පඤ්හ පුච්ඡකය

42. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.

43. සතර සතිපට්ඨානයන් අතුරෙන් කුසල් කෙතෙක්ද? අකුසල් කෙතෙක්ද? අව්‍යාකෘත කෙතෙක්ද? -පෙ- සරණයෝ කෙතෙක්ද? අරණයෝ කෙතෙක්ද? කුසල්වූවෝ වෙති. අව්‍යාකෘතවූවෝ වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති. දුක් නොවූ, සැප නොවූ වේදනාව හා යුක්තවූවෝ වෙති. විපාකවූවෝ වෙති. විපාක ධර්‍ම ධර්‍මවූවෝ වෙති. අනුපාදින්න උපාදානියයෝය. අසංකිලිට්ඨයෝය. අසංකිලෙසිකයෝය. සවිතර්‍ක සවිචාරවූවෝ වෙති. අවිතර්‍ක විචාර මාත්‍ර වූවෝ වෙති. අවිතර්‍ක ප්‍රීති සහගතවූවෝ වෙති. සුඛ සහගතවූවෝ වෙති. උපෙක්‍ෂා සහගතවූවෝ වෙති. දර්‍ශනයෙන් (සෝවාන් මාර්‍ගයෙන්) නොව භාවනාවෙන් (ඉතිරි මාර්ග තුනින්) නොව දුරුකටයුතුය. දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොව දුරු කටයුතු හේතුකය. අපචයගාමීවූවෝ වෙති. ආචයගාමී නොව අපචයගාමී නොවූවෝ වෙති. සෙඛවූවෝ වෙති. අසෙඛවූවෝ වෙති. අප්‍රමාණවූවෝ වෙති. අප්පමාණාරම්මණවූවෝ වෙති. ප්‍රණීතවූවෝ වෙති. සම්මත්ත නියතයෝ වෙති. අනියතවූවෝ වෙති. මග්ගාරම්මණවූවෝ වෙති. මග්ගහේතුකවූවෝ වෙති. මග්ගාධිපතිවූවෝ වෙති. මග්ගහේතුකයයිද මග්ගාධිපතියයිද නොකිය යුතු වෙයි. උප්පන්නවූවෝ වෙති. අනුප්පන්නවූවෝ වෙති. උප්පාදීවූවෝ වෙති. අනාගත වූවෝ වෙති. පච්චුප්පන්නවූවෝ වෙති. අතීතාරම්මණයයිද, අනාගතාරම්මණයයිද, පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය. අජ්ඣත්තවූවෝ වෙති. බාහිරවූවෝ වෙති. අජ්ඣත්ත බහිද්ධාවූවෝ වෙති. බහිද්ධාරම්මණවූවෝ වෙති. අනිදර්‍ශන අප්‍රතියෝය. හේතු නොවූවෝ සහේතුකයෝය. හේතු සම්ප්‍රයුක්තයෝය.

හේතුද සහේතුකයයිද, සහේතුකද හේතු නොවූයේයයිද නොකිය යුතුය. හේතුද හේතු සම්ප්‍රයුක්තයයිද, හේතු සම්ප්‍රයුක්තද හේතු නොවේයයිද නොකිය යුතුය. හේතු නොවූවෝ සහේතුකයෝය. ප්‍රත්‍යය සහිතයෝය. සංඛතයෝය. අනිදර්‍ශනයෝය. අප්පටියෝය. අරූපයෝය. ලොකෝත්තරයෝය. කිසි ඉන්‍ද්‍රියකින් දතයුතුය. කිසි ඉන්‍ද්‍රියකින් නොදතයුතුය. ආශ්‍රව නොවූවෝය. අනාශ්‍රවයෝය. ආශ්‍රව විප්‍රයුක්තයෝය. ආශ්‍රවද සාශ්‍රවයයිද, සාශ්‍රවද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය. ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද, ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය. ආශ්‍රව විප්‍රයුක්ත අනාශ්‍රවයෝය. සංයෝජන නොවූවෝය. -පෙ- ග්‍රන්‍ථ නොවූවෝය. -පෙ- ඔ නොවූවෝය. -පෙ- යොග නොවූවෝය. -පෙ- නීවරණ නොවූවෝය. -පෙ- පරාමාස නොවූවෝය. -පෙ- සාරම්මණයෝය. චිත්තයෝ නොවෙති. චෛතසිකයෝය. චිත්ත සම්ප්‍රයුක්තයෝය. චිත්ත සංසට්ඨයෝය. චිත්ත සමුට්ඨානයෝය. සිත සමග එකට උපන් නෝය. සිත අනුව පරිවර්‍තනය වන්නෝය. චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය. චිත්ත සංසට්ඨ හා එකට උපන්නෝය. චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුව පරිවර්‍තනය වන්නේය. බාහිරයෝය. උපාදා නොවූවෝය. අනුපාදින්නයෝය. උපාදාන නොවූවෝය. -පෙ- ක්ලේශ නොවූවෝය. -පෙ- දර්‍ශනයෙන් දුරු කටයුතු නොවේ. භාවනාවෙන් දුරු කටයුතු නොවේ. දර්‍ශනයෙන් දුරු කටයුතු හේතුක නොවේ. භාවනාවෙන් දුරු කටයුතු හේතුක නොවේ. සවිතර්‍කවූවෝ වෙති. අවිතර්‍කවූවෝ වෙති. සවිචාරවූවෝ වෙති. අවිචාරවූවෝ වෙති. සප්‍රීතිකවූවෝ වෙති. අප්‍රීතිකවූවෝ වෙති. ප්‍රීති සහගතවූවෝ වෙති. ප්‍රීති සහගත නොවූවෝ වෙති. සුඛ සහගතවූවෝ වෙති. සුඛ සහගත නොවූවෝ වෙති. උපෙක්‍ෂා සහගතවූවෝ වෙති. උපෙක්‍ෂා සහගත නොවූවෝ වෙති. කාමාවචර නොවූවෝ වෙති. රූපාවචර නොවූවෝ වෙති. අරූපාවචර නොවූවෝ වෙති. අපරියාපන්නයෝය. නීය්‍යානිකවූවෝ වෙති. අනීය්‍යානිකවූවෝ වෙති. නියතවූවෝ වෙති. අනියතවූවෝ වෙති. අනුත්තරයෝ වෙති. අරණයෝ වෙති යනුයි.

පඤ්හ පුච්ඡකයයි.

(සතිපට්ඨාන විභඞ්ගය නිමි.)
—————