සම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීය්‍ර්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් සේ උත්සාහ කෙරේද, උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීය්‍ර්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් සේ උත්සාහ කෙරේද, නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීය්‍ර්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් සේ උත්සාහ කෙරේද, උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිසද, වැඩීම පිණිසද, මහත්බව පිණිසද, භාවනාවන් සම්පූර්‍ණකිරීම පිණිසද කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීය්‍ර්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් සේ උත්සාහ කෙරේද, යනුයි.
කෙසේ මහණතෙම නූපන් ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීය්‍ර්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් සේ උත්සාහ කෙරේද, එහි නූපන් ලාමක අකුසල ධර්‍මයෝ කවරහුද? ලෝභය, දෝසය, මෝහය යන තුන් අකුසල මූලයෝය. එයට එකතුවූ ක්ලේශයෝය. ඒ හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය, සංඥා ස්කන්‍ධය, සංස්කාර ස්කන්‍ධය, විඤ්ඤාණ ස්කන්‍ධය යනුයි. එයින් සමුට්ඨානවූ කායකර්‍මය, වචීකර්‍මය, මනොකර්‍මය යනුයි. මෙය නූපන් ලාමක අකුසල ධර්‍මයෝයයි කියත්.
මෙසේ මේ ´´නූපන් ලාමක අකුසල ධර්‍මයන්ගේ නූපදීම පිණිස, කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍ය ආරම්භ කරයි. සිත දැඩිකොට ඔසවයි. කැමැත්ත උපදවයි.´´ ´´කැමැත්ත උපදවයි´´ යනු එහි කැමැත්ත කවරේද? යම් කැමැත්තක් ඇද්ද, කැමති බවක්, කරණු කැමැත්තක්, කුසලයක්, ධර්‍මයට කැමැත්තක් ඇද්ද, එයයි. මෙය කැමැත්තයයි කියනු ලැබේ. මේ කැමැත්ත උපදවයි. ඇති කරයි. විශෙෂයෙන් ඇතිකරයි. පහළ කරයි. විශෙෂයෙන් පහළ කරයි. එහෙයින් කැමැත්ත ඇතිකරයි යනු කියනු ලැබේ.
´´උත්සාහකරයි´´ යනු එහි උත්සාහය කවරේද? යම් චෛතසිකවූ වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, එයයි. මෙය උත්සාහයයි කියනු ලැබේ. මේ උත්සාහයෙන් යුක්තවූයේ වෙයි. විශෙෂයෙන් යුක්තවූයේ, පැමිණියේ, විශෙෂයෙන් පැමිණියේ, ඇතිවූයේ, සමන්නාගතවූයේ වෙයි. එහෙයින් වීය්‍ර්‍යය කෙරේයයි කියනු ලැබේ.
´´වීය්‍ර්‍යය ආරම්භ කෙරේය´´ යනු එහි වීය්‍ර්‍යය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, එයයි. මෙය වීය්‍ර්‍යයයි කියනු ලැබේ. මේ වීය්‍ර්‍යය පටන් ගනියි. විශෙෂයෙන් පටන්ගනියි. සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. එහෙයින් වීය්‍ර්‍යය ආරම්භ කෙරේයයි කියනු ලැබේ.
´´සිත දැඩිකොට ඔසවයි´´ යනු එහි චිත්තය කවරේද? යම් සිතක් ඇද්ද, මනයක්, මානසයක්, -පෙ- තජ්ජා, මනො විඤ්ඤාණ ධාතුද යනුයි. මෙය චිත්තයයි කියනු ලැබේ. මේ සිත දැඩිකොට ගනියි. විශෙෂයෙන් දැඩිකොට ගනියි. උපකාර කරයි. උසස්ව උපකාර කරයි. එහෙයින් සිත දැඩිකොට ගනීයයි කියනු ලැබේ.
´´බලවත් ලෙස උත්සාහ කෙරේය´´ යනු එහි බලවත් උත්සාහය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ.
