2. සීහ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලදුව දම් දෙසති.

2. එකල පාපී මාරයාහට ´´ මේ ගෞතම ශ්‍රමණ තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. දහම් අසන්නවුන්ගේ නුවණ ඇස කණ කරන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යෙහෙකැ´´ යි මේ සිත විය.

3. ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

´´ කිම? පිරිසෙහි සිංහ රජෙකු නිර්භයව නාද කෙරෙහිද? දනුව, තට සමවූ සතුරෙක් ඇත. ´දිනූයෙකිමි´ යි සිතන්නෙහිද?´´

4. ( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: ) ´´ලොව ඇල්ම ඇතිකරන තණ්හාව ඉක්මවාලූ, බල ( දසය ) ලැබූ මහා වීරවූ, තථාගතවරු පිරිස්හි නොබියව නාද කෙරෙත්මය. ( ඉන් කට කිම?´´

5. එවිට පාපී මාරතෙම ´භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති´ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

Advertisements

1 Comment

  1. ලක්නුවන්

    සාදු සාදු සාදු…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: