17. ඛුද්දකවත්‍ථු විභංගය විභඞ්ගය.

මාතිකා.

එකකය.

1. ජාති මදය,  ගොත්‍ර මදය,  ආරොග්‍ය මදය,  යොබ්බන මදය,  ජීවිත මදය,  ලාභ මදය,  සත්කාර මදය,  ගරුකාර මදය,  පුරෙක්ඛාර නම් තමා උසස්යයි මානයෙන් යුත් මදය,  පරිවාර මදය,  භොග මදය,  වණ්ණ මදය,  සුත මදය,  පටිභාන මදය,  රත්තඤ්ඤූ (බොහෝ රාත්‍රීන් දන්නා) මදය,  පිණ්ඩපාතික මදය,  අනවඤ්ඤාන මදය,  ඉරියාපථ මදය,  ඉද්ධි මදය,  යස මදය,  සීල මදය,  ඣාන මදය,  සිප්ප මදය,   ආරොහ මදය,  පරිනාහ මදය,  සණ්ඨාන මදය,  පාරිපූරි මදය,  පමාදය,  ථම්භය,  සාරම්භය,  අත්‍රිච්ඡතාව,  මහිච්ඡතාව,  පාපිච්ඡතාව,  සිංගය,  තින්තිනය,  චාපලත්‍ථය,  අසභාගවුත්තිය,  අරතිය,  තන්දිය,  විජම්භිකාව,  භත්තසම්මදය,  චිත්තයාගේ හැකුළුණු බව,  කුහනාව,  ලපනාව,  නෙමිත්තිකතාව,  නිප්පෙසිකතාව,  ලාභයෙන් ලාභය,  නිජීගිංසනතාව,  ශ්‍රෙෂ්ඨ වෙමියි මානය,  සමාන වෙමියි මානය,  හීන වෙමියි මානය,  ශ්‍රෙෂ්ඨයාට ශ්‍රෙෂ්ඨවෙමියි මානය,  ශ්‍රෙෂ්ඨයාට සමාන වෙමියි මානය,  ශ්‍රෙෂ්ඨයාට හීන වෙමියි මානය,  සමානයාට ශ්‍රෙෂ්ඨ වෙමියි මානය,  සමානයාට සමාන වෙමියි මානය,  සමානයාට හීන වෙමියි මානය,  හීනයාට ශ්‍රෙෂ්ඨ වෙමියි මානය,  හීනයාට සමාන වෙමියි මානය,  හීනයාට හීන වෙමියි මානය,  අතිමානය,  මානාතිමානය,  ඔමානය,  අධි මානය,  අස්මි මානය,  මිච්ඡා මානය,  ඥාති විතර්‍කය,  ජනපද විතර්‍කය,  අමර විතර්‍කය,  පරානුද්දයතාපටිසංයුත්ත විතර්කය,  ලාභ සත්කාර,  කීර්ති,  යුක්ත විතර්කය,  අනවඤ්ඤාත පටිසංයුක්ත විතර්කතය යනුයි.
———-

දුකය.

2.  ක්‍රොධයද,  උපනාහයද,  මක්ඛයද,  පලාසයද,  ඉස්සාවද,  මච්ඡරියද,  මායාවද,  සාඨෙය්‍ය (කෛරාටිකකම) ද,  අවිද්‍යාවද,  භව තෘෂ්ණාවද,  භව දෘෂ්ටියද,  විභව දෘෂ්ටියද,  ශාස්වත දෘෂ්ටියද,  උච්ඡෙද දෘෂ්ටියද,  අන්තවූ දෘෂ්ටියද,  අනන්තවූ දෘෂ්ටියද,  පූර්‍වාන්තයක් ඇත්තේය යන දෘෂ්ටියද,  අපරාන්තයක් ඇත්තේය යන දෘෂ්ටියද,  අහිරිකයද,  අනොත්තප්පයද, දොවචස්සතාවද,  පාපමිත්තතාවද,  අනවජ්ජයද,  අමද්දවයද,  අක්ඛන්තියද,  අසොරච්චයද,  අසාඛල්ලයද,  අප්පටිසන්ථාරයද,  ඉන්ද්‍රියයන්හි නොවසන ලද දොර ඇති බවද,  භෝජනයෙහි පමණ දැනීමද,  සිහි මුළා බවද,  අසම්පජඤ්ඤයද,  සීල විපත්තියද,  දිට්ඨි විපත්තියද,  අජ්ඣත්ත සංයොජනයද,  බහිද්ධා සංයෝජනයද යනුයි.
———-

තිකය.

3. අකුසල මුල් තුනක් වෙති.   අකුසල විතර්ක තුනක් වෙති.   අකුසල සංඥා තුනක් වෙති.   අකුසල ධාතූහු තුනක් වෙති.   දුශ්චරිත තුනක් වෙති.   ආශ්‍රව තුනක් වෙති.   සංයෝජන තුනක් වෙති.   තෘෂ්ණා තුනක් වෙති.   නැවතද තෘෂණා තුනක් වෙති.   සෙවීම් තුනක් වෙති.   විධා (මානයෝ) තුනක් වෙති.   භය තුනක් වෙති.   තම (අවිද්‍යා) තුනක් වෙති.   තීත්‍ර්‍ථායතන තුනක් වෙති.   කිඤ්චන තුනක් වෙති.   අඞ්ගන තුනක් වෙති.   මල තුනක් වෙති.   විසම තුනක් වෙති.   අනිකුදු විසම තුනක් වෙති.   ගිනි තුනක් වෙති.   කසාව තුනක් වෙති.   අනිකුදු කසාව තුනක් වෙති.   අස්සාදදිට්ඨිය,  අත්තානුදිට්ඨිය,  මිච්ඡාදිට්ඨිය, අරතිය,   විහේසය,   අධම්මචරියාව,   දොවචස්සතාව,   පාපමිත්තතාව,   නානත්තසඤ්ඤාව,   උද්ධච්චය,   කොසජ්ජය,    පමාදය,   අසන්තුට්ඨිතාව,   අසම්පජඤ්ඤතාව,   මහිච්ඡතාව,   අහිරිකය,   අනොත්තප්පය,   පමාදය,  අනාදරිය,  දොවචස්සතාව,  පාපමිත්තතාව,  අස්සද්ධිය,  අවදඤ්ඤතාව,  කොසජ්ජය,  උද්ධච්චය,  අසංවරය,  දුශ්ශීල බව,  ආය්‍ර්‍යයන් නොදකිනු කැමති බව,   සද්ධර්‍මය අසනු නොකැමැත්ත,  උපාරම්භචිත්තතාව,  මුළා සිහිය,  අසම්පජඤ්ඤය,  චිත්තවික්‍ෂෙපය,  අයොනිසොමනසිකාරය,  වැරදි මාර්‍ග සේවනය,  චිත්තයාගේ හැකුළුන බව යනුයි.
———

චතුක්කය.

4. ආශ්‍රවයෝ සතර දෙනෙක් වෙති.   ග්‍රන්ථයෝ සතර දෙනෙක් වෙති.   ඕඝයෝ සතර දෙනෙක් වෙති.   යෝගයෝ සතර දෙනෙක් වෙති.   උපාදානයෝ සතර දෙනෙක් වෙති.   තණ්හුපාදයෝ සතර දෙනෙක් වෙති.   අගතිගමනයෝ සතර දෙනෙක් වෙති.   විපරියෙසයෝ සතර දෙනෙක් වෙති.   අනරියවොහාරයෝ සතර දෙනෙක් වෙති.   අනිකුදු අනරිය වොහාරයෝ සතර දෙනෙක් වෙති.   දුශ්චරිතයෝ සතර දෙනෙක් වෙති.   අනිකුදු දුශ්චරිතයෝ සතර දෙනෙක් වෙති.   භය සතර දෙනෙක් වෙති.   අනිකුදු භය සතර දෙනෙක් වෙති.   දෘෂ්ටීහු සතර දෙනෙක් වෙති.
———-

පඤ්චකය.

5. ඔරම්භාගිය සංයෝජනයෝ පසක් වෙති.   උද්ධම්භාගිය සංයෝජනයෝ පසක් වෙති.   මච්ඡරිය පසක් වෙති.   සඞ්ගයෝ පසක් වෙති.   සල්ලයෝ පසක් වෙති. චෙතොඛීලයෝ පසක් වෙති.   චිත්තය පිළිබඳ විනිබන්‍ධයෝ පසක් වෙති.   නීවරණයෝ පසක් වෙති.   ආනන්තරිය කර්‍මයෝ පසක් වෙති.   වෙරයෝ පසක් වෙති.   ව්‍යසනයෝ පසක් වෙති.   අක්ඛන්තිය ආදීනවයෝ පසක් වෙති.   දිට්ඨධම්ම නිබ්බාණ වාදයෝ පසක් වෙති.
———-

ඡක්කය.

6. විවාද මූලයෝ සයක් වෙති.   ඡන්‍දරාගයෝ සයක් වෙති.   විරොධ වස්තූහු සයක් වෙති.   තෘෂ්ණා කායයෝ සයක් වෙති.   අගාචරයෝ සයක් වෙති.      පරිහානිය ධර්‍මයෝ සයක් වෙති.   අනිකුදු පරිහානිය ධර්‍මයෝ සයක් වෙති.   සොමනස්ස උපවිචාරයෝ සයක් වෙති.   දොමනස්ස උපවිචාරයෝ සයක් වෙති.   උපෙක්‍ෂා උපවිචාරයෝ සයක් වෙති.   ගෙහසිත සොමනස්සයෝ සයක් වෙති.   ගෙහසිත දොමනස්සයෝ සයක් වෙති.   ගෙහසිත උපෙක්‍ෂා සයක් වෙති.   දෘෂ්ටීහු සයක් වෙති.
———-

සත්තකය.

7. අනුසයයෝ සතක් වෙති.   සඤ්ෙඤාජනයෝ සතක් වෙති.   පරිවුට්ඨානයෝ සතක් වෙති.   අසද්ධම්මයෝ සතක් වෙති.   දුශ්චරිතයෝ සතක් වෙති.   මානයෝ සතක් වෙති.   දෘෂ්ටීහු සතක් වෙති.
———-

අට්ඨකය.

8. ක්ලේශ වස්තූහු අටක් වෙති.  කුසීත වස්තූහු අටක් වෙති.   චිත්තයාගේ ප්‍රතිඝාතය (හැප්පීම) ඇතිවන ලෝක ධර්‍ම අටක් වෙති.   අනරිය වොහාරයෝ අටක් වෙති.   මිච්ඡත්තයෝ අටක් වෙති.   පුරිසදොසයෝ අටක් වෙති.   අසඤ්ඤීවාදයෝ අටක් වෙති.   නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදයෝ අටක් වෙති.
———-

නවකය.

9. ආඝාත වස්තූහු නවයක් වෙති.   පුරිස මලයෝ නවයක් වෙති.   විධමානයෝ නවයක් වෙති.   තෘෂ්ණා මූලික ධර්‍මයෝ නවයක් වෙති.   ඉඤ්ජිතයෝ නවයක් වෙති.   මඤ්ඤීතයෝ නවයක් වෙති.   පන්දිතයෝ නවයක් වෙති.   පපක්ඛිතයෝ නවයක් වෙති.   සඞ්ඛතයෝ නව දෙනෙක් වෙති.
———-

දශකය.

10. ක්ලේශ වස්තූහු දශයක් වෙති.   ආඝාත වස්තූහු දශයක් වෙති.   අකුසල කර්‍ම පථයෝ දශයක් වෙති.   සඤ්ෙඤා්ජනයෝ දශයක් වෙති.   මිච්ඡත්තයෝ දශ වස්තුක මිථ්‍යාදෘෂ්ටීහු වෙති.   දශ වස්තුක අන්තග්‍රාහික දෘෂ්ටීහු වෙති.

11.  තෘෂ්ණා විචරිතයෝ දහඅටක් වෙති.   ආධ්‍යාත්මික කරුණු නිමිතිකොට – දහ අටකි.   බාහිර කරුණු පිළිබඳ – දහඅටකි.   එය එකතුකොට ගණන්ගෙන තිස්සයක් තෘෂ්ණා විචරිතයෝ වෙති.   මෙසේ අතීත කාලය පිළිබඳ තෘෂ්ණා විචරිතයෝ තිස් හයකි.   අනාගත කාලය පිළිබඳ තිස්හයකි.   වර්තමානය පිලිබඳ තිස් සයකි.   ඒ සියල්ල එකතුකොට ගණන්ගෙන තෘෂ්ණා විචරිතයෝ එකසිය අටක් වෙති.   යම් දෙසැට දෘෂ්ටියක් ඇද්ද,  එය භාග්‍යවතුන් වහන්සේ විසින් බ්‍රහ්මජාල සූත්‍රය ප්‍රකාශ කිරීමෙහිදී දේශනා කරණ ලද්දේය.

(මාතිකා නිමි.)
———-

එකකය.

12.  එහි ජාති මදය කවරේද?   ජාතිය (ඉපදීම) නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,  එයයි.

13.  ගොත්‍ර මදය කවරේද?   ගොත්‍රය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,   ආරොග්‍යය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  තරුණකම නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ජීවිතය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ලාභය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  සත්කාර නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ගරුකාරයන් නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ඉදිරියෙහි තබා ගෞරව කිරීම නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  පිරිවර නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  භොග නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ගුණය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  යම් යම් දේ දැන උගත් බව නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ප්‍රතිභානය හෙවත් වැටහීම නිසා නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  චිර රාත්‍රීන් දන්නා නිසා නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  පිණ්ඩපාතික බව නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  අවමන් නොලැබූ නිසා නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ඉරියාපථය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ඎද්ධිය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  කීර්තිය නිසා නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  සීලය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  ධ්‍යානය නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  උස නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  උසට සුදුසු සේ මහත නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  හැඩහුරුකම නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  සම්පූර්‍ණ බව නිසා මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  චිත්තයාගේ මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,   ඇද්ද,  එයයි.

14. එහි ප්‍රමාදය කවරේද?   කාය දුශ්චරිතයෙහි හෝ වචී දුශ්චරිතයෙහි හෝ  මනො දුශ්චරිතයෙහි හෝ  පඤ්චකාම ගුණයන්හි හෝ චිත්තයාගේ හැර දැමීමක්,  නැවත නැවත අතහැරීමක්,  කුසල ධර්‍මයන්ගේ භවනාවෙහි හෝ නොසකස් ක්‍රියාවක්,  නොනිමි ක්‍රියාවක්,  හැකුළුන බවක්,  කුසල ක්‍රියාවෙහි වීය්‍ර්‍යය බහා තැබිමක්,  සේවනය නොකිරීමක්,  නොවැඩීමක් බොහෝ වශයෙන් නොකිරීමක්,  කුසල කරණයෙහි ප්‍රතිෂ්ඨා නැති බවක්,  නොයෙදීමක් ඇද්ද,  එය ප්‍රමාදයයි.   එබඳුවූ යම් ප්‍රමාදයක්,  පමජ්ජනාවක්,  පමජ්ජිත බවක් ඇද්ද,  එයයි.

15. එහි ථම්භය (තදගතිය) කවරේද?   යම් තද ගතියක්,  තද ආකාරයක්,  තදගතිය ඇති බවක්,  කර්‍කශබවක්,  ඵරුෂ බවක්,  ඎජු සිතක්,  මෘදු නොවූ සිතක් ඇද්ද,  එයයි.

16. එහි සාරම්භය (කළ දේට වඩා කිරීම) කවරේද?   එහි සාරම්භයක්,  පටිසාරම්භයක්,  සාරම්භනාවක්,  පටිසාරම්භනාවක්,  පටිසාරම්භිත බවක් ඇද්ද,  එයයි.

17. එහි තෘප්ති රහිත බව කවරේද?   (භික්‍ෂුවක්) කෙසේ හෝ ලත් චීවර,  පිණ්ඩපාත,  සේනාසන,  ගිලන්පස,  බෙහෙත් පිරිකරින්ද,  (ගිහියෙක්) පංචකාම ගුණයන්ගෙන් හෝ සතුටු නොවූවහුගේ  වැඩි වැඩිය කැමැත්තහුගේ කැමැත්තක්,  කැමති බවක්,  අතිශයින් කැමැත්තක්,  රාගයක්,  සරාගයක්,  අනුනයක්,  අනුරොධයක්,  නන්දියක්,  නන්දිරාගයක්,  චිත්තයාගේ ඇල්මක් ඇද්ද,  එයයි.

17. එහි මහිච්ඡතාව කවරේද?   (භික්‍ෂුවක්) කෙසේ හෝ ලත් චීවර,  පිණ්ඩපාත,  සේනාසන,  ගිලන්පස,  බෙහෙත් පිරිකරින්ද,  (ගිහියෙක්) පංචකාම ගුණයන්ගෙන් හෝ සතුටු නොවූවහුගේ  වැඩි වැඩිය කැමැත්තහුගේ කැමැත්තක්,  කැමති බවක්,  අතිශයින් කැමැත්තක්,  රාගයක්,  සරාගයක්, චිත්තයාගේ බලවත් ඇල්මක් ඇද්ද,  එයයි.

19. එහි පාපිච්ඡතාව කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් අශ්‍රද්ධාවත් වූයේම මා ශ්‍රද්ධාවන්තයෙකුසේ ජනයා දැනගනීවායි කැමති වෙයි.   දුශ්ශීලවූයේම ජනතෙම මා ශීලවන්යකුසේ දැනගනීවායි කැමති වෙයි.   බොහෝ දැන උගත්කම් නැත්තේම ජනයා මා බහුශ්‍රුතයකුසේ දැනගනීවායි කැමති වෙයි.   එකට ගැටී සිටින්නෙක් වූයේම මා විවේකයෙන් වාසය කරන්නකුසේ ජනයා දැනගනීවායි කැමති වෙයි.   මුලා සිහි ඇත්තෙක් වූයේම මා එළඹ සිටි සිහි ඇත්තකුසේ ජනයා දැනගනීවායි කැමති වෙයි.   එකඟවූ සිහි ඇත්තෙක් නොවූයේම ජනයා මා එකඟවූ සිහි ඇත්තකුසේ දැනගනීවායි කැමති වෙයි.   මෝඩයෙක් වූයේම ජනයා මා නුවණැත්තකුසේ දැනගනීවායි කැමති වෙයි.   කෙලෙස් දුරු නොකළ කෙනෙක් වූයේම ජනයා මා කෙලෙස් දුරුකළ කෙනෙකුසේ දැනගනීවායි කැමති වෙයි.   මෙබඳුවූ යම් ඉච්ඡාවක්,  ඉච්ඡාගතයක්,  පාපිච්ඡතාවක්,  රාගයක්,  ඇල්මක්,  චිත්තයාගේ බලවත් ඇල්මක් ඇද්ද,

20. එහි කෙලෙස් අඟ කවරේද?   එහි කෙලෙස් සහිත බවක්,  අඟෙන් සෑරුවාක් මෙන් දැඩිකොට කෙලෙස් ගැන්මක්,  ඒ පිළිබඳ චතුර භාවයක් ඇද්ද,

21.  එහි තිත්තිණය (මේ මම සන්තකය,  ඔබ සන්තකයයි කෙලෙස් වශයෙන් ගැනීම) කවරේද?   යම් තින්තිණයක්,  තින්තිණයනයක්,  තින්තිණයිත බවක්,  ලොල් බවක්,  ලොලුප්පායනයක්,  ලොලුප්පායිත බවක්,  නීච වෘත්තියක්,  ප්‍රණීත ප්‍රණීත දේ ප්‍රර්ථනා කිරීමක්, ඇද්ද,

22. එහි චපල බව කවරේද?   සිවුරු සැරසීම,  පාත්‍රය සැරසීම,  සේනාසනය සැරසීම,  මේ කුණුකය පිළිබඳව හෝ බාහිර පිරිකර පිළිබඳව හෝ මණ්ඩනයක්,  විභූසනයක්,  ක්ලෙනයක්,  පරික්ලෙනයක්,  ගෙධිගතාවක්,  ගෙධිකබවක්,  චපලතාවයක්,  චපලබවක්,  ඇද්ද,

23. අසභාගවුත්ති බව හෙවත් (නොගැලපෙන පැවතුම් ඇති බව) කවරේද?   මව කෙරෙහි හෝ,  පියා කෙරෙහි හෝ,  වැඩිමහළු සහෝදරයා කෙරෙහි හෝ,  ආචාය්‍ර්‍යවරයන් කෙරෙහි හෝ,  උපාධ්‍යායයන් කෙරෙහි හෝ,  බුදුන් කෙරෙහි හෝ,  ශ්‍රාවකයන් කෙරෙහි හෝ,  අනික් අනික් හෝ,  ගරුකටයුත්තන් කෙරෙහි සුදුසු නොවූ ගැනීමක්,  විරුද්ධ පැවැත්මක්,  අනාදරයක්,  අනාදර බවක්,  අගෞරවයක්,  අකීකරුකමක්,  ඇද්ද,

24. එහි අරතිය කවරේද?   දුරෙහිවූ සේනාසනයන්හි හෝ අනික් අනික් හෝ අධිකුසල ධර්‍මයන්හි නොඇල්මක්,  නොඇලීම් බවක්,  අනභිරතියක්,  අනභිරමණයක්,  කළකිරීමක්,  ත්‍රස්තවීම් වශයෙන් කළකිරීමක් ඇද්ද,

25. එහි තන්දිය (අලසබව) කවරේද?   යම් අලසබවක්,  අලසවීමක්,  අලසවීම් බවක්,  ආලස්ස්‍යයක්,  ආලස්සායනයක්,  ආලස්සායිත බවක් ඇද්ද,

26. එහි විජම්භිකාව කවරේද?   යම් කායයාගේ ඈනුම් හැරීමක්,  අතපය දිග හැරීමක්,  ආනමනයක්,  විනමනයක්,  පනමනයක්,  ලෙඩෙකුසේ ඇඟවීමක් ඇද්ද,

27. එහි භත්තසම්මදය (බත්මතය) කවරේද?   වැළඳුවහුගේ භත්තමුච්ඡාව,  බතින් ඇතිවන ක්ලාන්තය,  බතින් ඇතිවන විඩාව,  බතින් ඇතිවන අප්‍රාණිකත්වය යනුයි.

28. එහි චිත්තයාගේ ලීනත්වය (සැඟවුන ගතිය) කවරේද?   චිත්තයාගේ යම් නොසුදුසු බවක්,  වැඩට අයොග්‍ය බවක්,  ඔලීනයක්,  සල්ලීනයක්,  ලීනයක්,  ලීයනාවක්,  ලීයිත බවක්,  ථීනයක්,  ථීයනාවක්,  ථීයිත බවක්,  ඇද්ද,

29. එහි කුහනාව කවරේද?   ලාභ සත්කාර ස්තූති ආදියෙන් ඇළුනහුගේ,  නැති ගුණ අඟවනු කැමැත්තහුගේ,  කැමැති දෙය ලැබීමට අපහසුවූවහුගේ,  සිව්පසය වැළැක්වීම් වශයෙන් හෝ,  චාටු බස් කීමෙන් හෝ,  ඉරයව් තැබීම් නොතැබීම් වශයෙන් හෝ,  බැම හැකිලීම් බවක්,  කුහනයක්,  කුහායනයක්,  කුහිත බවක් ඇද්ද,  එයයි.

30. එහි ලපනාව කවරේද?   ලාභ සත්කාර ස්තූති ආදියෙන් ඇළුනහුගේ,  නැති ගුණ ඇතැයි අඟවන්නහුගේ,  කැමති දෙය ලැබීමට අපහසුවූවහුගේ,  යම් අනුන්ට යහපත්ව කථා කිරීමක්,  උසස්කොට කථා කිරීමක්,  සර්‍වප්‍රකාරයෙන් උස්සව කථා කිරීමක්,  පෙර දානාදිය දුන් බව අඟවා දැන් නොදෙන්නේ මන්දැයි යනාදී වශයෙන් කථාකරණ උන්නහනයක්,  සමුන්නහනයක්,  උක්කාචනයක්,  සමුක්කාවචනයක්,  සත්‍යයෙන් ධර්‍මයෙන් තොර ප්‍රිය කථාවක්,  චාටු කථාවක්,  සැබෑ බොරු මිශ්‍ර මුග්ගසුප්‍යනාවක්,  කුල දරුවන් සුරතල් කිරීමාදියෙන් කරණ පාරිභට්ටනාවක් ඇද්ද,

31. එහි නෙමිත්තිකතාව කවරේද?   ලාභ සත්කාර ස්තූති ආදියෙන් ඇළුනහුගේ,  නැති ගුණ ඇතැයි අඟවන්නහුගේ,    කැමති දෙය ලැබීමට අපහසුවූවහුගේ,  තමාට ප්‍රත්‍යය දිය යුතු බව අඟවමින් අනුන් කරණ කථාවක් කයින් ඇඟවීමක්,  ඔභාසයක්,  ඔභාස කර්‍මයක්,  අන්‍යයාට දැනීමට කෙලින් කථා නොකොට කිට්ටු වචනවලින් කථාවක් ඇද්ද,  වචන පෙරලමින් කථාවක් ඇද්ද,

32. එහි නිප්පෙසිකතාව කවරේද?   ලාභ සත්කාර ස්තූති ආදියෙන් ඇළුනහුගේ,  නැති ගුණ ඇතැයි අඟවන්නහුගේ,    කැමති දෙය ලැබීමට අපහසුවූවහුගේ, අනුන් පිළිබඳ යම් නරක වචන කීමක්,  පරිභවයක්,  ගැරහීමක්,  උසස්කොට කථාකිරීමක්,  බලවත්සේ උසස්කොට කථාකිරීමක්,  කවටකමක්,  පාපනයක්,  සම්පාපනයක්,  ගෙන්ගෙට ගොස් අගුණ කීමක්,  ඉදිරියේ හොඳ කථාකොට පිටු පෑ කළ අගුණ කීමක් ඇද්ද,

33. ලාභයෙන් ලාභය සෙවීම කවරේද?   ලාභ සත්කාර ස්තූති ආදියෙන් ඇළුනහුගේ,  නැති ගුණ ඇතැයි අඟවන්නහුගේ,   මෙතනින් ලද ආමිසය අසවල් තැනට ගෙනයයි.   අසවල් තැන ලත් ආමිසය මෙහි ගෙන එයි.   මෙබඳුවූ යම් ආමිසයෙන් ආමිසය සෙවීමක්,  ගවෙට්ඨියක්,  පරියෙට්ඨියක්,  එසනයක්,  ගවෙසනයක්,  පරියෙසනයක් ඇද්ද,

34. එහි ශ්‍රෙෂ්ඨ වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ මානය උපදවයි.   මෙබඳුවූ යම් චිත්තයාගේ මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

35. එහි සමාන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ යම් චිත්තයාගේ මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

36. එහි හීන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ ඔමානය (හීනබව) උපදවයි.   යම් මෙබඳු ඔමානයක්, ඔමඤ්ඤණාවක්,  ඔමඤ්ඤිත බවක්,  හීලනයක්,  ඔහීලනයක්,  තමාට අවමානයක්,  තමාට අවඥාවක්,  ආත්ම පරිභාවයක් ඇද්ද,

37. එහි ශ්‍රෙෂ්ඨයාට ශ්‍රෙෂ්ඨ වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ ශ්‍රෙෂ්ඨවේද,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  අධ්‍යනයෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

38. එහි ශ්‍රෙෂ්ඨයාට සමාන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ අනුන් හා සමානයයි තමා පිළිගනීද තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

39. එහි ශ්‍රෙෂ්ඨයාට හීන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ ශ්‍රෙෂ්ඨවේද,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  අධ්‍යනයෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ අන්‍යයන්ට වඩා තමා හීනයයි පිළිගනීද,  හෙතෙම එය නිසා ඔමානය (හීනබව) උපදවයි. යම් මෙබඳු ඔමානයක්, ඔමඤ්ඤණාවක්,  ඔමඤ්ඤිත බවක්,  හීලනයක්,  ඔහීලනයක්,  තමාට අවමානයක්,  තමාට අවඥාවක්,  ආත්ම පරිභාවයක් ඇද්ද,

40. එහි සමානයාට ශ්‍රෙෂ්ඨ වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ සමානවේද, -පෙ- අනුන්ට වඩා ශ්‍රෙෂ්ඨයයි තමා පිළිගනීද,  තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

41. එහි සමානයාට සමාන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ සමානවේද, -පෙ- අනුන් හා තමා සමානයයි පිළිගනීද,  තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

42. එහි සමානයාට හීන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ සමානවේද, -පෙ- අනුන්ට වඩා තමා හීනයයි පිළිගනීද,  හෙතෙම එය නිසා ඔමානය (හීනබව) උපදවයි. යම් මෙබඳු ඔමානයක්, ඔමඤ්ඤණාවක්,  ඔමඤ්ඤිත බවක්,  හීලනයක්,  ඔහීලනයක්,  තමාට අවමානයක්,  තමාට අවඥාවක්,  ආත්ම පරිභාවයක් ඇද්ද,

43. එහි හීනයාට ශ්‍රෙෂ්ඨ වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ ශ්‍රෙෂ්ඨවේද,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  අධ්‍යනයෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ අනුන්ට වඩා තමා ශ්‍රෙෂ්ඨයයි පිළිගනීද,  තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

44. එහි හීනයාට සමාන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ හීනවූයේ වෙයි. -පෙ- තමා අනුන් හා සමාන වෙමියි පිළිගනීද,  තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

45. මෙහි හීනයාට සමාන වෙමියි මානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ හීනවූයේ වෙයි. -පෙ- අනුන්ට වඩා හීනයයි පිළිගනීද,  හෙතෙම එය නිසා ඔමානය (හීනබව) උපදවයි.   යම් මෙබඳු ඔමානයක්, ඔමඤ්ඤණාවක්,  ඔමඤ්ඤිත බවක්,  හීලනයක්,  ඔහීලනයක්,  තමාට අවමානයක්,  තමාට අවඥාවක්,  ආත්ම පරිභාවයක් ඇද්ද,

46. එහි මානය කවරේද? යම් චිත්තයාගේ මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

47. එහි අතිමානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ තමා අනුන්ට වඩා උසස්යයි සිතයි.   තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

48. එහි මානාතිමානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ පූර්‍ව කාලය තමා අනුන් හා සමාන බැව්හි තබයි.  අපර කාලය තමා ශ්‍රෙෂ්ඨ බැව්හි තබයි.   තමා ශ්‍රෙෂ්ඨ වෙමියි පිළිගනීද,  හෙතෙම ඒ නිසා මානය උපදවයි.   යම් එබඳුවූ මානයක්, මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

49. එහි ඔමානය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ පහත් බව සිතයි.   යම් මෙබඳු ඔමානයක්, ඔමඤ්ඤණාවක්,  ඔමඤ්ඤිත බවක්,  හීලනයක්,  ඔහීලනයක්,  තමාට අවමානයක්,  තමාට අවඥාවක්,  ආත්ම පරිභාවයක් ඇද්ද,

50. එහි අධිමානය කවරේද? නොපැමිණි දෙයෙහි පැමිණියේ යයි හැඟීම්,  (සතර මාර්‍ගයෙන්) නොකළ දෙයෙහි කළේයයි හැඟීම,   ප්‍රත්‍යක්‍ෂ නොකළ දෙයෙහි ප්‍රත්‍යක්‍ෂ කළේයයි හැඟීම,  අවබෝධ නොකළ දෙයෙහි අවබෝධ කළේයයි හැඟීම, මෙබඳුවූ යම් චිත්තයාගේ මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

51. එහි අස්මි මානය කවරේද? මම රූපයක් වෙමියි උපන් මානය,  ඡන්දය,  අනුසය,  වේදනාව ඇත්තෙක් වෙමියි මානය,  ඡන්දය,  අනුසය,  සඤ්ඤාව  -පෙ- සංඛාරය -පෙ- විඤ්ඤාණය ඇත්තෙක් වෙමියි, මානය,  ඡන්දය,  අනුසය යන මෙබඳු යම් චිත්තයාගේ මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

52. එහි මිච්ඡා මානය කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් ලාමකවූ කර්‍මායතනයෙන් හෝ,  ලාමකවූ ශිල්පායතනයෙන් හෝ,  ලාමකවූ විද්‍යාස්ථානයෙන් හෝ,  ලාමකවූ ශ්‍රුතයෙන් හෝ,  ලාමකවූ ප්‍රතිභානයෙන් හෝ,  ලාමකවූ ශීලයෙන් හෝ,  ලාමකවූ ව්‍රතයෙන් හෝ,  ලාමකවූ ශීල ව්‍රතයෙන් හෝ,  ලාමකවූ දෘෂ්ටියෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ මානය උපදවයි. යම් චිත්තයාගේ මදයක්,  මජ්ජනාවක්,  මජ්ජිත බවක්,  මානයක්,  මඤ්ඤනාවක්,  මඤ්ඤීත බවක්,  උන්නතියක්,  උන්නාමයක්,  ධජයක්,  දැඩිව ගැනීමක්,  කොඩියක් සේ උස්ව සිතීමක්,  ඇද්ද,

53. එහි ඥාති විතර්‍කය කවරේද?   ඥාතීන් නිසා ලෞකික දෙය හා සම්බන්‍ධවූ තර්කය,  විතර්කය,  මිත්‍ථ්‍යා සංකල්පයක් ඇද්ද,

එහි ජනපද විතර්‍කය කවරේද?   ජනපදය නිසා ලෞකික දෙය හා මිශ්‍රවූ තර්කයක්,  විතර්කයක්,  මිත්‍ථ්‍යා සංකල්පයක් ඇද්ද,

එහි අමර විතර්‍කය කවරේද?   දුෂ්කර ක්‍රියා හා යුක්තවුවහුගේ ලෞකික දෙය හා මිශ්‍රවූ තර්කයක්,  විතර්කයක්,  මිත්‍ථ්‍යා සංකල්පයක් ඇද්ද,

54. අනුන්ට කරුණාව පිළිබඳ විතර්‍කය කවරේද?   මෙහි ඇතැම් මහණෙක් ගිහීන් හා එකතුවූයේ,  සමග සතුටුවන්නේ,  සමග ශොකවන්නේ,  ඔවුන් සුඛිතවූ කල්හි සුඛිතවන්නේ,  දුක්ඛිතවූ කල්හි දුක්ඛිත වන්නේ,  ඔවුන්ට වැඩක් ඇතිවූ කල්හි තමා හෝ එහි යෙදීමට පැමිණෙයි.   එහි යම් ලෞකික දෙය හා මිශ්‍රවූ තර්කයක්,  විතර්කයක්,  මිත්‍ථ්‍යා සංකල්පයක් ඇද්ද,  එයයි.

55. එහි ලාභ, සත්කාර, කීර්ති හා ප්‍රතිසංයුක්තවූ විතර්‍කය කවරේද?   ලාභ, සත්කාර, කීර්ති නිසා ලෞකික දෙය හා මිශ්‍රවූ තර්කයක්,  විතර්කයක්,  මිත්‍ථ්‍යා සංකල්පයක් ඇද්ද,

56. අවමන් නොකිරීම පිළිබඳ විතර්‍කය කවරේද? මෙහි ඇතැම් පුද්ගලයෙක් ජාතියෙන් හෝ,  ගෝත්‍රයෙන් හෝ,  කුල පුත්‍රත්වයෙන් හෝ,  පැහැ සටහනින් හෝ,  ධනයෙන් හෝ,  ඉගෙනීමෙන් හෝ,  කර්‍මායතනයෙන් හෝ,  ශිල්පායතනයෙන් හෝ,  විද්‍යාස්ථානයෙන් හෝ,  ශ්‍රුතයෙන් හෝ,  ප්‍රතිභානයෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ මට අන්‍යයෝ අවමන් නොකළාහයි එහි යම් ලෞකික දෙය හා මිශ්‍රවූ තර්කයක්,  විතර්කයක්,  මිත්‍ථ්‍යා සංකල්පයක් ඇද්ද,
(එකකය නිමි.)
———-

දුකය.

57. එහි ක්‍රෝධය කවරේද?   යම් ක්‍රෝධයක්,  කිපීමක්,  කිපීම් බවක්,  ෙවෂයක්,  ෙවෂ කිරීමක්,  ෙවෂ කිරීම් බවක්,  ව්‍යාපත්තියක්,  ව්‍යාපජ්ජනාවක්,  විරෝධයක්,  පටිවිරෝධයක්,  චණ්ඩික්කයක්,  අස්සුරෝපයක්,  චිත්තයාගේ නොසතුටු ගතියක් ඇද්ද,

58. එහි උපනාහය (බද්ධ වෛරය) කවරේද?   මුලින් ක්‍රෝධයි.   පසුව බද්ධ වෛරයයි.   යම් මෙබඳු බද්ධ වෛරයක්,  බද්ධ වෛර කිරීමක්,  බද්ධ වෛර කිරීම් බවක්,  අනතුරුව තැබීමක්,  ප්‍රකෘතියෙන් තැබීමක්,  සර්‍වප්‍රකාරයෙන් නැවත නැවත වෛරය තැබිමක්,  අනුසංසන්‍දනයක්,  අනුප්පබන්‍ධනයක්,  ක්‍රොධයාගේ ස්වරකිරීමක් ඇද්ද,

59. එහි ගුණමකුබව කවරේද?   යම් ගුණමකු බවක්,  මක්ඛීයනයක්,  මක්ඛයිත බවක්,  කෙළගැසිමක්, (ඔබ එපායයි) තමන්ට යහපත කළ කෙනෙකු අත්හැරීම් වශයෙන් කාරා කෙළ ගැසීමක් ඇද්ද,

60. එහි පලාසය කවරේද?   අනුන්ගේ ගුණය පෙන්වා තමනුත් එය හා සමයයි පෙන්වීමක්,  එයින්ම තමන්ගේ ජය ප්‍රකාශයක්,  විවාදයක්,  තරඟකිරිමක්,  තමන් ගත් මග අත්නොහැරීමක් ඇද්ද,

61. එහි ඊෂ්‍ර්‍යාව කවරේද?   යම් අනුන්ගේ ලාභ,  සත්කාර,  ගරුකාර,  වන්‍දන පූජාවන්හි ඊෂ්‍ර්‍යාවක්,  ඊෂ්‍ර්‍යා කිරීමක්,  ඊෂ්‍ර්‍යා කිරීම් බවක්,  උසුයාවක්,  උසූයනයක් ඇද්ද,

62. එහි මච්ඡරිය කවරේද?   මසුරුකම් පසෙකි.   ආවාස මච්ඡරිය,  කුල මච්ඡරිය,  ලාභ මච්ඡරිය,  වණ්ණ මච්ඡරිය,  ධම්ම මච්ඡරිය යනුයි.   මෙබඳුවූ යම් මසුරු බවක්,  මච්ඡරායනයක්,  මසුරුවීම් බවක්,  වෙවිච්ඡාවක්,  කදරියයක්,  කටුකඤ්චුකතාවක්,  එහි සිත දැඩිව ගැන්මක් ඇද්ද,

63. එහි මායාව කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට,  එය වැසීම හේතුවෙන් පවිටු කල්පනා ඇතිකරයි.   මා නොදනීවායි කැමති වෙයි.   මා නොදනීවායි කැමති වෙයි.   කල්පනා කරයි.   මා නොදනීවායි වචන කියයි.   මා නොදනීවායි උත්සාහ කරයි.   එබඳුවූ යම් මායාවක්,  මායාවීබවක්,  පව නැවත වැසීමක්,  වඤ්චනාවක්,  නිකතියක්,  වික්කරණයක්,  පරිහරණයක්,  ගුහණයක්,  පරිගුහනයක්,  ඡන්‍දනයක්,  පවිච්ඡාදනයක්,  පාපකිරියාවක් ඇද්ද,

64. එහි සාඨෙය්‍යය කෛරාටික බව කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් කෛරාටික වූයේ වෙයි.   සර්‍වප්‍රකාරයෙන් කෛරාටික වූයේ වෙයි.   එහි යම් සඨයක්,  පරිසඨයක්,  රළු ගතියක්,  කක්කරියක්,  පරික්ඛත්තතාවක් ඇද්ද,

65. එහි අවිද්‍යාව කවරේද?   යම් නොදැනීමක්,  නොදැකීමක්,  -පෙ- අවිද්‍යාවක්,  අගුලක්,  මොහයක්,  අකුසල මූලයක් ඇද්ද,  එයයි.

66. එහි භව තෘෂ්ණාව කවරේද?   භවයන්හි යම් භවඡන්‍දයක්,  භව රාගයක්,  භව නන්දියක්,  භව තෘෂ්ණාවක්,  භව ස්නෙහයක්,  භව පරිලාභයක්,  භව මූර්ඡාවක්,  භවජ්ඣොසානයක් ඇද්ද,

67. එහි භව දෘෂ්ටිය කවරේද?   ආත්මයද,  ලොකයද වන්නේයයි යම් මෙබඳුවූ දෘෂ්ඨියක්,  දෘෂ්ටි ගැන්මක්, -පෙ- විපරීත ගැන්මක් ඇද්ද,

68. එහි ශාස්වත දෘෂ්ඨිය කවරේද?   ආත්මයද, ලෝකයද ශාස්වතයයි යම් එබඳු දෘෂ්ඨියක් -පෙ- ඇද්ද,

69. එහි උච්ඡෙද දෘෂ්ඨිය කවරේද?   ආත්මයද, ලෝකයද විනාශවන්නේයයි යම් මෙබඳුවූ -පෙ- ඇද්ද,

70. එහි අන්තයක් ඇත්තේයයි දෘෂ්ඨිය කවරේද?   ලෝකය හා ආත්මයද අන්තත්වයයි යම් මෙබඳු දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක් -පෙ-

71. එහි අන්තයක් නැතැයි දෘෂ්ඨිය කවරේද?   ලෝකය හා ආත්මයද අනන්තයයි යම් මෙබඳුවූ දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක් -පෙ-

72. එහි පුබ්බන්තානු දිට්ඨිය කවරේද?   පූර්‍වාන්තය නිසා යම් දෘෂ්ටියක්  -පෙ-

73. එහි අපරන්තානු දිට්ඨිය කවරේද?   අපරාන්තය නිසා යම් දෘෂ්ටියක්  -පෙ-

74. එහි අහිරිකය කවරේද?   යමක් ගැන ලජ්ජා නොවේද,  ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ රැස්කිරීමෙන් ලජ්ජා කටයුතු දෙයින් ලජ්ජා නොවේද,

75. එහි අනොත්තප්පය කවරේද?   යම් පාපයකට බිය නොවේද,  ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ රැස්කිරීමෙන් බිය වියයුතු  දෙයින් බිය නොවේද,

76. එහි දොවචස්සතාව කවරේද?   එකට ආශ්‍රය කරන්නන් අවවාද වශයෙන් යමක් කියන කල්හි එය නොපිළිගැනීම් වශයෙන් අකීකරු බව,  අකීකරුවිම,  අකීකරුවීම් බව,  වැරදිසේ ගැනීම,  විරුද්ධ පැවැත්ම,  අනාදරිය,  අනාදරතාව,  අකීකරු බවක් ඇද්ද,

77. එහි පාපමිත්තතාව කවරේද?   යම් ඒ අශ්‍රද්ධාවත්වූ,  දුශ්ශීලවූ,  අල්පශ්‍රුතවූ,  මසුරුකම් ඇති,  දුෂ්ප්‍රාඥවූ යම් ඒ පුද්ගලයෝ ඇද්ද,  යම් ඔවුන්ගේ සේවනයක්,  නිසේවනයක්,  සංසේවනයක්,  භජනයක්,  සංභජනයක්,  භත්තියක්,  සම්භත්තියක්,  සම්පවඞ්කතාවක් ඇද්ද,

78. එහි ඎජු නැති බව කවරේද?   යම් ඎජු නැතිකමක්,  ඎජු නැතිවීම් බවක්,  ජිම්හතාවක්,  වඞ්කතාවක්,  කුටීලතාවක් ඇද්ද,

79. එහි මෘදු නැති බව කවරේද?  යම් මෘදු නැතිවීමක්,  මෘදු නැතිවීම් බවක්,  කර්‍කශ ගතියක්,  ඵරුෂ ගතියක්,  කර්‍කශවීම් බවක්,  තද බවක්,  ඎජු සිත් ඇති බවක්,  මෘදු නොවූ බවක් ඇද්ද,  එයයි.

80. එහි අක්ඛන්තිය (නොඉවසීම) කවරේද?   යම් නොඉවසීමක්,  අක්ඛමනතාවක්,  අනධිවාසනතාවක්,  චණ්ඩික්කයක්,  අස්සුරොපයක්,  චිත්තයාගේ අනත්තමනතාවක් ඇද්ද,

81. එහි අසොරච්චය කවරේද?   කායිකවූ (යහපත් දේ) ඉක්මවීමක්,  වාචසිකවූ (යහපත් දේ) ඉක්මවීමක්,  කායික,  වාචසික ඉක්මවීමක් ඇද්ද,

82. එහි අසාඛල්‍යය කවරේද?   යම් ඒ වචනයක් රළු වූයේද,  කර්කශවූයේද,  පරකටුකවූයේද,  පරාභිසජ්ජනී වූයේද,  කොධසාමන්තවූයේද,  අසමාධි සංවත්තනික වූයේද,  එබඳු වචනයක් භාසිතයක් වේද,  එබඳුවූ යම් මෘදු නොවූ වචනයක්,  මෘදු නැති බවක්,  ඵරුෂ වචන ඇති බවක් ඇද්ද,

83. එහි අපටිසන්ථාරය කවරේද?   පටිසන්ථාර දෙකකි.   ආමිස පටිසන්ථාරයද,  ධම්ම පටිසන්ථාරයද යනුයි.   මෙහි ඇතැම් පුද්ගලයෙක් ආමිස පටිසන්ථාරයෙන් හෝ ධම්ම පටිසන්ථාරයෙන් හෝ පටිසන්ථාර නොවූයේ වේද,

84. එහි ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොර ඇති බව කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසින් රූපය දැක නිමිති ගන්නේ වේද,   කුඩා නිමිති ගන්නේ වේද,  මේ චක්ඛුන්‍ද්‍රියය,  අසංවරව වසන්නහුට යම්කිසි හේතුවකින් දැඩි ලෝභය,  දොම්නස යන ලාමක අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද,  එහි සංවරය පිණිස නොපිළිපදියි.   චක්ඛුන්‍ද්‍රියය නොරකියි.   චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට නොපැමිණෙයි.   කණින් ශබ්දය අසා -පෙ- නාසයෙන් ගන්‍ධය ආඝ්‍රාණය කොට -පෙ- දිවින් රසය විඳ -පෙ- කයින් ස්පර්‍ශය කොට -පෙ- සිතින් ධර්‍මය දැන නිමිති ගන්නේ වේද,  කුඩා නිමිති ගන්නේ වේද,  මනෙන්‍ද්‍රිය අසංවරව වසන්නහුට යම්කිසි හේතුවකින් දැඩි ලෝභය,  දොම්නස යන ලාමක අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද,  එහි සංවරය පිණිස නොපිළිපදියි.   මනෙන්‍ද්‍රිය නොරකියි. මනෙන්‍ද්‍රියයෙහි සංවරයට නොපැමිණෙයි.   මේ ඉන්‍ද්‍රිය සයෙහි යම් අගුත්තියක්,  අගොපනයක්,  ආරක්‍ෂා නොකිරීමක්,  අසංවරයක් ඇද්ද,

85. එහි භොජනයෙහි පමණ නොදැනීම කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ක්‍රීඩා පිණිස,  මදය පිණිස,  සැරසීම පිණිස,  නුවණින් කල්පනා නොකොට,  සිහි නුවණ නොමැතිව ආහාරය වළඳයිද,  එහි භෝජනයෙහි යම් අසන්තුට්ඨිතාවක්,  පමණ නොදැනීමක්,  නුවණින් කල්පනා නොකිරීමක්,  ඇද්ද,

86. එහි සිහි මුළා බව කවරේද?   යම් සිහි නැති බවක්,  අනනුස්මෘතියක්,  සිහි නොකිරීමක්,  සිහි නොකිරීම් බවක්,  වහා නොවැටහීමක්,  සම්මුස්සනතාවක්, ඇද්ද,

87.  එහි විමසන නුවණ නැති බව කවරේද?   යම් නොදැනීමක්,  නොදැකීමක්,  -පෙ- අවිද්‍යාවක්,  අගුලක්,  මොහයක්,  අකුසල මූලයක්,  ඇද්ද,

88. එහි ශීල විපත්තිය කවරේද?   යම් කායික ශික්‍ෂාපද මැඩීමක්,  වාචසික ශික්‍ෂාපද මැඩීමක්,  කායික වාචසික ශික්‍ෂාපද මැඩීමක්,  ඇද්ද,  මෙය ශීල විපත්තියයි කියනු ලැබේ.   සියලු දුශ්ශීලබව ශීල විපත්තියයි.

89. එහි දිට්ඨි විපත්තිය කවරේද?   දුන් දෙයෙහි විපාක නැත.   පරිත්‍යාගයෙහි විපාක නැත.   -පෙ- මේ ලොවද,  පරලොවද තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කරත්.   යම් මෙබඳු දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැනිමක්,  -පෙ- විපරීත ගැන්මක් ඇද්ද,  මෙය දිට්ඨි විපත්තියයයි කියනු ලැබේ.   සියලුම මිත්‍ථ්‍යා දෘෂ්ටිය දිට්ඨි විපත්තියයි.

90. එහි අජ්ඣත්ත සංයෝජනය කවරේද?   ඔරම්භාගිය සංයෝජන පස අජ්ඣත්ත සංයෝජනයයි.   උද්ධම්භාගිය සංයෝජන පස බහිද්ධා සංයෝජනයයි.

 
තිකය.

91, 92, 93, 94 ඡේද ධම්ම සංගණිප්පකරණයේ 1063, 1064, 1065, 1066 යන ඡේද මෙනි.  (235 පිටුව බලන්න.)

95. එහි අකුසල විතර්‍ක තුන කවරහුද?   කාම විතර්‍කය,  ව්‍යාපාද විතර්‍කය,  විහිංසා විතර්‍කය යනුයි. එහි කාම විතර්‍කය කවරේද?   කාම ප්‍රතිසංයුක්තවූ තර්‍කය,  විතර්‍කය,  මිච්ඡාව,  සඞ්කප්පය යනුයි.   මෙය කාම විතර්‍කයයි කියනු ලැබේ.

96. එහි ව්‍යාපාද විතර්‍කය කවරේද?   ව්‍යාපාදය හා එක්වූ තර්‍කය,  විතර්‍කය,  මිච්ඡා සඞ්කප්පය යනුයි.   මෙය ව්‍යාපාද විතර්කයයි කියනු ලැබේ.

97. එහි විහිංසා විතර්‍කය කවරේද?   විහිංසාව හා එක්වූ තර්කය,  විතර්කය,  මිච්ඡා සඞ්කප්පය යනුයි.   මෙය විහිංසා විතර්‍කයයි කියනු ලැබේ.   මෙය අකුසල විතර්ක තුන වෙති.

98. එහි අකුසල සංඥා තුන කවරහුද?   කාම සංඥාව,  ව්‍යාපාද සංඥාව,  විහිංසා සංඥාව යනුයි.

99. එහි කාම සංඥාව කවරේද?   කාමය හා යුක්තවූ සංඥාව,  හැඳිනීම,  හැඳින ගැනීම,  හැඳින ගැනීම් බව යනුයි.   මෙය කාම සංඥාවයි.

100. එහි ව්‍යාපාද සංඥාව කවරේද?   ව්‍යාපාදය හා යුක්තවූ සංඥාව,  හැඳිනීම,  හැඳින ගැනීම යනුයි.   මෙය ව්‍යාපාද  සංඥාව යයි කියනු ලැබේ.

101. එහි විහිංසා සංඥාව කවරේද?   විහිංසාව හා යුක්තවූ සංඥාව,  හැඳිනීම,  හැඳිනීම් බව යනුයි.   මෙය විහිංසා   සංඥාව යයි කියනු ලැබේ.   මෙය මේ තුන් අකුසල සංඥාවෝයි.

102. එහි තුන් අකුසල ධාතූහු කවරහුද?   කාම ධාතු,  ව්‍යාපාද ධාතු,  විහිංසා ධාතු යනුයි.

103. එහි කාම ධාතුව කවරේද?   කාම විතර්‍කය කාම ධාතු නමි.   ව්‍යාපාද විතර්‍කය ව්‍යාපාද ධාතු නමි.  විහිංසා විතර්‍කය විහිංසා ධාතු නමි.

104. එහි කාම විතර්කය කවරේද?   කාමය හා යුක්තවූ තර්‍කය,  විතර්‍කය,  මිච්ඡා සංකප්පය යනුයි.
යයි කියනු ලැබේ.   මෙය කාම විතර්කයයි කියනු ලැබේ.

105. එහි ව්‍යාපාද විතර්කය කවරේද?  ව්‍යාපාදය හා යුක්තවූ තර්‍කය,  විතර්කය,  මිච්ඡා සංකප්පය යනුයි.   මෙය ව්‍යාපාද විතර්‍කයයි කියනු ලැබේ.

106. එහි විහිංසා විතර්කය කවරේද?  විහිංසාව හා යුක්තවූ තර්‍කය,  විතර්කය,  මිච්ඡා සංකප්පය යනුයි.   මොවුහු තුන් අකුසල විතර්‍කයෝ වෙති.

107. එහි තුන් දුශ්චරිතයෝ කවරහුද?   කාය දුශ්චරිතය,  වාග් දුශ්චරිතය,  මනස් දුශ්චරිතය යනුයි.   එහි කාය දුශ්චරිතය කවරේද?   පාණාතිපාතය,  අදින්නාදානය,  කාමෙසුමිච්ඡාචාරය යනුයි.    මෙය තුන් දුශ්චරිතයෝයයි කියනු ලැබේ.

108. එහි වචී දුශ්චරිතය කවරේද?   මුසාවාදය,  පිසුනාවාච,  ඵරුසාවාච,  සම්ඵප්පලාප යනුයි.   මෙය වචී දුශ්චරිතයයි කියනු ලැබේ.

109. එහි මනස් දුශ්චරිතය කවරේද?   අභිජ්ඣාව,  ව්‍යාපාදය,  මිච්ඡාදිට්ඨිය යනුයි.   මෙය මනස් දුශ්චරිතයයි කියනු ලැබේ.

110.  එහි කාය දුශ්චරිතය කවරේද?   අකුසලවූ කාය කර්‍මය කාය දුශ්චරිතයයි.   අකුසලවූ වාග් කර්‍මය වාග් දුශ්චරිතයයි.    අකුසලවූ මනස් කර්‍මය මනස් දුශ්චරිතයයි.

111. එහි අකුසලවූ කාය කර්මය කවරේද?   අකුසලවූ කාය සඤ්චෙතනාවෝ අකුසල කාය කර්මයයි.   අකුසලවූ වචී සඤ්චෙතනාවෝ අකුසල වග් කර්මයයි.    අකුසලවූ මනස් සඤ්චෙතනාවෝ අකුසල මනස් කර්මයයි.

112. එහි තුන් ආසවයෝ කවරහුද?   කාමාසවය,  භවාසවය,  අවිජ්ජාසවය යනුයි.

113. එහි කාමාසවය කවරේද?   කාමයන්හි යම් කාමච්ඡන්‍දයක්,  -පෙ- කාමජ්ඣොසානයක් (කාමයෙහි බලවත් ඇල්මක්) ඇද්ද,  එයයි.   මෙය කාමාසවයයයි කියනු ලැබේ.

114. එහි භවාසවය කවරේද?   භවයන්හි යම් භවච්ඡන්‍දයක්,  -පෙ- බලවත් ඇත්මක් ඇද්ද,  එයයි.   මෙය භවාසවයයයි කියනු ලැබේ.

115. එහි අවිජ්ජාසවය කවරේද?   දුකෙහි නොදැනීම,  -පෙ- අවිද්‍යාවක්,  ලංගියක්,  මොහයක්,  අකුසල මූලයක් ඇද්ද,  එයයි.     මෙය අවිජ්ජාසවයයයි කියනු ලැබේ.   මේ ආසවයෝ තුන්දෙන වෙති.

116. එහි තුන් සංයෝජනයෝ කවරහුද?   සක්කායදිට්ඨිය,  විචිකිච්ඡාව,  සීලබ්බතපරාමාසය යනුයි.

117. එහි සක්කායදිට්ඨිය කවරේද?   මෙහි ආය්‍ර්‍යයන්ගේ නොදැකීම ඇති,  ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂ නොවූ,  ආය්‍ර්‍ය ධර්මයෙහි විනීත නොවූ,  සත්පුරුෂයන්ගේ නොදැකීම ඇති, සත්පුරුෂ ධර්මයෙහි අදක්‍ෂවූ,  සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීතවූ,  අශ්‍රුතවත් පෘතග්ජන තෙම රූපය ආත්මය වශයෙන් බලයි.   තමා රූපවත්යයි කියා හෝ,  රූපය තමා කෙරෙහි පිහිටියේයයි කියා හෝ,  තමා රූපයෙහි ඇත්තේය කියා හෝ,  වේදනාව -පෙ- සඤ්ඤාව -පෙ- සංඛාරයන් -පෙ- විඤ්ඤාණය ආත්ම වශයෙන් බලයි.   තමා විඤ්ඤාණවත්ය කියා හෝ,  විඤ්ඤාණය තමා කෙරෙහි පිහිටියේය කියා හෝ,  තමා විඤ්ඤාණයෙහි පිහිටියේය කියා හෝ,  යම් මෙබඳු දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක්,  -පෙ- විපරීත ගැන්මක් ඇද්ද,  එයයි.   මෙය සක්කායදිට්ඨියයි කියනු ලැබේ.

118.  එහි විචිකිච්ඡාව කවරේද?   ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,  ධර්මය කෙරෙහි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,   සංඝයා කෙරෙහි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,   ශික්‍ෂාව කෙරෙහි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,   පූර්‍වාන්තයෙහි කෙරෙහි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,   අපරාන්තයෙහි කෙරෙහි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,   පූර්‍වාපරාන්තයෙහි කෙරෙහි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,   මෙය ප්‍රත්‍යයෙන් උපන්නේයයි කියන ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන්හි සැක කෙරේද,   විචිකිච්ඡා කෙරේද,   මෙබඳුවූ යම් සැකයක්,  සැකකිරීමක්,  තැතිගැන්මක්,  චිත්තයාගේ මනො විලේඛයක් ඇද්ද,  එයයි.   මෙය විචිකිච්ඡාවයයි කියනු ලැබේ.

119. එහි සීලබ්බත පරාමාසය කවරේද?   මේ ශාසනයෙන් පිටත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙය ශීලයෙන් ශුද්ධියය,  ව්‍රතයෙන් ශුද්ධියය,  ශීලව්‍රතයෙන් ශුද්ධියයයි මෙබඳු යම් දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක්,  -පෙ- විපරීත ගැන්මක් ඇද්ද,  මේ තුන් සංයෝජනයෝ වෙති.

120. එහි තුන් තෘෂ්ණාවෝ කවරහුද?   කාමතෘෂ්ණා,  භවතෘෂ්ණා,  විභවතෘෂ්ණා යනුයි.

121. එහි භව තෘෂ්ණාව කවරේද?   භව දෘෂ්ටිය හා එක්වූ රාගය,  සරාගය,  චිත්තයාගේ බලවත් ඇල්ම, මෙය භව තෘෂ්ණාවයයි කියනු ලැබේ.   එහි විභව තෘෂ්ණාව කවරේද?   උච්ඡේද දෘෂ්ටි සහගතවූ රාගය,  සරාගය,  චිත්තයාගේ බලවත් ඇල්ම යනුයි.   මෙය විභව තෘෂ්ණාවයයි කියනු ලැබේ.   අවශෙෂ තෘෂ්ණාව කාමතෘෂ්ණාවයි.

122. එහි කාම තෘෂ්ණාව කවරේද?   කාමධාතුව හා යුක්තවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මෙය කාම තෘෂ්ණාවයයි කියනු ලැබේ.

123.  රූප ධාතුව,  අරූප ධාතුව යන දෙක හා යුක්තවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මෙය භව තෘෂ්ණාවයයි කියනු ලැබේ.

124. උච්ඡෙද දෘෂ්ටි සහගතවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම  මේ තුන් තෘෂ්ණාවෝයි.

125. සෙසුද තුන් තෘෂ්ණාව කවරහුද?   කාමතණ්හා,  රූපතණ්හා,  අරූපතණ්හා යනුයි.

126. එහි කාම තෘෂ්ණාව කවරේද?   කාමධාතුව හා යුක්තවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මෙය කාම තෘෂ්ණාවයයි කියනු ලැබේ.

127. එහි රූප තෘෂ්ණාව කවරේද?   රූප ධාතුව හා යුක්තවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මෙය රූප  තෘෂ්ණාවයයි කියනු ලැබේ.

128. එහි අරූප තෘෂ්ණාව කවරේද?   අරූප ධාතුව හා යුක්තවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මෙය අරූප  තෘෂ්ණාවයයි කියනු ලැබේ.   මේ තුන් තෘෂ්ණාවෝයි.

129. සෙසුද තුන් තෘෂ්ණාව කවරහුද?   රූපතණ්හා,  අරූපතණ්හා,  නිරෝධ තණ්හා යනුයි.

130. එහි රූප තෘෂ්ණාව කවරේද?   රූප ධාතුව හා යුක්තවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මෙය රූප  තෘෂ්ණාවයයි කියනු ලැබේ.

131. එහි අරූප තෘෂ්ණාව කවරේද?   අරූප ධාතුව හා යුක්තවූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මෙය අරූප  තෘෂ්ණාවයයි කියනු ලැබේ.   මේ තුන් තෘෂ්ණාවෝයි.

132. එහි නිරොධ තෘෂ්ණාව කවරේද?   උච්ඡේද දෘෂ්ටිය හා එක්වූ රාගය,  සරාගය,  බලවත් ඇල්ම යනුයි.   මේ තුන් තෘෂ්ණාවෝයි.

133. එහි තුන් එසනාවෝ කවරහුද?   කාමෙසනා,  භවෙසනා,  බ්‍රහ්මචරියෙසනා යනුයි.

134. එහි කාමෙසනාව කවරේද?   කාමයන්හි යම් කාමච්ඡන්‍දයක්,  කාමයන්හි බලවත් ඇල්මක් ඇද්ද,  මෙය කාමෙසනාව යයි කියනු ලැබේ.

135. එහි භවෙසනාව කවරේද?   භවයන්හි යම් භවච්ඡන්‍දයක්,  භවය පිළිබඳ ඇල්මක් ඇද්ද,  මෙය භවෙසනාව යයි කියනු ලැබේ.

136. එහි බ්‍රහ්මචරියෙසනාව කවරේද?   ලෝකය ශාස්වතය කියා හෝ,  ආශාස්වතය කියා හෝ,  -පෙ- නොවූයේ නොවෙයි,  නුවූයේ නොවෙයි,  සත්ත්‍වයා මරණින් පසු වන්නේය කියා හෝ,  යම් මෙබඳු දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක්,  -පෙ- විපරීත ගැන්මක් ඇද්ද,  මෙය බ්‍රහ්මචරියෙසනාවයයි කියනු ලැබේ.

137. එහි කාමෙසනාව කවරේද?   කාමභවය,  එය හා එකතුවූ අකුසල කාය කර්‍මය,  වාග් කර්‍මය,  මනස් කර්මය යනුයි.  මෙය කාමෙසනාව යයි කියනු ලැබේ.

138. එහි භවෙසනාව කවරේද?   භවරාගය,  එය හා එකතුවූ අකුසල කාය කර්මය,  වාග් කර්මය,  මනස් කර්මය යනුයි.   මෙය භවෙසනාව යයි කියනු ලැබේ.

139. අන්තග්ගාහික දිට්ඨිය,  එය හා එකතුවූ අකුසල කාය කර්මය,  වාග් කර්මය,  මනස් කර්මය යනුයි.   මෙය තුන් ඒසනාවෝයි.

140. එහි තුන් විධාවෝ (මානයෝ) කවරහුද?   ශ්‍රෙෂ්ඨ වෙමියි මානය,  සමාන වෙමියි මානය,  හීන වෙමියි මානය,   මේ තුන් මානයෝයි.

141. එහි භය තුන කවරහුද?   ජාති භය,  ජරා භය,  මරණ භය යනුයි.

142. එහි ජාති භය කවරේද?   ජාතිය නිසා භයක්,  භය ස්වභාවයක්,  භය වශයෙන් කයේ තැතිගැන්මක්,  ලොමු ඩැහැගැන්මක්,  චිත්තයාගේ තැතිගැන්මක් ඇද්ද,   මෙය ජාති භයයයි කියනු ලැබේ.

143. එහි ජරා භය කවරේද?   ජරාව නිසා භයක්,  භය ස්වභාවයක්,  භය වශයෙන් කයේ තැතිගැන්මක්,  ලොමු ඩැහැගැන්මක්,  චිත්තයාගේ තැතිගැන්මක් ඇද්ද,   මෙය ජරා භයයයි කියනු ලැබේ.

144. එහි මරණ භය කවරේද?   මරණය නිසා භයක්,  භය ස්වභාවයක්,  භය වශයෙන් කයේ තැතිගැන්මක්,  ලොමු ඩැහැගැන්මක්,  චිත්තයාගේ තැතිගැන්මක් ඇද්ද,   මෙය මරණ භයයයි කියනු ලැබේ.   මේ භය තුන වෙති.

145. එහි අවිද්‍යා තුන කවරහුද?   අතීත කාලය නිසා හෝ සැක කරයි.   විචිකිච්ඡා උපදවයි.   ස්ථිරව නොපිහිටයි.   මනාකොට නොපහදියි.   අනාගත කාලය නිසා හෝ සැක කරයි.   විචිකිච්ඡා උපදවයි.   ස්ථිරව නොපිහිටයි.   මනාකොට නොපහදියි.   දැන් පවත්නා කාලය නිසා හෝ සැක කරයි.   විචිකිච්ඡා උපදවයි.   ස්ථිරව නොපිහිටයි.   මනාකොට නොපහදියි.      මේ තුන් අවිද්‍යාවෝයි.

146. එහි තීත්‍ර්‍ථායතන තුන කවරහුද?   මෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ,  බ්‍රාහ්මණයෙක් හෝ,  යම් ඒ සත්ත්‍ව කෙනෙක් තෙම සැපයක් හෝ,  දුකක් හෝ,  සැපදුක් නොවන්නක් විඳීද,  මේ සියල්ලම පූර්‍ව කළ කර්‍ම හේතුවෙන් විඳීය කියා මෙය කියන්නේ වෙයි.   මෙබඳු දෘෂ්ටියක් ඇත්තේ වෙයි.   යම්කිසි සත්ත්‍වයෙක් තෙම සැපයක් හෝ,  දුකක් හෝ,  සැපදුක් නොවන්නක් විඳීද,  මේ සියල්ලම ඊශ්වර නිර්මාණ හේතුවෙන් වන්නේයයි මෙබඳු දෘෂ්ටියක් ඇත්තේ වෙයි. මෙහි වනාහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ,  බ්‍රාහ්මණයෙක් හෝ,  යම් ඒ සත්ත්‍ව කෙනෙක් තෙම සැපයක් හෝ,  දුකක් හෝ,  සැපදුක් නොවන්නක් විඳීද,  මේ සියල්ලම හේතුවක් නැතිව,  ප්‍රත්‍යයක් නැතිව සිදුවන්නේයයි මෙසේ කියන්නේ වෙයි.   මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි.

147. එහි කිඤ්චන තුන කවරහුද?   රාගය කිඤ්චන (පලිබොධ) යකි.   දොසය කිඤ්චනයකි.   මොහය කිඤ්චනයකි.

148. එහි තුන් අංගනයෝ (කෙලෙස්) කවරහුද?   රාගය අංගනයකි.   ෙවෂය අංගනයකි.   මොහය අංගනයකි.

149. එහි මල තුන කවරහුද?   රාගය මලයකි.   ෙවෂය මලයකි.   මොහය මලයකි යනුයි.

150. එහි තුන් විසමයෝ කවරහුද?   රාගය විසමය.   දොසය විසමය.   මොහය විසමය යනුයි.   මෙය තුන් විසමයෝයයි කියනු ලැබේ.

151. සෙසු තුන් විසමයෝ කවරහුද?   කාය විසමය.   වචී විසමය.   මනො විසමය යනුයි.   මෙය සෙසු තුන් විසමයෝයයි කියනු ලැබේ.

152. එහි තුන් ගිනි කවරහුද?   රාග නමැති ගින්න,  ෙවෂ නමැති ගින්න,  මෝහ නමැති ගින්න යනුයි.   මෙය තුන් ගිනියයි කියනු ලැබේ.

153. එහි තුන් කසටයෝ කවරහුද?   රාග කසටය,  ෙවෂ කසටය,  මෝහ කසටය යනුයි.   මෙය තුන් කසටයෝයයි කියනු ලැබේ.

154. සෙසු තුන් කසටයෝ කවරහුද?   කාය කසටය,  වචී කසටය,  මනො කසටය යනුයි.   මෙය සෙසු තුන් කසටයෝයයි කියනු ලැබේ.

155. එහි අස්සාද දිට්ඨිය කවරේද?   මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ,  බ්‍රාහ්මණයෙක් හෝ,  කාමයන්හි දොෂයක් නැතැයි මෙසේ කියන්නේ වෙයි.   මෙසේ දෘෂ්ටිය ඇත්තේ වෙයි.   හෙතෙම කාමයන්හි පරිභොගයට පැමිණෙයි.   මෙය අස්සාද දිට්ඨියයයි කියනු ලැබේ.

156. එහි අත්තානුදිට්ඨිය කවරේද?   මෙහි ආය්‍ර්‍යයන්ගේ නොදැකීම ඇති,  ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂ නොවූ,  ආය්‍ර්‍ය ධර්මයෙහි විනීත නොවූ,  සත්පුරුෂයන්ගේ නොදැකීම ඇති,  සත්පුරුෂ ධර්මයෙහි අදක්‍ෂවූ,  සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීතවූ,  අශ්‍රුතවත් පෘතග්ජන තෙම රූපය ආත්මය වශයෙන් බලයි.   තමා රූපවත්යයි කියා හෝ,  රූපය තමා කෙරෙහි පිහිටියේයයි කියා හෝ,  තමා රූපයෙහි ඇත්තේය කියා හෝ,  වේදනාව -පෙ- සඤ්ඤාව -පෙ- සංඛාරයන් -පෙ- විඤ්ඤාණය ආත්ම වශයෙන් බලයි.   තමා විඤ්ඤාණවත්ය කියා හෝ,  විඤ්ඤාණය තමා කෙරෙහි පිහිටියේය කියා හෝ,  තමා විඤ්ඤාණයෙහි පිහිටියේය කියා හෝ,  යම් මෙබඳු දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක්,  -පෙ- විපරීත ගැන්මක් ඇද්ද,  එයයි.   මෙය අත්තානුදිට්ඨියයි කියනු ලැබේ.

157. එහි මිච්ඡාදිට්ඨිය කවරේද?   දුන් දෙයෙහි විපාක නැත.   පරිත්‍යාග කිරීමෙහි විපාක නැත.   යම් කෙනෙක් මේ ලොවද,  පරලොවද තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කෙරෙත්.   මෙබඳුවූ යම් දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක් ඇද්ද,  විපරීත ගැන්මක් ඇද්ද, මෙය මිච්ඡාදිට්ඨියයි කියනු ලැබේ.

158. සාස්සත දිට්ටිය,  අස්සාද දිට්ඨිය,  සක්කාය දිට්ඨිය,  අත්තානු දිට්ටිය,  උච්ඡේද දිට්ඨිය,  මිච්ඡා ද්ට්ඨිය යනුයි.

159. එහි අරතිය කවරේද?   ඈත නවයෙහිවූ සේනාසනයන්හි,  අනික් අනික් හෝ අධිකුසල ධර්‍මයන්හි නොඇල්ම,   අරතිකාව,  අනභිරතිය,  අනභිරමණය,  උක්කණ්ඨිතාව,  ත්‍රස්තවීම යනුයි.    මෙය අරතියයි කියනු ලැබේ.

160. එහි විහෙසය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් අතින් හෝ,  කැට කැබිලිතිවලින් හෝ,  දණ්ඩෙන් හෝ,  ආයුධයෙන් හෝ,  රැහැනින් හෝ,  අනික් අනික් දෙයකින් හෝ සත්ත්‍වයන් වෙහෙසවයි.   යම් මෙබඳු හෙඨනයක්,  විහෙඨනයක්,  හිංසනයක්,  විහිංසනයක්,  රොසනයක්,  විරොසනයක්,  පරූපඝාතයක් ඇද්ද,   මෙය විහෙසයයයි කියනු ලැබේ.

161. එහි අධම්මචරියාව කවරේද?   කයින් අධර්‍මයෙහි හැසිරීම,  විසමව හැසිරීම,  වචනයෙන් අධර්මයෙහි හැසිරීම,  විසමව හැසිරීම,  මනසින් අධර්‍මයෙහි හැසිරීම,  විසමව හැසිරීම, මෙය අරතියයි කියනු ලැබේ.

162. එහි දොවචස්සතාව කවරේද?   සමාන මර්ම ඇති එකට හැසිරෙන්නවුන් කියනු ලබන කල්හි එහි අකීකරුවීමක්,  දොවචස්සියක්,  දොවචස්සතාවක්,  විරුද්ධගැන්මක්,  විරුද්ධ පැවැත්මක්,  අනදරියක්,  අනාදරතාවක්,  වැඩිහිටියන්ගේ අවවාදය නොපිළිගැන්මක් ඇද්ද,   මෙය දොවචස්සතාවයයි කියනු ලැබේ.

163. එහි පාපමිත්තාව කවරේද?   යම් ඒ පුද්ගල කෙනෙක් අශ්‍රද්ධාවත්ද,  දුශ්ශීලයෝද,  අල්පශ්‍රුතයෝද,  මසුරුවූවෝද,  මෝඩයෝද,  ඔවුන් යම් සේවනයක්,  නිසේවනයක්,  සංසේවනයක්,  භජනයක්,  සංභජනයක්,  භත්තියක්,  සම්භත්තියක්,  එයට නැමීමක් ඇද්ද, මෙය පාපමිත්තතාවයයි කියනු ලැබේ.

164. එහි නානත්ත සංඥාව කවරේද?   කාම සඤ්ඤාව,  ව්‍යාපාද සඤ්ඤාව,  විහිංසා සඤ්ඤාව, මෙය නානත්තසඤ්ඤාව යයි කියනු ලැබේ.   සියලුම අකුසල සඤ්ඤාවෝ නානත්තසඤ්ඤා නමි.

165. එහි උද්ධච්චය කවරේද?   යම් චිත්තයාගේ නොසන්සුන් බවක්,  අවුපසමයක්,  චිත්තයාගේ වික්‍ෂෙපයක්,  චිත්තයාගේ භ්‍රාන්තත්වයක් ඇද්ද, මෙය උද්ධච්චයයි කියනු ලැබේ.

166. එහි කෝසජ්ජය කවරේද?   කාය දුශ්චරිතයෙහි හෝ,  වචී දුශ්චරිතයෙහි හෝ,  මනස් දුශ්චරිතයෙහි හෝ,  පංචකාම ගුණයන්හි හෝ,  ච්ත්තයාගේ අත්හැර දැමීමක්,  අත්හැර දැමීම අනුව යෙදීමක්,  කුසල ධර්‍මයන්ගේ භාවනාවෙහි නොසකස්ව කිරීමක්,  නිතර නොකිරීමක්,  නොනිමි ක්‍රියාවක්,  නොඇළුන වෘත්තියක්,  බහාතැබූ කැමැත්තක්,  බහාතැබූ ධෛය්‍ර්‍යයක්,  සේවනය නොකිරීමක්,  භාවනා නොකිරීමක්,  බහුලව නොකිරීමක්,  අනධිෂ්ඨානයක්,  නොයෙදිමක්,  ප්‍රමාදයක් ඇද්ද,  එයයි.   යම් මෙබඳු ප්‍රමාදයක්,  පමජ්ජනාවක්,  ප්‍රමාදයෙහි යෙදුන බවක් ඇද්ද, මෙය කෝසජ්ජයයයි කියනු ලැබේ.   එහි ප්‍රමාදය කවරේද?   -පෙ- මෙය ප්‍රමාදයයි කියනු ලැබේ.

167. එහි අසන්තුට්ඨිතාව කවරේද?   කොයි යම් ක්‍රමයකින් වේවා,  ලැබෙන චීවර,  පිණ්ඩපාත,  සේනාසන,  ගිලන්පස බෙහෙත් පිරිකර වලින් හෝ,  පංචකාම ගුණයන් ගෙන් හෝ,  සතුටු නොවූවහුගේ වැඩි වැඩිය කැමැතිවිමයි.   යම් මෙබඳු ඉච්ඡාවක්,  ඉච්ඡාගතයක්,  මහිච්ඡතාවක්,  රාගයක්,  සාරාගයක්,  චිත්තයාගේ බලවත් ඇල්මක් ඇද්ද,  එයයි.    මෙය අසන්තුට්ඨිතාවයයි කියනු ලැබේ.

168. එහි අහිරිකය කවරේද?   යම් (පාපයකට) ලජ්ජා නොවේද,  ලාමක අකුසල ධර්‍මයන් රැස් කිරීමෙහි ලජ්ජා කටයුතු දෙයින් ලජ්ජා නොවේද, මෙය අහිරිකයයයි කියනු ලැබේ.

169. එහි අනොත්තප්පය කවරේද?   යම් (පාපයකට) බිය නොවේද,  ලාමකවූ අකුසල ධර්‍මයන්ගේ රැස් කිරීමෙන් බිය වියයුතු දෙයෙහි බිය නොවේද, මෙය අනොත්තප්පයයයි කියනු ලැබේ.

170. එහි ප්‍රමාදය කවරේද?   -පෙ-

171. එහි අනාදරිය කවරේද?   යම් අනාදර භාවයක්,  අනාදරියාකාරයක්,  අගෞරවයක්,  වැඩිමහල්ලන්ගේ වචන නොපිළිගැනීමක්,  අනද්දාවක්,  අනද්දායනයක්,  අනද්දායිත බවක්,  ගරු සිතක් නැති බවක්, මෙය අනාදරියයි කියනු ලැබේ.

172. එහි දොවචස්සතාව කවරේද?   වැඩිහිටි එකට වසන්නවුන් අවවාද වචන කියන කල්හි අකීකරු බවක්,  දොවචස්සියක්,  දොවචස්සතාවක්,  විරුද්ධ ගැන්මක්,  වෙනස්වූ පැවැත්මක්,  අනාදරියක්,  අනාදරතාවක්,  අගෞරවයක්, නොසැලකිල්ලක් ඇද්ද,  එයයි.    මෙය දොවචස්සතාවයයි කියනු ලැබේ.

173. එහි පාපමිත්තතාව කවරේද?   යම් ඒ පුද්ගල කෙනෙක් අශ්‍රද්ධාව ඇත්තෝද,  දුශ්ශීලයෝද,  අල්පශ්‍රුතයෝද,  මසුරුකම ඇත්තෝද,  මෝඩයෝද,  ඔවුන්ගේ යම් සේවනයක්,  නිසේවනයක්,  සංසේවනයක්,  පටිසේවනයක්,  භජනයක්,  සංභජනයක්,  භත්තියක්,  සංභත්තියක්,  එයට නැමීමක් ඇද්ද, මෙය පාපමිත්තතාවයයි කියනු ලැබේ.

174. එහි අස්සද්ධිය (අශ්‍රද්ධාවත් බව) කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් අශ්‍රද්ධාවත් වේද,  බුදුන් හෝ,  ධර්‍මය හෝ,  සංඝයා හෝ නොඅදහාද,  මෙබඳුවූ යම් අශ්‍රද්ධා බවක්,  අශ්‍රද්ධාකාරයක්,  බලවත් විශ්වාසයෙන් තොර බවක්,  නොපැහැදීමක් ඇද්ද, මෙය අස්සද්ධියයයි කියනු ලැබේ.

175. එහි අවඤ්ඤුතාව කවරේද?   (තද මසුරු බැවින් දන් දෙව,  කුසල් කරවයි වචන නොදන්නා බව) මසුරුකම් පසක් වෙති.   ආවාස මච්ඡරිය,  කුල මච්ඡරිය,  ලාභ මච්ඡරිය,  වණ්ණ මච්ඡරිය,  ධම්ම මච්ඡරිය, යනුයි.   එබඳුවූ යම් මසුරුකමක්,  මසුරු ආකාරයක්,  මසුරුවීම් බවක්,  වෙවිච්ඡාවක්,  තද ආශාවක්,  කටුකඤ්චුකතාවක්,  චිත්තයාගේ නොගැන්මක් ඇද්ද, මෙය අවඤ්ඤුතාවයයි කියනු ලැබේ.

176. එහි කොසජ්ජය කවරේද?   -පෙ-

177. එහි උද්ධච්චය කවරේද?   යම් චිත්තයාගේ නොසන්සුන් කමක්,  අවුපසමයක්,  චිත්ත වික්‍ෂෙපයක්,  චිත්තයාගේ භ්‍රාන්ත බවක් වේද, මෙය උද්ධච්චයයයි කියනු ලැබේ.

178. එහි අසංවරය කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසින් රූපය දැක නිමිති ගන්නේ වේද,  කුඩා නිමිති ගන්නේ වේද,  යම් කිසි හේතුවකින් මේ චක්ඛුන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නහුට දැඩි ලෝභය,  දොම්නස යන ලාමක අකුසල ධර්‍මයෝ ඔහු අනුව පවතින්නාහුද,  එහි සංවරය පිණිස නොපිළිපදියි.   චක්ඛුන්‍ද්‍රියය නොරකියි.   චක්ඛුන්‍ද්‍රියය නොරකියි.   චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරය පිණිස නොපැමිණෙයි.      කණින් ශබ්දය අසා -පෙ-  නාසයෙන් ඝන්‍ධය ආභ්‍රාණය කොට  -පෙ-  දිවින් රසය විඳ -පෙ-  කයින් ස්පර්‍ශය ස්පර්‍ශකොට  -පෙ-  සිතින් ධර්‍මය දැන නිමිති ගන්නේ වේද,  කුඩා නිමිති ගන්නේ වේද,  යම් කිසි හේතුවකින් මනෙන්‍ද්‍රියය අසංවරව වාසය කරන්නහුට දැඩි ලෝභය,  දොම්නස යන ලාමක අකුසල ධර්‍මයෝ ඔහු අනුව පවතින්නාහුද,  එහි සංවරය පිණිස නොපිළිපදියි.   මනෙන්‍ද්‍රියය නොරකියි.   මනෙන්‍ද්‍රියයෙහි සංවරයට නොපැමිණෙයි.

179. එහි දුශ්ශීල බව කවරේද?   කායික කුසල ශික්‍ෂා ඉක්මවීම,  වාචසික කුසල ශික්‍ෂා ඉක්මවීම,  කායික වාචසික කුසල ශික්‍ෂා ඉක්මවීම, යනුයි.   මෙය දුශ්ශීල බවයයි කියනු ලැබේ.

180. එහි ආය්‍ර්‍යයන් නොදකිනු කැමැත්ත කවරේද?   එහි ආය්‍ර්‍යයෝ කවරහුද?   බුදුවරුද,  බුද්ධ ශ්‍රාවකයෝද යනුයි.   මේ ආය්‍ර්‍යයන්ගේ යම් නොදකිනු කැමැත්තක්,  අදිට්ඨුකම්‍යතාවක්,  ධර්‍මය නොඇසිමක්,  ඔවුන් ළඟට ගොස් සේවනය නොකිරීමක් ඇද්ද එයයි.    මෙය ආය්‍ර්‍යයන් නොදකිනු කැමැත්තයයි කියනු ලැබේ.

181. එහි සද්ධර්‍මය නොඅසනු කැමැත්ත කවරේද?   එහි සද්ධර්‍මය කවරේද?   සතර සතිපට්ඨානයෝ,  සතර සම්‍යක් ප්‍රධානයෝ,  සතර ඎද්ධිපාදයෝ,  පඤ්චෙන්‍ද්‍රියයෝ,  පංචබලයෝ,  සප්ත බොධ්‍යංගයෝ,  ආය්‍ර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය,  යනුයි.   මෙය සද්ධර්‍මයයයි කියනු ලැබේ.   මේ සද්ධර්‍මයාගේ යම් නොඅසනු කැමැත්තක්,  සේවනය නොකිරිමක්,  ඉගෙණගනු නොකැමැත්තක්,  නොදරණු කැමැත්තක් ඇද්ද,  එයයි.   මෙය සද්ධර්‍මය නොඅසනු කැමැත්තයයි කියනු ලැබේ.

182. එහි උපාරම්භ (දොස් කීමේ) සිත් ඇති බව කවරේද?   එහි උපාරම්භය කවරේද?   යම් උපාරම්භයක් ඇද්ද,  නැවත නැවත උපාරම්භයක් ඇද්ද,    උපාරම්භනයක් ඇද්ද,  නැවත නැවත උපාරම්භනයක් ඇද්ද,  අනුපාරම්භිත බවක්,  දොස් කීමක්,  නින්දා කිරීමක්,  පරිභවයක්,  සිදුරු සෙවිමක්,  ඇද්ද, මෙය උපාරම්භ (දොස් කීමේ) සිත් ඇති බව යයි කියනු ලැබේ.

183. එහි මුළා සිහි ඇති බව කවරේද?   යම් සිහි නැති බවක්,  සිහි නොකිරීමක්,  නැවත සිහි නොකිරීමක්,  සිහි නොකිරීම් බවක්,  නොදැරීම් බවක්,  අමතක බවක්,  සිහි මුළා බවක් ඇද්ද,  එයයි.    මෙය සිහි මුළා ඇති බව යයි කියනු ලැබේ.

184. එහි විමසන නුවණ නැති බව කවරේද?   යම් නොදැනීමක්,  නොදැකීමක්,  -පෙ-  අවිද්‍යාවක්,  අගුලක්,  මොහයක්,  අකුසල මූලයක් ඇද්ද,  එයයි.    මෙය විමසන නුවණ නැති බව යයි කියනු ලැබේ.

185. එහි චිත්තයාගේ වික්‍ෂෙපය කවරේද?   චිත්තයාගේ යම් නොසන්සුන් බවක්,  අවුපසමයක්,  චිත්ත වික්‍ෂෙපයක්,  චිත්තයාගේ භ්‍රාන්ත ගතියක් ඇද්ද,  එයයි.    මෙය චිත්තයාගේ වික්‍ෂෙපයයයි කියනු ලැබේ.

186. එහි අයොනිසො මනසිකාරය කවරේද?   අනිත්‍යයෙහි නිත්‍යයයි නුනුවණින් සිහිකිරීම,  දුකෙහි සුඛයයි නුනුවණින් මෙනෙහි කිරීම,    අනාත්මයෙහි ආත්මයයි නුනුවණින් මෙනෙහි කිරීම,  යනු අයොනිසෝ මනසිකාරයයි.   චතුරාය්‍ර්‍ය සත්‍යයට ප්‍රතිපක්‍ෂවූ හෝ චිත්තයාගේ ආවට්ටනයක්,  නැවත නැවත ආවට්ටනයක්,  හකුලා ගැනීමක්,  ඒ පිළිබඳ සිත එක්තැන්ව තැබීමක්,  මනසිකාරයක් ඇද්ද,  එයයි.    මෙය අයොනිසො මනසිකාරයයයි කියනු ලැබේ.

187. එහි වැරදි මාර්ග සේවනය කවරේද?   එහි වැරදි මාර්ගය කවරේද?   මිච්ඡාදිට්ඨිය,   මිච්ඡාසංකප්පය,   මිච්ඡාවාචාව,   මිච්ඡාකම්මන්තය,   මිච්ඡාආජීවය,   මිච්ඡාවායාමය,   මිච්ඡාසතිය,   මිච්ඡාසමාධිය යනුයි.   මෙය වැරදි මාර්ගයයි කියනු ලැබේ.   මේ වැරදි මාර්ගයාගේ යම් සේවනයක්,  නිසෙවනයක්,  සංසේවනයක්,  භජනයක්,  සංභජනයක්,  භත්තියක්,  සම්භත්තියක්,  එයට නැවීමක්,  ඇද්ද,   මෙය වැරදි මාර්ග සේවනයයයි කියනු ලැබේ.

188. එහි චිත්තයාගේ ලීන බව (සැඟවුන) ගතිය කවරේද?   චිත්තයාගේ යම් නොසුදුසු බවක්,  වැඩට අයොග්‍ය බවක්,  ඔබා තැබූ බවක්,  සල්ලීනයක්,  ලීනයක්,  ලීයනයක්,  ලීයිත බවක්,  මැලි බවක්,  මැලි ආකාරයක්,  චිත්තයාගේ මැලිවීම් බවක් ඇද්ද,   මෙය චිත්තයාගේ ලීන බව (සැඟවුන ගතිය) යයි කියනු ලැබේ.

චතුක්කය.

189. එහි සතර ආසවයෝ කවරහුද?   කාමාසවය,  භවාසවය,  දිට්ඨාසවය,  අවිජ්ජාසවය යනුයි. මෙය සතර ආසවයෝයයි කියනු ලැබේ.

190. එහි කාමාසවය කවරේද?   කාමයන්හි යම් කාමච්ඡන්‍දයක්,  කාමරාගයක්,  කාමනන්‍දියක්,  කාමතණ්හාවක්,  කාම ස්නේහයක්,  කාම පරිලාහයක්,  කාම මුච්ඡාවක්,  කාමයෙහි බලවත්සේ ඇලීමක් ඇද්ද,  එයයි.    මෙය කාමාසවයයි කියනු ලැබේ.

191. එහි භවාසවය කවරේද?   භවයන්හි යම් භවච්ඡන්දයක් -පෙ- මෙය භවාසවයයි කියනු ලැබේ.

192. එහි දිට්ඨාසවය කවරේද?   කාමයන්හි යම් කාමච්ඡන්‍දයක්,  කාමයන්හි බලවත් ඇල්මක් ඇද්ද,  මෙබඳු යම් දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක් -පෙ- විපරීත ගැන්මක්,  ඇද්ද,  එයයි.   සියලුම මිත්‍ථ්‍යාදෘෂ්ටිය දිට්ඨාසවයයි.

193. එහි අවිජ්ජාසවය කවරේද?   දුකෙහි නොදැනීම,  දුක්ඛ සමුදයෙහි නොදැනීම,  දුක්ඛ නිරොධයෙහි නොදැනීම,  දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි නොදැනීම,  පූර්‍වාන්තයෙහි නොදැනීම,  අපරාන්තයෙහි නොදැනීම,  පූර්වාපරාන්තයෙහි නොදැනීම,  මෙය හේතුවෙන් උපන්නේය යන ප්‍රතිත්‍ය සමුත්පාදයෙහි ධර්මයන්හි නොදැනීම, යනුයි.   එබඳු යම් නොදැකිමක්,  නොදැනීමක්,  -පෙ- අවිද්‍යාවක්,  අගුලක්,  මොහයක්,  අකුශල මූලයක්,  ඇද්ද,  එයයි.    මෙය අවිජ්ජාසවයයි කියනු ලැබේ.

194. එහි සතර ග්‍රන්ථයෝ කවරහුද?   -පෙ- සතර ඔඝයෝ කවරහුද?   -පෙ- සතර යෝඝයෝ කවරහුද?   -පෙ- සතර උපාදානයෝ කවරහුද?   කාමූපාදානය,  දිට්ඨුපාදානය,  සීලබ්බතූපාදානය,  අත්තවාදූපාදානය යනුයි.

195. එහි කාමූපාදානය කවරේද?   කාමයන්හි යම් කාමච්ඡන්දයක්,  කාමරාගයක්,  කාමනන්දියක්,  කාමතණ්හාවක්,  කාමසෙනහයක්,  කාමපරිළාහයක්,  කාමමුච්ඡාවක්,  කාමයෙහි බලවත් ඇල්මක් ඇද්ද,  එයයි.   මෙය කාමූපාදානයයයි කියනු ලැබේ.

196. එහි දිට්ඨූපාදානය කවරේද? දුන් දෙයෙහි විපාක නැත.   පරිත්‍යාග කිරීමෙහි විපාක නැත.   යම් කෙනෙක් මේ ලොවද,  පරලොවද තෙමේ මනාකොට දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශ කෙරෙත්.   මෙබඳුවූ යම් දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක් ඇද්ද,  සීලබ්බතූපාදානයද,  අත්තවාදූපාදානයද,  හැර සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටිය දිට්ඨූපාදානය නමි.   මෙය දිට්ඨූපාදානයයයි කියනු ලැබේ.

197. එහි ශීලබ්බතූපාදානය කවරේද?   මේ ශාසනයෙන් පිටත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශීලයෙන් ශුද්ධිය වේයයි,  ව්‍රතයෙන් ශුද්ධිය වේයයි, ශීල ව්‍රතයෙන් ශුද්ධිය වේයයි, යම් මෙබඳු දෘෂ්ටි ගැන්මක්,  -පෙ- විපරීතගැන්මක් ඇද්ද, මෙය ශීලබ්බතූපාදානයයයි කියනු ලැබේ.

198. එහි අත්තවාදූපාදානය කවරේද?   මෙහි ආය්‍ර්‍යයන්ගේ නොදැකීම ඇති,  ආය්‍ර්‍ය ධර්මයෙහි දක්‍ෂ නොවූ,  ආය්‍ර්‍ය ධර්මයෙහි විනීත නොවූ,  සත්පුරුෂයන්ගේ නොදැකීම ඇති,  සත්පුරුෂ ධර්මයෙහි අදක්‍ෂවූ,  සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීතවූ,  අශ්‍රුතවත් පෘතග්ජන තෙම රූපය ආත්මය වශයෙන් බලයි.   තමා රූපවත්යයි කියා හෝ,  රූපය තමා කෙරෙහි පිහිටියේයයි කියා හෝ,  තමා රූපයෙහි ඇත්තේය කියා හෝ,  වේදනාව -පෙ- සඤ්ඤාව -පෙ- සංඛාරයන් -පෙ- විඤ්ඤාණය ආත්ම වශයෙන් බලයි.   තමා විඤ්ඤාණවත්ය කියා හෝ,  විඤ්ඤාණය තමා කෙරෙහි පිහිටියේය කියා හෝ,  තමා විඤ්ඤාණයෙහි පිහිටියේය කියා හෝ,  යම් මෙබඳු දෘෂ්ටියක්,  දෘෂ්ටි ගැන්මක්,  -පෙ- විපරීත ගැන්මක් ඇද්ද,  එයයි.   මෙය අත්තවාදූපාදානයයයි කියනු ලැබේ.

199. එහි සතර තණ්හා උපාදාවෝ කවරහුද?   චීවර හේතුවෙන් හෝ භික්‍ෂුවගේ තෘෂ්ණාව උපදිනු ලබන්නාහු උපදිත්.   පිණ්ඩපාත හේතුවෙන් හෝ භික්‍ෂුවගේ තෘෂ්ණාව උපදිනු ලබන්නාහු උපදිත්.   සේනාසන හේතුවෙන් හෝ භික්‍ෂුවගේ තෘෂ්ණාව උපදිනු ලබන්නාහු උපදිත්.   මෙසේ ප්‍රණීත අප්‍රණීත දෙයෙහි භික්‍ෂුවගේ තෘෂ්ණාව උපදිනු ලබන්නාහු උපදිත්.

200. එහි සතර අගති ගමනයෝ කවරහුද?   ඡන්දයෙන් අගතියට යෙයි.   ෙවෂයෙන් අගතියට යෙයි.   මෝහයෙන් අගතියට යෙයි.   භයෙන් අගතියට යෙයි.   මෙබඳු යම් අගති ගමනයක්,  ඡන්ද ගමනයක්,  වග්ග ගමනයක්,  වාරි (පහත්) ගමනක්, ඇද්ද, මෙය සතර අගති ගමනයෝයයි කියනු ලැබේ.

201. එහි සතර විපරීතයෝ කවරහුද?   අනිත්‍යයෙහි නිත්‍යයයි හැඟීමෙන් විපරීතය.   සිතින් විපරීතය.   දෘෂ්ටියෙන් විපරීතය.   දුකෙහි සැපයයි සංඥාවෙන් විපරීතය.   චිත්තයෙන් විපරීතය.   දෘෂ්ටියෙන් විපරීතය.   අනාත්මයෙහි ආත්මයයි සංඥාවෙන් විපරීතය.   සිතින් විපරීතය.   දෘෂ්ටියෙන් විපරීතය.   අශුභයෙහි ශුභයයි සංඥාවෙන් විපරීතය.   සිතින් විපරීතය.   දෘෂ්ටියෙන් විපරීතය යනුයි.    මෙය සතර විපරීතයෝයයි කියනු ලැබේ.

202. සතර අනරිය වොහාරයෝ කවරහුද?   නොදැකි දෙයෙහි දැක්කේයයි කීම,  නොඇසූ දෙයෙහි ඇසුවේයයි කීම,   අමුතයෙහි මුතයයි කීම,  නොදන්නා දෙය දන්නේයයි කීම,   මෙය සතර අනරිය වොහාරයෝයයි කියනු ලැබේ.

203. එහි සෙසුද අනරිය වොහාරයෝ සතරදෙන කවරහුද?   දැකි දෙයෙහි නොදැක්කේයයි කීම,  ඇසූ දෙයෙහි නොඇසුවේයයි කීම,   මුතයෙහි අමුතයයි කීම,  දන්නා දෙයෙහි නොදන්නේයයි කීම,   යනු සතර අනරිය වොහාරයෝයි.

204. එහි සතර දුශ්චරිතයෝ කවරහුද?   පාණාතිපාතය,  අදින්නාදානය,  කාමෙසුමිච්ඡාචාරය,  මුසාවාදය,  යනුයි. මෙය සතර දුශ්චරිතයෝයයි කියනු ලැබේ.

205. එහි සෙසුද සතර දුශ්චරිතයෝ කවරහුද?   මුසාවාදය,  පිසුණාවාචාව,  ඵරුසාවාචාව,  සම්ඵප්පලාපය  යනුයි. මෙය සෙසු සතර දුශ්චරිතයෝයයි කියනු ලැබේ.

206. එහි සතර භය කවරහුද?   ජාති භය,  ජරා භය,  ව්‍යාධි භය,  මරණ භය යනුයි.   මේ සතර භය වෙති.

සෙසුද සතර භය කවරහුද?   රාජ භය,  චෝර භය,  අග්ගි භය,  උදක භය යනුයි.   මේ සෙසුද සතර භය වෙති.

සෙසුද සතර භය කවරහුද?   (මුහුදු) රැලින් ඇතිවන භය,  කිඹුල් බිය,  සුලි භය,  චණ්ඩ මතස්‍යයන්ගේ භය යනුයි.   මේ සතර භය වෙති.   සෙසුද සතර භය කවරහුද?   අත්තානු භය,  පරාණුවාද භය,  දණ්ඩ භය,  දුග්ගති භය යනුයි.   මේ සතර භය වෙති.

207. එහි සතර දෘෂ්ටීහු කවරහුද?   වේදනාව ආත්ම වශයෙන් බලන්නේ වේදනාවෙන්ම වේදනාව කරණ ලද්දේයයි දෘෂ්ටිය,  වේදනාව ආත්මය වශයෙන් බලන්නේ අනික් වේදනාවකින් මේ වේදනාව කරණ ලද්දේයයි සත්‍ය වශයෙන්  ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.   අසයංකාරවූ,  අපරංකාරවූ,  අධිච්ච සමුප්පන්නය,  සුඛ දුක්ඛයයි සත්‍ය වශයෙන්,  ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.

 
පඤ්චකය.

208. එහි පඤ්චඔරම්භාගිය සඤ්ෙඤා්ජනයෝ කවරහුද?   සක්කායදිට්ඨිය,  විචිකිච්ඡාය,  සීලබ්බත පරාමාසය,  කාමච්ඡන්‍දය,  ව්‍යාපාදය.   මෙය පඤ්චඔරම්භාගීය සඤ්ෙඤා්ජනයෝයයි කියනු ලැබේ.

209. එහි උද්ධම්භාගිය සඤ්ෙඤා්ජන පස කවරහුද?   රූප රාගය,  අරූප රාගය,  මානය,  උද්ධච්චය,  අවිජ්ජාව යනුයි. මෙය උද්ධම්භාගීය සඤ්ෙඤා්ජනයෝයයි කියනු ලැබේ.

210. එහි මසුරුකම් පස කවරහුද?   ආවාස මච්ඡරිය,  කුල මච්ඡරිය,  ලාභ මච්ඡරිය,  වණ්ණ මච්ඡරිය,  ධම්ම මච්ඡරිය, මෙය මසුරුකම් පසයයි කියනු ලැබේ.

211. එහි පංච සංගයෝ කවරහුද?   රාග සංගය,  දොස සංගය,  මොහ සංගය,  මාන සංගය,  දිට්ඨි සංගය, යනුයි.    මෙය පංච සංගයෝයයි කියනු ලැබේ.

212. එහි හුල් පස කවරහුද?   රාග සල්ලය,  දොස සල්ලය,  මොහ සල්ලය,  මාන සල්ලය,  දිට්ඨි සල්ලය,  යනුයි.    මෙය හුල් පස යයි කියනු ලැබේ.

213. එහි පංච චෙතොඛීලයෝ කවරහුද?   ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි, ස්ථිරව නොපිහිටයි,   නොපහදියි.      ධර්‍මයෙහි සැක කරයි.   -පෙ- සංඝයා කෙරෙහි සැක කරයි.   -පෙ- ශික්‍ෂාව කෙරෙහි සැක කරයි.  -පෙ- සබ්‍රහ්මචාරීන් කෙරෙහි කුපිතවූයේ වෙයි.   නොසතුටුවූයේ,  පහර වැදුනු සිත් ඇත්තේ,  කණුවක් මෙන් වූයේ වෙයි.    මෙය පංච චෙතොඛීලයෝයයි කියනු ලැබේ.

214. සිත පිළිබඳ විනිබන්‍ධ පස කවරහුද?   කාමයෙහි නොහරණ ලද රාග ඇත්තේ වෙයි.   පහ නොකරණ ලද ඡන්‍දය ඇත්තේ වෙයි.   පහ නොකරණ ලද ප්‍රෙමය ඇත්තේ වෙයි.   පහ නොකරණ ලද පිපාසය ඇත්තේ වෙයි.   පහ නොකරණ ලද පරිඩාහය ඇත්තේ වෙයි.   පහ නොකරණ ලද තෘෂ්ණාව ඇත්තේ වෙයි.    කයෙහි නොහරණ ලද රාගය ඇත්තේ වෙයි.   රූපයෙහි නොහරණ ලද රාගය ඇත්තේ වෙයි.   බඩගන්නා තෙක් ඇතිතාක් අනුභවකොට සෙය්‍ය සුඛය,  ඵස්ස සුඛය,  මිද්ධ සුඛය යන මෙහි යෙදුනේ වෙයි.   මම මේ ශීලයෙන් හෝ,  ව්‍රතයෙන් හෝ,  තපසින් හෝ,  බඹසරින් හෝ,   දෙවියෙක් හෝ වන්නෙමි.   එක්තරා දෙවි කෙනෙක් හෝ වන්නෙමියි එක්තරා දේව නිකායක් ප්‍රාත්‍ර්‍ථනාකොට බඹසර හැසිරෙයි.    මෙය සිත පිළිබඳ විනිබන්‍ධ පස කියනු ලැබේ.

215. එහි පංච නීවරණයෝ කවරහුද?   කාමච්ඡන්‍ද නීවරණය,  ව්‍යාපාද නීවරණය,  ථීනමිද්ධ නීවරණය,  උද්ධච්ච කුක්කුච්ච නීවරණය,  විචිකිච්ඡා නීවරණය යනුයි.  මෙය පංච නීවරණයෝයයි කියනු ලැබේ.

216. එහි ආනන්තරිය කර්‍ම පස කවරහුද?   මාර්ග දෘෂ්ටියෙන් යුත් (සෝවාන්) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා වැදූ මව ජීවිතයෙන් තොර කරන්නේය යන මේ කාරණය හේතු රහිත වේයයි,  ප්‍රත්‍ය රහිත වේයයි එබඳු දෙයක් දක්නට නැත යනුවෙනි.   මෙබඳු දෙයක් විද්‍යමානවේ යයි දැන ගනියි.   එනම්,   පෘතග්ජන තෙම යම් හෙයකින් මව ජීවිතයෙන් තොර කරන්නේය යන මේ කාරණය නම් විද්‍යමාන වේයයි යනුවෙනි.

මාර්ග දෘෂ්ටියෙන් යුත් (සෝවාන්) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය යන මේ කාරණය හේතු රහිත වේයයි,  ප්‍රත්‍ය රහිත වේයයි එබඳු දෙයක් දක්නට නැත යනුවෙනි.   මෙබඳු දෙයක් විද්‍යමානවේ යයි දැන ගනියි.   එනම්,   පෘතග්ජන තෙම යම් හෙයකින් ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය යන මේ කාරණය නම් විද්‍යමාන වේයයි යනුවෙනි.

මාර්ග දෘෂ්ටියෙන් යුත් (සෝවාන්) පුද්ගලයෙක් යම් හේතුවක් නිසා රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය යන මේ කාරණය හේතු රහිත වේයයි,  ප්‍රත්‍ය රහිත වේයයි එබඳු දෙයක් දක්නට නැත යනුවෙනි.   මෙබඳු දෙයක් විද්‍යමානවේ යයි දැන ගනියි.   එනම්,   පෘතග්ජන තෙම යම් හෙයකින් රහත් කෙනෙකුන් ජීවිතයෙන් තොර කරන්නේය යන මේ කාරණය නම් විද්‍යමාන වේයයි යනුවෙනි.

මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගලයෙක් යම් හේතුවක් නිසා තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් ලේ උපදවන්නේය යන මේ කාරණය හේතු රහිතයයි,  ප්‍රත්‍ය රහිතයයි එබඳු දෙයක් විද්‍යමාන නොවේයයි දැන ගනියි.   මෙබඳු දෙයක් නම් දක්නට ලැබේයයි දැන ගනියි.   එනම්,   පෘතග්ජනයෙක් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දූෂ්‍යවූ සිතින් ලේ උපදවන්නේය යන මේ කාරණය නම් විද්‍යමාන වේයයි යනුවෙනි.

මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගලයෙක් යම් හේතුවක් නිසා සංඝ ඝෙද කරන්නේය යන -පෙ- මෙබඳු දෙයක් නම් දක්නට ලැබේයයි දැන ගනියි.   එනම්,   පෘතග්ජනයෙක් සඞ්ඝයා බිඳුවන්නේය යන මේ කාරණය නම් දක්නට ලැබේ.

217. එහි පංච දෘෂ්ටීහු කවරහුද?   සඤ්ඤීවූයේ,  නිත්‍යවූයේ,  මරණින් මතු ආත්මවත් වේයයි මෙසේ කෙනෙක් කියත්. අසඤ්ඤීවූයේ,  නිත්‍යවූයේ,  මරණින් මතු අනාත්මවත් වේයයි මෙසේ කෙනෙක් කියත්. නෙවසඤ්ඤීනාසඤ්ඤීවූයේ,  නිත්‍යවූයේ,  මරණින් මතු ආත්මවත් වේයයි මෙසේ කෙනෙක් කියත්.   විද්‍යමානවූම සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය,  විභය පනවත්.   දිට්ඨ ධම්ම නිබ්බාණය (ඒ ඒ ලැබූ ආත්මභාවයෙහි දුක්ඛ විනාශය වේයයි හෝ කෙනෙක් කියත්. මෙය පංච දෘෂ්ටීහුයයි කියනු ලැබේ.

218. එහි පඤ්ච වෙර චෙතනාවෝ කවරහුද?   පාණාතිපාතය,  අදින්නාදානය,  කාමෙසුමිච්ඡාචාරය,  මුසාවාදය,  මදයට හා ප්‍රමාදයට හේතුවූ සුරාමෙරය මෙය පඤ්ච වෙර චෙතනාවෝයයි කියනු ලැබේ.

219. එහි පංච ව්‍යසනයෝ කවරහුද?   ඥාති ව්‍යසනය,  භොග ව්‍යසනය,  රොග ව්‍යසනය,  ශීල ව්‍යසනය,  දිට්ඨි ව්‍යසනය,   යනුයි.  මෙය පංච ව්‍යසනයෝයයි කියනු ලැබේ.

220. එහි පස් නොඉවසීම් ආදීනවයෝ කවරහුද?   බොහෝ ජනයාට අප්‍රියවූයේ වෙයි.   අමනාපවූයේ,  වෛර බහුලවූයේ,  සිහි මුළාව කාලක්‍රියා කරයි.   ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නපුරු ගති ඇති,  නපුරු සේ වැටෙන,  සැපයෙන් තොර,  නරකයෙහි උපදියි.   මෙය පස් නොඉවසීම් ආදීනවයෝයයි කියනු ලැබේ.

221. එහි පංච භය කවරහුද?   ජීවිත වෘත්තිය පිළිබඳ භය,  නින්දා භය,  කළ පව් ඇති පුද්ගලයා රැස්වූ පිරිසට පැමිණිවිට ඇතිවන සාරජ්ජ භය,  මරණ භය,  දුර්ගති භය යනුයි. මෙය පංච භයයයි කියනු ලැබේ.

222. එහි පංච දිට්ඨ ධම්ම නිබ්බාණ වාදයෝ කවරහුද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් මෙසේ කියන්නේ වෙයි.   මෙසේ දෘෂ්ටි ඇත්තේ වෙයි.   එනම්,  ´´පින්වත්නි,  යම් හෙයකින් මේ ආත්මය පඤ්චකාම ගුණයන්ගෙන් සම්පූර්‍ණවූයේ,  යුක්තවුයේ,  පිරිවරයි.   පින්වත්නි,  මෙපමණකින් මේ අනාත්මය පරම දිට්ඨ ධම්ම නිබ්බාණයට පැමිණියේ වේය´´ කියායි.   මෙසේ ඇතැමෙක් විද්‍යමානවූම සත්ත්‍වයාට පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේ වේය කියයි.   අනිකෙක් ඔහුට මෙසේ කිය.   ´´පින්වත,  මේ ආත්මය ඇතැයි ඔබ යමක් කීයෙහිද,  මෙය නොවේ.   නැතැයි කියමි.  පින්වත, මේ ආත්මය මෙපමණකින් පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේ නොවේමය.   එයට හේතු කවරේද?   පින්වත,  කාමයෝ වනාහි අනිත්‍යයෝය.   දුක්ඛයෝය.   පරිණාම ධර්‍මයෝය.   ඔවුන්ගේ පරිණාමයෙන්,  වෙනස් වීමෙන්,  ශොක,  පරිදෙව,  දුක්ඛ, දොමනස්ස, උපායාසයෝ  උපදිත්.´´

´´පින්වත,  යම් හෙයකින් මේ අහෝමය කාමයන්ගෙන් වෙන්ව -පෙ- ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   පින්වත, පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේ වේය´´ යි මෙසේ කෙනෙක් විද්‍යමානවූම සත්ත්‍වයාට පරම දිට්ඨ ධමම නිබ්බාණය පණවත්.   ඔහුට අනිකෙක් මෙසේ කිය.   ´´පින්වත,  මේ ආත්මය ඇතැයි ඔබ යමක් කීයෙහිද?   මෙය නැතැයි කියමි.   මේ ආත්මය මෙපමණකින් පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේ නොවේමය.   එයට හේතු කවරේද?   යමක් එහි විතක්කිතද,  විචාරිතද,  ඒ කරුණින්ම මෙය ඔලාරිකයයි කියයි.   පින්වත,  යම් හෙයකින්,  මේ ආත්මය විතක්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ- දුතියජ්ඣානයට පැමිණ වාසය කරයි.   පින්වත,  මෙපමණකින් මේ ආත්මය පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණේය´´ කියායි.   මෙසේ කෙනෙක් විද්‍යමාණවූම සත්ත්‍වයාට පරම දිට්ඨ ධමම නිබ්බාණය පණවත්.   අනිකක් ඔහුට මෙසේ කීය.   ´´පින්වත,  මේ ආත්මය ඇතැයි ඔබ යමක් කීයෙහිද,  මෙය නැතැයි කියමි.   පින්වත,  මේ ආත්මය නොවේමය.   මෙපමණකින් පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේ වෙයි.´´

´´පින්වත,  යම් හෙයකින් මේ ආත්ම ප්‍රීතියගේ වෙන්වීමෙන් -පෙ- තතියජ්ඣානයට පැමිණ වාසය කරයි.   පින්වත,  මෙපමණකින් මේ ආත්මය පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේය´´ කියායි. මෙසේ කෙනෙක් විද්‍යමානවූම සත්ත්‍වයාට පරම දිට්ඨ ධමම නිබ්බාණය පණවත්.   ඔහුට අනිකෙක් මෙසේ කීය.   ´´පින්වත,  ඔබ මේ ආත්මය ඇතැයි යමක් කීයෙහිද,  මෙය නොවේ.   නැතැයි කියමි.   පින්වත,  මේ ආත්මය මෙපමණකින් පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේ නොවෙයි.   එයට හේතු කවරේද?   එහි සුඛ,  පීති,  චිත්තයාගේ ආභොගය යන යමක් ඇත්නම් එයින් මේ ඔලාරිකය කියයි.   පින්වත,  යම් හෙයකින් මේ ආත්මය සුඛයාගේ ප්‍රහාණයෙන් -පෙ- සතරවන ධ්‍යානට පැමිණ වාසය කරයිද,  පින්වත,  මෙපමණකින් මේ ආත්මය පරම දිට්ඨ ධමම නිබ්බාණයට පැමිණියේ වෙයි.´´ මෙසේ කෙනෙක් විද්‍යමානවූම සත්ත්‍වයාට පරම දිට්ඨ ධමම නිබ්බාණය පණවත්.    මේ දිට්ඨ ධමම නිබ්බාණ පසයයි කියනු ලැබේ.

ඡක්කය.

223. එහි විවාද මූල සය කවරහුද?   ක්‍රොධය,  ගුණමකුකම,  ඉස්සාව,  කෛරාටිකබව,  ක්‍රොධාදී වශයෙන් ගත් මගම ගැනීම (සන්‍දිට්ඨි පරාමාසය) යනුයි.    මේ විවාද මූල සයයයි කියනු ලැබේ.

224. එහි ඡන්‍ද රාග සය කවරහුද?   ඡන්‍දරාගයෝ නම් ලෞකික දෙය හා සම්බන්‍ධ ධර්‍මයෝයි.   මනාපවූ රූපයන්හි ලෞකික රාගය,  සාරාගය,  චිත්තයාගේ බලවත් ඇල්ම, මනාපවූ ශබ්දයන්හි,  -පෙ- මනාපවූ ගන්‍ධයන්හි,  -පෙ-  මනාපවූ රසයන්හි, -පෙ-  මනාපවූ ස්පර්‍ශයන්හි,  -පෙ-  මනාපවූ ධර්‍මයන්හි, ලෞකික රාගය,  සාරාගය,  චිත්තයාගේ බලවත් ඇල්ම,    මේ ඡන්‍දරාග සය යයි කියනු ලැබේ.

225. එහි විරෝධ වස්තු සය කවරහුද?   අමනාපවූ රූපයන්හි චිත්තයාගේ ක්‍රොධය,  පටිඝාතය,  චණ්ඩික්කය,  අස්සුරොපය,  චිත්තයාගේ නොසතුටු බව යනුයි.   අමනාපවූ ශබ්දයන්හි -පෙ- අමනාපවූ ගන්‍ධයන්හි -පෙ- අමනාපවූ රසයන්හි  -පෙ- අමනාපවූ ස්පර්‍ශයන්හි -පෙ- අමනාපවූ ධර්‍මයන්හි චිත්තයාගේ ක්‍රොධය,  පටිඝාතය,  චණ්ඩික්කය,  අස්සුරොපය,  චිත්තයාගේ නොසතුටුබව යනුයි.   මේ විරොධ වස්තු සයයයි කියනු ලැබේ.

226. එහි සවැදෑරුම් තෘෂ්ණා කායයෝ කවරහුද?   රූප තණ්හා,  සද්ද තණ්හා,  ගන්‍ධ තණ්හා,  රස තණ්හා,  ඵොට්ඨබ්බ තණ්හා,  ධම්ම තණ්හා, යනුයි.   මේ සවැදෑරුම් තණ්හා කායයෝයයි කියනු ලැබේ.

227. එහි අගෞරවයෝ සය කවරහුද?   ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරවවූයේ,  මහත් පැවතුම් නැත්තේ වාසය කරයි.   ධර්‍මයෙහි අගෞරවවූයේ,  මහත් පැවතුම් නැත්තේ වාසය කරයි.   සංඝයා කෙරෙහි අගෞරවවූයේ,  මහත් පැවතුම් නැත්තේ වාසය කරයි.   ශික්‍ෂාව කෙරෙහි අගෞරවවූයේ,  මහත් පැවතුම් නැත්තේ වාසය කරයි.   අප්‍රමාදයෙහි අගෞරවවූයේ,  මහත් පැවතුම් නැත්තේ වාසය කරයි.   පිළිසඳරෙහි අගෞරවවූයේ,  මහත් පැවතුම් නැත්තේ වාසය කරයි. මේ අගෞරවයෝ සයයයි කියනු ලැබේ.

228. එහි පරිහානිය ධර්‍ම සය කවරහුද?   කාම්මාරාමතාව (නව කර්‍මාදියෙහිම ඇලී සිටිම),  භස්සාරාමතාව (පහත් කථාවල ඇලී ගැලී සිටිම),  නිද්දාරාමතාව (නිදීමෙහි ඇලී ගැලී සිටීම),  සංගනිකාරාමතාව (සමූහය හා එක්ව සිටීම),  සංසග්ගරාමතාව (ශ්‍රමණ සංසාර්‍ගාදියෙහි යෙදී සිටීම),     පපංචාරාමතාව (තෘෂ්ණා මාන දෘෂ්ටීන්හි යෙදීම) යනුයි.    මේ පරිහානිය ධර්‍ම සයයයි කියනු ලැබේ.

229. එහි සෙසුද පරිහානිය ධර්‍ම සය කවරහුද?   කම්මාරාමතාව,  භස්සාරාමතාව,   නිද්දාරාමතාව,  සංගානිකාරාමතාව,   දොවචස්සතාව (අකීකරුබව),     පාපමිත්තතාව (පවිටු මිතුරන් ආශ්‍රය කිරීම) යනුයි.    මේ සෙසුද පරිහානිය ධර්‍ම සයයයි කියනු ලැබේ.

230. එහි සොමනස්සුපවිචාර සය කවරහුද?   ඇසින් රූපය දැක සොම්නසට හේතුවූ රූපය පරීක්‍ෂාකර බලයි.   කණින් ශබ්දය අසා -පෙ- ශබ්දය පරීක්‍ෂාකර බලයි.   නාසයෙන් ගන්‍ධය ආඝ්‍රාණයකොට -පෙ- ගන්‍ධය පරීක්‍ෂාකර බලයි.   දිවින් රසය විඳ -පෙ- රසය පරීක්‍ෂාකර බලයි.   කයින් ස්පර්‍ශය කොට -පෙ- ස්පර්‍ශය පරීක්‍ෂාකර බලයි.   සිතින් ධර්‍මය දැන සොම්නසට හේතුවූ ධර්‍මය පරීක්‍ෂාකර බලයි. මේ සොමනස්සුපවිචාර සයයයි කියනු ලැබේ.

231. එහි දොමනස්සුපවිචාර සය කවරහුද?   ඇසින් රූපය දැක දොම්නසට හේතුවූ රූපය පරීක්‍ෂාකර බලයි.   කණින් ශබ්දය අසා -පෙ-    නාසයෙන් ගන්‍ධය ආඝ්‍රාණයකොට -පෙ-    දිවින් රසය විඳ -පෙ-    කයින් ස්පර්‍ශය කොට -පෙ-    සිතින් ධර්‍මය දැන දොම්නසට හේතුවූ ධර්‍මය පරීක්‍ෂාකර බලයි.    මේ දොමනස්සුපවිචාර සයයයි කියනු ලැබේ.

232. එහි උපෙක්ඛුපවිචාර සය කවරහුද?   ඇසින් රූපය දැක උපෙක්‍ෂාවට හේතුවූ රූපය පරීක්‍ෂාකරයි.   කණින් ශබ්දය අසා -පෙ-    නාසයෙන් ගන්‍ධය ආඝ්‍රාණයකොට -පෙ-    දිවින් රසය විඳ -පෙ-    කයින් ස්පර්‍ශය කොට -පෙ-    සිතින් ධර්‍මය දැන උපෙක්‍ෂා කටයුතු ධර්‍මය පරීක්‍ෂාකර බලයි.    මේ උපෙක්ඛුපවිචාර සයයයි කියනු ලැබේ.

233. එහි ලෞකික දෙය හා මිශ්‍රවූ සොම්නස් සය කවරහුද?   මන වඩන්නාවූ රූපයන්හි ලෞකික දෙය හා මිශ්‍රවූ,  සිහිල්වූ චෛතසිකය,  සැපවූ චෛතසිකය,  සිත හා ස්පර්‍ශයෙන් උපන් සාතවූ,  සුඛවූ,  වෙදයිතවූ,  සිත හා ස්පර්‍ශයෙන් උපන් සාතවූ, සුඛවූ වේදනාවෝයි.   මන වඩන්නාවූ ශබ්දයන්හි -පෙ- මන වඩන්නාවූ ගන්‍ධයන්හි -පෙ- මන වඩන්නාවූ රසයන්හි -පෙ- මන වඩන්නාවූ ස්පර්‍ශයන්හි -පෙ- මන වඩන්නාවූ ධර්‍මයන්හි -පෙ- මේ ලෞකික දෙය හා මිශ්‍රවූ සොම්නස් සයයයි කියනු ලැබේ.

234. එහි ලෞකික දෙය හා මිශ්‍රවූ දොම්නස් සය කවරහුද?   අමනාපවූ රූපයන්හි ලෞකික දෙය හා මිශ්‍රවූ,  සිහිල් නොවූ චෛතසිකය,  දුක්වූ චෛතසිකය,  සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ,  දුක්වූ,  වෙදයිතවූ,  සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ, දුක්වූ වේදනාවෝයි. අමනාපවූ ශබ්දයන්හි -පෙ- අමනාපවූ ගන්‍ධයන්හි -පෙ- අමනාපවූ රසයන්හි -පෙ- අමනාපවූ ස්පර්‍ශයන්හි -පෙ- අමනාපවූ  ධර්‍මයන්හි -පෙ- මේ ලෞකික දෙය හා මිශ්‍රවූ දොම්නස් සයයයි කියනු ලැබේ.

233. එහි ලෞකික දෙය හා මිශ්‍රවූ උපෙක්‍ෂා සය කවරහුද? උපෙක්‍ෂා කටයුතු රූපයන්හි ලෞකික දෙය හා මිශ්‍රවූ,  සිහිල් නොවූ අසාත නොවූ, සිත හා ස්පර්‍ශයෙන් උපන් අදුක්ඛවූ,  අසුඛවූ,  වෙදයිතවූ,  චෛතසිකයයි.   සිත හා ස්පර්‍ශයෙන් උපන් අදුක්ඛවූ, අසුඛවූ වේදනාවෝයි.   උපෙක්‍ෂා කටයුතු ශබ්දයන්හි -පෙ- උපෙක්‍ෂා කටයුතු ගන්‍ධයන්හි -පෙ- උපෙක්‍ෂා කටයුතු  රසයන්හි -පෙ- උපෙක්‍ෂා කටයුතු ස්පර්‍ශයන්හි -පෙ- උපෙක්‍ෂා කටයුතු ධර්‍මයන්හි -පෙ- මේ ලෞකික දෙය හා මිශ්‍රවූ උපෙක්‍ෂා සය යයි කියනු ලැබේ.

236. එහි දෘෂ්ටීහු සයදෙන කවරහුද?   මට ආත්මය ඇතැයි හෝ,  ඔහුට සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.    මට ආත්මය නැතැයි හෝ,  ඔහුට සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.    මේ ආත්මය විසින් මේ ආත්මය හඳුනමියි,  ඔහුට සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.     ආත්මය විසින්  අනාත්මය හඳුනමියි හෝ,  ඔහුට සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.    අනාත්මය විසින් ආත්මය හඳුනමියි,  ඔහුට සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.   නැවතද ඔහුට මෙසේ දෘෂ්ටියක් උපදියි.   හෙතෙම මේ කරුණෙහි මේ ආත්මය කියන්නේ, ප්‍රකාශ කරන්නේ, ඒ ඒ තන්හි දිගු කලක් කුශලාකුශල කර්‍මයන්ගේ විපාකය විඳියි.   හෙතෙම නූපන්නේ අතීතයෙහි නොවිය.   හෙතම නූපන්නේ අනාගතයෙහි නොවන්නේය.   නිත්‍ය වූයේ,  ස්ථීරවූයේ, හැමදා සිටින්නේ,  වෙනස් නොවන ධර්ම ඇත්තේයයි ඔහුට සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් දෘෂ්ටිය උපදියි.    මේ දෘෂ්ටීහු සයදෙන යයි කියනු ලැබේ.

සත්තකය.

237. එහි අනුසයයෝ සත් දෙන කවරහුද?   කාමරාගානුසය,  පටිඝානුසය,  මානානුසය,  දිට්ඨානුසය,  විචිකිච්ඡානුසය,  භවරාගානුසය,  අවිජ්ජානුසය, යනුයි.     මේ අනුසයයෝ සත් දෙන යයි කියනු ලැබේ.

238. එහි සංයෝජන සත කවරහුද?   කාමරාග සංයෝජනය,  පටිඝ සංයෝජනය,  මාන සංයෝජනය,  දිට්ඨි සංයෝජනය,  විචිකිච්ඡා සංයෝජනය,  භවරාග සංයෝජනය,  අවිජ්ජා සංයෝජනය, යනුයි.   මේ සංයෝජන සත යයි කියනු ලැබේ.

239. එහි සත්ත පරියුට්ඨානයෝ (මැඩගෙන සිටින්නෝ) කවරහුද? කාමරාග පරියුට්ඨානය,  පටිඝ පරියුට්ඨානය,  මාන පරියුට්ඨානය,  දිට්ඨි පරියුට්ඨානය,  විචිකිච්ඡා පරියුට්ඨානය,  භවරාග පරියුට්ඨානය,  අවිජ්ජා පරියුට්ඨානය, යනුයි.   මේ සත්ත පරියුට්ඨානයෝ යයි කියනු ලැබේ.

240. එහි අසද්ධර්‍ම සත කවරහුද?   අශ්‍රද්ධාවත් වූයේ වෙයි.   පවට ලජ්ජා නැත්තේ වෙයි.   පවට බිය නැත්තේ වෙයි.   අල්පශ්‍රුත වූයේ වෙයි.   කුසීත වූයේ වෙයි.   සිහිමුලා වූයේ වෙයි.   මෝඩ වූයේ වෙයි.   මේ අසද්ධර්‍ම සත යයි කියනු ලැබේ.

241. එහි දුශ්චරිත සත කවරහුද?   පාණාතිපාතය,  අදින්නාදානය,  කාමෙසු මිච්ඡාචාරය,  මුසාවාදය,  පිසුනාවාචාව,  ඵරුෂා වාචාව,  සම්ඵප්පලාපය යනුයි.   මේ දුශ්චරිත සත යයි කියනු ලැබේ.

242. එහි මානයෝ සත කවරහුද?   මානය,  අතිමානය,  මානාතිමානය,  ඔමානය,  අධිමානය,  අස්මිමානය,  මිච්ඡාමානය යන මොවුහු සත්තා මානයෝයි.  මේ මානයෝ සත යයි කියනු ලැබේ.

243. සප්ත දෘෂ්ටීහු කවරහුද?   නොදැකි දෙයෙහි දැක්කේයයි කීම,  නොඇසූ දෙයෙහි ඇසුවේයයි කීම,   අමුතයෙහි මුතයයි කීම,  නොදන්නා දෙය දන්නේයයි කීම,   මෙය සප්ත දෘෂ්ටීහුයයි කියනු ලැබේ.

අට්ඨකය.

244. එහි අෂ්ට ක්ලේශ වස්තූහු කවරේද?   ලොභය,  ෙවෂය,  මොහය,  මානය,  දිට්ඨිය,  විචිකිච්ඡාව,  ථීනය,  උද්ධච්චය යනුයි.    මේ අෂ්ට ක්ලේශ වස්තූහු යයි කියනු ලැබේ.

245. එහි කුසීත වස්තු අට කවරහුද?   මේ ශාසනයෙහි භික්‍ෂුව විසින් සිවුරු සෙවීම්  ආදී වැඩ කටයුතු වෙයි.   ඔහුට මේ අදහස වෙයි.  ´´ම විසින් වැඩ කටයුතු වන්නේය.   වැඩ කරන්නාවූ මගේ කය ක්ලාන්ත වන්නේය.   එසේ හෙයින් මම වැදහොමි´´ යි කියායි.   හෙතෙම වැදහොවියි.   නොපැමුණුන දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ කළයුත්ත ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ පළමුවෙනි කුසීත වස්තුවයි.

246. නැවතද භික්‍ෂුව විසින් වැඩ කරණ ලද්දේ වෙයි.   ඔහුට මේ අදහස වෙයි.  ´´මම වනාහි වැඩ කළෙමි.   වැඩ කරන්නාවූ මාගේ කය ක්ලාන්ත විය.   එසේ හෙයින් මම වැදහොවිමි´´ යි    හෙතෙම වැදහොවියි.   නොපැමුණුන දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ කළයුත්ත ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ දෙවෙනි කුසීත වස්තුවයි.

247. නැවතද භික්‍ෂුව විසින් මාර්‍ගයට යා යුත්තේ වෙයි.   ඔහුට මේ අදහස වෙයි.  ´´ම විසින් මාර්ගයට යා යුතු වන්නේය.   මාර්‍ගයට යන්නාවූ මාගේ කය ක්ලාන්ත වන්නේය.   එසේ හෙයින් මම වැදහොවිමි´´ යි කියායි.  හෙතෙම වැදහොවියි.   නොපැමුණුන දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ නොකළ දෙය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ තුන්වන කුසීත වස්තුවයි.

248. නැවතද භික්‍ෂුව විසින් මාර්‍ගයෙහි යන ලද්දේ වෙයි.   ඔහුට මේ අදහස වෙයි.  ´´මම වනාහි මාර්‍ගයෙහි ගියෙමි.   මාර්‍ගයෙහි යන්නාවූ මාගේ කය ක්ලාන්ත විය.   එසේ හෙයින් මම වැදහොවිමි´´ යි    හෙතෙම වැදහොවියි.   නොපැමුණි දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ නොකළ දෙය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ සතරවන කුසීත වස්තුවයි.

249. නැවතද මහණ තෙම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස හැසිරෙන්නේ,  රූක්‍ෂවූ හෝ,  ප්‍රණීතවූ හෝ භොජනයාගේ ඇතිතාක් සම්පූර්‍ණවීම නොලබයි.   ඔහුට මේ අදහස වෙයි.  ´´මම වනාහි ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස හැසිරෙන්නේ රූක්‍ෂවූ හෝ,  ප්‍රණීතවූ හෝ,  භෝජනයාගේ ඇතිතාක් සම්පූර්‍ණවීම නොලැබීමි.    ඒ මාගේ කය ක්ලාන්තය,  අකර්‍මන්‍යය,  එබැවින් මම වැදහොවිමි´´ යි    හෙතෙම වැදහොවියි.   නොපැමිණි දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ නොකළ දෙය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ පස්වන කුසීත වස්තුවයි.

250. නැවතද භික්‍ෂුතෙම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස හැසිරෙන්නේ,  රූක්‍ෂවූ හෝ,  ප්‍රණීතවූ හෝ භොජනයාගේ ඇතිතාක් සම්පූර්‍ණවීම ලබයි.   ඔහුට මේ අදහස වෙයි.  ´´මම වනාහි ගමට හෝ නියම් ගමට හෝ පිණ්ඩාය හැසිරෙන්නේ රූක්‍ෂවූ හෝ,  ප්‍රණීතවූ හෝ,  භෝජනයාගේ සම්පූර්‍ණ බව ලැබීමි.    ඒ මාගේ කය වැඩට අයොග්‍යවූයේ,  තෙමුණු මෑ ඇට මෙන් බරවූයේයයි හඟිමි.   එබැවින් මම වැදහොවිමි´´ යි    හෙතෙම වැදහොවියි.   නොපැමිණි දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ නොකළ දෙය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ සයවන කුසීත වස්තුවයි.

නැවත භික්‍ෂුවට ස්වල්ප මාත්‍ර ආබාධයක් උපන්නේ වෙයි.    ඔහුට මේ අදහස වෙයි.  ´´මට මේ ස්වල්ප මාත්‍ර ආබාධයක් උපන්නේ වෙයි.   වැද හෙවීමට සුදුසු වූයේ වෙයි.   එසේ හෙයින් මම වැද හොවිමි´´ යි    හෙතෙම වැදහොවියි.   නොපැමිණි දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ නොකළ දෙය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ සත්වන කුසීත වස්තුවයි.

251. නැවතද භික්‍ෂුතෙමේ ගිලන්ව වැඩි කලක් නොසිටියේ ගිලන් කමින් නැගිටියේ වෙයි.   ඔහුට මේ අදහස වෙයි.  ´´මම ගිලන්ව වැඩි කලක් නොසිටියේ,  ගිලන් කමින් නැගිටියේ වෙමි.   ඒ මාගේ කය දුබලය.   වැඩට අයොග්‍යය.   එසේ හෙයින්  මම වැදහොවිමි´´ යි    හෙතෙම වැදහොවියි.   නොපැමිණි දෙයට පැමිණීමෙහි,  නොලැබූ දෙය ලැබීමෙහි,  ප්‍රත්‍යක්‍ෂ නොකළ දෙය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි,  වීය්‍ර්‍යය පටන් නොගනියි.   මේ අටවන කුසීත වස්තුවයි.  මේ කුසීත වස්තු අට වෙති.

252. එහි අෂ්ට ලෝක ධර්මයන්හි චිත්තයාගේ දොම්නස් වශයෙන් උපන් විරොධය කවරේද?   ලාභයෙහි බලවත් ඇල්ම,  අලාභයෙහි දොම්නස් වශයෙන් විරොධය,  කීර්තියෙහි බලවත් ඇල්ම,  අපකීර්තියෙහි දොම්නස් වශයෙන් විරෝධය, ප්‍ර.ශංසාවෙහි බලවත් ඇල්ම,  නින්‍දාවෙහි දොම්නස් වශයෙන් විරෝධය,  සැපතෙහි බලවත් ඇත්ම,  දුකෙහි දොම්නස් වශයෙන් විරෝධය,  මේ අෂ්ට ලෝක ධර්මයන්හි චිත්තයාගේ දොම්නස් වශයෙන් උපන් විරෝධය වේ.

253. එහි අට වැදෑරුම් අනරිය වොහාරයෝ කවරහුද?   මෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ,  බ්‍රාහ්මණයෙක් හෝ,  කාමයන්හි දොෂයක් නැතැයි මෙසේ කියන්නේ වෙයි.   මෙසේ දෘෂ්ටිය ඇත්තේ වෙයි.   හෙතෙම කාමයන්හි පරිභොගයට පැමිණෙයි.   මේ අනරිය වොහාර අට වෙති.

254. එහි අට වැදෑරුම් මිච්ඡත්තයෝ කවරහුද?   මිච්ඡාදිට්ඨිය,  මිච්ඡාසංකප්පය,  මිච්ඡාවාචාව,  මිච්ඡාකම්මන්තය,  මිච්ඡාආජීවය,  මිච්ඡාවායාමය,  මිච්ඡාසතිය,  මිච්ඡාසමාධිය යනුයි.   මේ අට වැදෑරුම් මිච්ඡත්තයෝයයි කියනු ලැබේ.

255. එහි අෂ්ට පුරුෂ දෝෂයෝ කවරහුද?   මෙහි භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබත්.   භික්‍ෂූන් විසින් ඒ මහණතෙමේ ඇවතින් චෝදනා කරණු ලබන්නේ ´´සිහි නොකරමි.   සිහිනොකරමි´´යි නැති බැවින්ම නිදහස් වෙයි.  මේ පළමුවැනි පුරුෂ දොෂයයි.

නැවතද, භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබන්නේ චොදකයාටම ප්‍රතිවිරුද්ධව කථාකරත්.

256. ´´බාලවූ,  අව්‍යාකෘතවූ ඔබට යමක් කීමෙන් කවර ප්‍රයෝජනයක්ද?   ඔබද මා කිය යුතු කොට සිතන්නෙහිද?´´   මේ දෙවෙනි පුරිස දොසයයි.   නැවතද, භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබන්නේ,  චොදකයාටම ආපසු ආරොපනය කරත්.   ´´ඔබද මෙබඳු නම් ඇවතකට පැමිණියෙක් වෙහිය.   ඔබ පළමුකොට ප්‍රතිකර්‍ම කරව´´ යි කියායි.   මේ තුන්වෙනි පුරිස දොසයයි.

257. නැවතද, භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබන්නේ,  අනිකකින් අනිකක් පෙන්වා අසුනොවී කථා කරයි.   බාහිර කථාවක් ගෙනහැර දක්වයි.   කෝපයද,  ද්වේශයද,  නොසතුටද පහළ කරයි.   මේ සතරවෙනි පුරුෂ දොෂයයි.

258. නැවතද, භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබන්නේ,  සංඝයා මධ්‍යයෙහි අත් දිගු කරමින් කථාකරයි.   මේ පස්වෙනි පුරුෂ දොෂයයි.

නැවතද, භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබන්නේ,  ´´මම ඇවතකට නොපැමිණියේ වෙමි.   මම නොපැමිණියේ නොවෙමි´´ යි නිශ්ශබ්දවූයේ,  සංඝයා වෙහෙස කරයි.   මේ සයවෙනි පුරුෂ දොෂයයි.

259. නැවතද, භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබන්නේ,  නොපිළිගෙන චොදක සංඝයාට අවමන් කොට ඇවැත් සහිත වූයේම කැමතිසේ බැහැර යයි.   මෙය සත්වැනි පුරුෂ දොෂයයි.

260. නැවතද, භික්‍ෂූහු භික්‍ෂුවකට ඇවතින් චෝදනා කරත්.   භික්‍ෂූන් විසින් ඒ භික්‍ෂු තෙමේ චෝදනා කරණු ලබන්නේ,  ´´කුමක් හෙයින් තෙපි මා කෙරෙහි දැඩිසේ නියුක්ත වෙහිද?   දැන්මම ශික්‍ෂාව බැහැරකොට ගිහි වන්නෙමි´´ යි කියායි.   හෙතෙම ශික්‍ෂාව බැහැරකොට,  ගිහි බවට පැමිණ,  මෙසේ කීය.   ´´ආයුෂ්මතුනි,  දැන්වත් තෙපි සතුටුවව්´´ යයි කියායි.   මේ අටවන පුරුෂ දොෂයයි.   මේ පුරුෂ දොෂ අට වෙති.

261. එහි අට වැදෑරුම් අසඤ්ඤීවාදියෝ කවරහුද?   රූපවත්වූයේ,  මරණින් මතු නිරෝගීවූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට අසඤ්ඤීයයි පණවත්.   අරූපවත්වූයේ  -පෙ- රූපවත්වූයේද, අරූපවත්වූයේද  -පෙ- රූපී නොවූයේ,  අරූපී නොවූයේ -පෙ- රූපවත්වූයේ,  මරණින් මතු නිරෝගීවූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට අසඤ්ඤීයයි පණවත්.   අනන්තවත් වූයේ,  මරණින් මතු අරෝග වූයේ, ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට අසඤ්ඤීයයි පණවත්.   අන්තවත් නොවූයේ,  අනන්තවත් නොවූයේ,  මරණින් මතු අරොග වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට අසඤ්ඤීයයි පණවත්.    මේ අට වැදෑරුම් අසඤ්ඤීවාදයෝ යයි කියනු ලැබේ.

262. එහි අට වැදෑරුම් නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදයෝ කවරහුද? රූපවත්වූයේ,  මරණින් මතු අරොගවත් වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට නෙවසඤ්ඤීනාසඤ්ඤී යයි පණවත්.   අරූපවත්වූයේ මරණින් මතු අරොගවත් වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට නෙවසඤ්ඤීනාසඤ්ඤී යයි පණවත්.    රූපවත්වූයේද, අරූපවත්වූයේද මරණින් මතු අරොගවත් වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට නෙවසඤ්ඤීනාසඤ්ඤී යයි පණවත්.    අන්තවත් වූයේ, මරණින් මතු අරොගවත් වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට නෙවසඤ්ඤීනාසඤ්ඤී යයි පණවත්.    අනන්තවත් වූයේ, මරණින් මතු අරොගවත් වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට නෙවසඤ්ඤීනාසඤ්ඤී යයි පණවත්.    අන්තවත් වූයේද,  අනන්තවත් වූයේද, මරණින් මතු අරොගවත් වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට නෙවසඤ්ඤීනාසඤ්ඤී යයි පණවත්.    අන්තවත් නොවූයේ,  අනන්තවත් නොවූයේ, මරණින් මතු අරොගවත් වූයේ,  ආත්මය ඇත්තේ වෙයි.   ඔහුට නෙවසඤ්ඤීනාසඤ්ඤී යයි පණවත්.    මේ නෙවසඤ්ඤීනාසඤ්ඤී වාද අට වෙති.

නවකය.
 
263. එහි නව ආඝාත වස්තූහු කවරහුද?   ´´මට අනත්‍ර්‍ථය පිණිස හැසුරුණේය´´ යි ක්‍රෝධය උපදියි.    ´´මට අනත්‍ර්‍ථය පිණිස හැසිරේය´´ යි ක්‍රෝධය උපදියි.   ´´මට අනත්‍ර්‍ථය පිණිස හැසිරෙන්නේය´´ යි ක්‍රෝධය උපදියි.   ´´මාගේ ප්‍රිය මනාපයාට අනත්‍ර්‍ථය පිණිස හැසුරුණේය´´ යි ක්‍රෝධය උපදියි.   ´´මාගේ ප්‍රිය මනාපයාට අනත්‍ර්‍ථය පිණිස හැසිරේය´´ යි ක්‍රෝධය උපදියි.   ´´මාගේ ප්‍රිය මනාපයාට අනත්‍ර්‍ථය පිණිස හැසිරෙන්නේය´´ යි ක්‍රෝධය උපදියි.   ´´මාගේ අප්‍රිය අමනාපයාට වැඩ පිණිස හැසිරෙයි,  හැසුරුණේය, හැසිරෙන්නේය´´ යි ක්‍රෝධය උපදියි.    මේ නව ආඝාත වස්තූහු යයි කියනු ලැබේ.

264. එහි නව පුරුෂමලයෝ කවරහුද?   ක්‍රෝධය,  මක්ඛය,  ඉස්සාව,  මච්ඡරිය,  මායාව,  සාඨෙය්‍යය,  මුසාවාදය,  පාපිච්ඡතාව,  මිච්ඡාදිට්ඨිය යනුයි.    මේ නව පුරුෂ මලයෝ යයි කියනු ලැබේ. මානය,   ශ්‍රෙෂ්ඨයාට හීන වෙමියි මානය,  සමානයාට ශ්‍රේෂ්ඨ වෙමියි මානය,  සමානයාට සමාන වෙමියි මානය,  සමාන
265. එහි නවවිධ මානයෝ කවරහුද?   ශ්‍රෙෂ්ඨයාට ශ්‍රෙෂ්ඨ වෙමියි මානය,   ශ්‍රෙෂ්ඨයාට සමාන වෙමියි යාට හීන වෙමියි මානය,   හීනයාට ශ්‍රේෂ්ඨ වෙමියි මානය,  හීනයාට සමාන වෙමියි මානය,  හීනයාට හීන වෙමියි මානය යනුයි.   මේ නවවිධ මානයෝ යයි කියනු ලැබේ.

266. එහි නව තෘෂ්ණා මූලක ධර්මයෝ කවරහුද?   තෘෂ්ණාව නිසා සෙවීම,  සෙවීම නිසා ලාභය,  ලාභය නිසා විනිශ්චය,  විනිශ්චය නිසා ඡන්‍දරාගය,  ඡන්‍දරාගය නිසා බලවත් ඇල්ම,   බලවත් ඇල්ම නිසා අයිතිකර ගැන්ම,   අයිතිකර ගැන්ම නිසා මසුරුකම,  මසුරුකම නිසා ආරක්‍ෂා කිරීම,  ආරක්‍ෂාව පිණිස දඬු ආදිය ගැන්ම,  ආයුධ ගැණීම,  කලහ,  විග්‍රහ,  විවාදතා,  තෝ යයි අගෞරව වචන කෙළම,  මුසාවාදය,  යන නොයෙක් ලාමක අකුසල ධර්‍මයෝ ඇති වෙත්. මේ නව තෘෂ්ණා මූලක ධර්මයෝ යයි කියනු ලැබේ.

267. එහි ඉඤ්ජිත නමැති නව මානයෝ කවරහුද?   වෙමියි මෙය ඉඤ්ජිතයකි.   මම වෙමියි මෙය ඉඤ්ජිතයකි.   මෙය මම වෙමියි මෙය ඉඤ්ජිතයකි.   වන්නාහයි මෙය වෙමියි මෙය ඉඤ්ජිතයකි.   රූපී වූවෝ වන්නාහයි මෙය ඉඤ්ජිත යෙකි.   අරූපී වූවෝ වන්නාහයි මෙය ඉඤ්ජිත යෙකි.    සඤ්ඤී වූවෝ වන්නාහයි මෙය ඉඤ්ජිත යෙකි.   අසඤ්ඤී වූවෝ වන්නාහයි මෙය ඉඤ්ජිත යෙකි.    නෙවසඤ්ඤීනාසඤ්ඤී වූවෝ වන්නාහයි මෙය ඉඤ්ජිත යෙකි.    මේ ඉඤ්ජිත නමැති නව මානයෝ යයි කියනු ලැබේ.

268. එහි නව මඤ්ඤිතයෝ කවරහුද?   නව වන්‍දිතයෝ කවරහුද?   නව පපඤ්චිතයෝ කවරහුද?   නව සංඛතයෝ කවරහුද?   ඉඤ්ජිත,  මඤ්ඤිත,  ඵන්‍දිත,  පපඤ්චිත යනුද මේ සංඛත යන්න සේමය.   වෙමියි මෙය සංඛතයකි.   මම වෙමියි මෙය සංඛතයකි.   මෙය මම වෙමියි මෙය සංඛතයකි.   වන්නාහයි මෙය සංඛතයකි.   රූපීවූවෝ වන්නාහයි මෙය සංඛතයකි.   අරූපී වූවෝ වන්නාහයි මෙය සංඛතයකි.    සඤ්ඤී වූවෝ වන්නාහයි මෙය සංඛතයකි.   අසඤ්ඤී වූවෝ වන්නාහයි මෙය සංඛතයකි.   මෙය නව සංඛතයෝයි.

දසකය.

269. එහි දශ ක්ලේශ වස්තූහු කවරහුද?   ලෝභය,  දෝසය,  මෝහය,  මානය,  දිට්ඨිය,  විචිකිච්ඡාව,  ඵීනය,  උද්ධච්චය,  අහිරිකය,  අනොත්තප්පය යනුයි.    මේ දශ ක්ලේශ වස්තූහු යයි කියනු ලැබේ.

270. එහි ආඝාත වස්තූහු කවරහුද?   -පෙ- අස්ථානයෙහි හෝ ක්‍රෝධය උපදියි.

271. එහි දශ අකුශල කර්‍ම පථයෝ කවරහුද?   පාණාතිපාතය,  අදින්නාදානය,  කාමෙසු මිච්ඡාචාරය,  මුසාවාදය,  පිසුනාවාචාව,  ඵරුෂාවාචාව,  සම්ඵප්පලාපය,  අභිජ්ඣාව,  ව්‍යාපාදය,  මිච්ඡාදිට්ඨිය යනුයි. මේ දශ අකුශල කර්‍ම පථයෝ යයි කියනු ලැබේ.

272. එහි දශ සංයෝජනයෝ කවරහුද?   කාමරාග සංයෝජනය,  දිට්ඨි සංයෝජනය,  විචිකිච්ඡා සංයෝජනය,  සීලබ්බත පරාමාස සංයෝජනය,  භවරාග සංයෝජනය,  ඉස්සා සංයෝජනය,  මච්ඡරිය සංයෝජනය,  අවිජ්ජා සංයෝජනය යනුයි. මේ දශ සංයෝජනයෝ යයි කියනු ලැබේ.

273. එහි දශ මිච්ඡතයෝ කවරහුද?   -පෙ- මිච්ඡා ඥානය,  මිච්ඡා විමුත්තිය යනුයි. මේ දශ මිච්ඡතයෝ යයි කියනු ලැබේ.

274. එහි දස වස්තුක මිච්ඡා දිට්ඨිය කවරේද?   ( අභිධම්ම පිටකයේ 259 පිටුවේ 1220 ඡේදයේ )ස´ යොදන්න. )

275. එහි දස වස්තුකවූ අන්තග්ගාහික දෘෂ්ටිය කවරේද? ලෝකය සාශ්වතය කියා හෝ,  ලෝකය අසාශ්වතය කියා හෝ,  ලෝකය අන්ත ඇත්තේය කියා හෝ,  ලෝකය අනන්ත වූයේය කියා හෝ,  එයම ජීවය,  එයම ශරීරය කියා හෝ,  අනිකක් ජීවය,  අනිකක් ශරීරය කියා හෝ,  සත්ත්‍වයා මරණින් මතු වෙයි කියා හෝ,  සත්ත්‍වයා මරණින් මතු නොවෙයි හෝ කියා හෝ,  මෙසේ භව දෘෂ්ටියෙහි නොවන්නේය යනුයි.   මෙය දශ වස්තුකවූ අත්තග්ගාහික දිට්ඨියයි.

276. එහි ආධ්‍යාත්මික ස්කන්‍ධ පංචකය නිමිතිකොට උපදනා තෘෂ්ණා රැස්කිරීම් දහඅට කවරේද?   ආධ්‍යාත්මික ස්කන්‍ධ පංචකය දැඩිව ගෙන තෘෂ්ණා,  මාන,  දෘෂ්ටි වශයෙන් වෙමියි වෙයි.   මේ ආකාරයෙන් වෙමියි වෙයි.   මෙසේ වෙමියි වෙයි.   අනික් ආකාරයකින් වෙමියි වෙයි.   මෙසේ වන්නාහයි වෙයි. අනික් ආකාරයකින් වන්නාහයි වෙයි.   සාශ්වතයෙක් වෙමියි වෙයි.    අසාශ්වතයෙක් වෙමියි වෙයි.   මේ ආකාරයෙන් වෙමියි වෙයි.   මෙසේ වෙමියි වෙයි.    අනික් ආකාරයකින් වෙමියි වෙයි.   මම වන්නේ නම් යයි වෙයි.   මම මේ ආකාරයෙන් වන්නේ නම් යයි වෙයි.   මම මෙසේ වන්නේ නම් යයි වෙයි.   මම අනික් ආකාරයකින් වන්නේ නම් යයි වෙයි.   කෙසේද වෙමියි වෙයි.   කිසි ධර්‍මයක් සමූහ වශයෙන් ගෙන රූපය,  වේදනාව,  සංඥාව,  සංස්කාරයන්,  විඤ්ඤාණය වෙමියි ඡන්‍දය ලබයි.   වෙමියි මානය ලබයි.   වෙමියි දෘෂ්ටිය ලබයි.   එසේ ඇති කල්හි මේ පපඤ්චිතයෝ වෙත්.   මේ ආකාරයෙන් වෙමියි කියා හෝ අනික් ආකාරයකින් වෙමියි කියා හෝ යනුයි.

277. කෙසේ මේ ආකාරයෙන් වෙමියි වේද?   ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  බ්‍රාහ්මණයෙක් වෙමියි කියා හෝ,  වෛශ්‍යයෙක් වෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  ශුද්‍රයෙක් වෙමියි කියා හෝ,  ගෘහස්ථයෙක් වෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  ප්‍රව්‍රජිතයෙක් වෙමියි කියා හෝ, දෙවියෙක් වෙමියි කියා හෝ,  මනුෂ්‍යයෙක් වෙමියි කියා හෝ,  රූපවත්වූයේ වෙමියි කියා හෝ,  අරූපවත්වූයේ වෙමියි කියා හෝ,  සඤ්ඤීවූයේ වෙමියි කියා හෝ,  නෙවසඤ්ඤීනාසඤ්ඤී වූයේ වෙමියි කියා හෝ,  මෙසේ මේ ආකාරයෙන් වෙමියි වෙයි.

278. කෙසේ මෙසේ වෙමියි වේද?   අන්‍ය පුද්ගලයකු සමානකොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් වෙමියි කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් වෙමියි කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් වෙමියි කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් වෙමියි කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් වෙමියි කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් වෙමියි කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් වෙමියි කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් වෙමියි කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් වෙමියි කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් වෙමියි කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් වෙමියි කියා හෝ,  මෙසේ මෙසේ වෙමියි වෙයි.

279. කෙසේ අනික් ආකාරයක් වෙමියි වේද? ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් නොවෙමී කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් නොවෙමී කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් නොවෙමී කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් නොවෙමී කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් නොවෙමී කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් නොවෙමී කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් නොවෙමී කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් නොවෙමී කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් නොවෙමී කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් නොවෙමී කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් නොවෙමී කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  ඒසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් නොවෙමී කියා හෝ,  මෙසේ අනික් ආකාරයකින් වෙමියි වෙයි.

280. කෙසේ වන්නාහු වේද?   කිසි ධර්‍මයක් එකක් එකක් වශයෙන් නොගෙන (සමූහ වශයෙන් ගෙන) රූපය,  වේදනාව,  සඤ්ඤාව,  සංස්කාරයන්,  විඤ්ඤාණයන් වන්නාහුය.  ඡන්‍දය ලබයි.   වන්නාහුය.   මානය ලබයි.   වන්නාහුය.  දිට්ඨිය ලබයි.   වන්නාහුය.   එහි ඒ පපංච තුන ඇති කල්හි මේ පපංචිතයෝ වෙති.   මේ ආකාරයෙන් වන්නාහුය කියා හෝ මෙසේ වන්නාහුය කියා හෝ යනුයි.

281. කෙසේ මේ ආකාරයෙන් වන්නාහු වේද?   ක්‍ෂත්‍රියයෙක් වන්නේය කියා හෝ,  බ්‍රාහ්මණයෙක් වන්නේය කියා හෝ,  වෛශ්‍යයෙක් වන්නේය කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නේය කියා හෝ,  ශුද්‍රයෙක් වන්නේය කියා හෝ,  ගෘහස්ථයෙක් වන්නේය  කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නේය කියා හෝ,  ප්‍රව්‍රජිතයෙක් වන්නේය කියා හෝ,  දෙවියෙක් වන්නේය කියා හෝ,  මනුෂ්‍යයෙක් වන්නේය කියා හෝ,  රූපවත්වූයේ වන්නේය කියා හෝ,  අරූපවත්වූයේ වන්නේය කියා හෝ,  සඤ්ඤීවූයේ වන්නේය කියා හෝ,  නෙවසඤ්ඤීනාසඤ්ඤී වූයේ වන්නේය කියා හෝ,  මෙසේ මේ ආකාරයෙන් වන්නාහුය කියා වෙයි.

282. කෙසේ වනාහි මෙසේ වන්නාහුය යනු වේද?   අන්‍ය පුද්ගලයකු නිමිතිකොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් වන්නේය කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් වන්නේය කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් වන්නේය කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් වන්නේය කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් වන්නේය කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් වන්නේය කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් වන්නේය කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් වන්නේය කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් වන්නේය කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් වන්නේය කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් වන්නේය කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් වන්නේය කියා හෝ,  මෙසේ වන්නාහුය යනුයි.

283. කෙසේ අනික් ආකාරයක් වන්නාහුය යනු වේද? අන්‍ය පුද්ගලයකු නිමිතිකොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  ඒසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් නොවන්නෙමියි කියා හෝ මෙසේ අනික් ආකාරයකින් වන්නාහුය යනු වෙයි.

284. කෙසේ වනාහි ශාස්වත වූවෙක් වෙමියි වේද?   කිසි ධර්මයක් සමූහ වශයෙන් ගෙන,  රූපය,  වේදනාව,  සඤ්ඤාව සංස්කාරයන් නිත්‍යවූවෙක් වෙමි.   ධ්‍රුව වූවෙක් වෙමි.   සාශ්වත වූවෙක් වෙමි.   වෙනස් නොවන ධර්‍ම ඇත්තෙක් වෙමියි

285. කෙසේ ශාස්වත නුවූවෙක් වෙමියි වේද?   කිසි ධර්මයක් සමූහ වශයෙන් ගෙන,  රූපය,  වේදනාව,  සඤ්ඤාව සංස්කාරයන් විඤ්ඤාණය නැති වන්නෙමි.   විනාශ වන්නෙමි.   නොවන්නෙමියි මෙසේ ශාස්වත නුවූවෙක් වන්නෙමියි වෙයි.

286. කෙසේ වනාහි වන්නෙවෙමියි වේද?   කිසි ධර්මයක් සමූහ වශයෙන් ගෙන,  රූපය,  වේදනාව,  සඤ්ඤාව සංස්කාරයන් විඤ්ඤාණය වන්නෙමියි ඡන්‍දය ලබයි.   වන්නෙමියි මානය ලබයි.   වන්නෙමියි දෘෂ්ටිය එහි තුන් පපංචයන් ඇති කල්හි මේ පපංචිතයෝ වෙත්.   මේ ආකාරයෙන් කියා හෝ මෙසේ වන්නෙමියි කියා හෝ අනික් ආකාරයකින් වන්නෙමියි කියා හෝ වෙයි.

287. කෙසේ මේ ආකාරයෙන් වන්නෙමියි වේද? ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  බ්‍රාහ්මණයෙක් වන්නෙමියි කියා හෝ,  වෛශ්‍යයෙක් වන්නෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  ශුද්‍රයෙක් වන්නෙමියි කියා හෝ,  ගෘහස්ථයෙක් වන්නෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  ප්‍රව්‍රජිතයෙක් වන්නෙමියි කියා හෝ,  දෙවියෙක් වන්නෙමියි කියා හෝ,  මනුෂ්‍යයෙක් වන්නෙමියි කියා හෝ,  රූපවත්වූයේ වන්නෙමියි කියා හෝ,  අරූපවත්වූයේ වන්නෙමියි කියා හෝ,  සඤ්ඤීවූයේ වන්නෙමියි කියා හෝ,  නෙවසඤ්ඤීනාසඤ්ඤී වූයේ වන්නෙමියි කියා හෝ,  මෙසේ අනික් ආකාරයකින් වන්නෙමියි කියා හෝ වෙයි.

288. කෙසේ වනාහි වන්නේ නම් හෝ යනුවේද?  ( මෙහි 276 )ඩස´ යෙදීමේදී ´´වෙමියි´´ වෙනුවට ´´මම වන්නෙම් නම්´´ යයි යොදන්න.)  කෙසේ මේ ආකාරයෙන් වන්නේ නම් හෝ යනුවේද?   ක්‍ෂත්‍රියයෙක් වන්නේ නම් කියා හෝ,  බ්‍රාහ්මණයෙක් වන්නේ නම් කියා හෝ,  වෛශ්‍යයෙක් වන්නේ නම් කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නේ නම් කියා හෝ,  ශුද්‍රයෙක් වන්නේ නම් කියා හෝ,  ගෘහස්ථයෙක් වන්නේ නම් කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නේ නම් කියා හෝ,  ප්‍රව්‍රජිතයෙක් වන්නේ නම් කියා හෝ,
දෙවියෙක් වන්නේ නම් කියා හෝ,  මනුෂ්‍යයෙක් වන්නේ නම් කියා හෝ,  රූපවත්වූයේ වන්නේ නම් කියා හෝ,  අරූපවත්වූයේ වන්නේ නම් කියා හෝ,  සඤ්ඤීවූයේ වන්නේ නම් කියා හෝ,  නෙවසඤ්ඤීනාසඤ්ඤී වූයේ වන්නේ නම් කියා හෝ, මෙසේ මේ ආකාරයෙන් වන්නේ නම් යනුවෙනි.

289. කෙසේ වනාහි මෙසේ වන්නේ නම් යනු වේද?   අන්‍ය පුද්ගලයකු ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් මම වන්නේ නම් හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් මම වන්නේ නම් කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  ඒසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් මම වන්නේ නම් කියා හෝ,  මෙසේ වන්නේ නම් කියා වෙයි.

290. කෙසේ අන් ආකාරයකින් වන්නේ නම් කියා හෝ වේද?   අන්‍ය පුද්ගලයකු සමානකොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් නොවන්නේ නම් කියා හෝ,  මෙසේ මෙසේ නොවන්නේ නම් වෙයි.   අන්‍ය පුද්ගලයකු නිමිති කොට මේ ආධ්‍යාත්මික පංචක්සන්‍ධයන් දැඩිව ගෙන ඇතිවන තෘෂ්ණා රැස්කිරීම් දහ අට වෙති.

291. එහි බාහිර පංචස්කන්‍ධය දැඩිව ගෙන ඇතිවන තෘෂ්ණා රැස්කිරීම් දහඅට කවරහුද? ආධ්‍යාත්මික ස්කන්‍ධ පංචකය දැඩිව ගෙන තෘෂ්ණා,  මාන,  දෘෂ්ටි වශයෙන් වෙමියි වෙයි.   මේ ආකාරයෙන් වෙමියි වෙයි.   මෙසේ වෙමියි වෙයි.   අනික් ආකාරයකින් වෙමියි වෙයි.   මෙසේ වන්නාහයි වෙයි. අනික් ආකාරයකින් වන්නාහයි වෙයි.   සාශ්වතයෙක් වෙමියි වෙයි.    අසාශ්වතයෙක් වෙමියි වෙයි.   මේ ආකාරයෙන් වෙමියි වෙයි.   මෙසේ වෙමියි වෙයි.    අනික් ආකාරයකින් වෙමියි වෙයි.   මම වන්නේ නම් යයි වෙයි.   මම මේ ආකාරයෙන් වන්නේ නම් යයි වෙයි.   මම මෙසේ වන්නේ නම් යයි වෙයි.   මම අනික් ආකාරයකින් වන්නේ නම් යයි වෙයි.   කෙසේද වෙමියි වෙයි.   කිසි ධර්‍මයක් සමූහ වශයෙන් ගෙන රූපය,  වේදනාව,  සංඥාව,  සංස්කාරයන්,  විඤ්ඤාණය වෙමියි ඡන්‍දය ලබයි.   වෙමියි මානය ලබයි.   වෙමියි දෘෂ්ටිය ලබයි.   එසේ ඇති කල්හි මේ පපඤ්චිතයෝ වෙත්.   මේ ආකාරයෙන් වෙමියි කියා හෝ අනික් ආකාරයකින් වෙමියි කියා හෝ යනුයි.

292. කෙසේ මෙයින් වෙමියි වේද? කිසි ධර්‍මයක් සමූහ වශයෙන් ගෙන රූපය,  වේදනාව,  සංඥාව,  සංස්කාරයන්,  විඤ්ඤාණය වෙමියි ඡන්‍දය ලබයි.   වෙමියි මානය ලබයි.   වෙමියි දෘෂ්ටිය ලබයි.   එසේ ඇති කල්හි මේ පපඤ්චිතයෝ වෙත්.   මේ ආකාරයෙන් වෙමියි කියා හෝ අනික් ආකාරයකින් වෙමියි කියා හෝ යනුයි.  කෙසේ මෙයින් මේ ආකාරයෙන් වෙමියි වේද? ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  බ්‍රාහ්මණයෙක් වෙමියි කියා හෝ,  වෛශ්‍යයෙක් වෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  ශුද්‍රයෙක් වෙමියි කියා හෝ,  ගෘහස්ථයෙක් වෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  ප්‍රව්‍රජිතයෙක් වෙමියි කියා හෝ,  දෙවියෙක් වෙමියි කියා හෝ,  මනුෂ්‍යයෙක් වෙමියි කියා හෝ,  රූපවත්වූයේ වෙමියි කියා හෝ,  අරූපවත්වූයේ වෙමියි කියා හෝ,  සඤ්ඤීවූයේ වෙමියි කියා හෝ,  නෙවසඤ්ඤීනාසඤ්ඤී වූයේ වෙමියි කියා හෝ,   මෙසේ මේ ආකාරයෙන් වෙමියි වෙයි.

293. කෙසේ වනාහි මෙයින් මෙසේ වෙමියි වේද?   අන්‍ය පුද්ගලයෙක් නිමිතිකොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් වෙමියි කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් වෙමියි කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් වෙමියි කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් වෙමියි කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් වෙමියි කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් වෙමියි කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් වෙමියි කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් වෙමියි කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් වෙමියි කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් වෙමියි කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් වෙමියි කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් වෙමියි කියා හෝ,  මෙසේ මෙයින් අනික් පරිද්දකින් වෙමියි වෙයි.

294. කෙසේ වනාහි මෙයින් වන්නේයයි වේද? කිසි ධර්‍මයක් සමූහ වශයෙන් ගෙන රූපය,  වේදනාව,  සංඥාව,  සංස්කාරයන්,  විඤ්ඤාණය වෙමියි ඡන්‍දය ලබයි.   වෙමියි මානය ලබයි.   වෙමියි දෘෂ්ටිය ලබයි.   එසේ ඇති කල්හි මේ පපඤ්චිතයෝ වෙත්.   මේ ආකාරයෙන් වෙමියි කියා හෝ අනික් ආකාරයකින් වෙමියි කියා හෝ යනුයි.   මෙයින් අනික් පරිද්දකින් වන්නේ හෝ වෙයි.

295. කෙසේ වනාහි මෙයින් මේ ආකාරයෙන් වන්නේයයි වේද? ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් වන්නේය කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් වන්නේය කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් වන්නේය කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් වන්නේය කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් වන්නේය කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් වන්නේය කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් වන්නේය කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් වන්නේය කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් වන්නේය කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් වන්නේය කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් වන්නේය කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් වන්නේය කියා හෝ,  මේ ආකාරයෙන් වන්නේයයි වෙයි.

296. කෙසේ වනාහි මෙයින් මෙසේ වන්නේයයි වේද?   අන්‍ය පුද්ගලයකු නිමිතිකොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් වන්නෙමියි කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් වන්නෙමියි කියා හෝ,  මෙසේ මෙසේ වෙමියි වෙයි.

297. කෙසේ නම් මෙයින් අනික් පරිද්දෙකින් වන්නේයයි වේද?   ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් නොවන්නෙමියි කියා හෝ,  මෙසේ මෙයින් අන් පරිද්දෙකින් වන්නේ යයි වෙයි.

298. කෙසේ නම් මෙයින් මම සාශ්වත වූවෙක් වෙමියි වේද?    කිසි ධර්මයක් සමූහ වශයෙන් ගෙන,  රූපය,  වේදනාව,  සඤ්ඤාව සංස්කාරයන් නිත්‍යවූවෙක් වෙමි.   ධ්‍රුව වූවෙක් වෙමි.   සාශ්වත වූවෙක් වෙමි.   වෙනස් නොවන ධර්‍ම ඇත්තෙක් වෙමියි  මෙසේ මෙයින් සාශ්වත වූයෙක් වෙමියි වෙයි.

299. කෙසේ නම් මෙයින් මම විනාශ වූයේ වෙමියි වේද?    කිසි ධර්මයක් සමූහ වශයෙන් ගෙන,  රූපය,  වේදනාව,  සඤ්ඤාව සංස්කාරයන් විඤ්ඤාණය නැතිවන්නෙමි විනාශ වන්නෙමි නොවන්නෙමියි වෙයි.   මෙසේ මෙයින් විනාශ වූයේ වෙමියි වෙයි.

300. කෙසේ නම් මෙයින් වන්නෙමියි වේද?   කිසි ධර්මයක් සමූහ වශයෙන් ගෙන,  රූපය,  වේදනාව,  සඤ්ඤාව සංස්කාරයන් විඤ්ඤාණය වන්නෙමියි ඡන්‍දය ලබයි.   වන්නෙමියි මානය ලබයි.   වන්නෙමියි දෘෂ්ටිය එහි තුන් පපංචයන් ඇති කල්හි මේ පපංචිතයෝ වෙත්.   මේ ආකාරයෙන් කියා හෝ මෙසේ වන්නෙමියි කියා හෝ අනික් ආකාරයකින් වන්නෙමියි කියා හෝ වෙයි.   විඤ්ඤාණය එහි මේ පපංච තුන ඇති කල්හි

කෙසේ නම් මෙයින් මෙසේ වන්නෙමියි කියා වේද? ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  බ්‍රාහ්මණයෙක් වන්නෙමියි කියා හෝ,  වෛශ්‍යයෙක් වන්නෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  ශුද්‍රයෙක් වන්නෙමියි කියා හෝ,  ගෘහස්ථයෙක් වන්නෙමියි කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  ප්‍රව්‍රජිතයෙක් වන්නෙමියි කියා හෝ,  දෙවියෙක් වන්නෙමියි කියා හෝ,  මනුෂ්‍යයෙක් වන්නෙමියි කියා හෝ,  රූපවත්වූයේ වන්නෙමියි කියා හෝ,  අරූපවත්වූයේ වන්නෙමියි කියා හෝ,  සඤ්ඤීවූයේ වන්නෙමියි කියා හෝ,  නෙවසඤ්ඤීනාසඤ්ඤී වූයේ වන්නෙමියි කියා හෝ,  මෙසේ මෙයින් මේ ආකාරයෙන් වන්නෙමියි වෙයි.

301. කෙසේ නම් මෙයින් මෙසේ වන්නෙමියි වේද?   අන්‍ය පුද්ගලයෙකු නිමිති කොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් වන්නෙමියි කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් වන්නෙමියි කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් වන්නෙමියි කියා හෝ,  ඒ ක්‍ෂත්‍රිය තෙම යම් සේද,  මෙයින් එසේ මම මෙයින් මෙසේ වන්නෙමියි වෙයි.

302. කෙසේ නම් මෙයින් අන් පරිද්දකින් වන්නෙමියි වේද?   පර පුද්ගලයකු නිමිති කොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් නොවන්නෙමියි කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් නොවන්නෙමියි කියා හෝ,  මෙසේ මෙයින් අන් පරිද්දකින් වන්නෙමියි වෙයි.

303. කෙසේ නම් මෙයින් මම වන්නෙම් නම් යයි වේද? කිසි ධර්මයක් සමූහ වශයෙන් ගෙන,  රූපය,  වේදනාව,  සඤ්ඤාව සංස්කාරයන් විඤ්ඤාණය වන්නෙමියි ඡන්‍දය ලබයි.   වන්නෙමියි මානය ලබයි.   වන්නෙමියි දෘෂ්ටිය එහි තුන් පපංචයන් ඇති කල්හි මේ පපංචිතයෝ වෙත්.   මේ ආකාරයෙන් කියා හෝ මෙසේ වන්නෙමියි කියා හෝ අනික් ආකාරයකින් වන්නෙමියි කියා හෝ වෙයි.

304. කෙසේ නම් මෙයින් මම මේ ආකාරයෙන් වන්නේ නම් හෝ යනු වේද?   මෙයින් මම මේ ආකාරයෙන් ක්‍ෂත්‍රියයෙක් වන්නේ නම් කියා හෝ,  බ්‍රාහ්මණයෙක් වන්නේ නම් කියා හෝ,  වෛශ්‍යයෙක් වන්නේ නම් කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නේ නම් කියා හෝ,  ශුද්‍රයෙක් වන්නේ නම් කියා හෝ,  ගෘහස්ථයෙක් වන්නේ නම් කියා හෝ,  ක්‍ෂත්‍රියයෙක් වන්නේ නම් කියා හෝ,  ප්‍රව්‍රජිතයෙක් වන්නේ නම් කියා හෝ,  දෙවියෙක් වන්නේ නම් කියා හෝ,  මනුෂ්‍යයෙක් වන්නේ නම් කියා හෝ,  රූපවත්වූයේ වන්නේ නම් කියා හෝ,  අරූපවත්වූයේ වන්නේ නම් කියා හෝ,  සඤ්ඤීවූයේ වන්නේ නම් කියා හෝ,  නෙවසඤ්ඤීනාසඤ්ඤී වූයේ වන්නේ නම් කියා හෝ,  මෙසේ මෙයින් මම මේ ආකාරයෙන් වන්නේ නම් හෝ යනු වෙයි.

305. කෙසේ නම් මෙයින් මම මෙසේ වන්නේ නම් යනු වේද?   අන්‍ය පුද්ගලයකු නිමිති කොට ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් වන්නේ නම් කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් වන්නේ නම් කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් වන්නේ නම් කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් වන්නේ නම් කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් වන්නේ නම් කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් වන්නේ නම් කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් වන්නේ නම් කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් වන්නේ නම් කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් වන්නේ නම් කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් වන්නේ නම් කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් වන්නේ නම් කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් වන්නේ නම් කියා හෝ,  මෙසේ මෙසේ වන්නේ නම් වෙයි.

306. කෙසේ නම් මෙයින් අන් පරිද්දකින් වන්නේ නම් හෝ වේද?   ඒ ක්‍ෂත්‍රිය තෙමේ යම් බඳුද,  එසේ ක්‍ෂත්‍රියයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ බ්‍රාහ්මණ තෙමේ යම් බඳුද,  එසේ මම බ්‍රාහ්මණයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ වෛශ්‍ය තෙම යම් බඳුද,  එසේම වෛශ්‍යයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ ශුද්‍ර තෙම යම් බඳුද,  එසේ මම ශුද්‍රයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ ගෘහස්ථ තෙමේ යම් බඳුද,  එසේ මම ගෘහස්තයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ ප්‍රව්‍රජිත තෙම යම් සේද,  එසේ මම  ප්‍රව්‍රජිතයෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ දෙවි තෙමේ යම් සේද,  එසේ මම දෙවියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ මිනිස් තෙම යම් සේද,  එසේ මම මිනිසෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ රූපී තෙම යම් සේද,  එසේ මම රූපියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ අරූපී තෙමේ යම් සේද,  එසේ මම අරූපියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ සඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම සඤ්ඤියෙක් නොවන්නේ නම් කියා හෝ,  ඒ නෙවසඤ්ඤීනාසඤ්ඤී තෙමේ යම් සේද,  එසේ මම නෙවසඤ්ඤීනාසඤ්ඤියෙක් නොවන්නේ නම් කියා හෝ,  මෙසේ මෙසේ නොවන්නේ නම් වෙයි.

307. මේ බාහිර පඤ්චස්කන්‍ධයන් දැඩිසේ ගෙන ඇතිවන දහ අටක්වූ තණ්හා විචරිතයෝ වෙති.   මෙසේ ආධ්‍යාත්මික පංචස්කන්‍ධය නිමිතිකොට ඇතිවන දහ අටක්වූ තෘෂ්ණා විචරිතයෝය,  බාහිර පංචස්කන්‍ධය නිමිතිකොට ඇතිවන දහ අටක්වූ තෘෂ්ණා විචරිතයෝය,   මේ සියල්ල එකතුකොට රැස්කොට සතිස් තෘෂ්ණා විචරිතයෝ වෙති.   මෙසේ මෙබඳුවූ අතීත තෘෂ්ණා විචරිතයෝ සතිසෙකි.   අනාගත තෘෂ්ණා විචරිතයෝ සතිසෙකි.  වර්‍තමානතෘෂ්ණා විචරිතයෝ සතිසෙකි.  මේ සියල්ල එකතුකොට රැස්කොට එක්සිය අටක්වු තෘෂ්ණා විචරිතයෝ වෙති.

308. එහි දෙසැට දෘෂ්ටිගතයෝ කවරහුද?   බ්‍රහ්මජාල සූත්‍ර විස්තරයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙශනා කරණ ලදහ.   සාශ්වත වාදයෝ සතරක් වෙති.   එකච්ච සස්ත වාදයෝ සතරක් වෙති.   අන්තානන්තිකයෝ සතරක් වෙති.   අමරා වික්ඛෙපයෝ සතරක් වෙති.   අධිච්ච සමුප්පන්නයෝ සතරක් වෙති.

(ඛුද්දකවත්‍ථු විභංගය නිමි.)
———-

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.