පඤ්හ පුච්ඡකය

42. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.

43. සතර සතිපට්ඨානයන් අතුරෙන් කුසල් කෙතෙක්ද? අකුසල් කෙතෙක්ද? අව්‍යාකෘත කෙතෙක්ද? -පෙ- සරණයෝ කෙතෙක්ද? අරණයෝ කෙතෙක්ද? කුසල්වූවෝ වෙති. අව්‍යාකෘතවූවෝ වෙති. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති. දුක් නොවූ, සැප නොවූ වේදනාව හා යුක්තවූවෝ වෙති. විපාකවූවෝ වෙති. විපාක ධර්‍ම ධර්‍මවූවෝ වෙති. අනුපාදින්න උපාදානියයෝය. අසංකිලිට්ඨයෝය. අසංකිලෙසිකයෝය. සවිතර්‍ක සවිචාරවූවෝ වෙති. අවිතර්‍ක විචාර මාත්‍ර වූවෝ වෙති. අවිතර්‍ක ප්‍රීති සහගතවූවෝ වෙති. සුඛ සහගතවූවෝ වෙති. උපෙක්‍ෂා සහගතවූවෝ වෙති. දර්‍ශනයෙන් (සෝවාන් මාර්‍ගයෙන්) නොව භාවනාවෙන් (ඉතිරි මාර්ග තුනින්) නොව දුරුකටයුතුය. දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොව දුරු කටයුතු හේතුකය. අපචයගාමීවූවෝ වෙති. ආචයගාමී නොව අපචයගාමී නොවූවෝ වෙති. සෙඛවූවෝ වෙති. අසෙඛවූවෝ වෙති. අප්‍රමාණවූවෝ වෙති. අප්පමාණාරම්මණවූවෝ වෙති. ප්‍රණීතවූවෝ වෙති. සම්මත්ත නියතයෝ වෙති. අනියතවූවෝ වෙති. මග්ගාරම්මණවූවෝ වෙති. මග්ගහේතුකවූවෝ වෙති. මග්ගාධිපතිවූවෝ වෙති. මග්ගහේතුකයයිද මග්ගාධිපතියයිද නොකිය යුතු වෙයි. උප්පන්නවූවෝ වෙති. අනුප්පන්නවූවෝ වෙති. උප්පාදීවූවෝ වෙති. අනාගත වූවෝ වෙති. පච්චුප්පන්නවූවෝ වෙති. අතීතාරම්මණයයිද, අනාගතාරම්මණයයිද, පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය. අජ්ඣත්තවූවෝ වෙති. බාහිරවූවෝ වෙති. අජ්ඣත්ත බහිද්ධාවූවෝ වෙති. බහිද්ධාරම්මණවූවෝ වෙති. අනිදර්‍ශන අප්‍රතියෝය. හේතු නොවූවෝ සහේතුකයෝය. හේතු සම්ප්‍රයුක්තයෝය.

හේතුද සහේතුකයයිද, සහේතුකද හේතු නොවූයේයයිද නොකිය යුතුය. හේතුද හේතු සම්ප්‍රයුක්තයයිද, හේතු සම්ප්‍රයුක්තද හේතු නොවේයයිද නොකිය යුතුය. හේතු නොවූවෝ සහේතුකයෝය. ප්‍රත්‍යය සහිතයෝය. සංඛතයෝය. අනිදර්‍ශනයෝය. අප්පටියෝය. අරූපයෝය. ලොකෝත්තරයෝය. කිසි ඉන්‍ද්‍රියකින් දතයුතුය. කිසි ඉන්‍ද්‍රියකින් නොදතයුතුය. ආශ්‍රව නොවූවෝය. අනාශ්‍රවයෝය. ආශ්‍රව විප්‍රයුක්තයෝය. ආශ්‍රවද සාශ්‍රවයයිද, සාශ්‍රවද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය. ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද, ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය. ආශ්‍රව විප්‍රයුක්ත අනාශ්‍රවයෝය. සංයෝජන නොවූවෝය. -පෙ- ග්‍රන්‍ථ නොවූවෝය. -පෙ- ඔ නොවූවෝය. -පෙ- යොග නොවූවෝය. -පෙ- නීවරණ නොවූවෝය. -පෙ- පරාමාස නොවූවෝය. -පෙ- සාරම්මණයෝය. චිත්තයෝ නොවෙති. චෛතසිකයෝය. චිත්ත සම්ප්‍රයුක්තයෝය. චිත්ත සංසට්ඨයෝය. චිත්ත සමුට්ඨානයෝය. සිත සමග එකට උපන් නෝය. සිත අනුව පරිවර්‍තනය වන්නෝය. චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය. චිත්ත සංසට්ඨ හා එකට උපන්නෝය. චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුව පරිවර්‍තනය වන්නේය. බාහිරයෝය. උපාදා නොවූවෝය. අනුපාදින්නයෝය. උපාදාන නොවූවෝය. -පෙ- ක්ලේශ නොවූවෝය. -පෙ- දර්‍ශනයෙන් දුරු කටයුතු නොවේ. භාවනාවෙන් දුරු කටයුතු නොවේ. දර්‍ශනයෙන් දුරු කටයුතු හේතුක නොවේ. භාවනාවෙන් දුරු කටයුතු හේතුක නොවේ. සවිතර්‍කවූවෝ වෙති. අවිතර්‍කවූවෝ වෙති. සවිචාරවූවෝ වෙති. අවිචාරවූවෝ වෙති. සප්‍රීතිකවූවෝ වෙති. අප්‍රීතිකවූවෝ වෙති. ප්‍රීති සහගතවූවෝ වෙති. ප්‍රීති සහගත නොවූවෝ වෙති. සුඛ සහගතවූවෝ වෙති. සුඛ සහගත නොවූවෝ වෙති. උපෙක්‍ෂා සහගතවූවෝ වෙති. උපෙක්‍ෂා සහගත නොවූවෝ වෙති. කාමාවචර නොවූවෝ වෙති. රූපාවචර නොවූවෝ වෙති. අරූපාවචර නොවූවෝ වෙති. අපරියාපන්නයෝය. නීය්‍යානිකවූවෝ වෙති. අනීය්‍යානිකවූවෝ වෙති. නියතවූවෝ වෙති. අනියතවූවෝ වෙති. අනුත්තරයෝ වෙති. අරණයෝ වෙති යනුයි.

පඤ්හ පුච්ඡකයයි.

(සතිපට්ඨාන විභඞ්ගය නිමි.)
—————

අභිධම්ම භාජනිය

31. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මිකවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික (තමන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ (අනුන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මික ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද,

32. කෙසේ මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. කයෙහි කය අනුව බලන්නේ වෙයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

33. කෙසේ මහණතෙම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. වේදනාවන්හි වේදනාව අනුව බැලීමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

34. කෙසේ මහණතෙම සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. සිතෙහි සිත අනුව බැලිමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. සෙසු ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

35. කෙසේ මහණතෙම ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ධර්‍මයෙහි ධර්‍මය අනුව බලන්නේ වෙයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

36. එහි සතිපට්ඨානය කවරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. ධර්‍මයන්හි ධර්‍මය අනුව බැලීමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

37. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද, සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, මෙසේ මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද,

මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම -පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, සූන්‍යතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. කයෙහි කය අනුව බැලීමයි. එසමයයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

38. කෙසේ මහණතෙම වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. වේදනාවන්හි වේදනාව අනුව බැලීමයි. එසමයයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

39. කෙසේ මහණතෙම සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. සිතෙහි සිත අනුව බැලීමයි. එසමයෙහි යම් සිහියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

40. කෙසේ මහණතෙම ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. ධර්‍මයෙහි ධර්‍මය අනුව බැලීමයි. එසමයයෙහි යම් සතියක් ඇද්ද, අනුස්සතියක්, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

41. එහි සතිපට්ඨානය කවරේද? මේ සස්නෙහි මහණතෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්‍මයෝ කුශලයෝය. ඒ ලෝකෝත්තර කුශලවූ ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම-පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, පඨමජ්ඣානයට සමවැද වාසය කරයි. වේදනාවන්හි වේදනාව අනුව බැලීමයි. එසමයයෙහි යම් සතියක් ඇද්ද, අනුස්සතියක් ඇද්ද, සම්මා සතියක්, සතිසම්බොජ්ඣඞ්ගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, මෙය සතිපට්ඨානයයි කියනු ලැබේ. අවශෙස ධර්‍මයෝ සතිපට්ඨාන සම්ප්‍රයුක්තයෝය.

( අභිධම්ම භාජනිය නිමි. )
———-

ධම්මානුපස්සනා නිද්දේසය

24. කෙසේ මහණතෙම ධර්මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් උපන්නාවූ කාමච්ඡන්‍දයාගේ දුරුකිරීම වන්නේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් දුරුකරණලද කාමච්ඡන්‍දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණය දැනගනී. ඇත්තාවූ ආධ්‍යාත්මිකවු ව්‍යාපාදය -පෙ- තමා තුළ ඇත්තාවූ ථීනමිද්ධය -පෙ- තමා තුළ ඇත්තාවූ උද්ධච්ච කුක්කුච්චය -පෙ- තමා කෙරෙහි ඇත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දැනගනියි. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරුකිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුවු විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දනියි. තමා තුළ ඇත්තාවූ සති සම්බොධ්‍යංගය, මා තුළ සිති සම්බොධ්‍යංගය ඇතැයි දැනගනියි. තමා තුළ නැත්තාවූ හෝ සතිසම්බොධ්‍යංගය මා තුළ සති සම්බොධ්‍යංගය නැතැයි දැනගනියි. යම් පරිද්දකින් නූපන්නාවූ සති සම්බොජඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනියි. යම් පරිද්දකින් උපන්නාවූ සති සම්බොජඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනියි. තමා කෙරෙහි ඇත්තාවූ හෝ ධම්මවිචය (ප්‍රඥාව) සම්බොජ්ඣංගය – පෙ- තමා කෙරෙහි ඇත්තාවූ හෝ විරිය සම්බොධ්‍යංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ පීති සම්බොජ්ඣංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ඣංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ සමාධි සම්බොජ්ඣංගය – පෙ-තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය මා තුළ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය ඇතැයි දැනගනියි. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය මා තුළ උපෙක්‍ෂා සම්බොජ්ඣංගය නැතැයි දැනගනියි. යම් කරුණකින් නූපන්නාවූ උපෙක්‍ෂා සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනියි. යම් කරුණකින් උපන්නාවූ උපෙක්‍ෂා සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතට ගෙන බාහිර ධර්‍මයන්හි සිත උපසංහරණය කරයි.

25. කෙසේ භික්‍ෂුව බාහිර ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, ඒ කාරණය දැනගනී. යම් හෙයකින් උපන්නාවූ කාමච්ඡන්‍දයාගේ දුරුකිරීම වන්නේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් දුරුකරණලද කාමච්ඡන්‍දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණය දැනගනී. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතට ගෙන තමන්ගේද, අනුන්ගේද ධර්‍මයන්හි සිත උපසංහරණය කරයි.

26. කෙසේ මහණතෙම තමන්ගේද, අනුන්ගේද ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්‍දය මා තුළ කාමච්ඡන්‍දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, ඒ කාරණය දැනගනී. යම් හෙයකින් උපන්නාවූ කාමච්ඡන්‍දයාගේ දුරුකිරීම වන්නේද, ඒ කාරණය දැනගනී. යම් කරුණකින් දුරුකරණලද කාමච්ඡන්‍දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණය දැනගනී.

27. මෙසේ මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි අභිධ්‍යාව දොම්නස දුරුකොට ආධ්‍යාත්මික බාහිර ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි. ´´අනුව බලන්නේය´´ යනු එහි අනුව බැලීම කවරේද? යම් ප්‍රඥාවක් ඇද්ද, පජානනයක් ඇද්ද -පෙ- අමොහයක්, ධම්මවිචයක්, සම්මාදිට්ඨියක් ඇද්ද එයයි. මෙය බැලීමයයි කියනු ලැබේ. මේ අනුපස්සනාවෙන් යුක්තවූයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සම්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි. එහෙයින් අනුව බැලීමයයි කියනු ලැබේ.

28. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි. පවතියි. පාලනයකරයි. යැපෙයි. ජීවත්වෙයි. එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේය´´ යනු එහි කෙලෙස් තවන වීය්‍ර්‍යය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද, එයයි. මෙය කෙලෙස් තවන වීය්‍ර්‍යයයි කියනු ලැබේ. මේ කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවුයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් කෙලෙස් තවන විය්‍ර්‍ය ඇත්තේයයි කියනු ලැබේ.

´´සම්‍යක් ප්‍රඥාව ඇත්තේය´´ යනු එහි සම්‍යක් ප්‍රඥාව කවරේද? යම් ප්‍රඥාවක් ඇද්ද, පජානනයක් ඇද්ද -පෙ- අමොහයක්, ධම්මවිචයක්, සම්මාදිට්ඨියක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ප්‍රඥාවයයි කියනු ලැබේ. මේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවුයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් සම්‍යක් ප්‍රඥාව ඇත්තේයයි කියනු ලැබේ.

´´සිහිය ඇත්තේ´´ යනු එහි සිහිය කවරේද? යම් සිහියක් ඇද්ද, අනුස්සතියක් ඇද්ද -පෙ- සම්මා සතියක් ඇද්ද, එයයි. මෙය සතියයි කියනු ලැබේ. මේ සිහියෙන් යුක්තවුයේ වෙයි. සමුපෙත වූයේ වෙයි. -පෙ- සමන්නාගතවූයේ වෙයි. එහෙයින් සිහිය ඇත්තේයයි කියනු ලැබේ.

´´ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොට´´ යනු එහි ලෝකය කවරේද? ඒ ධර්‍මයම ලෝකයයි. උපාදාන ස්කන්‍ධ පසද ලෝකයයි. මෙය ලෝකයයි කියනු ලැබේ.

29. එහි අභිධ්‍යාව කවරේද? (161 පිටුවේ 3ු )සස´ ´ මෙය ලෝභයයි කියනු ලැබේ.

30. එහි දොමනස්සය කවරේද? යම් චෛතසිකවූ සිහිල් නොවූ බවක් චෛතසිකවූ දුකක් සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ දුක්වූ විඳියයුතු සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ දුක්වූ වේදනාවයි. මෙය දොමනස්සයයි කියනු ලැබේ. මේ මේ ලෝභයද, මේ දොමනස්සයද මෙසේය. මේ ලෝකයෙහි විනීතවූවා වෙද්ද -පෙ- එහෙයින් ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොටයයි කියනු ලැබේ.

( ධම්මානුපස්සනා නිද්දේසය නිමි. )
———-

චිත්තානුපස්සනා නිද්දේසය

19. කෙසේ මහණතෙම තමන්ගේ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණ තෙම සරාග (අට වැදෑරුම් ලෝභ සහගත) සිත රාග සිතයයි දැනගනියි. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවැදෑරුම් දෝසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී. වීතදෝස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී. සමොහ (දෙවැදෑරුම් මෝහ මූලවූ හෝ දොළොස් අකුසල්වූ හෝ) සිත සමෝහ සිතයයි දැනගනියි. වීත මෝහ (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතමෝහ සිතයයි දැනගනියි. සංඛිත්ත (ථීනමිද්ධයන් හා යෙදුන) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනියි. වික්ඛිත්ත (උද්ධච්චය හා යෙදුන) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනියි. මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනියි. අමහග්ගත (කාමාවචර) සිත හෝ අමග්ගත සිතයයි දැනගනියි. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනියි. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි දැනගනියි. සමාහිත (අර්‍පණ සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනියි. අසමාහිත (අර්‍පණ සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත අසමාහිත සිතයයි දැනගනියි. විමුත්ත (තදංග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුන) සිත විමුත්ත සිතයයි දැනගනියි. අවිමුත්ත (තදංග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුන) සිත හෝ අවිමුත්ත සිතයයි දැනගනියි. හෙතෙම මේ නිමිත්ත සෙවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. මනාකොට සිතේ තබා ගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනයකොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතේ තබා ගෙන, අනුන්ගේ සිතෙහි (තම) සිත උපසංහරණය කරයි.

20. කෙසේ භික්‍ෂුතෙම අනුන්ගේ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද? මෙහි මහණතෙම රාග සහිතවූ ඔහුගේ සිත රාග සහිතවූ ඔහුගේ සිතයයි දැනගනියි. වීතරාගවූ ඔහුගේ සිත වීතරාගවූ ඔහුගේ සිතයයි දැනගනියි. ෙවෂ සහිතවූ ඔහුගේ සිත ෙවෂ සහිතවූ ඔහුගේ සිතයයි දැනගනියි. වීත දෝෂවූ ඔහුගේ සිත වීතදෝෂවූ ඔහුගේ සිතයයි දැනගනියි. මෝහ සහිතවූ හෝ ඔහුගේ සිත මෝහ සහිතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. වීතමෝහවූ හෝ ඔහුගේ සිත වීතමෝහවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. සංඛිත්තවූ හෝ ඔහුගේ සිත සංඛිත්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. වික්‍ෂිප්තවූ හෝ ඔහුගේ සිත වික්‍ෂිප්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. මහග්ගතවූ හෝ ඔහුගේ සිත මහග්ගතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අමහග්ගතවූ හෝ ඔහුගේ සිත අමහග්ගතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. සඋත්තරවූ හෝ ඔහුගේ සිත සඋත්තරවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අනුත්තරවූ හෝ ඔහුගේ සිත අනුත්තරවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. සමාහිතවූ හෝ ඔහුගේ සිත සමාහිතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අසමාහිතවූ හෝ ඔහුගේ සිත අසමාහිතවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. විමුත්තවූ හෝ ඔහුගේ සිත විමුත්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. අවිමුත්තවූ හෝ ඔහුගේ සිත අවිමුත්තවූ හෝ ඔහුගේ සිතයයි දැනගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. මනාසේ සිතට ගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතට ගෙන තමන්ගේද, අනුන්ගේද සිතෙහි සිත උපසංහරණය කරයි.

21. කෙසේ මහණතෙම තමන්ගේද අනුන්ගේද සිතෙහි සිත අනුව බලමින් වෙසේද? මෙහි මහණතෙම රාග සහිතවූ හෝ සිත -පෙ- මෙසේ මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. අනුව බලයි යනු -පෙ- වාසය කෙරේය යනු -පෙ- කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ යනු -පෙ- සම්‍යක් ප්‍රඥා ඇත්තේ යනු -පෙ- සිහි ඇත්තේ යනු -පෙ-ලොකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරුකොට යනු එහි ලෝකය කවරේද? ඒ සිතම ලෝකයයි. පඤ්චෝපාදානස්කන්‍ධයද ලෝකයයි.

22. එහි අභිධ්‍යාව කවරේද? (මෙහි 161 පිටුවේ 3ු)සස´ ´ මෙය අභිධ්‍යාවයයි කියනු ලැබේ.

23. එහි දොමනස්සය කවරේද? යම් චෛතසිකවූ සිහිල් නොවූ බවක් චෛතසිකවූ දුකක් සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල්වූ දුක්වූ විඳියයුතු සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ දුක්වූ වේදනාවයි. මෙය දොමනස්සයයි කියනු ලැබේ. මේ අභිධ්‍යාවද මේ නොසතුටද මෙසේය. මේ ලෝකයෙහි විනීතවූවාහු වෙද්ද -පෙ- එහෙයින් ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොටයයි කියනු ලැබේ.

( චිත්තානුපස්සනා නිද්දේසය නිමි. )
———-

වෙදනානුපස්සනා නිද්දේසය

15. කෙසේ මහණතෙම ආධ්‍යාත්මික වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම සැප වේදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳිමියි දැනගනියි. දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනියි. දුක්ද නොවූ, සැපද නොවූ වෙදනාවක් විඳින්නේ, දුක්ද නොවූ, සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනියි. කාමාසාවන් පිළිබඳවූ සැප වෙදනාවත් වි්දින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ සැප වෙදනාවක් විඳිමියි දැනගනියි. කාමාසාවන් පිළිබඳ නොවූ සැප වෙදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ සැප වෙදනාවක් විඳිමියි දැනගනියි. කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නේ කාමාසාවන් පිළිබඳවූ දුක් වෙදනාවක් විඳිමියි දැනගනියි. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නේ කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වෙදනාවක් විඳිමියි දැනගනියි. කාමාසාවන් පිළිබඳ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ කාමාසාවන් පිළිබඳ දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනියි. කාමාසාවන් පිළිබඳ නොවූ දුක්ද නොවූ සැපද නොවූ වෙදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූු දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනියි. හෙතෙම මේ නිමිත්ත සෙවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. මනාකොට සිතේ තබා ගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනයකොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතේ තබා ගෙන, බාහිර වේදනාවන්හි සිත උපසංහරණය කරයි.

16. කෙසේ භික්‍ෂුව බාහිර වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම සැප වේදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳිමියි දැනගනියි. දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනියි. දුක්ද නොවූ, සැපද නොවූ වෙදනාවක් විඳින්නේ, දුක්ද නොවූ, සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනියි. කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නා කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නේයයි දැනගනියි. කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නා කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නායයි දැනගනියි. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නා කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නා යයි දැනගනියි. කාමාසාවන් පිළිබඳවූ දුක් නොවූ සැප නොවූ වේදනාව විඳින්නා කාමාසාවන් පිළිබඳවූ දුක් නොවූ සැප නොවූ වේදනාව විඳින්නා යයි දැනගනියි. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් නොවූ සැප නොවූ වේදනාව විඳින්නා කාමාසාවන් පිළිබඳ නොවූ දුක් නොවූ සැප නොවූ වේදනාව විඳින්නා යයි දැනගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනයකොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතේ තබා ගෙන, තමන්ගේ හා අනුන්ගේ වේදනාවන්හි සිත උපසංහරණය කරයි.

17. කෙසේ භික්‍ෂුතෙම තමන්ගේ හා අනුන්ගේ වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කෙරේද? කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව, කාමාසා සහිතවූ සැප වේදනාව කාමාසා සහිතවූ සැප වේදනාවයයි දැනගනියි. කාමාසා රහිතවූ සැප වේදනාව කාමාසා රහිතවූ සැප වේදනාවයයි දැනගනියි. කාමාසා සහිතවූ දුක් වේදනාව කාමාසා සහිතවූ දුක් වේදනාවයයි දැනගනියි. කාමාසා රහිතවූ දුක් වේදනාව කාමාසා රහිතවූ දුක් වේදනාවයයි දැනගනියි. කාමාසා සහිතවූ දුක් නොවූ, සැප නොවූ වේදනාව කාමාසා සහිතවූ දුක් නොවූ සැප නොවූ වේදනාවයයි දැනගනියි. කාමාසා රහිතවූ දුක් නොවූ, සැප නොවූ වේදනාව කාමාසා රහිතවූ දුක් නොවූ සැප නොවූ වේදනාවයයි දැනගනියි. මෙසේ මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද දුරුකොට තමන්ගේද, අනුන්ගේද වේදනාවන්හි වේදනාව අනුව බලමින් වාසය කරයි.

18. අනුව බලන්නේය යනු -පෙ- වාසය කෙරේ යනු -පෙ- කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ යනු -පෙ- සම්‍යක් ප්‍රඥාව ඇත්තේ යනු -පෙ- සිහි ඇත්තේ යනු -පෙ- ලෝකයෙහි ලෝභය හා නොසතුට දුරුකොට යනු එහි ලෝකය කවරේද? ඒ වේදනාවම ලෝකයයි. පඤ්චොපාදානස්කන්ධයද ලෝකයයි. මෙය ලෝකයයි කියනු ලැබේ.

එහි ලෝභය කවරේද? යම් රාගයක් ඇද්ද, ඇලීමක් -පෙ- චිත්තයාගේ බලවත් ඇලිමක් ඇද්ද, එයයි. මෙය ලොභයයි කියනු ලැබේ. එහි නොසතුට කවරේද? යම් චෛතසිකවූ, සිහිල් නොවූ බවක්, චෛතසිකවූ දුකක් සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ, දුක්වූ, විඳිය යුතු, සිත හා ස්පර්‍ශයෙන් උපන්, සිහිල් නොවූ, දුක්වූ වෙදනාවයි. මෙය නොසතුටයයි කියනු ලැබේ. මේ ලෝභයද, මේ නොසතුටද මෙසේය. මේ ලෝකයෙහි විනීතවූවාහු වෙද්ද, -පෙ- එහෙයින් ලෝකයෙහි ලෝභය හා දොම්නස දුරුකොටයයි කියනු ලැබේ.

(වේදනානුපස්සනා නිද්දේසය නිමි.)

——–

කායානුපස්සනා නිද්දේසය

1. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මිකවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික (තමන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ (අනුන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මික ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද,

2. කෙසේ (යෝගාවචර) මහණතෙම ආධ්‍යාත්මික (තමන්ගේ) කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද? මෙහි මහණතෙම ආධ්‍යාත්මිකවූ පාදාන්තයෙන් උඩ, හිසකේ මස්තකයෙන් යට සම කෙළවරකොට ඇති නානාවිධ අසූචියෙන් පිරී සිටි මේ ශරීරයම සිහි කරන්නේය. කෙසේදයත්?

මේ ශරීරයෙහි (මෙහි 78 පිටුවේ ු)ඩස´ යන මේ කුණපයෝ ඇත්තාහ. හෙතෙම මේ නිමිත්ත සෙවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. මනාකොට සිතේ තබා ගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනයකොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතේ තබා ගෙන, බාහිර (අනුන්ගේ කයෙහි සිත උපසංහරණය (තමාගේ) හා අනුන්ගේ කායයන් ගැන එකසේ සිතා බැලීම) කරයි.

3. කෙසේ භික්‍ෂුව බාහිර කයෙහි කය අනුව බලමින් වෙසේද? මේ සස්නෙහි මහණතෙම බාහිරවූ -පෙ- හෙතෙම ඒ නිමිත්ත -පෙ- ආධ්‍යාත්මික බාහිර කයෙහි තමන්ගේ සිත යොදවා බලයි.

4. කෙසේ මහණතෙම ආධ්‍යාත්මික කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම ආධ්‍යාත්මික බාහිර -පෙ- මෙසේ මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවා මෙසේ මහණතෙම ආධ්‍යාත්මික බාහිර කයෙහි කය අනුව බලමින් වාසය කරයි.

5. ´´අනුව බලයි´´ යනු එහි අනුව බැලීම කවරේද? යම් ප්‍රඥාවක් -පෙ- අමොහයක්, ධම්ම විචයක් සම්මා දිට්ඨියක් ඇද්ද, එයයි. මෙය අනුපස්සනායයි කියනු ලැබේ.

6. ´´මේ අනුපස්සනාවෙන් යුක්තවූයේ´´ විශෙෂයෙන් යුක්තවූයේ, උපාගතවූයේ, සමුපාගතවූයේ, උප්පන්නවූයේ, සම්පන්නවූයේ, යුක්තවූයේ යනුයි. එහෙයින් අනුව බලන්නේයයි කියනු ලැබේ.

7. ´´වාසය කෙරේ´´ යනු ඉරියව් සතරින් එකකින් යුක්තවෙයි. ඒ ඉරියාපථ සතරින් කය ගැලක් මෙන් පවත්වයි. එක් ඉරියව්වක නොසිට සියලු ඉරියව් වශයෙන් සිටියි. ඒ ඒ ඉරියා පථයෙන් ඒ ඒ පරිදි කය යැපෙයි. බොහෝ කලක් පවතියි. ඉරියව්වකින් ඉරියව්ව වෙනස්කොට ජීවිතය ගෙනයයි. එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

8. ´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ´´ යනු එහි කෙලෙස් තැවීම කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද -පෙ- සම්‍යක් ව්‍යායාමයයි. මෙය කෙලෙස් තවන වීය්‍ර්‍යයයි කියනු ලැබේ. මේ කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි. එහෙයින් කෙලෙස් තවන විය්‍ර්‍ය ඇත්තේයයි කියන ලැබේ.

9. ´´යහපත් ප්‍රඥාව ඇත්තේ´´ යන්නෙහි එහි සම්‍යක් ප්‍රඥාව කවරේද? යම් ප්‍රඥාවක් -පෙ- අමොහයක්, ධම්මවිචයක්, සම්මාදිට්ඨියක් ඇද්ද, එයයි. මෙය යහපත් ප්‍රඥාවයයි කියනු ලැබේ. මේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සම්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි.

10. ´´සිහි ඇත්තේය´´ යනු එහි සිහිය කවරේද? යම් සිහියක්, අනුස්සතියක්, -පෙ- සම්මා සතියක් ඇද්ද, මෙය සිහියයයි කියනු ලැබේ. මේ සිහියෙන් යුක්තවුයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සම්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි. එහෙයින් සිහි ඇත්තේ යයි කියනු ලැබේ.

11. ´´මේ (ලොකයෙහි) ශරීරයෙහි ලෝභයද, ක්‍රොධයද සංසිඳුවාගෙන´´ යනු එහි ලොකය කවරේද? මේ ශරීර නමැති ලොකයමැයි. පඤ්චොපාදාන ස්කන්‍ධ ලොකයයි. මෙය ලොකයයි කියනු ලැබේ.

12. එහි අභිධ්‍යාව (ලොභය) කවරේද? යම් රාගයක් ඇද්ද, ඇලීමක් -පෙ- චිත්තයාගේ බලවත් ඇලිමක් ඇද්ද, එයයි. මෙය ලොභයයි කියනු ලැබේ.

13. එහි දොමනස්සය (නොසතුට) කවරේද? යම් චෛතසිකවූ, සිහිල් නොවූ බවක්, චෛතසිකවූ දුකක් සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ, දුක්වූ, විඳිය යුතු, සිත හා ස්පර්‍ශයෙන් උපන්, සිහිල් නොවූ, දුක්වූ වෙදනාවයි. මෙය දොම්නසයයි කියනු ලැබේ.

14. මේ ලොභයද, මේ දොම්නසද මෙසේය. මේ ලොකයෙහි විනීතවූවාහු වෙද්ද, පටි විනීත වූවාහු වෙද්ද, නිරොධ වශයෙන් ශාන්තවූවාහු වෙද්ද, භාවනා වශයෙන් සමිතවූවාහු වෙද්ද, සන්සිඳුනාහු වෙද්ද, නිරොධය නමැති අස්තයට ගිය බැවින් අස්තංගතවූවාහු, නැවත නැවත ඉපදීම මැඩ පවත්වන ලද බැවින් අබ්භත්‍ථංගත වූවාහු, විනාශ වූවාහු, විශෙෂයයෙන් විනාශ වූවාහු, වියලුනාහු, අවසන් වූවාහු යනුයි. එහෙයින් ලෝකයෙහි ලොභය හා දොම්නස දුරුකොට යයි කියනු ලැබේ.

(කායානුපස්සනා නිද්දේසය නිමි.)
———-