15. පටිසම්භිදා විභඞ්ගය.

සුත්තන්ත භාජනිය.

1.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.

2. අන්‍ර්‍ථයෙහි (හේතු ඵලයෙහි) ඥානය අන්‍ථ පටිසම්භිදා නමි.   ධර්‍මයෙහි (ප්‍රත්‍යයෙහි) ඥානය ධම්ම පටිසම්භිදා නමි.   එහි ධර්‍ම නිරුත්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   සබ්බත්‍ථක ඥානය අරමුණුකොට ඥානය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නහුගේ ප්‍රභෙදගතවූ ඥානය පටිභාන පටිසම්භිදා නමි.

3.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි. දුකෙහි ඥානය අන්‍ථ පටිසම්භිදා නමි.   දුක ඇතිවීම් හේතුවේ ඥානය ධම්ම පටිසම්භිදා නමි.   එහි ධර්‍ම නිරුත්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   සබ්බත්‍ථක ඥානය අරමුණුකොට ඥානය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නහුගේ ප්‍රභෙදගතවූ ඥානය පටිභාන පටිසම්භිදා නමි.

4.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි. හේතුවෙහි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   හේතුඵලයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   එහි ධර්‍ම නිරුත්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   සබ්බත්‍ථක ඥානය අරමුණුකොට ඥානය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නහුගේ ප්‍රභෙදගතවූ ඥානය පටිභාන පටිසම්භිදා නමි.

5.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි. යම් ධර්‍ම කෙනෙක් තුමූ ඇතිවූවාහුද,  භූතද,  සඤ්ජාතද,  නිබ්බත්තද,  අභිනිබ්බත්තද,  පාතුභූතද,  මේ ධර්‍මයන්හි ඥානය අන්‍ථ පටිසම්භිදා නමි.   යම් ධර්‍මයකින් ඒ ධර්‍මයෝ ජාතද,  භූතද,  සඤ්ජාතද,  නිබ්බත්තද,  අභිනිබ්බත්තද,  පාතුභූතද,   ඒ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   එහි ධර්‍ම නිරුත්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   සබ්බත්‍ථක ඥානය අරමුණුකොට ඥානය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නහුගේ ප්‍රභෙදගතවූ ඥානය පටිභාන පටිසම්භිදා නමි.

6.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි. ජරා මරණයෙහි ඥානය අන්‍ථ පටිසම්භිදා නමි.   ජරා මරණ සමුදයයෙහි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ජරා මරණ නිරෝධයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   ජරා මරණ නිරොධ ගාමිනී ප්‍රතිපදාවෙහි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   -පෙ-  පටිභාන පටිසම්භිදා නමි.

7. පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.   ජාතියෙහි ඥානය -පෙ-  භවයෙහි ඥානය -පෙ-  උපාදානයෙහි ඥානය -පෙ-  තෘෂ්ණාවෙහි ඥානය -පෙ-  වේදනාවෙහි ඥානය -පෙ-  ස්පර්‍ශයෙහි ඥානය -පෙ-  සළායතනයෙහි ඥානය -පෙ-  නාමරූපයෙහි ඥානය -පෙ-  විඤ්ඤාණයෙහි ඥානය -පෙ-  සංස්කාරයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   සංඛාර සමුදයයෙහි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   සංඛාර නිරෝධයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   සංඛාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   සබ්බන්‍ථක ඥානය -පෙ-  පටිභාන පටිසම්භිදා නමි.

8.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.   එහි ධම්ම පටිසම්භිදාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම සූත්‍රය,  ගෙය්‍යය,  වෙය්‍යාකරණය,  ගාථාය,  උදානය,  ඉතිවුත්තකය,  ජාතකය,  අබ්භූත ධම්මය,  වෙදල්ලය යන ධර්‍ම දැනගනීද,  මෙය ධම්ම පටිසම්භිදායයි කියනු ලැබේ.   හෙතෙම මෙය මේ භාසිතයාගේ අත්‍ර්‍ථයයි,  මෙය මේ භාසිතයාගේ අත්‍ර්‍ථයයි,  ඒ ඒ භාසිතයාගේ අත්‍ර්‍ථය දැනගනීද,  මෙය අත්‍ථ පටිසම්භිදායයි කියනු ලැබේ.   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.    සබ්බන්‍ථක ඥානය -පෙ-  පටිභාන පටිසම්භිදා නමි.

( සුත්තන්ත භාජනිය නිමි. )
——-

අභිධම්ම භාජනිය.

9.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.   කවර ධර්‍මයෝ කුශලයෝද?   යම් කලෙක සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  රූපාරම්මණවූ හෝ  -පෙ- ධම්මාරම්මණවූ හෝ  යම් යම් කරුණක් අරභයා කුසල් සිතක් උපන්නේ වෙයි.    එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

10.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.   කවර ධර්‍මයෝ කුශලයෝද?   යම් කලෙක සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ  -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ, -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ, -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ, -පෙ- උපෙක්‍ෂා සහිතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ, රූපාරම්මණවූ හෝ  -පෙ- ධම්මාරම්මණවූ හෝ  යම් යම් කරුණක් අරබයා කාමාවචර කුසල් සිතක් උපන්නේ වෙයි.    එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

11.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.

12. කවර ධර්‍මයෝ කුශලයෝද? යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  පඨවි කසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

13.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි. කවර ධර්‍මයෝ කුශලයෝද?   යම් කලෙක අරූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩාද,  සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සහගතවූ සුඛයාගේ ප්‍රහාණයෙන්ද,  -පෙ-  පඨවි කසිනවූ සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

14.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.

15.  කවර ධර්‍මයෝ කුසලයෝද?   යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමුවන භූමියට පැමිණීම පිණිසද,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම  ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

16.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.

17.  කවර ධර්‍මයෝ අකුසලයෝද?   යම් කලෙක සොම්නස් සහගතවූ,  දිට්ඨිගත සම්පයුක්තවූ,  රූපාරම්මණවූ හෝ -පෙ-  ධම්මාරම්මණවූ හෝ යම් යම් කරුණක් අරභයා අකුසල් සිතක් උපන්නේ වෙයි.    එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ අකුසලයෝය. මේ ධර්‍මයෝ කුසලයෝය. මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

18.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

19.  කවර ධර්‍මයෝ අකුසලයෝද?   යම් කලෙක සොම්නස් සහගතවූ,  දිට්ඨිගත සම්පයුත්තවූ,  සංස්කාර සහිතවූ, -පෙ- සොම්නස් සහගතවූ,  දිට්ඨිගත විප්පයුත්තවූ,  -පෙ- සොම්නස් සහගතවූ,  දිට්ඨිගත විප්පයුත්තවූ,  සංස්කාර සහිතවූ, -පෙ-  උපෙක්‍ෂා සහගතවූ,  දිට්ඨිගත සම්පයුත්තවූ,    -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  දිට්ඨිගත සම්පයුත්තවූ,  සංස්කාර සහිතවූ, -පෙ-  දොම්නස් සහගතවූ,  පටිඝසම්පයුත්තවූ  -පෙ- දොම්නස් සහගතවූ,  පටිඝසම්පයුත්තවූ,  සංස්කාර සහිතවූ  -පෙ- උපෙක්ඛා සහගතවූ,  විචිකිච්ඡා සම්පයුත්තවූ,  රූපාරම්මණවූ හෝ  -පෙ-  ධම්මාරම්මණවූ හෝ යම් යම් හෝ කරුණක් අරභයා අකුසල සිතක් උපන්නේ වෙයි.    එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

20.  පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

21.  කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක කාමාවචර කුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  උපෙක්ඛා සහගතවූ,  රූපාරම්මණවූ,  විපාකවූ චක්ඛු විඤ්ඤාණය උපන්නේ වෙයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි.   උපෙක්‍ෂාව වෙයි.   චිත්තයාගේ එකඟබව වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   උපෙක්ඛින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි.   එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරේනුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

22.  පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

23.  කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක කාමාවචර කුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  උපෙක්ඛා සහගතවූ,  ශබ්දාරම්මණවූ,  විපාකවූ සොත විඤ්ඤාණය උපන්නේ වෙයි.   -පෙ- උපෙක්ෂා සහගතවූ,  ගන්‍ධාරම්මණවූ,  ඝාණ විඤ්ඤාණය උපන්නේ වෙයි.   -පෙ- උපෙක්ෂා සහගතවූ,  රසාරම්මණවූ,  ජිව්හා විඤ්ඤාණය උපන්නේ වෙයි.   -පෙ-  සුඛ සහගතවූ,  පොට්ඨබ්බාරම්මණවූ කාය විඤ්ඤාණය උපන්නේ වෙයි.   එසමයෙහි වේදනාව වෙයි.  සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි.   සුඛය වෙයි.   චිත්තයාගේ එකඟකම වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   සුඛින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි.   එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

24. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක කාමාවචර කුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  උපෙක්ඛා සහගතවූ,  පොට්ඨබ්බාරම්මණවූ,  යම් යම් කරුණක් අරබයා විපාකවූ මනො ධාතුව උපන්නේ වෙයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි.   විතර්කය වෙයි.  උපෙක්‍ෂාව වෙයි.  චිත්තයාගේ එකඟකම වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   උපෙක්ඛින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි.   එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

25. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

26. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක කාමාවචර කුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  සොමනස්ස සහගතවූ,  රූපාරම්මණවූ හෝ,  -පෙ- ධම්මාරම්මණ වූ හෝ යම් යම් හෝ කරුණක් අරබයා මනො විඤ්ඤාණ ධාතුව උපන්නේ වෙයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සඤ්ඤාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි.   විතර්කය වෙයි.  විචාරය වෙයි.   ප්‍රීතිය වෙයි.   සුඛය වෙයි. චිත්තයාගේ එකඟ බව වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   සෝමනස්සින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි.   එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

27. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

28. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක කාමාවචර කුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  උපෙක්ඛා සහගතවූ,  රූපාරම්මණවූ හෝ,  -පෙ- ධම්මාරම්මණ වූ හෝ යම් යම් හෝ කරුණක් අරබයා විපාකවූ මනො විඤ්ඤාණ ධාතුව උපන්නේ වෙයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි.   විතර්කය වෙයි.  විචාරය වෙයි.   උපෙක්‍ෂාව වෙයි. චිත්තයාගේ එකඟ බව වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   උපේකඛින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි.   එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

29. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

28. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක කාමාවචර කුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  සොමනස්ස සහගතවූ,  ඥාන සම්ප්‍රයුත්තවූ  -පෙ- සොමනස්ස සහගතවූ,  ඥාන සම්ප්‍රයුත්තවූ, සංස්කාර සහිතවූ,   -පෙ- සොමනස්ස සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ  -පෙ- සොමනස්ස සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ , සංස්කාර සහිතවූ -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්පයුත්තවූ  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්පයුත්තවූ, සංස්කාර සහිතවූ  රූපාරම්මණවූ හෝ  -පෙ- ධම්මාරම්මණ වූ හෝ යම් යම් හෝ කරුණක් අරබයා විපාකවූ මනො විඤ්ඤාණ ධාතුව උපන්නේ වෙයි.   මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

31. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

32. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයිද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ- පඨවි කසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.    ඒ රූපාවචර කුසල කර්‍මයම කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින් කාමයන්ගෙන් වෙන්වම -පෙ- විපාකවූ, පඨවි කසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථපටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  ඒ ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

33. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

34. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක අරූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.  සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤා සහගතවූ සුඛයාගේ ප්‍රහානයෙන් -පෙ- සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.    ඒ අරූපාවචර කුසල කර්‍මයම කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින් සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤා සහගතවූ සුඛයාගේ ප්‍රහානයෙන් -පෙ- විපාකවූ සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්බිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

35. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

36. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමුවන භූමියට පැමිණීම පිණිසද,   නීය්‍යානිකවූ,  අපචයගාමීවූ ලෝකෝත්තර ධ්‍යානය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   මේ ධර්‍මයන්හි ඥානය ධම්ම පටිසම්භිදා නමි.   ඔවුන්ගේ විපාකයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත් යයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.    ඒ ලෝකෝත්තර කුසල කර්‍මයම කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින් කාමයන්ගෙන් වෙන්වම -පෙ- විපාකවූ දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  සූන්‍යතවූ ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්බිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

37. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

38. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක අකුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්, විපාකවූ,  උපෙකඛා සහගතවූ,  රූපාරම්මණවූ චක්ඛු විඤ්ඤාණය උපන්නේ වෙයි.   -පෙ- උපෙක්ෂා සහගතවූ,  ශබ්දාරම්මණවූ සොතවිඤ්ඤාණය උපන්නේ වෙයි.   -පෙ- උපෙක්ෂා සහගතවූ,  ගන්‍ධාරම්මණවූ ඝාණ විඤ්ඤාණය උපන්නේ වෙයි.   -පෙ-   උපෙක්ෂා සහගතවූ,  රසාරම්මණවූ ජිව්හා විඤ්ඤාණය උපන්නේ වෙයි.   -පෙ- දුක්ඛ සහගතවූ,  ඵොට්ඨබ්බාරම්මණවූ කාය විඤ්ඤාණය උපන්නේ වෙයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි.   දුක්ඛය වෙයි.   චිත්තයාගේ එකඟබව වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   දුක්ඛින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි. එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරේනුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

39. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

40. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක අකුසල කර්‍මය කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  උපෙක්ෂා සහගතවූ,  රූපාරම්මණවූ හෝ -පෙ- ඵොට්ඨබ්බාරම්මණ වූ හෝ විපාකවූ මනොධාතුව උපන්නේ වෙයි.   උපෙක්ඛා සහගතවූ,  රූපාරම්මණවූ හෝ -පෙ- ධම්මාරම්මණවූ හෝ යම් යම් හෝ කරුණක් අරභයා මනො විඤ්ඤාණ ධාතුව  උපන්නේ වෙයි.     එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි. විතර්කය වෙයි.  විචාරය වෙයි. උපෙක්‍ෂාව වෙයි.  සිතේ එකඟබව වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   උපෙක්ඛින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි. එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරේනුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

41. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.   කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  අව්‍යාකෘත නොවූ,  උපෙක්ෂා සහගතවූ,  රූපාරම්මණවූ හෝ -පෙ- ඵොට්ඨබ්බාරම්මණ වූ හෝ යම් යම් කරුණක් අරබයා මනො ධාතුව  උපන්නේ වේද,   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි. විතර්කය වෙයි.  විචාරය වෙයි. උපෙක්‍ෂාව වෙයි.  සිතේ එකඟබව වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.   උපෙක්ඛින්‍ද්‍රිය වෙයි.   ජීවිතින්‍ද්‍රිය වෙයි. එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරේනුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

42. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

43. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  කර්‍ම විපාක නොවූ,  සොම්නස් සහගතවූ,   රූපාරම්මණවූ හෝ -පෙ- ධම්මාරම්මණවූ -පෙ- මනො විඤ්ඤාණ ධාතුව  උපන්නේ වෙයි.     ක්‍රියාවූ කුසල් නොවූ,  අකුසල් නොවූ,  කර්‍ම විපාක නොවූ,  උපෙක්‍ෂා සහගතවූ,  රූපාරම්මණවූ හෝ  -පෙ- ධම්මාරම්මණවූ හෝ යම් යම් කරුණක් අරභයා මනො විඤ්ඤාණ ධාතුව උපන්නේ වෙයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   වේදනාව වෙයි.   සංඥාව වෙයි.   චෙතනාව වෙයි.   චිත්තය වෙයි. විතර්කය වෙයි.  විචාරය වෙයි. උපෙක්‍ෂාව වෙයි.  චිත්තයාගේ එකඟබව වෙයි.   විරින්‍ද්‍රිය වෙයි.   සමාධින්‍ද්‍රිය වෙයි.   මනින්‍ද්‍රිය වෙයි.  උපෙක්ඛින්‍ද්‍රිය වෙයි.  ජීවිතින්‍ද්‍රිය වෙයි.  එසමයෙහි යම් ඒ වනාහි අනිකුදු පටිච්ච සමුප්පන්නවූ අරූපී ධර්‍මයෝ ඇද්ද,  මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,   එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය,  නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරේනුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්පදා නමි.

44. පටිසම්භිදා තුනක් වෙති.   අත්‍ථ පටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා,  පටිභාන පටිසම්භිදා යනුයි.

45. කවර ධර්‍මයෝ අව්‍යාකෘතයෝද?   යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  කර්‍ම විපාක නොවූ,  සොම්නස් සහගතවූ,   ඥාන සම්ප්‍රයුක්තවූ -පෙ- සොම්නස් සහගතවූ,   ඥාන සම්ප්‍රයුක්තවූ,   සංස්කාර සහිතවූ  -පෙ- සොම්නස් සහගතවූ,   ඥාන විප්‍රයුක්තවූ,  -පෙ- සොම්නස් සහගතවූ,   ඥාන විප්‍රයුක්තවූ,   සංස්කාර සහිතවූ  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,   ඥාන සම්ප්‍රයුත්තවූ,   -පෙ- උපෙක්‍ෂා සහගතවූ,   ඥාන සම්ප්‍රයුත්තවූ,   සංස්කාර සහිතවූ  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,   ඥාන විප්‍රයුක්තවූ,   -පෙ- උපෙක්‍ෂා සහගතවූ,   ඥාන විප්‍රයුක්තවූ,   සංස්කාර සහිතවූ  -පෙ-  මනො විඤ්ඤාණ ධාතුව උපන්නේ වේද,   ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  කර්‍ම විපාක නොවූ,  මෙලොවම සැප විහරණ කොට ඇති,  -පෙ- රූපාවචර ධ්‍යානය වඩයි.   -පෙ-   අරූපාවචර ධ්‍යානය වඩයි.   -පෙ-   සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සහගතවූ සැපයාගේ ප්‍රහාණයෙන්ද  -පෙ-  සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝය.   මේ ධර්‍මයන්හි ඥානය අත්‍ථ පටිසම්භිදා නමි.   යම් නිරුක්තියකින් ඒ ධර්‍මයන්ගේ පැනවීම වේද,  එහි ධර්‍ම නිරුක්ති වචනයෙහි ඥානය නිරුත්ති පටිසම්භිදා නමි.   යම් ඥානයකින් ඒ ඥානයෝ දනියිද,  මේ ඥානයෝ මේ අත්‍ර්‍ථය ප්‍රකාශ කෙරෙත්නුයි ඥානයන්හි ඥානය පටිභාන පටිසම්භිදා නමි.

46.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.      පටිසම්භිදා තුනක් වෙති.   කාමාවචර කුසලයන්ගෙන් ඥාන සම්ප්‍රයුක්තවූ සතර වැදෑරුම් චිත්තොත්පාදයන්හි ක්‍රියාවන්ගෙන් ඥාන සම්ප්‍රයුක්ත සතර වැදෑරුම් චිත්තොත්පාදයන්හිද උපදිත්.   අත්ථපටිසම්භිදාව මොවුන් කෙරෙහිම උපදියි.   සතර මාර්‍ගයන්හිද,  සතර ඵලයන්හිද උපදියි.

( අභිධම්ම භාජනිය නිමි. )
———-

පඤ්හ පුච්ඡකය.

47.  පටිසම්භිදා සතරක් වෙති.   අත්‍ථ පටිසම්භිදා,  ධම්ම පටිසම්භිදා,  නිරුත්ති පටිසම්භිදා  පටිභාන පටිසම්භිදා යනුයි.   සතර ප්‍රතිසම්භිදාවන් අතුරෙන් කුශලයෝ කෙතෙක්ද?   අකුශලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ-  සරණයෝ කෙතෙක්ද?  අරණයෝ කෙතෙක්ද?   කුසල්වූවෝ වෙති.   අව්‍යාකෘතවූවෝ වෙති.   සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   සැප නොවූ,  දුක් නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තයෝය.   පටිසම්භිදා තුනක් විපාක ධර්‍ම ධර්‍ම වූවෝ වෙති.   විපාක නොවූ,  විපාක ධර්‍ම ධර්‍ම නොවූවෝ වෙති.   පටිසම්භිදා තුනක් අනුපාදින්න උපාදානියෝය.   අත්ථ පටිසම්භිදාව අනුපාදින්න අනුපාදානියෝය.   පටිසම්භිදා තුනක් අසංකිලිට්ඨ අසංකිලෙසිකයෝය.   අත්‍ථ පටිසම්භිදාව සවිතර්ක සවිචාර  වෙයි.   අවිතර්ක විචාර මාත්‍ර වූයේ වෙයි.   අවිතර්ක අවිචාර වූයේ වෙයි.

48. පටිසම්භිදා තුනක් ආචයගාමීහු වෙති.   ආචයගාමී නොව අපචයගාමී නොවෙති.   අත්‍ථ පටිසම්භිදාව ආචයගාමිනී වෙයි.   අපචයගාමිනී වෙයි.   පටිසම්භිදා තුනක් ශෛක්ෂයෝ නොවෙති.   අශෛක්ශයෝ නොවෙති.   ශෛක්‍ෂ නොව,  අශෛක්‍ෂ නොවූවෝ වෙති.   පටිසම්භිදා තුනක් පරිත්තයෝය.   අත්‍ථපටිසම්භිදාව පරිත්ත වූයේ වෙයි.  අප්පමාණ වූයේ වෙයි.   නිරුත්ති පටිසම්භිදාව පරිත්තාරම්මණය.   පටිසම්භිදා තුනක් පරිත්තාරම්මණ වූවෝ වෙති.   මහග්ගතාරම්මණ වූවෝ වෙති.   අප්පමාණාරම්මණ වූවෝ වෙති.   පටිසම්භිදා තුනක් මධ්‍යමයෝය.   අත්‍ථපටිසම්භිදාව මධ්‍යම වූයේ වෙයි.   ප්‍රණීත වූයේ වෙයි. ප්‍රතිසම්භිදා තුනක් අනියතයෝය.   අත්‍ථපටිසම්භිදාව සම්මත්ත නියත වෙයි.   අනියත වෙයි.   නිරුත්ති පටිසම්භිදාව මග්ගාරම්මණයයිද,  මග්ගහේතුකයයිද,  මග්ගාධිපතියයිද නොකිය යුතුය.   අත්‍ථපටිසම්භිදාව මග්ගාරම්මණ නොවේ.   මග්ගහේතුක වෙයි.   මග්ගාධිපති වෙයි.    මග්ගහේතුකයයිද,  මග්ගාධිපතියයිද,  නොකිය යුතු වෙයි. පටිසම්භිදා දෙකක් මග්ගාරම්මණ වූවෝ වෙති.   මග්ගහේතුක නොවේ.   මග්ගාධිපතීහු වෙති.    මග්ගාරම්මණයෝයයිද,  මග්ගාධිපතීහුයයිද නොකිය යුත්තෝ වෙති.

49.  පටිසම්භිදා තුනක් උප්පන්න වූවෝ වෙති.   අනුප්පන්න වූවෝ වෙති.   උප්පාදීහුයයි නොකිය යුතුය.   අත්‍ථපටිසම්භිදාව උප්පන්න වූයේ වෙයි.   අනුප්පන්න වූයේ වෙයි.   උප්පාදී වූයේ වෙයි.   අතීත වූයේ වෙයි.   අනාගත වූයේ වෙයි.   පච්චුප්පන්න වූයේ වෙයි.   නිරුත්ති පටිසම්භිදාව පච්චුප්පන්නාරම්මණය.   පටිසම්භිදා දෙකක් අතීතාරම්මණයෝය.   අනාගතාරම්මණ වූවෝ වෙති.   පච්චුප්පන්නාරම්මණ වූවෝ වෙති.   අතීතාරම්මණයයිද,  අනාගතාරම්මණයයිද,  පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය.   අජ්ඣත්ත වූවෝ වෙති.   බහිද්ධ වූවෝ වෙති.   අජ්ඣත්ත බහිද්ධ වූවෝ වෙති.   නිරුත්ති පටිසම්භිදාව බහිද්ධාරම්මණය.     පටිසම්භිදා නුනක් අජ්ඣත්තාරම්මණ වූවෝ වෙති.   බහිද්ධාරම්මණ වූවෝ වෙති.   අජ්ඣත්ත බහිද්ධාරම්මණවූවෝ වෙති.   අනිදස්සන අප්පටිඝයෝය.   හේතුය.   සහේතුකයෝය.   හේතු සම්ප්‍රයුක්තයෝය.   හේතුද,  හේතුද සහේතුකද,  හේතු සම්පයුත්තද වේ.   හේතු නොවූයේ සහේතුකයයිද,  හේතු නොවූයේ අහේතුකයයිද නොකිය යුතු වෙයි.   සප්‍රත්‍යයෝය.   සංඛතයෝය.   අනිදස්සනයෝය.   අප්පටිඝයෝය.   අරූපයෝය. පටිසම්භිදා තුනක් ලෞකිකයෝය.   අත්‍ථ පටිසම්භිදාව ලෞකිකවූයේ වෙයි.   ලෝකෝත්තරවූයේ වෙයි.   කිසි ඉන්‍ද්‍රියකින් දත යුතුය.   කිසි ඉන්‍ද්‍රියකින් නොදත යුතුය.   ආශ්‍රවයෝ නොවෙති.    පටිසම්භිදා තුනක් සාශ්‍රවයෝය.   අත්‍ථපටිසම්භිදාව සාශ්‍රව වූයේ වෙයි.   අනාශ්‍රව වූයේ වෙයි.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.

50.  පටිසම්භිදා තුනක් ආශ්‍රවද,  සාශ්‍රවයයිද නොකිය යුතුය.   සාශ්‍රවද ආශ්‍රව නොවූවෝද වෙති.   අත්‍ථපටිසම්භිදාව ආශ්‍රවද,  සාශ්‍රවයයිද නොකිය යුතුය.   සාශ්‍රවද ආශ්‍රව නොවූයේද වෙයි.   සාශ්‍රවද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රවද,  ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද,  ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.    පටිසම්භිදා තුනක් ආශ්‍රව විප්‍රයුක්ත සාශ්‍රවයෝය.   අත්‍ථ පටිසම්භිදාව ආශ්‍රව විප්‍රයුක්ත සාශ්‍රව වෙයි.   ආශ්‍රව විප්‍රයුක්ත අනාශ්‍රව වෙයි.   සංයෝජනයෝ නොවෙති.  -පෙ-  ගන්‍ථයෝ නොවෙති.   -පෙ-   ඔඝයෝ නොවෙති.   -පෙ-      යෝගයෝ නොවෙති.   -පෙ-   නීවරණයෝ නොවෙති.   -පෙ-   පරාමාසයෝ නොවෙති.    -පෙ-   සාරම්මණයෝය.   චිත්තයෝ නොවෙති.   චෙතසිකයෝය.   චිත්ත සම්පයුත්තයෝය.   චිත්ත සංසට්ඨයෝය.   චිත්ත සමුට්ඨානයෝය.   සිත හා එකට උපන්නෝය.   සිත අනුව පෙරළෙන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය.    චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා එකට උපන්නෝය.    චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුපරිවර්තනයෝය.   බාහිරයෝය.   උපාදාන නොවූවෝය.   අනුපාදින්නයෝය.   උපාදානයෝ නොවෙති.   -පෙ-  කිලෙසයෝ නොවෙති.   -පෙ-   දර්‍ශනයෙන් නොම දුරු කටයුතුය.    භාවනාවෙන් නොම දුරු කටයුතුය. දර්‍ශනයෙන් නොමදුරු කටයුතු හේතුකය.    භාවනාවෙන් නොමදුරු කටයුතු හේතුකය.

51.  පටිසම්භිදා තුනක් සවිතර්කයෝය.   අත්‍ථපටිසම්භිදාව සවිතර්ක වූයේ වෙයි.   අවිතර්ක වූයේ වෙයි.    පටිසම්භිදා  තුනක් සවිචාරයෝය.   අත්ථපටිසම්භිදාව සවිචාර වූයේ වෙයි.   අවිචාරවූයේ වෙයි.   සප්පීතික වූයේ වෙයි.   අප්පීතික වූයේ වෙයි.   පීති සහගත වූයේ වෙයි.    පීති සහගත නොවූයේ  වෙයි.   සුඛ සහගත වූයේ වෙයි.    සුඛ සහගත නොවූයේ වෙයි.    උපෙක්ඛා සහගත වූයේ වෙයි.    උපෙක්ඛා සහගත නොවූයේ වෙයි.   පටිසම්භිදා තුනක් කමාවචරයෝය.   අත්‍ථපටිසම්භිදාව කාමාවචර වූයේ වෙයි.   කාමාවචර නොවූයේ වෙයි.    රූපාවචරයෝ නොවේ.    අරූපාවචර නොවේ. පටිසම්භිදා තුනක්    පරියාපන්නයෝය.   අත්‍ථපටිසම්භිදාව පරියාපන්න වූයේ වෙයි.   අපරියාපන්න වූයේ වෙයි.   පටිසම්භිදා තුනක් අනීය්‍යානිකයෝය.   අත්‍ථපටිසම්භිදාව නීය්‍යානික වූයේ වෙයි.   අනීය්‍යානික වූයේ වෙයි.    පටිසම්භිදා තුනක් අනියතයෝය.   අත්ථපටිසම්භිදාව නියත වූයේ වෙයි.   අනියත වූයේ වෙයි.    පටිසම්භිදා තුනක් සඋත්තරයෝය.   අත්‍ථපටිසම්භිදාව සඋත්තරයෝය.   අනුත්තරයෝය.   අරණයෝය.

( පටිසම්භිදා විභඞ්ගය නිමි. )
———-