නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
මාතිකා.
1. කෙතෙක් (ස්කත්‍ධ, කෙතෙක් ආයතන, කෙතෙක් ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ කරණ ලද්දේද? සංග්‍රහ නොකරණ ලද්දේද?
2. (චක්ඛු යනාදී ආයතන ස්කන්‍ධ වශයෙන්) සංග්‍රහ කරණ ලදුව, (ආයතන ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ නොකරණ ලද්දාවූ (චක්ඛු නමැති ආයතනය හැර සත්විසි රූපාදිය, කෙතෙක් ස්කන්‍ධ කෙතෙක් ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ නොකරණ ලද්දේද? (නොහොත් චක්‍ෂුර් විඥාන ධාතු ආදිය ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්ම) සංග්‍රහ කරණ ලදුව (ධාතු වශයෙන්) සංග්‍රහ නොකරණ ලද්දාවූ (චක්‍ෂුර් විඥාන ධාතුව වර්ජිතකොට ඇත්තාවූ, ෂඩ් විඥාන ධාතු ආදිය කෙතෙක් ස්කන්‍ධ, කෙතෙක් ආයතන, කෙතෙක් ධාතූන්ගෙන්) සංග්‍රහ නොකරණ ලද්දේද?
3. (වෙදනා ස්කන්‍ධාදිය ස්කන්‍ධ වශයෙන්ම) සංග්‍රහ නොකරණ ලදුව, (ආයතන ධාතු වශයෙන් සංග්‍රහ කරණ ලද්දාවූ සංඥා සංස්කාර සොළොස් සූක්‍ෂම රූප නිර්‍වාණාදී ධර්‍මය, කෙතෙක් ස්කන්‍ධ, කෙතෙක් ආයතන, කෙතෙක් ධාතූන්ගෙන්) සංග්‍රහ කරණ ලද්දේද?
4. (සමුදය සත්‍යාදිය ස්කන්‍ධ ආයතන ධාතු වශයෙන්) සංග්‍රහ කරණ ලද්දාවූ (සමුදය සත්‍යය වර්ජිතවූ ප්‍රකාර හතලිස් නවයක්වූ සංස්කාර ස්කන්‍ධයෙහි ඇතුලත්වූ ධර්‍මයන් විසින්) සංග්‍රහ කරණ ලදුව, ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන් සංග්‍රහ කරණ ලද්දාවූ, සමුදය සත්‍යාදිය කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන් සංග්‍රහ කරණ ලද්දේද?
5. (රූපස්කන්‍ධාදීන්ගේ වශයෙන් ස්කන්‍ධ, ආයතන, ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ නොකරණ ලද්දාවූ (විඤ්ඤාණ ස්කන්‍ධාදිය විසින් ස්කන්‍ධ, ආයතන, ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ නොකරණ ලද (රූප, වේදනා, සංඥා, සංස්කාර, නිර්‍වාණාදිය කෙතෙක් ස්කන්‍ධ, ආයතන ධාතූන්ගෙන්) සංග්‍රහ නොකරණ ලද්දේද?
6. (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සම්ප්‍රයොගවන ලද්දේද? (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) විප්‍රයොගවන ලද්දේද?
7. (සතර සම්ප්‍රයොග ලක්‍ෂණයෙන් යුක්තවූ ධර්‍මයන් හා සමග සම්ප්‍රයුක්ත) ධර්‍මය තෙමේ කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන් විප්‍රයුක්තවන ලද්දේද?
8. විප්‍රයුක්තවූ (ධර්‍මය හා සමග, සතර සම්ප්‍රයොග ලක්‍ෂණයෙන් යුක්තවූ ධර්‍මය තෙමේ කෙතෙක් ස්කන්‍ධ ධාතු ආයතනයන්ගේන්) සම්ප්‍රයොග වන ලද්දේද?
9. සතර සම්ප්‍රයොග ලක්‍ෂණයෙන් යුක්තවූ (ධර්‍මය හා සමග සතර සම්ප්‍රයොග ලක්‍ෂණයෙන් සම්ප්‍රයුක්තවූ ධර්‍මය තෙමේ කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සම්ප්‍රයෝග වන ලද්දේද?
10. (සතර සම්ප්‍රයොග ලක්‍ෂණයෙන් නොයෙදුනාවූ ධර්‍මය හා සමග) විප්‍රයුක්තවූ (ධර්‍මය තෙමේ කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) විප්‍රයුක්ත වන ලද්දේද?
11. (ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සංග්‍රහ කරණ ලදුව ( කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සම්ප්‍රයුක්ත වන ලද්දේද? (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) විප්‍රයුක්ත වන ලද්දේදැයිද?
12. (සතර සම්ප්‍රයොග ලක්‍ෂණයෙන්) සම්ප්‍රයුක්ත වන ලදුව, (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සංග්‍රහ වන ලද්දේද? (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සංග්‍රහ නොවන ලද්දේද?
13. (ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සංග්‍රහ නොකරණ ලදුව ( කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සම්ප්‍රයුක්ත වන ලද්දේද? (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) විප්‍රයුක්ත වන ලද්දේද?
14. විප්‍රයුක්ත වන ලදුව, (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සංග්‍රහ කරණ ලද්දේද? (කෙතෙක් ස්කන්‍ධ ආයතන ධාතූන්ගෙන්) සංග්‍රහ නොකරණ ලද්දේද?
මෙසේ මේ තබන ලද්දාවූ මොතොමෝ නය මාතෘකා නම් වේ.
අබ්භ්‍යන්තර මාතෘකාවෙහි
15. පඤ්ච ප්‍රකාරවූ ස්කන්‍ධ, දොළොස් ප්‍රකාරවූ ආයතන, අටළොස් ධාතු, සතර වැදෑරුම්වූ සත්‍ය, දෙවිසි වැදෑරුම්වූ ඉන්‍ද්‍රිය, පටිච්ච සමුප්පාද ධර්‍ම, සතර සතිපට්ඨාන, සතර කෘත්‍යයක් ඇති වීය්‍ර්‍ය, සතරාකාරවූ ඎද්Ȁdධිපාද, සතරාකාරවූ ධ්‍යාන, සතරාකාරවූ අප්‍රමාණ්‍ය ධර්‍ම, ශ්‍රද්Ȁdධාදී පඤ්චෙන්‍ද්‍රිය ධර්‍ම, ශ්‍රද්ධාදී පඤ්චබල ධර්‍ම, සප්ත ප්‍රකාරවූ බොද්Ȁdධ්‍යංග ධර්‍ම, ආය්‍ර්‍ය අෂ්ඨාංගීක මාර්‍ගය, ස්පර්‍ශයද, වෙදනාවද, සංඥාවද, චෙතනාවද, සිතද, අධිමොක්‍ෂයද, මනසිකාරයද, තුන් වැදෑරුම් සංග්‍රහ ක්‍රමයද, තුන් වැදෑරුම් අසංග්‍රහ ක්‍රමයද, සතර වැදෑරුම් සම්ප්‍රයෝග ලක්‍ෂණයෙන් යුක්තවූ ක්‍රමයද, සතරාකාර විප්‍රයෝගද, සභාගද, විසභාගද, යන සියලු ධර්‍ම කොටස් ධාතු කථාවෙහි මාතිකා නම් වන්නීය.