කෙසේ මහණතෙම උපන් ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍යය ආරම්භ කරයි. සිත දැඩිකොට ඔසවයි. බලවත් උත්සාහය උපදවයි. එහි උපන් ලාමකවූ අකුසල ධර්‍මයෝ කවරහුද? ලෝභය, දෝසය, මෝහය යන තුන් අකුසල මූලයෝය. එයට එකතුවූ ක්ලේශයෝය. ඒ හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය, සංඥා ස්කන්‍ධය, සංස්කාර ස්කන්‍ධය, විඤ්ඤාණ ස්කන්‍ධය යනුයි. එයින් උපන් කායකර්‍මය, වචීකර්‍මය, මනොකර්‍මය යනුයි. මොවුහු උපන් ලාමක අකුසල ධර්‍මයෝයයි කියත්. මෙසේ මේ උපන් ලාමක අකුසල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස, කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍ය ආරම්භ කරයි. සිත දැඩිකොට ඔසවයි. කැමැත්ත උපදවයි.´´ ´´කැමැත්ත උපදවයි´´ යනු එහි කැමැත්ත කවරේද? යම් කැමැත්තක් ඇද්ද, කැමති බවක්, කරණු කැමැත්තක්, කුසලයක්, ධර්‍මයට කැමැත්තක් ඇද්ද, එයයි. මෙය කැමැත්තයයි කියනු ලැබේ. මේ කැමැත්ත උපදවයි. ඇති කරයි. විශෙෂයෙන් ඇතිකරයි. පහළ කරයි. විශෙෂයෙන් පහළ කරයි. එහෙයින් කැමැත්ත ඇතිකරයි යනු කියනු ලැබේ. බලවත් උත්සාහය යනු -පෙ- උත්සාහ කරයි යනු -පෙ- වීය්‍ර්‍යය ආරම්භකෙරේ යනු -පෙ- සිත දැඩිසේ ඔසවයි යනු -පෙ- කැමැත්ත උපදවයි යනු එහි බලවත් කැමැත්ත කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ. මේ බලවත් උත්සාහයෙන් යුක්තවූයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් බලවත් උත්සාහයයි කියනු ලැබේ.
කෙසේ මහණතෙම නූපන් අකුසල ධර්‍මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීය්‍ර්‍ය ආරම්භ කෙරේද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් සේ උත්සාහ කෙරේද?
එහි නූපන් කුසල ධර්‍මයෝ කවරහුද? අලොභය අදොසය අමොහය යන කුසල් මුල් තුනද, එය හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය -පෙ- විඥාන ස්කන්‍ධය යනුයි. එයින් උපන් කාය කර්‍මය, වචි කර්‍මය, මනොකර්‍මය යනුයි. මොවුහු නුපන් කුසල ධර්‍මයෝයයි කියත්. මෙසේ මේ නූපන් කුසල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍ය ආරම්භ කරයි. සිත දැඩිකොට ඔසවයි. කැමැත්ත උපදවයි.´´ බලවත් උත්සාහය උපදවයි.
´´කැමැත්ත උපදවයි´´ යනු -පෙ- උත්සාහ කෙරේය යනු -පෙ- වීය්‍ර්‍යය ආරම්භ කෙරේය යනු -පෙ- සිත දැඩිසේ ඔසවයි යනු -පෙ- ´´බලවත් උත්සාහය උපදවයි´´ යනු එහි බලවත් උත්සාහය කවරේද? යම් චෛතසිකවූ වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, එයයි. මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ. මේ බලවත් උත්සාහයෙන් යුක්තවුයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් බලවත් උත්සාහයයි කියනු ලැබේ.
කෙසේ මහණතෙම උපන් කුසල ධර්‍මයන්ගේ පැවතීම පිණිස. වැඩීම පිණිස, මහත්බව පිණිස, භාවනාවන් සම්පූර්‍ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍යය පටන් ගනියි. බලවත් ලෙස උත්සාහ කරයි.
එහි උපන් කුශල ධර්‍මයෝ කවරහුද? එයින් අලොභය අදොසය අමොහය යන කුසල් මුල් තුනද, එය හා සම්ප්‍රයුක්තවූ වේදනා ස්කන්‍ධය -පෙ- විඥාන ස්කන්‍ධය යනුයි. උපන් කායකර්‍මය, වචීකර්‍මය, මනොකර්‍මය යන මොවුහු උපන් කුසල ධර්‍මයෝයයි කියත්. මෙසේ මේ උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිස, වැඩීම පිණිස, මහත්බව පිණිස, භාවනාවන් සම්පූර්‍ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍යය ආරම්භ කරයි. සිත දැඩිකොට ඔසවයි. බලවත් ලෙස උත්සාහ කරයි. පැවතීම යනු යම් පැවැත්මක් ඇද්ද, එය අසම්මොඝයයි. යම් අසම්මොඝයක් ඇද්ද, එය මහත් බවයි. යම් මහත් බවක් ඇද්ද, එය විපුල බවයි. යම් විපුල බවක් ඇද්ද, එය භාවනාවයි. යම් භාවනාවක් ඇද්ද, එය වැඩීමයි. කැමැත්ත උපදවයි යනු -පෙ- උත්සාහ කෙරේය යනු -පෙ- වීය්‍ර්‍යය ආරම්භ කෙරේය යනු -පෙ- සිත දැඩිසේ ඔසවයි යනු -පෙ- බලවත් ලෙස උත්සාහ කරයි යනු.
එහි බලවත් උත්සාහය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, එයයි. මෙය බලවත් උත්සාහය යයි කියනු ලැබේ. මේ බලවත් උත්සාහයෙන් යුක්තවූයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් බලවත්සේ උත්සාහ කිරීමයයි කියනු ලැබේ.
(සුත්තන්ත භාජනිය නිමි. )