කායානුපස්සනා නිද්දේසය

1. සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. මේ සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මිකවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික (තමන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ (අනුන්ගේ) වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද වෙදනාවන්හි වෙදනාව අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මික ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, බාහිරවූ ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කෙරේද,

2. කෙසේ (යෝගාවචර) මහණතෙම ආධ්‍යාත්මික (තමන්ගේ) කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද? මෙහි මහණතෙම ආධ්‍යාත්මිකවූ පාදාන්තයෙන් උඩ, හිසකේ මස්තකයෙන් යට සම කෙළවරකොට ඇති නානාවිධ අසූචියෙන් පිරී සිටි මේ ශරීරයම සිහි කරන්නේය. කෙසේදයත්?

මේ ශරීරයෙහි (මෙහි 78 පිටුවේ ු)ඩස´ යන මේ කුණපයෝ ඇත්තාහ. හෙතෙම මේ නිමිත්ත සෙවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. මනාකොට සිතේ තබා ගනියි. හෙතෙම ඒ නිමිත්ත සේවනයකොට, වඩා බහුල වශයෙන් කොට, මනාකොට සිතේ තබා ගෙන, බාහිර (අනුන්ගේ කයෙහි සිත උපසංහරණය (තමාගේ) හා අනුන්ගේ කායයන් ගැන එකසේ සිතා බැලීම) කරයි.

3. කෙසේ භික්‍ෂුව බාහිර කයෙහි කය අනුව බලමින් වෙසේද? මේ සස්නෙහි මහණතෙම බාහිරවූ -පෙ- හෙතෙම ඒ නිමිත්ත -පෙ- ආධ්‍යාත්මික බාහිර කයෙහි තමන්ගේ සිත යොදවා බලයි.

4. කෙසේ මහණතෙම ආධ්‍යාත්මික කයෙහි කය අනුව බලමින් වාසය කෙරේද? මේ සස්නෙහි මහණතෙම ආධ්‍යාත්මික බාහිර -පෙ- මෙසේ මහණතෙම කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, මේ ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවා මෙසේ මහණතෙම ආධ්‍යාත්මික බාහිර කයෙහි කය අනුව බලමින් වාසය කරයි.

5. ´´අනුව බලයි´´ යනු එහි අනුව බැලීම කවරේද? යම් ප්‍රඥාවක් -පෙ- අමොහයක්, ධම්ම විචයක් සම්මා දිට්ඨියක් ඇද්ද, එයයි. මෙය අනුපස්සනායයි කියනු ලැබේ.

6. ´´මේ අනුපස්සනාවෙන් යුක්තවූයේ´´ විශෙෂයෙන් යුක්තවූයේ, උපාගතවූයේ, සමුපාගතවූයේ, උප්පන්නවූයේ, සම්පන්නවූයේ, යුක්තවූයේ යනුයි. එහෙයින් අනුව බලන්නේයයි කියනු ලැබේ.

7. ´´වාසය කෙරේ´´ යනු ඉරියව් සතරින් එකකින් යුක්තවෙයි. ඒ ඉරියාපථ සතරින් කය ගැලක් මෙන් පවත්වයි. එක් ඉරියව්වක නොසිට සියලු ඉරියව් වශයෙන් සිටියි. ඒ ඒ ඉරියා පථයෙන් ඒ ඒ පරිදි කය යැපෙයි. බොහෝ කලක් පවතියි. ඉරියව්වකින් ඉරියව්ව වෙනස්කොට ජීවිතය ගෙනයයි. එහෙයින් වාසය කෙරේයයි කියනු ලැබේ.

8. ´´කෙලෙස් තවන වීය්‍ර්‍ය ඇත්තේ´´ යනු එහි කෙලෙස් තැවීම කවරේද? යම් චෛතසික වීය්‍ර්‍යාරම්භයක් ඇද්ද -පෙ- සම්‍යක් ව්‍යායාමයයි. මෙය කෙලෙස් තවන වීය්‍ර්‍යයයි කියනු ලැබේ. මේ කෙලෙස් තවන වීය්‍ර්‍යයෙන් යුක්තවූයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි. එහෙයින් කෙලෙස් තවන විය්‍ර්‍ය ඇත්තේයයි කියන ලැබේ.

9. ´´යහපත් ප්‍රඥාව ඇත්තේ´´ යන්නෙහි එහි සම්‍යක් ප්‍රඥාව කවරේද? යම් ප්‍රඥාවක් -පෙ- අමොහයක්, ධම්මවිචයක්, සම්මාදිට්ඨියක් ඇද්ද, එයයි. මෙය යහපත් ප්‍රඥාවයයි කියනු ලැබේ. මේ යහපත් ප්‍රඥාවෙන් යුක්තවූයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සම්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි.

10. ´´සිහි ඇත්තේය´´ යනු එහි සිහිය කවරේද? යම් සිහියක්, අනුස්සතියක්, -පෙ- සම්මා සතියක් ඇද්ද, මෙය සිහියයයි කියනු ලැබේ. මේ සිහියෙන් යුක්තවුයේ වෙයි. සමුපෙතවූයේ වෙයි. උපාගතවූයේ වෙයි. සමුපාගතවූයේ වෙයි. උප්පන්නවූයේ වෙයි. සම්පන්නවූයේ වෙයි. සමන්නාගතවූයේ වෙයි. එහෙයින් සිහි ඇත්තේ යයි කියනු ලැබේ.

11. ´´මේ (ලොකයෙහි) ශරීරයෙහි ලෝභයද, ක්‍රොධයද සංසිඳුවාගෙන´´ යනු එහි ලොකය කවරේද? මේ ශරීර නමැති ලොකයමැයි. පඤ්චොපාදාන ස්කන්‍ධ ලොකයයි. මෙය ලොකයයි කියනු ලැබේ.

12. එහි අභිධ්‍යාව (ලොභය) කවරේද? යම් රාගයක් ඇද්ද, ඇලීමක් -පෙ- චිත්තයාගේ බලවත් ඇලිමක් ඇද්ද, එයයි. මෙය ලොභයයි කියනු ලැබේ.

13. එහි දොමනස්සය (නොසතුට) කවරේද? යම් චෛතසිකවූ, සිහිල් නොවූ බවක්, චෛතසිකවූ දුකක් සිත හා ස්පර්‍ශයෙන් උපන් සිහිල් නොවූ, දුක්වූ, විඳිය යුතු, සිත හා ස්පර්‍ශයෙන් උපන්, සිහිල් නොවූ, දුක්වූ වෙදනාවයි. මෙය දොම්නසයයි කියනු ලැබේ.

14. මේ ලොභයද, මේ දොම්නසද මෙසේය. මේ ලොකයෙහි විනීතවූවාහු වෙද්ද, පටි විනීත වූවාහු වෙද්ද, නිරොධ වශයෙන් ශාන්තවූවාහු වෙද්ද, භාවනා වශයෙන් සමිතවූවාහු වෙද්ද, සන්සිඳුනාහු වෙද්ද, නිරොධය නමැති අස්තයට ගිය බැවින් අස්තංගතවූවාහු, නැවත නැවත ඉපදීම මැඩ පවත්වන ලද බැවින් අබ්භත්‍ථංගත වූවාහු, විනාශ වූවාහු, විශෙෂයයෙන් විනාශ වූවාහු, වියලුනාහු, අවසන් වූවාහු යනුයි. එහෙයින් ලෝකයෙහි ලොභය හා දොම්නස දුරුකොට යයි කියනු ලැබේ.

(කායානුපස්සනා නිද්දේසය නිමි.)
———-

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: