අභිධම්ම භාජනිය.

10.  සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ සස්නෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය පටන් ගනියි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් ලෙස උත්සාහ කරයි.    උපන් ලාමක අකුශල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය පටන් ගනියි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් ලෙස උත්සාහ කරයි.    නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය පටන් ගනියි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් ලෙස උත්සාහ කරයි.    උපන් කුශල ධර්මයන්ගේ පැවතීම පිණිස,  වැඩීම පිණිස,  මහත් බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි.   උත්සාහ කරයි.   වීය්‍ර්‍යය පටන් ගනියි.   සිත දැඩිකොට ඔසවයි.   බලවත් ලෙස උත්සාහ කරයි.   කෙසේ මහණතෙම නූපන් ලාමක අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද,   උත්සාහ කෙරෙයිද,   වීය්‍ර්‍යය පටන් ගනියිද,   සිත දැඩිකොට ඔසවයිද,    බලවත්සේ උත්සාහ කෙරේද?   මේ සස්නෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි නූපන් අකුශල ධර්මයන්ගේ නූපදිම පිණිස,  කැමැත්ත උපදවයි.   වෑයම් කරයි.   වීය්‍ර්‍යය පටන්ගනියි.   සිත දැඩිසේ ඔසවයි.   බලවත්සේ උත්සාහ කරයි.   කැමැත්ත  උපදවයි යනු එහි කැමැත්ත කවරේද?   යම් කැමැත්තක් ඇද්ද,  කැමතිවීමක් කරණු කැමැත්තක්,  දක්‍ෂබවක්,  ස්වභාවයෙන් කැමැත්තක් ඇද්ද,  එයයි.   මෙය කැමැත්තයයි කියනු ලැබේ.   මේ කැමැත්ත උපදවයි.   නැවත නැවත උපදවයි.   කිසි අනතුරකින් වැටුන ඡන්දය නැවත ඔසවයි.   නොසිඳී පැවැත්ම පිණිස පමුණුවයි.   එයම ප්‍රකට කරයි.   ප්‍රමුඛභාවය ඇතිකරයි.   එහෙයින් කැමැත්ත උපදවයි යනු කියයි.   උත්සාහ කෙරේ යනු එහි උත්සාහය කවරේද?   යම් චෛතසික විය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  විරිය සම්බොජඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය උත්සාහයයි කියනු ලැබේ.   මේ උත්සාහයෙන් යුක්තවූයේ වෙයි.   විශෙෂයෙන් යුක්තවූයේ වෙයි.   පැමිණියේ වෙයි.   විශෙෂයෙන් පැමිණියේ වෙයි.   උපන්නේ වෙයි.   යුක්තවූයේ වෙයි.   එහෙයින් උත්සාහය කෙරේයයි කියනු ලැබේ.

´´වීය්‍ර්‍යය පටන් ගනියි´´ යනු එහි විය්‍ර්‍යය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  විරිය සම්බොජඣංගයක් ඇද්ද,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය වීය්‍ර්‍යයයි කියනු ලැබේ.   මෙම වීය්‍ර්‍යය පටන්ගනියි.   විශෙෂයෙන් පටන්ගනියි.   සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් වීය්‍ර්‍යය  ආරම්භ කෙරේයයි කියනු ලැබේ.

´´සිත දැඩිකොට ඔසවයි´´ යනු එහි සිත කවරේද?   යම් සිතක් ඇද්ද,  මනසයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුවක් ඇද්ද,  එයයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ සිත දැඩිසේ ඔසවයි.    නැවත නොවැවෙන සේ ඔසවයි.   වීය්‍ර්‍යයෙන් රුකුල් දෙයි.   වැඩි වැඩියෙන් වීය්‍ර්‍යයෙන් රුකුල් දෙයි.   එහෙයින් සිත දැඩිකොට ඔසවායයි කියනු ලැබේ.   ´´බලවත් ලෙස උත්සාහ කරයි´´ යනු එහි සම්‍යක් ප්‍රධානය (බලවත් උත්සාහය) කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, විරිය සම්බොජඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සම්‍යක් ප්‍රධානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්මයෝ සම්‍යක්ප්‍රධාන සම්ප්‍රයුක්තයෝය.

11. කෙසේ මහණතෙම උපන් ලාමක අකුසල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද?   මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම,  -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   යම් සමයයක උපන් ලාමක අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද?

´´කැමැත්ත උපදවයි´´ යනු   -පෙ-  ´´උත්සාහ කෙරේය´´ යනු  -පෙ-  ´´වීය්‍ර්‍යය ආරම්භ කෙරේය´´ යනු  -පෙ-  සිත දැඩිසේ ඔසවයි´´  -පෙ-  ´´බලවත් උත්සාහ කරයි.´´

එහි බලවත් උත්සාහය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, වීය්‍ර්‍ය  සම්බොධ්‍යංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සම්‍යක් ප්‍රධානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්මයෝ සම්‍යක්ප්‍රධාන සම්ප්‍රයුක්තයෝය.

12.  කෙසේ මහණතෙම නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද?   මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද?

´´කැමැත්ත උපදවයි´´ යනු   -පෙ-  ´´උත්සාහ කරයි´´  යනු  -පෙ-  ´´වීය්‍ර්‍යය පටන්ගනියි´´ යනු  -පෙ-  ´´සිත දැඩිසේ ඔසවයි´´ යනු,  -පෙ-  ´´බලවත් උත්සාහ කරයි´´ යනු  -පෙ-

13.  එහි බලවත් උත්සාහය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් විරිය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ.     අවශෙෂ ධර්මයෝ බලවත් උත්සාහය හා සම්ප්‍රයුක්තයෝය.

14.  කෙසේ මහණතෙම උපන් කුසල ධර්මයන්ගේ පැවතීම පිණිස,  වැඩීම පිණිස,  මහත්බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණකිරීම පිණිස,  කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද?   මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිස,  පළමු භූමියට පැමිණීම පිණිස,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  දුක්වූ ප්‍රතිපදා ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි උපන් කුසල ධර්මයන්ගේ පැවතීම පිණිස වැඩීම පිණිස,  මහත්බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණ කිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද?

´´පැවතීම පිණිස´´ යනු යම් පැවැත්මක් ඇද්ද,  එය නොනැසීම් බවයි.   යම් නොනැසීම් බවක් ඇද්ද,  එය නැවත නැවත වැඩීමයි.   යම් නැවත නැවත වැඩීමක් ඇද්ද,  එය මහත් බවයි.   යම් මහත් බවක් ඇද්ද,  එය භාවනාවයි.   යම් භාවනාවක් ඇද්ද,  එය සම්පූර්‍ණ කිරීමයි.

´´කැමැත්ත උපදවයි´´ යනු එහි කැමැත්ත කවරේද?   යම් කැමැත්තක්,  කැමති බවක්,  කරණු කැමැත්තක්,  දක්‍ෂ බවක්,  ස්වභාවයෙන් කැමැත්තක් ඇද්ද,  එයයි.   මෙය කැමැත්තයයි කියනු ලැබේ.   මේ කැමැත්ත උපදවයි.   නැවත නැවත උපදවයි.   කිසි අනතුරකින් වැටුන ඡන්‍දය නැවත ඔසවයි.   නොසිඳී පැවැත්ම පිණිස පමුණුවයි.   එයම ප්‍රකට කරයි.   ප්‍රමුඛභාවය ඇතිකරයි.   එහෙයින් කැමැත්ත උපදවයි යනු කියනු ලැබේ.

´´උත්සාහ කෙරේ´´ යනු එහි උත්සාහය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්,  විරිය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය උත්සාහය යයි කියනු ලැබේ.     මේ උත්සාහයෙන් යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් උත්සාහ කෙරේ යයි කියනු ලැබේ.

´´වීය්‍ර්‍යය ආරම්භ කෙරේය´´ යනු එහි විය්‍ර්‍යය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්,  විරිය සම්බොජඣංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි.   මෙය වීය්‍ර්‍යයයි කියනු ලැබේ.   මේ වීය්‍ර්‍යය පටන්ගනියි.   විශෙෂයෙන් පටන්ගනියි.   සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් වීය්‍ර්‍යය  පටන්ගනියීයයි කියනු ලැබේ.   ´´සිත දැඩිසේ ඔසවයි´´ යනු එහි සිත කවරේද?   යම් සිතක්,  ´´මන´´ යක්,  ´´මානස´´ යක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුවක් ඇද්ද,  එයයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ සිත දැඩිසේ ඔසවයි.    නැවත නොවැටෙන සේ ඔසවයි.   වීය්‍ර්‍යයෙන් රුකුල් දෙයි.   බලවත් ලෙස උත්සාහ කරයි යනු එහි බලවත් උත්සාහය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්, විරිය සම්බොජඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ.   සෙසු ධර්මයෝ බලවත් උත්සාහයහ.  සම්ප්‍රයුක්තයෝය.   එහි බලවත් උත්සාහය කවරේද?

15. මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම,  -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක්, -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්, විරිය සම්බොජඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය බලවත් උත්සාහයයි කියනු ලැබේ.   සෙසු ධර්මයෝ බලවත් උත්සාහයහ.  සම්ප්‍රයුක්තයෝය.

(අභිධම්ම භාජනිය නිමි.)