චිත්තානුපස්සනා නිද්දේසය

19. කෙසේ මහණතෙම තමන්ගේ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණ තෙම සරාග (අට වැදෑරුම් ලෝභ සහගත) සිත රාග සිතයයි දැනගනියි. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවැදෑරුම් දෝසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී. වීතදෝස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී. සමොහ (දෙවැදෑරුම් මෝහ මූලවූ හෝ දොළොස් අකුසල්වූ හෝ) සිත සමෝහ සිතයයි දැනගනියි. වීත මෝහ (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතමෝහ සිතයයි දැනගනියි. සංඛිත්ත (ථීනමිද්ධයන් හා යෙදුන) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනියි. වික්ඛිත්ත (උද්ධච්චය හා යෙදුන) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනියි. මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනියි. අමහග්ගත (කාමාවචර) සිත හෝ අමග්ගත සිතයයි දැනගනියි. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනියි. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි දැනගනියි. සමාහිත (අර්‍පණ සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනියි. අසමාහිත (අර්‍පණ සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත අසමාහිත සිතයයි දැනගනියි. විමුත්ත (තදංග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුන) සිත විමුත්ත සිතයයි දැනගනියි. අවිමුත්ත (තදංග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුන) සිත හෝ අවිමුත්ත සිතයයි දැනගනියි. හෙතෙම මේ නිමිත්ත සෙවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. මනාකොට සිතේ තබා ගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනයකොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතේ තබා ගෙන, අනුන්ගේ සිතෙහි (තම) සිත උපසංහරණය කරයි.

20. කෙසේ භික්‍ෂුතෙම අනුන්ගේ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මෙහි මහණතෙම රාග සහිතවූ ඔහුගේ සිත රාග සහිතවූ ඔහුගේ සිතයයි දැනගනියි. වීතරාගවූ ඔහුගේ සිත වීතරාගවූ ඔහුගේ සිතයයි දැනගනියි. ෙවෂ සහිතවූ ඔහුගේ සිත ෙවෂ සහිතවූ ඔහුගේ සිතයයි දැනගනියි. වීත දෝෂවූ ඔහුගේ සිත වීතදෝෂවූ ඔහුගේ සිතයයි දැනගනියි. මෝහ සහිතවූ හෝ ඔහුගේ සිත මෝහ සහිතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. වීතමෝහවූ හෝ ඔහුගේ සිත වීතමෝහවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. සංඛිත්තවූ හෝ ඔහුගේ සිත සංඛිත්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. වික්‍ෂිප්තවූ හෝ ඔහුගේ සිත වික්‍ෂිප්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. මහග්ගතවූ හෝ ඔහුගේ සිත මහග්ගතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අමහග්ගතවූ හෝ ඔහුගේ සිත අමහග්ගතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. සඋත්තරවූ හෝ ඔහුගේ සිත සඋත්තරවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අනුත්තරවූ හෝ ඔහුගේ සිත අනුත්තරවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. සමාහිතවූ හෝ ඔහුගේ සිත සමාහිතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අසමාහිතවූ හෝ ඔහුගේ සිත අසමාහිතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. විමුත්තවූ හෝ ඔහුගේ සිත විමුත්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අවිමුත්තවූ හෝ ඔහුගේ සිත අවිමුත්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. මනාසේ සිතට ගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතට ගෙන තමන්ගේද, අනුන්ගේද සිතෙහි සිත උපසංහරණය කරයි.

21. කෙසේ මහණතෙම තමන්ගේද අනුන්ගේද සිතෙහි සිත අනුව බලමින් වෙසේද? මෙහි මහණතෙම රාග සහිතවූ හෝ සිත -පෙ- මෙසේ මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. අනුව බලයි යනු -පෙ- වාසය කෙරේය යනු -පෙ- කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ යනු -පෙ- සම්‍යක් ප්‍රඥා ඇත්තේ යනු -පෙ- සිහි ඇත්තේ යනු -පෙ-ලොකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට යනු එහි ලෝකය කවරේද? ඒ සිතම ලෝකයයි. පඤ්චෝපාදානස්කන්‍ධයද ලෝකයයි.

22. එහි අභිධ්‍යාව කවරේද? (මෙහි 161 පිටුවේ 3ු)සස´ ´ මෙය අභිධ්‍යාවයයි කියනු ලැබේ.

23. එහි දොමනස්සය කවරේද? යම් චෛතසිකවූ සිහිල් නොවූ බවක් චෛතසිකවූ දුකක් සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල්වූ දුක්වූ විඳියයුතු සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ දුක්වූ වේදනාවයි. මෙය දොමනස්සයයි කියනු ලැබේ. මේ අභිධ්‍යාවද මේ නොසතුටද මෙසේය. මේ ලෝකයෙහි විනීතවූවාහු වෙද්ද -පෙ- එහෙයින් ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොටයයි කියනු ලැබේ.

( චිත්තානුපස්සනා නිද්දේසය නිමි. )
———-