29. මහා සාරොපම සූත්‍රය

1.මා විසින් මෙසේ අසන ලදී.එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් බැහැර ගිය නොබෝ කල්හි රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතහෙි වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ දෙව්දත් තෙරුන් අරභයා භික්ෂූන්ට කථා කළ සේක.

´´මහණෙනි, මෙහි ඇතැම් කුලපුත්‍රයෙක්, ´ ඉපදීමෙන් ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම්වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද, මැඩුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙණේනම් ඉතා යෙහෙකැ ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය,කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්කියෙන් සම්පූර්ණ වූ අදහස් ඇතිව සතුටු වෙයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට සිතයි.අනුන් පහත් කොට සිතයි. ´මම ලාභ ඇත්තේ වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත. අල්පෙශාක්‍ය යයි සිතයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි.මත්වූයේ ම දුකසේ වාසය කරයි.

2.´´මහණෙනි, යම් සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ , අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නා වූ,පුරුෂයෙක් ( යම් තැනෙක )පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා,(අත්හැර) ඵලය ඉක්මවා, සුඹුල (පොත්ත) ඉක්මවා,පතුරු ඉක්මවා, අරටුව යයි සිතා අතු හා දලු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. එලය නොදත්තේය.පොත්ත නොදත්තේය.පතුරු නොදත්තේය. අතු හා දලු නොදත්තේය.ඒ නිසා මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, ඵලය ඉක්මවා, පොත්ත ඉක්මවා, පතුරු ඉක්මවා, අරටුව යයි සිතා අතු හා දලු සිඳ ගෙන ගියේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේ ද, ඔහුගේ ඒ වැඩය සිදුනොවන්නේය.

´´මහණෙනි,එමෙන්ම මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක්, ´ ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද,බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි.දුකින් පීඩා විඳන්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මේසේ පැවිදි වූයේ ම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.හෙතෙම, ඒ ලාභ සත්කාර කීර්තියෙන් සම්පූර්ණ වූ අදහස් ඇත්තේ සතුටු වෙයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති නිසා තමන් උසස් කොට සිතයි.අනුන් පහත්කොට සිතයි. ´ මම ලාභ සත්කාර කීර්ති ඇත්තේ වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු ප්‍රසිද්ධ නැත, අල්පේශාක්‍ය´ යි සිතයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තියෙන් මත්වෙයි. විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.මත්වූයේ ම දුකසේ වාසය කරයි.මහණෙනි, ඒ මහණතෙම මේ සාසන බ්‍රහ්ම චරියාවෙහි කොල අතු ගත්තේයයි ද එයින්ම කෙළවරට පැමිණියේ යයි ද කියනු ලැබේ.

3.´´මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද, බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය,යන මේවා උපදවයි.හෙතෙම ඒ් ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස් කොට නොසලකයි.අනුන් පහත් කොට නොසලකයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාද නොවූයේ ම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට සලකයි. අනුන් පහත්කොට සලකයි. ´ මම යහපත් ගුණධර්‍ම ඇති සිල්වතෙක් වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය ´ කියායි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් මත්වෙයි.විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයට පැමිණියේ ම දුකසේ වාසය කරයි.

´´මහණෙනි යම්සේ (ගහක) අරටුවෙන් ප්‍රයොජන ඇත්තාවූ ද, අරටු සොයන්නාවූ ද, අරටු සොයමින් හැසිරෙන්නාවූ ද පුරුෂයෙක් (යම් තැනෙක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, (අත්හැර) ඵලය ඉක්මවා, සුඹුලු ඉක්මවා අරටුව යයි සිතා පතුරු සිඳ ගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය.ඵලය නොදත්තේය.පොත්ත නොදත්තේය.පතුරු නොදත්තේය.එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ,අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා, ඵලය ඉක්මවා,පොත්ත ඉක්මවා,අරටුව යයි සිතා පතුරු සිඳගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඔහුගේ ඒ වැඩය නොසිදු වන්නේය.

