Category Archives: 3.ධාතුකථා ප්‍රකරණය

3. අසංගහිතෙන සංගහිත පද නිද්දෙසය.

1. වෙදනා ස්කන්‍ධය කරණ කොටගෙන යම් ධර්ම කෙනෙක්, සඤ්ඤා ස්කන්‍ධය කරණ කොටගෙන යම් ධර්ම කෙනෙක්, සංඛාර ස්කන්‍ධය කරණ කොටගෙන යම් ධර්ම කෙනෙක්, සමුදය ස්කන්‍ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුද, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුද, ධර්මයෝ කෙතෙක් ස්කන්‍ධයෙන්, කෙතෙක් ආයතනයෙන්, කෙතෙක් ධාතුවෙන් සංග්‍රහ වෙත්ද? ඒ ධර්මයෝ අසංඛත ස්කන්‍ධයන් අත්හැර ස්කන්‍ධ තුනකින්ද, එක …

Continue reading

2. සංග්‍රහ අසංග්‍රහ පද නිර්දේශය.

1. චක්ඛායතනය විසින් යම් ධර්ම කෙනෙක් -පෙ- ඵොට්ඨබ්බායතනය විසින් යම් ධර්ම කෙනෙක් චක්ඛු ධාතුව විසින් යම් ධර්ම කෙනෙක් -පෙ- ඵොට්ඨබ්බ ධාතුව විසින් යම් ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරණ ලද්දාහුය. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොකරණ ලද්දාහුය. ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින්, කෙතෙක් ආයතනයන් විසින්, කෙතෙක් ධාතූන් විසින් සංග්‍රහ නොකරණ ලද්දාහුද? ඒ …

Continue reading

1. සංකත අසංකත පද නිද්දෙසය

1. රූපස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන්ගෙන්, කෙතෙක් ආයතනයන්ගෙන්, කෙතෙක් ධාතූන්ගෙන් සංග්‍රහ කරණ ලද්දේද? රූපස්කන්‍ධය එකම ස්කන්‍ධයෙන්, එකොළොස් ආයතනයකින්, එකොලොස් ධාතුවකින් සංග්‍රහ කරණ ලද්දේයි. කෙතෙක් ධර්‍මයන්ගෙන් සංග්‍රහ නොකරණ ලද්දේද? සතර ස්කන්‍ධයන්ගෙන්, එකම ආයතනයකින්, සප්ත විඥාන ධාතූන්ගෙන් සංග්‍රහ නොකරණ ලද්දේයි. 2. වෙදනාස්කන්‍ධය, කෙතෙක් ප්‍රමාණවූ ස්කන්‍ධයන්ගෙන්, කෙතෙක් ප්‍රමාණවූ ආයතනයන්ගෙන්, කෙතෙක් ප්‍රමාණවූ ධාතූන්ගෙන් සංග්‍රහ කරණ ලද්දේද? වෙදනා ස්කන්‍ධය, එකම ස්කන්‍ධයකින්, එකම …

Continue reading

මාතිකා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. මාතිකා. 1. කෙතෙක් (ස්කත්‍ධ, කෙතෙක් ආයතන, කෙතෙක් ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ කරණ ලද්දේද? සංග්‍රහ නොකරණ ලද්දේද? 2. (චක්ඛු යනාදී ආයතන ස්කන්‍ධ වශයෙන්) සංග්‍රහ කරණ ලදුව, (ආයතන ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ නොකරණ ලද්දාවූ (චක්ඛු නමැති ආයතනය හැර සත්විසි රූපාදිය, කෙතෙක් ස්කන්‍ධ කෙතෙක් ධාතූන් කරණකොට ගෙන) සංග්‍රහ නොකරණ ලද්දේද? (නොහොත් චක්‍ෂුර් …

Continue reading