4. විජයා සූත්‍රය.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි විජයා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙවා පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවර පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා හැසිර, දන් වළඳා පෙරළා අවුත්, දවල් විවේකයට අන්‍ධවනයට පැමිණියාය. අන්‍ධවනයට පැමිණ එක්තරා රුක්මුලෙක දවල් විවේකය පිණිස උන්නාය.

3. එකල්හි පාපීවූ මාරයා විජයා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. විජයා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ විජයා මෙහෙණියට,

´´ආය්‍ර්‍යාවෙනි, ඔබ තරුණයහ. මමද නවයොවුන්විය ඇතියෙමි. එන්න, ආය්‍ර්‍යාවෙනි, පසඟතුරුයෙන් (පංචාංගිකතූය්‍ර්‍යයෙන්) අඝිරමණය කරමු´´ යි ගාථායෙන් කීය.

3. එවිට විජයා මෙහෙණියට මේ සිත්විය. මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්ද,

4. ඉක්බිති විජයා මෙහෙණියට, පාපීවූ මාරයා මා බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ගන්වනුවට සමාධියෙන් වෙන්කිරීමට කැමැතිව, ගාථා කිය´ යි මේ අදහස විය.

5. ඉක්බිති විජයා මෙහෙණි ´මේ පාපීවූ මාරයා´ යි දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:

´´සිත අදනා රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන යමක් ඇද්ද, තටම ඒවා පවරමි. මාරය, මට ඉන් වැඩෙක් නැත. බිඳෙනසුලු, සුණුවිසුණුවනසුලු මේ කුණුකයින් පීඩිතවෙමි, මෙයට පිළිකුල් කෙරෙමි. කම් සැපෙහි ඇල්ම මාවිසින් මුලින් උදුරනලදය. රූප ලොවට එළඹී යම් සත්වකෙනෙක් වෙත්ද, අරූප ලොවෙහි සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද, යම් ශාන්කවූ ලෞකික සමාපත්තියෙක් වේද, ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර මා විසින් නසනලදී.´´

6. ඉක්බිති පාපීවූ මාරයා ´විජයා මෙහෙණි මා දනීයැ´ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.