´´මහණෙනි, එමෙන්ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන් ද , ජරාවෙන් ද, මරණයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද, බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි. දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාසියගේ කෙළවර කිරීමක් පෙනේනම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය,සත්කාර ලැබීමය,කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු නොවෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස් කොට නොසලකයි.අනුන් පහත් කොට නොසලකයි.හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාද නොවූයේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමා උසස් කොට සලකයි.අනුන් පහත් කොට සලකයි. ´ මම යහපත් ගුණධර්‍ම ඇති සිල්වතෙක් වෙමි.අන්‍යවූ මේ භික්ෂූහු පවිටු ස්වභාව ඇති දුශ්ශීලයෝය.´ යි කියාය.හෙතෙම ඒ ශීල සම්පත්තියෙන් මත්වෙයි.විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.

´´මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචය්‍ර්‍යාවෙහි (මාර්‍ගඵල නමැති ගසෙහි) පතුරු ගත්තේයයි ද එයින්ම කෙළවරට පැමිණියේ යයි ද, කියනු ලැබේ.

4.´´මහණෙනි මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ඉපදීමෙන් ද, ජරාවෙන් ද, මරණයෙන් ද, ශෝකයෙන් ද, වැලපීම්වලින් ද, කායික දුකින් ද, සිතේ දුකින් ද, බලවත් වෙහෙසින් ද, මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි.දිකින් පීඩා විඳින්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේනම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කර ලැබීමය කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේ ම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.ඔහු ඒ සීල සම්පත්තියෙන් සතුටු සිත් ඇත්තේ වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපිමිණියේ ම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ´ මම සමාධි ගත වූයේ එකඟ වූ සිත් ඇත්තේ වෙමි.අන්‍ය වූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නොවූහ.කැළඹුණු සිත් ඇත්තාහ´ කියායි.ඔහු ඒ සමාධි සම්පත්කිය නිසා මත්වෙයි.විශෙෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයටපැමිණියේම දුකසේ වාසය කරයි.

´´මහණෙනි යම් සේ අරටුවෙන් ප්‍රයෝජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනෙක) පිහිටි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා (අත්හැර) ඵලය ඉක්මවා අරටුව යයි සිතා සුඹුල (පොත්ත) සිඳගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය. ඵලය නොදත්තේය.සුඹුල නොදත්තේය. පතුරු නොදත්තේය.අතු හා දලු නොත්තේය.එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයොජන ඇත්තේ අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) එහි අරටුව ඇති ගසක අරටුව ඉක්මවා ඵලය ඉක්මවා අරටුව යයි සිතා පොත්ත සිඳ ගෙන ගියේය.ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේ ද ඒ වැඩය නොසිදු වන්නේය´ කියායි.

´´මහණෙනි එමෙන්ම මේ ලොකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද ශෝකයෙන්ද, වැලපීම් වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුණේ වෙමි, දුකින් මැඩුනේ වෙමි, දුකින් පීඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිද වූයේ වෙයි. හෙතෙමේ මෙසේ පැවිදි වූයේම, සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් නොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි.විශේයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වෙයි. ( එහෙත් ) ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසලකයි. අනුන් පහත්කොට නොසලකයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයටනොපැමිණියේ ම සමාධිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමා උසස් කොට සිතයි.අනුන් පහත් කොට සිතයි. ´ මම සමාධිගත වූයේ එකඟ වූ සිත් ඇත්තේ වෙමි.අන්‍යවූ මේ භික්ෂූහු වනාහි සමාධිගත නොවූවාහු කැළඹුණු සිත් ඇත්තාහ´ කියායි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත්වෙයි. විශේෂයෙන් මත්වෙයි.ප්‍රමාදයට පැමිණෙයි.ප්‍රමාදයට පැමිණියේම දුකසේ වාසය කරයි.මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්මචය්‍ර්‍යායෙහි පොත්ත ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේ යයි ද කියනු ලැබේ.

5.´´මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම්වලින්ද, කායිකදුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි.දුකින් මැඩුනේ වෙමි.දුකින් පීඩා විඳින්නේ වෙමි.මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ ´ යි ( සිතා ) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදි වූයේ වෙයි.හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන්පහත් කොට නොසිතයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත්නොවෙයි.විශේෂයෙන් මත්නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පත්වෙයි. (එහෙත්) හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා සම්පූර්ණ වූ අදහස ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.ඔහු ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත්නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි. (එහෙත්) සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසලකයි.අනුන් පහත්කොට නොසලකයි.ඔහු ඒසමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි.විශෙෂයෙන් මත්නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්‍ශනය (පංච අභිඥාව) උපදවයි.හෙතෙම ඒ ඥාන දර්‍ශනයෙන් ( පංච අභිඥාවෙන් ) සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ ඥාන දර්‍ශනය (පංච අභිඥාව) නිසා ´ මම දන්නෙක් වෙමි. දකින්නෙක් වෙමි ´ යි තමන් උසස් කොට සිතයි. අනුන් පහත් කොට සිතයි. ´ මේ අන්‍යවූ භික්ෂූහු නොදන්නාහු , නොදක්නාහුම වෙසෙත් ´ යි කියායි. හෙතෙම ඒ ඥාන දර්‍ශනයෙන් ( පංච අභිඥාවෙන් ) මත්වෙයි. විශෙෂයෙන් මත්වෙයි. ප්‍රමාදයට පැමිණෙයි. ප්‍රමාදයට පැමිණියේ ම දුකසේ වාසය කරයි.

´´මහණෙනි, යම් සේ අරටුවෙන් ප්‍රයොජන ඇත්තාවූ අරටු සොයන්නාවූ, අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනෙක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා (හැර) අරටුව යයි සිතා ඵලය කපා අරගෙන යන්නේය. ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව නොදත්තේය.ඵලය නොදත්තේය. පොත්ත නොදත්තේය. පතුරු නොදත්තේය.අතු හා දලු නොදත්තේය.එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව ඉක්මවා අරටුව යයි සිතා ඵලය සිඳ අරගෙන යන්නේය. ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද ඒ වැඩය නොසිදුවන්නේය´ කියායි.

´´මහණෙනි එමෙන්ම මේ ශාසනයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම්වලින්ද කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පිඩා විඳින්නේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනෙන්නේනම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම පැවිදි වූයේ වෙයි.හෙතෙමේ මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය. කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමා උසස් කොට නොසිතයි. අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය නිසාසම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි. හෙතෙම අනුන්පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සමාධි සම්පත්තියෙන් සතුටටපැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්‍ශනය (පංච අභිඥාව) උපදවයි. හෙතෙම ඒ ඥන දර්‍ශනයෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ වෙයි.හෙතෙම ඒ ඥන දර්‍ශනය නිසා ´ මම දන්නෙක් වෙමි, දකින්නෙක් වෙමි´ යි තමන් උසස්කොට සිතයි.අනුන් පහත්කොටසිතයි. ´ මේ අන්‍ය වූ භික්ෂූහු නොදන්නාහු නොදක්නාහු ම වෙසෙත් ´ යි කියායි.ඔහු ඒ ඥාන දර්‍ශනයෙන් මත්වෙයි.විශේෂයෙන් මත්වෙයි. ප්‍රමාදයටපැමිණෙයි.ප්‍රමාදයටපැමිණියේම දුකසේ වාසය කරයි.මහණෙනි, මේ මහණතෙම ශාසන බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි ඵලය ගත්තේයයිද එයින්ම කෙළවරට පැමිණියේයයි ද කියනු ලැබේ.

6.´මහණෙනි මේශාසනයෙහි ඇතැම් කුලපුත්‍රු්‍රයෙක් ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැලපීම් වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් මැඩුනේ වෙමි. දුකින් පෙලුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරීමක් පෙනේ නම් ඉතා යෙහෙකැ ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි.ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත්නොවෙයි.විශේෂයෙන් මත්නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණයේම සමාධිසම්පත්තිය උපදවයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත්කොට නොසිතයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත්නොවෙයි. විශේෂයෙන් මත්නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේ ම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි.හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥා) නිසා සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ ඥානදර්ශනසම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොටනොසිතයි.හෙතෙම ඒ ඥනදර්ශන සම්පත්තිය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත්නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි. ප්‍රමාදයට නොපැමිණයේම රහත්බව සම්පූර්ණ කරයි. මහණෙනි, යම් හෙයකින් ඒ භික්ෂූව ඒ රහත් බවින් පිරිහෙන්නේය යනු හේතු රහිතයි. ප්‍රත්‍ය රහිතයි. (හෙවත් ඒ රහත් බවෙන් පිරිහීමක් නොසිදුවෙයි)

´´මහණෙනි, යම්සේ අරටුවෙන් ප්‍රයොජන ඇත්තාවූ, අරටු සොයන්නාවූ අරටු සොයමින් හැසිරෙන්නාවූ යම් පුරුෂයෙක් (යම් තැනක) පිහිටි අරටුව ඇති මහ ගසක අරටුව යයි දැනගෙනම අරටුව සිඳගෙන යන්නේය.ඇස් ඇත්තාවූ පුරුෂයෙක් ඒ ඔහු දැක මෙසේ කියන්නේය. ´ මේ පින්වත් පුරුෂයා ඒකාන්තයෙන් අරටුව දත්තේය.ඵලය දත්තේය, පොත්ත දත්තේය, පතුර දත්තේය, අතු හා දලු දත්තේය. එහෙයින් මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජන ඇත්තේ, අරටු සොයන්නේ, අරටු සොයමින් හැසිරෙන්නේ (යම් තැනෙක) පිහිටි මහත්වූ ගසක අරටුව යයි දැනගෙනම අරටුව සිඳ ගෙන ගියේය.ඔහුට අරටුවෙන් යම් වැඩක් ඇත්තේද, ඒ වැඩය හොඳින් සිදුවන්නේය´ කියායි.

´´මහණෙනි, එසේ මේ ශාසනයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ´ ඉපදීමෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද, ශෝකයෙන්ද, වැළපීම් වලින්ද, කායික දුකින්ද, සිතේ දුකින්ද, බලවත් වෙහෙසින්ද මැඩුනේ වෙමි. දුකින් පෙලුනේ වෙමි. මේ සියලු දුක් රාශියගේ කෙළවර කිරිමක් පෙනේ නම් ඉතා යෙහෙකැ´ යි (සිතා) ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේම සිවුපසය ලැබීමය, සත්කාර ලැබීමය, කීර්තිය ලැබීමය යන මේවා උපදවයි. ඔහු ඒ ලාභ සත්කාර කීර්තිය නිසා සතුටු වෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ ලාභ සත්කාාර කීර්තිය නිසා තමන් උසස් කොටනොසිතයි. අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ ලාභ සත්කාර කීර්තිය නිසා මත්නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම සීල සම්පත්තිය සම්පූර්ණ කරයි.හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සීල සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණායේම සමාධි සම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා සතුටට පැමිණෙයි.සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි.ඔහු ඒ සමාධි සම්පත්තිය නිසා තමන් උසස් කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ සමාධි සම්පත්තිය නිසා මත් නොවෙයි.විශේෂයෙන් මත් නොවෙයි.ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයට නොපැමිණියේම ඥාන දර්ශනය (පංච අභිඥා) උපදවයි. හෙතෙම ඒ ඥාන දර්ශනය (පංච අභිඥා) නිසා සතුටට පැමිණෙයි. සම්පූර්ණ වූ අදහස් ඇත්තේ නොවෙයි. හෙතෙම ඒ ඥන දර්ශනය නිසා තමන් උසස්කොට නොසිතයි.අනුන් පහත් කොට නොසිතයි.හෙතෙම ඒ ඥානදර්ශනය නිසා මත් නොවෙයි. විශේෂයෙන් මත් නොවෙයි. ප්‍රමාදයට නොපැමිණෙයි.ප්‍රමාදයටනොපැමිණියේම රහත් බව සම්පූර්ණ තරයි.

´´මහණෙකි, යම් හෙයකින් ඒ භික්ෂූව ඒ රහත් බවින් පිරිහෙන්නේ නම්, එය හේතු රහිතයි.ප්‍රත්‍යය රහිතයි.(හෙවත් ඒ රහත් බවින් පිරිහීමක් සිදු නොවෙයි.) 7.´මහණෙනි, මෙසේ වනාහි මේ ශාසන බ්‍රහ්මචය්‍ය ර්‍ව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවෙයි.සීල සම්පත්තිය පිණිස නොවෙයි.සමාධි සම්පත්තිය පිණිස නොවෙයි.ඥාන දර්ශනය (පංච අභිඥාව) පිණිස නොවෙයි.මහණෙනි යම් මේ රහත් බවක් වේද, මහණෙනි මේ ශාසන බ්‍රහ්ම චය්‍ය ර්‍ාව මේ රහත් බව පිණිස මැයි. ´´මේ රහත් බව ශාසන බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි සාරයයි. (හරයයි) මේ රහත්බව (ශාසන බ්‍රහ්ම චය්‍ර්‍යාවෙහි) කෙළවරයි. (අවසානයයි)

මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. සතුටට පැමිණි ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගෙි ඒ දේශනාව සතුටින් පිළිගත්තාහුය.

නවවෙනි වූ මහා සාරොපම සූත්‍රය නිමි. (3-9)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.