62. මහා රාහුලෝවාද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු මහ සිටුහුගේ ජේතවන නම් වූ ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙන සැවැත් නුවරෙහි පිඞු පිණිස වැඩියහ. ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේද පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා පා සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසින් ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දෙස හැරී බලා මෙසේ කීහ.

´´රාහුල අතීතවූද, අනාගතවූද, වර්‍තමානවූද තමා තුළ පිහිටියාවූ හෝ බාහිරවූ හෝ එලාරික (මහත්) වූ හෝ සියුම් වූ හෝ ලාමකවූ වූ හෝ උසස් වූ හෝ යම්කිසි රූපයක් වේද, දුරෙහි වූ හෝ සමීපයෙහි වූ හෝ යම්ි රූපයක් වේද ඒ සියලු රූපය මාගේ නොවීය. ඒ මම නොවෙමි. ඒ මාගේ ආත්මය නොවේයයි, මෙසේ ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දත යුතුයි.

´´භාග්‍යවතුන් වහන්ස, රූපය පමණක්ද? සුගතයන් වහන්ස, රූපය පමණක්ද?

´´රාහුල රූපයද, රාහුල වේදනාවද?, රාහුල සංඥාවද……………….., රාහුල සංස්කාරයෝද, රාහුල විඥානයද (එසේය.)´´

2. ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙමේ ´´භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් අවවාදයක් ලැබූ කවරෙක් ගමට පිඞු පිණිස යන්නේදැ´´යි (සිතා) එයින් නැවතී එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන කය කෙළින් තබා සිහිය ඉදිරි කොට උපදවා හුන්නේය. ශාරිපුත්ත ස්ථවිරයන් වහන්සේද එක්තරා රුකක් මුල අරමිනිය ගොතාගෙන
කය කෙළින් තබා සිහිය ඉදිරි කොට උපදවා වැඩහුන් ආයුෂ්මත් රාහුල ස්ථවිරයන් දැක, ආයුෂ්මත් රාහුල ස්ථවිරයන්හට මෙසේ කීහ. ´´රාහුල, ආණාපාණසති භාවනාව වඩව. ´´රාහුල, ආණාපාණසති භාවනාව වඩව. ´´රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත් ඵල වෙයි. මහානිශංස වෙයි.´´

3. ඉක්බිති ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම සවස් කාලයෙහි සිතින්ත එකඟ කිරීමෙන් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිඳ එතනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන් ආයුෂ්මත් රාහුල ස්ථවිර තෙම් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. ´´ස්වාමීනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල වශයෙන් කරණ ලද ආණාපාණසතිය මහත් ඵල මහානිශංස වේද?´´

´´රාහුල, තමා කොට ගන්නා, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත වූ යම් කර්‍කශ බවක්, තද බවක් වේද, එනම්: කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිඳුලු, වකුගඩුව, හෘදයමාංශය, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු (බඩවැල), අතුනුබහන් (බඩවැල් දරණු), නොපැසුණු ආහාර, ආහාර මල යන මොහුයි. තමා කොට ගන්නා එයින් අන්‍ය වූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් කිසි තද බවක්, රඑබවක් වේද, රාහුල, මේ තමා තුළ පවත්නා පෘථිවිධාතුව යයි කියනු ලැබෙි. යම් තමා තුළ පවත්නා පෘථිවිධාතුවක් වේද, යම් බාහිර පෘථිවිධාතුවක් වේද, මේ දෙකම පඨවි ධාතුවමැයි. එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි. මෙසේ එය තත්වූ පරිදි (ඇතිසැටියෙන්) යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් (නුවණින්) දැක පඨවි ධාතුවෙහි කලකිරෙයි. පඨවි ධාතුවෙහි සික නොඇලෙයි.

4. ´´රාහුල, ආපෝ ධාතුව කවරීද, අධ්‍යාත්ම ආපෝ ධාතුවක් වන්නේය. බාහිර ආපෝ ධාතුවක් (ද) වන්නේය. ´´රාහුල, අධ්‍යාත්ම ආපෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා වූ යම් දියාරු බවක්, වැගිරීමක් වේද, එනම්: පිත, සෙම, සැරව, ලෙහෙ, ඩහදිය, මෙදතෙල, කඳුලු, මස් තෙල, කෙල, සොටු, (ඇටසන්ධිවල සිටි-) සඳමිඳුලු, මුත්‍ර යන මොහුද, මෙයින් අන්‍ය වූ යම් කිසි ජීවිතය සහිත වූ දියාරු බවක්, වැගිරෙන බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික ආපෝ ධාතුවයයි කියනු ලැබේ. යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් වේද, මේ දෙකම ආපෝ ධාතුව මැයි. ´ එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි,´ මෙසේ එය ඇතිසැටියෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන ආපෝ ධාතුවෙහි කලකිරෙයි. ආපෝ ධාතුවෙහි සික නොඇලෙයි.

5. ´´රාහුල, තෙජෝ ධාතුව කවරීද, අධ්‍යාත්ම තෙජෝ ධාතුවක්ද වන්නේය. බාහිර තෙජෝ ධාතුවක්ද වන්නේය. ´´රාහුල, අධ්‍යාත්ම තෙජෝ ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, එනම්: යම් උණුසුමකින් තැවේද, යම් උණුසුමකින් ශරීරය දිරවයිද, යම් උණුසුමකින් දැවිලි කරයිද, යම් උණුසුමකින් කන බොන ආහාර පාන දිරවයිද, මෙයින් අන්‍ය වූ තමා තුළ පවත්නා වූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් උණුසුමක්, උණුසුම් බවක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික තෙජෝ ධාතුවයයි කියනු ලැබේ. රාහුල, යම් අධ්‍යාත්මික තෙජෝ ධාතුවක් වේද, බාහිර වූ යම් තෙජෝ් ධාතුවක් වේද, මේ දෙකම තෙජෝ් ධාතුව මැයි. එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,´ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන තෙජෝ් ධාතුවෙහි කලකිරෙයි. තෙජෝ් ධාතුවෙහි සික නොඇලෙයි.

6. ´´රාහුල, වායො ධාතුව කවරීද, අධ්‍යාත්මික වායො ධාතුවක්ද වන්නේය. බාහිර වායො ධාතුවක්ද වන්නේය. රාහුල, අධ්‍යාත්මික වායො ධාතුව කවරීද, තමා තුළ පවත්නා ජීවිතෙන්ද්‍රිය සහිත වූ යම් වාතයක්, වායුවක් වේද, එනම් උඩට නගින වාතය, පහළට බස්නා වාතය, කුසෙහි (බඩෙහි) පවතින වාතය, බඩවැල් තුළ පවතින වාතය, අඟ පසඟ ක්‍රියා කරන වාතය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යන මේයි. මෙයින් අන්‍ය වූ තමා තුළ පවත්නා වූ ජීවිතෙන්ද්‍රිය සහිත යම් වායුවක් වාතයක් වේද, රාහුල, මේ අධ්‍යාත්මික වායො ධාතුවයයි කියනු ලැබේ. අධ්‍යාත්මික යම් වායො ධාතුවක් වේද, බාහිර වූ යම් වායො ධාතුවක් වේද, මේ දෙකම වායො ධාතුව මැය´ි. ´එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,´ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දැන වායො ධාතුවෙහි කලකිරෙයි. වායො ධාතුවෙහි සික නොඇලෙයි.

7. ´´රාහුල, ආකාශ ධාතුව කවරීද, අධ්‍යාත්මික ආකාශ ධාතුවක්ද වන්නේය. බාහිර ආකාශ ධාතුවක්ද වන්නේය.

´´රාහුල, අධ්‍යාත්මික ආකාශ ධාතුව කවරීද, තමා තුළ පවත්නාවූ ජීවිතෙන්ද්‍රිය සහිත යමි ආකාශයක්, සිදුරක් වේද, එනමි: කන් සිදුර, මුවදොර, යමී තැනක ින් අනුභව

කරන, බොන කන ලොවින දෙය ග ිලෙයිද, යම් තැනෙක අනූභව කරණ බොන කන ලොවින දෙය සිටීද (නවතීද) යම් තැනෙකින් අනූභවකරණ බොන කන ලොවින දෙය යට

කොටසින් නික්මේද, යන මේය ි. මෙයින් අන්‍යවුද තමා තුල පවත්නාවු ජීවිතෙන්‍ද්‍රිය සහිත

යම් කිසි ආකාශයක්, සිදුරක් වේද, රාහූල, මේ අධ්‍යාත්මක ආකාශ ධාතුයැයි කියනූ ලැබෙී. යමි අධ්‍යාත්මක ආකාශ ධාතුවක් වීද, යමි බාහිර ආකාශ ධාතුවක් වීද, ඵ් දෙකම

ආකාශ ධාතුවමැයි. ි. ´එය මාගේ නොවේය, එය මම නොවෙමි, එය මාගේ ආත්මය නොවෙයි,´ මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන් දත යුතුයි. මෙසේ එය ඇතිසැටියෙන් යහපත් ප්‍රඥාවෙන්(ණඛූවනින්) දැන ආකාශ ධාතුවෙහි කලකිරෙයි. ආකාශ ධාතුවෙහි සික නොඇලෙයි.

8. ´´රාහූල, පොළව හා සමකොට භාවනාව වඩව. පොළව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල්සිත විනාශ කොට

නොසිටිත්. රාහූල යමිසේ පොළොවෙහි පිරිසිදු දෙයද දමත්, අපිරිසිදු දෙයද දමත්,

මූත්‍රද දමත්, කෙළද හෙළත්, සැරවද දමත්, ලෙහෙද දමත්, එයින් පොළව අප්‍රිය හෝ නොකරයි. පිළිකුල් හෝ නොකරයි. රාහූල එපරිද්දෙන්ම තොප පොළව හා සමකොට

භාවනාව වඩව්. පොළව හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන ්මනාප අමනාප

ස්පර්‍ශයෝ කුසල් සිත විනාශකොට නොසිටිත්.

9. ´´රාහූල, ජලය හා සමකොට භාවනාව වඩව. ජලය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන ්මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල් සිතින්ත විනාශකොට

නොසිටිත්. රාහූල, යම් සේ දියෙහි පිරිසිදු දෙයද සෝදත්, අපිරිසිදු දෙයද සොදත්, අශුචිද සෝදත්, මූත්‍රද සෝදත්, කෙලද සොදත්, සැරවද සොදත්, ලෙහෙද සෝදත්, එයින් දිය අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහූල එපරිද්දෙන්ම තොප දිය හා සමකොටභාවනාව වඩව. දිය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන ්මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.

10. ´´රාහූල, ගිනි හා සමකොට භාවනාව වඩව. ගිනි හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන ්මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල් සිත විනාශකොට නොසිටිත්. රාහූල, යම් සේ ගන්නි පවිත්‍ර දෙයද දවය ි, අපවිත්‍ර දෙයද දවයි, අශුචිද දවය ි, මූත්‍රද දවයි, කෙලද දවයි, සැරවද දවයි, ලෙහෙද දවයි, එයින් ගින්න අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහූල එපරිද්දෙන්ම තොප ගින්න හා සමකොටභාවනාව වඩව. ගින්න හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.

11. ´´රාහූල, වාතය හා සමකොට භාවනාව වඩව. වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන ්මනාපවුද අමනාපවුද ස්පර්‍ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහූල, යම් සේ වාතය පිරිසිදු දේද ගෙන යයි, අපිරිසිදු දේද, ගෙන යය ිඅශුචිද ගෙන යය ි, මූත්‍රද ගෙන යය ි, කෙළද ගෙන යයි, සැරවද ගෙන යයි ලෙහෙද ගෙන යය ි, වාතය එයින් අප්‍රිය හෝ නොවෙයි. පිළිකුල් හෝ නොකරයි. රාහූල ඔබ එපරිද්දෙන්ම වාතය හා සමකොට භාවනාව වඩව. වාතය හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.

12. ´´රාහූල, අහස හා සමකොට භාවනාව වඩව. රාහූල අහස හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන ්මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්. රාහූල, යම් සේ අහස කොතැන්හිවත් නොපිහිටියේද, රාහූල, එපරිද්දෙන්ම ඔබ අහස හා සමකොට භාවනාව වඩව. රාහූල, අහස හා සමකොට භාවනාව වඩන්නාවූ ඔබට උපන් මනාප අමනාප ස්පර්‍ශයෝ කුසල් සිත විනාශ කොට ගෙන නොසිටිත්.

13. ´´රාහූල, මෛත්‍රී භාවනාව වඩව. රාහූල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.

´´රාහූල, කරුණා භාවනාව වඩව. රාහූල, කරුණා භාවනාව වඩන්නාවූ ඔබගේ යම් හිංසාවක් වේද, එය නැතිවී යන්නේය.

´´රාහූල, මූදිතා භාවනාව වඩව. රාහූල, මූදිතා භාවනාව වඩන්නාවූ ඔබගේ

යම් නොඇලීමක් වේද, එය නැතිවී යන්නේය.

´´රාහූල, උපේක්‍ෂා භාවනාව වඩව. රාහූල, උපේක්‍ෂා භාවනාව වඩන්නාවූ ඔබගේ

යම් ප්‍රතියක් ද්වේශයක් වේද, එය නැතිවී යන්නේය.

14. ´´රාහූල, අසුභ භාවනාව වඩව. රාහූල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් රාගයක් වේද, එය නැතිවී යන්නේය.

15. ´´රාහූල, අනිචචසක්‍ඳඤා භාවනාව වඩව. රාහූල, අනිචචසක්‍ඳඤා(-ඇතිව නැතිවෙයි යන හැඟීම) භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ´මම වෙමි යන මානයක් වේද, එය නැතිවී යන්නේය.

16. ´´රාහූල, අණාපාණසති (- හූස්ම ගැණීම හැරීම දෙක පිළිබඳව) භාවනාව වඩව. රාහූල, අණාපාණසති භාවනාව වඩානාලද්ද ී, බහූල වශයෙන් කරණ ලද්ද ී

මහත්පඵල මහානිශංස වෙ ්. රාහූල කෙසේ වඩනාලද කෙසේ බහූල වශයෙන් කරණ ලද

අණාපාණසතිය මහත්පඵල මහානිශංස වේද රාහූල, මේ ශාසනයෙහි භික්‍ෂූවක් වනයට

ගියේ හෝ රුක් මූලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ එරමිණිය ගොතා කය සෘජූව තබා සිහිය ඉදිරිපත් කොට උපදවා හිඳියි, ඒ භික්‍ෂූව සිහි ඇතිව හූස්ම ගණී, සිහි ඇතිව හූස්ම හරී, දික් හූස්ම ගන්නේ දිගට හූස්ම ගනිමියි දනියි. දිගට හූස්ම හරින්නේ දිගට හූස්ම හරිමියි දනියි. කොටින් හූස්ම ගන්නේ කොටින් හූස්ම ගනිමියි දනියි. කොටින් හූස්ම හරින්නේ කොටින් හූස්ම හරිමියි දනියි. හූස්ම ගැණීම මූල සිට අග තෙක් සම්පුර්ණයෙන් දැන හුස්ම ගණිමියි හික්මෙයි.(- පූරුදු වෙයි )හූස්ම හැරීම මූල සිට අග තෙක් සම්පුර්ණයෙන් දැන හුස්ම හරිමියි හික්මෙයි. මහත්කොට හූස්ම ගැනීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හූස්ම ගණිමින් හික්මෙයි. මහත්කොට හූස්ම හැරීම ධ්‍යාන ප්‍රීතිය දැනගනිමින් හූස්ම හරිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හූස්ම ගණිමියි හික්මෙයි. ධ්‍යාන සැපය දැනගනිමින් හූස්ම හරිමියි හික්මෙයි. චීතන ව්‍යාපාරය දැනගනිමින් හූස්ම ගණිමියි හික්මෙයි. චීතන ව්‍යාපාරය දැනගනිමින් හූස්ම හරිමියි හික්මෙයි. චීතන ව්‍යාපාරය සංසිඳුවමින් හූස්ම ගණිමියි හික්මෙයි. චීතන ව්‍යාපාරය සංසිඳුවමින් හූස්ම ගණිමියි හික්මෙයි. සිත දැනගනිමින් හූස්ම ගණිමියි හික්මෙයි. සිත දැනගනිමින් හූස්ම හරිමියි හික්මෙයි. සිත විශෙෂයෙන් තුටූකරමින් හූස්ම ගණිමියි හික්මෙයි. සිත විශෙෂයෙන් තුටූකරමින් හූස්ම හරිමියි හික්මෙයි. සිත මනා කොට තබම්න් හූස්ම ගණිමියි හික්මෙයි. සිත මනා කොට තබම්න් හූස්ම හරිමියි හික්මෙයි. සිත කෙළෙසූන්ගෙන් මූදවමින් හූස්ම ගණිමියි හික්මෙයි. සිත කෙළෙසූන්ගෙන් මූදවමින් හූස්ම හරිමියි හික්මෙයි. අනිත්‍යය අනූව බලමින් හූස්ම ගණිමියි හික්මෙයි. අනිත්‍යය අනූව බලමින් හූස්ම හරිමියි හික්මෙයි. නොඇලීම අනූව බලමින් හූස්ම ගණිමියි හික්මෙයි. නොඇලීම අනූව බලමින් හූස්ම හරිමියි හික්මෙයි. නිරෝධය අනූව බලමින් හූස්ම ගණිමියි හික්මෙයි. නිරෝධය අනූව බලමින් හූස්ම හරිමියි හික්මෙයි. දුරලීම අනූව බලමින් හූස්ම ගණිමියි හික්මෙයි. දුරලීම අනූව බලමින් හූස්ම හරිමියි හික්මෙයි.

17. ´´රාහූල, මෙසේ වඩනාලද බහූල වශයෙන් කරණ ලද අණාපාණසතිය මහත්පඵල මහානිශංස වෙ ්. රාහූල,මෙසේ වඩනාලද මෙසේ බහූල වශයෙන් කරණ ලද අණාපාණසතිය කරණ කොට ඔබගේ යමි අවසාන හූස්ම ගැනීමක් හැරීමක් වෙත්ද, ඒවාද දැනගෙනම නැතිවී යත්,නොදැන නැතිවී නොයත්.´´

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ආයූෂ්මත් රාහූල ස්ඵවිර තෙමෙි ෂතුටූ වුයේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටූ විය.

දෙවනිවූ මහා රාහූලොවාද සුත්‍රය නිමි. (2-2 )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: