13. අප්පමඤ්ඤා විභඞ්ගය.

සුත්තන්ත භාජනිය.

1. අප්පමඤ්ඤා සතරෙකි.   මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,  මෛත්‍රී සහගත සිතින්,   විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,  කරුණා සහගත සිතින් විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,   මුදිතා සහගත සිතින් විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,  උපෙක්ඛා සහගත සිතින් විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   යම්සේ වනාහි ප්‍රියවූ,  මනාපවූ එක් පුද්ගලයෙකු දැක මෙත් සිත පතුරුවන්නේද,  එපරිද්දෙන්ම සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරුවයි.

2.  එහි මෛත්‍රිය කවරේද?   සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රී සහගත බවක්,  මෙත්තායනාවක්,  මෙත්තායික බවක්,  මෛත්‍රී චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.

3. එහි සිත කවරේද?   යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ මෛත්‍රීයෙන් යුක්තවූයේ වෙයි.   සහජාත (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨ වූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් මෛත්‍රි සහගත සිතින් යයි  කියනු ලැබේ.

4. එක් දිශාවක් යනු පූර්‍ව දිශාව හෝ,  පශ්චිම දිශාව හෝ,  උත්තර දිශාව හෝ,   දක්‍ෂිණ දිශාව හෝ,   උඩ දිශාව හෝ,  යට දිශාව හෝ,  සරසවූ විදිශාවන්හි හෝ යනුයි.

5. ´´පතුරුවා´´ යනු පැතිරීම කොට අධිකව එහි ඇලී යනුයි.

6.  ´´වාසය කෙරේ´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

7.  එසේ දෙවෙනි දිශාවක් යනු යම්සේ එක් දිශාවක් පතුරුවාද,  එසේම දෙවෙනි දිශාවක්ද යනුයි.   එසේ තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද,  එසේ උඩ දිශාවද,  එසේ යට දිශාවද,  එසේ සරසද,  මෙසේ විදිශාවන්ද,  සෑම තැන්හි සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය යනු සියල්ලෙන් සියල්ල,  සර්‍වප්‍රකාරයෙන් සර්‍වප්‍රකාරය,  සෙසනොකොට,  අඩුනොකොට ගන්නා වචනයකි.   සෑම තන්හි සියලු සතුන් ඇති ලෝකය යනුයි.

8.  ´´මෛත්‍රී සහගත සිතින්´´ යනු එහි මෛත්‍රිය කවරේද?   සුඛයන් කෙරෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.

9.  එහි චිත්තය කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ මෛත්‍රීයෙන් යුක්තවූයේ වෙයි.   සහජාත (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨ වූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් මෛත්‍රි සහගත සිතින් යයි  කියනු ලැබේ.

10.  ´´විපුලවූ´´ යනු යමක් විපුලද,  එය මහග්ගත නමි.   යමක් මහග්ගතද,  එය අප්පමාණ නමි.   යමක් අප්පමාණද,  එය අවෙර නමි.   යමක් අවෙරද,  එය අව්‍යාපජ්ඣ නමි.

11.  ´´පතුරුවා´´ යනු පැතිරීම කොට අධිකව එහි ඇලී යනුයි.   ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

12.  කෙසේ භික්‍ෂුව කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වෙසේද?   යම්සේ වනාහි දුකට පැමිණි,  කාය දුශ්චරිතාදියෙන් යුක්ත,  එක් පුද්ගලයෙකු දැක කාරුණික වන්නේද,  එපරිද්දෙන්ම සියලු සත්ත්‍වයන් කෙරෙහි කරුණාවෙන් වාසය කරයි.

13.  එහි කරුණාව කවරේද?   සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණාවක්,  කරුණාකිරීමක්,  කරුණාකිරීම් බවක්,  කරුණා චෙතොවිමුත්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණාභාවයයි කියනු ලැබේ.

14.  එහි සිත කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ මෛත්‍රීයෙන් යුක්තවූයේ වෙයි.   සහජාත (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨ වූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් මෛත්‍රි සහගත සිතින් යයි  කියනු ලැබේ.   මේ සිත මේ කරුණාවෙන් යුක්තවූයේ වෙයි.   සහජාත (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨ වූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් මෛත්‍රි සහගත සිතින් යයි  කියනු ලැබේ.

15. එක් දිශාවක් යනු පූර්‍ව දිශාව හෝ,  පශ්චිම දිශාව හෝ,  උත්තර දිශාව හෝ,   දක්‍ෂිණ දිශාව හෝ,   උඩ දිශාව හෝ,  යට දිශාව හෝ,  සරසවූ විදිශාවන්හි හෝ යනුයි.

16.  ´´පතුරුවා´´ යනු ඇලී යනුයි.

17.  ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

18.  ´´එසේ දෙවන දිශාවක්´´ යනු එක් දිශාවක් යම්සේද,  එසේ දෙවන දිශාවක්ද,  එසේ තුන්වන දිශාවක්ද,  එසේ සතරවන දිශාවක්ද,  එසේ උඩද,  එසේ යටද,  එසේ සරසද,  එසේ විදිශාවන්ද යනුයි.

19.  සෑමතන්හි සියලු -පෙ-යනු -පෙ-

20. ´´කරුණා සහගත සිතින්´´ යනු -පෙ-

21.  එහි කරුණාව කවරේද?   සත්ත්‍වයන් කෙරෙහි යම් කරුණාවක්,  කරුණාකිරීමක්,  කරුණාකිරීම් බවක්,  කරුණා චෙතොවිමුත්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණාභාවයයි කියනු ලැබේ.   -පෙ-  මෙය කරුණාවයයි කියනු ලැබේ..

22.  එහි සිත කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ කරුණාවෙන්  සහගතවූයේ වෙයි.   සහජාත (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨ වූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් කරුණා සහගත සිතින් යයි  කියනු ලැබේ.

23.  ´´විපුලවූ´´ යනු යමක් විපුලද,  එය මහග්ගත නමි.   යමක් මහග්ගතද,  එය අප්පමාණ නමි.   යමක් අප්පමාණද,  එය අවෙර නමි.   යමක් අවෙරද,  එය අව්‍යාපජ්ඣ නමි.

24. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

25.  කෙසේ භික්‍ෂුව මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කෙරේද?   යම්සේ වනාහි ප්‍රියවූ,  මනාපවූ එක් පුද්ගලයෙකු දැක සිත මොළොක් බවට පමුණුවන්නේද,  එපරිද්දෙන්ම සියලු සතුන් කෙරෙහි මුදිතාවෙන් පතුරුවයි.

26.  එහි මුදිතාව කවරේද?   සත්ත්‍වයන් කෙරෙහි යම් මුදිතාවක්,  මුදිතායනයක්,  මුදිතා කිරීම් බවක්,  මුදිතා චෙතොවිමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතාවයයි කියනු ලැබේ.

27.  එහි සිත කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ මුදිතාවෙන්  යුක්තවූයේ වෙයි.   සහජාත (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨ වූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් මුදිතා
සහගත සිතින් යයි  කියනු ලැබේ.

28. එක් දිශාවක් යනු පූර්‍ව දිශාව හෝ,  පශ්චිම දිශාව හෝ,  උත්තර දිශාව හෝ,   දක්‍ෂිණ දිශාව හෝ,   උඩ දිශාව හෝ,  යට දිශාව හෝ,  සරසවූ විදිශාවන්හි හෝ යනුයි.

29.  ´´පතුරුවා´´ යනු ඇලී යනුයි.

30.  ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

31.  ´´එසේ දෙවන දිශාවක්´´ යනු එක් දිශාවක් යම්සේද,  එසේ දෙවන දිශාවක්ද,  එසේ තුන්වන දිශාවක්ද,  එසේ සතරවන දිශාවක්ද,  එසේ උඩද,  එසේ යටද,  එසේ සරසද,  එසේ විදිශාවන්ද යනුයි.

32.  සෑමතන්හි සියලු -පෙ-යනු -පෙ-

33.  ´´මුදිතා සහගත සිතින්´´ යනු එහි මුදිතාව කවරේද?   සත්ත්‍වයන් කෙරෙහි යම් මුදිතාවක්,  මුදිතායනාවක්,  මුදිතායිත බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතාවයයි කියනු ලැබේ.

34.  එහි සිත කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ මුදිතාවෙන්  යුක්තවූයේ වෙයි.   සහජාත (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨ වූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් මුදිතා සහගත සිතින් යයි  කියනු ලැබේ.

35.  ´´විපුලවූ´´ යනු යමක් විපුලද,  එය මහග්ගත නමි.   යමක් මහග්ගතද,  එය අප්පමාණ නමි.   යමක් අප්පමාණද,  එය අවෙර නමි.   යමක් අවෙරද,  එය අව්‍යාපජ්ඣ නමි.   ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

36. කෙසේ භික්‍ෂුව උපෙක්‍ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කෙරේද?   යම්සේ වනාහි මනාප නොවූ,  අමනාප නොවූ එක් පුද්ගලයෙකු දැක උැපක්‍ෂාව ඇති කරන්නේය.    එපරිද්දෙන්ම සියලු සතුන් කෙරෙහි උැපක්‍ෂාවෙන් පතුරුවයි.

37.  එහි උපෙක්‍ෂාව කවරේද?   සත්ත්‍වයන් කෙරෙහි යම් උපෙක්‍ෂාවක්,  උපෙක්‍ෂා කිරීමක්,  උපෙක්‍ෂා කිරීම් බවක්,  උපෙක්‍ෂා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්‍ෂාවයයි කියනු ලැබේ.

38.  එහි චිත්තය කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ උපෙක්‍ෂාවෙන්  යුක්තවූයේ වෙයි.   සහජාතවූයේ වෙයි.   මිශ්‍ර වූයේ වෙයි.   එහෙයින් උපෙක්‍ෂා සහගත සිතින් යයි  කියනු ලැබේ.

39. එක් දිශාවක් යනු පූර්‍ව දිශාව හෝ,  පශ්චිම දිශාව හෝ,  උත්තර දිශාව හෝ,   දක්‍ෂිණ දිශාව හෝ,   උඩ දිශාව හෝ,  යට දිශාව හෝ,  සරසවූ විදිශාවන්හි හෝ යනුයි.

40.  ´´පතුරුවා´´ යනු ඇලී යනුයි.

41.  ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

42.  ´´එසේ දෙවන දිශාවක්´´ යනු එක් දිශාවක් යම්සේද,  එසේ දෙවන දිශාවක්ද,  එසේ තුන්වන දිශාවක්ද,  එසේ සතරවන දිශාවක්ද,  එසේ උඩද,  එසේ යටද,  එසේ සරසද,  එසේ විදිශාවන්ද යනුයි.

43.  උපෙක්‍ෂා සහගත සිතින් යනු එහි උපෙක්‍ෂාව කවරේද?   සත්ත්‍වයන් කෙරෙහි යම් උපෙක්‍ෂාවක්,  උපෙක්‍ෂා කිරීමක්,  උපෙක්‍ෂා කිරීම් බවක්,  උපෙක්‍ෂා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්‍ෂාවයයි කියනු ලැබේ.

44. එහි චිත්තය කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  හදය,  පණ්ඩර,  මන මනායතන,  මනින්‍ද්‍රිය,  විඤ්ඤාණය,  විඤ්ඤාණක්ඛන්‍ධය,  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය චිත්තයයි කියනු ලැබේ.   මේ සිත මේ උපෙක්‍ෂාවෙන්  යුක්තවූයේ වෙයි.   සහජාත  (එකට උපන්නේ) වූයේ වෙයි.   සංසට්ඨවූයේ වෙයි.   සම්පයුත්ත වූයේ වෙයි.   එහෙයින් උපෙක්‍ෂා සහගත සිතින් යයි  කියනු ලැබේ.

45.  ´´විපුලවූ´´ යනු යමක් විපුලද,  එය මහග්ගත නමි.   යමක් මහග්ගතද,  එය අප්පමාණ නමි.   යමක් අප්පමාණද,  එය අවෙර නමි.   යමක් අවෙරද,  එය අව්‍යාපජ්ඣ නමි.

46.  ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

(සුත්තන්ත භාජනිය නිමි. )
———-

අභිධම්ම භාජනිය.

47.  අප්පමඤ්ඤා සතරෙකි.   මෙත්තා,  කරුණා,  මුදිතා,  උපෙක්ඛා යනුයි.   එහි මෙත්තාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  මෛත්‍රී සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

48.  එහි මෛත්‍රිය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ-  මෛත්‍රී සහගතවූ ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

49.  එහි මෛත්‍රිය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.

50.   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි. එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය. කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  මෛත්‍රී සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

51.   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම  අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම,  අවිතර්‍කවූ,  විචාර මාත්‍රවූ,  විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති,  මෛත්‍රී සහගත දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

52.  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ-  මෛත්‍රී සහගත තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

53.  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    ප්‍රීතියගේ විරාගයෙන් -පෙ-  මෛත්‍රී සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

ප්‍රීතියගේ විරාගයෙන් -පෙ-  මෛත්‍රී සහගතවූ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

54.  එහි කරුණාව කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  කරුණා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

55. එහි කරුණාව කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ-  කරුණා සහගතවූ ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

56.  එහි කරුණාව කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    ප්‍රීතියගේ විරාගයෙන්  -පෙ-  කරුණා සහගතවූ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

57.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  මෛත්‍රී සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

58.  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම,   අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම,  විතර්ක රහිතවූ,  විචාර මාත්‍රවූ,  විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති,  කරුණා  සහගතවූ වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

59.  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ-  කරුණා සහගතවූ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

60.  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    ප්‍රීතියගේ විරාගයෙන්  -පෙ-  කරුණා සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

61. එහි මුදිතාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  මුදිතා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මුදිතාවක්   මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

62. එහි මුදිතාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ-  මුදිතා සහගතවූ ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මුදිතාවක්   මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

63. එහි මුදිතාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    ප්‍රීතියගේ විරාගයෙන් -පෙ-  මුදිතා සහගතවූ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මුදිතාවක්   මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

64.   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  මුදිතා සහගතව ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මුදිතාවක්   මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

65.   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්ව,  අකුශල   ධර්‍මයන්ගෙන් වෙන්ව,  අවිතර්කවූ,  විචාර මාත්‍රවූ,  විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති,  මුදිතා සහගතවූ දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මුදිතාවක්   මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

66.   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්ක විචාරයන්ගේ සන්සිඳිමෙන් -පෙ-  මුදිතා සහගතවූ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මුදිතාවක්   මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

67.   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    ප්‍රීතියගේ විරාගයෙන්  -පෙ-  මුදිතා සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මුදිතාවක්   මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

68. එහි උපෙක්‍ෂාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    සැපයාගේ ප්‍රහාණයෙන් -පෙ-  උපෙක්‍ෂා සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් උපෙක්‍ෂාවක්,  උපෙක්‍ෂා කිරීමක්,  උපෙක්‍ෂා කිරීම් බවක්,    උපෙක්‍ෂා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්‍ෂායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ උපෙක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝය.

69.  අප්පමඤ්ඤා සතරකි.   මෙත්තා,  කරුණා,  මුදිතා,  උපෙක්ඛා යනුයි.

70. එහි මෙත්තාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  මෙත්තා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.      -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුශලයෝය.   ඒ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  විපාකවූ කාමයන්තෙන් වෙන්වම -පෙ-  මෙත්තා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.  එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

71. එහි මෛත්‍රිය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ-  මෛත්‍රී සහගතවූ දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.      -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුශලයෝය.   ඒ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්,  විපාකවූ දුතියජ්ඣානය -පෙ-  තතියජ්ඣානය  -පෙ-  මෛත්‍රී සහගතවූ චතුත්‍ථජ්ඣානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

72. එහි කරුණාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම -පෙ-  කරුණා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.      -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුශලයෝය.   ඒ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  කාමයන්ගෙන් වෙන්වම,  විපාකවූ -පෙ-  කරුණා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

73. එහි කරුණාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ-  කරුණා සහගතවූ  දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.     -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුශලයෝය.   ඒ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්,  විපාකවූ දුතියජ්ඣානයට -පෙ-  තතියජ්ඣානයට  -පෙ-  පඨමජ්ඣානයට -පෙ-  තතියජ්ඣානයට  -පෙ-  කරුණා සහගතවූ චතුත්‍ථජ්ඣානයට පැමිණ වාසය කරයි. එසමයෙහි යම් කරුණාවක්,  කරුණා කිරීමක්,  කරුණා කිරීම් බවක්,  කරුණා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය කරුණායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ කරුණාව හා සම්ප්‍රයුක්තයෝය.

74. එහි මුදිතාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    කාමයන්ගෙන් වෙන්වම -පෙ-  මුදිතා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.      -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුශලයෝය.   ඒ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  කාමයන්ගෙන් වෙන්වම,  විපාකවූ -පෙ-  මුදිතා සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි යම් මුදිතාවක්,  මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

එහි මුදිතාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ-  මුදිතා සහගතවූ දුතියජ්ඣානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.     -පෙ-  අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුශලයෝය.   ඒ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්,  විපාකවූ -පෙ-  දුතියජ්ඣානයට -පෙ-  තතියජ්ඣානයට  -පෙ-  මුදිතා සහගතවූ චතුත්‍ථජ්ඣානයට පැමිණ වාසය කරයි. එසමයෙහි යම් මුදිතාවක්,  මුදිතායනයක්,  මුදිතා බවක්,  මුදිතා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මුදිතායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මුදිතාව හා සම්ප්‍රයුක්තයෝය.

75.  එහි උපෙක්‍ෂාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.    සුඛයාගේ ප්‍රහාණයෙන් -පෙ-  උපෙක්‍ෂා සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.    මේ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  සුඛයාගේ ප්‍රහාණයෙන්ද,  දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද  විපාකවූ -පෙ-    උපෙක්‍ෂා සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි යම් උපෙක්‍ෂාවක්,  උපෙක්‍ෂා කිරීමක්,  උපෙක්‍ෂා කිරීම් බවක්,    උපෙක්‍ෂා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්‍ෂායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ උපෙක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝය.

76.  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   එහි මෙත්තාව කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  මෙලොවම සැප විහරණ ඇති,  රූපාවචර ධ්‍යානය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ-  මෛත්‍රී සහගතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

77.  එහි මෛත්‍රිය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  මෙලොවම සැප විහරණ ඇති,  රූපාවචර ධ්‍යානය වඩයි.   විතර්කයන්ගේ සන්සිඳීමෙන්   -පෙ-  දුතියජ්ඣානයට -පෙ-  තතියජ්ඣානයට -පෙ-  පඨමජ්ඣානයට -පෙ-  දුතියජ්ඣානයට -පෙ-  තතියජ්ඣානයට -පෙ-  මෙත්තා සහගතවූ චතුත්‍ථජ්ඣානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් මෛත්‍රියක්,  මෛත්‍රී කිරීමක්,  මෛත්‍රී කිරීම් බවක්,  මෙත්තා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය මෛත්‍රියයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ මෛත්‍රිය හා සම්ප්‍රයුක්තයෝය.

78.  එහි කරුණාව කවරේද?   -පෙ-  එහි මුදිතාව කවරේද?-පෙ-  එහි උපෙක්‍ෂාව කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  මෙලොවම සැප විහරණ ඇති,  රූපාවචර ධ්‍යානය වඩයි. සැපයාගේ ප්‍රහාණයෙන්ද,  දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද,   -පෙ-  උපෙක්‍ෂා සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.    මේ රූපාවචර කුශල කර්‍මයම කරණ ලද බැවින්,  රැස්කරණ ලද බැවින්,  සුඛයාගේ ප්‍රහාණයෙන්ද,  දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද  විපාකවූ -පෙ-    උපෙක්‍ෂා සහගතවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි යම් උපෙක්‍ෂාවක්,  උපෙක්‍ෂා කිරීමක්,  උපෙක්‍ෂා කිරීම් බවක්,    උපෙක්‍ෂා චෙතො විමුක්තියක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්‍ෂායයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ උපෙක්‍ෂාව හා සම්ප්‍රයුක්තයෝය.

( අභිධම්ම භාජනිය නිමි. )
——–
 
පඤ්හ පුච්ඡකය.

79.  අප්පමඤ්ඤා සතරක් වෙති.   මේ ශාසනයෙහි මහණතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,  මෛත්‍රී සහගත සිතින්,   විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,  කරුණා සහගත සිතින් විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   මුදිතා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,   මුදිතා සහගත සිතින් විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   උපෙක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි.   එසේ දෙවෙනි දිශාවක්ද,  තුන්වෙනි දිශාවක්ද,  එසේ සතරවෙනි දිශාවක්ද (පතුරුවයි.)   මෙසේ උඩද,  යටද,  සරසද,  සෑම තන්හි,  සියලු ආත්ම භාවයන් කෙරෙහි,  සියලු සතුන් ඇති ලෝකය,  උපෙක්ඛා සහගත සිතින් විපුල වශයෙන්,  මහග්ගත වශයෙන්,  අප්‍රමාණ වශයෙන්,  අවෛරී වශයෙන්,  අව්‍යාපාද වශයෙන් පතුරුවා වාසය කරයි.   යම්සේ වනාහි ප්‍රියවූ,  මනාපවූ එක් පුද්ගලයෙකු දැක මෙත් සිත පතුරුවන්නේද,  එපරිද්දෙන්ම සියලු සතුන් කෙරෙහි මෙත් සිත පතුරුවයි.

80.  සතර අප්පමඤ්ඤාවන්ගෙන් කුශලයෝ කෙතෙක්ද?   අකුශලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   අප්පමඤ්ඤා තුනක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තය.   උපෙක්‍ෂාව දුක් නොවූ,  සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තය.   විපාකවූවෝ වෙති.   විපාක ධර්‍ම ධර්‍මවූවා වෙයි.   විපාක නොවූවා විපාක ධර්‍ම ධර්‍ම නොවූවා වෙයි.   උපාදින්න උපාදානිය වෙයි.   අනුපාදින්න උපාදානිය වෙයි.   අසංකිලිට්ඨ සංකිලෙසිකය.   අප්පමඤ්ඤා තුනක් සවිතර්ක සවිචාර වූවෝ වෙති.   අවිතර්ක විචාරමාත්‍ර වූවෝ වෙති.   අවිතර්ක අවිචාර වූවෝ වෙති.   උපෙක්‍ෂාව අවිතර්ක අවිචාරය.    අප්පමඤ්ඤා තුනක් පීති සහගත වූවෝ වෙති.   සුඛ සහගත වූවෝ වෙති.   උපෙක්‍ෂා සහගත නොවූවෝ වෙති.   පීති සහගත වූවෝයයි නොකිය යුතුය.   උපෙක්‍ෂාව උපෙක්‍ෂාව සහගතය.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොමදුරු කටයුතුය.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොමදුරු කටයුතු හේතුකය.

81.  ආචයගාමී වූවෝ වෙති.    ආචයගාමී නොවූවෝ අපචයගාමී නොවූවෝ වෙති.    ශෛක්ෂ නොවූවෝ අශෛක්ශ නොවූවෝ වෙති.   මහග්ගතයෝය.   පරිත්තාරම්මණයයිද,  මහග්ගතාරම්මණයයිද,  අප්පමාණාරම්මණයයිද නොකිය යුතුය.   මජ්ඣිමයෝය.   අනියතයෝය.   මග්ගාරම්මණයයිද,  මග්ග හේතුකයයිද,  මග්ගාධිපතීහුයයිද,  නොකිය යුතුය.   උප්පන්න වූවෝ වෙති.   අනුප්පන්න වූවෝ වෙති.   උප්පාදී වූවෝ වෙති.   අතීත වූවෝ වෙති.   අනාගත වූවෝ වෙති.   පච්චුප්පන්න වූවෝ වෙති.   අතීතාරම්මණයයිද,  අනාගතාරම්මණයයිද,  පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය.   අජ්ඣත්ත වූවෝ වෙති.   බහිද්ධ වූවෝ වෙති.   අජ්ඣත්ත බහිද්ධ වූවෝ වෙති.   බහිද්ධාරම්මණයෝය.   අනිදස්සන අප්පටිඝයෝය.   මෛත්‍රිය හේතුය.   අප්පමඤ්ඤා තුනක් හේතු නොවේ.   සහේතුකයෝය.   හේතු සම්ප්‍රයුක්තයෝය.   මෛත්‍රිය හේතුද,  සහේතුකද වේ.   අප්පමඤ්ඤා තුනක් හේතුද සහේතුකයයිද,  සහේතුකද හේතු නොවේයයිද නොකිය යුතුය.   මෛත්‍රිය හේතුද සහේතුකද වෙයි.

82. අප්පමඤ්ඤා තුනක් හේතුද සහේතුකයයිද,  සහේතුකද හේතු නොවේයයිද නොකිය යුතුය.   මෛත්‍රිය හේතුද හේතු සම්ප්‍රයුක්තද වෙයි.   අප්පමඤ්ඤා තුනක් හේතුද හේතු සම්පයුත්තයයිද,  හේතු සම්පයුත්තද හේතු නොවේයයිද නොකිය යුතුයි.   අප්පමඤ්ඤා තුනක් හේතු නොවූවෝ සහේතුකයෝය.   මෛත්‍රිය හේතු නොවේයයිද,  හේතු නොවූයේ සහේතුකයයිද,  හේතු නොවූයේ අහේතුකයයිද නොකිය යුතුයි.   සප්‍රත්‍යයෝය.   සංඛතයෝය.   අනිදස්සනයෝය.   අප්පටිඝයෝය.   අරූපයෝය.   ලොකියයෝය.   කිසි ඉන්‍ද්‍රියකින් දත යුතුය.   කිසි ඉන්‍ද්‍රියකින් නොදත යුතුය.

83.  ආශ්‍රවයෝ නොවෙති.   සාශ්‍රවයෝය.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.   ආශ්‍රවද සාශ්‍රවයයිද නොකිය යුතුය.   සාශ්‍රවද ආශ්‍රව නොවූවෝද වෙති.   ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද,  ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රව විප්‍රයුක්ත සාශ්‍රවයෝය.   සංයෝජනයෝ නොවෙති.   -පෙ-  ගන්ථයෝ නොවෙති.   -පෙ-  ඔඝයෝ නොවෙති.   -පෙ-  යෝගයෝ නොවෙති.   -පෙ-  නීවරණයෝ නොවෙති.   -පෙ- පරාමාසයෝ නොවෙති.   -පෙ-  සාරම්මණයෝය.   චිත්තයෝ නොවෙති.   චෙතසිකයෝය.   චිත්තසම්පයුත්තයෝය.   චිත්ත සංසට්ඨයෝය.   චිත්ත සමුට්ඨාණයෝය.   සිත හා එකට උපන්නෝය.   සිත අනුව පෙරළෙන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා එකට උපන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨාන අනුව පෙරළෙන්නෝය.   බාහිරයෝය.   උපාදා නොවූවෝය.   උපාදින්නවූවෝ වෙති.   අනුපාදින්න වූවෝ වෙති.   උපාදානයෝ නොවෙති.   -පෙ- ක්ලේශයෝ නොවෙති.   -පෙ- දර්‍ශනයෙන් (සෝවාන් මාර්‍ගයෙන්) නොම දුරු කටයුතුය.   භාවනාවෙන් (සෙසු මාර්‍ග තුනින්) නොම දුරු කටයුතුය.   දර්‍ශනයෙන් දුරු කටයුතු හේතුක නොවේ.   භාවනාවෙන් දුරු කටයුතු හේතුක නොවේ.

84. අප්පමඤ්ඤා තුනක් සවිතර්‍කවූවෝ වෙති.   අවිතර්‍කවූවෝ වෙති.   උපෙක්‍ෂාව අවිතර්‍කය.   අප්පමඤ්ඤා තුනක් සවිචාරවූවෝ වෙති.   අවිචාර වූවෝ වෙති.   උපෙක්‍ෂාව අවිචාරය.    අප්පමඤ්ඤා තුනක් සප්‍රීතිකයෝ වෙති.   අප්‍රීතික වූවෝ වෙති.   උපෙක්‍ෂාව අප්‍රීතිකය.    අප්පමඤ්ඤා තුනක් පීති සහගත වූවෝ වෙති.   පීති සහගත නොවූවෝ වෙති.   උපෙක්‍ෂාව පීති සහගත වූයේ නොවේ.    අප්පමඤ්ඤා තුනක් සුඛ සහගතයෝය.   උපෙක්‍ෂාව සුඛ සහගත නොවේ.   උපෙක්‍ෂාව උපෙක්‍ෂා සහගතය.    අප්පමඤ්ඤා තුනක් උපෙක්‍ෂා සහගත නොවේ.   කාමාවචරයෝ නොවෙති.   රූපාවචරයෝය.   අරූපාවචරයෝ නොවෙති.  පරියාපන්නයෝය.   අනීය්‍යානිකයෝය.   අනියතයෝය.   සඋත්තරයෝය.   අරණයෝය යනුයි.

( අප්පමඤ්ඤා විභංගය නිමියේය. )
———-

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: