2 වැඳිරියගේ කථාව

1 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවක් විශාලා නුවර මහා වනයෙහි වැඳිරියක් කෑම බීමවලින් සතුටු කොට ඈට මෛථුන ධර්‍මය කරයි.ඉක්බිති ඒ මහණ තෙම පෙරවරු වේලෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන විශාලා නුවර පිඩු පිණිස හැසුරුනේය. එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු සෙනසුන්වල ඇවිදින්නට යන්නාහු ඒ භික්‍ෂුවගේ පන්සල යම් තැනකද එතැනට පැමියාහුය. ඒ වැඳිරි තොමෝ දුර සිට එන ඒ භික්‍ෂුන් දැක ඒ භික්‍ෂුන් යම් තැනෙක්හිද එහි පැමිණියාය.පැමිණ ඒ භික්‍ෂූන්ගේ ඉදිරියෙහි උකුල සෙලවිය. වලිගය සෙලවිය.උකුල පෙන්නුවාය.අදහස් හෙළි කළාය.

2  ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය.. ඒකාන්තයෙන් ඒ මහණ තෙම මේ වැඳරිය සමග මෛථුන ධර්‍මය සේවනය කරයි. කියා එකත්පසෙක සැඟවී සිටියාහුය.ඉක්බිති ඒ භික්‍ෂු තෙමේ විශාලා නුවර පිඩු පිණිස හැසිර පිණ්ඩපාතය රැගෙන පෙරලා ආයේය. ඉක්බිති ඒ වැඳිරි තොමෝ ඒ භික්‍ෂුව යම් තැනෙක්හිද එහි පැමණියාය. ඉක්බිති ඒ මහණ තෙම ඒ පිණ්ඩපාතය කොටසක් වළදා කොටසක් ඒ වැඳරියට දුන්නේය. ඉක්බිති ඒ වැඳිරි තොමෝ අනුභව කොට ඒ භික්‍ෂුවට කටිය දිගු කළාය.ඉක්බිති ඒ භික්‍ෂුව ඒ වැඳිරිය සමග මෛථුන ධර්‍මය  සේවනය කරයි. ඉක්බිති ඒ භික්‍ෂූහු ඒ භික්‍ෂුවට , ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින්   ශික්‍ෂාපද පැණවූයේ නොවෙද? ඇවැත්නි, ඔබ කුමක් හෙයින් වැඳිරියක් සමග මෛථුන ධර්‍මය සේවනය කෙරේදැයි, කීවාහුය., ඇවැක්නි. භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන ලද බව සත්‍යය.ඒ මිනිස් සත්‍රියක් සමගය. තිරිසන්ගතයන් හා නොවේය. ඇවැත්නි, එය එසේම නොවේද?,

3  ( 1 ) ,ඇවැත්නි, අයොග්‍ය වූ නො ගැලපෙන නුසුදුසු ශ්‍රමණ භාවයට නො ගැලපෙන, අකැප නොකටයුත්තක් කරන ලදී. ඇවැත්නි, ඔබ කෙසේ නම් මෙබදු මනාකොට ප්‍රකාශ කරන ලද ධර්‍ම විනයෙහි පැවිදිව දිවිහිමියෙන් සම්පූර්‍ණ, පිරිසිදු බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි හැසිරෙන්නට නො හැක්කෙහිද, (2) ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ( මෙහි 30 ඡෙදයේ  (2) යොදන්න ඇවැත්නි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම පිණිස නොවන්නේය. ඇවැත්කි, නැවත මෙය නොපැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස පැහැදුන ඇතමෙකුගේ  වෙනස් වීම පිණිස වන්නේය. ඉක්බිති ඒ භික්‍ෂූහු  ඒ භික්‍ෂුවට නොයෙක් ආකාරයෙන් ගර්‍හා කොට භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීවාහුය.  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ  මේ කාරණයෙහි මේ සිද්ධියෙහිදී භික්‍ෂු සංඝයා රැස් කරවා , මහණ, තෝ වැඳිරියක් සමග මෛථුන ධර්‍මයෙහි යෙදෙන්නෙහි යනු ඇත්තද ?, , භාග්‍යවතුන් වහන්ස, ඇත්තය., භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්‍හා කළ සේක ( මෙහි 31 ඡෙදයේ (2 ) යොදන්න ) ,හිස් පුරුෂය, මා විසින් නොයෙක්  ආකාරයෙන්  (මෙහි31  ඡෙදයේ  (2 ) යොදන්න )  යම් කිසි  මහණෙක්  යටත් පිරිසෙයින්  තිරිසන්ගත සත්‍වයෙකු සමගද  මෛථුන ධර්‍මයෙහි යෙදුනේ නම් පැරදුනේ වෙයි. ආශ්‍රයට නුසුදුසු වේ,. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ ශික්‍ෂාපදය මෙසේ පණවන ලද්දෙ වෙයි . ( වැඳිරියගේ  කථාව  නිමි )

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.