10. බොජ්ඣඞ්ග විභඞ්ගය.

සුත්තන්ත භාජනිය.

1. බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

2. එහි සති සම්බොජ්ඣංගය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම උතුම්වූ සිහිය හා ප්‍රඥාවෙන් යුක්තවූයේ,  කොට බොහෝ කල්වූද,  කියා බොහෝ කල්වූද දේ සිහි කරන්නේ,  නැවත නැවත සිහි කරන්නේ,  සිහි ඇත්තේ වේද,  මෙය සති සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

3. හෙතෙම එසේ සිහියෙන් වාසය කරන්නේ,  ඒ ධර්මය නුවණින් අනිත්‍ය,  දුක්ඛ,  අනාත්ම වශයෙන් විමසයි.   නුවණ හසුරුවන්නේ විමසයි.   බැලීමට සෙවීමට පැමිණෙයි.   මෙය ධම්මවිචය සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

4. ඒ භික්‍ෂුවගේ ඒ ධර්‍මය නුවණින් සොයන්නේ,  ප්‍රඥාව හසුරුවමින් සොයන්නේ,  විමසන්නේ,  බැලීමට, සෙවීමට පැමිණෙන්නේ,  පරිපූර්‍ණවූයේ වෙයි.   පසුබට නොවූයේ වෙයි.   මෙය විරිය සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

5. පටන්ගත් වීය්‍ර්‍ය ඇත්තහුට නිරාමිසවූ ප්‍රීතිය උපදියි.   මෙය පීති සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

6. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය (කෙලෙස් වඩා සංසිඳීම් වශයෙන්) සංසිඳෙයි.   විඥානස්කන්‍ධයද සංසිඳෙයි.   මෙය පස්සද්ධි සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

7. සංසිඳුන කය ඇති සැපවත්හුගේ සිත නිශ්චල වෙයි.   මෙය සමාධි සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

8. හෙතෙම එසේ නිශ්චලවූ සිත මනාකොට මැදහත්වූයේ වෙයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

9. බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

10. එහි සතිසම්බොජ්ඣංගය කවරේද?   ආධ්‍යාත්මික ධර්මයන්හි සිහිය ඇත්තේය.   බාහිර ධර්මයන්හි සිහිය ඇත්තේය.   යම්බඳු ආධ්‍යාත්මික ධර්මයන්හි සිහියක් ඇද්ද,  එයම සතිසම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.   යම්බඳු බාහිර ධර්මයන්හි සිහියක් ඇද්ද,  එයම සතිසම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.

11. එහි ධම්මවිචය සම්බොජ්ඣංගය කවරේද?   ආධ්‍යාත්මික ධර්මයන්හි සෙවීමක් ඇද්ද,  බාහිර ධර්මයන්හි සෙවීමක් ඇද්ද,  යම්බඳු ආධ්‍යාත්මික ධර්මයන්හි සෙවීම වේද,  එයම ධම්මවිචය සම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.   යම්බඳු බාහිර ධර්මයන්හි සෙවීම වේද,  එයම ධම්මවිචයසම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.

12. එහි විරිය සම්බොජ්ඣංගය කවරේද?   කායික වීය්‍ර්‍යය ඇත.   චෛතසික වීය්‍ර්‍යය ඇත.   යම් ඒ කායික වීය්‍ර්‍යයක් ඇද්ද,    එයම විරිය සම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.   යම්බඳු චෛතසික වීය්‍ර්‍යයක් ඇද්ද,  එයම විරිය සම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.

13. එහි පීති සම්බොජ්ඣංගය කවරේද?   විතර්‍ක සහිත,  විචාර සහිත ප්‍රීතිය ඇත.   විතර්‍ක රහිත, විචාර රහිත ප්‍රීතිය ඇත.   යම්බඳු විතර්‍කය සහිත, විචාර සහිත ප්‍රීතියක් ඇද්ද,  එයම පීති සම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.   යම්බඳු විතර්‍ක රහිත, විචාර රහිත ප්‍රීතියක් ඇද්ද,  එයම පීති සම්බොජ්ඣංගය වේ. දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.

14. එහි පස්සද්ධි සම්බොජ්ඣංගය කවරේද?   කයෙහි සංසිඳීම ඇත.   සිතෙහි සංසිඳීම ඇත.   යම් ඒ කයෙහි සංසිඳීමක් ඇද්ද,  එයම පස්සද්ධි සම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.   යම් ඒ සිතෙහි සංසිඳීමක් ඇද්ද,  එයම පස්සද්ධි සම්බොජ්ඣංගය වේ. දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.

15. එහි සමාධි සම්බොජ්ඣංගය කවරේද?   විතර්‍ක සහිතවූ,  විචාර සහිතවූ,  සමාධිය ඇත.   අවිතර්කවූ අවිචාරවූ සමාධාය ඇත.   යම්බඳු විතර්‍ක සහිත, විචාර සහිත සමාධියක් ඇද්ද,  එයම සමාධි සම්බොජ්ඣංගය වේ.   දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.   යම්බඳු විතර්ක රහිත, විචාර රහිත සමාධියක් ඇද්ද, එයම  සමාධි සම්බොජ්ඣංගය වේ. දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.

16. එහි උපෙක්‍ෂා සම්බොජ්ඣංගය කවරේද?   ආධ්‍යාත්මික ධර්මයන්හි උපෙක්‍ෂාව ඇත.   බාහිර ධර්මයන්හි උපෙක්‍ෂාව ඇත.   යම්බඳු ආධ්‍යාත්මික ධර්මයන්හි උපෙක්‍ෂාවක් ඇද්ද,  එයම උපෙක්‍ෂා සම්බොජ්ඣංගය වේ. යම්බඳු බාහිර ධර්මයන්හි උපෙක්‍ෂාවක් ඇද්ද,  එයම උපෙක්‍ෂා සම්බොජ්ඣංගය වේ. දතයුතු ධර්මයන් දැනීම පිණිස,  මාර්‍ගය පිණිස,  නිවන් පිණිස පවතියි.

17.  බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

18. එහි පීති සම්බොජ්ඣංගය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකොට ඇති,  විරාගය ඇසුරුකොට ඇති,  කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු සති සම්බොජ්ඣංගය වඩයි.   විවේකය ඇසුරුකොට ඇති,  විරාගය ඇසුරුකොට ඇති,  කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි.   විවේකය ඇසුරුකොට ඇති,  විරාගය ඇසුරුකොට ඇති,  කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු විරිය සම්බොජ්ඣංගය වඩයි.   විවේකය ඇසුරුකොට ඇති,  විරාගය ඇසුරුකොට ඇති,  කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු පීති සම්බොජ්ඣංගය වඩයි.   විවේකය ඇසුරුකොට ඇති,  විරාගය ඇසුරුකොට ඇති,  කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි.   විවේකය ඇසුරුකොට ඇති,  විරාගය ඇසුරුකොට ඇති,  කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු සමාධි සම්බොජ්ඣංගය වඩයි.   විවේකය ඇසුරුකොට ඇති,  විරාගය ඇසුරුකොට ඇති,  කෙලෙස් දුරු කිරීම පිණිස නැමුණු උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයි.

අභිධම්ම භාජනිය.

19.  බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

20. එහි බොජ්ඣංග සත කවරහුද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි බොජ්ඣංග සිත වෙති. බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

21. එහි සති සම්බොජ්ඣංගය කවරේද?   යම් සිහියක් ඇද්ද,  අනුස්සතියක්,  සම්මා සතියක්,  සති සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සති සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

22. එහි ධම්මවිචය සම්බොජ්ඣංගය කවරේද?   යම් ප්‍රඥාවක්,  පජානනයක්,  -පෙ- අමොදයක්,  ධම්මවිචයක්,  සම්මාදිට්ඨියක්,  ධම්මවිචය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය ධම්මවිචය  සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

23. එහි විරිය සම්බොජ්ඣංගය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද -පෙ-   සම්‍යක් ව්‍යායාමයක්,  විරිය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය විරිය  සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

24. එහි පීති සම්බොජ්ඣංගය කවරේද?   යම් ප්‍රීතියක් ඇද්ද,  ප්‍රමෝදයක් ඇද්ද,  අමොදනාවක්,  ප්‍රමොදනාවක්,  හාසයක්,  පහාසයක්,  විත්තියක්,  ඔදග්ගයක්,  චිත්තයාගේ අත්තමනතාවක්,  පීති සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය පීති  සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

25. එහි පස්සද්ධි සම්බොජ්ඣංගය කවරේද?   වේදනා ස්කන්‍ධයාගේ,  සඤ්ඤාස්කන්‍ධයාගේ,  සංස්කාරස්කන්‍ධයාගේ,  විඤ්ඤාණස්කන්‍ධයාගේ යම් සංසිඳීමක් ඇද්ද,  පටිප්පස්සද්ධියක්,  පස්සම්භනාවක්,   පටිප්පස්සම්භනාවක්,  විශෙෂයෙන් සංසිඳීම් බවක්,  පස්සද්ධි සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය පස්සද්ධි  සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

26. එහි සමාධි සම්බොජ්ඣංගය කවරේද?   යම් චිත්තයාගේ පැවැත්මක්,  සිටීමක්,  -පෙ-   සම්‍යක් සමාධියක්,  සමාධි  සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සමාධි  සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

27. එහි උපෙක්ඛා සම්බොජ්ඣංගය කවරේද?   යම් උපෙක්‍ෂාවක්,  උපෙක්ඛනාවක්,  මැදහත්ව බැලීමක්,  චිත්තයාගේ මැදහත් බවක්,  උපෙක්ඛා සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   මොවුහු සත්ත බොජ්ඣංගයෝ වෙති.   සෙසු ධර්මයෝ සත්ත බොජ්ඣංගයන් හා සම්ප්‍රයුක්තයෝය.

28. බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.   එහි සති  සම්බොජ්ඣංගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් සිහියක් ඇද්ද,  අනුස්සතියක්,  සම්මා සතියක්,  සති සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සති සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   සෙසු ධර්මයෝ සති සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.      -පෙ- සෙසු ධර්මයෝ ධම්මවිචය සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.  -පෙ- සෙසු ධර්මයෝ විරිය සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.   -පෙ- සෙසු ධර්මයෝ පීති සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.   -පෙ- සෙසු ධර්මයෝ පස්සද්ධි සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.   -පෙ- සෙසු ධර්මයෝ සමාධි සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.

29. එහි උපෙක්ඛා සම්බොජ්ඣංගය කවරේද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි උපෙක්‍ෂාවක්,  උපෙක්ඛනාවක්,  මැදහත්ව බැලීමක්,  චිත්තයාගේ මැදහත් බවක්,  උපෙක්ඛා සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   සෙසු ධර්මයෝ උපෙක්ඛා සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.   බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

30. එහි සත්ත බොජ්ඣංගයෝ කවරහුද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් ස්පර්‍ශයක් වේද,  -පෙ- අවික්‍ෂෙපයක් වේද,  මේ ධර්‍මයෝ කුසලයෝය.   ඒ ලෝකෝත්තර කුසල ධ්‍යානයම කරණ ලද බැවින්,  වඩන ලද බැවින්,  කාමයන්ගෙන් වෙන්වම,  -පෙ-  විපාකවූ,  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්ධවූ අභිඥාව ඇති,  සුඤ්ඤතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

31. එහි සති සම්බොජ්ඣංගය කවරේද?   යම් සිහියක් ඇද්ද,  අනුස්සතියක්,  සම්මා සතියක්,  සති සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය සති සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.

32. එහි උපෙක්ඛා සම්බොජ්ඣංගය කවරේද?   යම් උපෙක්‍ෂාවක්,  උපෙක්ඛනාවක්,  මැදහත්ව බැලීමක්,  චිත්තයාගේ මැදහත් බවක්,  උපෙක්ඛා සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   මොවුහු සත්ත බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්.   සෙසු ධර්මයෝ සත්ත බොජ්ඣංගයන් හා සම්ප්‍රයුක්තයෝය.

33.  බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

34. එහි සති සම්බොජ්ඣංගය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්ඛෙපය වෙයි.  මේ ධර්‍මයෝ කුසලයෝය.   ඒ ලෝකෝත්තර කුසල ධ්‍යානයම කරණ ලද බැවින්,  වඩන ලද බැවින්,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  විපාකවූ,  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්ධවූ අභිඥාව ඇති සුඤ්ඤතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

35. එසමයෙහි යම් සිහියක් ඇද්ද,  අනුස්සතියක්,  සම්මා සතියක්,  සති සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   අවශෙෂ ධර්‍මයෝ සති සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.  -පෙ- අවශෙෂ ධර්‍මයෝ ධම්මවිචය සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.  -පෙ- අවශෙෂ ධර්‍මයෝ විරිය සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.  -පෙ- අවශෙෂ ධර්‍මයෝ පීති සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.  -පෙ- අවශෙෂ ධර්‍මයෝ පස්සද්ධි සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.  -පෙ- අවශෙෂ ධර්‍මයෝ සමාධි සම්බොජ්ඣංග සම්ප්‍රයුක්තයෝය.

36. එහි උපෙක්ඛා සම්බොජ්ඣංගය කවරේද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ස්පර්‍ශය වෙයි.   -පෙ-  අවික්ඛෙපය වෙයි.  මේ ධර්‍මයෝ කුසලයෝය.   ඒ ලෝකෝත්තර කුසල ධ්‍යානයම කරණ ලද බැවින්,  වඩන ලද බැවින්,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  විපාකවූ,  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්ධවූ අභිඥාව ඇති සුඤ්ඤතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.

37. එසමයෙහි යම් උපෙක්‍ෂාවක්,  උපෙක්ඛනාවක්,  මැදහත්ව බැලීමක්,  චිත්තයාගේ මැදහත් බවක්,  උපෙක්ඛා සම්බොජ්ඣංගයක් ඇද්ද,  එයයි.   මෙය උපෙක්ඛා සම්බොජ්ඣංගයයි කියනු ලැබේ.   සෙසු ධර්මයෝ සත්ත බොජ්ඣංගයන් හා සම්ප්‍රයුක්තයෝය.

(අභිධම්ම භාජනිය නිමි. )

පඤ්හ පුච්ඡකය.

38.  බොජ්ඣංගයෝ සත් දෙනෙක් වෙති.   සතිසම්බොජ්ඣංගය,  ධම්මවිචය සම්බොජ්ඣංගය,  විරිය සම්බොජ්ඣංගය,  පීති සම්බොජ්ඣංගය,  පස්සද්ධි සම්බොජ්ඣංගය,  සමාධි සම්බොජ්ඣංගය,  උපෙක්ඛා සම්බොජ්ඣංගය යනුයි.

39. බොජ්ඣංග සත අතුරෙන් කුසලයෝ කෙතෙක්ද?   අකුසලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ-  සරණයෝ (කෙලෙස් සහිතයෝ) කෙතෙක්ද?   අරණයෝ (කෙලෙස් රහිතයෝ) කෙතෙක්ද?   කුසල්වූවෝ වෙති.   අව්‍යාකෘතවූවෝ වෙති.   පීති සම්බොජ්ඣංගය සුඛ වේදනා හා සම්ප්‍රයුක්තය.   බොජ්ඣංග සයක් සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   දුක් නොවූ, සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති. විපාකවූවෝ වෙති.   විපාකධර්‍ම ධර්මවූවෝ වෙති.   අනුපාදින්න උපාදානියයෝය.   අසංකිලිට්ඨ අසංකිලෙසිකයෝය.   විතර්ක සහිත විචාර සහිත වූවෝ වෙති.    විතර්ක රහිත විචාර රහිත වූවෝ වෙති.   පීති සම්බොජ්ඣංගය පීති සහගත නොවේ.   සුඛ සහගතය.   උපෙක්‍ෂා සහගත නොවේ.

40.  බොජ්ඣංග සයක් පීති සහගතවූවෝ වෙති.   සුඛ සහගතවූවෝ වෙති.   උපෙක්ඛා සහගතවූවෝ වෙති.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොම දුරු කටයුතුය.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොම දුරු කටයුතු හේතුකය.   අපචයගාමීහු වෙති.   අපචයගාමී නොව අපචයගාමී නොවූවෝ වෙති.   ශෛක්‍ෂවූවෝ වෙති.   අශෛක්‍ෂවූවෝ වෙති.   අප්පමාණයෝය.   අප්පමාණාරම්මණයෝය.   ප්‍රණීතයෝය.   සම්මත්ත නියතයෝ වෙති.   අනියතවූවෝ වෙති.   මග්ගාරම්මණයෝ නොවෙති.   මග්ග හේතුකයෝ වෙති.   මග්ගාධිපතීහු වෙති.   මග්ග හේතුකයයිද,  මග්ගාධිපතීහුයයිද නොකියයුතු වෙති.   උප්පන්නවූවෝ වෙති.   අනුප්පන්නවූවෝ වෙති.   උප්පාදීහු වෙති.   අතීතවූවෝ වෙති.   අනාගතවූවෝ වෙති.   පච්චුප්පන්නවූවෝ වෙති.   අතීතාරම්මණයයිද,  අනාගතාරම්මණයයිද,  පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය.

41.  අජ්ඣත්තවූවෝ වෙති.   බහිද්ධවූවෝ වෙති.   අජ්ඣත්ත බහිද්ධවූවෝ වෙති.   අජ්ඣත්ත බහිද්ධාරම්මණයෝය.   අනිදස්සන අප්පටිඝයෝය.   ධම්මවිචය සම්බොජ්ඣංගය හේතුය.   බොජ්ඣංග සයක් හේතු සම්පයුක්තයෝය.   ධම්මවිචය සම්බොජ්ඣංගය හේතුද සහේතුකද වෙයි.   බොජ්ඣංග සයක් හේතුද,  සහේතුකයයිද,  සහේතුකද,  හේතු නොවේයයිද නොකිය යුතුය.   ධම්මවිචය සම්බොජ්ඣංගය හේතුද,  හේතු සම්පයුක්තද වේ.    බොජ්ඣංග සයක් හේතුක,  හේතු සම්පයුක්තයයිද නොකිය යුතුය.  හේතු සම්පයුක්තද,  හේතු නොවූයේද වෙයි. බොජ්ඣංග සයක් හේතු නොවේ.   සහේතුකයෝය.   ධම්මවිචය සම්බොජ්ඣංගය හේතු නොවූයේ සහේතුකයයිද,  හේතු නොවූයේ අහේතුකයයිද නොකිය යුතුය.   සප්‍රත්‍යයෝය.   සංඛතයෝය.   අනිදස්සනයෝය.   අප්පටිඝයෝය.   අරූපයෝය.   ලෝකුත්තරයෝය.   කිසි ඉන්‍ද්‍රියකින් දත යුතුය.    කිසි ඉන්‍ද්‍රියකින් නොදත යුතුය.

42.  ආශ්‍රවයෝ නොවෙති.   අනාශ්‍රවයෝය.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.   ආශ්‍රවද සාශ්‍රවයයිද,  සාශ්‍රවද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද,  ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රව විප්‍රයුක්ත අනාශ්‍රවයෝය.   සංයෝජනයෝ නොවෙති.   -පෙ-  ගන්ථයෝ නොවෙති.   -පෙ-  ඔඝයෝ නොවෙති.   -පෙ-   යෝගයෝ නොවෙති.   -පෙ-   නීවරණයෝ නොවෙති.   -පෙ-   පරාමාසයෝ නොවෙති.   -පෙ-   සාරම්මණයෝය.

43.  චිත්තයෝ නොවති.   චෛතසිකයෝය.   චිත්ත සම්ප්‍රයුක්තයෝය.   චිත්ත සංසට්ඨයෝය.   චිත්ත සමුට්ඨානයෝය.   සිත සමග එකට උපන්නෝය.   සිත අනුව පෙරළෙන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා එකට උපන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුව පෙරළෙන්නෝය.

44. බාහිරයෝය.   උපාදාන නොවේ.   අනුපාදින්නයෝය.   උපාදානයෝ නොවෙති.   -පෙ-    ක්ලේශයෝ නොවෙති.      -පෙ-   දර්‍ශනයෙන් නොම දුරු කටයුතුය.   භාවනාවෙන් නොම දුරු කටයුතුය.   දර්‍ශනයෙන් නොම දුරු කටයුතු හේතුකය.   භාවනාවෙන් නොම දුරු කටයුතු හේතුකය.

45. සවිතර්කවූවෝ වෙති.   අවිතරීකවූවෝ වෙති.   සවිචාරවූවෝ වෙති.   අවිචාරවූවෝ වෙති.   පීති සම්බොජ්ඣංගය අප්පීතිකය.   බොජ්ඣංග සයක් සප්පීතිකවූවෝ වෙති.   අප්පීතිකවූවෝ වෙති.   පීති සම්බොජ්ඣංගය පීති සහගත නොවේ.   බොජ්ඣංග සයක් පීති සහගත වූවෝ වෙති.   පීති සහගත නොවූවෝ වෙති.   පීති සම්බොජ්ඣංගය සුඛ සහගතය.   බොජ්ඣංග සයක් සුඛ සහගත වූවෝ වෙති.   සුඛ සහගත නොවූවෝ වෙති.   පීති සම්බොජ්ඣංගය උපෙක්‍ෂා සහගත නොවේ.    බොජ්ධංග සයක් උපෙක්ඛා සහගතවූවෝ වෙති.   උපෙක්ඛා සහගත නොවූවෝ වෙති.

46. කාමාවචර නොවූවෝ වෙති.   රූපාවචර නොවූවෝ වෙති.   අරූපාවචර නොවූවෝ වෙති.   අපරියාපන්නවූවෝ වෙති. නීය්‍යානිකවූවෝ වෙති.   අනිය්‍යානිකවූවෝ වෙති.   නියතවූවෝ වෙති.   අනියතවූවෝ වෙති.   අනුත්තරයෝය.   අරණයෝය.

(බොජ්ඣංග විභංගය නිමියේය. )
———

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: