ආයුෂ්මත්නි, මේ තෙළෙස් සංඝාදිශෙස ධර්‍මයෝ
ප්‍රකාශයට පැමිණෙත්.
1 සංඝාදිසෙසය
1 (1) ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවා පිළිගන්වන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.(2) ඒ කාලයෙහි වනාහි ආයුෂ්මත් සෙය්‍යසක නම් ස්ථවිරයන් වහන්සේ විසිරුනාවූ සිතින් බ්‍රහ්මචය්‍ර්‍යාව පුරයි.හෙතෙම එයින් කෘෂ බවට පැමිණියේ දුර්වර්‍ණවුයේ පඬුවන් පැහැය ඇතිවූයේ ඉල්පී නහර වැල් ඇති ශරීරයෙන් යුක්තවූයේ වන්නේය.(4) ආයුෂ්මත් වූ උදායි ස්ථවිර තෙමේ (5) කෘෂ වූද,රූක්‍ෂ බවට පත්වුනා වූද, දුර්වණවූද,පඬුවන් පැහ ඇත්තාවූද, ශරීරයෙහි ඉල්පී ගිය නහර වැල් ඇත්තාවූද, (5) සෙය්‍යසක තෙරුන් දැක්කේය.දැක ආයුෂ්මත් සෙය්‍යසක තෙරුන්ට මෙසේ ප්‍රකාශ කළසේක.
2 , ඇවත් සෙය්‍යසකයෙනි, නුඹ කුමක් හෙයින් (2) කෘෂවුවෙහිද? රළුවූවෙහිද? දුර්වර්‍ණ වූවෙහිද? හටගත් පඬුවන් පැහය ඇතිවූවෙහිද? ඉල්පී ගිය නහර වැලින් යුක්තවූ ශරීරය ඇත්තෙහිද? (3) ආයුෂ්මත් සෙය්‍යසකයෙනි, නුඹ කුමක් හෙයින් අනභිරතව බ්‍රහ්මචය්‍ර්‍යාව පුරන්නෙහිද? , ඇවැත්නි, එසේයයි , කීයේය. ආයුෂ්මත් සෙය්‍යසක ස්ථවිරයෙනි, එසේ නම් ඇතිතාක් අනුභව කරව, ඇතිතාක් පානය කරව, ඇතිතාක් ස්නානය කරව, ඇතිතාක් අනුභව කොට, ඇතිතාක් පානය කොට, ඇතිතාක් ස්නානය කොට, යම් කලෙක තට අභිරතියක් (විසුරුණ සිතක් ) ඇතිවන්නේද තොපගේ සිත රාගයෙන් මඬනා ලද්දේද, එකල්හි අතින් ක්‍රියා කොට ශුක්ල මෝචනය කරව. ඇවැත්නි, කිමෙක්ද? එසේ කිරීම සුදුසුද? , , ඇවැත්නි, එසේය, මම ද එසේ කරමි.,
3 එකල්හි වනාහි ආයුෂ්මසත් සෙය්‍යසක ස්ථවිර තෙමේ ඇතිතාක් අනුභව කෙළේය. ඇතිතාක් නිදාගත්තේය. ඇතිතාක් කෑවේය. ඇතිතාක් අනුභව කොට, ඇතිතාක් පානය කොට, ඇතිතාක් ස්නානය කොට,යම් කලෙක විසුරුණ සිතක් උපන්නේද සිත රාගයෙන් මඬනා ලද්දේද,එකල්හි අතින් ක්‍රියා කොට ශුක්ල මෝචනය කරයි. එකල්හි ආයුෂ්මත් සෙය්‍යසක ස්ථවිරයන් වහන්සේ ඊට පසුව වර්‍ණවත් විය. පිනවා ගිය ඉඳුරන් ඇත්තේ විය. පැහැපත් මුහුණක් ඇත්තේ විය. පැහැපත් ශරීර වර්‍ණය ඇත්තේද විය. එකල්හි ආයුෂ්මත් සෙය්‍යසක ස්ථවිරයන් වහන්සේගේ යහළු භික්‍ෂූහු ඇවැත් වූ සෙය්‍යසක ස්ථවිරයන් වහන්සේට මෙසේ ප්‍රකාශ කළහ.
4 , ඇවැත් සෙය්‍යසක ස්ථවිරයෙනි, ඔබ මීට පෙර (මෙහි 1 (2)) ඒ ඔබ දැන් වනාහි වර්‍ණයෙන්ද, පිනාගිය ඉඳුරන්ගෙන්ද,ප්‍රසන්නවූ මුහුණින්ද, ප්‍රසන්නවූ ශරිර වර්‍ණයෙන්ද යුක්තය. ඇවැත් වූ සෙය්‍යසක ස්ථවිරයෙනි, කිමෙක්ද? ඔබ බෙහෙතක් කරන්නෙහිද? , , ආයුෂ්මතුනි, මම බෙහෙතක් නොකරමි. එතෙකදු වුවත් මම ඇතිතාක් අනුභව කරමි.ඇතිතාක් පානය කරමි. ඇතිතාක් ස්නානය කරමි. ඇතිතාක් අනුභව කොට, ඇතිතාක් පානය කොට, ඇතිතාක් ස්නානය කොට, යම්කලෙක මට විසුරුණු සිතක් ඇතිවූයෙහි නම් රාගයෙන් සිත මැඩ ගනී නම් එකල්හි අතින් ක්‍රියා කොට ශුක්ල මෝචනය කරමියයි ., කීයේය.
5 , කිමෙක්ද, ආයුෂ්මත් සෙය්‍යසක ස්ථවිරයෙනි, නුඹ යම් අතකින් ශ්‍රද්ධාවෙන් දෙන ලද දෙය අනුභව කරන්නෙහිය. ඒ අනින්ම ක්‍රියා කොට ශුක්ල මෝචනය කරන්නෙහිද ?, , ඇවැත්නි, එසේයයි., කීයේය.අල්පේච්ඡ වූ යම්බඳු භික්‍ෂුන් වහන්සේලා වෙත්ද උන්වහන්සේලා කෙසේ නම් ආයුෂ්මත් සෙය්‍යසක ස්ථවිරයන් වහන්සේ අතින් ක්‍රියා කොට ශුක්ල මෝචනය කරන්නේදැයි දොස් කීවාහුය. නොසතුට ප්‍රකාශ කළාහුය.නො සතුටු වචන ප්‍රකාශ කළාහුය.
6 (1) එකල්හි ඒ භික්‍ෂුන් වහන්සේලා ආයුෂ්මත් සෙය්‍යසක ස්ථවිරයන්ට නොයෙක් පරිද්දෙන් ගර්හා කොට මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහුය.ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ හේතුවෙහි මේ සිද්ධියෙහි භික්‍ෂු සංඝයා රැස්කරවා ආයුෂ්මත් සෙය්‍යසක ස්ථවිරයන් විචාළේය. , සෙය්‍යසකයෙනි, තෝ අතින් ක්‍රියා කොට ශුක්ල මෝචනය කෙළෙහිය යනු සැබෑද ?, , භාග්‍යවතුන් වහන්ස, සැබෑයයි, කීයේය. (2) භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගර්‍හා කළසේක. , හිස් පුරුෂය, නොසුදුසුවූද, අනුලොම් නොවූද,ප්‍රතිරූප නොවූද, අශ්‍රාමණකවූද, අකැපවූද, නොකටයුතුවූද දෙයක් කෙළෙහිය (3) හිස් පුරුෂය, තෝ කෙසේ නම් අතින් ක්‍රුියාකොට ශුක්ල පිටකළෙහිද? (4) ( මෙහි 2, 31 (3) 25 පිට) (5) මාවිසින් නොයෙක් ක්‍රමයෙන් රාගය නැතිකිරීම පිණිස ධර්‍මය දේශනා කරන ලද්දේ නොවේද? මදය දුරුකිරීම පිණිසද,කෙළෙස් පිපාසය සංසිඳවීම පිණිසද, ආලය නැසීම පිණිසද, සසර සිඳීම පිණිසද, තෘෂ්ණාව නැතිකිරීම පිණිසද නො ඇලීම පිණිසද, නැති කිරීම පිණිසද, නිවන් පිණිසද,ධර්‍මදේශනා කරන ලද්දේ නොවේද.? (6) හිස් පුරුෂය,මා විසින් නෙයෙක් ක්‍රමයෙන් කාමයන්ගේ ප්‍රහාණය කියනලද්දේ නොවේද? කාම සංඥාවන්ගේ දුරුකිරීම කියන ලද්දේ නොවේද,? කාම පිපාසයන්ගේ හැර දැමීම කියනලද්දේ නෙවේද,? කාම විතර්‍කයන්ගේ නැති කිරීම කියනලද්දේ නොවේද? කාම පරිඩාහයන්ගේ සංසිඳවීම කියනලද්දේ නොවේද? හිස් පුරුෂය, ( මෙහි 2, 30 (5)) ,ඇවැත්නි, අස්කළ යුතුයි)
7 ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සෙය්‍යසකයන්ට නොයෙක් ක්‍රමයෙන් ගරහා, (මෙහි 2, 32 (1) (2) යොදන්න) , පිටකරන චේතනා ඇති ශුක්ල මෝචනය කිරීමෙන් සංඝාදිසේස ආපත්තිය වේයයි, භාග්‍යවතුන් වහන්සේ මෙසේද භික්‍ෂුන්ට මේ ශික්‍ෂාපදය පැණවූසේක.
8 එකල්හි වනාහි භික්‍ෂූන් වහන්සේලා ප්‍රණීත භෝජන අනුභව කොට මුලාවූ සිහියෙන් හා ප්‍රඥාවෙන් තොරව නින්දට බැස ගනිත්.මුලාවූ සිහිය ඇති ප්‍රඥාවෙන් තොරව නින්දට බැසගත්තාවූ ඔවුන්ට සිහිනෙන් ශුක්ල පිටවෙයි.ඔවුන්ට සැකයක් ඇතිවිය. , චේතනා සහිත ශුක්ල මෝචනය කිරීමෙන් සංඝාදිසේස ඇවැත වන්නේයයි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපදයක් පණවන ලද්දේය.අපටද සිහිනෙන් ශුක්ල මෝචනය වෙයි. මෙහි චේතනා ලැබීමක් ඇත්තේද? කිමෙක්ද? අපි සංඝාදිසේස ඇවැතට පැමිණියේදැයි,කියායි.භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.,මහණෙනි, මෙහි චේතනාවක් ඇත්තේය.ඒ අරමුණ ඇස් ඉදිරිපිට නැත., මහණෙනි, මෙසේ ද මේ ශික්‍ෂාපදය උදෙසව්. සිහිනෙන් හැර පිටකිරීමේ චේතනා ඇතිව ශුක්‍ර මෝචනය කිරීමෙන් සංඝාදිසේස ඇවැත් වෙයි.,
9 ,චේතනාව ඇත්තේ , යනු දන්නේ, විශේෂයෙන්ම දන්නේ ක්‍රියා කොට පහකිරීමයි..ශුක්ල. යනු දස ශුක්‍රයෝ්යි. එනම් නිල් පාටවූද, කහ පාටවූද, ලේ පාටවූද, සුදු පාටවූද,ගිතෙල් පාටවූද, දිය වැනිවූද,තෙල් වැනි වූද, කිරි වැනි වූද, දධි වැනිවූද, වෙඬරු වැනිවූද යනු දස ශුක්‍රයෝයි., පෙලීම, යනු ස්ථානයෙන් පහ කිරිමයි. ,අඤ්ඤත්‍ර සුපිනන්තා , යනු සිහිනෙන් හැර යනුයි., සංඝාදිසේස වේ , යනු (2) සංඝ තෙමේම ඒ ඇවැතට පිරිවෙස් දෙයි.මැද භාගයෙහි මානත් දෙයි.අවසාන භාගයෙහි අබ්බාහනය කරයි. ඒ අත්‍ර්‍ථයෙහි බොහෝ නොවූද එක පුද්ගලයෙක් නොවූද සංඝයා සහිතව කළයුතු නිසා සංඝාදිසේස නම්වේ.ඒ ඇවැත් සමූහයට මේ නමකි.එයින්ද සංඝාදිසේස කියනලදී.
10 තමාගේ අත් ආදී රූපයෙහි, පිටත්හි වූ, අත් ආදී රූපයෙහි තමාගේ හෝ පිට අයගේ යන දෙයාකාර රූපයෙහි අහසෙහි උකුල සෙලවීමෙන් මෝචනය කෙරේද,(මෙහි පහත දක්වන වචන අගට , මෝචන කෙරේ, යොදා ගත යුතුයි. ) රාගය උදවු වීමෙන්-ශුක්‍ර උදවු වීමෙන්-මූත්‍ර වැඩිවූ කල්හි-වාතය උපන් කල්හි-දළඹු ආදීන්ගේ ස්පර්‍ෂ ඇති කල්හි-නිරෝග බව පිණිස-සැප පිණිස- බෙහෙත් පිණිස-දීම පිණිස- පින් පිණිස-යාග පිණිස- ස්වර්ගය පිණිස-බීජ පිණිස- වීමංසනය පිණිස-අලංකාරය පිණිස- නිල් පැහැයෙන්- කහ පැහැයෙන්-ලේ පැහැයෙන්- සුදු පැහැයෙන්-ගිතෙල් වැනිව- දිය වැනිව-තෙල් වැනිව- කිරි වැනිව- දී වැනිව-වෙඬරු වැනිව – යන ආකාරවලිනි.
11 . තමා කෙරෙහි රූපයෙහි . යනු තෘෂ්ණාදිය විසින් තමාගේයයි ගන්නා ලද රූපයෙහි වේ. ,පිටත්හි වූ රූපයෙහි,යනු පිටත්හි වූ තෘෂ්ණාදිය විසින් ගන්නා ලද හෝ නොගන්නා ලද රූපයෙහි වේ., තමා තුළ හෝ පිටත රූපයෙහි, යනු ඒ දෙකෙහිම වේ. ,ආකාශයෙහි උකුල සොලවන්නේ , යනු ආකාශයෙහි වෑයම් කරන්නහුගේ ලිංගය ක්‍රියාවට යොග්‍ය වෙයි.( මේ වාක්‍ය අගට , ලිංගය ක්‍රියාවට යොග්‍ය වෙයි,යොදන්න. ) .රාගයෙන් උදවු වීමෙන්. යනු රාගයෙන් පීඩිත වූවහුගේ- .ශුක්ල උදව් වූකල්හි. යනු වර්චස් වලින් පීඩිත වූවහුගේ-.මුත්‍ර පිරුණු කල්හි . යනු මුත්‍ර මල වලින් බර වූ කල්හි – .වාතයෙන් තද වූ කල්හි .යනු වාතයෙන් පීඩිත වූවහුගේ -. දළඹුවන් දෂ්ට කළ කල්හි. යනු දළඹු ආදීන් දෂ්ට කිරීමෙන්- ලිංගය ක්‍රියාවට යොග්‍ය වෙයි. , නිරෝගී බව පිණිස, යනු නිරෝගි වෙමියි කියායි. .සැප පිණිස . යනු සැප වේදනා උපදවමියි කියායි.. බෙහෙත් පිණිස . යනු බෙහෙත් වන්නේයයි කියායි..දීම පිණිස. යනු දනක් දෙන්නෙමියි කියායි..පින් පිණිස . යනු පින් ඇති වන්නේ්යයි කියායි..යාග පිණිස. යනු යාග පිණිස වන්නේයයි කියායි..ස්වර්‍ග පිණිස. යනු ස්වර්‍ගයට යන්නේමියි කියායි..බීජ පිණිස. යනු බීජයක් වන්නේයයි කියායි. .දැනගනු පිණිස. යනු නීලාදී වර්‍ණ බලමියි කියායි..ක්‍රීඩා පිණිස. යනු ක්‍රීඩා අදහස් ඇතුවය.
12 තමාගේ රූපයෙහි සිතයිද, ක්‍රියා කෙරේද, පිට කෙරේද සංඝාදිසේස ඇවත වේ.පිටත රූපයෙහි සිතයිද ක්‍රියා කෙරේද, පිට කෙරේද, සංඝාදිසේස ඇවැත් වේ.තමන්ගේ හෝ පිටත්හි වු රූපයෙහි ( මේ වාක්‍ය අගට , චේතනා සහිත වූයේ උපක්‍රම කෙරේද, මෝචනය කෙරේද, සංඝාදිසේස ඇවැත් වේ ,.) අහසෙහි උකුල සෙලවිමෙත් – රාගයෙන් උදවු වීමෙන් -අසුචි බරවීමෙන් මුත්‍ර බරවීමෙන්-වාතය තදවීමෙන්-දළඹුවන් දෂ්ට කිරීමෙන්- නිරෝගී බැව් පිණිස- සැප පිණිස-බෙහෙත් පිණිස- දානය පිණිස- පින් පිණිස- යාගය පිණිස- ස්වර්ගය පිණිස- බීජ පිණිස- විමසා බැලීම පිණිස- ක්‍රීඩා පිණිස- නීල වර්ණ බැව් බැලීම පිණිස- කහ වන් බැව් බැලීම පිණිස- ලෙහෙ වන් බැව් බැලීම පිණිස- සුදු වන් බැව් බැලීම පිණිස- ගිතෙල් වන් බැව් බැලීම පිණිස- දිය වන් බැව් බැලීම පිණිස- තෙල් වන් බැව් බැලීම පිණිස- කිරි වන් බැව් බැලීම පිණිස- දී වන් බැව් බැලීම පිණිස- වෙඬරු වන් බැව් බැලීම පිණිස- චේතනා සහිත වූයේ උපක්‍රම කෙරේද,මෝචනය කෙරේද සංඝාදිසේස ඇවැත් වේ.
1-( මෙහි 1-16 ඡේදවල වාක්‍ය අගට , චේතනා සහිත වූයේ උපක්‍රම කෙරේද, මෝචනය කෙරේද සංඝාදිසේස ඇවැත් වේ, යෙදිය යුතුයි ) නිරෝගී බැව්ද සැප පිණිසද- නිරෝගී බැව්ද බෙහෙත්ද පිණිස-නිරෝගී බැව්ද පිංද පිණිසද-නිරෝගී බැව්ද යාගද පිණිස-නිරෝගී බැව්ද ස්වර්‍ගයද පිණිස- නිරෝගී බැව්ද බීජද පිණිස-නිරෝගී බැව්ද වීමංසනයද පිණිස- නිරෝගී බැව්ද අලංකාරයද පිණිස ( එකමූලක ඛණ්ඩ චක්කය නිමි.)
2 සැපද බෙහෙත්ද පිණිස-සැපද දානයද පිණිස-සැපද පිංද පිණිස-සැපද යාගද පිණිස-සැපද ස්වර්‍ගයද පිණිස-සැපද බීජද පිණිස-සැපද පරීක්‍ෂාකිරීමද පිණිස-සැපද අලංකාරයද පිණිස-සැපද නිරෝගී බැව්ද පිණිස ( එකමූලක බද්ධ චක්කය සංක්‍ෂෙපයෙනි.)
3 අලංකාරයද නිරෝගී බැව්ද පිණිස-චෙතනා සහිතව අලංකාරයද සැපද පිණිස-අලංකාරයද බෙහෙත්ද පිණිස-අලංකාරයද දීමද පිණිස-අලංකාරයද යාගද පිණිස-අලංකාරයද ස්වර්‍ගයද පිණිස-අලංකාරයද බීජද පිණිස-අලංකාරයද පරීක්‍ෂා කිරීමද පිණිස- ( එකමූලක චක්ක පෙය්‍යාලය නිමි. )
4 නිරෝගී බැව්ද සැපද බෙහෙත්ද පිණිස- නිරෝගී බැව්ද සැපද අලංකාරයද පිණිස- (ද්වි මූලක ඛණ්ඩ චක්කය නිමි.)
5 සැපද බෙහෙත්ද දානද පිණිස-සැපද බෙහෙත්ද අලංකාරයද පිණිස-සැපද බෙහෙත්ද නිරෝගී බැව්ද පිණිස- (දුමූලක ඛණ්ඩ චක්ක සංක්‍ෂෙපයෙනි. )
6 විමසීමද නිරෝගී බැව්ද අලංකාරයද පිණිස-විමසීමද අලංකාරයද සැපද පිණිස-විමසීමද අලංකාරයද බීජද පිණිස- (ද්වි මූලකය නිමි.)
ත්‍රිමූලිකයද, චතුමූලිකයද, පංචමුලිකයද, ෂට්මූලිකයද, සත්තමූලිකයද, අටක් වූ
මුලිකයද, නවයක් වූ මුලිකයද,මෙසේ විස්කර කළ යුතුයි.
7 නිරෝගී බැව්ද, සැපද, බෙහෙත්ද, දීමද, පිංද, යාගද, ස්වර්ගයද, බීජද, වීමංසනයද සැරසීමද පිණිස- (සබ්බමූලක චක්ක පෙය්‍යාලය නිමි.)
8 නීල වර්ණ බැව් බැලීමද කහවන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද ලෙහෙවන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද සුදු වන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද ගිතෙල් වන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද දිය වන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද තෙල් වන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද කිරි වන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද දී වන් බැව් බැලීමද පිණිස-නීල වර්ණ බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද පිණිස- (එකමූලක ඛණ්ඩ චක්කය නිමි.)
9 කහ වන් බැව් බැලීමද ලෙහෙ වන් බැව් බැලීමද පිණිස-කහ වන්බැව් බැලීමද සුදු වන් බැව් බැලීමද පිණිස-කහ වන් බැව් බැලීමද ගිතෙල් වන් බැව් බැලීමද පිණිස-කහ වන් බැව් බැලීමද දිය වන් බැව් බැලීමද පිණිස -කහවන් බැව් බැලීමද තෙල්වන් බැව් බැලීමද පිණිස-කහ වන් බැව්බැලීමද කිරිවන් බැව් බැලීමද පිණිස -කහවන් බැව් බැලීමද දීවන් බැව් බැලීමද පිණිස -කහ වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද පිණිස -කහවන් බැව් බැලීමද නීලවර්‍ණ වන් බැව් බැලීමද පිණිස- (ඒකමූලක බද්ධ චක්‍රය නිමි.)
මූලය සංක්‍ෂෙපයෙනි,
10 වෙඬරු වන් බැව් බැලීමද නීලවර්‍ණ බැව් බැලීමද පිණිස-වෙඬරු වන් බැව් බැලීමද කහ වන් බැව් බැලීමද පිණිස-වෙඬරු වන් බැව් බැලීමද ලෙහෙ වන් බැව් බැලීමද පිණිස-වෙඬරු වන් බැව් බැලීමද සුදු වන් බැව් බැලීමද පිණිස-වෙඬරු වන් බැව් බැලීමද ගිතෙල් වන් බැව් බැලීමද පිණිස-වෙඬරු වන් බැව් බැලීමද දිය වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද තෙල් වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද කිරි වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද දී වන් බැව් බැලීමද පිණිස චේතනා සහිත වූයේ උපක්‍රම කෙරේද මෝචනය කෙරේද සංඝාදිසේස ඇවැත් වේ. (එකමූලය නිමි.)
11 නීල වර්ණ බැව් බැලීමද කහවන් බැව් බැලීමද ලෙහෙවන් බැව් බැලීමද පිණිස-නීලවර්‍ණ බැව් බැලීමද කහ වන් බැව් බැලීමද සුදු වන් බැව් බැලීමද පිණිස-නීලවර්‍ණ බැව් බැලීමද කහ වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද පිණිස- (දුමූලක ඛණ්ඩ චක්කයයි.)
12 කහ වන් බැව් බැලීමද ලෙහෙ වන් බැව් බැලීමද සුදු වන් බැව් බැලීමද පිණිස- කහවන් බැව් බැලීමද ලෙහෙ වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද පිණිසද-කහ වන් බැව් බැලීමද ලෙහෙ වන් බැව් බැලීමද නීල වර්ණ බැව් බැලීමද පිණිසද- (දුමූලක බද්ධ චක්‍රය නිමි.)
13 දී වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද නීල වර්ණ බැව් බැලීමද පිණිස-
දී වන් බැව් බැලීමද වෙඬරු වන් බැව් බැලීමද කිරි වන් බැව් බැලීමද පිණිස- (දුමූලකය නිමි.)
14 ( ත්‍රි මූලිකයද,චතුමූලිකයද,පංච මූලිකයද,ෂට් මුලිකයද,සත්ත මූලිකයද,අෂ්ට මූලිකයද,නව මූලිකයද,මෙසේ විස්තර කටයුතුයි.)
නීලවර්‍ණ බැව් බැලීමද,කහ වන් බැව් බැලීමද,ලෙහෙ වන් බැව් බැලීමද,සුදු වන්බැව් බැලීමද,ගිතෙල් වන් බැව් බැලීමද,දිය වන් බැව් බැලීමද,තෙල් වන් බැව් බැලීමද,කිරි වන් බැව් බැලීමද,දී වන් බැව් බැලීමද,වෙඬරු වන් බැව් බැලීමද පිණිසද. (සබ්බමූලක එකපෙය්‍යාලය නිමි..)
15 නිරෝගී බැව් පිණිසද,නීලවර්‍ණ බැව් පිණිසද,නිරෝගි බැව් පිණිසද, සැප පිණිසද,නිල් බැව් පිණිසද,බෙහෙත් පිණිසද,නිල් වන් බැව් පිණිසද,කහ වන් බැව් පිණිසද,ලෙහෙ වන් බැව් පිණිසද, (උභතොවඩ්ඪකය මෙසේම දත යුතුයි.)
16 ආරෝග්‍ය පිණිසද, සැප පිණිසද, බෙහෙත් පිණිසද, දාන පිණිසද, පිං පිණිසද, යාග පිණිසද, ස්වර්‍ගය පිණිසද, බීජ පිණිසද, වීමංසනය පිණිසද, ක්‍රීඩා පිණිසද, නීල වර්‍ණය පිණිසද, කහ වන් පිණිසද, ලෙහෙ වන් පිණිසද, සුදු වන් පිණිසද, ගිතෙල් වන් පිණිසද, දිය වන් පිණිසද, තෙල් කිරි වන් පිණිසද, දී වන් පිණිසද, වෙඬරු වන් පිණිසද, චේතනා සහිතව උපක්‍රම කෙරේද මෝචනය කෙරේද සංඝාදිසේස ඇවැත් වේ. (මිස්සක චක්කය නිමි.)
1 නිල් වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද කහ වන් ශුක්ල මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
2 ( මෙහි 1 ඡේදය යෙදීමේදී . කහ වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න. ). සුදුවන් ,. . ගිතෙල් වන් ,. . දිය වන් ,. . තෙල් වන් ,. කිරි වන් ., . දී වන් ,. . වෙඬරු වන් .
3 කහ වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද ලෙහෙ වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
4-11 ( මෙහි3 ඡේදයේ .ලෙහෙ වන් .වෙනුවට මෙහි දක්වන වචන යොදන්න. ) .සුදුවන් ., .ගිතෙල් වන් ., . දිය වන්, . . තෙල් වන් ,. කිරි වන් ,. . දී වන්. ,. වෙඬරු වන් ,. .නිල් වන් .. (බද්ධ චක්‍රයයි. සංඛිත්ත මූලයයි.)
12 වෙඬරු වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද, උපක්‍රම කෙරේද නිල් වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
13-20 ( මෙහි 12 ඡේදයේ . නිල් වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.). කහ වන් ,. . ලෙහෙ වන් ,. . සුදු වන් ,. . ගිතෙල් වන් ,. . දිය වන් ,. තෙල් වන් ,. කිරි වන් ,. . දී වන්,. (කුච්ඡි චක්‍රයයි.)
21 කහ වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද? නිල් වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
22-29 ( මෙහි 21 ඡේදයේ . නිල් වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) .ලෙහෙවන්,. . සුදු වන් ,. . ගිතෙල් වන් ,. . දිය වන්, . . තෙල් වන් ,. කිරි වන් ,. . දීවන්. , . වෙඬරු වන්. ,. නිල් වන් ,. (පිටඨි චක්‍රයාගේ ප්‍රථම ගමනයයි.)
30 ලෙහෙ වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද කහ වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
31-38 ( මෙහි 30 ඡේදයේ . කහ වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) . සුදු වන් ,. . ගිතෙල් වන් ,. . දිය වන් ,. . තෙල් වන් ,. කිරි වන් ,. . දී වන්,. .වෙඬරු වන් ,. . නිල් වන්., .කහ වන් ,. (පිට්ඨි චක්‍රයාගේ දෙවෙනි ගමනයි.)
39 සුදු වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද ලෙහෙ වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
40-47 ( මෙහි 39 ඡේදයේ . ලෙහෙ වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) . ගිතෙල් වන් ,. . දිය වන් ,. . තෙල් වන් ,. කිරි වන් ., . දී වන්. , . වෙඬරු වන් ,. . නිල් වන් ,..කහ වන් ., . ලෙහෙ වන් ., (පිට්ඨි චක්‍රයාගේ තුන්වන ගමනයි.)
48 ගිතෙල් වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද සුදු වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
49-56 ( මෙහි 48 ඡේදයේ . සුදු වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) . දිය වන් ,. . තෙල් වන් ., කිරි වන් ,. . දී වන්., . වෙඬරු වන් ,. . නිල් වන් .,.කහ වන් ,. . ලෙහෙ වන්,. . සුදු වන් ,. (පිට්ඨි චක්‍රයාගේ සතරවෙනි ගමනයි.)
57 දිය වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද ගිතෙල් වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදිසේස ඇවැත් වේ.
58-65 ( මෙහි 57 ඡේදයේ . ගිතෙල් වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) . තෙල් වන් ,. කිරි වන් ,. . දී වන්. , . වෙඬරු වන් ,. . නිල් වන් .,.කහ වන්.,. ලෙහෙ වන්,. .සුදුවන්., . ගිතෙල් වන් ,. (පිට්ඨි චක්‍රයාගේ පස්වෙනි ගමනයි.)
66 තෙල් වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද දිය වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
67-74 ( මෙහි 66 ඡේදයේ . දිය වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) . කිරි වන් ., . දී වන්., . වෙඬරු වන් ,. . නිල් වන් ,..කහ වන් ,. . ලෙහෙ වන් .,. සුදු වන් . ,.ගිතෙල්වන්,. .දිය වන් ,. (පිට්ඨි චක්‍රයාගේ සවැනි ගමනයි)
75 කිරි වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද තෙල් වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
76- 83 ( මෙහි 75 ඡේදයේ . තෙල් වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) . දී වන්. ,.වෙඬරු වන් ., . නිල් වන් .,.කහ වන් ., . ලෙහෙ වන් ,.. සුදු වන්, . .ගිතෙල් වන් ,. .දිය වන්,. . තෙල් වන්., (පිට්ඨි චක්‍රයාගේ සත්වන ගමනයි.)
84 දී වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද කිරි වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදිසේස ඇවැත් වේ.
85-92 ( මෙහි 84 ඡේදයේ .කිරි වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) . වෙඬරු වන් ., . නිල් වන් ,..කහ වන් ., . ලෙහෙ වන් ,.. සුදු වන් ., . ගිතෙල් වන් ,. .දිය වන් ,.. තෙල් වන් ., . කිරි වන්., (පිට්ඨි චක්‍රයාගේ අටවෙනි ගමනයි.)
93 වෙඬරු වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද දී වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදිසේස ඇවැත් වේ.
74-101( මෙහි 93 ඡේදයේ . දීි වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) .නිල් වන් ,..කහ වන් ,. . ලෙහෙ වන් .,. සුදු වන් ., . මෝරු වන් ., .දිය වන් ,.. තෙල් වන් ., . කිරි වන්., (පිට්ඨි චක්‍රයාගේ නවවෙනි ගමනයයි)
102 නිල් වන් ශ්‍රක්‍ර මෝචනය කරන්නෙමියි සිතාද උපක්‍රම කෙරේද වේඩරු වන් ශුක්‍ර මෝචනය කෙරේද? සංඝාදි සේස ඇවැත් වේ.
103-110 ( මෙහි 102 ඡේදයේ වෙඬරු වන් . වෙනුවට මෙහි දක්වන වචන යොදන්න.) .කහ වන් ,. . ලෙහෙ වන් .,. සුදු වන් . ,. මෝරු වන් ., .දිය වන් ,.. තෙල් වන් ., . කිරි වන්., . දී වන්., (පිට්ඨි චක්‍රයාගේ දසවැනි ගමනයයි)
පිට්ඨි චක්‍රය නිමි.
111 සිතාද උපක්‍රම කෙරේද මෝචනය කෙරේද සංඝාදිසේස ඇවැත් වේ. සිතාද උපක්‍රම කෙරේද මෝචනය නො කෙරේද ථුලසි ඇවැත් වේ.සිතාද උපක්‍රම නො කෙරේද මෝචනය නො කෙරේද ඇවැත් නොවේ. සිතාද උපක්‍රම නො කෙරේද මෝචනය නො කෙරේද ඇවැත් නොවේ.නො සිතාද උපක්‍රම කෙරේද මෝචනය කෙරේද ඇවැත් නො වේ.නො සිතාද උපක්‍රම කෙරේද මෝචනය නො කෙරේද ඇවැත් නොවේ.නො සිතාද උපක්‍රම නො කෙරේද මෝචනය කෙරේද ඇවැත් නොවේ. නො සිතාද උපක්‍රම නො කෙරේද මෝචනය නො කෙරේද ඇවැත් නොවේ.
112 සිහින දකින්නහුටද, මිදීමේ අදහසක් නැත්තහුටද, උමතු බැව් ඇත්තහුටද, සිත විසිරුණු තැනත්තහුටද,වේදනාවෙන් පෙළෙන්නහුටද,ආදිකම්මිකයාටද, ඇවැත් නොවේ.
113 සිහිනෙන් මෝචනය වීමෙහිද,අදහසක් නැතිව මෝචනය කිරීමෙන්ද උම්මත්තකයාගේ මෝචනයෙන්ද විසුරුණාවූ සිත් ඇත්තහුගේ මෝචනයද, වේදනාවෙන් පෙළෙන්නහුගේ මෝචනයද, ආදිකර්මිකයාගේ මෝචනයද සංඝාදිසේස ඇවැත් පිණිස නොවේ.සිහින දකින්නහුටද මල මූත්‍ර කරන්නහුටද, විතර්‍ක ඇත්හුටද, උණුදියෙන් නාන්නහුටද, බෙහෙත් කරන්නහුටද, කැසීම් ඇත්තහුටද, වස්ති මාර්‍ග ජඞ්ඝා මාර්‍ග යන මෙහි උපක්‍රම කරන්නහුටද, සාමණේරයාටද, නිදන්නහුටද, මිටින් රහසඟ පීළනය කරන්නහුටද, අහසෙහි කටී කම්පනයෙහිද, කය තද කරන්නහුටද, ස්ත්‍රී රහසඟ බලන්නහුටද, කටුවකින් ගටන්නහුටද, දියෙහි සෙල්ලම් කරන්නහුටද, පුප්ඵාවලිය පොකුණු වැලිතලා මඩවගුරු මිටි ආසන යන මේ ස්ථානයන්හිද ඇතිවන මෝචනයාගේ ඇවැත් විස්තර මෙතැන් පටන් කියනු ලැබේ. 2 කථා
1 එසමයෙහි වනාහි එක්තරා භික්‍ෂුවකට නිදන කල්හි ශුක්‍ර පහවිය. (2) ඔහුට සැකයක් ඇති විය.. කිමෙක්ද ? මම සංඝාදිසේ්ස ඇවතට පැමිනියෙම්දැයි. කියායි.එකල්හි ඒ භික්‍ෂුන් වහන්සේ මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේය.(3) , මහණ, සිහිනෙන් වන පහවීමෙහි ඇවැත් නැත.,
2 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවකට මළ පහකරන කල්හි ශුක්‍ර පහවිය.( මෙහි 1 ( 2) ,මහණ, තොපි එය සිතින් යුක්තව කෙළෙහිද? , . භාග්‍යවතුන් වහන්ස, මට පිට කිරීමේ අදහසක් නො වීය. (1) , මහණ, පිට කිරීමේ අදහසක් නැත්තහුට ඇවැත් සිදු නොවේ.,
3 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවකට මූත්‍ර කරන කල්හි ශුක්‍ර පිටවිය ( මෙහි 1 (2) සහ 2 (2)
4 ඒ කාලයෙහි වනාහි රාග සිතිවිල්ලක් ඇති භික්‍ෂුවකට ශුක්‍ර පහ විය.( මෙහි 1 (2) , මහණ, රාග සිතිවිල්ල ඇත්තහුට ඇවැත් සිදුනොවේ.,
5 එකල්හි වනාහි උණු දිය නාන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිට විය. ( මෙහි 1(2).
6 එකල්හි වනාහි උණු දිය නාන්නාවූ එක්තරා භික්‍ෂුවකට පිට කිරීමේ අදහස ඇතිව ශුක්‍ර පිට විය. ( මෙහි 1(2))., මහණ, තෝ සංඝිදිසේස ඇවැතට පැමිනියේයයි.,වදාළහ.(3)
7 එකල්හි වනාහි පිට කිරීමේ අදහසක් ඇති උණු දිය නාන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිට නො විය. ( මෙහි 1(2))., මහණ, සංඝිදිසේස ඇවැතනොවේ.ථුලැසි ඇවැත් වේ.,
8 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවකගේ ලිංගයෙහි වනයක් විය. බෙහෙත් ගල්වන කල්හි ශුක්‍ර පිට විය. ( මෙහි 1 (2) සහ 2 (2))
9 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවකගේ ලිංගයේ වනයක් විය. පිට කිරීමේ අදහස ඇතිව බෙහෙත් ගල්වන කල්හි ඔහුට ශ්‍රක්‍ර පිට විය.( මෙහි 1(2) 6 (2))
10 ( මෙහි 9 (1) ඔහුට ශුක්‍ර පිට නො වීය. ( මෙහි 1 (2) සහ 7 (2))
11 එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවකට අණ්ඩය කසන කල්හි ශුක්‍ර පිටවිය (මෙහි 1 (2 ) සහ 2 (2))
12 ( 1) එකල්හි වනාහි එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටකිරීමේ අදහසින් අණ්ඩය කසන කල්හි (2) ශුක්‍ර පිටවිය.( මෙහි 1 (2) සහ 6 (2))
13 ( මෙහි 12 (1) ශුක්‍ර පිට නොවීය.( මෙහි 1 (2) ස 7 ( 2))
14 එකල්හි වනාහි මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය.( මෙහි 1 (2) සහ 2 (2))
15 (1) එකල්හි වනාහි පිටකිරීමේ අදහස් ඇතිව මාර්‍ගයෙහි යන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි1(2) සහ 6 (2)).
16 ( මෙහි 15 (1) ශුක්‍ර පිටනොවීය. ( මෙහි 1 ( 2) සහ 7 ( 2 ))
17 එසමයෙහි වනාහි වස්තිය ගෙන මූත්‍ර පිටකරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිට විය. ( මෙහි 1 (2) සහ 2 (2))
18 (1) එකල්හි වනාහි පිටකිරීමේ අදහස් ඇතිව වස්තිය ගෙන මූත්‍ර පහකරන්නාවූ එක්තරා භික්‍ෂුවකට (2) ශුක්‍ර පිට විය. ( මෙහි 1 (2) සහ 2 (2))
19 ( මෙහි 18 (1) 1 (2) සහ 7 (2)) පිට නොවීය.
20 එකල්හි ගිනිහල් ගෙයිදී බඩ වටේ තවන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. ( මෙහි 1 (2) සහ 2 (2))
21 එකල්හි වනාහි ගිනිහල් ගෙයි උපාධ්‍යායන් වහන්සේගේ පිට පිරිමැදීම කරන්නාවු එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. (මෙහි 1 (2) සහ 2 (2))
22 (1) එකල්හි වනාහි ගිනිහල් ගෙයි පිටකිරීමේ අදහස් ඇතිව උපාධ්‍යායන් වහන්සේගේ පිට පිරිමැදීම කරන්නාවු එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) මෝචනය විය. (මෙහි 1 (2) සහ 6 (2))
23 (මෙහි 22 (1) පිට නොවීය. (මෙහි 1 (2) සහ 7 (2))
24 එකල්හි වනාහි (ස්වකීය) කලවා ඝට්ටනය කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. ( මෙහි 1(2) සහ 2 (2).
25 (1) එකල්හි වනාහි පිට කිරීමේ අදහස් ඇතිව කලවා ඝට්ටනය කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට (2) ශුක්‍ර පිටවිය. ( මෙහි 1(2) සහ 2 (2)).
26 ( මෙහි 25 (1) පිටනොවීය ( මෙහි1 (2) සහ 7 (2))
27 එකල්හි වනාහි මෝචනය කිරීමේ අදහස් ඇතිව එක්තරා භික්‍ෂුවක් සාමණේර නමකට මෙසේ කීය.. ඇවැත් සාමණේරය, තෝ මෙහි එව, මගේ ලිංගය අල්වා ගනුව. කියායි. හෙතෙම ඔහුගේ ලිංගය අල්වා ගත්තේය. ඔහුට ශූක්‍ර පිට විය. ( මෙහි 1 (2) සහ 6 (2))
28 එසමයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් නිදන්නාවූ සාමණේර නමකගේ ලිංගය අල්වා ගත්තේය. ඔහුට ශුක්‍ර පිටවිය. ( මෙහි 1 (2)) , මහණ, සංඝාදිසේස ඇවැත් නොවේ. දුකුලා ඇවැත් වන්නේයයි, වදාළහ.
29 (1) එසමයෙහි වනාහි පිට කිරීමේ අදහස් ඇතිව ලිංගය කළවාවල පීඩනය කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර ( 2) පිට වි ය. ( මෙහි 1 (2 ) සහ 6 (2))
30 ( මෙහි 29 ( 1) පිටනොවීය. (මෙහි 1( 2) සහ7 (2))
31 එකල්හි වනාහි පිට කිරීමේ අදහස් ඇතිව ලිංගය මිටින් පීඩනය කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1(2) සහ 6 (2 ))
32 ( මෙහි 31 (1) පිට නොවීය. ( මෙහි 1 (2) සහ 7 ( 2))
33 (1) එසමයෙහි වනාහි පිට කිරීමේ අදහස් ඇතිව අවකාශයෙහි උකුල සොලවන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1(2) සහ 6 (2))
34 ( මෙහි 33 (1) පිට නොවීය.( මෙහි 1 (2) සහ 7 (2))
35 එසමයෙහි වනාහි කය ප්‍රාණවත් කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. (මෙහි 1 (2) සහ 2 ( 2 ))
36 (1) එසමයෙහි වනාහි කය මෝචනය කිරීමේ අදහස් ඇතිව ප්‍රාණවත් කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. (මෙහි 1 (2) සහ 6 (2))
37 ( මෙහි 36 (1) පිට නොවීය. ( මෙහි 1 (2) සහ 7 (2))
38 එසමයෙහි වනාහි එක්තරා භික්‍ෂුවක් රාගයෙන් රත් වූයේ ස්ත්‍රියකගේ යෝනියක් සිතින් අදහස් කෙළේය.ඔහුට ශුක පිටවිය. (මෙහි 1 (2)) , මහණ, සංඝාදිසේ ඇවැත් නොවේ. මහණෙනි, රාගයෙන් රත් වූ සිතින් ස්ත්‍රියකගේ යෝනිය සිතින් නොසිතිය යුතුය. යමෙක් සිතන්නේ නම් දුකුලා ඇවැත් වන්නේයයි, වදාළහ.
39 (1) එකල්හි වනාහි පිටකිරීමේ අදහසින් ලිංගය යතුරු සිදුරකට ප්‍රවේශ කරන්නාහු එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර මෝචනය ( 2 ) විය. ( මෙහි 1(2) සහ 6 (2))
40 ( මෙහි 39 (1) නොවිය.( මෙහි 1 (2) සහ 7 (2))
41 (1) එකල්හි වනාහි පිටකිරීමේ අදහස් ඇතිව ලී කෑල්ලකින් ලිංගය ඝට්ටනය කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1( 2) සහ6(2))
42 ( මෙහි 41 (1) පිට නොවීය. ( මෙහි 1 (2) සහ 7 (2))
43 එකල්හි වනාහි සැඩපහරෙහි නාන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. (මෙහි 1 (2) සහ 2 (2))
44 (1) එසමයෙහි වනාහි පිටකිරීමේ අසහස් ඇතිව සැඩපහරෙහි නාන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවීය. (මෙහි 1 (2 ) සහ 6 (2))
45 ( මෙහි 44 (1) පිට නොවීය. ( මෙහි1 (2) සහ 7 (2))
46 එසමයෙහි වනාහි දිය කෙළින්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය (මෙහි 1 (2) සහ 2 (2) )
47 (1 ) එසමයෙහි වනාහි පිටකිරීමේ අදහස් ඇතිව දිය කෙළින්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1 (2) සහ 6 (2 ))
48 ( මෙහි 47 (1) පිටනොවීය. ( මෙහි 1 (2) සහ 7 (2))
49 එසමයෙහි වනාහි දියෙහි දුවන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. (මෙහි 1 (2) සහ 2 (2))
50 (1) එසමයෙහි වනාහි පිටකිරීමේ අදහස් ඇතිව දියෙහි දුවන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1 (2) සහ 6 (2))
51 ( මෙහි50 (1) ) පිට නොවීය. ( මෙහි 1( 2 ) )සහ 7 (2))
52 එසමයෙහි වනාහි මල් ගොමුවෙහි ක්‍රීඩා කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. (මෙහි 1 (2) සහ 2 (2))
53 (1) එසමයෙහි වනාහි පිටකරන අදහස් ඇතිව මල් ගොමුවෙහි ක්‍රීඩා කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවීය. ( මෙහි 1 (2) සහ 6 (2))
54 ( මෙහි 53 (1) පිට නොවීය. ( මෙහි 1 (2) සහ 7(2))
55 එකල්හි වනාහි නෙළුම් විලෙහි දුවන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. (මෙහි 1 (2) සහ 2 (2))
56 (1) එසමයෙහි වනාහි මෝචන අදහස් ඇතිව නෙළුම් විලෙහි දුවන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවීය. ( මෙහි 1 (2) සහ 6 (2))
57 ( මෙහි 56 (1)) පිට නොවීය. ( මෙහි 1 (2) සහ 7 (2))
58 (1) එසමයෙහි වනාහි පිටකිරීමේ අදහස් ඇතිව ලිංගය වැල්ලෙහි ප්‍රවේශ කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පහවිය.( මෙහි 1 (2) සහ 6 (2))
59 ( මෙහි 58 (1) පිටනොවීය. ( මෙහි 1(2) සහ 7 (2))
60 (1) එසමයෙහි වනාහි මෝචන අදහස් ඇතිව ලිංගය මඩෙහි ප්‍රවේශ කරන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1 (2) සහ 6 (2))
61 ( මෙහි 60 ( 1 )) පිට නොවීය ( මෙහි 1 (2) සහ 7 (2))
62 එසමයෙහි වනාහි ලිංගයට දිය ඉසින්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර පිටවිය. (මෙහි 1 (2) සහ 2 (2))
63 (1) එසමයෙහි වනාහි පිට කරන අදහස් ඇතිව ලිංගයට දිය ඉසින්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය ( මෙහි 1 (2) සහ 6 (2))
64 ( මෙහි 63 ( 1 )) පිට නොවීය ( මෙහි 1 (2) සහ 7 (2))
65 (1) එසමයෙහි වනාහි මෝචන අදහස් ඇතිව ලිංගය සයනෙහි ඝටන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1 (2) සහ 6 (2))
66 ( මෙහි 65 ( 1 )) පිට නොවීය ( මෙහි 1 (2) සහ 7 (2))
67 (1) එසමයෙහි වනාහි මෝචන අදහස් ඇතිව ලිංගය ඇඟිලිවලින් ඝටන්නාවූ එක්තරා භික්‍ෂුවකට ශුක්‍ර (2) පිටවිය. ( මෙහි 1 (2) සහ 6 (2))
68 ( මෙහි 67 (1)) පිට නොවීය කිමෙක්ද? මම සංඝාදිසේස ඇවැතට පැමිණියේදැයි, ඔහුට සැකයක් උපන. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. , මහණ, සංඝාදිසේස ඇවැත් නොවේ .ථුලැසි ඇවැත් වන්නේයයි, වදාළහ. (ප්‍රථම සංඝාදිසේසය නිමි.)