සුත්තන්ත භාජනිය.
1. ආය්‍ර්‍යවූ මාර්‍ගාංග අටක් වෙති. ඒ කෙසේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාව, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
2. එහි සම්මාදිට්ඨිය කවරේද? දුකෙහි දැනීමක් වේද, දුක් ඉපදීමෙහි දැනීමක් වේද, දුක් නැතිකිරීමෙහි දැනීමක් වේද, දුක් නැතිකිරීමට පිළිපැදීමේ දැනීමක් වේද, මෙය සම්මා දිට්ඨියයි කියනු ලැබේ.
3. එහි සම්මා සංකප්පය කවරේද? (ගිහිගෙන් නික්මීමේ අදහසවූ) නෙක්ඛම්ම සංකප්පය, (අනුන් සැපසේ ජීවත් වේවායි සිතන) අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය යන මොහුයි. මෙය සම්මා සංකප්පයයි කියනු ලැබේ.
4. එහි සම්මා වාචාව කවරේද? බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, රළු වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම යනුයි. මෙය සම්මා වාචායයි කියනු ලැබේ.
5. එහි සම්‍යක් කර්මාන්තය කවරේද? සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යනුයි. මෙය සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ.
6. එහි සම්‍යක් ආජීවය කවරේද? මේ ශාසනයෙහි ආය්‍ර්‍ය ශ්‍රාවක තෙම වැරදි දිවි පැවැත්ම හැර, දැහැමින් උපන් දෙයින් දිවි පවත්වාද, මෙය සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
7. එහි සම්‍යක් ව්‍යායාමය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම නූපන් අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍යය පටන් ගනියි. සිත දැඩිසේ ඔසවයි. බලවත් වීය්‍ර්‍ය කරයි. උපන් ලාමක අකුශල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍යය පටන් ගනියි. සිත දැඩිසේ ඔසවයි. බලවත් වීය්‍ර්‍ය කරයි. නූපන් කුශල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍යය පටන් ගනියි. සිත දැඩිසේ ඔසවයි. බලවත් වීය්‍ර්‍ය කරයි. උපන් කුශල ධර්මයන්ගේ සිටීම පිණිස, විනාශ නොවීම පිණිස, වර්ධනය පිණිස, මහත්බව පිණිස, භාවනාවෙන් සම්පූර්‍ණ කිරීම පිණිස, කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීය්‍ර්‍යය පටන් ගනියි. සිත දැඩිසේ ඔසවයි. බලවත් වීය්‍ර්‍ය කරයි. මෙය සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
8. එහි සම්‍යක් සතිය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, (ලෝකයෙහි) මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද, සංසිඳුවාගෙන, කයෙහි කය අනුව බලමින් වාසය කරයි. මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, (ලෝකයෙහි) මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද, සංසිඳුවාගෙන, සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි. මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, (ලෝකයෙහි) මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද, සංසිඳුවාගෙන, ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරයි. මෙය සම්මා සතියයි කියනු ලැබේ.
9. එහි සම්‍යක් සමාධිය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්වම, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් උපන්නාවූ ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වසයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ සිත පැහැදීම කරන්නාවූ, චිත්තයාගේ එකඟබවවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සිත එකඟ කිරීමෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වසයි. ප්‍රීතියෙහිද නොඇලීමෙන්, මැදහත් ස්වභාව ඇතිව වාසය කෙරේ. සිහි ඇතිව නුවණැතිව සැපයද කයින් විඳියි. මැදහත්ය, සිහි ඇත්තේය. සැපසේ වෙසේයයි යමෙකු ගැන ආය්‍ර්‍යයෝ කියත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහ කිරීමෙන්ද, දුක් පහ කිරීමෙන්ද, පූර්වයෙහි සොම්නස්, දොම්නස් දෙදෙනාගේ නැතිවීමෙන්, දුක් රහිත, සැප රහිත, උපෙක්‍ෂා ස්මෘතීන්ගෙන් පිරිසිදුවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ.
10. ආය්‍ර්‍යවූ මාර්‍ගාංග අටක් වෙති. ඒ කෙසේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාව, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි. සම්‍යක් දෘෂ්ටිය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, කාමයන් අත්හැරීම පිණිස නැමුණු, සම්‍යක් දෘෂ්ටිය වඩයි. -පෙ- සම්මාසංකප්පය වඩයි. -පෙ- සම්මාවාචාව වඩයි. -පෙ- සම්මාකම්මන්තය වඩයි. -පෙ- සම්මාආජීවය වඩයි. -පෙ- සම්මාවායාමය වඩයි. -පෙ- සම්මාසතිය වඩයි. -පෙ- විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, කාමයන් අත්හැරීම පිණිස නැමුණු සම්‍යක් සමාධිය වඩයි.
( සුත්තන්ත භාජනිය නිමි. )
———-
අභිධම්ම භාජනිය.
11. ආය්‍ර්‍යවූ මාර්‍ගාංග අටක් වෙති. ඒ කෙසේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාව, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
12. එහි අෂ්ටාංගික මාර්‍ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ආය්‍ර්‍යවූ මාර්‍ගාංග අටක් වෙති. ඒ කෙසේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාව, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
13. එහි සම්‍යක් දෘෂ්ටිය කවරේද? මෙය ධම්මවිචය සම්බොජ්ඣංගයයි කියනු ලැබේ. මෙය සම්මාදිට්ඨියයි කියනු ලැබේ.
14. එහි සම්මා සංකප්පය කවරේද? යම් තර්කයක්, විතර්කයක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ නංවා තැබීමක්, සම්මාසංකප්පයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්මා සංකප්පයයි කියනු ලැබේ.
15. එහි සම්මාවාචාව කවරේද? සතර වැදෑරුම් වාග් දුශ්චරිතයෙන් ඉවත්වීමක්, වෙන්වීමක්, පටිවිරතියක්, විරමණයක්, නොකිරීමක්, අකරණයක්, නොපැමිණීමක්, සීමාව නොඉක්මවීමක්, සේතුඝාතයක්, සම්‍යක් වචනයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්මාවාචායයි කියනු ලැබේ.
16. එහි සම්‍යක් කර්මාන්තය කවරේද? තුන් වැදෑරුම් කාය දුශ්චරිතයන්ගෙන් යම් ඉවත්වීමක්, වෙන්විමක්, පටිවිරතියක්, විරමණයක්, නොකිරීමක්, අකරණයක්, නොපැමිණීමක්, සීමාව ඉක්මවීමක්, සේතුඝාතයක්, සම්මා කම්මන්තයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ.
17. එහි සම්‍යක් ආජීවය කවරේද? මිත්‍ථ්‍යා ආජීවයෙන් යම් ඉවත්වීමක්, වෙන්විමක්, පටිවිරතියක්, විරමණයක්, නොකිරීමක්, නොපැමිණීමක්, සීමාව නොඉක්මවීමක්, සේතුඝාතයක්, සම්‍යක්ආජීවයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.
18. එහි සම්‍යක් ව්‍යායාමය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක්, විරිය සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
19. එහි සම්‍යක් සතිය කවරේද? යම් සතියක්, අනුස්සතියක්, -පෙ- සම්මාසතියක්, සතිසම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්මාසතියයි කියනු ලැබේ.
20. එහි සම්‍යක් සමාධිය කවරේද? චිත්තයාගේ සිටීමක්, -පෙ- සම්‍යක් සමාධියක්, සමාධි සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ආජීවයයි කියනු ලැබේ. මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ. මෙය අෂ්ටාංගික මාර්‍ගයයි කියනු ලැබේ. අවශෙෂ ධර්මයෝ අෂ්ටාංගික මාර්‍ගය හා යුක්තවූවෝය.
21. පඤ්චාංගික මාර්‍ගය මෙසේය. සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
22. එහි පඤ්චාංගික මාර්‍ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි පඤ්චාංගික මාර්‍ගය වෙයි. සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
23. එහි සම්මා දිට්ඨිය කවරේද? මෙය ධම්මවිචය සම්බොජ්ඣංගයයි කියනු ලැබේ. මෙය සම්මාදිට්ඨියයි කියනු ලැබේ.
24. එහි සම්මා සංකප්පය කවරේද? යම් තර්කයක්, විතර්කයක්, අප්පනාවක්, ව්‍යප්පනාවක්, චිත්තයාගේ නංවා තැබීමක්, සම්මාසංකප්පයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්මා සංකප්පයයි කියනු ලැබේ.
25. එහි සම්‍යක් ව්‍යායාමය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද, -පෙ- සම්‍යක් ව්‍යායාමයක්, විරිය සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.
26. එහි සම්මා සතිය කවරේද? යම් සතියක්, අනුස්සතියක්, -පෙ- සම්මාසතියක්, සතිසම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්මාසතියයි කියනු ලැබේ.
27. එහි සම්මා සමාධිය කවරේද? චිත්තයාගේ සිටීමක්, -පෙ- සම්‍යක් සමාධියක්, සමාධි සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ආජීවයයි කියනු ලැබේ. මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ.
28. පඤ්චාංගික මාර්‍ගය මෙසේය. සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
29. එහි සම්මා දිට්ඨිය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි යම් මෙය ධම්මවිචය සම්බොජ්ඣංගයයි කියනු ලැබේ. මෙය සම්මාදිට්ඨියයි කියනු ලැබේ. සෙසු ධර්මයෝ සම්මා දිට්ඨිය හා සම්ප්‍රයුක්තයෝය. -පෙ- අවශෙෂ ධර්‍මයෝ සම්මා සංකප්පය හා සම්ප්‍රයුක්තයෝය. -පෙ- අවශෙෂ ධර්‍මයෝ සම්මා වායාමය හා සම්ප්‍රයුක්තයෝය. -පෙ- අවශෙෂ ධර්‍මයෝ සම්මා සතිය හා සම්ප්‍රයුක්තයෝය.
30. එහි සම්මා සමාධිය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි චිත්තයාගේ සිටීමක්, -පෙ- සම්‍යක් සමාධියක්, සමාධි සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් ආජීවයයි කියනු ලැබේ. මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ. සෙසු ධර්මයෝ සම්මා සමාධිය හා සම්ප්‍රයුක්තයෝය.
31. ආය්‍ර්‍යවූ මාර්‍ගාංග අටක් වෙති. ඒ කෙසේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාව, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
32. එහි අෂ්ටාංගික මාර්‍ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්මයෝ කුශලයෝය. ඒ ලෝකොත්තර කුශල ධ්‍යානම කැණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම, -පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, සුඤ්ඤතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි අෂ්ටාංගික මාර්‍ගය වෙයි. සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාව, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි. මෙය අෂ්ටාංගික මාර්‍ගය වෙයි. අවශෙෂ ධර්මයෝ අෂ්ටාංගික මාර්‍ගය හා සම්ප්‍රයුක්තයෝය.
33. පඤ්චාංගික මාර්‍ගය මෙසේය. සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
34. එහි පඤ්චාංගික මාර්‍ගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්මයෝ කුශලයෝය. ඒ ලෝකොත්තර කුශල ධ්‍යානම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම, -පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, සුඤ්ඤතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි පඤ්චාංගික මාර්‍ගය වෙයි. සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි. පඤ්චාංගික මාර්‍ගය මෙසේය. සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි.
35. එහි සම්‍යක් දෘෂ්ටිය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි ස්පර්‍ශය වෙයි. -පෙ- අවික්‍ෂෙපය වෙයි. මේ ධර්මයෝ කුශලයෝය. ඒ ලෝකොත්තර කුශල ධ්‍යානම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, කාමයන්ගෙන් වෙන්වම, -පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, සුඤ්ඤතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි යම් ප්‍රඥාවක්, පජානනයක් -පෙ- අමොහයක්, සම්මා දිට්ඨියක්, ධම්මවිචය සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්මා දිට්ඨියයි කියනු ලැබේ. සෙසු ධර්මයෝ සම්මා දිට්ඨිය හා සම්ප්‍රයුක්තයෝය. -පෙ- අවශෙෂ ධර්‍මයෝ සම්මා සංකප්පය හා සම්ප්‍රයුත්තයෝය. -පෙ- අවශෙෂ ධර්‍මයෝ සම්මා වායාමය හා සම්ප්‍රයුක්තයෝය. -පෙ- අවශෙෂ ධර්‍මයෝ සම්මා සතිය හා සම්ප්‍රයුත්තයෝය.
36. එහි සම්‍යක් සමාධිය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද, පළමු භූමියට පැමිණීම පිණිසද, නීය්‍යානිකවූ, අපචයගාමීවූ, ලෝකෝත්තර ධ්‍යානය වඩාද, කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති, දන්‍ධවූ අභිඥාව ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි චිත්තයාගේ යම් සිටීමක් ඇද්ද, සණ්ඨිතියක් ඇද්ද, ආවට්ඨිතියක්, අවිසාහාරයක්, නොවිසිරුණ සිත් ඇති බවක්, සමථයක්, සමාධින්‍ද්‍රියක්, සමාධි බලයක්, සම්මා සමාධියක්, සමාධි සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්, මග්ග පරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ. සෙසු ධර්‍මයෝ සම්‍යක් සමාධිය හා සම්ප්‍රයුක්තයෝය.
( අභිධම්ම භාජනිය නිමි. )
———-
පඤ්හ පුච්ඡකය,
37. ආය්‍ර්‍යවූ අෂ්ටාංගික මාර්‍ගය මෙසේය. ඒ කෙසේද? සම්මාදිට්ඨිය, සම්මාසංකප්පය, සම්මාවාචාව, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධිය යනුයි. මාර්‍ගාංග අට කුසලයෝ කෙතෙක්ද? අකුසලයෝ කෙතෙක්ද? අව්‍යාකෘතයෝ කෙතෙක්ද? -පෙ- සරණයෝ (කෙලෙස් සහිතයෝ) කෙතෙක්ද? අරණයෝ (කෙලෙස් රහිතයෝ) කෙතෙක්ද? කුසල්වූවෝ වෙති. අව්‍යාකෘතවූවෝ වෙති. සම්‍යක් සංකල්පය සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තය. මාර්‍ගාංගයෝ සත් දෙනෙක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝය. දුක් නොවූ, සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තයෝය. විපාකවූවෝ වෙති. විපාකධර්‍ම ධර්‍ම වූවෝ වෙති. අනුපාදින් උපාදානියයෝය. අසංකිලිට්ඨ සංකිලෙසිකයෝය. සම්මාසංකප්පය අවිචාර විචාර මාත්‍ර වූයේ වෙයි. මාර්‍ගාංගයෝ සත් දෙනෙක් සවිතර්‍ක, සවිචාර වූවෝ වෙති. අවිතර්‍ක විචාර මාත්‍ර වූවෝ වෙති. අවිතර්‍ක, අවිචාර වූවෝ වෙති. සම්මා සංකප්පය පීති සහගතය. සුඛ සහගතය. උපෙක්ඛා සහගත නොවේ.
38. මාර්‍ගාංගයෝ සත් දෙනෙක් පීති සහගතවූවෝ වෙති. සුඛ සහගතවූවෝ වෙති. උපෙක්ඛා සහගතවූවෝ වෙති. දර්‍ශනයෙන් නොව, භාවනාවෙන් නොම දුරු කටයුතුය. දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොම දුරු කටයුතු හේතුකය. අපචයගාමීහු වූවෝ වෙති. ආචයගාමී නොව අපචයගාමී වූවෝ නොවෙති. ශෛක්‍ෂවූවෝ වෙති. අශෛක්‍ෂවූවෝ වෙති. අප්පමාණයෝය. අප්මාණාරම්මණයෝය. ප්‍රණීතයෝය. සම්මත්ත නියත වූවෝ වෙති. අනියත වූවෝ වෙති. මග්ගාරම්මණ නොවූවෝය. මග්ගහේතුක වූවෝ වෙති. මග්ගාධිපතීහු වෙති. මග්ගහේතුකයයිද, මග්ගාධිපතීහු යයිද නොකිය යුතු වෙයි.
39. උප්පන්නවූවෝ වෙති. අනුප්පන්නවූවෝ වෙති. උප්පාදීවූවෝ වෙති. අතීතවූවෝ වෙති. අනාගතවූවෝ වෙති. පච්චුප්පන්නවූවෝ වෙති. අතීතාරම්මණයයිද, අනාගතාරම්මණයයිද, පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය. අජ්ඣත්තවූවෝ වෙති. බාහිරවූවෝ වෙති. අජ්ඣත්ත බාහිරවූවෝ වෙති. බහිද්ධාරම්මනයෝය. අනිදස්සන අප්පටිඝයෝය. සම්මාදිට්ඨිය හේතුය. මාර්‍ගාංග සත හේතු නොවේ. සහේතුකයෝය. හේතු සම්පයුත්තයෝය. සම්මාදිට්ඨිය හේතුද, සහේතුකද වේ. මාර්‍ගාංග සතක් හේතුද, සහේතුකයයිද නොකිය යුතුය. සහේතුකද, හේතු නොවූයේද වේ. සම්මාදිට්ඨිය හේතුද, හේතු සම්පයුත්තද වේ. මාර්‍ගාංග සතක් හේතුද, හේතු සම්ප්‍රයුක්තයයිද නොකිය යුතුය. හේතු සම්ප්‍රයුක්තද, හේතු නොවූවෝද වෙති. මාර්‍ගාංග සතක් හේතු නොවූවෝ සහේතුකය.
40. සම්මාදිට්ඨිය හේතු නොවූයේ සහේතුකයයිද, හේතු නොවූයේ අහේතුකයයිද නොකිය යුතුය. සප්‍රත්‍යයෝය, සංඛතයෝය. අනිදස්සනයෝය. අප්පටිඝයෝය. අරූපයෝය. ලෝකුත්තරයෝය. කිසි ඉන්‍ද්‍රියකින් දතයුතුය. කිසි ඉන්‍ද්‍රියකින් නොදත යුතුය. ආශ්‍රවයෝ නොවෙති. අනාශ්‍රවයෝය. ආශ්‍රව විප්‍රයුක්තයෝය. ආශ්‍රවද, සාශ්‍රවයයිද, සාශ්‍රවද, ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය. ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද, ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය. ආශ්‍රව විප්‍රයුක්ත අනාශ්‍රවයෝය. සංයෝජනයෝ නොවෙති. -පෙ- ගන්‍ථයෝ නොවෙති. -පෙ- ඔඝයෝ නොවෙති. -පෙ- යෝගයෝ නොවෙති. -පෙ- නීවරණයෝ නොවෙති. -පෙ- පරාමාසයෝ නොවෙති. -පෙ- සාරම්මණයෝය. චිත්තයෝ නොවෙති. චෙතසිකයෝය. චිත්ත සම්ප්‍රයුක්තයෝය. චිත්ත සංසට්ඨයෝය. චිත්ත සමුට්ඨානයෝය. සිත සමග එකට උපන්නෝය. සිත අනුව පෙරළෙන්නෝය. චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය. චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා එකට උපන්නෝය. චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුපරිවත්තනයෝය. බාහිරයෝය. උපාදා නොවූවෝය. අනුපාදින්නයෝය. උපාදානයෝ නොවෙති. -පෙ- ක්ලේශයෝ නොවෙති. -පෙ- දර්‍ශනයෙන් නොම දුරු කටයුතුය. භාවනාවෙන් නොම දුරු කටයුතුය. භාවනාවෙන් නොම දුරු කටයුතු හේතුකය. සම්මා සංකප්පය අවිතර්‍කය.
41. මාර්‍ගාංග සතක් සවිතර්කවූවෝ වෙති. අවිතර්කවූවෝ වෙති. සම්මා සංකප්පය සවිචාරවූයේ වෙයි. මාර්‍ගාංග සතක් සවිචාරවූවෝ වෙති. අවිචාර වූවෝ වෙති. සම්මා සංකප්පය සප්‍රීතිකය. මාර්‍ගාංග සතක් සප්‍රීතිකවූවෝ වෙති. අප්‍රීතික වූවෝ වෙති. සම්මා සංකප්පය ප්‍රීති සහගතය. මාර්‍ගාංග සතක් ප්‍රීති සහගත වූවෝ වෙති. ප්‍රීති සහගත නොවූවෝ වෙති. සම්මා සංකප්පය සුඛ සහගතය. මාර්‍ගාංග සතක් සුඛ සහගත නොවූවෝ වෙති. සම්මා සංකප්ය උපෙක්ඛා සහගත නොවේ. මාර්‍ගාසග සතක් උපෙක්‍ෂා සහගත නොවූවෝ වෙති. කාමාවචර නොවූවෝය. රූපාවචර නොවූවෝය. අරූපාවචර නොවූවෝය. අපරියාපන්නයෝය. නීය්‍යානික වූවෝ වෙති. අනීය්‍යානික වූවෝ වෙති. නියත වූවෝ වෙති. අනියත වූවෝ වෙති. අනුත්තරයෝය. අරණයෝය.
( මග්ග විභංගය නිමි. )
———-