පඤ්හ පුච්ඡකය.

16.  සම්‍යක් ප්‍රධානයෝ සතර දෙනෙක් වෙති.   මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ   -පෙ-  සතර සම්‍යක් ප්‍රධානයන් අතුරෙන් කුශලයෝ කෙතෙක්ද?  අකුසලයෝ කෙතෙක්ද?   අව්‍යාකෘතයෝ කෙතෙක්ද?   -පෙ-  සරණයෝ (කෙලෙස් සහිතයෝ) කෙතෙක්ද?   අරණයෝ (කෙලෙස් රහිතයෝ) කෙතෙක්ද? කුසල්ම සුඛ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   දුක් නොවූ,  සැප නොවූ වේදනාව හා සම්ප්‍රයුක්තවූවෝ වෙති.   විපාක ධර්‍ම ධර්‍මයෝය.   අනුපාදින්න උපාදානියයෝය.   අසංකිලිට්ඨ අසංකිලෙසිකයෝය.   සවිතර්‍ක සවිචාරවූවෝ වෙති.   අවිතර්‍ක විචාර මාත්‍ර වූවෝ වෙති.   අවිතර්‍ක අවිචාරවූවෝ වෙති.   ප්‍රීති සහගතවූවෝ වෙති.   සුඛ සහගතවූවෝ වෙති.   උපෙක්‍ෂා සහගතවූවෝ වෙති.   දර්‍ශන නම්වූ සෝවාන් මාර්‍ගයෙන් හෝ,  භාවනා නම්වූ සෙසු මාර්‍ග තුනින් හෝ නොම දුරු කටයුතුය.   දර්‍ශනයෙන් නොව භාවනාවෙන් නොව දුරු කටයුතු හේතුකය.   අපචයගාමී වෙති.   ශෛක්‍ෂයෝය.   අප්පමාණයෝය.   අප්පමාණාරම්මණයෝය.   ප්‍රණීතයෝය.   සම්මත්ත නියතයෝය.   මග්ගාරම්මණයෝ නොවෙති.   මග්ග හේතුකයෝය.   මග්ගාධිපතීහු වෙති.   මග්ගාධිපතීහුයයි නොකිය යුතුය.   උප්පන්නවූවෝ වෙති.   අනුප්පන්නවූවෝ වෙති.   උප්පාදීහුයයි නොකිය යුතුය.  අතීතවූවෝ වෙති.   අනාගතවූවෝ වෙති.   පච්චුප්පන්නවූවෝ වෙති.   අතීතාරම්මණයයිද,  අනාගතාරම්මණයයිද,   පච්චුප්පන්නාරම්මණයයිද නොකිය යුතුය.   අජ්ඣත්තවූවෝ වෙති.   බහිද්ධවූවෝ වෙති.  අජ්ඣත්ත බහිද්ධවූවෝ වෙති.   බහිද්ධාරම්මනයෝය.   අනිදස්සන අප්පටිඝයෝය.   හේතු නොවේ.   සහේතුකයෝය.   හේතු සම්ප්‍රයුක්තයෝය.   හේතුද,  සහේතුකයයිද නොකිය යුතුය.   සහේතුකද,  හේතු නොවූවෝද වෙති.   හේතුද,  හේතු සම්ප්‍රයුක්තයයිද නොකිය යුතුය.   හේතු සම්ප්‍රයුක්තද හේතු නොවූවෝද වෙති.   හේතු නොවූවෝ සහේතුකයෝය.

17. සප්‍රත්‍යයෝය.   සංඛතයෝය.   අනිදස්සනයෝය.   අප්පටිඝයෝය.   අරූපයෝය.   ලොකෝත්තරයෝය.   කිසි ඉන්‍ද්‍රියකින් දතයුතුය.   කිසි ඉන්‍ද්‍රියකින් නොදතයුතුය.   ආශ්‍රවයෝ නොවෙති.   අනාශ්‍රවයෝය.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.   ආශ්‍රවද සාශ්‍රවයයිද,  සාශ්‍රවද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රවද ආශ්‍රව සම්ප්‍රයුක්තයයිද,  ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රව නොවේයයිද නොකිය යුතුය.   ආශ්‍රව විප්‍රයුක්තයෝය.   අනාශ්‍රවයෝය.   සංයෝජනයෝ නොවෙති.   -පෙ-  ග්‍රන්‍ථයෝ නොවෙති.   -පෙ-  ඔඝයෝ නොවෙති.  -පෙ-  යොගයෝ නොවෙති.  -පෙ-  නීවරණයෝ නොවෙති.  -පෙ-  පරාමාසයෝ  නොවෙති.  -පෙ-  සාරම්මණයෝය.  චිත්තයෝ නොවෙති.   චෛතසිකයෝය.   චිත්ත සම්ප්‍රයුක්තයෝය.   චිත්ත සංසට්ඨයෝය.   චිත්ත සමුට්ඨානයෝය.   චිත්තය හා එකට උපන්නෝය.   චිත්තය අනුව පෙරළෙන්නෝය.     චිත්ත සංසට්ඨ සමුට්ඨානයෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා එකට උපන්නෝය.   චිත්ත සංසට්ඨ සමුට්ඨාන හා අනුව පෙරළෙන්නෝය.   බාහිරයෝය.   උපාදා නොවූවෝ වෙති.   අනුපාදින්නයෝය.   උපාදානයෝ  නොවෙති.   -පෙ-  ක්ලේශයෝ නොවෙති.   -පෙ-   දර්‍ශනයෙන් නොම දුරු කටයුතුය.    භාවනාවෙන් නොම දුරු කටයුතුය.   දර්‍ශනයෙන් නොම දුරු කටයුතු හේතුකය.   භාවනාවෙන් නොම දුරු කටයුතු හේතුකය.   සවිතර්‍කවූවෝ වෙති.   අවිතර්‍කවූවෝ වෙති.   සවිචාරවූවෝ වෙති.   අවිචාරවූවෝ වෙති.   සප්‍රීතිකවූවෝ වෙති.   අප්‍රීතිකවූවෝ වෙති.   ප්‍රීති සහගතවූවෝ වෙති.   ප්‍රීති සහගත නොවූවෝ වෙති.   සුඛ සහගතවූවෝ වෙති.   සුඛ සහගත නොවූවෝ වෙති.   උපෙක්‍ෂා සහගතවූවෝ වෙති.   උපෙක්‍ෂා සහගත නොවූවෝ වෙති.   කාමාවචර නොවූවෝ වෙති.   රූපාවචර නොවූවෝ වෙති.   අරූපාවචර නොවූවෝ වෙති.   අපරියාපන්නයෝය.   නීය්‍යානිකයෝය.   නියතයෝය.    අනුත්තරයෝය.   අරණයෝය.

(පඤ්හ පුච්ඡකය නිමි.)

(සම්‍යක්ප්‍රධාන විභඞ්ගය නිමි.)
—————

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.