14. සික්ඛාපද විභඞ්ගය.

අභිධම්ම භාජනිය.
 
1.  සික්‍ෂාපද පසක් වෙති.   ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  නොදුන් දේ ගැනීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  මුසාවාදයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය, යනුයි.

2.   එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥානසම්ප්‍රයුක්තවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.   එසමයෙහි යම් ප්‍රාණඝාතයෙන් ඈත්වීමක්,  වෙන්වීමක්,  පටිවිරතියක්,  විරමණයක්,  අක්‍රියාවක්,  නොකිරීමක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මීමක්,  හේතු ඝාතයක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.

3. එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥානසම්ප්‍රයුක්තවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.   එසමයෙහි යම් චෙතනාවක්,  සඤ්චෙතනාවක්,  සිතිවිල්ලක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.    අවශෙෂ ධර්‍මයෝ චෙතනාව හා සම්ප්‍රයුක්තයෝය.

4. එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥානසම්ප්‍රයුක්තවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.   ස්පර්‍ශය -පෙ- පග්ගාහය,  අවික්ඛෙපය වෙයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි.

5.  එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,   -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ- උපෙක්‍ෂා සහිතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ-  උපෙක්‍ෂා සහිතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ, -පෙ- උපෙක්‍ෂා සහිතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ, -පෙ- උපෙක්‍ෂා සහිතවූ,  ඥාන සම්ප්‍රයුක්ත,  සංස්කාර සහිතවූ,  -පෙ- උපෙක්‍ෂා සහිතවූ,  ඥාන විප්‍රයුක්තවූ, -පෙ- උපෙක්‍ෂා සහිතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  කුසල් සිත උපන්නේ වෙයි.

6. එසමයෙහි යම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමක්,  ඈත්විමක්,  විරතියක්,  පටිවිරතියක්,  විරමණයක්,  අක්‍රියාවක්,  අකරණයක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මවීමක්,  සේතු ඝාතයක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.

7.  එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  කාමාවචර කුසල් සිතක් උපන්නේ වෙයි.   එසමයයෙහි යම් චේතනාවක්,  සඤ්චේතනාවක්,  සිතිවිල්ලක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝය.

8.  එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  කාමාවචර කුසල් සිතක් උපන්නේ වෙයි.   ස්පර්‍ශය වෙයි.   පග්ගාහය අවික්‍ෂෙපය මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.

9. එහි නොදුන් දෙය ගැනීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   -පෙ-  කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය  -පෙ- බොරු කීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය  -පෙ-  මත්වීම හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.  එසමයෙහි යම් මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් ඈත්වීමක්,  වෙන්වීමක්,  පටිවිරතියක්,  විරමණයක්,  අකිරියාවක්,  අකරණයක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මවීමක්,  සේතුඝාතයක් ඇද්ද,  එයයි.   මෙය මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.    අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.

10. එහි මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?    යම් කලෙක මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.  එසමයයෙහි යම් චෙතනාවක්,  සඤ්චෙතනාවක්,  සිතිවිල්ලක් ඇද්ද,  එයයි.   මෙය මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.    අවශෙෂ ධර්‍මයෝ චෙතනාව හා සම්ප්‍රයුක්තයෝය.

11. එහි මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   ස්පර්‍ශය වෙයි.   -පෙ-  පග්ගාහය වෙයි.   අවික්ඛෙපය වෙයි. මෙය මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.

12. එහි මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද? යම් කලෙක මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.   -පෙ-  සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ -පෙ-  උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  -පෙ-  උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි. එසමයෙහි යම් මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් ඈත්වීමක්,  වෙන්වීමක්,  පටිවිරතියක්,  විරමණයක්,  අකිරියාවක්,  අකරණයක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මවීමක්,  සේතුඝාතයක් ඇද්ද,  එයයි.   මෙය මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.    අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.

13. එහි මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   එසමයයෙහි මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වන්නහුට උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.   එසමයෙහි යම් චේතනාවක්,  සඤ්චේතනාවක්,  සිතිවිල්ලක් ඇද්ද,  එයයි.   මෙය මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ. අවශෙෂ ධර්‍මයෝ චේතනාව හා සම්ප්‍රයුක්තයෝය.

14. එහි මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද? මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වන්නහුට උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ කාමාවචර කුසල් සිත උපන්නේ වෙයි.    ස්පර්‍ශය වෙයි.   -පෙ-  පග්ගාහය වෙයි.   අවික්ෂෙපය වෙයි.   මෙය මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.

15.  සික්‍ෂාපද පසක් වෙති.   ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  නොදුන් දේ ගැනීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  මුසාවාදයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය, යනුයි.

16.  එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොමනස්ස සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ,  අධිපතිකොට ඇති,  විරිය අධිපතිකොට ඇති,  චිත්තය අධිපතිකොට ඇති,   වීමංසාව අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ ඡන්‍දය අධිපතිකොට ඇති,   හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ විරිය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ චිත්තය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ වීමංසාවඅධිපතිකොට ඇති, කුසල් සිත උපන්නේ වෙයි.    එසමයෙහි යම් ප්‍රාණඝාතයෙන් ඈත්වීමක්,  වෙන්වීමක්,  පටිවිරතියක්,  විරමණයක්,  අක්‍රියාවක්,  නොකිරීමක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මීමක්,  හේතු ඝාතයක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.

17. එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොමනස්ස සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ,  අධිපතිකොට ඇති,  විරිය අධිපතිකොට ඇති,  චිත්තය අධිපතිකොට ඇති,   වීමංසාව අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ ඡන්‍දය අධිපතිකොට ඇති,   හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ විරිය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ චිත්තය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ වීමංසාවඅධිපතිකොට ඇති, කුසල් සිත උපන්නේ වෙයි. එසමයෙහි යම් චෙතනාවක්,  සඤ්චෙතනාවක්,  සිතිවිල්ලක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.    අවශෙෂ ධර්‍මයෝ චෙතනාව හා සම්ප්‍රයුක්තයෝය.

18. එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද? යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොමනස්ස ස්පර්‍ශය -පෙ- පග්ගාහය අවාක්ඛෙපය වෙයි. මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.

19.  එහි ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුට සොමනස්ස සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ -පෙ- සොමනස්ස සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ, -පෙ- සොමනස්ස සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ, -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ, -පෙ- උපෙක්‍ෂා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ, සංස්කාර සහිතවූ,  හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ,  ඡන්‍දය අධිපතිකොට ඇති,  විරිය අධිපතිකොට ඇති,  චිත්තය අධිපතිකොට ඇති,   ඡන්‍දය අධිපතිකොට ඇති, හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ විරිය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ චිත්තය අධිපතිකොට ඇති, කුසල් සිත උපන්නේ වෙයි.    එසමයෙහි යම් ප්‍රාණඝාතයෙන් ඈත්වීමක්,  වෙන්වීමක්,  පටිවිරතියක්,  විරමණයක්,  අක්‍රියාවක්,  නොකිරීමක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මීමක්,  හේතු ඝාතයක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.  -පෙ-  අවශෙෂ ධර්‍මයෝ චෙතනාව හා සම්ප්‍රයුක්තයෝය.   -පෙ-  ස්පර්‍ශය වෙයි.   පග්ගාහය වෙයි.   අවික්‍ෂෙපය වෙයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.

20. එහි නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   -පෙ-  කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය  -පෙ- බොරු කීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය  -පෙ-  මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය කවරේද?   යම් කලෙක මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ,  අධිපතිකොට ඇති,  විරිය අධිපතිකොට ඇති,  චිත්තය අධිපතිකොට ඇති,   වීමංසාව අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ ඡන්‍දය අධිපතිකොට ඇති,   හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ විරිය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ චිත්තය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ වීමංසාව අධිපතිකොට ඇති, කුසල් සිත උපන්නේ වෙයි. එසමයයෙහි යම් මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාපානයෙන් ඈත්වීමක්,  වෙන්වීමක්,  පටිවිරතියක්,  විරමණයක්,  අක්‍රියාවක්,  නොකිරීමක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මීමක්,  හේතු ඝාතයක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.    මෙය මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාපානයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය.   -පෙ- අවශෙෂ ධර්‍මයෝ චෙතනාව හා සම්ප්‍රයුක්තයෝය.   ස්පර්‍ශය වෙයි.  -පෙ-.   පග්ගාහය වෙයි.   අවික්ඛෙපය වෙයි.     මෙය මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.

21.  එහි මදය හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් කවරේද?   යම් කලෙක මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වන්නහුට සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ, -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ- උපෙක්ඛා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ- උපෙක්ඛා සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ,  ඡන්‍දය අධිපතිකොට ඇති විරිය අධිපතිකොට ඇති,  චිත්තය අධිපතිකොට ඇති,   වීමංසාව අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ ඡන්‍දය අධිපතිකොට ඇති,   හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ විරිය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ චිත්තය අධිපතිකොට ඇති,    හීනවූ,  මධ්‍යමවූ,  ප්‍රණීතවූ වීමංසාව අධිපතිකොට ඇති, කුසල් සිත උපන්නේ වෙයි.   එසමයෙහි යම් මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් යම් ඈත්වීමක්,  වෙන්වීමක්,  පටිවිරතියක්,  විරමණයක්,  අක්‍රියාවක්,  නොකිරීමක්,  නොපැමිණීමක්,  සීමාව නොඉක්මීමක්,  හේතු ඝාතයක් ඇද්ද,  එයයි.   මෙය මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ විරමණය හා සම්ප්‍රයුක්තයෝය. -පෙ- අවශෙෂ ධර්‍මයෝ චෙතනාව හා සම්ප්‍රයුක්තයෝය. -පෙ-  ස්පර්‍ශය වෙයි.   -පෙ-  පග්ගාහය වෙයි.   අවික්ඛෙපය වෙයි. මෙය මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදයයි කියනු ලැබේ.

22. කවර ධර්‍මයෝ ශික්‍ෂාවෝද?   යම් කලෙක සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  රූපාරම්මණවූ හෝ -පෙ-ධම්මාරම්මණවූ හෝ යම් ඒ කරුණක් අරබයා කුසල් සිතක් උපන්නේ වෙයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ- අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්මයෝ ශික්‍ෂාවෝය.

23.  කවර ධර්මයෝ ශික්‍ෂාවෝද?   යම් කලෙක සොම්නස් සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ, -පෙ- සොම්නස් සහගතවූ,  ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ,  -පෙ- උපෙක්ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ, -පෙ- උපෙක්ෂා සහගතවූ,  ඥාන සම්ප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ, -පෙ- උපෙක්ෂා සහගතවූ,  ඥාන විප්‍රප්‍රයුක්තවූ, -පෙ- උපෙක්ෂා සහගතවූ, ඥාන විප්‍රයුක්තවූ,  සංස්කාර සහිතවූ, රූපාරම්මණවූ හෝ -පෙ- ධම්මාරම්මණවූ හෝ යම් යම් ඒ කරුණක් අරබයා උපන් කුසල් සිතක් වෙයි.   මේ ධර්මයෝ ශික්‍ෂාවෝය.

24. කවර ධර්මයෝ ශික්‍ෂාවෝද?   යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   -පෙ- අරූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   -පෙ-  දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්ඛෙපය වෙයි.   මේ ධර්මයෝ ශික්ෂාවෝය.

( අභිධම්ම භාජනියයි. )
——

පඤ්හ පුච්ඡකය.

25.  සික්‍ෂාපද පසක් වෙති.   ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  නොදුන් දේ ගැනීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  මුසාවාදයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය,  ප්‍රමාදයට හේතුවූ සුරාමේරයෙන් වෙන්වීමේ ශික්‍ෂාපදය, යනුයි.

26.  ශික්ෂාපද අතුරෙන් කුශලයෝ කෙතෙක්ද?   අකුශලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ-  සරණයෝ කෙතෙක්ද?  අරණයෝ කෙතෙක්ද?  කුශලයෝම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   දුක් නොවූ,  සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   විපාක ධර්‍ම ධර්‍මයෝය.   අනුපාදින්න උපාදානියයෝය.   අසංකිලිට්ඨ සංකිලෙසිකයෝය.   සවිතර්ක සවිචාරයෝය.   පීති සහගතවූවෝ වෙති.   සුඛ සහගතවූවෝ වෙති.   උපෙක්ඛා සහගතවූවෝ වෙති.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොම දුරු කටයුතුය.    දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොම දුරු කටයුතු හේතුකය.   ආචයගාමීහු වෙති.   ශෛක්ෂයෝ නොවෙති.    අශෛක්ෂයෝ නොවෙති.    පරිත්තයෝය.   පරිත්තාරම්මණයෝය.   මජ්ඣිමයෝය.   අනියතයෝය.   මග්ගාරම්මණයෝයයිද,  මග්ගහේතුකයෝයයිද,  මග්ගාධිපතීහුයයිද නොකිය යුතුය.   උප්පන්නවූවෝ වෙති.   අනුප්පන්නවූවෝ වෙති.   උප්පාදියයි නොකිය යුතුය.   අතීත වූවෝ වෙති.   අනාගත වූවෝ වෙති.   පච්චුප්පන්න වූවෝ වෙති.   පච්චුප්පන්නාරම්මණයෝය.   අජ්ඣත්ත වූවෝ වෙති.   බහිද්ධ වූවෝ වෙති.   අජ්ඣත්ත බහිද්ධ වූවෝ වෙති.   බහිද්ධාරම්මණයෝය.   අනිදස්සන අප්පටිඝයෝය.   හේතු නොවූවෝ සහේතුකයෝය.   සහේතුකද හේතු නොවූයේද වෙයි.   හේතුද හේතු සම්ප්‍රයුක්තයයිද නොකිය යුතුය.   හේතු සම්ප්‍රයුක්තද,  හේතු නොවූවෝද වෙති.   හේතු නොවූවෝ සහේතුකයෝය. සප්‍රත්‍යයෝය.   සංඛතයෝය.   අනීදස්සනයෝය.   අප්පටිඝයෝය.   අරූපයෝය.   ලොකිකයෝය.   කිසි ඉන්‍ද්‍රියකින් දතයුතුය.    කිසි ඉන්‍ද්‍රියකින් නොදතයුතුය.

27.  ආශ්‍රවයෝ නොවෙති.   සාශ්‍රවයෝය.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.   ආශ්‍රවද,  සාශ්‍රවයයිද නොකිය යුතුය.  සාශ්‍රවද, ආශ්‍රව නොවූවෝද වෙති.   ආශ්‍රවද,  ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද,  ආශ්‍රව සම්ප්‍රයුක්තද, ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රව විප්‍රයුක්ත සාශ්‍රවයෝය.   සඤ්ෙඤාජන නොවූවෝ වෙති.   -පෙ-  ගන්‍ථයෝ නොවෙති.   -පෙ-   ඔඝයෝ නොවෙති.   -පෙ-      යෝගයෝ නොවෙති.   -පෙ-   නීවරණයෝ නොවෙති.   -පෙ-   පරාමාසයෝ නොවෙති.    -පෙ-   සාරම්මණයෝය.   චිත්තයෝ නොවෙති.   චෙතසිකයෝය.   චිත්ත සම්පයුත්තයෝය.   චිත්ත සංසට්ඨයෝය.   චිත්ත සමුට්ඨානයෝය.   සිත හා එකට උපන්නෝය.   සිත අනුව පෙරළෙන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය.    චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා එකට උපන්නෝය.    චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුව පෙරළෙන්නෝය.   බාහිරයෝය.   උපාදා නොවූවෝය.   අනුපාදින්නයෝය.   උපාදානයෝ නොවෙති.   -පෙ-  ක්ලේශයෝ නොවෙති.   -පෙ-   දර්‍ශනයෙන් නොම දුරු කටයුතුය. භාවනාවෙන් නොම දුරු කටයුතුය. දර්‍ශනයෙන් දුරු කටයුතු හේතුක නොවේ.    භාවනාවෙන් දුරු කටයුතු හේතුක නොවේ.   සවිතර්‍කයෝය.   සවිචාරයෝය.   සප්පීතිකයෝය.   අප්පීතිකයෝය.   පීති සහගත වූවෝ වෙති.    පීති සහගත වූවෝ    නොවෙති.   සුඛ සහගත වූවෝ වෙති.    සුඛ සහගත නොවූවෝ වෙති.    උපෙක්ඛා සහගත වූවෝ වෙති.    උපෙක්ඛා සහගත නොවූවෝ වෙති.   කමාවචරයෝය.   රූපාවචරයෝ නොවෙති.    අරූපාවචරයෝ නොවෙති.   පරියාපන්නයෝය.   අනීය්‍යානිකයෝය.   අනියතයෝය.   සඋත්තරයෝය.   අරණයෝය.

(සික්ඛාපද විභංගය නිමි. )
——-