3 සන්ථත බණ වර

1  ඒ කාලයෙහි විශාලා නුවර වූ බොහෝ වජ්ජි පුත.්‍රක භික්‍ෂූහු  ඇතිතාක් අනුභව කළාහුය. ඇතිතාක් නිදාත්තාහ. ඇතිතාක් නෑවාහුය. ඇතිතාක් කා, ඇතිතාක් නිදාගෙන  ඇතිතාක් නා නුනුවනින් මෙනෙහි කොට, සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්‍මයෙහි යෙදුනාහ. ඔවුහු මෑත කාලයෙහි ඤාතීන්ගේ විපතක්ද  සපර්‍ෂ කළාහු, රොග විපතක් ද සපර්‍ෂ කළාහු, ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත පැමිණ මෙසේ කියත්. ,ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, ස්වාමීනි, අපි බුදුන්වහන්සේට ගර්‍හා නො කෙළෙමු. ධර්‍මයට ගර්‍හා නො කෙලෙමු. සංඝයාට ගර්‍හා නො කෙළෙමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස. අපි තමාටම ගර්‍හා කරන ලද්දෝ වෙමු. අපි අන්‍යයෙකුට ගර්‍හා නො කරන ලද්දෝ වෙමු. අපි දෛව නැත්තෝ වෙමු. පින් නැත්තෝ වෙමු.  යම්බදු වු අපි මෙසේ මනා කොට වදාළ ධර්‍මයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණ පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්ට  නොහැකිවූමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු.  උපසම්පදාව ලබන්නෙමු. අපි දැනුදු විදර්‍ශනා කුශල ධර්‍මයන්ට පෙර පසු වූ බෝධි පක්‍ෂයෙහි වූ ධර්‍මයන් භාවනා කිරීමෙහි යෙදී සිටින්නෙමු  ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට  මේ කාරණය කියන්නෙහි නම් යහපත,.,ඇවැත්නි, එසේ යයි ,ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ විශාලා නුවර වජ්ජි පුත්‍රයන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ  යම් තැනකද එහි පැමිණියහ. පැමිණ,  භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ.

2  ,තථාගත තෙමේ ශ්‍රාවකයන්ට  පණවන ලද ශික්‍ෂාපදයක් වජ්ජීන් හෝ වජ්ජි පුත්‍රයන් නිසා හෝ අවලංගු කරන්නේය යන මේ කාරණ නොසිදු වේ.අවකාශ නැත.,ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි  මේ සිද්ධියෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතුසේක. , මහණෙනි, යම් භික්‍ෂුවක් සිල් බහා නො තබා දුර්‍වලකම් ප්‍රකාශ නොකොට මෛථුන ධර්‍මය  සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා නො කළ යුත්තේය.මහණෙනි යම් භික්‍ෂුවක් සිල්බහා තබා දුර්‍වල බව ප්‍රකාශ කොට මෛථුනය  සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා කළ යුතුය. මහණෙනි, මෙසේ වනාහි මේ ශික්‍ෂාපදය කියවව්.
,යම්කිසි මහණෙක් භික්‍ෂූන් අතර   අධි ශීල (මාර්‍ග ඵල) ශික්‍ෂාවෙහිද, පැනවූ ශික්‍ෂා පදයෙහිද  යුක්ත වූයේ සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නො කොට යටත් පිරිසෙයින්  තිරිසන්ගත ගැහැනු සතකු  සමගද මෛථුන ධර්‍මයෙහි හැසිරේද ( ඔහු ) පැරදුනු,  ආශ්‍රයට නුසුදුස්සෙකු වේ.,