12. ඣාන විභංගය.

මාතිකා.

1. මේ ශාසනයෙහි මහණතෙම ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරණය වූයේ වාසය කරයි.   ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ,  ස්වල්පවූ භය දක්නා සුළුවූයේ,  ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙයි.   ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ,  භෝජනයෙහි පමණ දන්නේ,  පෙර රාත්‍රියෙහිද,  අපර රාත්‍රියෙහිද නිදි වර්ජිත කිරීමෙහි යුක්ත වූයේ,  ප්‍රඥාවෙන් වට කොට ගත් වීය්‍ර්‍යයෙන් බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනාවෙහි යෙදීමෙන් යුක්ත වූයේ වෙයි.   හෙතම ඉදිරියට යාමෙහිද,  ආපසු හැරී ඒමෙහිද,  විමසන නුවණින් යුක්ත වූයේ වෙයි.   ඉදිරි බැලීමෙහිද,  වටපිට බැලීමෙහිද විමසන නුවණින් යුක්ත වූයේ වෙයි.   අත් පා දිග හැරීමෙහිද,  හැකිලීමෙහිද විමසන නුවණින් යුක්ත වූයේ වෙයි.    සඟල සිවුර හා පාත්‍රයද,  සෙසු සිවුරු දැරීමෙහිද විමසන නුවණින් යුක්ත වූයේ වෙයි.   අනුභවයෙහිද,  පානයෙහිද,  කඩා කෑ යුතු දේ කෑමෙහිද,  රස බැලීමෙහිද විමසන නුවණින් යුක්ත වූයේ වෙයි.   මල මූත්‍ර කිරීමෙහි විමසන නුවණැත්තේ වෙයි.   ගමන් කිරීමෙහිද,  සිටීමෙහිද,  වාඩිවීමෙහිද,  නිදාගැනීමෙහිද,  නිදි වර්ජිත කිරීමෙහිද,  කථා කිරීමෙහිද,  තූෂ්ණීම්භාවයෙහිද,  විමසන නුවණ ඇත්තේ වෙයි.   හෙතෙම ආරණ්‍යය,  රුක්මුල,  පර්‍වතය,  කඳු බෑවුම,  පර්‍වත ගුහාව,  සොහොන,  වනයෙහි දුරවූ ආශ්‍රමය,  එළිමහන,  පිදුරුගොඩ,  ස්වල්ප ශබ්ද ඇති,  ස්වල්ප ඝොෂා ඇති,  මිනිසුන්ගේ ශබ්ද නැති,  මිනිසුන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූ,  තනිව හිඳීමට යොග්‍යවූ විවේක සේනාසනය භජනය කරයි.

2. හෙතෙම ආරණ්‍යට ගියේ හෝ,  රුක් මුලට ගියේ හෝ,  හිස් ගෙයකට ගියේ හෝ  පළක් බැඳ,  කය ඎජුකොට තබා,  සිහිය ඉදිරිපත්කොට හිඳගනියි.   හෙතෙම ලෝකයෙහි දැඩි ලෝභය දුරු කොට,  පහවූ දැඩි ලෝභයෙන් යුක්තවූ සිතින් වාසය කරයි.   දැඩි ලෝභයෙන් (තොරව) සිත පිරිසිදු කරයි.   ව්‍යාපාදයෙන් දූෂිතවූ සිත දුරුකොට,  අව්‍යාපාද සිත් ඇතිව වාසය කරයි.   සියලු සතුන්ට හිතානුකම්පා ඇතිව,  ව්‍යාපාද යෙන් දූෂිතවූ සිත පිරිසිදු කරයි.   ථීනමිද්ධය දුරුකොට,  ථීනමිද්ධයෙන් තොරව වාසය කරයි.   ආලෝක සංඥා ඇත්තේ,  සිහි ඇත්තේ,  සම්‍යක් ප්‍රඥා ඇත්තේ,  ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි.   උද්ධච්ච කුක්කුච්චය දුරුකොට,  අනුද්ධතයෙක්ව වාසය කරයි.   ඇතුළත සන්සිඳුන සිත් ඇත්තේ, උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි.   විචිකිච්ඡාව දුරුකොට,  බැහැරකළ විචිකිච්ඡාව ඇතිව වාසය කරයි.   කුසල ධර්‍මයන්හි කෙසේ කෙසේදැයි සැක නොමැතිව විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

3. හෙතෙම මේ පංච නීවරණයන් දුරුකොට,  චිත්තොපක්ලෙශයන් ප්‍රඥාවෙන් දුර්‍වල කරමින්,  කාමයන්ගෙන් වෙන්වම,  අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම,  විතර්‍ක සහිතවූ,  විචාර සහිතවූ,  විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

4. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් තමා තුළ සිත පැහැදීම කරන්නාවූ,  චිත්තයාගේ එකඟබවවූ,  විතර්‍ක රහිතවූ,  විචාර රහිතවූ,  සිත එකඟ කිරීමෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

5. ප්‍රීතියෙහි නොඇලීමෙන් මැදහත් ස්වභාව ඇතිව වාසය කෙරේ.   සිහි ඇතිව,  නුවණැතිව සැපයද කයින් විඳියි.   මැදහත්ය.   සිහි ඇත්තේය.   සැපසේ වෙසේයයි යමකු ගැන ආය්‍ර්‍යයෝ කියත්ද,  ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

6. සැප පහකිරීමෙන්ද,  දුක් පහකිරීමෙන්ද,  පූර්‍වයෙහිම සොම්නස්, දොම්නස් දෙදෙනාගේ නැතිවීමෙන්,  දුක් රහිත,  සැප රහිත,  උපෙක්‍ෂා ස්මෘතීන්ගෙන් පිරිසිදුවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

7. සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ දුරුකිරීමෙන්,  ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තයට පැමිණවීමෙන්,  නානත්ත සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන්,  ´´අනන්තවූ ආකාශය´´ යයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි.   සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි.   සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා,  ´´කිසිත් නැතැ´´ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.   සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.

( මාතිකා නිමි. )
—–

සුත්තන්තභාජනිය.

8. ´´මේ ශාසනයෙහි´´ යනු,  මේ දෘෂ්ටියෙහි,  මේ කැමැත්තෙහි,  මේ රුචියෙහි,  මේ ගැන්මෙහි,  මේ ධර්‍මයෙහි,  මේ විනයෙහි, මේ ධර්‍ම විනයෙහි,  මේ පාවචනයෙහි,  මේ බ්‍රහ්මචරියාවෙහි,  මේ සත්‍ථු ශාසනයෙහි යනුයි.   එහෙයින් මේ ශාසනයෙහි යයි කියනු ලැබේ.

9. ´´භික්ඛු´´ යනු ප්‍රඥප්තියෙන් භික්‍ෂු නමි.   ඇඟවීමෙන් භික්‍ෂු නමි.   ඉල්වානුයි භික්‍ෂු නමි.   ඉල්ලීම ධර්‍මකොට ඇති බැවින් භික්‍ෂු නමි.   කඩා මැසූ වස්ත්‍ර දරානුයි භික්‍ෂු නමි.   ලාමක අකුසල ධර්‍මයන් බිඳීනුයි භික්‍ෂු නමි.   ලාමක අකුසල ධර්‍මයන්ගේ බිඳීම ඇති බැවින් භික්‍ෂු නමි.   මාර්‍ග සීමාවෙන්ද,  ක්ලේශ සීමාවෙන්ද කෙලෙස් දුරු කෙරේනුයි භික්‍ෂු නමි.   රහත් මගින් සීමා රහිතව කෙලෙස් දුරු කෙරේනුයි භික්‍ෂු නමි.   ශෛක්‍ෂනුයි භික්‍ෂු නමි.   අශෛක්‍ෂනුයි භික්‍ෂු නමි.  ශෛක්‍ෂ නොවූයේ,  අශෛක්‍ෂ නොවූයේ භික්‍ෂු නමි.   අග්‍රවූයේ භික්‍ෂු නමි.   භද්‍ර වූයේ භික්‍ෂු නමි.   ප්‍රසන්නවූයේ භික්‍ෂු නමි.   සාරවූයේ භික්‍ෂු නමි.   සමගි බවට පැමිණියාවූ සංඝයා සහිතව ඤත්ති චතුත්‍ථ කර්‍මයෙන් ´´වත්‍ථු´´ ආදිය නොවරදවා සම්පුර්‍ණකොට ශාසනයට සුදුසු පරිද්දෙන් උපසම්පදාවූයේනුයි භික්‍ෂු නමි.

10. ´´ප්‍රාතිමොක්‍ෂ´´ යනු ශීලයයි.   ප්‍රතිෂ්ඨාවයි.   ආදිය,  චරණය,  සඤ්ඤමය,  සංවරය,  මොක්ඛය,  පාමොක්ඛය,  කුසල ධර්‍මයන්ගේ සම්පත්තිය යනුයි.

´´සංවර´´ යනු ත්‍රිවිධවූ කාය සුචරිතය,  සතර වැදෑරුම් වචී සුචරිතය හා කාය වාග් සුචරිතය යනුයි.

´´සංවර වූයේ´´ යනු මේ ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වෙයි.   සමුපෙතවූයේ වෙයි.   උපාගතවූයේ වෙයි.   සමුපාගතවූයේ වෙයි.   උප්පන්නවූයේ වෙයි.   සමුප්පන්නවූයේ වෙයි.   සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරණයවූයේයයි කියනු ලැබේ.

11. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි,  පවතියි,  පාලනය කරයි,  යැපෙයි,  යාපනය කරයි,  හැසිරෙයි,  වාසය කරයි යනුයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

12. ´´ආචාර ගොචර සම්පන්න´´ යනු ආචාර වූයේ ඇත.   අනාචාරවූයේ ඇත.   එහි අනාචාරය කවරේද?   කායික වීතික්කමය හෙවත් කායික දුශ්චරිතය,  වාචසික වීතික්කමය හෙවත් වාග් දුශ්චරිතය,  කායික වාචසික දුශ්චරිතය යනුයි.   මෙය අනාචාරයයි කියනු ලැබේ.   සියලු දුශ්ශිීලබව අනාචාරයයි.   මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් උණ දඬු දීමෙන් හෝ,  කොළ වර්‍ග දීමෙන් හෝ,  මල් දීමෙන් හෝ,  ගෙඩි දීමෙන් හෝ,  නහන සුණු දීමෙන් හෝ,  දැහැටි දීමෙන් හෝ,  චාටු කථා කිරීමෙන් හෝ,  සැබෑ බොරු මිශ්‍රව කථා කිරීමෙන් හෝ,  ළමයින් සුරතල් කිරීමෙන් හෝ,  පණිවුඩ පණත් ගෙන යාමෙන් හෝ,  අනික් අනික් කරුණකින් හෝ,  බුදුන් විසින් ගරහන ලද මිත්‍ථ්‍යා ජීවිකාවෙන් ජීවත් වෙයි.   මෙය අනාචාරයයි කියනු ලැබේ.   එහි ආචාරය කවරේද?   කායික සුචරිතය,  වාචසික සුචරිතය,  කායික වාචසික සුචරිතය යනුයි.   මෙය ආචාරයයි කියනු ලැබේ.   සියලු සීල සංවරය ආචාරයයි.   මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් උණ දඬු දීමක් නැතිව,  කොළ වර්‍ග දීමක් නැතිව,  මල් දීමක් නැතිව,  ගෙඩි දීමක් නැතිව,  නහණ සුණු දීමක් නැතිව,  දැහැටි  දඬු දීමක් නැතිව,  චාටු කථා නැතිව,  සැබෑ බොරු මිශ්‍ර කථා නැතිව,  ළමයින් සුරතල් කිරීමක් නැතිව,  පණිවුඩ පණත් ගෙනයාමක් නැතිව,  අනික් අනික් කරුණකින් හෝ බුදුන් විසින් ගරහන ලද මිත්‍ථ්‍යා ජීවිකාවෙන් ජීවත් නොවෙයි.   මෙය ආචාරයයි කියනු ලැබේ.්ර්‍‍ර්ර්‍‍ර්ර්‍‍ර්ර්‍‍ර්ර්‍‍ර්ර්‍‍ර

13. ´´ගොචර´´ යනු,  ගොචරය (සුදුසු තැන) ඇත.   අගොචරය (නුසුදුසු තැන) ඇත.   එහි අගොචරය කවරේද?   මේ  ශාසනයෙහි ඇතැම් මහණෙක් වෛශ්‍යාවන් වෙසෙන තැන හෝ  හැසිරෙයි.   ස්වාමියන් මළ අඹුවන් වසන තැන හෝ හැසිරෙයි.   අවිවාහයක නොහොත් වැඩුන කුමරියන් වසන තැන හෝ හැසිරෙයි.      භික්‍ෂුණීන් වසන තැන  හෝ හැසිරෙයි.   සුරා විකුණන ස්ථානවල හෝ හැසිරෙයි.   රජුන් සමග,  රාජ මහාමාත්‍යයන් සමග තීත්‍ර්‍ථකයන්,  එම ශ්‍රාවකයන් සමග යන නුසුදුසු සංසර්‍ගයෙන් සංසර්‍ගව වාසය කරයි.   යම් ඒ අශ්‍රධාවත්,  අප්‍රසන්නවූ,  නිතර දානාදිය නොදෙන,  නරක වචන කියා බණින්නාවූද,  නින්දා වචන කියා බණින්නාවූද,  භික්‍ෂූන්ගේ, භික්‍ෂුණීන්ගේ, උපාසකයන්ගේ, උපාසිකාවන්ගේ අනත්‍ර්‍ථය කැමති, අහිත කැමති, අඵාසුව කැමති, නිර්භය භාවය නොකැමැත්තාවූ කුලයන් ඇද්ද,  එබඳු කුලයන් සේවනය කරයි,  භජනය කරයි,  පයිරුපාසනය කරයි.   මෙය අගෝචරයයි කියනු ලැබේ.

14. එහි ගෝචරය (සුදුසු තැන) කවරේද?   මෙහි ඇතැම් මහණෙක්,  වෛශ්‍යාවන් වසන තැන හෝ  මළ හිමියන් වසන, අඹුවන් වසන තැන හෝ,  විවාහයක නොගොස් වැඩෙන කුමරියන් වසන තැන හෝ,  පණ්ඩකයන් වසන තැන හෝ,  භික්‍ෂුණීන් වසන තැන  හෝ,  සුරා විකුණන ස්ථානවල හෝ නොහැසිරෙයි.   රජුන් සමග,  රාජ මහාමාත්‍යයන් සමග තීත්‍ර්‍ථකයන්,  තීත්‍ර්‍ථක ශ්‍රාවකයන් සමග යන නුසුදුසු සංසර්‍ගයෙන් සංසර්‍ගව වාසය නොකරයි.   යම් ඒ ශ්‍රධාවත්,  ප්‍රසන්නවූ,  නිතර දානාදිය දෙන,  කසාවතින් බබළන,  ගෙට පැමිණෙන භික්‍ෂු භික්‍ෂුණීන්ගේ චීවරයන්හි සුළං හමන්නාවූ,  යම් ඒ භික්‍ෂූන්ගේ,  භික්‍ෂුණීන්ගේ, උපාසකයන්ගේ, උපාසිකාවන්ගේ වැඩ කැමතිවූ, හිත කැමතිවූ, පහසුව කැමතිවූ, නිර්භය භාවය කැමතිවූ එබඳු කුලයන් සේවනය කරයි,  භජනය කරයි,  පයිරුපාසනය කරයි.   මෙය ගෝචර (සුදුසු තැන) යයි කියනු ලැබේ.   මෙසේ මේ ආචාරයෙන්ද,  මේ ගෝචරයෙන්ද යුක්තවූයේ වෙයි.   එහෙයින් ආචාර ගෝචර සම්පන්නයයි කියනු ලැබේ.

15. ´´ස්වල්ප මාත්‍රවූද වැරදිවල භය දක්නා සුළුවූයේ´´ යනු එහි ස්වල්ප මාත්‍ර වැරදි කවරහුද?   ස්වල්ප මාත්‍රවූ,  ඕර මාත්‍රවූ,  ලහුකවූ,  ලහුක සම්මතවූ,  සංයමයෙන් කටයුතු ප්‍රතිකර්‍ම ඇත්තාවූ,  සංවරයෙන් කටයුතු ප්‍රතිකර්‍ම ඇත්තාවූ,  චිත්තොපාද මාත්‍රයෙන් කටයුතු ප්‍රතිකර්‍ම ඇත්තාවූ,  සිතින් ආවර්ජනය කළ පමණකින් කටයුතු ප්‍රතිකර්‍ම ඇත්තාවූ මොවුහු ස්වල්ප මාත්‍ර වැරදියයි කියත්.   මෙසේ මේ ස්වල්ප මාත්‍ර වැරදිවල වරද දක්නා සුළුවූයේ වෙයි.   භය දක්නා සුළුවූයේ වෙයි.   ආදීනව දක්නා සුළුවූයේ වෙයි.   නික්මීම දක්නා සුළුවූයේ වෙයි.   එහෙයින් ස්වල්ප මාත්‍ර වරදෙහි භය දක්නා සුළුවූයේ යයි කියත්.

16. ´´ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයි´´ යනු එහි ශික්‍ෂාව කවරේද?   ශික්‍ෂා සතරක් වෙති.   භික්‍ෂූන්ගේ භික්‍ෂු ශික්‍ෂාව,   භික්‍ෂුණීන්ගේ භික්‍ෂුණී ශික්‍ෂාව,  උපාසකයන්ගේ උපාසක ශික්‍ෂාව,  උපාසිකාවන්ගේ උපාසිකා ශික්‍ෂාව යන මොවුහු ශික්‍ෂායයි කියත්.   මෙසේ මේ ශික්‍ෂාවන්හි සියල්ලෙන් සියල්ල,  සර්‍වප්‍රකාරයෙන් සර්‍වප්‍රකාරය සමාදන්ව ගෙන  පවතියි.   එහෙයින් ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මේයයි කියයි.

17. ´´ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේය´´ යනු, ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇති බව ඇත.   නොවසන ලද දොරටු ඇති බව ඇත.   එහි ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසින් රූපය දැක නිමිති ගන්නේ වෙයි.   සුළු නිමිති ගන්නේ වෙයි.  යම්කිසි හේතුවකින් මේ චක්ඛුන්‍ද්‍රිය  අසංවරව වාසය කරන්නහුට,  දැඩි ලෝභය,  දොම්නස යන ලාමක අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද,  එහි සංවරය පිණිස නොපිළිපදියි.   චක්ඛුන්‍ද්‍රිය නොරකියි.   චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට නොපැමිණෙයි.   කණින් ශබ්දය අසා -පෙ- නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණයකොට -පෙ- දිවෙන් රසය විඳ -පෙ-  කයින් ස්පර්‍ශය කොට  -පෙ-  සිතින් ධර්‍මය දැන නිමිති ගන්නේ වෙයි.   අනුබ්‍යඤ්ජන ගන්නේ වෙයි.   යම්කිසි හේතුවකින් මනින්‍ද්‍රිය අසංවරව වාසය කරන්නහුට දැඩි ලෝභය,  දොම්නස යන ලාමක අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද,  එහි සංවරය පිණිස නොපිළිපදියි.   මනින්‍ද්‍රිය නොරකියි.   මනින්‍ද්‍රියයෙහි සංවරයට නොපැමිණෙයි.   යම් මේ ඉන්‍ද්‍රිය සයගේ ආගුත්තියක්,  ආගොපනයක්,  ආරක්‍ෂා නොකිරීමක්,  අසංවරයක් ඇද්ද,  මෙය ඉන්‍ද්‍රියයන්හි  නොවසන ලද දොරටු ඇති බව යයි කියනු ලැබේ.

18. එහි ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇති බව කවරේද?   මෙහි ඇතැම් පුද්ගලයෙක් ඇසින් රූපය දැක නිමිති නොගන්නේ වෙයි.   සුළු නිමිති නොගන්නේ වෙයි.  යම්කිසි හේතුවකින් මේ චක්ඛුන්‍ද්‍රිය  අසංවරව වාසය කරන්නහුට,  දැඩි ලෝභය,  දොම්නස යන ලාමක අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද,  එහි සංවරය පිණිස පිළිපදියි.   චක්ඛුන්‍ද්‍රිය රකියි.   චක්ඛුන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.   කණින් ශබ්දය අසා -පෙ- නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණයකොට -පෙ- දිවෙන් රසය විඳ -පෙ-  කයින් ස්පර්‍ශය කොට  -පෙ-  සිතින් ධර්‍මය දැන නිමිති නොගන්නේ වෙයි. සුළු නිමිති නොගන්නේ වෙයි.   යම්කිසි හේතුවකින් මනින්‍ද්‍රිය සංවරව වාසය කරන්නහුට දැඩි ලෝභය,  නොසතුට යන ලාමක අකුසල ධර්‍මයෝ රැස්වන්නාහුද,  එහි සංවරය පිණිස පිළිපදියි.   මනින්‍ද්‍රියය  රකියි.   මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.   යම් ඒ ඉන්‍ද්‍රිය සයගේ ගුත්තියක්,  ගොපනයක්,  ආරක්‍ෂාවක්,  සංවරයක් ඇද්ද,  එයයි.   මෙය ඉන්‍ද්‍රියයන්හි  වසන ලද දොරටු ඇති බව යයි කියනු ලැබේ.   මේ ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇති බැවින් යුක්තවූයේ වෙයි.   සමුපෙතවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.      එහෙයින් ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරටු ඇති බවයයි කියනු ලැබේ.

19.  ´´භොජනයෙහි පමණ දැනීම´´ යනු භෝජනයෙහි පමණ දැනීම ඇත,  පමණ නොදැීිම ඇත.  එහි භෝජනයෙහි පමණ නොදැනීම කවරේද?   මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුවක් නුවණින් නොබලා,  නුනුවණින්,  ක්‍රීඩා පිණිස,  තරුණ මදය පිණිස,  සැරසීම පිණිස ආහාරය අනුභව කරයි.   යම් ඒ භෝජනයෙහි ලද දෙයින් අසතුටුවීමක් ඇද්ද,  පමණ නොදැනීමක් ඇද්ද,  නුනුවණින් කල්පනා කිරීමක් ඇද්ද,  මෙය භෝජනයෙහි පමණ නොදැනීමයයි කියනු ලැබේ.

20. එහි භෝජනයෙහි පමණ දැනීම කවරේද?   මෙහි ඇතැම් භික්‍ෂුවක් නුවණින් බලා,  නුවණින් යුතුව,  ක්‍රීඩා පිණිස නොව,  තරුණ මදය පිණිස නොව,  සැරසීම පිණිස නොව,  අලංකාරය පිණිස නොව,  යම් පමණකින් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස,  යැපීම පිණිස,  බඩ සා දුක හරණ පිණිස,  බඹසරට පිහිට පිණිස,  ආහාරය අනුභව කරයි.   මෙසේ පරණ දුක් වේදනාව නසන්නෙමි.   අළුත් දුක් වේදනාව නූපදවන්නෙමි.   මාගේ සතර ඉරියව්හි පැවැත්මද,  නිවරද බැව්ද,  යෙහෙන් විසීමද වන්නේයයි යනුයි.   යම් ඒ භෝජනයෙහි ලද දෙයින් සතුටු බවක්,  පමණ දැනීමක්,  නුවණින් කල්පනා කිරීමක් ඇද්ද,  මෙය භෝජනයෙහි පමණ දැනීමයයි කියනු ලැබේ.   මේ භෝජනයෙහි පමණ දැනීමෙන් යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් භෝජනයෙහි පමණ දැනීමයයි කියනු ලැබේ.

21.  කෙසේ භික්‍ෂුව පෙර රාත්‍රියෙහිද,  අපර රාත්‍රියෙහිද නිදි වර්ජිත කිරීමෙන් යුක්තවූයේ වෙයිද?   මේ ශාසනයෙහි මහණතෙම දවල් කාලය සක්මනෙන්ද,  වැඩ හිඳීමෙන්ද,  නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි.   රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද,  වැඩ හිඳීමෙන්ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි.   රාත්‍රියෙහි මධ්‍යම යාමය පයින් පය එකට තබා සිහි ඇතිව,  මනා නුවණැතිව නැගිටීමේ අදහස ඇතිව දකුණැලයෙන් සීහ සෙය්‍යාව කරයි.   රාත්‍රියෙහි අන්තිම යාමයෙහි නැගිට සක්මනින්ද, වැඩ හිඳීමෙන්ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කරයි.   මෙසේ භික්‍ෂුව පෙර රාත්‍රියෙහිද,  අපර රාත්‍රියෙහිද නිදි වර්ජිත කිරීමෙන් යුක්තවූයේ වෙයි.

22. ´´නිතර ක්‍රියා කිරීම´´ යනු,  යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ- සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.

23. ´´නිපක නම් ප්‍රඥාව´´ යනු, යම් ප්‍රඥාවක්,  පජානනයක් -පෙ- අමොහයක්,  ධම්මවිචයක්,  සම්මා දිට්ඨියක් ඇද්ද,  එයයි.

24. ´´බෝධි පාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනාවෙන් යුක්තවූයේ´´ යනු එහි බොධිපාක්‍ෂික ධර්‍මයෝ කවරහුද?   සත්ත බොජ්ඣඞ්ගයෝයි. සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.   මොවුහු බෝධිපාක්‍ෂික ධර්‍මයෝ නම් වෙති.   මෙසේ මේ බෝධිපාක්‍ෂික ධර්‍මයන් සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් බෝධිපාක්‍ෂික ධර්‍මයන් පිළිබඳ භාවනාවෙහි යෙදීමෙන් යුක්තවූයේ වෙයි.

25. කෙසේ භික්‍ෂුව ඉදිරියට යාමෙහිද,  ආපසු ඒමෙහිද විමසන නුවණ ඇත්තේ වේද,  ඉදිරි බැලීමෙහිද,  වටපිට බැලීමෙහිද විමසන නුවණ ඇත්තේ වේද,  අතපය දිගු කිරීමෙහිද,  හැකිලීමෙහිද විමසන නුවණ ඇත්තේ වේද,  සඟල සිවුර හා පාත්‍රද,  සෙසු සිවුරු දැරීමෙහිද විමසන නුවණ ඇත්තේ වේද, අනුභවයෙහිද,  පානයෙහිද,  කඩා කන දේ කෑමෙහිද විමසන නුවණ ඇත්තේ වේද,   මල මූත්‍ර කර්‍මයෙහි විමසන නුවණ ඇත්තේ වේද,   ගමනෙහිද,  නැගිට සිටීමෙහිද,  වාඩිවී සිටීමෙහිද,  නිදිවර්ජිත කිරීමෙහිද,  කථා කිරීමෙහිද,  කථා නොකර සිටීමෙහිද විමසන නුවණ ඇත්තේ වේද,   මේ ශාසනයෙහි මහණතෙම සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ,  ඉදිරියට යයි. සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ ආපසු එයි.   සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ ඉදිරිපස බලයි. සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ වටපිට බලයි.   සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ අතපය හකුළුවයි.   සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ වෙයි.   සඟල සිවුර හා පාත්‍රයද,  සෙසු සිවුරුද දැරීමෙහි සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ වෙයි.   භෝජනයෙහිද,  පානයෙහිද,  කඩා කෑමෙහිද,  රස විඳීමෙහිද සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ වෙයි.   මල මූත්‍ර කිරීමෙහි සිහි ඇත්තේ,  විමසන නුවණ ඇත්තේ වෙයි.

26. එහි සිහිය කවරේද? යම් සතියක්,  අනුස්සතියක්,  -පෙ-  සම්මාසතියක්,  සතිසම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සම්මාසතියයි කියනු ලැබේ.

27. ´´විමසන නුවණැත්තේ´´ යනු.   එහි විමසන නුවණ කවරේද?   යම් ප්‍රඥාවක් ඇද්ද,  පජානනයක්  -පෙ-  අමොහයක්,  ධම්මවිචයක්,  සම්මාදිට්ඨියක් ඇද්ද එයයි.   මෙය විමසන නුවණයයි කියනු ලැබේ.   මෙසේ මේ සිහියෙන්ද,  මේ විමසන නුවණින්ද යුක්තවූයේ වෙයි.   සමුපෙතවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.

28. මෙසේ භික්‍ෂුව සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ ඉදිරියට යයි.   සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ ආපසු එයි.   සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ ඉදිරිය බලයි.   සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ වටපිට බලයි.   සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ අතපය හකුළුවයි.   සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ අතපය දිගහරියි.   සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ වෙයි.   සඟල සිවුර හා පාත්‍රයද,  සෙසු සිවුරු දැරීමෙහිද සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ වෙයි.   භෝජනයෙහිද,  පානයෙහිද,  කඩාකෑමෙහිද,  රස විඳීමෙහිද සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ වෙයි.   මල මූත්‍ර කිරීමෙහි සිහි ඇත්තේ,  විමසන නුවණැත්තේ වෙයි.   ගමනෙහිද,  නැගිට සිටීමෙහිද,  වාඩිවී සිටීමෙහිද,  නිදීමෙහිද,  නිදි වර්ජිත කිරීමෙහිද,  කථා කිරීමෙහිද,  කථා නොකිරීමෙහිද විමසන නුවණ ඇත්තේ වෙයි.

29. ´´විවේකය´´ යනු ලඟවූද,  යම් සේනාසනයක් ඇත්තේ වේද,  එයද ගෘහස්තයන් විසින්ද,  ප්‍රව්‍රජිතයන් විසින්ද ගැවසී නොගත්තේ වේ.   එහෙයින් එය විවේක නම් වේ.   දුරෙහිවූද සේනාසනයක් ඇත්තේ වේද,  එයද ගෘහස්තයන් විසින්ද,  ප්‍රව්‍රජිතයන් විසින්ද ගැවසී නොගත්තේ වේ.   එහෙයින් එය විවේක නම් වේ.   ඇඳද සේනාසනය වෙයි.   පුටුවද සේනාසනය වෙයි.    (තෘණ ආදී) බිස්ස හෝ සේනාසනය වෙයි.   බිම්බොහණයද සේනාසනය වෙයි.   විහාරයද සේනාසනය වෙයි.   අඩ්ඪයොගයද සේනාසනය වෙයි.   පාසාදයද සේනාසනය වෙයි.   අට්ටය (මැස්ස) සේනාසනය වෙයි.   මාලකයද සේනාසනය වෙයි.   ලෙනද සේනාසනය වෙයි.   ගුහාවද සේනාසනය වෙයි.   ගස් මුලද සේනාසනය වෙයි.   උණ පඳුරද සේනාසනය වෙයි.   භික්‍ෂූහු යම් තැනක රැස්වෙත්ද ඒ සියලු තැන සේනාසන නමි.   විවේක සේනාසනය භජනය කෙරේ.   ඇලීම කෙරේ.   සේවනය කෙරේ.   නිසේවනය කෙරේ.   මනාකොට සේවනය කෙරේ.   එහෙයින් විවේක සේනාසනය භජනය කෙරේයයි කියනු ලැබේ.

30. ගම් දොර සිටවූ ඉන්‍ද්‍රඛීලයෙන් පිටත මේ සියලු තැන අරණ්‍ය නමි.   රුක්මුල යනු රුක්මුල්ම නමි.   පර්‍වතයම ´´පර්‍වත´´ නමි.   කන්‍දරයම (ජලය බස්නා තැනක් ආශ්‍රිත කඳු බෑවුම) කන්‍දර නමි.   ගිරිගුහාවම ගිරිගුහා නමි.   සොහොනම සොහොන නමි.   එළිමහනම එළිමහන නමි.   පිදුරුබිස්සම පිදුරුබිස්ස නමි.   ´´වනපත්‍ථ´´ යනු (වනයෙහි) දුරවූ සේනාසනයන්ට මේ නමකි.   වනපත්‍ථ යනු වනරොදෙහිවූ සේනාසනයට මේ නමෙකි.

31. ´´වනපත්‍ථ´´ යනු බිය ගෙන දෙන සේනාසනයන්ට මේ නමකි.   ´´වනපත්‍ථ´´ යනු ඉතා දුර කෙළවර පිහිටි සේනාසනයන්ට මේ නමෙකි.   වනපත්‍ථ යනු මිනිසුන් ලඟ ගැවසීමක් නැති සේනාසනයන්ට මේ නමකි.   ´´වනපත්‍ථ´´ යනු නොලැබූ විවේකය ලැබූවන්ට විසීමට යෝග්‍යවූ සේනාසනයන්ට මේ නමකි.

32. ´´අල්පවූ ශබ්දය ඇති´´ යනු ලඟවූද සේනාසනයක් ඇත්තේ වේද,  එය ගෘහස්තයන් විසින්ද,  පැවිද්දන් විසින්ද ගැවසී නොගත්තේද,  එහෙයින් එය අල්ප ශබ්ද නමි.   දුරවූද සේනාසනයක් වේද,  එයද ගෘහස්තයන් විසින්ද,  පැවිද්දන් විසින්ද ගැවසී නොගත්තතේද,  එහෙයින් එය අල්ප ශබ්දයයි කියනු ලැබේ.   ´´අප්පනිග්ඝොස´´ යනු යම් තැනක් අල්ප ශබ්දද,  එයම ´´අප්පනිග්ඝොස´´ නම් වේ.   යම් තැනක් අප්පනිග්ඝොසද,  එයම විජනවාත නම් වේ.   යම් තැනක් විජන වාතද,  එයම මිනිසුන්ගේ රහස් කටයුතුවලට යෝග්‍ය නම් වේ.   යම් තැනක් මිනිසුන්ගේ රහස් කටයුතුවලට යෝග්‍යද,  එයම විවේකයට සුදුසු වේ.

33. ´´අරණ්‍යයකට ගියේ හෝ,  රුක් මුලකට ගියේ හෝ,  ශුන්‍යාගාරයකට ගියේ හෝ´´ යනු අරණ්‍යයකට ගියේ හෝ වෙයි,  රුක් මුලකට ගියේ හෝ වෙයි,  ශුන්‍යාගාරයකට ගියේ හෝ වෙයි.   පලක් බැඳ වැඩ හිඳියි යනු පලක් බැඳ වැඩ සිටියේ වෙයි.   කය ඎජුකොට තබා යනු කය ඎජුකොට (කෙළින්) තැබුයේ වෙයි.   නිශ්චලව තැබුයේ වෙයි.   යහපත්ව තැබුයේ වෙයි.

34. ´´සිහිය ප්‍රමුඛකොට තබා´´ යනු එහි සිහිය කවරේද? යම් සතියක්,  අනුස්සතියක්,  -පෙ-  සම්මාසතියක්,  සතිසම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සම්මාසතියයි කියනු ලැබේ.  මේ සිහිය නාසිකාග්‍රයෙහි හෝ,  මුඛ නිමිත්තෙහි හෝ එළඹ සිටියේ වෙයි.   එහෙයින් සිහිය ප්‍රමුඛකොට තබා යයි කියනු ලැබේ.

35. ´´ලෝකයෙහි දැඩි ලෝභය දුරුකොට´´ යනු එහි දැඩි ලෝභය කවරේද?   (මෙහි පච්චයාකාර විභංගයේ 3ු )සස´ )  මෙය දැඩි ලෝභයයි කියනු ලැබේ.   එහි ´´ලෝකය´´ කවරේද?   උපාදාන ස්කන්‍ධ පඤ්චකය ලෝකය නම් වේ.   මෙය ලොකයයි කියනු ලැබේ.   මේ ලොකයෙහි මේ අභිද්‍යාව ශාන්තවූයේ වෙයි.   සමිතවූයේ වෙයි.   සංසිඳීමවූයේ වෙයි.   අත්‍ථඞ්ගතවූයේ වෙයි.   අබ්භත්‍ථඞ්ගත වූයේ වෙයි.   අප්පිතවූයේ වෙයි.   ව්‍යප්පිතවූයේ වෙයි.   සොසිත වූයේ වෙයි.   විසොසිත වූයේ වෙයි.   ව්‍යන්තීකත වූයේ වෙයි.   එහෙයින් ලෝකයෙහි අභිධ්‍යාව දුරුකොට යයි කියනු ලැබේ.

36. ´´පහවූ අභිධ්‍යාව ඇති සිතින්´´ යනු එහි සිත කවරේද?   යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.   පහවූ දැඩි ලෝභය ඇති මේ සිත වෙයි.   එහෙයින් දැඩි ලෝභය ඇති සිත යයි කියනු ලැබේ.

37. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

38.  ´´දැඩි ලොභයෙන් සිත පිරිසිදු කෙරේ´´ යනු එහි අභිධ්‍යාව (දැඩි ලෝභය) කවරේද?   (මෙහි පච්චයාකාර විභංගයේ 3ු )සස´ ) එයයි.   එහි සිත කවරේද?   යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ අභිධ්‍යාවෙන් (දුරුකොට) මේ සිත පිරිසිදු කරයි.   විසොධනය කරයි.   පරිසොධ කරයි.   මුදයි.   විශේෂයෙන් මුදයි.   පරිශෝධනය කරයි.

39. ´´ව්‍යාපාදයෙන් දූෂිතවූ සිත පිරිසිදු කොට´´ යනු,  ව්‍යාපාදය ඇත.   දූෂිත බව ඇත.   එහි ව්‍යාපාදය කවරේද?   යම් චිත්තයාගේ ආඝාතයක්,  පටිඝාතයක්,  පටිඝයක්,  පටිවිරොධයක්,  කොපයක්,  ප්‍රකොපයක්,  සම්ප්‍රකොපයක්,  දොසයක්,  ප්‍රදොසයක්,  සම්ප්‍රදොසයක්,  චිත්තයාගේ ව්‍යාප්තියක්,  මනො ප්‍රදොසයක්,  කොධයක්,  කිපීමක්,  කිපීම් බවක්,  දොසයක්,  දුස්සනාවක්,  දුස්සිතයක්,  ව්‍යාපත්තියක්,  ව්‍යාපජ්ජනාවක්,  විරොධයක්,  පටිවිරොධයක්,  චණ්ඩික්කයක්,  අස්සුරොපයක්,  චිත්තයාගේ නොසතුටු බවක් ඇද්ද,  එයයි.   මෙය ව්‍යාපාදයයි කියනු ලැබේ.

40. එහි දූෂිතත්‍වය කවරේද?   යම් ව්‍යාපාදයක් ඇද්ද,  ඒ පදොසයයි.   යම් පදොසයක් ඇද්ද,  ඒ ව්‍යාපාදයයි.   මේ ව්‍යාපාදයද,  මේ පදොසයද මෙසේය.   ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.   එහෙයින් ව්‍යාපාදයෙන් දූෂිතවූ සිත දුරුකොටයයිද කියනු ලැබේ.

41. ´´කෝප නොවූ සිත´´ යනු එහි සිත කවරේද?   යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ සිත අව්‍යාපන්න (කෝපය නැත්තේ) යයි කියනු ලැබේ.

42. ´´වාසය කෙරේ´´ යනු -පෙ- එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.   ´´ව්‍යාපාදයෙන් දූෂිතවූ සිත පිරිසිදු කෙරේ´´ යනු ව්‍යාපාදය ඇත.   දූෂිත බව ඇත.   එහි ව්‍යාපාදය කවරේද?   යම් ව්‍යාපාදයක් ඇද්ද,  ඒ දූෂිත බවයි.   යම් දූෂිත බවක් ඇද්ද,  ඒ ව්‍යාපාදයයි.   එහි චිත්තය කවරේද?   යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ ව්‍යාපාදයෙන්,  දූෂිත බවෙන් දුරුකොට පිරිසිදු කරයි.   විසොධනය කරයි.   පරිසොධනය කරයි.   මුදයි.   විමොචනය කරයි.   පරිමොචනය කරයි.   එහෙයින් ව්‍යාපාද දූෂිත බවින් සිත පිරිසිදු කරයි යනුයි.

43. ´´ථීන මිද්ධය දුරුකොට´´ යනු ථීනය (සිතේ ගිලන් බව) ඇත.   මිද්ධය (කයේ ගිලන් බව) ඇත.   එහි ථීනය කවරේද?   චිත්තයාගේ යම් අයොග්‍ය බවක් ඇද්ද,  වැඩට නුසුදුසු බවක් ඇද්ද,  පසුබට බවක් ඇද්ද,  සැඟවුනු බවක්,  හැකිලීමක්,  හැකිලීම් බවක් ඇද්ද,  චිත්තයාගේ ගිලන් වීමක්,  ගිලන් ස්වභාවයක්,  ගිලන්වීමේ හේතුවක් ඇද්ද,  මෙය ථිනයයි කියනු ලැබේ.   එහි මිද්ධය කවරේද?   කායයාගේ යම් අයොග්‍ය බවක්,  වැඩට නුසුදුසු බවක්,  නැමීමක්,  හාත්පසින් නැමීමක්,  ඇතුළත හැකිලිමක්,  නිදා වැටිමක්,  සුප්පයක්,  සුප්පනාවක්,  සුප්පිතත්‍ථයක්, ඇද්ද,  මෙය මිද්ධයයි.   මෙසේ මේ ථීනයද,  මේ මිද්ධයද,  ශාන්තවූවාහු වෙද්ද,  සමිතවූවාහු වෙද්ද,  සන්සිඳුනාහු  -පෙ-  වියලුනාහු,  විශෙෂයෙන් වියලුනාහු,  විනාශවූවාහු වෙද්ද,  එහෙයින් ථිනමිද්ධය දුරුකොටයයි කියනු ලැබේ.

44. ´´පහවූ ථීනමිද්ධය´´ යනු,  ඒ ථීනමිද්ධය දුරුකළ බැවින්,  වමාරා දැමූ බැවින්,  මිදුනු බැවින්,  ප්‍රහීණකළ බැවින්,  සන්සිඳුන බැවින්,  ප්‍රහීණය හා සන්සිඳීම කළ බැවින්, යනුයි.   එහෙයින් පහවූ ථීනමිද්ධය ඇත්තේයයි කියනු ලැබේ.

45. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

46. ´´ආලෝක සංඥාව ඇත්තේ´´ යන්නෙහි,  එහි සංඥාව කවරේද?   යම් සංඥාවක්,  හැඳිනීමක්,  හැඳිනීම් බවක්, ඇද්ද,  එයයි.   මෙය සංඥාවයයි කියනු ලැබේ.   මේ විවෘතවූ,  පරිශුද්ධවූ,  ඉතා පිරිසිදුවූ ආලෝක සංඥාව වෙයි.   එහෙයින් ආලෝක සංඥා ඇත්තේයයි කියනු ලැබේ.

47. ´´සිහි ඇත්තේ,  සම්‍යක් ප්‍රඥාව ඇත්තේ´´ යන්නෙහි,  එහි සිහිය කවරේද? යම් සතියක්,  අනුස්සතියක්,  -පෙ-  සම්මාසතියක්,  සතිසම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්, මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සම්මාසතියයි කියනු ලැබේ.

48. එහි සම්‍යක් ප්‍රඥාව කවරේද? යම් ප්‍රඥාවක්,  පජානනයක් -පෙ- අමොහයක්,  ධම්මවිචයක්,  සම්මා දිට්ඨියක් ඇද්ද,  එයයි.   මෙය සම්පජඤ්ඤයයි කියනු ලැබේ.   මෙසේ මේ සිහියෙන්ද,  මේ සම්‍යක් ප්‍රඥවෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් සිහි ඇත්තේ,  සම්‍යක් ප්‍රඥා ඇත්තේ යනුයි.

49. ´´ථීනමිද්ධයෙන් (දුරුකොට) සිත පිරිසිදු කෙරෙයි´´ යනු,  ථීනය ඇත.   මිද්ධය ඇත.   එහි ථීනය කවරේද?   -පෙ-   එහි මිද්ධය කවරේද?   -පෙ-   එහි චිත්තය කවරේද?   යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ සිත මේ ථීනමිද්ධයෙන් සොධනය කරයි.   විසොධනය කරයි.   පරිසොධනය කරයි.   මුදයි.   විමොචනය කරයි.   පරිමොචනය කරයි.   එහෙයින් ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරේයයි කියනු ලැබේ.

50. ´´උද්ධච්ච කුක්කුච්චය දුරුකොට´´ යනු උද්ධච්චය ඇත.   කුක්කුච්චය ඇත.   එහි උද්ධච්චය කවරේද?   යම් චිත්තයාගේ උද්ධච්චයක්,  නොසන්සිඳීමක්,  චිත්තයාගේ වික්‍ෂෙපයක් (කලබලයක්),  චිත්තයාගේ භ්‍රාන්ත බවක් ඇද්ද,  එයයි.   මෙය උද්ධච්චයයි කියනු ලැබේ.

51. එහි කුක්කුච්චය කවරේද?   නොකැප දෙයෙහි කැපයයි හැඟීම ඇති බව,  නිවරද දෙයෙහි වරදයයි යන හැඟීම ඇති බව,  වැරදි දෙයෙහි නිවැරදිය යන හැඟීම ඇති බව,  මෙබඳුවූ යම් කුකුසක්,  කුකුස් කිරීමක්,  කුකුස් කිරීම් බවක්,  චිත්තයාගේ විපිළිසර බවක්,  මනොවිලෙඛයක් ඇද්ද,  එයයි.   මෙය කුකුසයයි කියනු ලැබේ.   මෙසේ මේ උද්ධච්චයද,  මේ කුකුසද ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.   එහෙයින් උද්ධච්චකුක්කුච්චය දුරු කොට යයි කියනු ලැබේ.

52. ´´අනුද්ධත´´ යනු,  ඒ උද්ධච්ච කුක්කුච්චය සංසිඳුන බැවින්,  වමාරා දැමූ බැවින්,  මිදුන බැවින්,  ප්‍රහීණ කළ බැවින්,  දුරු කළ බැවින්,  ප්‍රහීණ හා දුරු කිරීම කළ බැවින්,  එහෙයින් අනුද්ධතයයි කියනු ලැබේ.

53. ´´වාසය කෙරේය´´ යනු  -පෙ-  එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.   ´´අජ්ඣත්ත´´ යනු,  තමා අයත්වූ පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත්වූ යනුයි.   ´´සංසිඳුන සිත් ඇත්තේය´´ යනු එහි චිත්තය කවරේද?   යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ. ආධ්‍යාත්මිකවූ මේ සිත ශාන්තවූයේ වෙයි.   සමිතවූයේ වෙයි.   සන්සිඳුනේ වෙයි.   එහෙයින් ආධ්‍යාත්මික ශාන්තවූ සිතයයි කියනු ලැබේ.

54. ´´උද්ධච්ච කුක්කුච්චයෙන් (දුරුකොට) සිත පිරිසිදු කෙරේය´´ යනු,  උද්ධච්චය ඇත.   කුක්කුච්චය ඇත.   එහි උද්ධච්චය කවරේද? යම් චිත්තයාගේ උද්ධච්චයක්,  නොසන්සිඳීමක්,  චිත්තයාගේ වික්‍ෂෙපයක් (කලබලයක්),  චිත්තයාගේ භ්‍රාන්ත බවක් ඇද්ද,  එයයි.   මෙය උද්ධච්චයයි කියනු ලැබේ.

55. එහි කුක්කුච්චය කවරේද?   නොකැප දෙයෙහි කැපයයි හැඟීම ඇති බව,  නිවරද දෙයෙහි වරදයයි යන හැඟීම ඇති බව,  වැරදි දෙයෙහි නිවැරදිය යන හැඟීම ඇති බව,  චිත්තයාගේ විපිළිසර බවක්,  මනො විලේඛයක් ඇද්ද,  එයයි.   මෙය කුකුසයයි කියනු ලැබේ.

56. එහි චිත්තය කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ උද්ධච්ච කුක්කුච්චයෙන් මේ සිත   (මෙහි 26)සස´)  එහෙයින් උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරේයයි කියනු ලැබේ.

57. විචිකිච්ඡාව දුරුකොට යනු,  එහි විචිකිච්ඡාව කවරේද?   යම් සැකයක්,  සැක කිරීමක්,  සැක කිරීම් බවක්,  විමතියක්,  විචිකිච්ඡාවක්,  අදහස් දෙකක්,  මාර්‍ග දෙකක්,  සැකයක්,  නොයෙක් අදහස් ගැනිමක්,  අසප්පනයක්,  පරිසප්පනයක්,  අපරියොගහනයක්,  ලොමු ඩැහැගැන්මක්,  චිත්තයාගේ සැකයක් ඇද්ද,  එයයි.   මෙය විචිකිච්ඡාවයයි කියනු ලැබේ.   මේ විචිකිච්ඡාව ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.   එහෙයින් විචිකිච්ඡාව දුරුකොටයයි කියනු ලැබේ.   විචිකිච්ඡාව තරණය කළේ යනු,  මේ විචිකිච්ඡාව තරණය කළේ වෙයි.   උත්තිණ්ණවූයේ වෙයි.   නිත්තිණ්ණවූයේ වෙයි.   පාරගතවූයේ වෙයි.   පරතෙරට ගියේ වෙයි.   එහෙයින් තරණය කළ විචිකිච්ඡාව ඇත්තේයයි කියනු ලැබේ.

58. ´´වාසය කෙරේ´´ යනු -පෙ- එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

59. කුසල ධර්‍මයන්හි කෙසේ කෙසේදැයි සැක නැත්තේ යනු මේ විචිකිච්ඡාවෙන් කුසල ධර්‍මයන්හි සැක නොකරයි.   විචිකිච්ඡා නොඋපදවයි.   කෙසේ කෙසේදැයි සැක නැත්තේ වෙයි.   නික්කථංකථිවූයේ වෙයි.   විකථංකථවූයේ වෙයි.   එහෙයින් කුසල ධර්‍මයන්හි අකථංකථි වූයේ වෙයි.   විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ යනු,  එහි විචිකිච්ඡාව කවරේද? යම් සැකයක්,  සැක කිරීමක්,  සැක කිරීම් බවක්,  විමතියක්,  විචිකිච්ඡාවක්,  අදහස් දෙකක්,  මාර්‍ග දෙකක්,  සැකයක්,  නොයෙක් අදහස් ගැනිමක්,  අසප්පනයක්,  පරිසප්පනයක්,  අපරියොගහනයක්,  ලොමු ඩැහැගැන්මක්,  චිත්තයාගේ සැකයක් ඇද්ද,  එයයි.

60. එහි චිත්තය කවරේද? යම් සිතක්,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.   මේ සිත මේ විචිකිච්ඡාවෙන් සොධනය කරයි.   විසොධනය කරයි.   පරිසොධනය කරයි.   මුදයි.   විමොචනය කරයි.   පරිමොචනය කරයි.    එහෙයින් විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේයයි කියනු ලැබේ.

61. ´´මේ පංච නීවරණයන් දුරු කොට´´ යනු,  මේ පංච නීවරණයෝ ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු,  සන්සිඳුනාහු,  අත්‍ථඞ්ගතවූවාහු,  අබ්භත්‍ථඞ්ගතවූවාහු,  අප්පිතවූවාහු,  ව්‍යප්පිතවුවාහු,  සොසිතවූවාහු,  විසොසිතවුවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.   එහෙයින් මේ පංච නීවරණයන් දුරුකොටයයි කියනු ලැබේ.

62. ´´චිත්තොපක්ලෙශයන්´´ යනු මේ පංච නීවරණයෝ සිතට උපක්ලේශයෝයි.   ´´ප්‍රඥාව දුර්‍වල කරන්නෝ´´ යනු මේ පංච නීවරණයන්ගෙන් නූපන්නාවූද ප්‍රඥාව නූපදියි.   උපන්නාවූද ප්‍රඥාව නිරුද්ධවෙයි.   එහෙයින් ´´ප්‍රඥාව දුර්‍වල කරන්නෝ´´ යයි කියනු ලැබේ.

63. ´´කාමයන්ගෙන් දුරුවම,  අකුසලයන්ගෙන් දුරුවම´´ යනු එහි කාමයෝ කවරහුද?   ඡන්‍දය කාමයකි.   රාගය කාමයකි.   ඡන්‍දරාගය කාමයකි.   සඞ්කප්පය කාමයකි.   රාගය කාමයකි.   සඞ්කප්ප රාගය කාමයකි.   මොවුහු කාමයෝයයි කියනු ලැබෙත්.

64. එහි අකුසල ධර්‍මයෝ කවරහුද?   කාමච්ඡන්‍දය,  ව්‍යාපාදය,  ථීනමිද්ධය,  උද්ධච්චය,  කුක්කුච්චය,  විචිකිච්ඡාව යන මොවුහු අකුසල ධර්‍මයෝයයි කියත්.   මෙසේ මේ කාමයන්ගෙන්ද,  මේ අකුසල ධර්‍මයන්ගෙන්ද වෙන්වූයේ වෙයි.   එහෙයින් කාමයන්ගෙන් වෙන්ව,  අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව යයි කියනු ලැබේ.

65. ´´විතර්‍ක සහිත, විචාර සහිත´´ යනු, විතර්‍කය ඇත.   විචාරය ඇත.   එහි විතර්‍කය කවරේද?   යම් තර්කයක්,  විතර්කයක්,  සඞ්කප්පයක්,  අප්පනාවක්,  ව්‍යප්පනාවක්,  චිත්තයාගේ උඩට නංවා තැබීමක්,  සම්මා සඞ්කප්පයක් ඇද්ද,  එයයි.   මෙය විතර්කයයි කියනු ලැබේ.

66. එහි විචාරය කවරේද?   යම් සෙවීමක්,  විචාරයක්,  අනුවිචාරයක්,  උපචාරයක්,  අනුසන්‍ධනතාවක්,  අනුපෙක්ඛනතාවක් ඇද්ද,  එයයි.   මෙය විචාරයයි කියනු ලැබේ.   මෙසේ මේ විතර්කයෙන්ද,  මේ විචාරයෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් සවිතර්ක,  සවිචාරයයි කියනු ලැබේ.

67. ´´විවේකයෙන් උපන්´´ යනු,  විතර්කය,  විචාරය,  පීතිය,  සුඛය,  සිතෙහි එකඟකම යන මොවුහු මේ විවේකයෙන් උපන්නෝ වෙති.   ඇතිවූවෝ වෙති.   හටගත්තෝ වෙති.   අභිනිබ්බතයෝ වෙති.   පාතුභූතයෝ වෙති.   එහෙයින් විවේකයෙන් උපන්යයි කියනු ලැබේ.

68. ´´ප්‍රීති සුඛය´´ යනු,  ප්‍රීතිය ඇත.   සුඛය ඇත.   එහි ප්‍රීතිය කවරේද?  යම් ප්‍රීතියක්,  ප්‍රමොදය්‍යයක්,  හාසයක්,  පහාසයක්,  ප්‍රීතියෙන් උදම්වීමක්,  චිත්තයාගේ සතුටක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රීතියයි කියනු ලැබේ.

69. එහි සුඛය කවරේද?   යම් චෙතසිකවූ සිහිල්බවක්,  චෙතසිකවූ සුඛයක්,  සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් බවක්,  සුඛයක්,  වේදනාවක් ඇද්ද,  එයයි.   මෙය සැපයයි කියනු ලැබේ.   මේ සැපයෙන්ද,  මේ ප්‍රීතියෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් පීති සුඛයයි කියනු ලැබේ.

70. ´´පළමුවන´´ යනු ගණන් පිළිවෙල වශයෙන් පඨම නම්වේ.   මේ පළමුවැන්නට සමවදීනුයි පළමුවන නමි.

71. ´´ඣාන´´ යනු,  විතර්කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය,  චිත්තයාගේ ඒකාග්‍රතාවය යනුයි.

72. ´´පැමිණ´´ යනු,  පළමුවන ධ්‍යානයාගේ යම් ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡිකිරියාවක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

73.  ´´වාසය කෙරේ´´ ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

74. ´´විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්´´ යනු,  විතර්කය ඇත,  විචාරය ඇත.   එහි විතර්කය කවරේද? යම් තර්කයක්,  විතර්කයක්,  සඞ්කප්පයක්,  අප්පනාවක්,  ව්‍යප්පනාවක්,  චිත්තයාගේ උඩට නංවා තැබීමක්,  සම්මා සඞ්කප්පයක් ඇද්ද,  එයයි.   මෙය විතර්කයයි කියනු ලැබේ.

75. එහි විචාරය කවරේද? යම් සෙවීමක්,  විචාරයක්,  අනුවිචාරයක්,  උපචාරයක්,  අනුසන්‍ධනතාවක්,  අනුපෙක්ඛනතාවක් ඇද්ද,  එයයි.   මෙය විචාරයයි කියනු ලැබේ.   මෙසේ මේ විතර්කයද,  මේ විචාරයද ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.  එහෙයින් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්යයි කියනු ලැබේ.

76. ´´ආධ්‍යාත්මික වූවක්´´ යනු යම් ආධ්‍යාත්මික වූවක්,  පුද්ගලයන්ට වෙන් වෙන්ව අයත්වූවක් ඇද්ද,  එයයි.

77. ´´සම්පසාදනය (මනාකොට පැහැදීම)´´ නම්,  යම් ශ්‍රද්ධාවක්,  සද්දහනයක්,  ඔකප්පනයක්,  අභිප්පසාදයක් ඇද්ද,  එයයි.

78. ´´චිත්තයාගේ එකඟකම´´ යනු,  යම් චිත්තයාගේ පැවැත්මක්,  සිටීමක්,  සම්‍යක් සමාධියක් ඇද්ද,  එයයි.   අවිතර්ක,  අවිචාර යනු විතර්කය ඇත.   විචාරය ඇත.

79. එහි විතර්කය කවරේද? යම් තර්කයක්,  විතර්කයක්,  අප්පනාවක්,  ව්‍යප්පනාවක්,  චිත්තයාගේ නංවා තැබීමක්,  සම්මාසංකප්පයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.

80. එහි විචාරය කවරේද? යම් සෙවීමක්,  විචාරයක්,  අනුවිචාරයක්,  උපචාරයක්,  අනුසන්‍ධනතාවක්,  අනුපෙක්ඛනතාවක් ඇද්ද,  එයයි.   මෙය විචාරයයි කියනු ලැබේ.   මේ විතර්කයද,  මේ විචාරයද ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.  එහෙයින් අවිතර්ක අවිචාරයයයි කියනු ලැබේ.

81. ´´සමාධියෙන් උපන්´´ යයි සම්පසාදය හා පීතිසුඛය යනුයි.   ඒ ධර්‍මයෝ මේ සමාධියෙහි උපන්නාහු වෙති.   හටගත්තාහු,  ඇතිවූවාහු,  අභිනිබ්බත්තවූවාහු,  පාතුභූතවූවාහු වෙති.   එහෙයින් සමාධියෙන් උපන්යයි කියනු ලැබේ.

82. ´´ප්‍රීති සුඛය´´ නම්, ප්‍රීතිය ඇත,  සුඛය ඇත.   එහි ප්‍රීතිය කවරේද? යම් ප්‍රීතියක්,  ප්‍රමොදය්‍යයක්,  හාසයක්,  පහාසයක්,  ප්‍රීතියෙන් උදම්වීමක්,  චිත්තයාගේ සතුටක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රීතියයි කියනු ලැබේ.   එහි සුඛය කවරේද? -පෙ-  මෙය සුඛයයි කියනු ලැබේ.   මේ සැපය මේ ප්‍රීතියෙන් යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් ප්‍රීති සුඛයයි කියනු ලැබේ.

83. ´´දෙවෙනි´´ යනු ගණන් පිළිවෙල වශයෙන් දෙවෙනි වේ.   මේ දෙවැන්නට සමවදීනුයි දෙවෙනි නම් වේ.

84. ´´ධ්‍යාන´´ යනු,  මනාව පැහැදීම,  ප්‍රීති සුඛය,  විත්තයාගේ එකඟකමයි.

85. ´´පැමිණ´´ නම් දෙවෙනි ධ්‍යානයාගේ යම් ලාභයක්,  පටිලාභයක්,  පැමිණීමක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡිකිරියාවක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

86. ´´වාසය කෙරේය´´ යනු -පෙ-  එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

87. ´´ප්‍රීතියගේ විරාගයෙන්´´ යනු එහි ප්‍රීතිය කවරේද? යම් ප්‍රීතියක්,  ප්‍රමොදය්‍යයක්,  හාසයක්,  පහාසයක්,  ප්‍රීතියෙන් උදම්වීමක්,  චිත්තයාගේ සතුටක් ඇද්ද,  එයයි.   මෙය ප්‍රීතියයි කියනු ලැබේ.   එහෙයින් ප්‍රීතියගේ විරාගයෙන් යයි කියනු ලැබේ.

88. ´´උපෙක්‍ෂා සහිත වූයේ´´ යනු එහි උපෙක්‍ෂාව කවරේද? යම් උපෙක්‍ෂාවක්,  උපෙක්ඛනාවක්,  මැදහත්ව බැලීමක්,  චිත්තයාගේ මැදහත් බවක්,  උපෙක්ඛා සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   මේ උපෙක්‍ෂාවෙන් යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් උපෙක්‍ෂා සහගත වූයේයයි කියනු ලැබේ.

89. ´´වාසය කෙරේය´´ යනු -පෙ- එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

90. ´´සිහි ඇත්තේ,  සම්‍යක් ප්‍රඥා ඇත්තේ´´ යනු එහි සිහිය කවරේද? යම් සිහියක් ඇද්ද,  අනුස්සතියක්,  සම්මා සතියක්,  සති සම්බොජ්ඣංගයක්,

91. එහි සම්‍යක් ප්‍රඥාව කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් ප්‍රඥාවක් ඇද්ද,   පජානනයක්  -පෙ- අමෝහයක්,  ධම්මවිචයක්,  සම්මා දිට්ඨියක්,  ධම්මවිචය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ග පරියාපන්නයක් ඇද්ද,  එයයි.    මෙසේ මේ සිහියෙන්ද,  මේ සම්‍යක් ප්‍රඥාවෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් සිහි ඇත්තේ,  සම්‍යක් ප්‍රඥා ඇත්තේයයි කියනු ලැබේ.

92. ´´සැපත කයින් විඳීය´´ යනු එහි සුඛය කවරේද?   ( මෙහි 493්‍ර)සස´ )

93. එහි කය කවරේද?   සංඥාස්කන්‍ධය,  සංස්කාරස්කන්‍ධය,  විඥානස්කන්‍ධය යනුයි.   මෙය කයයයි කියනු ලැබේ.   මේ සුඛය කයින් විඳියි.   එහෙයින් සුඛයද කයින් විඳීයයි කියනු ලැබේ.

94. ´´යම් ඒ යමක් ආය්‍ර්‍යයෝ පවසද්ද´´ යනු එහි ආය්‍ර්‍යයෝ කවරහුද?   බුදුවරුද,  බුද්ධ ශ්‍රාවකයෝද ආය්‍ර්‍යයෝයයි කියනු ලැබෙත්.   ඔවුහු මෙය කියත්.   දේශනා කරත්.   හඟවත්.   තබත්.   විවෘත කරත්.   බෙදත්.   උඩුකුරු කරත්.   ප්‍රකාශ කරත්.   එහෙයින් යම් ඒ ආය්‍ර්‍යයෝ ප්‍රකාශ කෙරෙත්යයි කියනු ලැබේ.

95. ´´උපෙක්‍ෂා ඇත්තේ,  සිහි ඇත්තේ,  සුඛ විහරණ ඇත්තේ´´ යනු එහි උපෙක්‍ෂාව කවරේද? යම් උපෙක්‍ෂාවක්,  උපෙක්ඛනාවක්,  මැදහත්ව බැලීමක්,  චිත්තයාගේ මැදහත් බවක්,  උපෙක්ඛා සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   මොවුහු සත්ත බොජ්ඣංගයෝ වෙති.   සෙසු ධර්මයෝ සත්ත බොජ්ඣංගයන් හා සම්ප්‍රයුක්තයෝය.

96. එහි සිහිය කවරේද? යම් සිහියක් ඇද්ද,  අනුස්සතියක්,  සම්මා සතියක්,  සති සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සිහියයි කියනු ලැබේ.

97. එහි සුඛය කවරේද?   යම් චෙතසිකවූ සිහිල්බවක්,  චෙතසිකවූ සුඛයක්,  සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් බවක්,  සුඛයක්,  වේදනාවක් ඇද්ද,  එයයි.   මෙය සැපයයි කියනු ලැබේ.   මෙසේ මේ උපෙක්‍ෂාවෙන්ද,  මේ සිහියෙන්ද,  මේ සුඛයෙන්ද යුක්තවූයේ,  ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් උපෙක්‍ෂා ඇත්තේ,  සිහි ඇත්තේ,  සැප විහරණ ඇත්තේයයි කියනු ලැබේ.

98. ´´තුන්වැනි´´ යනු ගණන් පිළිවෙල වශයෙන් තුන්වැනි වේ.   මේ තුන්වැන්නට සමවදීනුයි තුන්වැනි ධ්‍යානය නම් වේ.   උපෙක්‍ෂාව,  සතිය,  සම්‍යක් ප්‍රඥාව,  සුඛය,  චිත්තයාගේ එකඟබව යනුද වේ.   ´´පැමිණ´´ යනු,  යම් තුන්වෙනි ධ්‍යානයාගේ ලාභයක්,  පටිලාභයක්,  විත්තියක්,  සම්පත්තියක්,  ස්පර්‍ශ කිරීමක්,  ප්‍රත්‍යක්‍ෂ කිරීමක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

99. ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

100. ´´සැපයාගේ ප්‍රහාණයෙන්ද,  දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද´´ යනු සැපය ඇත.   දුක්ඛය ඇත.

101. එහි සුඛය කවරේද?   යම් කායිකවූ සිහිල් බවක්,  සුඛයක්,  විඳීමක්,  කය හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් බවක්,  සුඛයක්,  විඳීමක්,  කය හා ස්පර්‍ශයෙන් උපන් සිහිල්වූ,  සැපවූ වේදනාවයි.   මෙය සුඛයයි කියනු ලැබේ.

102. එහි දුක්ඛය කවරේද?   යම් කායිකවූ අසාතයක්,  කායිකවූ දුකක්,  කය හා ස්පර්‍ශයෙන් උපන් අසාතවූ දුක්වූ වේදනාව ඇති, කය හා ස්පර්‍ශයෙන් උපන් අසාතවූ දුක්වූ වේදනාවෝයි.   මෙය දුකයයි කියනු ලැබේ.   මේ සැපයද,  මේ දුකද, ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.   එහෙයින් සුඛයාගේ ප්‍රහාණයෙන්ද,  දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද යනු කියනු ලැබේ.

103. ´´මුලින්ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තයට යාමෙන්´´ යනු සොම්නස ඇත.   දොම්නස ඇත.

104. එහි සොම්නස කවරේද? යම් චෙතසිකවූ සිහිල්බවක්,  චෙතසිකවූ සුඛයක්,  සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් බවක්,  සුඛයක්,  වේදනාවක් ඇද්ද,  එයයි.   මෙය සැපයයි කියනු ලැබේ.

105. එහි දොම්නස කවරේද? යම් චෙතසිකවූ අසාතයක්,  චෙතසිකවූ දුකක්,  සිත හා ස්පර්‍ශයෙන් උපන් අසාතවූ,  දුක්වූ වේදනාවෝයි.   මෙය දොම්නසයයි කියනු ලැබේ.   මෙසේ මේ සොම්නසද,  මේ දොම්නසද මුලින්ම ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.   එහෙයින් මුලින්ම සෝමනස්ස, දෝමනස්සයන්ගේ අස්තයට පැමිණීමෙන්යයි කියනු ලැබේ.

106. ´´දුක් නොවූ,  සැප නොවූ´´ යනු චෙතසිකවූ යම් සාත සිහිල් නොවූ බවක්,  අසාත නොවූ බවක්,  සිත හා ස්පර්‍ශයෙන් උපන් දුක් නොවූ,  සැප නොවූ වේදනාවෙන් යුතු,  සිත හා ස්පර්‍ශයෙන් උපන් දුක් නොවූ,  සැප නොවූ වේදනාවෝ එහෙයින් ´´දුක් නොවූ,  සැප නොවූ´´ යයි කියනු ලැබේ.

107. ´´උපෙක්‍ෂාව හා සිහිය යනු මෙයින් පිරිසිදුවූ´´ යනු එහි උපෙක්‍ෂාව කවරේද? යම් උපෙක්‍ෂාවක්,  උපෙක්ඛනාවක්,  මැදහත්ව බැලීමක්,  චිත්තයාගේ මැදහත් බවක්,  උපෙක්ඛා සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   මෙය උපෙක්‍ෂාවයයි කියනු ලැබේ.

108. එහි සිහිය කවරේද? යම් සිහියක් ඇද්ද,  අනුස්සතියක්,  සම්මා සතියක්,  සති සම්බොජ්ඣංගයක්, සිහිය හා මේ උපෙක්‍ෂාවෙන් විවෘතවූයේ වෙයි.   පිරිසිදුවූයේ වෙයි.   පරියොදාතවූයේ වෙයි.   එහෙයින් උපෙක්‍ෂාව හා සිහියෙන්ද යුක්තවූයේයයි කියනු ලැබේ.

109. ´´සතරවැනි´´ යනු ගණන් පිළිවෙල වශයෙන් සතරවැනියි.   මේ සතරවැන්නට පැමිණේනුයි (සමවදීනුයි) සතරවැනි යනුවේ.

110. ´´ඣාන´´ යනු උපෙක්‍ෂාව,  සිහිය,  චිත්තයාගේ ඒකාග්‍රතාව යනුයි.

111. ´´පැමිණ´´ යනු,  සතරවැනි ධ්‍යානයාගේ යම් ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡිකිරියාවක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

112. වාසය කෙරේය යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

113. ´´සර්වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්´´ යනු එහි රූප සංඥාව කවරේද?   රූපාවචර සමාපත්තියට සමවැදුනහුගේ හෝ,  පැමිණියහුගේ හෝ,  මෙලොවම සැප විහරණ ඇත්තහුගේ හෝ,  සංඥාවක්,  හැඳිනීමක්,  හැඳිනීම් බවක් ඇද්ද,  එයයි.   මොවුහු රූප සංඥාවෝයයි කියත්.   මේ රූප සංඥා ඉක්මවූයේ වෙයි.   වෙන්කළේ වෙයි.   ඈත් කළේ වෙයි.   එහෙයින් සර්වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන් යනු කියයි.

114. ´´ප්‍රතිභ සංඥාවන්ගේ අස්තයට යාමෙන්´´ යනු එහි ප්‍රතිඝ සංඥාව කවරේද?   රූපසඤ්ඤාව,  සද්ද සඤ්ඤාව,  ගන්ධ සඤ්ඤාව,  රස සඤ්ඤාව,  ඵොට්ඨබ්බ සඤ්ඤාව යනුයි.   මොවුහු පටිඝ සඤ්ඤාවෝයයි කියත්.   මේ පටිඝ සඤ්ඤාවෝ ශාන්තවූවාහු වෙති.   සමිතවූවාහු වෙති.   සංසිඳුනාහු වෙති.   අත්‍ථඞ්ගතවූවාහු වෙති.   අබ්භත්‍ථඞ්ගතවූවාහු වෙති.   අප්පිතවූවාහු,  ව්‍යප්පිතවූවාහු,  සොසිතවූවාහු,  විසොසිතවූවාහු,  ව්‍යන්තීකතවූවාහු වෙති.   එහෙයින් පඨිඝ සංඥාවන්ගේ  දුරු කිරීමෙන්යයි කියනු ලැබේ.

115. ´´නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන්´´ යනු එහි නානත්ත සංඥාව කවරේද?   සමවතට නොපැමිණි මනොධාතු යුක්තවූවහුගේ,  හෝ මනොවිඤ්ඤාණධාතු යුක්තවූවහුගේ හෝ,  සංඥාවක්,  හැඳිනීමක්,  හැඳිනීම් බවක් ඇද්ද,  එයයි.    මේ නානත්ත සංඥාවන් සිහි නොකරයි.

116. ´´අනන්තවූ ආකාශය´´ යනු එහි ආකාශය කවරේද?   යම් ආකාශයක්,  ආකාශගතයක්,  ආඝයක්,  අඝගතයක්,  විවරයක්,  වීවරගතයක්,  සතර මහා භූතයන්ගේ ස්පර්‍ශ නොවූවක් ඇද්ද,  මෙය ආකාශයයි කියනු ලැබේ.   ඒ ආකාශයෙහි සිත තබයි.   මනාකොට තබයි.   කෙළවරක් නොමැති සේ පතුරුවයි.   එහෙයින් අනන්තවූ ආකාශයයි කියනු ලැබේ.

117. ´´ආකාශානඤ්චායතනය´´ යනු ආකාශානඤ්චායතනයට සමවැදුනහුගේ හෝ,  මෙලොවම සැප විහරණය ඇත්තහුගේ හෝ චිත්තචෙතසික ධර්‍මයෝයි.   ´´සමවැද´´ යනු ආකාශානඤ්චායතනයාගේ යම් ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡිකිරියාවක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

118. වාසය කෙරේය යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

119. ´´සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවා´´ යනු,  මේ ආකාශානඤ්චායතනය ඉක්මවූයේ වෙයි.   වෙන්කළේ වෙයි.   ඈත් කළේ වෙයි.   එහෙයින් සර්‍වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය ඉක්මවායයි කියනු ලැබේ.

120. ´´අනන්තවූ විඤඤාණය´´ යනු, විඤඤාණය හා ස්පර්‍ශවූ ඒ ආකාශයම සිහි කරයි.   කෙළවරක් නොමැතිසේ පතුරුවයි.  එහෙයින් අනන්තවූ විඤඤාණයයි කියනු ලැබේ.

121. ´´විඤඤාණඤ්චායතනය´´ යනු විඤඤාණඤ්චායතනයට සමවැදුනහුගේ හෝ පැමිණියහුගේ හෝ මෙලොවම සැප විහරණ ලැබුවහුගේ චිත්ත චෙතසික ධර්‍මයෝයි.   සමවැද යන විඤඤාණඤ්චායතනයාගේ යම් ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡිකිරියාවක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

122. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

123. ´´සර්‍වප්‍රකාරයෙන් විඤඤාණඤ්චායතනය ඉක්මවා´´ යනු,  මේ විඤඤාණඤ්චායතනය ඉක්මවූයේ වෙයි.   වෙන්කළේ ඈත් කළේ වෙයි.   එහෙයින් සර්‍වප්‍රකාරයෙන් ඉක්මවායයි කියනු ලැබේ.

124. ´´කිසිවක් නැත´´ යනු ඒ විඤ්ඤාණයම වඩයි.   ප්‍රකට කරයි.   අතුරුදන් කරයි.   කිසිවක් නැතැයි දකියි.   එහෙයින් කිසිවක් නැතැයි කියනු ලැබේ.

125. ´´ආකිඤ්චඤ්ඤායතනය´´ යනු ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනහුගේ හෝ පැමිණියහුගේ හෝ මෙලොවම සැප විහරණ ලැබුවහුගේ චිත්ත චෙතසික ධර්‍මයෝයි.

126. ´´සමවැද´´ යනු යම් ආකිඤ්චඤ්ඤායතනයාගේ ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡිකිරියාවක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

127. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

128. ´´සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා´´ යන මේ ආකිඤ්චඤ්ඤායතනය එහෙයින් සර්වප්‍රකාරයෙන් ඉක්මවා යයි කියනු ලැබේ.   එහෙයින් සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා යයි කියනු ලැබේ.

129. ´´නෙවසඤ්ඤී නාසඤ්ඤී´´ යනු ඒ ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කරයි.   සංස්කාරාවසේස සමාපත්තියට සමවදියි.   එහෙයින් නෙවසඤ්ඤී නාසඤ්ඤීයයි කියනු ලැබේ.   නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනු නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදුනහුගේ හෝ පැමිණියහුගේ හෝ මෙලොවම සැප විහරණ ලැබුවහුගේ චිත්ත චෙතසික ධර්‍මයෝයි.

130. ´´සමවැද´´ යනු නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ යම් ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡිකිරියාවක්,  පැමිණීමක් ඇද්ද,  එයයි.

131. ´´වාසය කෙරේය´´ යනු ඉරියව් පවත්වයි.   පවතියි.   පාලනය කරයි.   යැපෙයි.   යැපීම් බව කරයි.   හැසිරෙයි.   වාසය කරයි.   එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

132. ධ්‍යානයෝ සතර දෙනෙක් වෙති.   පඨමජ්ඣානය,  දුතියජ්ඣානය,  තතියජ්ඣානය,  චතුත්‍ථජ්ඣානය, යනුයි.

133. එහි පඨමජ්ඣානය, කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ- පඨවිකසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි විතර්කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය,  චිත්තයාගේ එකඟකම යන අඞ්ග පසින් යුක්තවූ ධ්‍යානය වඩයි.   මෙය පඨමජ්ඣානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

134. එහි දුතිය ධ්‍යානය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ- පඨවි කසිනවූ දුතිය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි ප්‍රීතිය, සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතාව යන අඞ්ග තුනින් යුක්තවූ ධ්‍යානය වෙයි.

135. එහි තතිය ධ්‍යානය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   ප්‍රීතියගේ විරාගයෙන් පඨවි කසිනවූ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි සුඛය, චිත්තෙකග්ගතාව යන අඞ්ග දෙකක් ඇති ධ්‍යානය වෙයි.   මෙය තුන්වන ධ්‍යානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

136. එහි සතරවන ධ්‍යානය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   සුඛයාගේ ප්‍රහාණයෙන්ද -පෙ- පඨවි කසිනවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි උපෙක්ඛා,  චිත්තෙකග්ගතා යන අඞ්ග දෙකක් ඇති ධ්‍යානය වෙයි.   මෙය සතරවන ධ්‍යානයයි කියනු ලැබේ.   සෙසු ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

137. මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම -පෙ- පඨවි කසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි විතර්‍කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය, සිතේ එකඟකම යන අංග පසක් ඇති ධ්‍යානය වෙයි.   මෙය ප්‍රථම ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

138. මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්වම අවිතර්‍ක විචාරමාත්‍ර ඇති,  විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති පඨවි කසිනවූ දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි විචාරය,  ප්‍රීතිය,  සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතාව යන අංග සතරකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය දෙවෙනි ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

139. මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ- පඨවි කසිනවූ තතිය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි පීති,  සුඛ,  චිත්තෙකග්ගතා යන අංග තුනකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය තතිය ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

140. මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   ප්‍රීතියගේ විරාගයෙන් -පෙ- පඨවි කසිනවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතාව යන අංග දෙකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය චතුර්ථ ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

141. මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   සුඛයාගේ ප්‍රහාණයෙන්ද -පෙ- පඨවි කසිනවූ පඤ්චම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි උපෙක්ඛා,  චිත්තයාගේ ඒකාග්ගතා යන අංග දෙකින් යුතු ධ්‍යානය වෙයි.   මෙය පඤ්චම ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

142. මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක අරූප ලෝකවල ඉපදීම පිණිස සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤා සහගතවූ මාර්‍ගය වඩයි.   සුඛයාගේ ප්‍රහාණයෙන්ද -පෙ- සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයයෙහි උපෙක්‍ෂා චිත්තයාගේ ඒකග්ගතා යන අංග දෙකක් ඇති ධ්‍යානය වෙයි.   මෙය චතුර්ථ ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

143. ධ්‍යානයෝ සතර දෙනෙක් වෙති.   පඨමජ්ඣානය,  දුතියජ්ඣානය,  තතියජ්ඣානය,  චතුත්‍ථජ්ඣානය, යනුයි.

144. එහි පඨමජ්ඣානය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද,   කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසයකරයි.   එසමයෙහි විතර්කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය,  චිත්තයාගේ එකඟකම යන අඞ්ග පසින් යුක්තවූ ධ්‍යානය වඩයි.   මෙය පඨමජ්ඣානයයි කියනු ලැබේ.

145. එහි දුතියජ්ඣානය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද,   විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති දුතිය ධ්‍යානයට පැමිණ වාසයකරයි.    එසමයෙහි ප්‍රීතිය,  සුඛය,  චිත්තයාගේ ඒකාග්‍රතාව යන අඞ්ග තුනින් යුක්තවූ ධ්‍යානය වෙයි.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

146. එහි තතියජ්ඣානය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද,   ප්‍රීතියගේ විරාගයෙන් -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති තුන්වන ධ්‍යානයට පැමිණ වාසයකරයි.    එසමයෙහි ප්‍රීතිය,  සුඛය,  චිත්තයාගේ ඒකාග්‍රතාව යන අඞ්ග තුනින් යුක්තවූ ධ්‍යානය වෙයි.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

147. එහි සතරවන ධ්‍යානය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද,   සුඛයාගේ ප්‍රහාණයෙන් -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති චතුත්‍ථධ්‍යානයට පැමිණ වාසයකරයි.    එසමයෙහි උපෙක්ඛා, චිත්තෙකග්ගතා යන අඞ්ග දෙකක් ඇති ධ්‍යානය වෙයි.   මෙය සතරවන ධ්‍යානයයි කියනු ලැබේ.    සෙසු ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

148. මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද,   කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසයකරයි.    එසමයයෙහි විතර්‍කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය, සිතේ එකඟකම යන අංග පසක් ඇති ධ්‍යානය වෙයි.   මෙය ප්‍රථම ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

149. මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද,   කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම,  විතර්‍ක රහිතවූ,  විචාර මාත්‍රවූ,  විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති,  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති දුතිය ධ්‍යානයට පැමිණ වාසයකරයි.   එසමයයෙහි විචාරය,  ප්‍රීතිය,  සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතාව යන අංග සතරකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය දෙවෙනි ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

150. මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති තතිය ධ්‍යානයට පැමිණ වාසයකරයි.    එසමයෙහි ප්‍රීති,  සුඛ,  චිත්තෙකග්ගතා යන අංග තුනකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

151. මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද, ප්‍රීතියගේ විරාගයෙන් -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසයකරයි. එසමයයෙහි සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතාව යන අංග දෙකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය චතුර්ථ ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

152. මේ ශාසනයෙහි මහණතෙම දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද, පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ අපචයගාමිවූ ලෝකෝත්තර ධ්‍යානය වඩාද, සුඛයාගේ ප්‍රහාණයෙන්ද -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති පස්වන ධ්‍යානයට පැමිණ වාසයකරයි.   එසමයයෙහි උපෙක්ඛා, චිත්තයාගේ ඒකාග්ගතා යන අංග දෙකින් යුතු ධ්‍යානය වෙයි.   මෙය පඤ්චම ධ්‍යානයයයි කියනු ලැබේ.   අවශේෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

153. ධ්‍යානයෝ සතර දෙනෙක් වෙති.   පඨමජ්ඣානය,  දුතියජ්ඣානය,  තතියජ්ඣානය,  චතුත්‍ථජ්ඣානය, යනුයි.

154. එහි පඨමජ්ඣානය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ- පඨවිකසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ- අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   ඒ රූපාවචර කුසල කර්‍මයම කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  කාමයන්ගෙන් වෙන්වම -පෙ- විපාකවූ,  පඨවි කසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි විතර්කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය,  චිත්තයාගේ එකඟකම යන අඞ්ග පසින් යුක්තවූ ධ්‍යානය වඩයි.   මෙය පඨමජ්ඣානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

155. එහි දුතියජ්ඣානය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ- පඨවිකසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ- අවික්‍ෂෙපය වෙයි.   ඒ රූපාවචර කුසල කර්‍මයම කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  විපාකවූ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ- දුතියජ්ඣානය,   -පෙ- තතියජ්ඣානය,  -පෙ- චතුත්‍ථජ්ඣානය,   -පෙ- පඨමජ්ඣානය,   -පෙ- පඨවි කසිනවූ පඤචම ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි උපෙක්ඛා,  චිත්තෙකග්ගතා යන අඞ්ග දෙකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය පඤ්චම ධ්‍යානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.   -පෙ-

156. මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක අරූප ලෝකවල ඉපදීම පිණිස සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤා සහගතවූ සුඛයාගේ ප්‍රහාණයෙන්ද  -පෙ- චතුත්‍ථජ්ඣානයට පැමිණ වාසය කරයි.

(මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක රූප ලෝකවල ඉපදීම පිණිස මාර්‍ගය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම  -පෙ- පඨවිකසිනවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ- අවික්‍ෂෙපය වෙයි. ඒ අරූපාවචර කුසල කර්‍මයම කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  සර්‍වප්‍රකාරයෙන් විපාකවූ ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤා සහගතවූ සුඛයාගේ ප්‍රහාණයෙන්ද  -පෙ- සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. එසමයෙහි උපෙක්ඛා,  චිත්තෙකග්ගතා යන අඞ්ග දෙකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය සතරවන ධ්‍යානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

157. ධ්‍යානයෝ සතර දෙනෙක් වෙති.   පඨමජ්ඣානය,  දුතියජ්ඣානය,  තතියජ්ඣානය,  චතුත්‍ථජ්ඣානය, යනුයි.

158. එහි පධමජ්ඣානය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ ලෝකෝත්තර ධ්‍යානය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ- අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   ඒ ලෝකෝත්තර කුසල ධ්‍යානයම කරණ ලද බැවින්,  රැස් කරණ ලද බැවින්,  වඩන ලද බැවින් කාමයන්ගෙන් වෙන්වම -පෙ- විපාකවූ, දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ශූන්‍යවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි විතර්කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය,  චිත්තෙකග්ගතාව යන අඞ්ග පසින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය පඨමජ්ඣානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

159. එහි දුතියජ්ඣානය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරුකිරීම පිණිසද,  පළමුවන භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ ලෝකෝත්තර ධ්‍යානය වඩයි.   විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  දුතියජ්ඣානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ- අවික්‍ෂෙපය වෙයි.   මේ ධර්‍මයෝ කුසලයෝය.   ඒ ලෝකෝත්තර ධ්‍යානයම කරණ ලද බැවින්, වඩන ලද බැවින්, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ- විපාකවූ දුතිය ධ්‍යානය  -පෙ- තතියජ්ඣානය -පෙ- චතුත්‍ථජ්ඣානය -පෙ- දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ශූන්‍යවූ පංචම ධ්‍යානයට පැමිණ වාසය කරයි.    එසමයෙහි උපෙක්ඛා,   චිත්තෙකග්ගතා යන අංග දෙකින් යුක්තවූ ධ්‍යානය වෙයි.   මෙය පංචම ධ්‍යානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

160. ධ්‍යානයෝ සතර දෙනෙක් වෙති.   පඨමජ්ඣානය,  දුතියජ්ඣානය,  තතියජ්ඣානය,  චතුත්‍ථජ්ඣානය, යනුයි.   එහි පඨමජ්ඣානය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  කර්‍ම විපාක නොවූ,  මෙලොවම සුඛ විහරණ ඇති රූපාවචර ධ්‍යානය වඩයි.   කාමයන්ගෙන් වෙන්වම -පෙ- පඨවි කසිනවූ පඨමජ්ඣානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි විතර්කය,  විචාරය,  ප්‍රීතිය,  සුඛය,  චිත්තයාගේ එකඟකම යන අඞ්ග පසින් යුක්තවූ ධ්‍යානය වඩයි.   මෙය පඨමජ්ඣානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

161. එහි දුතියජ්ඣානය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක ක්‍රියාවූ,  කුසල් නොවූ,  අකුසල් නොවූ,  කර්‍ම විපාක නොවූ,  මෙලොවම සුඛ විහරණ ඇති රූපාවචර ධ්‍යානය වඩයි.   විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් -පෙ- දුතිය ධ්‍යානයට -පෙ- තතියජ්ඣානයට  -පෙ- චතුත්‍ථජ්ඣානයට  -පෙ- පඨමජ්ඣානයට  -පෙ- පඨවි කසිනවූ පංචම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

එසමයෙහි උපෙක්ඛා, චිත්තෙකග්ගතා යන අංග දෙකින් යුකතවූ ධ්‍යානය වෙයි.   මෙය පංචම ධ්‍යානයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ධ්‍යාන සම්ප්‍රයුක්තයෝය.

( අභිධම්ම භාජනිය නිමි. )
——

පඤ්හ පුච්ඡකය.

162. ධ්‍යානයෝ සතර දෙනෙක් වෙති.   පඨමජ්ඣානය,  දුතියජ්ඣානය,  තතියජ්ඣානය,  චතුත්‍ථජ්ඣානය, යනුයි.

163. මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම,  අකුසල ධර්‍මයන්ගෙන් වෙන්වම,  විතර්‍ක සහිතවූ,  විචාර සහිතවූ,  විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති පඨමජ්ඣානයට පැමිණ වාසය කරයි.   -පෙ-  චිතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්  තමා පිළිබඳ මනා පැහැදීම ඇති,  සිතේ එකඟකම ඇති,  අවිතර්‍කවූ,  අවිචාරවූ,  සමාධියෙන් උපන් ප්‍රීති සුඛය ඇති දුතියජ්ඣානයට පැමිණ වාසය කරයි.   -පෙ- ප්‍රීතියගේ විරාගයෙන්,  උපෙක්‍ෂා ඇතිව,  සිහි ඇත්තේ,  සම්‍යක් ප්‍රඥා ඇත්තේ වාසය කරයි.   කයින් සුඛයද විඳියි.   යම් ඒ යමකට උපෙක්‍ෂා ඇත්තේ,  සිහි ඇත්තේ,  සැප විහරණ ඇත්තේයයි ආය්‍ර්‍යයෝ පවසද්ද,  ඒ තතිය ධ්‍යානයට පැමිණ වාසය කරයි.   -පෙ- සුඛයාගේ ප්‍රහාණයෙන්ද,  දුක්ඛයාගේ ප්‍රහාණයෙන්ද,  පෙරම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තයට පැමිණවීමෙන් දුක් නොවූ සැප නොවූ, උපෙක්‍ෂා සිහිය යන දෙකින් පිරිසිදුවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි.

164. ධ්‍යාන සතර අතුරින් කුසලයෝ කෙතෙක්ද?   අකුසලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ- සරණයෝ කෙතෙක්ද?   අරණයෝ කෙතෙක්ද?   ධ්‍යාන තුනක් කුසල්වූවෝ ඇත.   අව්‍යාකෘතවූවෝ ඇත.   මෙහි උපන් සුඛ වේදනාව හැර සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තයෝය.   චතුත්‍ථජ්ඣානය මෙහි උපන් දුක් නොවූ,  සැප නොවූ වේදනාව හැර දුක් නොවූ,  සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තය.   විපාක වූවෝ ඇත.   විපාක ධර්‍ම ධර්‍මවූවෝ ඇත.   විපාක නොවූ විපාක ධර්‍ම ධර්‍ම නොවූවෝ ඇත.   උපාදින්න උපාදානිය වූවෝ ඇත.    අනුපාදින්න උපාදානිය වූවෝ ඇත.   අනුපාදින්න අනුපාදානිය වූවෝ ඇත.   අසංකිලිට්ඨ සංකිලෙසික වූවෝ ඇත.     අසංකිලිට්ඨ අසංකිලෙසික වූවෝ ඇත.   ප්‍රථම ධ්‍යානය මෙහි උපන් විතර්‍ක විචාරයන් හැර සවිතර්‍කය.   සවිචාරය.   ධ්‍යාන තුනක් අචිතර්‍ක අවිචාරයෝය.   ධ්‍යාන දෙකක් මෙහි උපන් ප්‍රීතිය හැර ප්‍රීති සහගතයෝය.   ධ්‍යාන තුනක් මෙහි උපන් සුඛය හැර සුඛ සහගතයෝය.   සතරවන ධ්‍යානය මෙහි උපන් උපෙක්‍ෂාව හැර උපෙක්‍ෂා සහගතය.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොම දුරු කටයුතුය.    දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොම දුරු කටයුතු හේතුකය.   ආචයගාමී වූවෝ වෙති.   අපචයගාමී වූවෝ වෙති.    ආචයගාමී නොවූවෝ,   අපචයගාමී නොවූවෝ වෙති.   ශෛක්‍ෂවූවෝ වෙති.   අශෛක්‍ෂවූවෝ වෙති.   ශෛක්‍ෂ නොවූවෝ වෙති.   අශෛක්‍ෂ නොවූවෝ වෙති.      මහග්ගත වූවෝ වෙති.   අප්පමාණ වූවෝ වෙති.   ධ්‍යාන තුනක් පරිත්තාරම්මණයයිද,  මහග්ගතාරම්මණයයිද නොකිය යුතුය.   අප්පමාණාරම්මණ වූවෝ වෙති.   අප්පමාණාරම්මණයයි නොකිය යුත්තෝ වෙති.

සතරවන ධ්‍යානය පරිත්තාරම්මණ වෙයි.   මහග්ගතාරම්මණ වෙයි.   අප්පමාණාරම්මණ වෙයි.   පරිත්තාරම්මණයයිද,  මහග්ගතාරම්මණයයිද,  අප්පමාණාරම්මණයයිද නොතිය යුතුය.   මජ්ඣිමවූයේ වෙයි.   ප්‍රණීත වූයේ වෙයි.   සම්මත්ත නියත වූයේ වෙයි.   අනියත වූයේ වෙයි.   ධ්‍යාන තුනක් මග්ගාරම්මණ නොවේ.   මග්ග හේතුක වෙති.   මග්ගාධිපතීහු වෙති.   මග්ග හේතුකයෝයයිද,  මග්ගාධිපතීහුයයිද නොකිය යුතුය.   සතරවන ධ්‍යානය මග්ගාරම්මණ වෙයි.   මග්ග හේතුක වෙයි.   මග්ගාධිපති වෙයි.   මග්ගාරම්මණයයිද,  මග්ග හේතුකයයිද,  මග්ගාධිපති යයිද නොකිය යුතු වෙයි.   උප්පන්න වූයේ වෙයි.   අනුප්පන්න වූයේ වෙයි.   උප්පාදි වූයේ වෙයි.   අතීත වූයේ වෙයි.   අනාගත වූයේ වෙයි.   පච්චුප්පන්න වූයේ වෙයි.   ධ්‍යාන තුනක් අතීතාරම්මණයයිද,  අනාගතාරම්මණයයිද,  පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතු වෙයි.

165. සතරවන ධ්‍යානය අතීතාරම්මණ වෙයි.   අනාගතාරම්මණ වෙයි.   පච්චුප්පන්නාරම්මණ වෙයි.    අතීතාරම්මණයයිද, අනාගතාරම්මණ යයිද,   පච්චුප්පන්නාරම්මණ යයිද නොකිය යුතු වෙයි.   අජ්ඣත්ත වූයේ වෙයි.   බහිද්ධ වූයේ වෙයි.   අජ්ඣත්ත බහිද්ධ වූයේ වෙයි.   ධ්‍යාන තුනක් බහිද්ධාරම්මණයෝය.   සතරවන ධ්‍යානය අජ්ඣත්තාරම්මණ වෙයි.   බහිද්ධාරම්මණ වෙයි.   අජ්ඣත්ත බහිද්ධාරම්මණ වෙයි.   අජ්ඣත්තාරම්මණයයිද,  බහිද්ධාරම්මණයයිද,  අජ්ඣත්ත බහිද්ධාරම්මණයයිද නොකිය යුතු වෙයි.   අනිදස්සන  අප්පටිඝයෝය.   හේතු නොවේ.   සහේතුකය.   හේතු සම්ප්‍රයුක්තය.   හේතුද,  සහේතුකයයිද නොකිය යුතුය.   සහේතුකද,  හේතු නොවූයේද වේ.   හේතුද හේතු සම්ප්‍රයුක්තයයිද නොකිය යුතුය.   හේතු සම්ප්‍රයුක්තද හේතු නුවූයේද වෙයි.   හේතු නොවේ.   සහේතුකයෝය.   සප්‍රත්‍යයෝය.   සංඛතයෝය.   අනිදස්සනයෝය.   අප්පටිඝයෝය.   අරූපයෝය.    ලොකියා ලොකොත්තර වූවෝ වෙති.   කිසි ඉන්‍ද්‍රියකින් දත යුතුය.   කිසි ඉන්‍ද්‍රියකින් නොදත යුතුය.   ආශ්‍රව නොවූවෝය.   සාශ්‍රව වූවෝ වෙති.   අනාශ්‍රව වූවෝ වෙති.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.   ආශ්‍රවද,  සාශ්‍රවයයිද නොකිය යුතුය.   සාශ්‍රවද,  ආශ්‍රව නොවූවෝද වෙති.   ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද,  ආශ්‍රව සම්ප්‍රයුක්තද,  ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රව විප්‍රයුක්ත සාශ්‍රව වූවෝ වෙති.   ආශ්‍රව විප්‍රයුක්ත අනාශ්‍රව වූවෝ වෙති.   සංයෝජනයෝ නොවෙති.   -පෙ-  ග්‍රන්‍ථයෝ නොවෙති.   -පෙ-  ඔඝයෝ නොවෙති.   -පෙ-  යෝගයෝ නොවෙති.   -පෙ-   නීවරණයෝ නොවෙති.   -පෙ-   පරාමාසයෝ නොවෙති.   -පෙ-   සාරම්මනයෝය.   චිත්තයෝ නොවෙති.   චෙතසිකයෝය.   චිත්තසම්පයුත්තයෝය.   චිත්තසංසට්ඨයෝය.   චිත්ත සමුට්ඨානයෝය.   සිත හා සමග එකට උපන්නෝය.   සිත අනුව පෙරළෙන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුව පෙරළෙන්නෝය.    බාහිරයෝය.   උපාදා නොවූවෝය.   උපාදින්න වූවෝය.   අනුපාදින්න වූවෝ වෙති.   උපාදාන නොවූවෝය.

-පෙ-  කිලෙස නොවූවෝය.   -පෙ-  දර්‍ශනයෙන් දුරු නොකට යුතුය.   භාවනාවෙන් දුරු නොකට යුතුය.   දර්‍ශනයෙන් දුරු කටයුතු හේතුක නොවේ.   භාවනාවෙන් දුරු කටයුතු හේතුක නොවේ.   ප්‍රථම ධ්‍යානය මෙහි උපන් විතර්‍කය හැර විතර්‍ක සහිතය.   ධ්‍යාන තුනක් අවිතර්‍කයෝය.   ප්‍රථම ධ්‍යානය මෙහි උපන් විචාරය හැර විචාර සහිතය.   ධ්‍යාන තුනක් අවිචාරයෝය.    ධ්‍යාන දෙකක් මෙහි උපන් ප්‍රීතිය හැර සප්‍රීතිකයෝය.   ධ්‍යාන දෙකක් අප්‍රීතිකයෝය.   ධ්‍යාන දෙකක් එහි උපන් ප්‍රීය හැර ප්‍රීති සහගතයෝය.   ධ්‍යාන දෙකක් ප්‍රීති සහගත නොවූවෝය.    ධ්‍යාන තුනක් එහි උපන් සුඛය හැර සුඛ සහගතයෝය.   සතරවන ධ්‍යානය සුඛ සහගත නොවේ.   සතරවන ධ්‍යානය එහි උපන් උපෙක්‍ෂාව හැර උපෙක්‍ෂා සහගතය.   ධ්‍යාන තුනක් උපෙක්‍ෂා සහගත නොවේ.   කාමාවචර නොවේ.   රූපාවචරයෝ වෙති.   රූපාවචර නොවූවෝ වෙති.   ධ්‍යාන තුනක් අරූපාවචර නොවේ.   සතරවන ධ්‍යානය අරූපාවචර වෙයි.   අරූපාවචර නොවෙයි.  පරියාපන්න වෙයි.   අපරියාපන්න වෙයි.   නීය්‍යානික වෙයි.   අනිය්‍යානික වෙයි.   නියත වෙයි.   අනියත වෙයි.   සඋත්තර වෙයි.   අනුත්තර වෙයි.   අරණ වෙයි.

(ධ්‍යාන විභංගය නිමි. )
———-

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: