57. කුක්කුරවතිය සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොලිය ජනපදයෙහි ´හලිද්ද වසන´ නම් කොළිය ජනපද වාසීන්ගේ නියම්ගමක් වේ. (එය ගොදුරු ගම්කොට) නැඩ වෙසෙන සේක. එකල්හි සමාදන්වූ ගොව්‍රත ඇති (ගොනෙකු මෙන් හැසිරෙන සීලය ඇති) ´´පුණ්ණ´´ නම් කොලිය පුත්‍ර තෙමේද, සමාදන්වූ සුනඛ ව්‍රතය ඇති (බල්ලෙකු මෙන් හැසිරෙන සීලය ඇති) ´´සෙනිය´´ නම් අවෙලක තෙමේද භාග්‍යතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ගොන් පැවතුම් ඇත්තාවූ ´´පුණ්ණ´´ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්නේය. බලු පැවතුම් ඇත්තාවූ ´´සේනිය´´ නම් ආවෙලක තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු වියයුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා බල්ලෙකු මෙන් බිම ලැගගෙණ එකපැත්තක හුන්නේය.

2. එක් පැත්තක හුන්නාවුූම ගොන් පැවතුම් ඇති පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ බලු පැවතුම් ඇති සේනීය නම් අවෙලක තෙමේ දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ ඒ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේදැ´´යි ඇසුවේය.

´´පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි´´ (වදාළේය.)

දෙවනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කන්නේ ඔහුගේ බලු පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරව.´´ තුන්වෙනුවද ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම දුෂ්කර ක්‍රියා කරන්නේ බිම දමන ලද්දක් කයි. ඔහුගේ බලු පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව ගතිය කවරේද?

4. ´´පුණ්ණය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, පුණ්ණය, ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි. පුණ්නය, මේ ලෝකයෙහි ඇතමෙක් බලු පැවතුම් සමාදානය සම්පූර්ණ කොට නිරතුරුව වඩාද, බලු ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, බලු සිත සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩාද, හෙතෙම බලු පැවතුම් සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා බලු ශීලය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා බල්ලන්ගේ ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ශරීරයාගේ බිඳීිමෙන් මරණින් මතු බල්ලන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහී මොහුගේ මෙබඳු ඇදහීමක් වේද, ´මම මේ ශීලයෙන් හෝ පැවතුමෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමියි. (කියායි) එය මොහුගේ මිථ්‍යාදෘෂ්ටිය වන්නීය. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිය ඇත්තහුට වනාහි නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. ප්ණ්ණය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ බලු පැවතුම වනාහි බල්ලන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යමාන වේ´´යයි මෙසේ වදාළ කල්හි බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම හැඬුයේය. කඳුලු වැගිරවූයේය.

5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලීය පුත්‍රයාට මෙය කීයේය. ´´පුණ්ණය ඒකාන්තයෙන් මම තොපගේ ඉල්ලීම නොලබමි. පුණ්ණය, කම් නැත. පුණ්ණය මෙය තිබේවා. මා මෙය නොවිචාරවයි, කීයේ මේ නිසාය.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමක් මට මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේ වුවත් මාගේ මේ බලු පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙමේද සමාදන් වූ ගොන් පැවතුම් ඇත්තෙකි. ඔහුගේ ඒ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරණ ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´සෙනියය, කම් නැත, මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි´´ (වදාළේය). දෙවනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අවෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, මේ ප්ණ්ණ නම් කොලිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´සෙනියය, කම් නැත. මෙය තිබේවා. මා මෙය නොවිචාරව.´´

තුන් වෙනුවද, බලු පැවතුම් ඇත්තාවූ සේනය නම් අවෙලක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´ස්වාමීනි, මේ පුණ්ණ නම් කොළිය පුත්‍ර තෙම සමාදන්වූ ගොන් පැවතුම් ඇත්තේය. ඔහුගේ ඒ ගොන් පැවතුම් බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන් වන ලද්දක් වෙයි. ඔහුගේ ගතිය කවරීද? පරලොව උත්පත්තිය කවරේද?´´

´´සෙනියය, කම් නැත. සෙනියය, මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි. එකාන්තයෙන් තොපගේ ඉල්ලීම මම නොලබමි. එහෙත් තට මම ප්‍රකාශ කරන්නෙමි.

6. ´´සෙනියය, මේ ලොකයෙහි ඇතමෙක් ගොන් පැවතුම් සම්පූර්ණ කෙට නිරන්තරයෙන් වඩාද, ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරතයෙන් වඩාද, ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, ගොන් ආකාරය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩාද, හෙතෙම ගොන් පැවතුම් සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ගොන් ශීලය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා ගොන් චිත්තය සම්පූර්ණ කොට නිරන්තරයෙන් වඩා, ගොන් ආකාරය සම්පූර්ණකොට නිරන්තරයෙන් වඩා ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු ගවයන්ගේ සහභාවයට පැමිණේ. ඉදින් වනාහී, මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යයෙන් හෝ, දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අන්‍යතරයෙක් හෝ වන්නෙමියි, ඔහුගේ ඇදහීම වේද, එය (ඒ ඇදහීම) ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය වේ. සෙනියය, මිථ්‍යා දෘෂිටි ඇත්තහුට වනාහි මම නරකය හෝ තිරිසන් යෝනිය හෝ යන ගති දෙක අතුරෙන් එක්තරා ගතියක් කියමි. සේනියය, මෙසේ සම්පූර්ණ කරන්නාවූ ගොන් පැවතුම වනාහි ගවයන්ගේ සහභාවයට පමුණුවයි. නරකයද විද්‍යාමාන වෙයි.´´

7. මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොළිය පුත්‍රතෙම හැඬුයේය. කදුථ වැගිරවූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බලු පැවතුම ඇත්තාවූ සේනයනම් අවෙලකයාට මෙය වදාළේය. ´´සේනියය, කම් නැත. සේනියය මෙය තිබේවා, මා මෙය නොවිචාරවයි´ මෙය වනාහි තොප ගෙන් මම නොලබමි.´´යි කීයේ මේ නිසාය.

´´ස්වාමීනි, යමක් මට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේද, මම මෙයට නොහඬමි. ස්වාමීනි, එසේ වුවත් මාගේ මේ ගොන් පැවතුම බොහෝ කලක් සම්පූර්ණ කරන ලද්දක්, සමාදන්වන ලද්දක් වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දකින් මමද මේ ගොන් පැවතුම දුරුකරන්නෙම්ද, මේ බලු පැවතුම දුරු කරන්නේද, එපරිද්දෙන් ධර්මය දේශනා කරන්ට සමර්ථවේනම් මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රශන්න වූයේ වෙමියි,´´ (කීයේය.)

8. ´´පුණ්ණය, එසේ නම් අසව, යහපත් කොට මෙනෙහි කරව, කියන්නෙමි´´ ´´එසේය, ස්වාමීනි´´යි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

9. ´´පුණ්ණය, මා විසින් තෙමේ විශ්ෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශ කරනලද්දාවූ මේ කර්ම සතරක් වෙත්. කවර සතරක්දයත්, පුණ්ණය, කෘෂ්ණ වූ (දස අකුසල කර්මපථවූ) කෘෂ්ණ විපාක ඇති (අපායෙහි උපදින හෙයින් කථවූ විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණවූද, ශුක්ලවූද (මිශ්‍රක කර්මයවූ) කෘෂ්ණවූද, ශුක්ලවූද විපාක ඇති (සැපවූද දුක්වූද විපාක ඇති) කර්මයක් ඇත්තේය. පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ලනොවූ, කෘෂ්ණ ශුක්ලනොවූ විපාක ඇති (යම්) කර්මයක් කර්මක්ෂය කිරීම පිණිස පවතීද (එබදුවූ) කර්මයක්ද ඇත්තේය.

10. ´´පුණ්ණය, කෘෂ්ණවූ, කෘෂ්ණ විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුන්ණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුන් සහිතවූ කාය සංස්කාරය (කාය චරයෙහි හටගන්නා දොලොස් අකුසල්) රැස්කරයිද, දුක් සහිතවූ මනො සංස්කාරය (සිතෙහි යටගන්නා අකුසල් චේතනාවන්) රැස්කරයිද,හෙතෙම දුක් සහිතවූ කාය සංස්කාරය රැස්කොට, දුක්සහිතවූ වාක් සංස්කාරය රැස් කොට දුක් සහිතවූ මනො සංස්කාරය රැස්කොට, දුක් සහිතවූ ලෝකයෙහි උපදියි. දුක් සහිතවූ ලොකයෙහි උපන්නාවුම ඔහු දුක් සහිතවූ විපාක ස්පර්ශවලින් ස්පර්ශ කරත්. හෙතෙම දුක් සහිතවූ විපාක ස්පර්ශවලින් ස්පර්ශකරන ලද්දේම, දුක් සහිත වූ ්එකාන්තයෙන් දුක් වූ වේදනාව විඳියි. නිරයෙහි උපන් සත්වයෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේ වූ කර්ම හේතුවෙන් සත්වයාගේ උත්පත්තිය වේ. යමක් කරයිද එයින් උපදියි. උපන් මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය කෘෂ්ණවූ කෘෂ්ණවිපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.

11. ´´පුණ්ණය, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ කර්මය කවරේද? පුණ්ණය, මේ ලොක්යෙහි ඇතැම් පුද්ගලයෙක් නිදුක්වූ කාය සංස්කාරය (කාය චාරයෙහි පැවති කාමාවචර කුසල් සිත් අට) රැස්කරයිද, නිදුක් වූ වාක් සංස්කාරය (වචන යෙහි පැවැති කුසල්) රැස් කරයිද, නිදුක්වූ මනො සංස්කාරය (මනොද්වාරයෙහි පැවති කුසල චෙතනාවන්) රැස්කරයිද, හෙතෙම නිදුක්වූ ලොකයෙහි උපදියි. නිදුක්වූ මනෝ සංස්කාරය රැස්කොට නිදුක්වූ ලොකයෙහි උපදියි. නිදුක්වූ ලොකයෙහි උපන්නාවූ ඔහු නිදුක්වූ ස්පර්ශයෝ ස්ප්ර්ශ කරත්. නිදුක්වූ ස්පර්ශවලින් ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම නිදුක්වූ එකාන්ත සැපවූ වේදනාව විදියි. සුභකිණ්හ නම් දෙවියෝ යම්සේද එමෙනි. පුණ්ණය, මෙසේ වනාහී ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තියවේ. යමක් කරයිද එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කරත්. පුණ්ණය මෙසේද, මම සත්වයෝ කර්මය දායාදකොට ඇත්තාහුයයි කියමි. පුණ්ණය, මෙය ශුක්ලවූ, ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.

12. ´´පුණ්ණය කෘෂ්ණ ශුක්ලවූ, කෘෂ්ඨ ශුක්ල විපාක ඇති කර්මය කවරේද? පුණ්ණය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් දුක් සහිතවූද, නිදුක් සහිතවූද, කාය සංස්කාරය රැස්කරයිද, දුක් සහිතවූද, නිදුක්වූද, වාක් සංස්කාරය රැස් කරයිද, දුක් සහිතවූද, නිදුක් සහිතවූද මනො සංස්කාරය රැස් කරයිද, හෙතෙම දුක් සහිතවූද, නිදුක්වූද කාය සංස්කාරය රැස් කොට, දුක් සහිතවූද, නිදුක්වූද මනො සංස්කාරය රැස්කොට දුක් සහිතවූද දුක් රහිතවූද ලොකයෙහි උපදියි. දුක් සහිතවූද දුක් රහිතවූද ලොකයෙහි උපන්නාවූම ඔහු දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරත්. දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කරන ලද්දාවූම හෙතෙම දුක් සහිතවූද දුන් රහිතවූද සැපදුක් දෙකින් මිශ්‍රවූ වේදනාව විඳියි. මනුෂ්‍යයෝද ඇතැම් දෙවියෝ, ඇතැම් විමාන ප්‍රෙතයෝද යම්සේද, එමෙනි. පුණ්ණය, මෙසේ වනාහි ඇතිවූ කර්මයෙන් සත්වයාගේ උත්පත්තිය වේ. යමක් කරයිද, එයින් උපදියි. උපන්නාවූ මොහු ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මෙසේද මම සත්වයෝ කර්මය දායාද කොට ඇත්තාහු යයි කියමි. පුණ්ණය, මෙය කෘෂ්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ කර්මයයි කියනු ලැබේ.

13. ´´පුණ්ණය, කෘෂ්ණ නොවූ, ශුක්ල නොවූ, කෘෂ්ණ ශුක්ල නොවූ විපාකද, නැති කර්මය කර්මක්ෂය පිණිස පවතියිද, ඒ කර්මය කවරේද? පුණ්ණය, ඒ ත්‍රිවිධ කර්මයන් අතුරෙන් කෘෂ්ණවූ කෘෂ්ණ විපාක ඇත්තාවූ යම් මේ කර්මයක් වේද, එය දුරු කිරීම පිණිස මේ චේතනාවක් වේද, ශුක්ලවූ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද ඔහුගේ දුරු කිරීම පිණිස යම් චේතනාවක් වේද, කෘස්ණ ශුක්ලවූ කෘෂ්ණ ශුක්ල විපාක ඇත්තාවූ යම් මේ කර්මයකුත් ඇද්ද, එය දුරු කිරීම පිණිස යම් වේතනාවක් වේද, පුණ්ණය, මෙය කෘෂ්ණද නොවූ ශුක්ලද නොවූ, කෘෂ්ණ ශුක්ල විපාකද නැති කර්මය කර්මක්ෂය පිණිස පවතීයිදි, ඒ මේ කර්මයයි කියනු ලැබේ. පුණ්ණය, මේ කර්ම සතර වනාහි මා විසින් තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන ලද්දාහුය´´යි (වදාළේය.)

14. මෙසේ වදාළ කල්හි ගොන් පැවතුම් ඇත්තාවූ පුණ්ණ නම් කොළිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත. ස්වාමීනි, මෙසේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරවු කරන්නේද, මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකින්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංයාද සරණ කොට ගනිමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා´´යි කීය.

15. බලු පැවතුම් ඇත්තාවූ සෙනිය නම් අවෙලක තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ´´ස්වාමීනි, ඉතා යහපත ස්වාමීනි, ඉතා යහපත ස්වාමීනි, මෙසේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුමක් එලිදරවු කරන්නේද, මං මුළාවූවෙකුට මග කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකින්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙක් ධර්මය දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංයාද (සරණ කොට යමි.) ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණ කම ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමියි´´ (කීයේය)

16. ´´සෙනියය, පෙර අන්‍ය තීර්ථකවූ යමෙක් වනාහි මේ ශාසනයෙහි පැවිදි වීම කැමති වේද, උපසම්පදාව කැමති වේද, හෙතෙම සාරමසක් පිරිවෙස් වෙසෙයි. සාරමසක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂුහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත්. එතකුදු වුවත් මටමෙහි පුද්ගලයන්ගේ වෙනස් බව ප්‍රකටය´´යි (වදාළේය).

´´ස්වාමිනි, ඉඳින් පෙර අන්‍යතීර්ථකවූවෝ මේ ශාසනයෙහි පැවිදි වීම කැමැත්තාහු උපසම්පදාව කැමැත්තාහු සාර මසක් පිරිවෙස් වෙසෙත් නම්, සාර මසක් ගතවීමෙන් සතුටු සිත් ඇත්තාවූ භික්ෂුහු භික්ෂු භාවය පිණිස පැවිදි කරත් නම්, උපසම්පදා කරත් නම්, මම සතර අවුරුද්දක් පිරිවෙස් වසන්නෙමි. සතර අවුරුද්දක් ගතවීමෙන් සතුටු සිත් ඇති භික්ෂුහු භික්ෂු භාවය පිණිස මා පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වා´´යි (කීයේය.)

17. බලු පැවතුම් ඇත්තාවූ සේනිය නම් අවෙලක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මහණකම් ලැබූයේය. උපසම්පදාව ලැබුයේය. උපසම්පදාවූ නොබෝ කල් ඇති ආයුෂ්මත් සේනය ස්ථවිර තෙමේ වනාහි හුදකලාවූයේ, වෙන්වූ වාසය ඇත්තේ, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්යය ඇත්තේ, කරණලද ආත්මාලය ඇත්තේ, වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, ඒ උතුම් වූ බ්‍රහ්මචර්යය කෙළවර කොට ඇත්තාවූ (අරහත් ඵලයට) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන අවබෝධ කොට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂය කරණ ලදී. මාර්ග බ්‍රහ්මචර්යය වැස නිමවන ලදී. සතර මගින් කටයුතු දෙය කරනලදී. මෙයින් පසු අනික් කළයුත්තක් නැතැයි මනාව දැන ගත්තේය. ආයුෂ්මත් සෙනිය ස්ථවිර තෙමේ වනාහී රහතන් ගෙන් එක්තරා කෙනෙක් වූයේය.

හත්වෙනිවූ කුක්කුරවතිය සූත්‍රය නිමි. ( 1 – 7 )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: