ඉද්ධිපාද විභංගය

සුත්තන්ත භාජනිය.

1. ඉද්ධිපාදයෝ සතර දෙනෙක් වෙති.   මේ ශාසනයෙහි මහණතෙම කත්තුකම්‍යතා ඡන්දය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි.   වීය්‍ර්‍යය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි.   චිත්තය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි.   වීමංසාව අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි.

2.  ඉදින් භික්‍ෂුව ඡන්දය අධිපතිකොට සමාධිය ලබාද,  සිතෙහි එකඟකම ලබාද,  මෙය ඡන්ද සමාධියයයි කියනු ලැබේ.   හෙතෙම නූපන් අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,  උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,   නූපන් කුශල ධර්‍මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,   උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිසද,  වැඩීම පිණිසද,  මහත්බව පිණිසද,  භාවනාවන් සම්පූර්‍ණකිරීම පිණිසද කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද, මෙය පධාන සංඛාරයයි.   (සම්‍යක්ප්‍රධාන වීය්‍ර්‍යයයි) කියනු ලැබේ.   මේ ඡන්‍දය අධිපතිකොට ඇති සමාධියද සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයද මෙසේය.

3.  ඒ සියල්ල එකතුකොට සමගිකොට රැස්කොට ඡන්දය අධිපතිකොට ඇති සමාධිය හා සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යයයි ව්‍යවහාරයට යයි.   එහි ඡන්දය කවරේද?   යම් කැමැත්තක්,  කැමති බවක්,  දක්‍ෂ බවක්,  ස්වභාවයෙන් කැමැත්තක් ඇද්ද,  එයයි.   මෙය කැමැත්තයයි කියනු ලැබේ.

4. එහි සමාධිය කවරේද?   යම් චිත්තයාගේ පැවැත්මක්,  විශෙෂ පැවැත්මක්,  සිටීමක්,  නැවතීමක්,  නොවිසුරුණුබවක්,  නොවිසුරුණ සිත් ඇති බවක්,  සමථයක්,  සමාධින්ද්‍රියක්,  සමාධි බලයක්,  සම්‍යක් සමාධියක් ඇද්ද, එයයි.   මෙය සමාධියයි කියනු ලැබේ.

5. එහි පධාන සංඛාරය සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  නික්ඛමයක්,  පරක්කමයක්,  උය්‍යාමයක්,  වායාමයක්,  උත්සාහයක්,  උත්සාහ බවක්,  ථාමයක්,  ධෛය්‍ර්‍යයක්,  බුරුල් නොවූ පරාක්‍රම ඇති බවක්,  බහා නොතැබූ කැමැත්තක්,  බහා නොතැබූ ධෛය්‍ර්‍යයක්,  ධෛය්‍ර්‍යය දැඩිව ගැණීමක්,  වීය්‍ර්‍යයක්,  විරියින්‍ද්‍රියක්,  විරිය බලයක්,  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය පධාන සංඛාරයයි.   මෙසේ මේ ඡන්‍දයෙන්ද,  මේ සමාධියෙන්ද,  මේ පධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.   සමුපෙතවූයේ වෙයි.   උපාගතවූයේ වෙයි.   සමුපාගතවූයේ වෙයි.    උප්පන්නවූයේ වෙයි.   සමුප්පන්නවූයේ වෙයි.   සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතයයි කියනු ලැබේ.

6. ´´ඉද්ධි´´ යනු යම් ඒ ධර්මයන්ගේ දියුණුවක්,  සමෘද්ධියක්,  ඉජ්ඣනාවක්,  සමිජ්ඣනාවක්,  ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡකිරියාවක්, ලැබීමක් ඇද්ද,  එයයි.

´´ඉද්ධිපාද´´ යනු එබඳුවූ වේදනාස්කන්‍ධය  -පෙ-  විඤ්ඤාණස්කන්‍ධය යනුයි.   ´´ඉද්ධිපාදය´´ වඩයි යනු ඒ ධර්මයන් සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් ඉද්ධිපාදය වඩායයි කියනු ලැබේ.

7.  කෙසේ මහණතෙම වීය්‍ර්‍යය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩාද?   ඉදින් භික්‍ෂුව වීය්‍ර්‍යය අධිපතිකොට ඇති සමාධිය ලබාද,  සිතෙහි එකඟකම ලබයි.   මෙය වීය්‍ර්‍ය සමාධියයි කියනු ලැබේ.   හෙතෙම නූපන් අකුශල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,   උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිස,  වැඩීම පිණිස,  මහත්බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද මොවුහු පධාන සංඛාරයෝයයි කියනු ලැබෙත්.

8. ඒ සියල්ල එකතුකොට,  සමගිකොට,  රැස්කොට,  විරිය සමාධි පධාන සංඛාරයයි ව්‍යවහාරයට යයි.   එහි වීය්‍ර්‍යය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  මෙය වීය්‍ර්‍යයයි කියනු ලැබේ.

එහි සමාධිය කවරේද?   යම් චිත්තයාගේ පැවැත්මක්,  -පෙ-  සම්‍යක් සමාධියක් ඇද්ද,  එයයි.

9. එහි පධාන සංඛාරය (සම්‍යක් ප්‍රධාන වීය්‍ර්‍යය) කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය පධාන සංඛාර යයි කියනු ලැබේ.   මෙසේ යම් මේ වීය්‍ර්‍යයෙන්ද,  මේ සමාධියෙන්ද,  මේ පධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   ඉද්ධිය නම්  -පෙ-  ලැබීමයි.   ඉද්ධිපාද නම් එබඳු වේදනාස්කන්‍ධය  -පෙ-  විඤ්ඤාණස්කන්‍ධය යනුයි.   ඉද්ධිපාද වඩයි යනු  -පෙ-  එහෙයින් ඉද්ධිපාදය වඩායයි කියනු ලැබේ.

10. කෙසේ භික්‍ෂුව චිත්තය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩාද,  ඉදින් භික්‍ෂුව සිත අධිපතිකොට සමාධිය ලබයි.   සිතෙහි එකඟකම ලබයි.   මෙය චිත්ත සමාධියයි කියනු ලැබේ.   හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද,  -පෙ-   උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිස,  වැඩීම පිණිස,  මහත්බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණකිරීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද, මොවුහු පධාන සංඛාරයෝයයි කියනු ලැබෙත්.   මේ චිත්ත සමාධියද,  මේ පධාන සංඛාරයෝද මෙසේය.

11.  ඒ සියල්ල එකතුකොට,  සමගිකොට,  රැස්කොට,  චිත්ත සමාධි පධාන සංඛාරයයි ව්‍යවහාරයට යයි.   එහි චිත්තය කවරේද? යම් සිතක් ඇද්ද,  මනයක්,  මානසයක්,  -පෙ-  තජ්ජා,  මනො විඤ්ඤාණ ධාතුද යනුයි.   මෙය සිතයයි කියනු ලැබේ.

12.  එහි සමාධිය කවරේද?   යම් චිත්තයාගේ පැවැත්මක්,  සිටීමක්,  -පෙ-  සම්‍යක් සමාධියක් ඇද්ද,  එයයි.   මෙය සමාධියයි කියනු ලැබේ.

13.  එහි පධාන සංඛාරය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය පධාන සංඛාරයයි කියනු ලැබේ.   මෙසේ මේ සිතින්ද,  මේ සමාධියෙන්ද,  මේ ප්‍රධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.

14. ´´ඉද්ධි´´ යනු යම් ඒ ධර්මයන්ගේ දියුණුවක්,  සමෘද්ධියක්,  ඉජ්ඣනාවක්,  සමිජ්ඣනාවක්,  ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡකිරියාවක්, ලැබීමක් ඇද්ද,  එයයි.

´´ඉද්ධිපාද´´ යනු එබඳුවූ වේදනාස්කන්‍ධය  -පෙ-  විඤ්ඤාණස්කන්‍ධය යනුයි.   ´´ඉද්ධිපාදය´´ වඩයි යනු ඒ ධර්මයන් සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් ඉද්ධිපාදය වඩායයි කියනු ලැබේ.

15. කෙසේ භික්‍ෂුව වීමංසාව අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීර්යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩාද?   ඉදින් භික්‍ෂුව වීමංසාව අධිපතිකොට සමාධිය ලබයි.   සිතෙහි එකඟකම ලබයි.   මෙය වීමංසා සමාධියයි කියනු ලැබේ.   හෙතෙම නූපන් ලාමක අකුසල ධර්‍මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවාද,  උත්සාහ කෙරේද,  වීය්‍ර්‍ය ආරම්භ කෙරේද,  සිත දැඩිකොට ඔසවයිද,  බලවත් සේ උත්සාහ කෙරේද, උපන් කුශල ධර්‍මයන්ගේ පැවතීම පිණිස,  වැඩීම පිණිස,  මහත්බව පිණිස,  භාවනාවන් සම්පූර්‍ණකිරීම පිණිස කැමැත්ත උපදවයි.  උත්සාහ කරයි.  වීය්‍ර්‍යය පටන් ගනියි.  සිත දැඩිසේ ඔසවයි.  බලවත් උත්සාහ කරයි.   මොවුහු පධාන සංඛාරයෝයයි කියනු ලැබෙත්.   මේ වීමංසා සමාධියද,  මේ පධාන සංඛාරයෝද මෙසේය.   ඒ සියල්ල එකතුකොට,   සමගිකොට,  රැස්කොට වීමංසා සමාධි පධාන සංඛාරයයි ව්‍යවහාරයට යයි.

16.  එහි වීමංසාව කවරේද?   යම් ප්‍රඥාවක්,  පජානනයක්,  -පෙ-  අමෝහයක්,  ධම්ම විචයක්,  සම්මා දිට්ඨියක් ඇද්ද,  එයයි.   මෙය වීමංසායයි කියනු ලැබේ. එහි සමාධිය කවරේද?   යම් චිත්තයාගේ පැවැත්මක්,  සිටීමක්,  -පෙ-  සම්‍යක් සමාධියක් ඇද්ද,  එයයි.   මෙය සමාධියයි කියනු ලැබේ.

17. එහි පධාන සංඛාරය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  එයයි.   මෙය පධාන සංඛාරයයි කියනු ලැබේ.   මෙසේ මේ සිතින්ද,  මේ සමාධියෙන්ද,  මේ ප්‍රධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.  -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් වීමංසා සමාධි පධාන සංඛාර සමන්නාගතයයි කියනු ලැබේ.

18. ´´ඉද්ධි´´ යනු යම් ඒ ධර්මයන්ගේ දියුණුවක්,  සමෘද්ධියක්,  ඉජ්ඣනාවක්,  සමිජ්ඣනාවක්,  ලාභයක්,  පටිලාභයක්,  පත්තියක්,  සම්පත්තියක්,  ඵුසනාවක්,  සච්ඡකිරියාවක්, ලැබීමක් ඇද්ද,  එයයි.

´´ඉද්ධිපාද´´ යනු එබඳුවූ වේදනාස්කන්‍ධය  -පෙ-  විඤ්ඤාණස්කන්‍ධය යනුයි.   ´´ඉද්ධිපාදය´´ වඩයි යනු ඒ ධර්මයන් සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් ඉද්ධිපාදය වඩායයි කියනු ලැබේ.

( සුත්තන්ත භාජනිය නිමි. )

අභිධම්ම භාජනිය.

19.  ඉද්ධිපාදයෝ සතර දෙනෙක් වෙති.   මේ ශාසනයෙහි මහණතෙම කත්තුකම්‍යතා ඡන්‍දය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි.   වීය්‍ර්‍යය අධිපතිකොට ලැබූ  -පෙ-  චිත්තය අධිපතිකොට ලැබූ  -පෙ-  වීමංසාව අධිපතිකොට ලැබූ  -පෙ-

20. කෙසේ මහණතෙම ඡන්‍දසමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩාද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩයි.

21.  එහි ඡන්‍දය කවරේද? යම් කැමැත්තක්,  කැමති බවක්,  දක්‍ෂ බවක්,  ස්වභාවයෙන් කැමැත්තක් ඇද්ද,  එයයි.   මෙය කැමැත්තයයි කියනු ලැබේ.

22. එහි සමාධිය කවරේද? යම් චිත්තයාගේ පැවැත්මක්,  විශෙෂ පැවැත්මක්,  සිටීමක්,  නැවතීමක්,  නොවිසුරුණුබවක්,  නොවිසුරුණ සිත් ඇති බවක්,  සමථයක්,  සමාධින්ද්‍රියක්,  සමාධි බලයක්,  සම්‍යක් සමාධියක් ඇද්ද, එයයි.   මෙය සමාධියයි කියනු ලැබේ.

23. එහි පධාන සංඛාරය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  මෙය වීය්‍ර්‍යයයි කියනු ලැබේ.   සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය පධාන සංඛාරයයි කියනු ලැබේ.

24. මෙසේ මේ ඡන්‍දයෙන්ද,  මේ සමාධියෙන්ද,  මේ පධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.   සමුපෙතවූයේ වෙයි.   -පෙ-  සමන්නාගත වූයේ වෙයි.   එහෙයින් ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතයයි කියනු ලැබේ.

25. ´´ඉද්ධිය´´ යනු යම් ඒ ධර්‍මයන්ගේ සිද්ධියක්,  සමෘද්ධියක්,  -පෙ-  පැමිණීමක් ඇද්ද,  එයයි.   ´´ඉද්ධිපාද´´ යනු එබඳුවූ ස්පර්‍ශයක්  -පෙ-  දැඩිව ගැන්මක්,  අවික්‍ෂෙපයක් ඇද්ද,  එයයි.   ´´ඉද්ධිපාද වඩයි´´ යනු ඒ ධර්‍මයන් සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.   එහෙයින් ඉද්ධිපාදය වඩා යයි කියනු ලැබේ.

26. කෙසේ මහණතෙම විරිය සමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩාද, මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි විරිය සමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩයි.

27. එහි වීය්‍ර්‍යය කවරේද?   යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්,  විරිය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය වීය්‍ර්‍යයයි කියනු ලැබේ.

28. එහි සමාධිය කවරේද? යම් චිත්තයාගේ පැවැත්මක්,  සිටීමක්,  -පෙ- සම්‍යක් සමාධියක්,  සමාධි සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි. මෙය සමාධියයි කියනු ලැබේ.

29. එහි පධාන සංඛාරය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්, විරිය සම්බොජ්ඣංගයක්,   මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද, එයයි. මෙය පධාන සංඛාරයයි කියනු ලැබේ.   මෙසේ මේ වීය්‍ර්‍යයෙන්ද,  මේ සමාධියෙන්ද,  මේ පධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් විරිය සමාධි පධාන සංඛාර සමන්නාගත යයි කියනු ලැබේ.

30. ´´ඉද්ධි´´ යනු -පෙ-  ඉද්ධිපාද යනු එබඳුවූ ස්පර්‍ශය  -පෙ-     ´´ඉද්ධිපාද වඩයි´´  යනු ඒ ධර්මයන් -පෙ- කියනු ලැබේ.

31. කෙසේ මහණතෙම චිත්තසමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩාද? මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි චිත්තසමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩයි.

32. එහි චිත්තය කවරේද?

33. එහි සමාධිය කවරේද? යම් චිත්තයාගේ පැවැත්මක්,  සිටීමක්,  -පෙ- සම්‍යක් සමාධියක්,  සමාධි සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි. මෙය සමාධියයි කියනු ලැබේ.

34. එහි පධාන සංඛාරය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්, විරිය සම්බොජ්ඣංගයක්,   මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි. මෙය පධාන සංඛාරයයි කියනු ලැබේ.   මෙසේ මේ සිතින්ද,  මේ සමාධියෙන්ද, මේ පධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් චිත්ත සමාධි පධාන සංඛාරයයි කියනු ලැබේ.

35. ´´ඉද්ධිය´´ යනු -පෙ-  ´´ඉද්ධිපාද´´ යනු -පෙ-     ´´ඉද්ධිපාදය වඩයි´´  යනු  -පෙ- එහෙයින් ඉද්ධිපාදය වඩා යයි කියනු ලැබේ.

36. කෙසේ භික්‍ෂුව වීමංසා සමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩාද?   මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි වීමංසා සමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩයි.

37. එහි වීමංසාව කවරේද?   යම් ප්‍රඥාවක් පජානන නම් වේද,  -පෙ-  අමෝහයක්,  ධම්මවිචයක්,  සම්මා දිට්ඨියක්,  ධම්මවිචය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ග පරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය වීමංසාවයයි කියනු ලැබේ.

38. එහි සමාධිය කවරේද? යම් චිත්තයාගේ පැවැත්මක්,  සිටීමක්,  -පෙ- සම්‍යක් සමාධියක්,  සමාධි සම්බොජ්ඣංගයක්, මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි. මෙය සමාධියයි කියනු ලැබේ.

39. එහි පධාන සංඛාරය කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක්, විරිය සම්බොජ්ඣංගයක්,   මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි. මෙය පධාන සංඛාරයයි කියනු ලැබේ.   මෙසේ මේ වීමංසාවෙන්ද,  මේ සමාධියෙන්ද,  මේ පධාන සංඛාරයෙන්ද යුක්තවූයේ වෙයි.   -පෙ-  සමන්නාගතවූයේ වෙයි.   එහෙයින් වීමංසාධි පධාන සංඛාරයයි කියනු ලැබේ.

40. ඉද්ධි යනු -පෙ-  ඉද්ධිපාද යනු -පෙ-     ඉද්ධිපාදය වඩයි යනු  ඒ ධර්‍මයන් සේවනය කරයි.   වඩයි.   බහුල වශයෙන් කරයි.    එහෙයින් ඉද්ධිපාදය වඩා යයි කියනු ලැබේ.

41. ඉද්ධිපාදයෝ සතරදෙනෙක් වෙති.   ඡන්‍දිද්ධිපාදය,  විරියිද්ධිපාදය,  චිත්තිද්ධිපාදය,  වීමංසිද්ධිපාදය යනුයි.

42. එහි ඡන්‍දිද්ධිපාදය කවරේද?  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් කැමැත්තක් ඇද්ද,  කැමති බවක්,  කරණු කැමැත්තක්,  දක්‍ෂබවක්,  ස්වභාවයෙන් කැමැත්තක් ඇද්ද,  එයයි.   මෙය ඡන්‍දද්ධිපාදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්‍මයෝ ඡන්‍දද්ධිපාද සම්ප්‍රයුක්තයෝය.

43. එහි විරියිද්ධිපාදය කවරේද?  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද,  -පෙ-  සම්‍යක් ව්‍යායාමයක් ඇද්ද,  විරිය සම්බොජ්ඣංගයක්,    මග්ගංගයක්,  මග්ගපරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය විරියිද්ධිපාදයයි කියනු ලැබේ.   සෙසු ධර්‍මයෝ විරියිද්ධිපාද සම්ප්‍රයුක්තයෝය.

44. එහි චිත්තිද්ධිපාදය කවරේද?  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් සිතක්,  මනයක්,  මානසයක්,   -පෙ-  තජ්ජා මනො විඤ්ඤාණ ධාතුවක් ඇද්ද,  එයයි.   මෙය චිත්තිද්ධිපාදයයි කියනු ලැබේ. සෙසු ධර්‍මයෝ චිත්තිද්ධිපාද සම්ප්‍රයුක්තයෝය.

45. එහි වීමංසිද්ධිපාදය කවරේද?  මේ ශාසනයෙහි මහණතෙම යම් කලෙක දිට්ඨිගතයන්ගේ දුරු කිරීම පිණිසද,  පළමු භූමියට පැමිණීම පිණිසද,  නීය්‍යානිකවූ,  අපචයගාමීවූ,  ලෝකෝත්තර ධ්‍යානය වඩාද,  කාමයන්ගෙන් වෙන්වම -පෙ-  දුක්වූ ප්‍රතිපදාව ඇති,  දන්‍ධවූ අභිඥාව ඇති,  ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.   එසමයෙහි යම් ප්‍රඥාවක් ඇද්ද,   පජානනයක්  -පෙ- අමෝහයක්,  ධම්මවිචයක්,  සම්මා දිට්ඨියක්,  ධම්මවිචය සම්බොජ්ඣංගයක්,  මග්ගංගයක්,  මග්ග පරියාපන්නයක් ඇද්ද,  එයයි.   මෙය වීමංසිද්ධිපාදයයි කියනු ලැබේ.   අවශෙෂ ධර්මයෝ විරියිද්ධිපාද සම්ප්‍රයුක්තයෝය.

(අභිධම්ම භාජනිය නිමි.)

පඤ්හ පුච්ඡකය.

46. ඉද්ධිපාදයෝ සතර දෙනෙක් වෙති.   මේ ශාසනයෙහි මහණතෙම ඡන්‍ද සමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩයි.   විරිය සමාධි -පෙ-  චිත්ත සමාධි  -පෙ-  වීමංසා සමාධි පධාන සංඛාර සමන්නාගතවූ ඉද්ධිපාදය වඩයි.

47. සතර ඉද්ධිපාදයන් අතුරෙන් කුසලයෝ කෙතෙක්ද?   අකුසලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ-  සරණයෝ (කෙලෙස් සහිතයෝ) කෙතෙක්ද?   අරණයෝ (කෙලෙස් රහිතයෝ) කෙතෙක්ද? කුසල්ම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   දුක් නොවූ,  සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   විපාක ධර්‍ම ධර්‍මයෝය.   අනුපාදින්න උපාදානියයෝය.   අසංකිලිට්ඨ අසංකිලෙසිකයෝය.   සවිතර්‍ක සවිචාරවූවෝ වෙති.   අවිතර්‍ක විචාර මාත්‍ර වූවෝ වෙති.   අවිතර්‍ක අවිචාරවූවෝ වෙති.   ප්‍රීති සහගතවූවෝ වෙති.   සුඛ සහගතවූවෝ වෙති.   උපෙක්‍ඛා සහගතවූවෝ වෙති.   දර්‍ශනයෙන් (සෝවාන් මාර්‍ගයෙන්) නොව භාවනාවෙන් (සෙසු මාර්‍ග තුනින්)නොම දුරු කටයුතුය.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොව දුරු කටයුතු හේතුකය.   අපචයගාමීහු වෙති.   ශෛක්‍ෂයෝය.   අප්පමාණයෝය.   අප්පමාණාරම්මණයෝය.   ප්‍රණීතයෝය.   සම්මත්ත නියතයෝය.   මග්ගාරම්මණයෝ නොවෙති.   මග්ග හේතුකයෝය.   මග්ගාධිපතීහු නොවෙති.   උප්පන්නවූවෝ වෙති.   අනුප්පන්නවූවෝ වෙති.   උප්පාදීහුයයි නොකිය යුතුය.  අතීතවූවෝ වෙති.   අනාගතවූවෝ වෙති.   පච්චුප්පන්නවූවෝ වෙති.   අතීතාරම්මණයයිද,  අනාගතාරම්මණයයිද,   පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය.   අජ්ඣත්තවූවෝ වෙති.   බහිද්ධවූවෝ වෙති.  අජ්ඣත්ත බහිද්ධවූවෝ වෙති.   බහිද්ධාරම්මණයෝය.   අනිදස්සන අප්පටිඝයෝය.   වීමංසිද්ධිපාදය හේතුය.   ඉද්ධිපාදයෝ තුන්දෙනෙක් හේතු නොවේ.      සහේතුකයෝය.   ඉද්ධිපාද තුනක්  හේතුද,  සහේතුකයයිද නොකිය යුතුය.   වීමංසිද්ධිපාදය හේතුද සහේතුකයයිද නොකිය යුතුය.   වීමංසිද්ධිපාදය   හේතුද,  හේතු සම්ප්‍රයුක්තද වේ.   ඉද්ධිපාද තුනක් හේතුද නොකිය යුතුය.   හේතු සම්ප්‍රයුක්තද හේතු නොවූයේද වේ.   ඉද්ධිපාද තුනක් හේතු නොවේ.   සහේතුකයෝය.   වීමංසිද්ධිපාදය හේතු නොවූයේ සහේතුකයයිද,  හේතු නොවූයේ සහේතුකයයිද නොකිය යුතුය.   සප්‍රත්‍යයෝය.   සංඛතයෝය.   අනිදස්සනයෝය.   අප්පටිඝයෝය.   අරූපයෝය.   ලෝකෝත්තරයෝය.   කිසි ඉන්‍ද්‍රියකින් දත යුතුය. කිසි ඉන්‍ද්‍රියකින් නොදත යුතුය.

48. ආශ්‍රවයෝ නොවෙති.   අනාශ්‍රවයෝය.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.   ආශ්‍රවද සාශ්‍රවයයිද,  සාශ්‍රවද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද,  ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රව විප්‍රයුක්තවූ   අනාශ්‍රවයෝය.   සංයෝජනයෝ නොවෙති.   -පෙ-  ගන්‍ථයෝ නොවෙති.   -පෙ-  ඔඝයෝ නොවෙති.  -පෙ-  යොගයෝ නොවෙති.  -පෙ-  නීවරණයෝ නොවෙති.  -පෙ-  පරාමාසයෝ  නොවෙති.  -පෙ-  සාරම්මණයෝය.  ඉද්ධිපාද තුනක් චිත්තයෝ නොවෙති.   චිත්තිද්ධිපාදය චිත්තවූයේය.   ඉද්ධිපාද තුනක් චෙතසිකයෝය.   චිත්තිද්ධිපාදය අචෙතසිකය.   ඉද්ධිපාද තුනක් චිත්ත සම්ප්‍රයුක්තයෝය.   චිත්තිද්ධිපාදය සිත හා සම්ප්‍රයුක්තයයිද සිත හා විප්‍රයුක්තයයිද නොකිය යුතුය.   ඉද්ධිපාද තුනක් චිත්ත සංසට්ඨය.   චිත්තිද්ධිපාදය සිත හා සංසට්ඨයයිද,  සිත හා විසංසට්ඨයයිද නොකිය යුතුය.
49. ඉද්ධිපාද තුනක් චිත්ත සමුට්ඨානයෝය.   චිත්තිද්ධිපාදය චිත්ත සමුට්ඨාන නොවේ.   ඉද්ධිපාද තුනක් චිත්තය සමග  එකට උපන්නෝ වෙති.   චිත්තිද්ධිපාදය සිත හා එකට උපන්නේ නොවේ.   ඉද්ධිපාද තුනක් සිත අනුව පෙරළෙන්නෝ වෙති.     චිත්තිද්ධිපාදය චිත්තානු පරිවත්තී නොවේ.   ඉද්ධිපාද තුනක් චිත්ත  සංසට්ඨ සමුට්ඨානයෝය.   චිත්තිද්ධිපාදය චිත්ත සංසට්ඨ සමුට්ඨාන නොවේ.   ඉද්ධිපාද තුනක් චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා එකට උපන්නෝය.   චිත්තිද්ධිපාදය චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහභූ නොවේ.    ඉද්ධිපාද තුනක් චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුපරිවත්තීහු වෙති.   චිත්තිද්ධිපාදය චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුපරිවත්තී නොවේ.    ඉද්ධිපාද තුනක් බාහිරයෝය.   චිත්තිද්ධිපාදය ආධ්‍යාත්මිකය.   උපාදා නොවේ.   අනුපාදින්නයෝය.   උපාදානයෝ  නොවෙති.   -පෙ-  ක්ලේශයෝ නොවෙති.   -පෙ-   සෝවාන් මාර්‍ගයෙන් නොම දුරු කටයුතුය.    සෙසු මාර්ග තුනින් නොම දුරු කටයුතුය.   සෝවාන් මාර්ගයෙන් නොම දුරු කටයුතු හේතුකය.   සෙසු මාර්ග තුනින් නොම දුරු කටයුතු හේතුකය.   සවිතර්‍කවූවෝ වෙති.   අවිතර්‍කවූවෝ වෙති.   සවිචාරවූවෝ වෙති.   අවිචාරවූවෝ වෙති.   සප්‍රීතිකවූවෝ වෙති.   අප්‍රීතිකවූවෝ වෙති.   ප්‍රීති සහගතවූවෝ වෙති.   ප්‍රීති සහගත නොවූවෝ වෙති.   සුඛ සහගතවූවෝ වෙති.   සුඛ සහගත නොවූවෝ වෙති.   උපෙක්‍ෂා සහගතවූවෝ වෙති.   උපෙක්‍ෂා සහගත නොවූවෝ වෙති.   කාමාවචර නොවූවෝ වෙති.   රූපාවචර නොවූවෝ වෙති.   අරූපාවචර නොවූවෝ වෙති.   අපරියාපන්නයෝය.   නීය්‍යානිකයෝය.   නියතයෝය.    අනුත්තරයෝය.   අරණයෝය. (කෙලෙස් රහිතයෝය.)

(පඤ්හ පුච්ඡකය නිමි.)

(ඉද්ධිපාද විභංගය නිමියේය.)
———-

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: