මවිසින් වාග් දුශ්චරිතය නොකරණ ලද්දේය´ යි .නොතැවෙයි. ´ මවිසින් මනො සුචරිතය කරණ ලද්දේය´ යි නොතැවෙයි. ´මවිසින් මනො දුශ්චරිතය නොකරණ ලද්දේය´ යි නොතැවෙයි. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙන වනාහි තැවීම නොකරන්නෝ වෙත්.´´

5. උපඤ්ඤාත සූත්‍රය.

´´මහණෙනි, මම ධර්‍මයන් දෙදෙනෙක් අවබෝධ කෙළෙමි. කුශල ධර්‍මයන්හි යම් නොසතුටු බවක් වේද, පව් නැසීමට කරනු ලබන වීය්‍ර්‍යයෙහි යම් නොපසුබස්නා බවක් වේද, මහණෙනි, මම නොපසුබස්නා වීය්‍ර්‍ය ඇත්තේ වීය්‍ර්‍ය කරමි. (කෙසේද?)

´´ඒකාන්තයෙන් ශරීරයෙහි සමද, නහරද, ඇටද ඉතිරි වේවා´. මස් හා ලේ වියලේවා´. පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීය්‍ර්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීය්‍ර්‍යයාගේ තැවීමක් නොවන්නේය.

´´මහණෙනි, එසේ වූ මා විසින් සම්‍යක් සම්බොධිය අප්‍රමාදය නිසා අවබෝධ කරණ ලද්දීය. නිරුත්තරවූ යොගක්‍ෂෙමසංඛ්‍යාත නිර්‍වාණය අප්‍රමාදයෙන් අවබෝධ කරණ ලද්දේය.

´´මහණෙනි, ඒකාන්තයෙන් සිරුරෙහි සමද, නහරද, ඇටද ඉතිරිවේවා.´ මස් හා ලේ වියලේවා.´ පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීය්‍ර්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, යම් ගුණ සමූහයකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීය්‍ර්‍යයාගේ තැවීමක් නොවන්නේය´ (යිද කියා).

´´ඉදින් තෙපිද නොපසුබස්නා වීය්‍ර්‍යය කරන්නහු නම්, මහණෙනි, කුලපුත්‍රයෝ යම් ප්‍රයෝජනයක් ලබනු පිණිස මනාකොටම ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙත්ද, තෙපිත් (මග) බඹසර කෙළවරකොට ඇති උත්තරීතරවූ ඒ (අර්‍හත්‍වය) නොබෝ කලකින්ම, මේ ආත්ම භාවයෙහිම තෙපිම විශිෂ්ට ඥානයෙන් දැන, ප්‍රත්‍යක්‍ෂකොට ගෙණ, ඊට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි, එහෙයින් මේ කරුණෙහිලා (තොප විසින්) මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ඒකාන්තයෙන් ශරීරයෙහි සමද, නහරද, ඇටද ඉතිරිවේවා.´. මස් හා ලේ වියලේවා´. . පුරුෂ ශක්තියෙන්, පුරුෂ වීය්‍ර්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යමකට පැමිණිය යුතුද, ඊට නොපැමිණ වීය්‍ර්‍යයාගේ නැවැත්ම නොවන්නේය (යි සිතා) නොපසුබස්නා වීය්‍ර්‍යය කරන්නෙමුය´ යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.´´

6. සඤ්ඤොජනීය සූත්‍රය.

´´මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ (ඉපදීමසට හේතුවූ), ධර්මයන් කෙරෙහි යම්බඳුවූ පස්කම් රස විඳීම් වශයෙන් දක්නා ස්වභාවයක් වේද, සංයෝජනයන්ට ප්‍රත්‍යයවූ ධර්මයන් කෙරෙහි යම්බඳුවූ (කළකිරීම්) උකටලීම් වශයෙන් දක්නා ස්වභාවයක් වේද (යන මේ දෙදෙනයි.)

´´මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් පස් කම් රස විඳීම් වශයෙන් දක්නා ස්වභාවය ඇතිව වාසය කරණ තැනැත්තේ රාගය දුරු නොකරයි. ෙවෂය දුරු නොකරයි. මොහය දුරු නොකරයි. රාගය දුරු නොකොට, ෙවෂය දුරු නොකොට, මොහය දුරු නොකොට, ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, සොකයෙන්ද, වැළපීම්වලින්ද, කායක දුක්ඛයන්ගෙන්ද, චෛතසික දුඃඛයන්ගෙන්ද, දැඩි ආයාසයන්ගෙන්ද නොමිදෙයි. (හෙතෙම) සසර දුකින් නොමිදේයයි කියමි.

´´මහණෙනි, සංයෝජනයන්ට ප්‍රත්‍යවූ ධර්මයන් නිර්‍වෙද වශයෙන් දක්නා සුළුව වාසය කරණ තැනැත්තේ රාගය දුරු කරයි, ෙවෂය දුරු කරයි, මොහය දුරු කරයි. රාගය දුරු කොට, ෙවෂය දුරුකොට, මොහය දුරුකොට, ජාතියෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශොකයෙන්ද, වැළපීම්වලින්ද, කායික දුඃඛයන්ගෙන්ද, චෛතසික දුඃඛයන්ගෙන්ද, දැඩි ආයාසයන්ගෙන්ද මිදෙයි. (හෙතෙම) සසර දුකින් මිදේයයිද කියමි. මහණෙනි, මෙසේවූ ධර්මයෝ දෙදෙනෙක් වෙත්.´´

7. කණ්හ සූත්‍රය.

´´ මහණෙනි, කළුවූ, අකුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත්. (පව් කිරීමෙහි) ලජ්ජා රහිත භාවයද, (පව් කිරීමෙහි) බිය නොවන භාවයද වෙත්. මහණෙනි, මේ ධර්ම දෙක කළුවූ ධර්මයෝයි.´´

8. සුක්ක සූත්‍රය.

´´මහණෙනි, සුදුවූ, කුසල්වූ මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර නම් දෙදෙනෙක්ද යත්, (පව් කිරීමෙහි) ලජ්ජාවද, (පව් කිරීමෙහි) බියද, යන දෙදෙනයි. මහණෙනි, මේ ධර්ම දෙක සුදුවූ ධර්මයෝ වෙත්.´´

9. චරියා සූත්‍රය.

´´ මහණෙනි, මේ සුදුවූ කුසල් ධර්‍මයෝ දෙදන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක්ද? ලජ්ජාවද, බියද (යන දෙකයි.) මහණෙනි, මේ සුදුවූ කුසල ධර්ම දෙක ලොව පාලනය නොකරන්නාහු නම්, මෙහි වැදු මව කියා හෝ, කුඩා මව කියා හෝ, නැන්දනිය කියා හෝ, ගුරුවරයාගේ භාය්‍ර්‍යාව කියා හෝ, ගරු කටයුත්තන්ගේ භාය්‍ර්‍යාවය කියා හෝ නොපෙණෙන්නේය. ලෝ වැසි තෙම එළුවන්, බැටළුවන් මෙන්ද, කුකුළන්, ඌරන් මෙන්ද, බලු, හිවලුන් මෙන්ද සංකරයට පැම්ණෙන්නේය. මහණෙනි, යම් හෙයකින් මේ සුදුවූ කුසල් ධර්ම දෙක ලොකයා පාලනය කෙරෙත්ද, එහෙයින් මව කියා හෝ, කුඩා මව කියා හෝ, නැන්දනිය කියා හෝ, ගුරුවරයාගේ භාය්‍ර්‍යාව කියා හෝ, ගරු කටයුත්තන්ගේ භාය්‍ර්‍යාව කියා හෝ හැඟීමක් ඇතිවන්නේය.´´

10. වස්සූපනායික සූත්‍රය.

´´මහණෙනි, මේ වස් එළඹීම් දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, පෙරවස් එළඹීමද, පසු වස් එළඹීමද යන දෙකයි. මහණෙනි, මේ දෙක වස් එළඹීම් වෙති.´´