24. කෙසේ මහණතෙම ධර්මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් උපන්නාවූ කාමච්ඡන්‍දයාගේ දුරුකිරීම වන්නේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් දුරුකරණලද කාමච්ඡන්‍දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණය දැනගනී. ඇත්තාවූ ආධ්‍යාත්මිකවු ව්‍යාපාදය -පෙ- තමා තුළ ඇත්තාවූ ථීනමිද්ධය -පෙ- තමා තුළ ඇත්තාවූ උද්ධච්ච කුක්කුච්චය -පෙ- තමා කෙරෙහි ඇත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දැනගනියි. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරුකිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුවු විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දනියි. තමා තුළ ඇත්තාවූ සති සම්බොධ්‍යංගය, මා තුළ සිති සම්බොධ්‍යංගය ඇතැයි දැනගනියි. තමා තුළ නැත්තාවූ හෝ සතිසම්බොධ්‍යංගය මා තුළ සති සම්බොධ්‍යංගය නැතැයි දැනගනියි. යම් පරිද්දකින් නූපන්නාවූ සති සම්බොජඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනියි. යම් පරිද්දකින් උපන්නාවූ සති සම්බොජඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනියි. තමා කෙරෙහි ඇත්තාවූ හෝ ධම්මවිචය (ප්‍රඥාව) සම්බොජ්ඣංගය – පෙ- තමා කෙරෙහි ඇත්තාවූ හෝ විරිය සම්බොධ්‍යංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ පීති සම්බොජ්ඣංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ඣංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ සමාධි සම්බොජ්ඣංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය මා තුළ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය ඇතැයි දැනගනියි. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය මා තුළ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය නැතැයි දැනගනියි. යම් කරුණකින් නූපන්නාවූ උපෙක්‍ෂා සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනියි. යම් කරුණකින් උපන්නාවූ උපෙක්‍ෂා සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතට ගෙන බාහිර ධර්‍මයන්හි සිත උපසංහරණය කරයි.
25. කෙසේ භික්‍ෂුව බාහිර ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, ඒ කාරණය දැනගනී. යම් හෙයකින් උපන්නාවූ කාමච්ඡන්‍දයාගේ දුරුකිරීම වන්නේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් දුරුකරණලද කාමච්ඡන්‍දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණය දැනගනී. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතට ගෙන තමන්ගේද, අනුන්ගේද ධර්‍මයන්හි සිත උපසංහරණය කරයි.
26. කෙසේ මහණතෙම තමන්ගේද, අනුන්ගේද ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, ඒ කාරණය දැනගනී. යම් හෙයකින් උපන්නාවූ කාමච්ඡන්‍දයාගේ දුරුකිරීම වන්නේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් දුරුකරණලද කාමච්ඡන්‍දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණය දැනගනී.
27. මෙසේ මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි අභිධ්‍යාව දොම්නස දුරුකොට ආධ්‍යාත්මික බාහිර ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි. ´´අනුව බලන්නේය´´ යනු එහි අනුව බැලීම කවරේද? යම් ප්‍රඥාවක් ඇද්ද, පජානනයක් ඇද්ද -පෙ- අමොහයක්, ධම්මවිචයක්, සම්මාදිට්ඨියක් ඇද්ද එයයි. මෙය බැලීමයයි කියනු ලැබේ. මේ අනුපස්සනාවෙන් යුක්තවූයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සම්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි. එහෙයින් අනුව බැලීමයයි කියනු ලැබේ.
28. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි. පවතියි. පාලනයකරයි. යැපෙයි. ජීවත්වෙයි. එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.
´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේය´´ යනු එහි කෙලෙස් තවන වීය්‍ර්‍යය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, එයයි. මෙය කෙලෙස් තවන වීය්‍ර්‍යයයි කියනු ලැබේ. මේ කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවුයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් කෙලෙස් තවන විය්‍ර්‍ය ඇත්තේයයි කියනු ලැබේ.
´´සම්‍යක් ප්‍රඥාව ඇත්තේය´´ යනු එහි සම්‍යක් ප්‍රඥාව කවරේද? යම් ප්‍රඥාවක් ඇද්ද, පජානනයක් ඇද්ද -පෙ- අමොහයක්, ධම්මවිචයක්, සම්මාදිට්ඨියක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ප්‍රඥාවයයි කියනු ලැබේ. මේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් සම්‍යක් ප්‍රඥාව ඇත්තේයයි කියනු ලැබේ.
´´සිහිය ඇත්තේ´´ යනු එහි සිහිය කවරේද? යම් සිහියක් ඇද්ද, අනුස්සතියක් ඇද්ද -පෙ- සම්මා සතියක් ඇද්ද, එයයි. මෙය සතියයි කියනු ලැබේ. මේ සිහියෙන් යුක්තවුයේ වෙයි. සමුපෙත වූයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් සිහිය ඇත්තේයයි කියනු ලැබේ.
´´ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට´´ යනු එහි ලෝකය කවරේද? ඒ ධර්‍මයම ලෝකයයි. උපාදාන ස්කන්‍ධ පසද ලෝකයයි. මෙය ලෝකයයි කියනු ලැබේ.
29. එහි අභිධ්‍යාව කවරේද? (161 පිටුවේ 3ු )සස´ ´ මෙය ලෝභයයි කියනු ලැබේ.
30. එහි දොමනස්සය කවරේද? යම් චෛතසිකවූ සිහිල් නොවූ බවක් චෛතසිකවූ දුකක් සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ දුක්වූ විඳියයුතු සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ දුක්වූ වේදනාවයි. මෙය දොමනස්සයයි කියනු ලැබේ. මේ මේ ලෝභයද, මේ දොමනස්සයද මෙසේය. මේ ලෝකයෙහි විනීතවූවා වෙද්ද -පෙ- එහෙයින් ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොටයයි කියනු ලැබේ.
( ධම්මානුපස්සනා නිද්දේසය නිමි. )
———-