5 මිශ්‍ර කථා

1  (1) ඒ කාලයේ එක්තරා භික්‍ෂුනමක් වැඳිරියක සමග (2) මෛථුන ධර්‍මයෙහි යෙදුනේය. ඔහුට සැකයක් ඇති විය (3) භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂා පදයක් පණවන ලදී. කිමෙක්ද,මම පාරාජිකා පාපයට පැමුණුනෙම්ද?. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකෙළේය. ,මහණෙනි, ඔබ පාරාජිකා ඇවතට පැමිනියෙහිය, .

2  එකල්හි වනාහි විශාලා මහනුවර බොහෝ වජ්ජිපුත්‍රක භික්‍ෂුහු සිල් බහා නො තබා දුර්‍වල බව ප්‍රකාශ නො කොට මෛථුන ධර්‍මය සේවනය කළාහුය. ඔවුන්ට සැකයක් පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපද පණවන ලදී. කිමෙක්ද? පාරාජිකා පාපයට පැමිණියාහුද , භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය. , මහණෙනි, තෙපි පාරාජිකා පාපයට පැමණියාහුය.,

3  එකල්හි වනාහි එක්තරා  භික්‍ෂුවක් , මෙසේ මට ඇවැත් නො වන්නේ යයි , ගිහිකමින් මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ඔහුට සැකයක් ඇති විය.( මෙහි1 ( 3 ))

4  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් . මෙසේ මට ඇවත් නො වන්නේයයි . වස්ත්‍ර නැතිව මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ඔහුට සැකයක් ඇතිවිය. ( මෙහි  1 (3)

5  (1) එකල්හි වනාහි  එක්තරා භික්‍ෂුවක් .මෙසේ මට ඇවැත් නොවන්නේයයි . ( 2 ) කුසතණ හැඳ ( මෙහි 1 ( 2 ) ( 3)

6  ( මෙහි 5 ( 1 ) යොදන්න. ) වැහැරි සිවුරු හැඳ ( මෙහි 1 ( 2) (3 )

7  ( මෙහි 5 (1) පතුරු සිවුරු හැඳ ( මෙහි 1(2)(3)

8  ( මෙහි 5 (1) හිසකෙස් වලින් වියූ වස්ත්‍රයක් හැඳ ( මෙහි 1(2) (3)

9   ( මෙහි 5 (1) සතුන්ගේ කෙඳි වලින් වියූ වස්ත්‍ර හැඳ ( මෙහි 1 (2 ) (3)

10  ( මෙහි 5 (1) බකමුහුණු පිහාටු ඇඳුමක් හැඳ ( මෙහි 1(2) ( 3)

11  ( මෙහි 5( 1) අඳුන් දිවිසමක් හැඳ  ( මෙහි (1) (2)(3)

12  එකල්හි වනාහි එක්තරා පිඩුපිණිස යන භික්‍ෂුවක් පුටුවක හොත් ගෑණු ළමයකු දැක කාමයෙහි ඇලුනේ ඇගිල්ල ස්ත්‍රී ලිංගයට ඇතුලත් කෙළේය. ඕ තොමෝ කලුරිය කළාය.ඔහුට සැකයක් ඇති විය. භාග්‍යවතුන්වහන්සේ විසින් ශික්ඛාපදයක් පනවන ලදී. කිමෙක්ද? මම පාරාජිකා පාපයට පැමුණුනෙම් ද? භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය සැළකළේය. , මහණ,ඔබ පාරාජිකාවට නොපැමිණියෙහිය සංඝාදිසෙස ඇවතට පැමිණියෙහිය.,

13  එකල්හි වනාහි එක්තරා තරුණයෙක් උත්පලවර්‍ණා භික්‍ෂුණිය සමග පිළිබඳ සිත් ඇත්තේ විය. ඉක්බිති ඒ තරුණ තෙමේ උත්පලවර්‍ණා භික්‍ෂුණිය ගමට පිඩු පිණිස වැඩි කල්හි කාමරයට වැද සැගවී  සිටියේය. උත්පලවර්‍ණා භික්‍ෂුණිය පසුබත් වේලෙහි පිණඩපාතයෙන් නැවතූනේ පය පිසදමා කාමරයට ඇතූල්ව ඇඳෙහි හිඳගත්තාය. ඉක්බිති ඒ තරුණ තෙම උත්පලවර්‍ණා භික්‍ෂුණිය ඔසවා ගෙන දූෂ්‍ය කෙළේය. උත්පලවර්‍ණා භික්‍ෂුණිය භික්‍ෂුණීන්ට මේ කාරණය දැන්වුවාය. භික්‍ෂුණීහු භික්‍ෂූන්ට කීවාහුය. භික්‍ෂූහු භාග්‍යවතූන් වහන්සේට මේ කාරණය දැන්වූවාහුය. ,මහණෙනි,සතූටු නොවන්නීට ඇවැත් නැත.,

14  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක්හට  සත්‍රී ලිංගයක් ඇතිවිය.භාග්‍යවතුන් වහන්සේ්ට මේ කාරණය සැළ කළාහුය. ,මහණෙනි, ඒ උපාධ්‍යායන්ම, ඒ උපසම්පදාවම, ඒ වස්ම භික්‍ෂුණීන් අතර ගණන් ගන්නට අවසර දෙමි. යම් ඇවතක් භික්‍ෂුන්ට භික්‍ෂුණීන් සහ  සමානද ඒ ඇවත් භික්‍ෂුණීන් සමීපයෙහි රකින්ට අනුදනිමි.යම් ඇවතක්  භික්‍ෂුන්ට භික්‍ෂුණීන් සමග අසමානද. ඒ ඇවතින් ඇවත් නොවේ .

15  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුණියක්හට පුරුෂ ලිංගයක් පහළවූයේය.  භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය. , මහණෙනි, ඒ උපාධ්‍යායන් වහන්සේම,   ඒ උපසම්පදාවම , ඒ වස්ම භික්‍ෂුන් සමග ගණින්නට සුදුසුය. යම් ඇවැත් කෙනෙක් භික්‍ෂුණීන්ට භික්‍ෂුන් හා සමානද ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.

16  (1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් .මෙසේ මට ඇවත් නො වන්නේයයි . (2) මව සමග ( මෙහි 1 (2) (3 ) )

17  (මෙහි 16 යොදන්න ,මව සමග , වෙනුවට  , දුව සමග , යොදන්න.)

18  ( මෙහි 16 යොදන්න ,මව සමග , වෙනුවට , නංගී සමග , යොදන්න.)

19  එකල්හි එක්තරා භික්‍ෂුවක් පෙර බිරිඳ සමග මෛථුන ධර්‍මය සේවනය කෙළේය. ( මෙහි 1 (2) (3)  )

20  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් නැමෙන පිටක් ඇත්තේය.හෙතෙම නො ඇලීමෙන් යුක්ත වූයේ තමාගේ රහසග කටින් ගත්තේය. ඔහුට සැකයක් විය.  ,මහණ,  ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

21  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් එල්ලෙන පුරුෂ නිමිති ඇත්තේ විය. හෙතෙම නො ඇලීමෙන් පෙලුනේ තමාගේ රහස් අවයවය මල මාර්‍ගයෙහි ඇතුල් කෙළේය.ඔහුට සැකයක් විය., මහණ,ඔබ පාරාජිකාවට පැමුණුනෙහිය.,

22  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ශරීරයක් දුටුවේය. ඒ ශරීරයෙහි ස්ත්‍රී නිමිත්ත සමීපයෙහි  වනයක් විය. හෙතෙම .මෙසේ මට ඇවත්    නො වන්නේයයි . නිමිත්තෙහි නිමිත්ත ඇතුල් කරවා වනයෙන් පිට කෙළේය.ඔහුට සැකයක් විය. , මහණ, තෝ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

23  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක්  ශරීරයක් දුටුවේය.ඒ ශරීරයෙහි අංඞගජාතය ළග වනයක් විය. හෙතෙම .මට මෙසේ ඇවැත් නොවන්නේයයි . වණයෙන් පුරුෂ අවයවය යවා නිමිත්තෙන් එලියට ගත්තේය. ඔහුට සැකයක් ඇතිවිය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

24  ,ඒ කාලයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජුවූයේ ඇන්ද චිත්‍රයක නිමිත්ත පුරුෂ නිමිත්තෙන් තද කෙළේය. ඔහුට සැකයක් පහළ විය. ,මහණ. පාරාජිකා ඇවත නොවේ දුකුලා ඇවැත්වේ.,

25  ඒ කාලයේ වනාහි එක්තරා භික්‍ෂුවක් කාමයෙහි ගිජු වුයේ ලී බෝනික්කකුගේ  රහස් අවයවය පුරුෂ නිමිත්තෙන් ස්ර්‍පෂ කෙළේය.ඔහුට සැකයක් ඇතිවිය. , මහණ, පාරාජිකා ඇවැත් නොවේ. දුකුලා ඇවැත් වේ.,

26  ඒ කාලයේ වනාහි සුන්දර නම් භික්‍ෂුවක්  රජගහ නුවරින් පැවිදි වූයේ වීථියෙහි යයි.එක්තරා සත්‍රියක් ,සවාමීණි, මොහොතක් නවතින්න, වඳින්නෙමියි කීවාය. ඕ තොමෝ වඳිමින් අඳනය ඔසවා කටින් පුරුෂ නිමිත්ත අල්වා ගත්තාය. ඔහුට සැකයක් විය.,මහණ, තොප ඉවසූයෙහිද?, ,භාග්‍යවතුන් වහන්ස,මම නො ඉවසූයෙමිය,කීවාය. , මහණ, නො ඉවසන්නාට ඇවැත් නොවේ.,

27  එකල්හි වනාහි එක්තරා සත්‍රියක් භික්‍ෂුවක් දැක , සවාමීණි, එනුමැනව මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි කීවාය, , නැගනිය, නොහැක. එය අකැපයයි කීවේය., , ස්වාමීන, එනුමැනව, මම ක්‍රීයා කරන්නෙමි. ඔබ ක්‍රියා නොකරන්න. මෙසේ ඔබට ඇවැත් නැතයි , කීවාය. ඒ මහණ, එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ, ඔබ පාරාජිකා ඇපත්තියට පැමිණුනෙහිය.,

28  ( 27 වෙනි ඡෙදයේ , කරන්නෙමි, යන්නට , නො කරන්නේමි  , කියාද ,නොකරන්න, යන්නට , කරන්න , කියාද වෙනස් කර යොදා ගත යුතු)

29  ( 27 ඡෙදයේ , මම ක්‍රියා කරන්නෙමි, ඔබ ක්‍රියා නො කරන්න ,යන්නට, ඇතුලෙහි හප්පා පිටත පිට කරන්න, කියා වෙනස් කර යොදා ගත යුතුයි )

30  ( 27 ඡෙදයේ ,මම ක්‍රියා කරන්නෙමි .ඔබ ක්‍රියා නො කරන්න , යන්නට   ,පිටත හප්පා ඇතුලේ  පිට කරන්න. , කියා වෙනස් කර යොදා ගත යුතුයි.)

31  ඒ කාලයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් නොදිරූ ශරීරයක් දෑක ඊට මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. ඔහුට සැකයක් විය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට අසුවූයෙහිය.,

32  ( 31 යොදන්න ,නොදිරු, යන්න ,බොහෝසේ නොදිරු, කියා වෙනස් කර යොදා ගත යුතූය.)

33  ( 31 යොදන්න ,නොදිරු, යන්නට ,බොහෝ සේ දිරු , කියා වෙනස් කර යොදා ගත යුතූය.)

34  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් හිස සිඳුන මළ කඳක් දැක වස්ත්‍රයෙන් වැසූ කටෙහි රහස් අවයවය සපර්‍ශ කරමින් ඇතූල් කෙළේය. ඔහුට සැකයක් ඇති විය.,මහණ, ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය,.

35  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් සොහොනට ගොස් සිඳුනු හිසක් දැක වස්ත්‍රයකින් වැසූ කටෙහි පුරුෂ නිමිති ස්පර්‍ශ නොකර ඇතූල් කෙලේය. ඔහුට සැකයක් පහළ විය. ,මහණ, පාරාජිකා ඇවත නොවේ. දුකුලා නම් ඇවැත්වේ.,

36  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් එක්තරා ස්ත්‍රියක් සමග ආලය සහගත සිත් ඇත්තේ වේ. ඕ තොමෝ කලුරිය කළාය. සොහොනෙහි දමන ලද්දීය. ඇට විසුරුණාහු වෙත් ඉක්බිති ඒ මහණ තෙම සොහොනට ගොස් ඇට එකතු කොට පුරුෂ නිමිත්තෙන් ස්ත්‍රී අවයවය පිළියෙල කළේය. ඔහුට සැකයක් විය. ,මහණ, ඔබට පාරාජිකා ආපත්තිය නොවේ.දුකුලා නම් ඇවැත වේ ,

37  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් නාග මානවිකාවක් සමග මෛථුන ධර්‍මය සේවනය කළේය. ඔහුට සැකයක් පහළ විය. .මහණ, ඔබ පාරාජිකා ඇවතට අසුවූයේය..

38  ( 37 යොදන්න ,නාගමා නවිකාවක් , යන්නට ,යක්‍ෂණියක් , කියා වෙනස් කර යොදාගත යුතුයි. ´

39   (37 යොදන්න ,නාග මානවිකාවක් , යන්නට ,ප්‍රේතියක්, කියා වෙනස් කරන්න.´

40   (37 යොදන්න,නාග මාණ්විකාවක් ,යන්නට ,නපුංසකයෙකු, කියා වෙනස් කරන්න.´

41   එකල්හි වනාහි  එක්තරා භික්‍ෂුවක් කසන ලද ඉඳුරන් ඇත්තේ විය. හෙතෙම ,මම සැපක් හෝ දුකක් හෝ නොදනිමි මට ඇවැත් නොවන්නේයයි , මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූවාහුය. ,මහණෙනි, ඒ හිස් පුරුෂයා දත්තේ හෝ නොදත්තේ හෝ පාරාජිකා ඇවතට පැමුණුනේය.,

42  එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් ස්ත්‍රියකට මෛථුන ධර්‍මයෙහි හැසිරෙමියි ස්පර්‍ශ කළ කෙණෙහි පසුතැවිලි විය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදීසේස ඇවත වේ.,

43  (1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක්  භද්දිය රට ජාතිය වනයෙහි දවල් වාසය පිණිස ගොස් වැද හොත්තේවේ. ඔහුගේ අවයව වාතයෙන් තදවූයේ වේ.එක්තරා ස්ත්‍රියක් දැක පුරුෂ නිමිත්තෙහි හිඳගෙන කැමතිතාක් උපක්‍රම කොට ගියාය. භික්ෂූහු තෙත්වීම දැක භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ. (2) ,මහණෙනි ක්‍රම පහකින් රහස් අවයවය කර්‍මන්‍යවෙයි. ආශාවෙන්ද, මළ නිසා ද, මුත්‍ර නිසා ද, වාතයෙන් ද, කුඩා දළඹු වර්‍ගයේ සතූන් දෂ්ට කිරීමෙන් ද, යන මෙයිනි.මහණෙනි, මේ ආකාර පසින් පුරුෂ නිමිත්ත කර්‍මන්‍යවේ. යම් හෙයකින්  යම් භික්‍ෂුවකගේ ලිඞගය කර්‍මන්‍යවේද මහණෙනි. ඊට හේතු නැත. අවකාශ නැත. මහණෙනි. හෙතෙම රහත් භික්ෂුවයි. මහණෙනි. ඒ භික්ෂුවට ඇවැත් නැත.

44  (1) එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් සැවැත්නුවර අන්‍ධ වනයෙහි දවල් වාසයට ගියේ වැද හොත්තේ වේ. (2 ) එක්තරා ගොපලු ස්ත්‍රියක් දැක (3 ) ලිඞගයෙහි වාඩිවූවාය. ඒ මහණතෙම ඇතුල්කිරීම ඉවසුවේය. ඇතුල්වීම ඉවසුවේය. තිබීම ඉවසුවේය. ගැනීම ඉවසුවේය. ඔහුට සැකයක් විය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනෙහිය.,

45  ( මෙහි 44 (1) යොදන්න´  එක්තරා එලුවන් රකින්නියන් දැක) මෙහි 44.( 3)

46  (මෙහි 44  (1) යොදන්න) දර ගෙනෙන්නියක් දැක. (මෙහි 44 (3) )

47  (මෙහි 44  (1)  යොදන්න) ගොම ගෙනෙන්නියක් දැක (මෙහි 44 (3) )

48  එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර  මහා වනයෙහි දවල් වාසයට ගියේ වැද හොත්තේ විය.  එක්තරා ස්ත්‍රියක් දැක ලිඞගයෙහි හිඳ ඇතිතාක් උපක්‍රම කොට කිට්ටුව සිනාසෙමින් සිටියාය.ඒ මහණ තෙම පිබිදී ඒ ස්ත්‍රියට ,මේ වැඩේ කළේ ඔබදැයි , ඇසීය. ,එසේය. මාගේ වැඩක් යයි , කීවාය. ඔහුට සැක සිතුනේය. (භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වීය. , මහණ. ඔබ ඉවසුවේ දැයි , ඇසූ සේක. ,භාග්‍යවතුන් වහන්ස. මම නොදනිමි., .මහණ. නොදන්නාහට ඇවැත් නැත..

49  එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර මහා වනයෙහි දවල් වාසයට ගියේ ගසකට හේත්තුවී වැද හොත්තේවේ. එක්තරා ස්ත්‍රියක් දැක ලිඞගයෙහි වාඩිවූවාය. ඒ මහණ වහා නැගිට්ටේය. ඔහුට සැකයක් විය. (2) ,මහණ. ඔබ ඉවසුවේද?, ,භාග්‍යවතුන් වහන්ස. මම නො ඉවසූයෙමි., ,මහණ. නො ඉවසන්නාට ඇවැත් නැතැයි ,වදාළේය.

50  (මෙහි 49 යොදන්න. ,වහා නැගිට්ටේය.,යත්තට ,පෑගී වැටුණේය.,කියා වෙනස් කර යොදා ගතයුතුය.)

51  එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් විශාලානුවර මහා වනයෙහි කුටාගාර ශාලාවෙහි දවල් වාසය කිරීමට පැමිණියේ. දොරහැර වැද හොත්තේ වේ. ඔහුගේ අවයව වාතයෙන් තදවූවාහූවෙත්. එකල්හි වනාහි විහාරය බලන බොහෝ ස්ත්‍රීහු සුවඳ ද මල් ද රැගෙන විහාරයට ගියෝය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඒ භික්ෂුව දැක ලිඞගයෙහි වාඩිවී ඇතිතාක් උපක්‍රමකොට ඒකාන්තයෙන් මේ තෙමේ උතුම් පුරුෂයෙකැයි කියා සුවඳ ද මල් ද පටවා ගියාහුය. භික්‍ෂූහු තෙත්වූවහු දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකලාහුය.(මෙහි 49 (2) යොදන්න.) මහණෙනි. දවල් නිදන්නහු විසින් දොර වසා නිදන්නට කියමි.,

52  එකල්හි වනාහි භාරුකචඡ දේශවාසී එක්තරා භික්ෂුවක් සිහිනෙන් පෙර බිරිඳට මෛථුන ධර්‍මයෙහි හැසිර මම ශ්‍රමණයෙක් නොවෙමි. සිව්රු හරින්නෙමියි. භාරුකචඡ රටට යන්නේ. අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක මේ කාරණය සැළ කළාය. ආයුෂ්මත් උපාලි තෙමේ ,ඇවැත්නි. සිහිනෙන් ඇවැත් නැතැයි කීයේය.,

53 එකල්හි වනාහි රජගහනුවර සුපබ්බා නම් උපාසිකාවක් හිස් ශ්‍රද්ධාවන්තියක් වෙයි. (2) ඕ තොමෝ යමෙක් මෛථුන ධර්‍මය දේද ඕ තොමෝ අග්‍රදානය දෙන්නීයයි. මෙවැනි දෘෂ්ටියක් ඇත්තීවෙයි. ඕ තොමෝ භික්‍ෂුවක් දැක ,ස්වාමීනි. වඩින්න මෛථුන ධර්‍මය සේවනය කරන්නැයි, කීවාය. ,නැගණිය. නොසුදුසුය මෙය කැප නැතැයි, කීවේය. (3) ,ස්වාමීනි. වඩිනු මැනව.දෙකලවා අතරෙහි ගටන්න මෙසේ ඔබට ඇවැත් නොවන්නේයයි,කීවාය. ඒ භික්‍ෂුව එසේ කළේය. ඔහුට සැකයක් පහළ විය.,මහණ. පාරාජිකා ඇවත නොවේ. සංඝාදිසෙස ඇවතවේ.,

54 ( 53 1,2, හා 3 දෙකලවා අතරෙහි යන්නට බුරියෙහි (මෙහි 53 (2) යොදන්න.),බුරිය, යන්නට ,බඩේ, කියා වෙනස්කර යොදාගන්න.)

55   (මෙහි 54 ,බුරියේ,වෙනුවට ,කිසිල්ලේ, යොදන්න.)

56   (මෙහි 54 ,බුරියෙහි, වෙනුවට ,බෙල්ලෙහි, යොදන්න.)

57  (මෙහි 54  ,බුරියෙහි, වෙනුවට ,කන් සිදුරෙහි, යොදන්න.)

58   (මෙහි 54  ,බුරියෙහි, වෙනුවට ,කෙස් වැටියෙහි, යොදන්න.,

59  (මෙහි 54  ,බුරියෙහි, වෙනුවට,ඇගිලි අතරෙහි,යොදන්න.)

60   (මෙහි 54 රජගහ යන්නට සැවැත් කියාද.සුපබ්බ වෙනුවට සද්ධා කියාද. බුරියෙහි යන්නට කලවා අතරෙහි කියාද වෙනස්කර යොදාගත යුතුය.,

61  (මෙහි 53 රජගහ. සුපබ්බා බුරියෙහි යන තුනට සැවැත්.සඞා. අතින් උපක්‍රමකොට මුදවන්නෙමි කියා වෙනස්කර යොදාගතයුතුයි.)

62  එකල්හි වනාහි විශාලානුවර ලිච්ඡවි කුමාරයෝ භික්‍ෂුවක් ගෙන භික්‍ෂුණියකට වැරැද්ද වූවාහුය.දෙදෙනම ඉවසූහ. දෙදෙනම නැසිය (පැරදිය) යුතුය. දෙදෙනම නො ඉවසූවහු ද දෙදෙනාටම ඇවැත් නැත.

63  (මෙහි 62 ,භික්‍ෂුණියකට, වෙනුවට ,හික්මෙන්නියකට, යොදන්න.)

64  (මෙහි 62 ,භික්‍ෂුණියකට, වෙනුවට ,සාමණෙරියකට, යොදන්න.)

65  (මෙහි 62 ,භික්‍ෂුණියකට, වෙනුවට ,වෙශාවකට, ,නපුංසකයෙකුට, ,ගෘහිණියකට, කියාවෙනස් කර යොදාගත යුතුයි.)

66  (62  මෙහි ,භික්‍ෂුණියකට, යන්න වෙනුවට ,භික්‍ෂුවක් ගෙන ඔවුනොවුන් , කියා වෙනස් කරගත යුතුයි.)

67  එකල්හි වනාහි එක්තරා මහලු පැවිදි භික්‍ෂුවක් පෙර බිරිඳ දක්නට ගියේය. ඕ තොමෝ ,ස්වාමීනි. එන්න සිවුරු හරින්නැයි, අල්වා ගත්තීය. ඒ භික්‍ෂුව ආපසු එන්නේ උඩුකුරුව වැටුනේය. ඕ තොමෝ මතුවී ලිඞගයෙහි වාඩි විය. ඔහුට සැකයක් පහළ විය. (මෙහි 49 (2) යොදන්න.)

68 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් කැලේ වාසය කරයි. මුව පැටවෙක් උන්වහන්සේ මුත්‍ර කරන තැනට විත් මුත්‍ර බොන්නේ ලිඞගය කටින් ඩැහැගත්තේය. ඒ භික්‍ෂුව ඉවසුවේය.ඔහුට සැකයක් විය.භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ ප්‍රකාශ කරලීය. ,මහණ. ඔබ පාරාජිකා ඇවතට පැමුණුනේය.,

(ප්‍රථම පාරාජිකාව නිමි)

4 පදභාජනිය

1  යමෙක් වනාහි  යනු  යම් බඳු  යම් සේ යෙදුනු යම් ජාති ඇති , යම් නමක් ඇති, යම් ගෝත්‍රයක් ඇති,   යම් ස්වභාවයක් ඇති, යම් සේ වාසය කරණ, යම් සේ ආශ්‍රය කරන, සථවිර නමක් හෝ නවක නමක් හෝ මධ්‍යම නමක් හෝ යන මේ තෙමේ යමෙක් වනාහි යයි කියනු ලැබේ.

2  . භික්‍ෂුව යනු ඉල්වානුයි භික්‍ෂූ නමි.  පිඩු සිඟීමට පැමිණියේනුයි  භික්‍ෂු නමි. කඩන ලද වස්ත්‍ර  ( මසා ) දරානුයි භික්‍ෂු නමි. නාමයෙන් භික්‍ෂු නමි. පිළි ගැනීමෙන් භික්‍ෂු නමි. . එව මහණයි. භික්ඛු  නම් වේ. සරණාගමන තුනින් උපසම්පදා වූයේයි භික්‍ෂු නම් වේ. යහපත් භික්‍ෂුව, අරටු ඇති  භික්‍ෂුව, හික්මෙන  භික්ඛු හික්වීමට නුවූවමනා භික්‍ෂුව සමගි සංඝයා විසින් ඥත්තිය ( දැනුම් දීම )  සතරවෙනි කොට ඇති නො වරදිනසුලු  තැනට සුදුසු උපසම්පදාවෙන් උපසම්පදා වූයේයයි භික්ඛු නම් වේ. එහි යම් මේ භික්‍ෂුවක්  නොවරදින තැනට සුදුසු ලෙස පැවති ඥත්තිය සතරවැනි කොට ඇති උපසම්පදාවෙන් උපසම්පදා වූ  මේ තෙමේ මේ අර්‍ථයෙහි  අදහස් කරන භික්‍ෂුව නම් වේ.

3  ශික්‍ෂා යනු තුන් හික්වීමයි  ශ්‍රේෂ්ඨ ශීලය, ශෙ.්‍රෂ්ඨ සිත ශ්‍රේෂඨ ප්‍රඥාව යන තුන වේ. එහි මේ ශ්‍රේෂඨ  ශික්‍ෂාව මේ අර්‍ථයෙහි අදහස් කරන හික්මීමයි .

4  .සමග පැවැත්ම .යනු භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ශික්‍ෂාපදයක් පතවන ලද්දේද, මෙය  සාජීව නම්. එහි හික්මෙයි. එහෙයින් මනා පැවැත්මට පැමුණුනේය  යනුයි.

5  . සිල් බහා නොතබා දුර්‍වල බව නොපෙන්නා. යනු මෙහි .මහණෙනි, දුර්‍වල බව ප්‍රනාශ කිරීමක්ද ඇත්තේය, සිල් බහා  නො තැබීමක් ද ඇත්තේය, මහණෙනි, දුර්‍වල බව ප්‍රකාශ කිරීමක්ද ඇත්තේය, සිල් බහා තැබීමක්ද ඇත්තේය, මහණෙනි, කෙසේ නම් දුර්‍වල බව ප්‍රකාශ කිරීමද සිල් බහා නො තැබීමද වේ ද? (2) මහණෙනි, මේ ශාසනයෙහි මහණ   තෙමේ කළකිරුණේ නො ඇලුනේ  ශ්‍රමණ භාවයෙන් චුතවනු කැමත්තේ භික්‍ෂු බව පෙලනු ලබන්නේ , භික්‍ෂු බවට ලජ්ජා වන්නේ, භික්‍ෂු බව පිළිකුල් කරන්නේ , ගිහි බව පතන්නේ උපාසක බව පතන්නේය. ආරාමයේ වැඩපල කරන්ට බලාපොරොත්තු වන්නේ සාමණේර බව පතන්නේ තීර්‍ථක බව පතන්නේ, තීර්‍ථක ශ්‍රාවක බව, ශ්‍රමණයෙකු නොවන බව පතන්නේ, ශාක්‍යපුත්‍ර (2) නොවන බව පතන්නේ .මම  බුදුන් අත්හරින්නෙම් නම්  යහපත්යයි. කියයි.හගවයි. මහණෙනි, මෙසේ දුර්‍වල බව ප්‍රකාශ කිරීමද ශික්‍ෂා බහා නො තැබීමද වේ.

6  නැවතද වනාහි කලකිරුනේ නො ඇලුනේ ( මෙහි 5 (2) යෙදීමේදී. බුදුන් අත්හරින්නෙම් නම් යහපත් යයි. වෙනුවට .ධර්‍මය අත්හරින්නෙම් නම්. කියා වෙනස් කර යොදා ගත යුතුය.)

7  ( මෙහි 6 යෙදීමේදී .බුදුන් .යන්නට .සංඝයා .කියා වෙනස් කර  යොදා ගත යුතුයි )

8  මම සිල් බහා තබන්නේ නම්  යහපකැයි කියයි. අගවයි. ( 9- 23 දක්වා ඡෙද අගට,යහපතැයි,කියයි අගවයි  , යෙදිය යුතුයි.)

9  මම විනය අත්හරින්නෙම් නම්-

10  මම ප්‍රාතිමොක්‍ෂය (හික්වීම් රාශිය  ) අත්හරින්නෙම් නම් –

11  මම ඉගෙණීම අත්හරින්නෙම් නම් –

11 මම උපාධ්‍යායයන් ( අවවාද දෙන්නන් ) අත්හරින්නෙම් නම් –

12 මම ගුරුවරයා අත්හරින්නෙම් නම්-

13 එකට වසන්නා අත්හරින්නෙම් නම් –

14 මම ගෝලයා අත්හරින්නෙම් නම්-

15 මම අවවාද දෙන සමාන ගුරුවරයෙකු ඇත්තා අත්හරින්නෙම් නම් –

16 මම සමාන ආචාය්‍ර්‍යවරයෙකු ඇත්තා අත්හරින්නෙම් නම්-

18  මම සමාන සිල් ඇත්තා අත්හරින්නෙම් නම් –

19  මම ගිහි වෙම් නම් –

20  මම උපාසකයෙක් වන්නෙම් නම් –

21  මම ආරාමයෙහි කෙනෙක් වන්නෙම් නම්-

22  මම සාමණෙරයෙක් වන්නෙම් නම් –

23  මම තීර්‍ථක ශ්‍රාවකයෙක් වන්නෙම් නම්-

24  මම ශාක්‍ය පුත්‍රයෙක් නොවන්නේ නම් යහපතැයි  කියයි අගවයි. මහණෙනි, මෙසේ  දුර්‍වලකම ප්‍රකාශ කිරීම වේ. සිල් දුරු නොකළේ වේ.

25 ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේදී ,අත්හරින්නෙම් නම් යහපති ,වෙනුවට , ඉදින් මම අත්හරින්නෙමියි , යොදාගත යුතුයි ).

26 නැවතද වනාහි ( මෙහි  5 (2) සිට 24 දක්වා යෙදීමේදී  ,අත්හරින්නෙම් නම් යහපති,,  වෙනුවට ,ඉදින් මම අත්හරින්නෙම් දැයි  , යොදා ගත යුතුය ).

27 නැවතද වනාහි ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේ දී , අත්හරින්නෙම් නම් යහපත, වෙනුවට  ,එසේ නම් අත්හරින්නෙමියි , යොදා ගත යුතුය.)

28 (නැවතද වනාහි ( මෙහි 5 (2) සිට 24 දක්වා යෙදීමේදී , අත්හරින්නෙම් නම් යහපති., වෙනුවට  , එසේ නම් මාගේ අතහැරීම වෙයි ,යොදා ගත යුතුය.)

29 (1) නැවතද වනාහි කළකිරුනේ නො ඇලුනේ ශ්‍රමණ භාවයෙන් චුතවනු කැමත්තේ භික්‍ෂු භාවය පෙළනු ලබන්නේ භික්‍ෂු බවට ලජ්ජාවන්නේ භික්‍ෂු බව පිළිකුල් කරවන්නේ, ගිහි බව පතන්නේ, උපාසක බව පතන්නේ, ආරාමයෙහි වැඩපල කරන්නට බලාපොරොත්තු වන්නේ, සාමණේර බව පතන්නේ, තීර්‍ථක බව පතන්නේ ,තීර්‍ථක ශ්‍රාවක බව පතන්නේ, ශ්‍රාවකයෙකු නොවන  බව පතන්නේ, ශාක්‍ය පුත්‍ර නොවන බව පතන්නේ, (2) මව සිහි කරමියි කියයි අඟවයි. මහණෙනි, මෙසේ දුර්‍වල බව ප්‍රකාශ කිරීමද  ශික්‍ෂාව බහා නොතැබීමද වේ. (3) පියා සිහිකරමියි කියයි අඟවයි. ( මෙහි පහත දැක්වෙන වචන අගට ,සිහිකරමියි කියයි. අඟවයි, යොදන්න. ) සහොදරයා, නැගණිය, පුතා, දුව, භාය්‍ර්‍යාව, නෑයන්, මිත්‍රයන්,ගම්, නියම් ගම්,  කුඔුරු, ඉඩම්, අමු රන්, රුවන්, ශිල්පය, පෙර කරනලද හිනාව, කථාව, ක්‍රීඩාව සිහිකරමියි කියයි අඟවයි. මහණෙනි, මෙසේද වනාහි දුර්‍වලකම ප්‍රකාශ කිරීමද සිල් අත් නො හැරීමද වේ.

30 නැවතද වනාහි ( මෙහි 29 (1) (2) යෙදීමේදී , සිහි කරමියි ,වෙනුවට ,ඇත. මා විසින් පොෂ්‍ය කටයුතුයයි , යොදා ගත යුතුය.)

31  මාගේ පියා ඇත. හෙතෙම මා විසින් පොෂ්‍ය කට යුතුයයි කියයි අගවයි.(මෙහි පහත දැක්වෙන වචන අගට ,මා විසින් පොෂ්‍ය කටයුතුයයි කියයි අඟවයි , යොදන්න.) මාගේ සහොදරයා  ඇත, හෙතෙම මාගේ නැගණිය ඇත, ඕතොමෝ මාගේ පුත්‍රයා ඇත, හෙතෙම මාගේ දියණිය ඇත, ඈ මාගේ භාය්‍ර්‍යාව ඇත, ඈ මාගේ නෑයෝ ඇත, ඔවූහු  මාගේ මිත්‍රයෝ ඇත . මහණෙනි, මෙසේද දුර්‍වලකම ප්‍රකාශ කිරීමද වේ. ශීක්‍ෂා පද අත් නොහැරියේ වේ.

32 නැවතද වනාහි ( 29 (2) යෙදීමේදී, සිහි කරමි , වෙනුවට , ඇත ඈ මා පොෂ්‍ය කරන්නේය, යොදා ගත යුතුයි.)

33  මාගේ පියා ඇත . හෙතෙම ( මේ වාක්‍ය අගට , මා පොෂණය කරන්නේයයි කියයි අගවයි., යොදන්න.) මගේ සහොදරයා ඇත  හෙතෙම -මගේ නැගණිය ඇත,  ඈ- මගේ දුව ඇත, ඈ- මාගේ භාය්‍යර්‍ූාව ඇත, ඈ- මාගේ නෑයෝ ඇත, ඔවුහු -මගේ මිත්‍රයෝ ඇත, ඔවුහු-මගේ ගම ඇත, ,ඉන්ද මා ජීවත් වෙමියි, කියයි අඟවයි, යොදන්න.)  මගේ නියම් ගම ඇත- මගේ කුඔුර ඇත- මගේ ඉඩම් ඇත- මගේ අමු රන් ඇත- රුවන් මට ඇත- මගේ ශිල්පය ඇත- මහණෙනි, මෙසේද දුර්‍වල බව ප්‍රකාශකිරීමද වෙයි. සිල්ද අත්හැරියේ නොවේ.

34 නැවතද වනාහි ( 29 ( 1 ) යොදා ගත යුතුයි ) දුෂ්කර යයි  කියයි අගවයි. පහසු නො වේයයි මේ වාක්‍ය අගට . කියයි අගවයි. යොදන්න ) දුක සේ හැසිරෙන්නෙමියි-සුවසේ නො හැසිරෙමියි- උත්සාහ නො කරමියි- නො හැක්කෙමියි- ආශා නැතැයි- නො ඇලෙමියි- මහණෙනි, මෙසේ ද වනාහි දුර්‍වල බව ප්‍රකාශ කිරීම ද ශික්‍ෂාව අත්හැරීම ද වේ.

35-46  ,මහණෙනි, කෙසේ නම් දුර්‍වලකම ප්‍රකාශ කිරීම ද සිල් අත්හැරීම වේ ද?  මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (මෙහි 5 (2 ) සිට 24 ඡෙද දක්වා ,අත් හරින්නෙම් නම්,වෙනුවට ,අත්හරින්නෙම් ද, බහා නොතැබීම, වෙනුවට, බහා තැබීම, යොදා ගත යුතුයි ) මහණෙනි, මෙසේද වනාහි දුර්‍වලකම ප්‍රකාශ කිරීමද සිල් අත්හැරීමද වේ.

47 නැවත ද වනාහි  (29- (1) යොදා ගත යුතුයි) මට බුදුන්ගෙන් වැඩක් නැතැයි කියයි, අගවයි. ( 6 සිට 18 දක්වා ඡෙදවල , අත්හරින්නෙම් නම්, වෙනුවට ,ගෙන් වැඩක් නැත,යොදා ගත යුතුයි. ) මහණෙනි, මෙසේ ද වනාහි දුර්‍වල කම ප්‍රකාශ කිරීම ද සිල් අත් හැරීම ද වේ.

48 නැවත ද වනාහි ( 29 (1) යොදා ගත යුතුයි ) බුදුන් කිනම් ප්‍රයොජන දැයි කියයි අඟවයි. (මෙහි 6 සිට 18 ඡෙද වල  , අත්හරින්නේ නම් , වෙනුවට , ගෙන් කිනම් ප්‍රයෝජන ද, යොදා ගත යුතුයි.)

49 නැවත ද වනාහි 29 (1 ) යොදන්න ) බුදුන්ගෙන් මට වැඩක් නැතයි කියයි අඟවයි .  (මෙහි 6 සිට 18  දක්වා ඡෙදයන්හි  ,අතහරින්නෙම් නම්,වෙනුවට , ගෙන් මට වැඩක් නැත, යොදා ගත යුතුයි

50 නැවතද වනාහි (29 (1) යොන්න ) මම බුදුන්ගෙන් මිදුනෙමි කියයි, අගවයි (මෙහි 6-18 දක්වා ඡෙදවල, අත්හරින්නෙම් නම් , වෙනුවට, ගෙන් මිදුනෙමි,  යෙදා ගත යුතුයි )

51  අනිකුදු යම් බුදුන්ට සමාන නම් ඇතිවෙත් නම් හෝ ( මේ වචන අගට , සමාන නම් ඇති වෙත් නම් හෝ, යොදන්න)  ධර්‍මයට- සංඝයාට- සිල්වලට- විනයට-ශික්‍ෂාපදවලට- ඉගෙනීමට-උපාධ්‍යායන්ට-ආචාය්‍ර්‍යයන්ට-එකට වාසය කරන්නන්ට-ගෝලයින්ට- එකසමාන  උපාධ්‍යායයන්ට-එකසමාන ගුරුවරුන්ට- සමාන සිල්රකින්නන්ට- ගිහියන්ට-උපාසක යන්ට-ආරාමයේ සිටින අයට – සාමණේරයන්ට- තීත්‍ර්‍ථකයන්ට – තීත්‍ර්‍ථකයන්ගේ ශ්‍රාවකයන්ට-ශ්‍රමණ නො වන්නන්ට -ශාක්‍ය පුත්‍ර නො වන්නන්ට- ඒ ආකාරයෙන් ඒ සලකුණේන් ඒ කරුණින් කියයි, අඟවයි. මහණෙනි, මෙසේ වනාහි දුර්‍වල කම ප්‍රකාශ කිරීමද ශික්‍ෂාව අත්හැරීමද වේ.

52  මහණෙනි,   සීලය කෙසේ අත්නොහැරියේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම  යම් ආකාරයකින්, යම් සලකුණකින්,  යම්  කරුණකින්, සිල් අත්හළේ වෙයිද, ඒ ආකාරයේ ඒ සලකුණෙන්, ඒ කරුණින් පිස්සෙක් සිල් අත්හරියි ද  සිල් අත් නොහැරියේ වෙයි. (මෙහි පහත දක්වන වාක්‍ය අගට ,සිල් අත් නො හැරියේ වෙයි, යොදන්න ) පිස්සෙකු ළග සිල් අත්හරියි ද-විසුරුණු සිත් ඇත්තෙක් සිල් අත්හරියි ද – විසිරුණු සිත් ඇති කෙනෙකු ළග සිල් අත්හරියි ද-වේදනාවෙකින් පෙලුනේ සිල් අත්හරියිද-වේදනාවෙන් පෙලෙන්නෙකු ළග සිල් අත්හරියි ද-දේවතාවෙකු සමීපයේ සිල් අත්හරියි ද-තිරිසන් ගත සතෙකු ඉදිරියෙහි සිල් අත්හළේ ද- අශීලාචාරයෙකු ඉදිරියේ සිල් අත්හළේ ද – හෙතෙම නො පිළිගනී ද-අශීලාචාරයෙකු විසින් උසස් අයෙකු සමීපයෙහි සිල් අත්හරියි ද- ඔහු ද නො පිළිගනී ද-උසස් අයෙකු උසස් අයෙකු සමීපයේ සිල් අත්හළේ ද හෙතෙම නො පිළිගනී ද-අශීලාචාරියෙකු අශීලාචාරියෙකු සමීපයේ සිල් අත්හළේද  හෙතෙම නො පිළිගනීද-ක්‍රීඩා පිණිස සිල් අත්හරී ද-ශබ්දය පිණිස සිල් අතහරියි ද- නො අස්වනු කැමැත්තේ අස්වයි- අස්වනු කැමැත්තෙන් නො අස්වයි -නුවණ නැත්තෙකුට අස්වයි ද- ඤාණවන්තයාට නො අස්වයි-සියල්ල හෝ නො අස්වයිද සිල් අත් නො හළේ වේ. මහණෙනි , මෙසේ වනාහි සිල් අත් නො හැරියේ වේ.

53  මෛථුන ධර්‍මය නම් යම් ඒ වරුදි ධර්‍මයක් ඇද් ද, ගම්මුන්ට අයිති දෙයක් ඇද් ද, නීච ධර්‍මයක් ඇද් ද, නපුරු ආශ්‍රය කෙළේ ද, ලාමක දෙයක් කොට ඇත්තේද, දෙදෙනෙකුගේ රහස් එක්වීමක් වේ ද,  මේ මෛථුන ධර්‍මය වේ,

54  සේවනය කරයි යනු හෙතෙම සත්‍රී නිමිත්තෙන් පුරුෂනිමිත්ත පුරුෂ ලිඞ්ගයෙන් සත්‍රී ලිඞගය යටත් පිරිසෙයින් තල ඇටක් පමණ කුදු ඇතුල් කරයි ද මේ තෙමේ ප්‍රවිෂට කරයි නම් වේ.

55 ,යටත් පිරිසෙයින් තිරිසන්ගත ගැහැණු සතකු සමග ද , යනු තිරිසන්ගත සත්‍රියෙකු සමග ද මෛථුන ධර්‍මය සේවනය කොට ශ්‍රමණයෙකු නොවන බවට යේ. ශාක්‍යපුත්‍ර නොවන බවටයේ. මනුෂ්‍ය ස්ත්‍රියෙකු ගැන කියනුම කවරේ ද?  එහෙයින් යටත්පිරිසෙයින් තිරිසන්ගත ගැහැණු සතෙකු සමගය කිය යුතු.

56 , පැරදුනේ වේ,යනු යම් සේ පුරුෂයෙක්  තෙම හිස සිඳුනේ ඒ ශරීරයෙන් ජීවත් වීමට නො හැක්කේද, මහණ තෙම එසේම මෛථුන ධර්‍මයෙහි හැසිර ශ්‍රමණ නොවූවෙක් ශාක්‍ය පුත්‍ර නොවූවෙක් වේ.  එහෙයින් පැරදුනේ වේ.

57 , එක්වීමට නො සුදුසුය, යනු එක්වීම නම් එකට විනය කර්‍මය, එකටඉගෙනීම, සමාන සිල් ඇති බව වේ. මේ එකට විසීමයි. එය ඔහු සමග නැත, එහෙයින් එක්වීමට නො සුදුසු යයි කියනු ලැබේ.

58  සත්‍රීවරු තුන් දෙනෙකි. මනුෂ්‍ය සත්‍රිය, අමනුෂ්‍ය සත්‍රිය, තිරිසන් සත්‍රිය යන තුන් දෙනයි. සත්‍රි පුරුෂ නිමිති දෙකම ඇති සත්‍රීවරු තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය,තිරිසන් කියායි. නපුංසකයෝ තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය තිරිසන් කියායි. පුරුෂයෝ තුන්දෙනෙකි.මනුෂ්‍ය අමනුෂ්‍ය තිරිසන් කියායි.

59 මනුෂ්‍ය ස්ත්‍රියකගේ (2) මල මාර්‍ගය, මූත්‍ර මාර්‍ගය, කට යන මාර්‍ග තුනෙහි මෛථුන ධර්‍මය සෙවනය කරන්නාට පාරාජිකා පාපය වේ. (3 ) අමනුෂ්‍ය සත්‍රියකගේ මෙහි (2)තිරිසන් ගත සත්‍රියකගේ මෙහි (2) මනුෂ්‍යවූ සත්‍රී පුරුෂ නිමිති දෙකම ඇත්තකුගේ (මෙහි (2 ) අමනුෂ්‍ය වූ සත්‍රි පුරුෂ නිමිති දෙකම ඇත්තකුගේ ( මෙහි ( 2 ) තිරිසන් ගත වු සත්‍රීපුරු නිමිති දෙකම ඇත්තෙකුගේ ( මෙහි (2) මනුෂ්‍ය නපුංසකයකුගේ (4) මල මාර්‍ගය කට යන මාර්‍ග දෙකෙහි මෛථුන සේවනය කරන්නාට පාරාජිකා පාපය වේ. අමනුෂ්‍ය නපුංසකයෙකුගේ ( 3) තිරිසන්ගත නපුංසක යෙකුගේ ( මෙහි (3) මනුෂ්‍ය පුරුෂයෙකුගේ ( මෙහි (3) අමනුෂ්‍ය පුරුෂයෙකුගේ (මෙහි (3) තිරිසන්ගත පුරුෂයෙකුගේ ( මෙහි (3)

60  (1) භික්‍ෂුවට සේවනය කිරීමේ සිතක් උපන් කල්හි මනුෂ්‍ය සත්‍රීයකගේ (2) මල මාර්‍ගයේ (3) පුරුෂ නිමිත්ත ඇතුල් කරන්නාට පාරාජිකා පාපය වේ. (4) (මෙහි (1) යොදන්න) මුත්‍ර මාර්‍ගයේ (3) යොදන්න) (මෙහි (1) යොදන්න ) කටෙහි ( මෙහි (3) යොදන්න) මේ ඡේදයේ , මනුෂ්‍ය , වෙනුවට , අමනූෂ්‍ය ,කියා යොදා ගත යුතුය) ( මේ ඡේදයේ ,මනුෂ්‍ය , වෙනුවට ,තිරිසන් ,යොදා ගතයුතුයි) ( මේ ඡේදයේ , මනුෂ්‍ය සත්‍රියකගේ , වෙනුවට ,මනුෂ්‍ය වු සත්‍රි පුරුෂ නිමිති ඇත්තෙකුගේ , යොදාගතයුතුයි. ) මෙහි .මනුෂ්‍ය සත්‍රියකගේ . වෙනුවට . අමනුෂ්‍ය වූ සත්‍රිපුරුෂ  නිමිති  ඇත්තෙකුගේ. යන්න යොදන්න ) මනුෂ්‍ය සත්‍රියකගේ වෙනුවට . තිරිසන්ගත සත්‍රීපුරුෂ නිමිති ඇත්තෙකුගේ. යොදාගත යුතුයි )
61 භික්‍ෂුවට සේවනය කරන සිත උපන් කල්හි මනුෂ්‍ය නපුංසකයෙනුගේ (මෙහි 59 (2 ) යොදාන්න )

62  භික්‍ෂුන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුව සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්.හෙතෙම ඉඳින් ඇතුල් කිරීම ඉවසයිද, ඇතුල්වීම ඉවසයිද, තිබීම ඉවසයි,ද ගැනීම ඉවසයිද පාරාජිකා පාපය වේ.

63  භික්‍ෂූන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුව සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතල්විම ඉවසයිද,  තිබීම ඉවසයිද , ගැනීම ඉවසයිද පාරාජිකා පාපය වේ

64  භික්‍ෂුන්ට විරුදධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කරීම නො ඉවසයිද, ඇතුල්වීම නො ඉවසයිද, තැබීම ඉවසයිද, ගැනීම ඉවසයිද. පාරාජිකා පාපය වේ.

65 භික්‍ෂුන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවිත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩ හිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතුල් වීම නො ඉවසයිද, තිබීම නො ඉවසයිද , ගැනීම ඉවසයිද පාරාජිකා වේ.

66 භික්‍ෂූන්ට විරුද්ධ කරුවෝ මනුෂ්‍ය සත්‍රියක් භික්‍ෂුවක් සමීපයට ගෙනවුත් මල මාර්‍ගයෙන් පුරුෂ නිමිත්ත උඩහිඳුවත්. හෙතෙම ඉඳින් ඇතුල් කිරීම නො ඉවසයිද, ඇතුල්වීම නො ඉවසයිද,  සිටීම නො ඉවසයිද, ගැනීම නො ඉවසයිද ඇවත් නො වේ.

67-71 ( මෙහි 62-66 ඡෙදවල ,මල , යනු වෙනුවට ,මුත්‍රා , යනු යොදන්න ) 72-76 (62-66 ඡෙදවල , මල , වෙනුවට ,කටින් ,යනු යොදන්න )

77-91( මෙහි 62-76 ඡෙදවල , මනුෂ්‍ය සත්‍රියක් , වෙනුවට ,නොනිඳා සිටින මනුෂ්‍ය සත්‍රියක්, යොදා ගත යුතුයි )
(මෙතැන්  සිට ඡේද 15 න් 15 ට ඡේද 62-76 යෙදීමේදී ,මනුෂ්‍ය ස්ත්‍රියක් ,වෙනුවට යෙදිය යුතු වචනය සඳහන් කරනු ලැබේ.)

92-106 ,මනුෂ්‍යසත්‍රියක් ,වෙනුවට ,නිදිගත් සත්‍රියක් , යොදාගත යුතුය.

107 -121 මත්වු සත්‍රියක්

122-136 උමතු වු සත්‍රියක්

137-151 විශේෂයෙන් මත් වු සත්‍රියක්

152-166 මැරුනු නො දිරුණු සත්‍රියක්

167-181 මරුනු බොහෝ සෙයින් නොදිරුණු සත්‍රියක්

182-197 මැරී බොහෝ සේ දිරා ගිය සත්‍රියක් (, පාරාජිකා පාපය, වෙනුවට ,ථුලසි නම් ඇවත වේ. යන්න යොදා ගත යුතු)

198-212 අමනුෂ්‍යසත්‍රියක්

213 -227 තිරිසන් ගත සත්‍රියක්

228-242 මනුෂ්‍ය ස්ත්‍රි නිමිති පුරුෂ නිමිති ඇති සත්‍රියක්

243-257 අමනුෂ්‍ය ස්ත්‍රි නිමිති පුරුෂ නිමිති ඇති සත්‍රියක්

258-272 තිරිසන් ගත ස්ත්‍රිපුරුෂ නිමිති ඇති සත්‍රියක්

273-287 තිරිසන් ගත නො නිඳා සිටින ස්ත්‍රි පුරුෂ නිමිති ඇති සත්‍රියක් (මෙහි , පාරාජිකා පාපය , වෙනුවට , ථුලසි නම් ඇවත වේ., යොදන්න)

288-303 මනුෂ්‍ය නපුංසකයෙක්

304-318 අමනුෂ්‍ය නපුංසකයෙක්

319-333 තිරිසන්ගත නපුංසකයෙක්

334-343 (62-66 ද 72-76 යෙදීමේ දී.මනුෂ්‍ය සත්‍රියක් . වෙනුවට .මනුෂ්‍ය පුරුෂයෙකු.
යොදන්න

344-353 අමනුෂ්‍ය පුරුෂයෙකු

354-363 තිරිසන්ගත පුරුෂයෙකු

364-374 (මෙහි 62-76 ඡෙද යෙදීමේ දී මැරුණු ,මල මාර්‍ගයෙන්, වෙනුවට .වැසුණේ නො වැසූ මල මාර්‍ගයෙන්, මුත්‍ර මාර්‍ගයෙන්, කටින්,නො වැසුනාහු විසින් වැසුනහුට,වැසුනහු විසින් වැසුනහුට, නො වැසුනහු විසින් නො වැසුනහුට,

375-385 ( මෙහි 62-76 ඡෙද යෙදීමේ දී , මනුෂ්‍ය සත්‍රියක් ,වෙනුවට මෙහි පහත දැක්වෙන වචන යොදා ගත යුතුයි )

386-396 නිදිගත් මනුෂ්‍ය සත්‍රියක්

397-407 මත් වූ සත්‍රියක්

408-418 විශේෂයෙන් මත් වූ සත්‍රියක්

419-429 මැරුණු නොදිරූ සත්‍රියක්

430-440  මැරුණු බොහෝ නොදිරූ සත්‍රියක්

441-451 මළ බොහෝ සෙයින් දිරූ සත්‍රියක්

452-462 අමනුෂ්‍ය සත්‍රියක්

463-473  තිරිසන්ගත සත්‍රියක්

474-484 මිනිස් පුරුෂස්ත්‍රි නිමිති ඇත්තෙක්

485-495 නොමිනිස් මිනිස් පුරුෂස්ත්‍රි නිමිති ඇතියෙක්

496-506  තිරිසන් මිනිස් නොමිනිස් නිමිති ඇතියෙක්

507-521  (මෙහි 62-76 ඡෙදවල ,පුරුෂනිමිත්ත උඩ හිඳුවත්, වෙනුවට , වැසූ හෝ නො වැසූ  පුරුෂ නිමිත්ත උඩ ඉඳගනිත්, නො වැසූ-වැසූ- වැසූ-වැසූ- නො වැසූ නො වැසූ, යෙදිය යුතුයි)

522-536 ( 507-521 යෙදීමේ දී , මනුෂ්‍ය ස්ත්‍රියක්  , වෙනුවට , නොනිදා සිටින සත්‍රියක් , යන්න යොදන්න )

527-551 , මනුෂ්‍ය ස්ත්‍රියක්, වෙනුවට ,නිදි ගත් ස්ත්‍රියක් ,).

551-565 ( , මනුෂ්‍යස්ත්ර්‍‍රියක් , වෙනුවට , මත් වූ ස්ත්‍රියක් , )

566-580 ( ,මනුෂ්‍ය ස්ත්‍රියක් ,වෙනුවට  , බොහෝ මත් වූ ස්ත්‍රියක් , )

581-595 ( , මනුෂ්‍ය ස්ත්‍රියක් , වෙනුවට , උමතු වූ ස්ත්‍රියක් ,)

596-610 ( , මනුෂ්‍යස්ත්‍රියක් , වෙනුවට , විශෙෂයෙන් මත් වූ ස්ත්‍රියක් ,)

611-625 ( මෙහි 507- 521 යෙදීමේදී , මනුෂ්‍යස්ත්‍රියක් , වෙනුවට ,මෙහි පහත දක්වන   වචනය ඒ ඒ ඡෙද කාණ්ඩවලට යොදන්න. , මිනිස් නපුංසකයෙක් ,

626-640 , නොමිනිස් නපුංසකයෙක් ,

641-655 , තිරිසන් ගත නපුංසකයෙක් ,

656-670 , මිනිස් පුරුෂයෙක් ,

671-685 , නොමිනිස් පුරුෂයෙක්,

686-700 , තිරිසන්ගත පුරුෂයෙක්

701  ( රජවරුන්ගේ සතුරෝ .සොරුන්ගේ සතුරෝ. ධූතයින්ගේ සතුරෝ . පපුව පළන සොරු .යන පදද යෙදා මෙසේම ඡෙද යොදා ගත යුතුයි.)
මගින් මග ප්‍රවේශ කරයි ද, පාරාජිකා ඇවත් වේ. මගින් නොමග ස්පර්‍ෂ කරයි ද පාරාජිකා ඇවැත් වේ. නො මගින් මග ස්පර්‍ෂ කරයි ද පාරාජිකා ඇවැත් වේ. නො මගින් නොමග ප්‍රවේශ කරයි ද ථුලසි වේ .

702  භික්‍ෂුවක් නිදිගත් භික්‍ෂුවක් කෙරෙහි වරදවා පිළිපදිනා විට පිබිදියේ ඉවසා ද, දෙදෙනාම දඩුවම් ලැබිය යුතුය. පිබිදියේ නො ඉවසයි ද, දුෂකයාට දඩුවම් කළ යුතුය. භික්‍ෂුවක් නිදිගත් සාමණේරයකු කෙරෙහි වරදවා ද, පිබිදියේ ඉවසයිද දෙදෙනාටම දඩුවම් කළ යුතුය. පිබිදියේ නො ඉවසයිද, දූෂකයාට දඩුවම් කළයුතුය.

703  සාමණේර තෙමේ නිදිගත් භික්‍ෂුව කෙරෙහි වරදවා පිළිපදීද, පිබිදියේ ඉවසයි ද දෙදෙනාටම දඩුවම් කළ යුතුය. පිබිදියේ නො ඉවසයි ද, දූෂකයාට දඩුවම් කළ යුතුය. සාමණේර තෙමේ නිදිගත් සාමණේරයෙකු කෙරෙහි වරදවයි ද, පිබිදියේ ඉවසයි ද , දෙදෙනම නැසිය යුතුය. (මහණකමින් නෙරපිය යුතුයි.) පිබිදියේ නො ඉවසයි ද දූෂකයාට දඩුවම් කළ යුතුය. නො දන්නාහට,   නො ඉවසන්නාට උමතු වූවාහුට, සිත් පිත් නැත්තාට, වේදනාවෙන් පෙළෙන්නාට ආදිකර්මිකයාට ඇවැත් නො වේ.

( සන්ථත බණවර  නිමි  )

3 සන්ථත බණ වර

1  ඒ කාලයෙහි විශාලා නුවර වූ බොහෝ වජ්ජි පුත.්‍රක භික්‍ෂූහු  ඇතිතාක් අනුභව කළාහුය. ඇතිතාක් නිදාත්තාහ. ඇතිතාක් නෑවාහුය. ඇතිතාක් කා, ඇතිතාක් නිදාගෙන  ඇතිතාක් නා නුනුවනින් මෙනෙහි කොට, සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නොකොට, මෛථුන ධර්‍මයෙහි යෙදුනාහ. ඔවුහු මෑත කාලයෙහි ඤාතීන්ගේ විපතක්ද  සපර්‍ෂ කළාහු, රොග විපතක් ද සපර්‍ෂ කළාහු, ආයුෂ්මත් අනඳ තෙරුන් වෙත පැමිණ මෙසේ කියත්. ,ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, ස්වාමීනි, අපි බුදුන්වහන්සේට ගර්‍හා නො කෙළෙමු. ධර්‍මයට ගර්‍හා නො කෙලෙමු. සංඝයාට ගර්‍හා නො කෙළෙමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස. අපි තමාටම ගර්‍හා කරන ලද්දෝ වෙමු. අපි අන්‍යයෙකුට ගර්‍හා නො කරන ලද්දෝ වෙමු. අපි දෛව නැත්තෝ වෙමු. පින් නැත්තෝ වෙමු.  යම්බදු වු අපි මෙසේ මනා කොට වදාළ ධර්‍මයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණ පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්ට  නොහැකිවූමු. ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු.  උපසම්පදාව ලබන්නෙමු. අපි දැනුදු විදර්‍ශනා කුශල ධර්‍මයන්ට පෙර පසු වූ බෝධි පක්‍ෂයෙහි වූ ධර්‍මයන් භාවනා කිරීමෙහි යෙදී සිටින්නෙමු  ස්වාමීනි, ආනන්ද සථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට  මේ කාරණය කියන්නෙහි නම් යහපත,.,ඇවැත්නි, එසේ යයි ,ආයුෂ්මත් ආනන්ද සථවිරයන් වහන්සේ විශාලා නුවර වජ්ජි පුත්‍රයන්ට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ  යම් තැනකද එහි පැමිණියහ. පැමිණ,  භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ.

2  ,තථාගත තෙමේ ශ්‍රාවකයන්ට  පණවන ලද ශික්‍ෂාපදයක් වජ්ජීන් හෝ වජ්ජි පුත්‍රයන් නිසා හෝ අවලංගු කරන්නේය යන මේ කාරණ නොසිදු වේ.අවකාශ නැත.,ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙහි  මේ සිද්ධියෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතුසේක. , මහණෙනි, යම් භික්‍ෂුවක් සිල් බහා නො තබා දුර්‍වලකම් ප්‍රකාශ නොකොට මෛථුන ධර්‍මය  සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා නො කළ යුත්තේය.මහණෙනි යම් භික්‍ෂුවක් සිල්බහා තබා දුර්‍වල බව ප්‍රකාශ කොට මෛථුනය  සේවනය කරයිද, ආවාවූ හෙතෙම උපසම්පදා කළ යුතුය. මහණෙනි, මෙසේ වනාහි මේ ශික්‍ෂාපදය කියවව්.
,යම්කිසි මහණෙක් භික්‍ෂූන් අතර   අධි ශීල (මාර්‍ග ඵල) ශික්‍ෂාවෙහිද, පැනවූ ශික්‍ෂා පදයෙහිද  යුක්ත වූයේ සිල් බහා නොතබා දුර්‍වල බව ප්‍රකාශ නො කොට යටත් පිරිසෙයින්  තිරිසන්ගත ගැහැනු සතකු  සමගද මෛථුන ධර්‍මයෙහි හැසිරේද ( ඔහු ) පැරදුනු,  ආශ්‍රයට නුසුදුස්සෙකු වේ.,

2 වැඳිරියගේ කථාව

1 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් විශාලා නුවර මහා වනයෙහි වැඳිරියක් කෑම බීමවලින් සතුටු කොට ඈට මෛථුන ධර්‍මය කරයි.ඉක්බිති ඒ මහණ තෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන විශාලා නුවර පිඩු පිණිස හැසුරුනේය. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු සෙනසුන්වල ඇවිදින්නට යන්නාහු ඒ භික්‍ෂුවගේ පන්සල යම් තැනකද එතැනට පැමියාහුය. ඒ වැඳිරි තොමෝ දුර සිට එන ඒ භික්‍ෂුන් දැක ඒ භික්‍ෂුන් යම් තැනෙක්හිද එහි පැමිණියාය.පැමිණ ඒ භික්‍ෂූන්ගේ ඉදිරියෙහි උකුල සෙලවිය. වලිගය සෙලවිය.උකුල පෙන්නුවාය.අදහස් හෙළි කළාය.

2  ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය.. ඒකාන්තයෙන් ඒ මහණ තෙම මේ වැඳරිය සමග මෛථුන ධර්‍මය සේවනය කරයි. කියා එකත්පසෙක සැඟවී සිටියාහුය.ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ විශාලා නුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතය රැගෙන පෙරලා ආයේය. ඉක්බිති ඒ වැඳිරි තොමෝ ඒ භික්‍ෂුව යම් තැනෙක්හිද එහි පැමණියාය. ඉක්බිති ඒ මහණ තෙම ඒ පිණ්ඩපාතය කොටසක් වළදා කොටසක් ඒ වැඳරියට දුන්නේය. ඉක්බිති ඒ වැඳිරි තොමෝ අනුභව කොට ඒ භික්‍ෂුවට කටිය දිගු කළාය.ඉක්බිති ඒ භික්‍ෂුව ඒ වැඳිරිය සමග මෛථුන ධර්‍මය  සේවනය කරයි. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ භික්‍ෂුවට , ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින්   ශික්‍ෂාපද පැණවූයේ නොවෙද? ඇවැත්නි, ඔබ කුමක් හෙයින් වැඳිරියක් සමග මෛථුන ධර්‍මය සේවනය කෙරේදැයි, කීවාහුය., ඇවැක්නි. භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන ලද බව සත්‍යය.ඒ මිනිස් සත්‍රියක් සමගය. තිරිසන්ගතයන් හා නොවේය. ඇවැත්නි, එය එසේම නොවේද?,

3  ( 1 ) ,ඇවැත්නි, අයොග්‍ය වූ නො ගැලපෙන නුසුදුසු ශ්‍රමණ භාවයට නො ගැලපෙන, අකැප නොකටයුත්තක් කරන ලදී. ඇවැත්නි, ඔබ කෙසේ නම් මෙබදු මනාකොට ප්‍රකාශ කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිව දිවිහිමියෙන් සම්පූර්‍ණ, පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නට නො හැක්කෙහිද, (2) ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ( මෙහි 30 ඡෙදයේ  (2) යොදන්න ඇවැත්නි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස නොවන්නේය. ඇවැත්කි, නැවත මෙය නොපැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුන ඇතමෙකුගේ  වෙනස් වීම පිණිස වන්නේය. ඉක්බිති ඒ භික්‍ෂූහු  ඒ භික්‍ෂුවට නොයෙක් ආකාරයෙන් ගර්‍හා කොට භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ  මේ කාරණයෙහි මේ සිද්ධියෙහිදී භික්‍ෂු සංඝයා රැස් කරවා , මහණ, තෝ වැඳිරියක් සමග මෛථුන ධර්‍මයෙහි යෙදෙන්නෙහි යනු ඇත්තද ?, , භාග්‍යවතුන් වහන්ස, ඇත්තය., භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්‍හා කළ සේක ( මෙහි 31 ඡෙදයේ (2 ) යොදන්න ) ,හිස් පුරුෂය, මා විසින් නොයෙක්  ආකාරයෙන්  (මෙහි31  ඡෙදයේ  (2 ) යොදන්න )  යම් කිසි  මහණෙක්  යටත් පිරිසෙයින්  තිරිසන්ගත සත්‍වයෙකු සමගද  මෛථුන ධර්‍මයෙහි යෙදුනේ නම් පැරදුනේ වෙයි. ආශ්‍රයට නුසුදුසු වේ,. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ ශික්‍ෂාපදය මෙසේ පණවන ලද්දෙ වෙයි . ( වැඳිරියගේ  කථාව  නිමි )

1 සුදින්න බණ වර

1  එකල්හි වනාහි විශාලා නුවරට සමීප තැන්හි කලන්ද නම් ගමක් වේ.එහි සිටු පුත්‍රයෙකු වූ සුදින්න නම් කලන්ද පුත්‍රයෙක් වෙයි. එකල්හි සුදින්න නම් කලන්ද පුත්‍ර තෙම බොහෝ යහළුවන් සමග විශාලා නුවරට යම්කිසි  කරුණක් නිසා ගියේය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරන ලද්දේ දහම් දෙසමින් වැඩහුන්නේ වෙයි. සුදින්න කලන්ද පුත්‍ර තෙම මහත් පිරිසක් විසින් පිරිවරන ලදුව දහම් දෙසමින් වැඩහුන්නා වු භාග්‍යවතුන් වහන්සේ  දුටුවේය. දැක,ඔහුට මේ සිත විය. .මමද බණ අසන්නෙම් නම් යහපතැයි. කියායි. ඉක්බිති සුදින්න නම් කලන්ද ප්‍රත්‍ර තෙම ඒ පිරිස යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ,එකත්පසෙක හුන්නේය.

2  එකත්පසෙක හුන් සුදින්න නම් කලන්ද පුත්‍රයාට .මම වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් (2) යම් යම් පරිද්දෙකින් දේශනා කරන ලද ධර්‍මය දනිමි.ගිහි ගෙයි වසන්නහු විසින් සර්‍වසම්පූර්‍ණ වූ සම්පූර්‍ණයෙන් පිරිසිදු , ලියවන ලද සකක් සේ පිරිසිදු මේ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරීමට පහසු නො වේ. (3) මම හිසකේ රවුල් ගා දමා කහට පෙවූ වස්ත්‍ර ඇඳ, ගිහිගෙන් නික්ම අනගාරික යයි කියන ලද ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් යෙහෙකැයි . කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් කරුණු ගෙනහැර දක්වන ලද සමාදන් කරවන ලද උත්සාහවත් කරන ලද සතුටු කරන ලද ඒ පිරිස හුන් තැනින් නැගිට භාග්‍යවතුන් වහන්සේ වටේ පැදකුණු කොට වැඳ ගියේය.

3  ඉක්බිති සුදින්න කලන්දක පුත්‍ර තෙමේ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සුදින්න කලන්දක පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට .ස්වාමීනි, මම (මෙහි2 (2) යොදන්න) ස්වාමීනී, මම හිසකේ රැවුල් ගා දමා කහට පෙවූ වස්ත්‍ර  හැඳ ගිහිගෙන්  නික්ම  අනගාරිය ශාසනයෙහි පැවිදිවන්ට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරවනසේක්වා.යි භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.

4  ,සුදින්නය, ඔබ  වනාහි ගිහිගෙන් නික්ම අනගාරිය  ශාසනයෙහි  පැවිදි වීමට මව්පියන් වෙතින් අවසර ගත්තෙහිදැයි, ඇසූසේක. ,ස්වාමීනි, මම ගිහිගෙන් නික්ම  අනගාරික ශාසනයෙහි පැවිදි වීම පිණිස  අවසර නො ගත්තේ වෙමි,යි කීයේය. ,සුදින්නය, තථාගතවරයෝ මව්පියන් වෙතින් අවසර නොගත් පුත්‍රයෙකු පැවිදි නො කරති,. ,යම්සේ මට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිදි වීම පිණිස අවසර දෙත්ද ස්වාමීනි, මම එසේ කරන්නෙමියි, කීවේය.

5  ඉක්බිති සුදින්න නම් කලන්දක පුත්‍ර තෙම විශාලාවෙහි ඒ කටයුත්ත අවසන් කොට කලන්දක ගම යම්තැනෙක්හිද මව්පියෝ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ මව්පියන්ට (2 ), මෑණියනි, පියාණනි, ගිහිගෙන් නික්ම  අනගාරික ශාසනයෙහි පැවිද්ද මට අනුදන්නාසේක්වා යි, කීයේය. මෙසේ කී කල්හි සුදින්න කලන්දක පුත්‍රගේ දෙමව්පියෝ සුදින්න කලන්දක පුත්‍රයාට (3) , දරුව සුදින්නය, ඔබ වනාහි අපට ප්‍රිය වූ සිත සතුටු කරන්නා වූ සුවසේ වැඩුනා වු සුවසේ පොෂ්‍ය කරන ලද  අපගේ එකම පුත්‍රයා වෙහිය. දරුව සුදින්නය, ඔබ කිසි දුකක් නොදන්නෙහිය. අපි මරණයෙනුදු ඔබගෙන් නොකැමැත්තෙන් මෙන් වන්නෙමු. කිමෙක්ද? අපි ජීවත්ව සිටියදීම  ඔබට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිද්ද පිණිස කෙසේ අනුදන්නෙමුදැයි, කීවාහුය.

6  දෙවනුවත් සුදින්න කලන්දක පුත්‍ර තෙමේ මව්පියන්ට  (මෙහි 5 (2) (3) යොදන්න ) තුන්වෙනුවත්  සුදින්න කලන්දක පුත්‍රයාගේ මව්පියන්ට  (මෙහි 5 (2) (3) යොදන්න )

7  ඉක්බිති  සුදින්න කලන්දක පුත්‍ර තෙම .මව් පියෝ මට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙත්යයි  මෙහිම මගේ මරණය හෝ පැවිද්ද හෝ වේවායි.   එහි කිසිවක් නො අතුරන ලද බිම වැදහොත්තේය. ඉක්බිති සුදින්න කලන්දක පුත්‍ර තෙම එක් වේලක් නොකා සිටියේය. දෙවේලක් නොකා සිටියේය. තුන් වේලක් නොකා සිටියේය. සතරවේලක් නොකා සිටියේය. පස්වේලක් නොකා සිටියේය. සය වේලක් නොකා සිටියේය. සත් වේලක්  නොකා සිටියේය.

8 ,ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ මව්පියෝ සුදින්න කලන්‍දක පුත්‍රට (2) (මෙහි 5 (3) යොදන්න ). .දරුව සුදින්න, නැගිටින්න කන්න, බොන්න, පිරිවරන්න, කන්නේ, බොන්නේ, පිරිවරන්නේ, කාම වස්තූන් පරිභොග කරන්නේ , පින් කරන්නේ, ගිහි ගෙහි ඇලෙව, අපි ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්ද පිණිස අවසර නොදත්නෙමුයි. කීවාහුය . මෙසේ කී කල්හි සුදින්න කලන්‍දක පුත්‍ර තෙම නිශ්ශබ්ද විය.

9  දෙවනුවත් ( මෙහි 8 (2) යොදන්න ) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍රගේ මව්පයෝ (මෙහි 8 (2) යොදන්න)  තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍ර තෙමේ නිශ්ශබ්ද විය.

10  ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ සුදින්න කලන්‍දක පුත්‍ර තෙම යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ , සුදින්න කලන්‍දක පුත්‍රට , ( මෙහි 8 (2) යොදන්න. ,දරුව,  වෙනුවට   ,යහලුව, යොදන්න.) දෙවනුවත් (මෙහි 10 මෙන් 8 (2) යොදන්න ) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ කලන්‍දක පුත්‍ර සුදින්නට  ,යහලු සුදින්නය,ඔබ (මෙහි 10 මෙන් 8 (2) යොදන්න) තුන්වෙනුවත් සුදින්න කලන්‍දක පුත්‍ර තෙමේ නිශ්ශබ්ද විය.

11 ඉක්බිති සුදින්න කලන්‍දක පුත්‍රගේ යහලුවෝ සුදින්න කලත්‍දක පුත්‍රගේ මව්පියන් යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ සුදින්න කලත්‍දක පුත්‍රගේ මව්පියන්ට
ඤෆු ්‍ර5 රැ%
,මෑණියනි,පියාණනි, මේ සුදින්න තෙමේ .මෙහිම මගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේයයි. කිසිවක් නො අතුරන ලද භූමියෙහි වැදහොත්තේය. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට සුදින්නට අවසර නො දෙන්නහු නම්, එහිම මරණය වන්නේය. ඉදින් තෙපි  සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන්නහු නම් පැවිද්දේ සිටින ඔහු දකින්නාහුය. ඉදින් සුදින්න තෙමේ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දෙහි නො ඇලෙන්නෙහි නම් ඔහුගේ ගතිය කවරක් වන්නේද? මෙහිම නැවත එන්නේය. සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙව ,

12  .දරුවෙනි, සුදින්නට ගිහිගෙන් නික්ම අනගාරික ශාසනයෙහි පැවිද්දට අවසර දෙමු.. ඉක්බිති සුදින්න  කලන්‍දක පුත්‍රගේ යහලුවෝ කලන්‍දක පුත්‍ර සුදින්න යම් තැනෙක්හිද එහි පැම්ිණියාහුය. පැමිණ කලන්‍දක පුත්‍ර සුදින්නට , යහලු සුදින්න,නැගිටින්න මව්පියන් විසින්  ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන ලද්දෙයයි, කීවාහුය.

13  ඉක්බිති කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ .මව්පියන් විසින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර දෙන ලද්දේලුයි. ප්‍රීති වූයේ ඔදවැඩි සිත් ඇත්තේ අතින් අවයව පිසිමින්  නැගිට්ටේය.ඉක්බිති කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ කීප දවසක් ශක්තිමත් වී, භාග්‍යවතුන් වහන්සේ  යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේට, ,ස්වාමීනි, මම මව්පියන් විසින් ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්දට අවසර ලද්දෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරනසේක්වායි,  කීයේය.කලන්‍දක පුත්‍ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබුයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදා වී වැඩිකල් නොගිය සුදින්න තෙමේ අරණ්‍යයෙහි වාසය කරන්නේ,පිණ්ඩපාතයෙන් යැපෙන්නේ, පාංසුකුල සිවුරු දරන්නේ, ගෙපිළිවෙලින් පිඩු පිණිස හැසිරෙන්නේ, මෙබඳු කෙලෙස් කම්පා කරණ ධුත ගුන සමාදන් වී  සිටියි.වජ්ජි ගම ඇසුරු කොට වාසය කරයි.

14  ඒ කාලයෙහි වජ්ජි රට දුර්භික්‍ෂයක් ඇත්තේය. ජීවත් වේ දෝ නොවේ දෝයි සැක ඇති විය.  ශෂ්‍ය සුදු බොල් ඇටින් යුක්තය. සීට්ටු ක්‍රමයෙන් දිවි පැවැත් වීය. උත්සාහයෙන් පිඩු සිගිමෙන් යැපෙන්නට පහසු නොවේ. ඉක්බිති ආයුෂ්මත් සුදින්නට , දැන් වනාහි වජ්ජි රට ජීවත් වේ දෝ නොවේ දෝයි සැක ඇති, සුදු බොල් ඇට ඇති, සීට්ටු ක්‍රමයෙන් ජීවත්වන දුර්භික්‍ෂය වෙයි, උත්සාහයෙන් පිඩු සිගිමෙන් යැපෙන්නට පහසු නොවේ, මාගේ පොහොසත් වු, මහත් වස්තු ඇති , මහත් භෝග ඇති බොහෝ රන්රුවන් ඇති, බොහෝ  වස්තු උපකරණ ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති නෑයෝ බොහෝ වෙත්  මම ඤාතීන්   ඇසුරු කොට ජීවත් වන්නෙම් නම් යෙහෙක, නෑයෝ මා නිසා දන් දෙන්නාහුය, පින් කරත්, භික්‍ෂුහුද ලාභ ලබන්නාහුය, මමද පිඩුවලින්  වෙහෙස නොවන්නෙමි යි, සිතුවේය.

15  ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ සෙනසුන අකුලා පාසිවුරු ගෙන විශාලා නුවර යම් තැනෙක්හිද එහි ගියේය. පිළිවෙලින් ගොස් විශාලා නුවර යම් තැනෙක්හිද එහි පැමිණියේය. ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ විශාලා නුවර මහා වනයෙහි වාසය කරයි. ආයුෂ්මත් සුදින්නගේ  නෑයෝ, .කලන්‍ද පුත්‍ර  සුදින්න තෙමේ විශාලා නුවරට ආයේයයි. ඇසුවාහුය. ඔව්හු ආයුෂ්මත් සුදින්නට සැටක් පමණ තැටිවල පිසූ දානයක් ගෙනාවාහුය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ සැටක් පමණ තැටි බත් භික්‍ෂුන්ට බෙදා දී පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන කලන්ද ගමට පිඩු පිණිස ඇතුල්වූයේය. කලන්ද ගමෙහි ගෙපිළිවෙලින් පිඩු පිණිස හැසිරෙන්නේ තමාගේ පියාගේ ගෙය යම්    තැනෙක්හිද  එහි පැමිණියේය.

16   ඒ වේලාවෙහි ආයුෂ්මත් සුදින්නගේ ඥාති දාසියක් පෙරදින සවස තැම්බූ පිට්ටුවක් විසිකරනු කැමැති වූවාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ ඥති දාසියට, නැගණිය,විසිකරන ස්වභාව ඇති එය මාගේ පාත්‍රයෙහි මෙහි දමවයි, කීයේය. ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ ඥාති දාසී ඒ පෙර දින සවස තැම්බූ පිට්ටුව ආයුෂ්මත් සුදින්නගේ පාත්‍රයෙහි බහන්නී ඔහුගේ අත්වලද පාවලද ශබ්දයේද ආකාරය ගත්තීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ  ඥාති දාසී තොමෝ  ආයුෂ්මත් සුදින්නගේ මව් යම් තැනෙක්හිද එහි පැමිණීයාය. පැමිණ, ආයුෂ්මත් සුදින්නගේ මවට ,ආය්‍ර්‍යාවෙණි,දන්නෙහිද ? ආය්‍ර්‍යයන් වහන්සේගේ පුත්‍ර වූ සුදින්න තෙමේ පැමිණියේයයි, කීවාය. , බොල, ඉදින් ඇත්තක් කියන්නෙහිද? තී දාස භාවයෙන්  මුදවමියි , කීවාය.

17   ඒ වේලාවෙහි ආයුෂ්මත් සුදින්න තෙමේ ඊයේ සවස තැම්බූ ඒ පිට්ටුව එක්තරා  බිත්ති අයිනක් ළග සිට අනුභව කරයි. ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේද වැඩපලින් එන්නේ ආයුෂ්මත් සුදින්න ඊයේ රාත්‍රියේ පිසූ පිට්ටුව එක්තරා ගහක් යටට වී අනුභව කරනු දැක, ආයුෂ්මත් සුදින්න යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ,  ආයුෂ්මත් සුදින්නට , දරුව සුදින්නය, ඊයේ සවස පිසූ පිට්ටුවක් අනුභව කරන්නෙහිද? දරුව සුදින්නය, ගෙට යායුතු නොවේද?, , ගෘහපතිය, තොපගේ ගෙට ගියෙමි. මේ ඊයේ රෑ පිසූ පිට්ටුව (එතැනින්) ලැබුනේයයි , කීවේය.

18  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ අතින් අල්වාගෙන ආයුෂ්මත් සුදින්නට . දරුව සුදින්නය,එන්න ගෙට යන්නෙමුයි. කීයේය . ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ තම පියාගේ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩහුන්නේය, ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නට ,දරුව, යහපත්ව දෙන ලදී අනුභව කරවයි, කීයේය. , ගෘහපතිය, වුවමනා  නැත, මා විසින්  අද ආහාර අනුභව කෙළෙමියි, කීයේය. , දරුව,සුදින්න හෙට දවසට ආහාර ඉවසනු මැනවයි , කීයේය. ආයුෂ්මත්  සුදින්න තෙමේ නිශ්ශබ්දව පිළිගත්තේය.

19  ඉක්බිති ආයුෂ්මත්  සුදින්න  තෙමේ  අස්නෙන් නැගිට වැඩියේය. ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් අලුත්  ගොමින් බිම  පිරිබඩ ගන්වා ගොඩවල් දෙකක්  කරවූවාය. එකක් අමු රන්ද අනික රන්ද විය. ගොඩවල්  කොපමණ මහත්වුයේද යත්, එහා පැත්තේ සිටි  පුරුෂයාට මෙහා පැත්තේ සිටි පුරුෂයා  නොදකියි. ඔව්හු ගොඩවල් පැදුරුවලින් වස්වා මැද අස්නක් පණවා ආවරණයක් කරවා  ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ කැඳවූයේය.  ,පුත්‍රිය, එසේ නම්  ඔබ යම් අලංකාරයකින් සරසන ලද්දාවූ සුදින්න නම් මාගේ පුත්‍රයාව ප්‍රියමනාප වූවාද ඒ අලංකාරයකින් සැරසෙන්නැයි, කීවාය.,ආය්‍ර්‍යාවෙනි, එසේයයි, ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මවට පිළිතුරු දුන්නීය.

20  ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන සිය පියාගේ ගෙය යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ, පණවන ලද අස්නෙහි වැඩහුන්නේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්න තෙමේ යම් තැකේහිද එහි පැමිණියේය. පැමිණ, ඒ ගොඩවල් විවෘත කරවා  ආයුෂ්මත් සුදින්නට (2) ,දරුව සුදින්නය, මේ තොපගේ මවු පසට අයත් ස්ත්‍රියකට අයත් වන ස්ත්‍රිධනයකි. අනික පියාගෙන් ආ දෙයකි. අනික්වා  මුත්තණුවන්ගෙන් ආ දේය.  දරුව සුදින්න, ගිහි වී වස්තුවද පරිභෝග කරන්නට. පින් ද කරන්නට හැකිය. දරුව සුදින්නය, ඔබ මෙහි එන්න, ගිහි වී වස්තුවද පරිභෝග කරව, පිනුත් කරවයයි, කීයේය. ,පියාණෙනි, (3) උත්සාහ නො කරමි. සමත්‍ර්‍ථ  නො වෙමි. මම ඇලුනේ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙමියි , කීයේය.

21  දෙවෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියා ආයුෂ්මත් සුදින්නට ( මෙහි 20 (2) යොදන්න ) තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියා ආයුෂ්මත් සුදින්නට ( 20 (2) යොදන්න ) ,ගෘහපතිය, ඉදින් ඔබ නො ඉක්මවන්නෙහි නම් ඔබට කියන්නේ , , දරුව සුදින්නය, කියව , ,ගෘහපතිය, එසේ නම් ඔබ මහත් මහත් හණ මලු කරවා රන්රුවනින් පුරා ගංගා නම් ගග මැද්දෙහි සැඩපාරෙහි දමව, ඊට  හේතු කවරේද? ගෘහපතිය, ඒ හේතුවෙන් තොපට භයක් හෝ තැතිගැන්මක් හෝ ලොමු දැහැගැනීමක් හෝ ආරක්‍ෂාවක් හෝ යම්හෙයකින් වන්නේද, එය තොපට නො වන්නේය. ,

22   මෙසේ කී කල්හි ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ නො සතුටු වූයේය. පුත්‍ර වූ සුදින්න තෙමේ කෙසේ නම් මෙසේ කියයිද? ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳට කථා කළේය. ,සත්‍රිය, එසේ නම් ඔබත් යාඥා කරව.පුත්‍ර වූ සුදින්න තෙමේ තොපගේ වචනයද කරන්නෙ නම් යෙහෙක., ,ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පුරාන භාය්‍ර්‍යා තොමෝ ආයුෂ්මත් සුදින්නගේ දෙපා අල්වාගෙන ආයුෂ්මත් සුදින්නට ,ආය්‍ර්‍ය පුත්‍රය, දිව්‍යාඞ්ගනාවන් කෙබඳුද ? යම් කෙනෙකු නිසා ඔබ බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නෙහිදැයි , ඇසීිය. , නැඟනිය, මම දිව්‍යාඞ්ගනාවන් බලාපොරොත්තුවෙන්  බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි නොහැසිරෙමි,.

23  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ අද සිට මට සුදින්න ආය්‍ර්‍ය පුත්‍ර තෙමේ නැගනි කථාවෙන්  කථා කෙරේයයි එහිම සිහි නැතිව වැටුනාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පියාට , ගෘහපතිය, ඉදින් කෑයුතු දෙයක් ඇත්නම්  දෙව. නො වෙහෙසවයි, කීවේය. ,දරුව සුදින්නය, අනුභව කරවයි , කීයේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් ද පියා ද ආයුෂ්මත් සුදින්න ප්‍රණීතවූ කෑයුතු දෙයින් බුදිය යුතු දෙයින් සියතින් සැනහුවාහුය, පැවරුවාහුය.

24  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ වැළඳු පාත්‍රයෙන් මෑත් කළ අත ඇති ආයුෂ්මත් සුදින්නට (2) ,දරුව සුදින්නය, මේ කුලය පොහොසත්ය. මහත් ධන ඇත්තේය. මහත් වස්තු ඇත්තේය. බොහෝ රන් රුවන්  මසු කහවණූ ඇත්තේය. බොහෝ වස්තු උපකරන ඇත්තේය. බොහෝ ධන ධාන්‍ය ඇත්තේය. දරුව සුදින්නය, ගිහි වී වස්තු පරිභෝග කරන්නටද පින් කරන්නටද ලබන්නේය. දරුව සුදින්නය, එන්න ගිහි වී වස්තු පරිභෝග කරව. පින්ද කරවයි, කීවාය. (3),මෑණියනි, (මෙහි 20 (3) යොදන්න ) දෙවනුවත්, ( මෙහි 20 (2) ( 3) යොදන්න )  තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නට ( මෙහි 20 (2) (3) යොදන්න ) (4) ,දරුව සුදින්නය, එසේ වී නම් බීජයක්වත් දෙව. දරුවන් නැති වස්තුව  ලිචඡවීහු ඇද නො ගණිත්වායි, (5) කීවාය. , මෑණියනි, මෙය කරන්ට හැකියයි , කීවේය.  ,දරුව සුදින්නය, දැන් කොහි වාසය කරන්නෙහිද?,  , මෑණියනි,  මහා වනයෙහිය,. ඉක්බිති ආයෂ්මත් සුදින්න තෙමේ අස්නෙන් නැගිට ගියේය.

25  ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නගේ  පෙර බිරිඳට කථා කළාය. , එසේ නම්  සත්‍රිය යම් දවසක සෘතු වූවාද තට ඔසප් උපන්නේද ඉක්බිති මට කියව., ,ආය්‍ර්‍යාවෙනි, එසේයයි, ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මව්ට පිළිතුරු දුන්නීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ නොබෝ කලකින්ම සෘතු වූවාය. ඈට ඔසප් උපන්නේය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත්  සුදින්නගේ මවට ,ආය්‍ර්‍යාවෙනි, සෘතු වූවෙමි. මට ඔසප් උපන්නේය, ,සත්‍රිය, එසේ නම් අලංකාරයකින් අලංකාර වූයේ පුත්‍ර සුදින්නට ප්‍රියද සතුටුද වූයේද ඒ අලංකාරයෙන් අලංකාර වේවයි , කීවාය. ,ආය්‍ර්‍යාවෙනි, එසේයයි ,ආයුෂ්මත්  සුදින්නගේ පෙර බිරිඳ ආයුෂ්මත් සුදින්නගේ මවට ප්‍රති වචන දුන්නීය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මව් තොමෝ ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ගෙන මහා වනය යම් තැනෙක්හිද අයුෂ්මත් සුදින්න තෙමේ යම් තැනෙක්හිද එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් සුදින්නට මෙසේ කීවාය.

26  දරුව සුදින්නය, මේ කුලය (මෙහි 24 (2) හා (3) (4 ) )  දෙවනුවත් ( මෙහි 24 (2) හා (3) (4) ) තුන්වෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ මව්  තොමෝ ආයුෂ්මත් සුදින්නට ( මෙහි 23 (2) ( 3 )(4 ) එසේ නම් එය කළ හැකියයි පෙර බිරිඳ  අතින් ගෙන  මහා වනයට වැද ශික්‍ෂාපද  නො පැනවීම නිසා දොස් නො දක්නේ පෙර බිරිඳ  සමග තුන් වරක් මෛථුන ධර්‍මයෙහි හැසුරුනේය. ඕ තොමෝ ඒ කරණ කොට ගැබ් ගත්තීය. භූමි නිශ්‍රිත   දේවතාවෝ (2) .ඒකාන්තයෙන් භික්‍ෂු සංඝ තෙමේ පිළිකා නැතිව සිටියේය. දොස් නැත්තේය.කලන්දපුත්‍ර සුදින්න විසින් පිළිකාවක් උපදවන ලදී.දොෂයක්  උපදවන ලද්දීයයි. ශබ්ද පැවැත්වූවාහුය. (3)  බිම ඇසුරු කළ දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික  දෙවියෝ ශබ්ද පැවැත්වුවාහුය. තාවතිංස,යාම, තුසිත, නිර්මානරතී, පරනිර්මිත, වසවර්ති , බ්‍රහ්ම කොටසට අයත් දෙවියෝ ( මෙහි 2 )  මෙසේ ඒ මොහොතෙහි, ඒ ක්‍ෂණයෙහි බ්‍රහ්ම ලෝකය දක්වා ශබ්දය උඩට පැන නැංගේය.

27  ඉක්බිති  ආයුෂ්මත් සුදින්නගේ පෙර බිරිඳ ඇගේ ගර්‍භය මේරුණ බවට පැමිණ පුතකු වැදුවාය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ යහලුවෝ,ඒ දරුවාට .බීජක. යයි නමක් තැබුවාහුය. ආයුෂ්මත් සුදින්නගේ  පෙර බිරිඳට  බීජක මව් යයි නමක් කළාහුය. ආයුෂ්මත් සුදින්නට  බීජක පියා යයි නමක් කළාහුය. ඒ දෙදෙන මෑත කාලයෙහි ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව රහත් බව ප්‍රත්‍යක්‍ෂ කළාහුය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න (2) , මට ඒකාන්තයෙන් අලාභයෙක.  මට ඒකාන්තයෙන් ලාභයක් නොවේ.මා ඒකාන්තයෙන් නපුරට ලබන ලදී.යහපතට ලබන ලද්දේ නොවේ. යම් බඳු වූ මම මෙබඳුවූ යහපත්ව ප්‍රකාශ කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණවූ පිරිසිදු වූ  බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නට නොහැකි විය. (3) හෙතෙම ඒ සැකයෙන් ඒ පසුතැවිල්ලෙන් කෙට්ටු විය. කර්‍කශ වූයේ දුර්‍වර්‍ණවූයේ පඩුවන් පැහ ඇතිවූයේ නහර මතු වූ අවයව ඇත්තේ ඇතුලතට යොමු වූ සිත් ඇත්තේ සැගවුණු සිත් ඇත්තේ දුක් වූයේ අයහපත් සිත් ඇත්තේ විපිළිසර වූයේ දැවුණේය.

28  ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ යහලු භික්‍ෂූහු ආයුෂ්මත් සුදින්නට ,ඇවැත්නි සුදින්නය, ඔබ පෙර නම් පැහැයෙන් යුක්ත විය. පිනාගිය ඉන්‍ද්‍රියයන් ඇතිවූ වෙහිය, පැහැදුණ මුහුනේ පාටක් ඇත්තෙකි, අතිශයින් පෑදුන පාට සිවියක් ඇත්තෙහිය, ඔබ දැන් මේ කාලයෙහි කෘශය, රලුය,දුර්‍වර්‍ණය, පඩුවන්ය, නහර මතු වූ අවයව ඇත්තෙහිය,ඇතුලතට යොමු වූ සිත් ඇත්තේ සැගවුණු  සිත් ඇත්තේ දුක් වූයේ අයහපත් සිත් ඇත්තේ  විපිළිසර වූයේ දැවෙන්නෙහිය. ඇවැත්නි සුදින්නය, කිමෙක්ද? ඔබ කලකිරී බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නෙහිද?,

29  ,ඇවැත්නි, මම නොඇලී බ්‍රහ්මචය්‍ර්‍යයෙහි නො හැසිරෙමි. මා විසින් පාප කර්‍මයක් කරණලදී. පෙර  බිරිඳ හා මෛථුන ධර්‍මයෙහි හැසුරුනෙමි. ඇවැත්නි, ඒ මට සැකයක් පිණිස විය. විපිළිසරයක් විය., ( මෙහි 27 (2 ) යොදන්න )

30  , ඇවැත්නි සුදින්නය,තොපට සැක කිරීමෙන් කම් නැත. පසුතැවීමෙන් කම් නැත. යම් බදු වූ තෝ මෙසේ මනා කොට වදාරණ ලද ධර්‍මවිනයෙහි පැවිදිව දිවි ඇතිතාක් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙන්නට නො හැකිවෙහිය.ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන්  (2 ) නො ඇලීම පිණිස ධර්‍ම දේශනා කරන ලදී.ඇලීම පිණිස ධර්‍ම දේශනා නො කරන ලදී. වෙන්වීම පිණිස ධර්‍ම දේශනා කරන ලදී. එක්වීම පිණිස ධර්‍ම දේශනා නො කරන ලදී.දැඩි කොට නොගැනීම පිණිස ධර්‍ම දෙශනා කරණ ලදී. ගැනීම පණිස ධර්‍ම දේශනා නො කරණ ලදී. ඇවැත්නි, කෙසේනම් නුඔ භාග්‍යවතුන් වහන්සේ විසින් නොඇලීම පිණිස බණ වදාරද්දී ඇලීම පිණිස වෑයම් කරන්නෙහිද?වෙන්වීම පිණිස බණ වදාරද්දී එක්වීම පිණිස වෑයම් කරන්නෙහිද? දැඩි සේ නොගැනීම පිණිස බණ  වදාරද්දී දැඩි සේ ගැනීම පිණිස වෑයම් කරන්නෙහිද?  ඇවැත්නි, භග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් රාගය තුනී කිරීම පිණිස ධර්‍ම දේශනා කළේ නොවේද? මත් වීම නැති කිරීම පිණිස,  පිපාසා දුරු කිරීම පිණිස, ආශාව නැසීම පිණිස, සසර කැඩීම පිණිස, තෘෂ්ණාව නැතිකිරීම පිණිස, නො ඇලීම පිණිස, නැති වීම පිණිස, නිවන පිණිස  ධර්‍මය දේශනා කළේ නොවේද? (3)    ඇවැත්නි, භග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් (4) කාමයන්ගේ පහ කිරීම වදාරන ලද්දේ නොවේද? කාම හැගීම්වල විශිෂ්ට ඥානය කියන ලද්දේ, කාම පිපාසාවල  සංසිඳීම  කියන ලද්දේ, කාම සිතිවිලිවල මුලින් නැසීම කියන ලද්දේ නොවේද? කාම දැවීම්වල සංසිඳීම කියන ලද්දේ නො වේද? (5) ඇවැත්නි, මෙය නො පැහැදුනවුන්ගේ  පැහැදීම පිණිස  පැහැදුනවුන්ගේ විශේෂ පැහැදීම පිණිස නොවේ. ඇවැත්නි, නැවතද මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස  පැහැදුන ඇතෙමෙකුගේ   වෙනස්වීම පිණිස වන්නේය. ,

31  ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සුදින්නට නොයෙක් ආකාරයෙන් නින්දා කොට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ  මේ කාරණයෙහි  මේ සිද්ධියෙහි භික්‍ෂු සංඝයා රැස්කරවා ආයුෂ්මත් සුදින්නගෙන් , සුදින්නය, ඔබ පෙර බිරිඳ සමග මෛථුන ධර්‍මයෙහි හැසුරුනේ ඇත්තදැයි ඇසීය. .භාග්‍යවතුන් වහන්ස, ඇත්තය . බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ ගර්‍හා කළසේක. (2) , හිස් පුරුෂය,නොසුදුසු වූ නො ගැලපෙන, ශ්‍රමණයන්ට නො ගැලපෙන අකැප නො කටයුත්තක් කෙළෙහිද. හිස් පුරුෂය, කෙසේ නම් ඔබ මෙබදු මනා කොට දේශනා කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිවී දිවි ඇතිතාක් කල් සම්පූර්‍ණ වූ පිරිසිදු වූ බ්‍රහ්මචය්‍ර්‍යයෙහි හැසිරෙන්නට නොහැක්කේද? (3)  හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් නො ඇලීමට ධර්‍ම දේශනා කරන ලද්දේ නොවේද? රාග සහිත නොවීමට, වෙන් වීමට, එක් නොවීමට ධර්‍ම දේශනා කරන ලද්දේ නොවේද? බැමි ලිහන්ට දැඩි කොට නො ගැන්මට ධර්‍ම දේශනා කරන ලදදේ නො වේද? දැඩි කොට නො ගැන්මට දේශනා කරන ලද්දේ නොවේද? හිස් පුරුෂය, ඔබ කෙසේ නම් මා විසින් නො ඇලීම පිණිස ධර්‍මය දේශනා කළ කල්හි රාග සහිත බව පිණිස සිතන්නෙහිද? වෙන්වීම පිණිස ධර්‍මය දේශනා කළ කල්හි එක් වීම පිණිස සිතන්නෙහිද? දැඩි සේ නො ගැනීම පිණිස ධර්‍ම දේශනා කළ කල්හි ගැනීම පිණිස සිතන්නෙහිද? හිස් පුරුෂය, මා විසින් (3) ( මෙහි 30 ඡෙදයේ (2) යොදන්න. ) හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන්  ( මෙහි 30 ඡෙදයේ ( 4 ) යොදන්න. (4)  හිස් පුරුෂය, තා විසින්  දරුණු විෂ ඇති සර්‍පයෙකුගේ් කටෙහි පුරුෂ ලිඞ්ගය දමන ලද්දේ නම් යහපත. සත්‍රියගේ  සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞ්ගය   නො දමන ලද්දේ නම් යහපත. හිස් පුරුෂය, තා විසින් කලු සර්‍පයෙකුගේ කටෙහි පුරුෂ ලිඞ්ගය දමන ලද්දේ නම් යහපත. සත්‍රියගේ සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞ්ගය නො දමන ලද්දෙ නම් යහපත. හිස් පුරුෂය, තා විසින් ගිනි ගත් දැල් වෙන ගිනි සිලු ඇති   අගුරු වලෙක්හි  පුරුෂ ලිඞගය දමන ලද්දේ නම් යහපත.  සත්‍රියකගේ සත්‍රී නිමිත්තෙහි පුරුෂ ලිඞගය නො දමන ලද්දේ නම් යහපත. ඊට හේතු කවරේ්ද?   හිස් පුරුෂය, ( මුලින් කී කරුණෙන් ) ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේය. මරණය හා  සමාන දුකකට පැමිනෙන්නේය. ඒ හේතු කොට ගෙන  ශරීරයාගේ බිඳමෙන් මරණින් මතු සැප නැති, නපුරු ගති ඇති , නපුරු වැටීම් ඇති නරකයෙහි නූපදින්නේය. හිස් පුරුෂය (දෙවනු කීකරුනෙන්) මේ හේතු කොට ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති නපුරු ගති ඇති , නපුරු වැටීම් ඇති නරකයෙහි උපදින්නෙය. (5) හිස් පුරුෂය, යම්බදු වූ ඔබ සත්පුරුෂ ධර්‍මයක් නො වූ ග්‍රම්‍ය ස්වභාවයක් වූ, නීච ස්වභාවයක් වූ නපුර ඇසුරු කළ දෙයක් වූ  පහත් ස්වභායක්වූ රහසිගත වූ දෙදෙනෙක් අතර ඇති සමවැදීමකට  පැමිණියෙහිද,  හිස් පුරුෂය, නුඔ බොහෝ අකුශල ධර්‍මයන්ට ආදිකර්‍තෘය. පෙරටුව යන්නාය. හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩිවීම පිණිස නො වේ. හිස් පුරුෂය, නැවත මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුනාවූ  සමහරුන්ගේ වෙනස් බව පිණිස වේ. , ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුදින්නට නොයෙක් ආකාරයෙන් නිග්‍රහ කොට සැහැල්ලු නොවූ පැවැත්මෙහි, සැහැල්ලු නොවූ ජීවිකාවෙහි, මහා ආශා ඇති බැව්හි, ලද දෙයින් සතුටු නොවන බැව්හි, පිරිසෙහි ඇලුණ බැව්හි, කුසීත බැව්හි, නුගුණ කියා නොයෙක් ආකාරයෙන් සැහැල්ලු පැවැත්මෙහි සැහැල්ලු ජීවිකාවෙහි අලෝභ බැව්හි ලද දෙයින් සෑහෙන බැව්හි  කෙළෙස් තවන බැව්හි කෙළෙස්කම්පා කිරීමෙහි සතුටු ගෙන දෙන බැව්හි කෙළෙස් සිඳින බිඳින බැව්හි වීය්‍ර්‍යයෙහි  ගුණ කියා  භික්‍ෂූන්ට ඊට ගැලපෙන දැහැමි කථාව කොට භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.

32 ,මහණෙනි, එසේ නම් භික්‍ෂූන්ට ප්‍රයෝජන දහයක් නිසා ශික්‍ෂාපද පණවන්නෙමි. සංඝයාගේ  යහපත් භාවය පිණිස, සංඝයාගේ පහසුව පිණිස, හික්ම වීමට අපහසු පුද්ගලයන්ට  දඩුවම් පිණිස,  ශීලාචාර භික්‍ෂූන්ගේ පහසුව පිණිස, මෙලොව කෙළෙස් සංවරය පිණිස, පරලොව විපාක දෙන කෙළෙස්නැසීම පිණිස, නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුනවුන්ගේ වැඩි පැහැදී පිණීස,  සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස විනයට උපකාර පිණිස ද යන දසය ගැනයි. මහණෙනි, මේ ශික්‍ෂාපදය  මෙසේ කියවන්නෙය. (3) ( කෙසේද ) , යම්කිසි භික්‍ෂුවක් මෛථුන ධර්‍මයෙහි යෙදෙන්නේද (ඔහු) සස්නෙන් පැරදුනේ වේ. ආශ්‍රයට නො සුදුස්සෙක් වෙයි,. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ

( සුදින්න  බණවර  නිමි.  )