4. සෝණදණ්ඩ සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සංඝයා වහන්සේ සමඟ අගු රාටෙහි හැසිරෙන කල චමිපා නුවරට වැඩ්යෝය. එහි භාග්‍යවතුන් වහන්සේ චමිපා නගරයෙහිවූ ගග්ගාර නමි පොකුණු තෙර වාසය කරති. එකල සොණදණ්ඩ නමි බ්‍රාහ්මණයෙක් මගධ දේශයෙහි රජවූ බිමිබිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස ලබනලද්දාවූ, චමිපා නගරයෙහි ප්‍රධානියාව වාසය කලේය.

2. එකල්හි චමිපානුවර වැසි බමුණු පවුල්හි ප්‍රධානියෝ මෙපවත් ඇසූහ. (ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය පුත්‍රයෙක,ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවුවෙක, පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සංඝයා වහන්සේ සමඟ අඟුරටෙහි හැසිරෙන්නේ පිළිවෙළින් චමිපා නගරයට පැමිණ එහි ගග්ගාර නමි පොකුණු තෙර වාසය කරයි. ඒ (ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙබඳු හිත් ප්‍රියකරණ කීර්තිරාවයක් පැන නැංගේය.

එවිට ඒ චමිපානුවර වැසි බමුණු පවුල්හි ප්‍රධානියෝ චමිපා නුවරින් නික්ම නොයෙක් දෙසින් රැස්වූවාහු මහත් සමූහ ඇත්තාහු එක්ව රුස්ව ගග්ගාර නමි පොකුණු තෙරට පැමිණෙත්.

3. එකල සොණදණ්ඩ නමි බ්‍රාහ්මණ තෙමෙි චමිපානුවර වැසි බමුණු පවුල්හි ප්‍රධානීන් චමිපා නුවරින් පිටත්ව රංචුගැසී ැනායෙක් දෙසින් රුස්ව, එකතුවී ගග්ගාර නමි පොකුණු තෙරට පැමිණෙන්නන් දුටුවෙිය.ඔවුහු ඒ භවත් ගෞතමයන් වහන්සේ, දැකීම පිණිස පැමිණෙන බව දැනගත්තේය.

සොණදණ්ඩ නමි බමුණු තෙමෙිද ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට අදහස් කළේය.

4. එකළ නොයෙක් රාජධානීන්ගෙන් පැමිණි බමුණන්ගෙන් පන්සියය් පමණවූ බමුණෝ කිසියමි කටයුත්තක් සඳහා ඒ චමිපාවෙහි වාසය කරති. ´´සොණදණ්ඩ තෙම පින්වත් මහණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය´´. යනු ඒ බමුණෝ ඇසූහ. අසා ඔවුහු සොණදණ්ඩ වෙත පැමිණ මෙසේ කීවෝය. ´´ භවත් සොණදණ්ඩයෝ ශ්‍රමණ ගෞතමයන් දැකීමට නොපැමිණෙත්වා!! පින්වත් සොණදණ්ඩ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීම පිණිස පැමිණීම නුසුදුසුය. පින්වත් සොණදණ්ඩ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේ නම්, පින්වත් සොණදණ්ඩගේ කීර්තිය පිරිහෙන්නේය. මහණ ගෞතමයන්ගේ කීර්තිය වැඩෙන්නේය. මහණ ගෞතම තෙමේ පින්වත් සොණදණ්ඩ දැකීමට පැමිණීම සුදුසුය.

´´භවත් සොණදණ්ඩයෝ බොහෝ දෙනාගේ ගුරුවරයාද ගුරුවරයින්ගේ ගුරුවරයාද වූහ. තුන්සියයක් මාණවකයන්ට වේද මන්ත්‍රය කියවති. පින්වත් සොණදණ්ඩයන් වෙත වේද මන්ත්‍ර ඉගෙන ගැනීමට කැමති බොහෝ තරුණයෝ නොයෙක් රටින් නොයෙක් ජනපදයෙන් පැම්ණෙති.

´´භවත් සොණදණ්ඩ තෙමේ පැරණි කුළයෙන් පැවතෙන ශීලාචාරාදියෙන් වැඩුණු බොහෝ කල් ඉක්මවූ දෙතුන් රාජ පරම්පරාවක් ඉක්මගිය පැසුණු වයසට පැම්ණියෙක.

´´මහණ ගෞතම තෙමේ තරුණවූයේ, තරුණ පැවිද්දෙක් වේ.

´´මෙකී කරුණු නිසාද භවත් සොණදණ්ඩයෝ මහණ ගෞතමයන් දැකුම් පිණිස පැම්ණීමට නුසුදුස්සෝය. ගෞතමයෝම සොණදණ්ඩයන් දැකීමට එනු සුදුසුය.´´

6. (ඒ බමුණන්) මෙසේ කී කල සොණදණ්ඩ බමුණු තෙම ඔවුණට මෙසේ කීය. පින්වත්නි, යම්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් දකිනු පිණිස පැම්ණෙන්ට අපිම සුදුස්සෝ වෙමුද, ඒ ගෞතමයන් වහන්සේ අප දකිනු පිණිස පැම්ණෙන්ට නුසුදුසුවේද, ඒ පිළිබඳවූ මාගේ මේ කථාවද අසව්.

´´පින්වත් මහණ ගෞතම තෙමේ මවු පාර්ශවයෙන්, පිය පාර්ශවයෙන් යන දෙපාර්ශවයෙන් මැනවින් උපන්නේය. පිරිසිදු මවුකුසින් උපන්නේය, සත්වැනි පරම්පරාව දක්වා අවනම්බුවෙන් තොරව ලද්දේය. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකුමට පැම්ණෙන්නට සුදුස්සෝ වෙමු.

´´පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මහත් ධන, මහ භෝග ඇති ම්ශ්‍ර නුවූ, ක්‍ෂත්‍රිය නම් උසස් කුලයෙන් ගොස් මහණවූ කෙනෙක. ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් යම් යම් දේ අසා දැනගන්ට අන්රට වලින්ද ජනපද වලින්ද ජනයෝ එති. බොහෝ දහස් ගණන් දෙව්වරු ශ්‍රමණ ගෞතමයන් ජීවිතය ඇතිතෙක් සරණ කොට ගියහ.

´´ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු මහත් කීර්ති ශබ්ධයක් ව්ශේෂයෙන් උස්ව පැන නැංගේය. කෙබඳුදයත්, ´´උන්වහන්සේ සංසාර චක්‍රයෙහි බැම් සින්දහ. අර්හත්හ. හැම ලෙසින් දත යුතුදේ තමන්ම දත්හ. නුවණ අටෙන් හා සීල ධර්ම පහළොවින් යුත්හ. හරිම මාර්ගයේ ගියහ. ලෝකය හොදාකාර දත්හ. සිල් ආදී ගුණෙන් ප්‍රධානය. ම්නිසුන් දමනය කිරීමෙහි සමත්හ. දෙවි ම්නිසුන්ට ගුරුවරයෙක්ය. සියල්ල දත්හ. කෙලෙස් නැති කළහයි´´ කියායි.´´

´´පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින් යුතුය. ශ්‍රමණ භවත් ගෞතමයෝ යම් කෙනෙක් තමන් වහන්සේගේ සමීපයට පැමිණියේ නම් ඔවුන්ට ආසිරිවාද වචන හා කණට මිහිරි මොළොක් වචන ඇත්තාහ. සතූටුවන කථා ඇත්තෙක මුහුන පහත් කොට ගෙන සිටින්නෙක් නොවේය. පලමුකොට කරන කථා ඇත්තෙක පින්වත්නි, ශ්‍රමණ භුවත් ගෞතමයන් වහන්සේ (භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන) සිවුපිරිස විසින් සත්කාර ගරුබුහුමන් පුද පූජා පවත්වන ලද්දෙක, ශ්‍රමන භවත් ගෞතමයන් කෙරෙහි බොහෝ දෙවි මිනිස්සු විශේෂයෙන් පැහැදුනාහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ගමක වාසය කරයිද, ඒ ගමෙහි හෝ නියම් ගමෙහි අමනුෂ්‍යයෝ හිංසා පීඩා කිරීමෙන් නොවෙහෙසෙත්.´´

´´පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන් මහත් මහණ සමූහයා ඇත්තෙක, සමූහයකට ගුරුවරවූයේ ගුරුවරයන් අතුරෙන් ඉතා උසස්යයි කියනු ලැබේ. පින්වත්නි, ඇතැම් මහණ බමුණන්ගේ කීර්තිය කිසියම් සුළු කරුණකින් උසස් බවට පැමිණෙන්නේද, එබඳු කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය නම් වැඩීමට නොපැමිණියේය. උන් වහන්සේගේ කීර්තිය වැඩිවීමෙන් උසස් බවට පැමිණියේ ශ්‍රේෂ්ඨවූ නුවණ හා සීල සම්පත්තිය නිසාය.

´´අඹුදරුවන් හා ඇමතියන් හා බොහෝ සේනා සහිතවූ මගධරට රජවූ බිම්බිසාර රජතෙමේද පසේනදි කොසොල් රජුද පොක්ඛාරසාති බමුණු තෙම්ද, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ජීවිතාන්තය තෙක්ම සරණ ගියෝය. සත්කාර ගුරු බුහුමන් පුද සැලකිලි දක්වන ලද්දෝය.´´

´´ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ චම්පාවට පැමිණ චම්පාවෙහි ගග්ගරා පොකුණු තෙර වාසය කරති. යම්කිසි මහණ බමුණු කෙනෙක් අපගේ ගමට එත්නම් ඔව්හු අපගේ ආගන්තුකයෝ වෙති. ආගන්තුකයෝ අප විසින් පුද සත්කාර ලැබිය යුත්තෝ වෙත්. අපිම උන් වහන්සේ ළඟට පැමිණිය යුත්තෝ වෙමු.´´

7. මෙසේ කී කල්හී ඒ බමුණෝ සොණදණ්ඩ බමුණාට මෙසේ කීවෝය. ´´යම්සේ පින්වත් සොණදණ්ඩ තෙමේ මහණ ගෞතමයන්ගේ ගුණ වර්ණනා කරයි. එහෙයින් අපි සියල්ලෝම භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙමුය.´´

එවිට සොණදණ්ඩ බමුණු තෙමේ මහත්වූ බමුණු සමූහයා සමග ගග්ගරා පොකුණ ළඟට පැමිණියේය.

8. එවිට සොණදණ්ඩ තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහිකට යුතු කථා අවසන් කොට එක පැත්තකින් හුන්නේය.

9. එහිදීද සොණදණ්ඩ බ්‍රාහ්මණය ට මෙසේ සිතුනේය. ´´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාගේ ගුරු බව ඇති තුන් විද්‍යාව පිළිබඳව මාගෙන් ප්‍රශ්න විචාරන්නේ නම් ඉතා යහපති. ඒකාන්තයෙන්ම මම උන්වහන්සේගේ සිත ඒ ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරන්නෙමි.´´

10. එවිට භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් සොණදණ්ඩ බමුණාගේ සිත දැන බමුණුහට මෙසේ කීයේය. ´´බ්‍රාහ්මණය, ´´මම බමුණු වෙමියි´´ කියන තැනැත්තේ (එය) හරි ආකාර කීමට නම්, බොරු නොවෙන්නට නම්, එසේ කියන බ්‍රාහ්මණයා කරුණු කීයකින් යුක්ත විය යුතුයයි බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරත්ද?´´

11. එවිට සොණදණ්ඩයෝ උස්ව හිස නමා පිරිස නැවත නැවත බලා භගවත්හට මේ කාරණය කීහ. ´පින්වත් ගෞතමයන් වහන්ස, යමෙක් ´මම බ්‍රාහ්මණ වෙමි´යි හරි ආකාර කියන්නට නම්, ගතිගුණ පහකින් සම්පූර්ණ වියයුතු යයි බමුණෝ ප්‍රකාශ කරති. ඒ පහ කුමක්ද යත්

(ස) ඒ බ්‍රාහ්මණ තෙමේ මවුපිය දෙපසින් යහපත්ව උපන්නේවේ. පිරිසිදු මවුකුසින් බිහිවූයේ වේ, සත්වන පරම්පරාව දක්වා අවනම්බු නොලබන ලද්දේ වේ. ජාතිවාදයෙන් අවනම්බු නොකරන ලද්දේ වේ.

(සස) ඔහු වෙදමන්ත්‍ර කටපාඩමේ කියන්නෙක් වේ, වේදමන්ත්‍ර දරන්නේ වේ. වචන අර්ථ ශාස්ත්‍ර හා කාව්‍ය අලංකාර ශාස්ත්‍රයද, අකුරු, ශබ්ද ධාතු විස්තරය සහිතවූ ඉතිහාසය පස්වන කොට ඇති, තුන්වේදය පිළිබඳ පරතෙරට පාඩමේ කියන්නේ වේ, ලෝකය පිළිබඳ කරුණු දක්වන ශාස්ත්‍රය හා මහාපුරුෂ ලක්‍ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ දැනගැනීමට පැමිණියේ වේ.

(සසස) උතුම් රන්වන් පාට ඇත්තේ මහබඹුගේ ශරීරය වැනි ශරීරයක් ඇත්තේ වේ. ඔහුගේ ශරීරයෙහි දැකුම් කටයුතුදේ අප්‍රමාණ වේ.

(සඩ) ඔහු සිල්වත් වූයේ වඩන ලද සිල් ඇත්තේ සම්පූර්ණ ශීලයෙන් යුක්ත වූයේය.

(ඩ) ඔහු නුවණැති පණ්ඩිතවූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවෙනියෙක් හෝ වේ.

12. ´´බමුණ මේ අංග පහෙන් එක් අංගයක් හැර අංග හතරකින් යුක්තවූ බමුණෙක් ´මම බමුණු වෙමි´යි කියතොත් බොරු කීමට නොපැමිණෙන්නේයයි ප්‍රකාශ කළ හැකිද?´´

´´හැකිය, පින්වත් ගෞතමයන් වහන්ස, මේ අංග පහෙන් ජාතිය වෙන්කර තබමු ඒ ජාතිය කුමක් නම් කරන්නේද?´´

13. ´´බමුණ, මේ අංග හතරෙන් එක් අංගයක් හැර අංග තුනකින් යුත්වූ බමුණුතෙම ´මම බමුණු වෙමි´යි කියන්නේ නම් හෙතෙම එයින් බොරු කීමට නොපැමිණෙන්නේයයි ප්‍රකාශ කළ හැකිද?´´

´´හැකිය, භවත් ගෞතමයන් වහන්ස, මේ කරුණු සතරින් මන්ත්‍රයන් පැත්තකින් තබමු.´´

14. ´´බමුණ, මේ අංග තුනෙන් එක් අංගයක් තබා අංග දෙකකින් යුත්වූ බ්‍රාහ්මණ තෙමේ ´මම බමුණු වෙමි´යි කියන්නේ නම් ඔහු බොරු කීමට නොපැමිණෙන්නේයයි ප්‍රකාශ කළ හැකිද?´´

´´හැකිය, භවත් ගෞතමයන් වහන්ස, මේ අංග තුනෙන් මවුපියන්ගේ පවුල පැත්තකින් තබමු.´´

15. මෙසේ කී කල්හි ඒ බමුණෝ සොණදණ්ඩ බමුණාහට මෙලෙසින් කීහ-

´පින්වත් සොණදණ්ඩ, මෙසේ නොකියන්න. පින්වත් සොණදණ්ඩ තෙමේ ජාතියට නින්දා කෙරේ, මන්ත්‍රයන්ට නින්දා කෙරේ, පවුලට (මවුපියන්ට) නින්දා කෙරේ එකාන්තයෙන්ම පින්වත් සොණදණ්ඩ තෙමේ පිළිවෙළින් මහණ ගෞතමයන්ගේ මතයටම පැමිණෙන්නේය.´

16. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණන්ට මෙසේ කීහ. ´බ්‍රාහ්මණයෙනි, ´´සොණදණ්ඩ බමුණු විරුද්ධව කථා කරන්ට අසමර්ථයෙකැ´යි යන මේ අදහස දැන් නුඹලාට ඇතිවේද, එසේ නම් සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ පැත්තක සිටීවා, නුඹලා මා සමග සාකච්ඡා කරව්. බ්‍රාහ්මණයෙනි, ´සොණදණ්ඩ බමුණු බොහෝ දේ දන්නෙකි, යහපත් වචන කතා කරන්නෙකි, මහා නුවණැත්තෙකි, ශ්‍රමණ ගෞතමයින් හා විරුද්ධ කතා කරන්නට සමර්ථයෙකැ´යි යන මේ අදහස් දැන් නුඹලාට ඇතිවේද, (එසේනම්) නුඹලා සිටිව්, සොණදණ්ඩ බූහ්මණ තෙමේ මා සමග සාකච්ජාව කෙරේවා.´´

17. මෙසේ කී කල සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරනය කීවේය.

´´භවත් ගෞතමයන් වහන්සේ සිටින සේක්වා, භවත් ගෞතමයන් වහන්සේ නිශ්ශබ්ද වන සේක්වා, මම ම ඔවුන්ට කරුණු සහිතව විරුද්ධ කතා කරන්නෙමි.´´

එවිට සොණදණ්ඩ බූහ්මණ තෙමේ ඒ බමුණන්ට මෙසේ කීය- ´පින්වත්නි මම ජාතියට හෝ මන්ත්‍රයට හෝ පවුලට නින්දා නොකරමි´.

18. එකල්හි සොණදණ්ඩගේ බෑණනුවන් වූ අංගක නම් මාණවකයා ඒ පිරිසෙහි සිටියේය. එවිට සෝණදණ්ඩ තෙමේ ඒ බමුණන්ට මෙසේ කීය.

´´පින්වත්නි, අපගේ බෑණනුවන් වූ මේ අංගක නම් මාණවකයා නුඹලා දකින්නහුද?´´

´´ එසේය, පින්වත´´

´´පින්වත්නි, අංගක තරුණයා ප්‍රාණගාත කරන්නේය. නුදුන් දෙයද ගන්නේය, අන් භර්යාවන් වෙතටද යන්නේය, බොරුද කියන්නේය, රහමෙරද පානය කරන්නේය, පින්වත්නි දැන් මෙසේ ඇති කල්හි, ජාතිය කුමක් කරන්නේද? මන්ත්‍ර හෝ වංශය කුමක් කරන්නේද?´´

´´පින්වත්නි, බ්‍රාහ්මණතෙමේ යම්කලෙක පටන් සිල්වත් වූයේ, වඩන සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්ත වේද, නුවණ ඇති පණ්ඩිත වූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවෙනියෙක් වේද, පින්වත්නි, මේ අංග දෙකින් යුක්තවූ බමුණු වෙමි´යි කියන්නේ නම් ඔහු හරිආකාර කියන්නේය. බොරු කීමට නොපැමිණෙන්නේයයි බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරති.´´

19. බ්‍රාහ්මණය, මේ අංග දෙකෙන් එක් අංගයක් හැර එක් අංගයකින් යුතු වූ බමුණු තෙම ´මම බමුණු වෙමි´යි කියන්නේ නම් ඔහු බොරු කීමට නොපැමිණෙන්නේයයි ප්‍රකාශ කළ හැකිද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, මේ කාරණය නම් නොහැකිය. භවත් ගෞත්මයෙනි, නුවණ ශීලයෙන් පිරිසිදු කරණ ලද්දීය. නුවණ ශීලයෙන් පිරිසිදු කරණ ලද්දීය. ශීලය නුවණින් පිරිසිදු කරණ ලද්දේය. යමෙකු කෙරෙහි ශීලය වේද ඔහු කෙරෙහි නුවණ වේ, යමෙකු කෙරෙහි නුවණ වේද ඔහු කෙරෙහි ශීලය වේ. ශීලය ඇත්තා හට නුවණ ඇතිවේ. නුවණ ඇත්තා හට ශීලය ඇතිවේ. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උතුම්යයි කියනු ලැබේ.´´

20.´´බ්‍රාහ්මණය, මේ කාරණය මෙසේ මය, සිල් ඇත්තාහට නුවණ ඇත්තේය නුවණ ඇත්තාහට සිල් ඇත්තේය. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උසස්යයි කියනුලැබේ.´´

´´බ්‍රාහ්මණය ඒ ශීලය කවරේද? ඒ නුවණ කවරේද?´´

´´භවත් ගෞතමයන් වහන්ස, අපි මේ කරුණෙහි ශීල නුවණ දෙක පමණක්ම ප්‍රධාන කොට ඇත්තෝ වම්හ. භාග්‍යවතුන් වහන්සේ ශීල නුවණ දෙක විස්තර කරණ සේක්වා.´´

21. ´´එසේ නම් බමුණ, හොඳින් කල්පනා කරව. දේශනා කරන්නෙමි.´´

(මෙහි 42 පිටේ සාමඤ්ඤඵල සූත්‍රයේ 28 වෙනි ඡේදයේ සිට 59 ඡේදය යෙදීමේදී ´මහරජ´ වෙනුවට ´´බමුණ´´ යොදන්න. ´´මෙයද මේ ආත්මයෙහිවූ ඵලයන්ට වඩා උතුම්වූද බොහෝසේ මිහිරිවූද භික්‍ෂූන් විසින් ලැබියයුතු ඵලයක් වෙයි´´ වෙනුවට ´´මෙයද ඔහුගේ සීලාදියෙහි වන්නකි´´ හෝ ´´මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවකි´´ හෝ ´´මෙයද ඔහුගේ ප්‍රඥාවෙහි වූවෙකි´´ යොදන්න.)

22. මෙසේ දේශනා කළ කල සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය. ´´භවත් ගෞතමයන් වහන්ස, දේශනාව යහපත, එය ඉතා යහපත. යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කොට තබන්නේද, වසන ලද්දක් වැසුම හැර දක්වන්නේද, මං මුළාවෙකුට මඟ කියන්නේද, ´ඇස් ඇතතෝ රූප දකිත්වා´යි කරුවලෙහි පහනක් දල්වන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනාකරණ ලද්දේය. ඒ මම ධර්මය හා සංඝයා සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් ජීවත්ව සිටිනතුරු සරණ ගිය උපාසකයෙකැයි මා දරාගන්නා සේක්වා භවත් ගෞතමයන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ හෙටදින මාගේ දානය භාරගන්නා සේක්වා´´. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය භාරගත්තේය.

23. ඉක්බිති සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව භාරගත් බව දැන, හුනස්නෙන් නැගිට උන්වහන්සේ යුතු ලෙස වැඳ දකුණු පැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරව කිරීමෙන් ගියේය. ඒ රැය ගතවීමෙන් පසු සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ තමාගේ ගෙදර මිහිරිවූ කෑම බීම ආදිය පිළියෙළ කරවා, ´´පින්වත් ගෞතමයන් වහන්ස, (දානය පිණිස) කාලය පැමිණියේය. දානය පිළියෙළ කොට නිමවන ලද්දේය´යි භාග්‍යවතුන් වහන්සේට කාලය දැනවූයේය.

24. එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳපොරවා පාත්‍රා සිවුරු ගෙණ භික්‍ෂු සංඝයා වහන්සේ සමග සොණදණ්ඩ බ්‍රාහ්මණයාගේ ගෙදොරට වැඩිසේක. එහි වැඩමවා පැණවූ ආසනයෙහි වැඩහුන්සේක. එකල්හි සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ බුදුරජාණන් වහන්සේ ප්‍රධානව මහා සංඝයා වහන්සේ මිහිරි කෑම බීම ආදි දානවස්තූන් තමන්ගේ අතින්ම පිළිගන්වා දානය වළඳවා අවසානද කරවූයේය.

25. එවිට සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වළඳා නිමවූ බව දැන එක්තරා පහත් ආසනයක් ගෙණ එක පැත්තකටවී හුන්නේය. හිඳ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.

´භවත් ගෞතමයන් වහන්ස, පිරිස් අතරට පැමිණි මම ඉදින් දෑත එකතුකොට වැන්දේ නම් ඒ කරණකොට ගෙන භවත් ගෞතමයන් වහන්සේ මා හුන් ආසනයෙන් නැගිට ගෞරව කළසේ සලකන සේක්වා පිරිස මැදට පැමිණ මම ඉදින් හිස්වෙළුම ඉවත් කරන්නෙම් නම් එය මාගේ හිසින් නමස්කාරයයි සලකන සේක්වා. ඉදින් රථයට නැගුණු මම කෙවිට ඉදිරියට නමන්නෙමි නම් එය මාගේ රථයෙන් බැස ගෞරව කිරීමකැයි සලකන සේක්වා. ඉදින් රථයක සිටි මම (මාගේ) අත නමන්නෙම් නම් එය මාගේ වැඳීමයයි සලකන සේක්වා´´

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ කාලොචිත ධර්මකථාවකින් සොණදණ්ඩ බ්‍රාහ්මණයා කුශලධර්මයෙහි සමාදන් කරවා, උත්සහවත් කරවා, සතුටු කරවා. හුන් ආසනයෙන් නැගිට වැඩිසේක.

(සතර වන සොණදණ්ඩ සූත්‍රය නිමියේය)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: