33. සංගීති සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්‍ය ජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂු සංයා සමග මල්‍යයන්ගෙ පාවා නම් නුවරට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වාසය කළසේක. එකල පාවා නුවර වැසි මල්‍යයන්ගේ උබ්භතක නම් අළුත්වූ නොබෝ දිනකින් කරවන ලද්දාවූ මහණෙකු විසින් හෝ බමුණෙකු විසින් හෝ කිසියම් මිනිසෙකු විසින් වාසය නොකරන ලද සන්ථාගාර ශාලාවක් වෙයි.

2. එකල්හි පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එකපැත්තක උන්හ. එකපැත්තක උන්නාවූ පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. ´´ස්වාමීනි, මෙහි පාවා නුවර වැසි මල්‍යයන්ගේ උබ්භතක නම්වූ අළුත් සන්ථාගාරය (නුවර මැද කරවන ලද ශාලාව) නොබෝ දින කරවන ලද්දේ වෙයි. කිසියම් මිනිසෙකු විසින් වාසය නොකරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් එය පළමුකොට පරිභෝග කිරීමට ආරාධනා කරන ලදි.´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක. ඉක්බිති පාවා නුවර වැසි මල්‍යයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන සන්ථාගාරයට පැමිණ, එහි සියළු සන්හි ඇතිරිලි එලා ආසන පනවා දිය සැළි තබා පහන් දල්වා භාග්‍යවතුන් වහන්සේට එහි වැඩමවීමට සුදුසු කල්බව දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ හැඳ පොරවා, පාත්‍රය හා සිවුරු ගෙන භික්‍ෂු සංයා සමග සන්ථාගාරයට පැමිණියහ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර වැසි මල්‍යයන්ට, රාත්‍රි බොහෝ වේලාවක්ම ධර්මදේශනා කර කරුණු දක්වා, සමාදන් කරවා, උනන්දු කරවා, අතිශයින් සතුටු කරවා, ´´වාසෙට්ඨයිනි, රාත්‍රිය බොහෝ ඉක්ම ගියාය. දැන් තොපට ගමනට සුදුසු කාලය හඟව්´´ කියා පිටත්කර යැවූ සේක.

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඉතා නිශ්ශබ්දවූ භික්‍ෂු සංයා දෙස බලා ආයුෂ්මත් ශාරිපුත්ත ස්ථවිරයන්ට මෙසේ ආමන්ත්‍රණය කළසේක. ´´ශාරිපුත්‍රය, භික්‍ෂු සංතෙම පහවූ ථිනමිද්ධය ඇත්තේය. (නිදිමත නැතිව සිටියි.) ශාරිපුත්‍රය, භික්‍ෂූන්ට සුදුසු දැහැමි කථාවක් තොපට වැටහේවා, මාගේ පිටරුදා කෙරෙයි. එහෙයින් මම කය දිග හරින්නෙමි´´යි කීහ. දෙපට සිවුර හතරට නමා එලා, දකුණු පයෙහි වම්පය මදක් ඉක්මවා තබා, සිහි නුවණින් යුක්තව නැගිටිමි යන කල්පනාව සිත්හි තබාගෙන දකුණැලයෙන් සිංහසෙය්‍යාව කළසේක.

4. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට කථාකර මෙසේ කීහ. ´´ඇවැත්නි, නිගණ්ඨනාත පුත්‍රතෙම පාවා නුවර අසලදී නොබෝ දින මැරී ගියේය. ඔහුගේ මරණයෙන් බිඳීගිය නිගණ්ඨයෝ කොටස් දෙකක් වූවාහු හටගත් දබර ඇත්තාහු, වාසය කරන්නාහුය.´´

´´නිගණ්ඨනාත පුත්‍රයාට අනුව යන්නාවූ ගිහි ශ්‍රාවකයෝ ඒ නිගණ්ඨනාතපුත්‍ර ශ්‍රාවකයන කෙරෙහි කලකිරුණු ස්වභාව ඇතිව සත්කාර කිරීමාදියෙන්ද වැළකුණාහුය.´´

5. ´´ඇවැත්නි, මනාව නොදත් නිවන් පිණිස නොපවත්නාවූ සංසිඳීම පිණිස නොපවත්නාවූ සම්‍යක් සම්බුද්ධ නොවූවෙකු විසින් දැනගන්නා ලද්දාවූ නපුරු කොට කියන ලද්දාවූ ශාසනයෙහි, මෙය මෙසේ වෙයි. ඇවැත්නි, මේ අපගේ ධර්මය සම්‍යක් සම්බුදුවරයෙකු විසින් දැනගන්නා ලද්දේ වෙයි. යම්සේ මේ ශාසන බූහ්මචය්‍ර්‍යය බොහෝ කල් පවත්නේද, චිරස්ථායී වන්නේද එසේ ඒ ධර්මය සියල්ලන් විසින්ම එක්ව කියයුතුයි, විවාද නොකටයුතුයි, එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස වන්නේය.´´

´´ඇවැත්නි, මේ ධර්ම සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරන ලද ධර්ම ඇත්තාහ. කවර නම් එක් ධර්මයක්ද? සියලු සත්වයෝ ආහාරය නිසා පවත්නාහුය.´´

´´ඒ දෙකක්වූ ධර්ම කවරහුද? නාමය හා රූපය, අවිද්‍යාව හා භව තෘෂ්ණාව, භව දෘෂ්ටිය හා විභව දෘෂ්ටිය (නිත්‍ය ආත්මයක් ගැනීම හා ආත්මය සිඳේයයි ගැනීම), පාපයට ලජ්ජා නැතිකම හා පාපයට බිය නැතිකම, හිරිය (පාපයට ලජ්ජාව) හා ඔත්තප්පය (පාපයට භය), කියනදේ නාහන බව හා පාප මිත්‍රයන් ඇතිබව, සුවච බව හා යහපත් මිතුරන් ඇතිබව, ඇවැත් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවතින් නැගී සිටීමෙහි දක්‍ෂ බවද, සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැගී සිටීමෙහි දක්‍ෂ බවද, ධාතුන දැනීමෙහි දක්‍ෂ බව හා ධාතුන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බවද, ආයතනයන් දැනීමේ දක්‍ෂ බව හා පටිච්චසමුප්පාදයන් දැනීමෙහි දක්‍ෂ බවද, හේතු දැනීමෙහි දක්‍ෂ බව හා අහේතු දැනීමේ දක්‍ෂ බවද, අවංක බව හා පාපයට ලජ්ජා ඇති බවද, ඉවසීම හා කයින් වචනයෙන් පව් නොකිරීමද, මෘදු වචන ඇති බව හා ධර්මයෙන් හා ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමද, අවිහිංසාව හා පිරිසිදු බවද, සිහිමුලාව හා අසම්පජඤ්ඤයද, සතිය හා ප්‍රඥාවද, ඉන්ද්‍රියන් නොඉවසන ලද බව හා භෝජනයෙහි පමණ දැනීමද, අඥාන භාවයෙන් කම්පා නොකළ හැකිබව ඥානය හා භාවනා බලය, සති බලය හා සමාධි බලයද, සමථය හා විදර්ශනාවද, සමථ නිමිත්ත හා පසුව උපදින වීර්යයට හේතුවූ පූර්ව වීර්යය, වීර්යය හා සිත විසීර නොයාමද, සීලවිපත්තිය හා දිට්ඨිවිපත්තියද, සීලසම්පදාව හා දිට්ඨිසම්පදාවද, සීලවිසුද්ධිය හා දිට්ඨිවිසුද්ධියද,විදර්ශනා ඥානය හා ඒ හා එකට යෙදුනු වීර්යයද, සංවේග වියයුතු කරුණුවල සංවේගවීම හා සංවේගයට පැමිණියහුගේ නුවණින් වීර්යය වැඩීමද, කුශල ධර්මයන්හි බොහෝ කැමති බව හා වීර්යයෙහි නොනවතින බවද, ත්‍රිවිද්‍යාව හා විමුක්තිය (නිර්වාණය)ද ආර්ය මාර්ගයන්හි ඥානය හා ආර්ය ඵලයන්හි ඥානයද වෙත්.´´

´´ඇවැත්නි, ප්‍රකාශ කරන ලද තුන බැගින්වූ ධර්මයෝ වෙත්.´´

´´ඒ කවරහුද යත්? ලෝභ අකුසල මූලය, ද්වේශ අකුසල මූලය, මෝහ අකුසල මූලය යන අකුසල මූල තුනය. අලෝභ කුසල මූලය, අදෝස කුසල මූලය, අමෝහ කුසල මූලය යන කුසල් මූල් තුනය. ´´කයින් වචනයෙන් සිතින් කරන දුශ්චරිතයයි දුශ්චරිත තුනකි.´´ ´´කයින් වචනයෙන් සිතින් කරන සුචරිත තුනකි.´´ කාමවස්තු ගැන කල්පනාව, අනුන්ගේ විනාශය ගැන කල්පනාව, අනුන්ට හිංසා කිරීම ග්ැන කල්පනාව යන අකුසල විතර්ක තුනකි.´´

´´කාමවස්තූන්ගෙන් වෙන්වීමේ කල්පනාව, මෛත්‍රි කල්පනාව, අවිහිංසාව ගැන කල්පනාව, යන කුසල විතර්ක තුනකි.´´

´´කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල සංකල්ප තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල සංකල්ප තුනකි. කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල සංඥා තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල සංඥා තුනකි. කාම, ව්‍යාපාද, විහිංසා යන අකුසල ධාතු තුනකි. නෛෂ්කම්‍ය, අව්‍යාපාද, අවිහිංසා යන කුසල ධාතු තුනකි. අනිකුදූ ධාතු නම් කාම, රූප, අරුප යන තුනය. රූප, අරූප, නිරෝධ යන ධාතු තුනය. හීන, මධ්‍යම, ප්‍රණීත (ශ්‍රේෂ්ඨ) යන ධාතු තුනයි.´´

´´තෘෂ්ණා තුනක් වෙත්. කාම, භව, විභව යන තෘෂ්ණා තුනයි. අනිකදු තෘෂ්ණා නම් කාම, රූප, අරූප තෘෂ්ණාය. රූප, අරූප, නිරෝධ තෘෂ්ණාය.´´

´´සත්කාය දෘෂ්ටිය (ආත්මය පිළිබඳ වැරදි දැකීම), විචිකිච්චාව (සැකය), සීලබ්බත පරාමාසය (ශාසනයෙන් බැහැර සිල් ව්‍රත දෘෂ්ටි වශයෙන් ගැනීම), යන සංයෝජන (කෙලෙස් බැමි) තුනක් වෙත්.´´

´´කාම, භව, අවිද්‍යාශ්‍රවයයි ආශ්‍රව තුනක් වෙත්. කාම, රූප, අරූප භවයයි භව තුනක් වෙත්.´´

´´කාමෙසනය, භවෙසනය, බ්‍රහ්මචරියෙසනය (මිත්‍යාදෘෂ්ටි වශයෙන් බ්‍රහ්මචර්යාව සොයන ආශාව) යන එසන (සෙවීම්) තුනක් වෙත්.´´

´´මම ශ්‍රේෂ්ඨයෙක් වෙමියි යන මානය, මම සමානයෙක් වෙමියි යන මානය, මම හීනයෙක් (පහත් කෙනෙක්) වෙමියි යන මානය යි මාන තුනක් වෙත්.´´

´´අතීත, අනාගත, වර්තමාන යන කාල තුනකි.´´

´´සක්කාය අන්තය (උපාදානස්කන්ධ පස නැමැති කොටස), සක්කාය සමුදය අන්තය (උපාදානස්කන්ධ පසට හේතුවූ තණ්හාව නැමැති කොටස), සක්කාය නිරෝධ අන්තය (නිර්වාණ නැමැති කොටස) යි අන්ත (කොටස්) තුනෙකි.´´

´´සැප, දුක්, උපේක්ඛා යි වේදනා තුනකි.´´

´´දුක්ඛ දුක්ඛතාව (දුක් වේදනාව), සංඛාර දුක්ඛතාව (උපේක්ඛා වේදනාව), විපරිනාම දුක්ඛතාව (සුඛ වේදනාව) යි දුක්ඛතා තුනකි.´´

´´මිච්චත්තිනියත රාසිය (නියත මිත්‍යා දෘෂ්ටිය සහ ආනන්තරිය කර්ම), සම්මන්තනියත රාසිය (සතර ආර්යය මාර්ගය), අනියත රාසිය (නියත මිත්‍යාදෘෂ්ටි ආනන්තරිය කර්ම හැර ඉතිරි ධර්ම) යන රාසි තුනකි.´´

´´ඉකුත් කාලය, අනාගත කාලය, දැන පවත්නා කාලය ගැන හෝ සැක කරයි, සැක උපදවයි, නිශ්චය නොකරයි, නොපහදයි යන සැක තුනක් වෙත්.´´

´´තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු තුනක් වෙත්. මාගේ මෙය (දුශ්චරිතය) අන්‍යා නොදනීවායි රැක්කයුතු දුශ්චරිතයක් තථාගතයන් වහන්සේට නැත. තථාගත තෙමේ පිරිසිදු කාය, වාක්, පිරිසිදු මනො සමාචාර ඇත්තේය යන මේ තුනයි.´´

´´රාග, දෝෂ, මෝහ යන පළිබෝධ තුනයි.´´

´´රාග, ද්වේශ, මෝහ ගින්න යන තුනයි. දනිකුදු ගිනි තුනක් වෙත්. ආහුණෙය්‍ය ගින්නය (මවුපියන්), ගෘහපති ගින්නය (ස්වාමිපුර්ෂයා), දක්ඛණෙය්‍ය ගින්නය (භික්‍ෂු සංයා) යන තුනයි.´´

´´තුන් ආකාරයකින් රූප සංග්‍රහ වේ. දැකීම් සහිත හැපීම් සහිත රූපය, දැකීම් රහිත හැපීම් සහිත රූපය, දැකීම් රහිත හැපීම රහිත රූපය යන තුනයි.´´

´´සංස්කාර තුනක් වෙත්. පුණ්‍යාභිසංස්කාරය, අපුණ්‍යාභිසංස්කාරය, ආනෙඤ්ජාභිසංස්කාරය, (සතර වැදෑරුම් අරූපාවචර කුශල චේතනා) යන තුනයි.´´

´´පුද්ගලයෝ තුන් දෙනෙක් වෙත්. සෙඛ (අර්හත් ඵලය හැර ඉතිරි මාර්ග ඵලයන්ට පැමිණි ආර්යයෝ සත්දෙන) පුද්ගලයා, අසෙඛ (අර්හත් ඵල ලැබූ) පුද්ගලයා, නෙවසෙඛ නාසෙඛ (සෙඛත් නොවන අසෙඛත් නොවන පෘතග්ජන) පුද්ගලයා යන තුන්දෙනායි.´´

´´ස්ථවිරයන් තිදෙනෙකි. ජාති ථෙර (මහලු ගිහියා), ධම්ම ථෙර (සීලාදි ථෙර කරණිය ධර්මයන්ගෙන් යුත් භික්‍ෂුව), සම්මුති ථෙර (නමින් ථෙර ථෙරයි කියනු ලබන භික්‍ෂුව) යන තුන්දෙනායි.´´

´´දානමය සීලමය භාවනාමය පුණ්‍යක්‍රියා තුනකි.´´

´´දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන්යයි චෝදනා වස්තු තුනකි.´´

´´කාම සම්පත් ලැබීම් තුනක් වෙත්. ඉදිරියට පැමිණි අරමුණුවලින් කම්සැප විඳින්නා, මවන ලද කාම සම්පත් ඇත්තා, අනුන් විසින් මවනලද කාම සම්පත් ඇත්තා.´´

´´සුඛොත්පත්ති (සැප ලැබීම්) තුනක් වෙත්. ධ්‍යාන සැප උපදවා සැප විඳින්නා, ධ්‍යාන සැපයෙන් තෙත්වූ හාත්පසින් තෙත්වූ සම්පූර්ණවූ පැතිර ගියාවූ සැප විඳින්නා, සැපයෙන් තෙත්වූ හාත්පසින් තෙත්වූ ගැවසුනාවූ පිරුණාවූ පැතිර ගියාවූ ඇත්තා. ප්‍රඥා තුනක් වෙත්. ශෛක්‍ෂ අශෛක්‍ෂ නෙවසෙක්ඛ නාසෙක්ඛ ප්‍රඥාව යන තුනයි. අනිකුදු ප්‍රඥා තුනක් වෙත්. චිත්තාමය (සිතීමෙන් ලබන) ප්‍රඥාව, සුතමය (ඇසීමෙන් ලබන) ප්‍රඥාව, භාවනාමය (භාවනා කිරීමෙන් ලබන) ප්‍රඥාව යන තුනයි.´´

´´ආයුධ තුනක් වෙත්. ධර්මය ඇසීමෙන් ලබන නුවණ නැමැති ආයුධය, කාය විවේක චිත්ත විවේක උපධි විවේක, යන ත්‍රිවිධ විවේක නැමැති ආයුධය. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව නැමැති ආයුධය යන තුනයි.´´

´´ඉන්ද්‍රිය තුනක් වෙත්. සොතාපත්ත මාර්ගඥානය, සෝවාන් ඵලයෙහි පටන් අර්හත් මාර්ගය දක්වා ඇති ඥාන සය, අර්හත් ඵලය යන තුනයි.´´

´´ඇස් තුනක් වෙත්. භික්‍ෂු ශීලය, විදර්ශනා පාදක ධ්‍යාන, විදර්ශනා ප්‍රඥාව යන තුනයි.´´

´´ශික්‍ෂා තුනක් වෙත්. කාය භාවනා චිත්ත භාවනා (අෂ්ඨ සමාපත්ති) පඤ්ඤා භාවනා (අර්හත් ඵල ප්‍රඥාව) යන තුනයි.´´

´´සියල්ලට උසස් ධර්ම තුනක් වෙත්. විදර්ශනා ඥානය, මාර්ග ඥාන, ඵල ඥාන යන තුනයි.´´

´´සමාධි තුනක් වෙත්. විතර්කය හා විචාරය සහිත සමාධිය, විතර්කය නැති විචාරය පමණක් ඇති සමාධිය, විතර්ක විචාර දෙකක් නැති සමාධිය යන තුනයි. අනිකූදු සමාධි තුනක් වෙත්. අනාත්ම දක්නා, අනිත්‍යය දක්නා, දුක දක්නා විදර්ශනා සමාධිය යන තුනයි.´´

´´පිරිසිදු බැව් ඇති කරන්නාවූ ධර්ම තුනක් වෙත්. කාය වචී මනො සොචෙය්‍ය යන තුනයි.´´

´´(මුනි භාවය කරන්නාවූ) ධර්ම තුනක් වෙත්. කාය වචී මනො මොනෙය්‍ය තුනයි.´´

´´දක්‍ෂකම් තුනක් වෙත්. කුශලයන්ගේ විනාශය දක්නා ප්‍රඥා (උපාය) තැනට සුදුසු නුවණ යන මේ තුනයි.´´

´´ආරෝග්‍ය මදය, තරුණ මදය, ජාති (උසස් ජාතියකය යන) මදය යන තුනයි.´´

´´අධිපති කම් තුනක් වෙත්. තමා අධිපති කොට ඇති බව ලෝකයා අධිපති කොට ඇති බව, ධර්මය අධිපති කොට ඇති බව යන තුනයි.´´

´´කථා වස්තු තුනක් වෙත්. අතීත කාලය ආනාගත කාලය දැන් මේ කාලය ගැන හෝ කථා කියන්නේය යන තුනයි.´´

´´විද්‍යා තුනක් වෙත්. පෙර විසූ ජාති පිළිවෙළ දැනීමේ විද්‍යාව, සත්වයන්ගේ චුති උප්පත්ති දැනීමේ විද්‍යාව, කෙළෙස් නැති කරන ප්‍රඥාව වන විද්‍යාව යන තුනයි.´´

´´විහරණ (පැවතුම්) තුනක් වෙත්. දිව්‍ය බ්‍රහ්ම ආර්ය විහරණය (ඵල සමාපත්තිය) යන තුනයි.´´

´´ප්‍රතිහාර්ය තුනක් වෙත්. ඎධි ආදේශනා අනුශාසනී ප්‍රාතිහාර්ය යන තුනයි.´´

´´ඇවැත්නි, සතර ධර්ම කෙනෙක් ඇත්තාහ. ඒ කවර සතර ධර්ම කෙනෙක්ද?´´

´´සතිපට්ඨාන සතරක් වෙත්. ලෝභය හා ද්වේශය දුරුකොට ශරීරයෙහි, වේදනාවන්හි, චිත්තයෙහි, ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කරයි යන සතර ධර්මයෝයි.´´

´´සම්‍යක් ප්‍රධාන සතරක් වෙත්. නූපන්නාවූ ලාමකවූ අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස, උපන්නාවූ ලාමක අකුසල ධර්මයන්ගේ නැති කිරීම පිණිස, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම වැඩිවීම පිණිස භාවනාවෙන් සම්පූර්ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්යය පටන් ගනියි, සිත දැඩිකොට ගනියි යන මේ සතරයි.´´

´´ඎධිපාද සතරක් වෙත්. ඡන්ද සමාධිය චිත්ත සමාධිය, වීර්යය සමාධිය, විමංසා සාමාධිය ප්‍රධාන කොට ඇති සංස්කාරයන් ගෙන් යුක්තවූ ඎධිපාදය වඩයි යන සතරයි.´´

´´ධ්‍යාන සතරක් වෙත්. ප්‍රථම ධ්‍යානය ද්විතීය ධ්‍යානය තෘතීය ධ්‍යානය සතරවන ධ්‍යානය යන සතර ධ්‍යානයෝය.´´

´´සමාධි භාවනා සතරක් වෙත්. ඇවැත්නි, මේ ආත්මයෙහි සැප විහරණය පිණිස පවත්නා සමාධි භාවනා, ඥාන දර්ශන (දිව්‍ය චක්‍ෂුරභිඥානය) ප්‍රතිලාභය පිණිස පවතින සමාධි භාවනාව, සිහිය හා ඥානය පිණිස පවතින සමාධි භාවනාව, කෙලෙස් ක්‍ෂය කිරීම පිණිස පවතින සමාධි භාවනාව, සමාධි භාවනා සතරක් වෙත්.´´

´´ප්‍රමාණ කළ නොහැකි සත්වයන් කෙරෙහි පවත්නා ධර්ම සතරක් වෙත්. මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි යන සතරයි.´´

´´අරූප ධ්‍යාන සතරක් වෙත්. ආකාසානඤ්චායතන ධ්‍යානය, විඥානඤ්චායතන ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය යන සතරයි.´´

´´ආධාර සතරක් වෙත්. නුවණින් දැන සේවනය කළයුත්ත සේවනය කරයි. ඉවසිය යුත්තක්ම ඉවසයි. දුරු කළ යුත්තක්ම දුරු කරයි. පහකළ යුත්තක්ම පහ කරයි. (යන සතරයි)´´

´´ආර්ය වංශ සතරක් වෙත්. ලැබුණ කවර හෝ සිවුරකින් සතුටු වෙයි. සිවුරක් නොලැබුණේද නොකලකිරෙයි. සිවුරක් ලැබුණේද එහි නොඇලී මුසපත් නොවී තණ්හාවෙන් නොබැඳී පරිභෝග කරයි. ඒ චීවර සංතෝෂයෙන්ද තමා උසස් නොකෙරෙයි. අනුන් පහත් නොකෙරෙයි. එසේම පිණ්ඩපාතයද, සේනාසනද භාවනාවද ලැබ නුවණින් යුක්තව පරිභෝග කරයි. මේ මහණ තෙම පැරණිවූ අග්‍රයයි දන්නාවූ ආර්ය වංශයෙහි සිටියේයයි කියනු ලැබේ.´´

´´ප්‍රධාන (උතුම් වීර්යය) සතරක් වෙත්. සංවර ප්‍රධානය, කාම විතර්කාදීන් දුරු කරන්නහුට උපන් වීර්යය භාවනා ප්‍රධානය, සමාධි නිමිත්ත රක්නහුට උපන් වීර්යය යන සතරයි.´´

´´ඤාන සතරක් වෙත්. ධර්මයෙහි ඤාණය (චතුස්සත්‍ය දක්නා ඥානය අනුව ගිය ඥානය) අනුන්ගේ සිත් පිරිසිඳ දැන ගන්නා ඥානය, සම්මුතියෙහි ඤානය (අවශේෂ ඥාන) (යන සතරයි.) ´´අන්‍යවූද ඤාන සතරක් වෙත්! දුකෙහි ඤානය, දුක් හටගැන්මෙහි ඤානය, දුක් නැති කිරීමෙහි ඤානය, දුක් නැති කිරීමට පිළිපදින මාර්ගයෙහි ඤානය (යන සතරයි.)´´

´´සෝවාන් මාර්ගයට අංග සතරක් වෙත්. සත්පුර්ෂ සේවනය, සද්ධර්ම ශ්‍රවනය, නුවණින් කල්පනා කිරීම (ලෝකෝත්තර ධර්ම අනුව පිළිපැදීම) (යන සතරයි.)´´

´´සෝවාන් වූවහුගේ අංග සතරක් වෙත්. බුදුන් කෙරෙහි ධර්මය කෙරෙහි සංයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. තණ්හා දිට්ඨි දෙකෙන් අල්ලා ගැනීම නොකරන ලද්දාවූ, සමාධිය පිණිස පවත්නාවූ, සීලයෙන් යුක්තවූයේ යයි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි. (යන සතරයි.)´´

´´මහණකමෙහි ඵල සතර සෝවාන් සකෘදාගාමී, අනාගාමී රහත් ඵල වෙත්.´´

´´ධාතු සතර පෘථිවි, ආපෝ, තේජෝ, වායෝ වෙත්.´´

´´ආහාර සතර මහත්වූ හෝ සියුම්වූ හෝ පිඬු වශයෙන් ගන්නා ආහාරය, දෙවෙනි ඵස්සාහාර (ස්පර්ශය), තුන්වෙනි මනොසඤ්චේතනාහාරය (චේතනාව), සතරවෙනි විඤ්ඤාණාහාරයයි (සිත) (යන සතරයි.)´´

´´විඤ්ඤාණ පැවැතුම් සතරක් වෙත්. රූපය උපාය (පිහිට) කොට හෝ, වේදනාව උපාය කොට හෝ, පවත්නාවූ විඤ්ඤාණය පවතියි. සංස්කාරය අරමුණු කොට සංස්කාරය ප්‍රතිෂ්ඨා කොට, තෘෂ්ණවෙන් ඉසින ලද (විඤ්ඤාණය) වැඩීමට, නැගීමට මහත් භාවයට පැමිණේ. (යන සතරයි)´´

´´අගති ගමන සතරක් වෙත්. ඡන්දයෙන් ද්වේශයෙන් භයින් මෝහයෙන් අගතියට යයි.´´

´´තෘෂ්ණා ඉපදීම් සතරක් වෙත්. චීවර හේතුවෙන් හෝ පිණ්ඩපාත හේතුවෙන් හෝ සේනාසන හේතුවෙන් හෝ මෙසේ භවාභව හේතුවෙන් හෝ භික්‍ෂූහට උපදින තෘෂ්ණාව උපදියි. (යන සතරයි)´´

´´පිළිපැදීම් සතරක් වෙත්. වහා (මාර්ග ඵල) අවබෝධ නොකරන්නාවූ දුක්වූ ප්‍රතිපදාවය, වහා අවබෝධ කරන්නාවූ දුක්වූ ප්‍රතිපදාවය, වහා අවබෝධ නොකරන්නාවූ සැපවූ ප්‍රතිපදාවය, වහා අවබෝධ කරන්නාවූ සැපවූ ප්‍රතිපදාවය (යන සතරයි.) අනිකුදු ප්‍රතිපදා සතරක් වෙත්. ශීත උෂ්ණාදිය නොඉවසන ප්‍රතිපදාවය, ශීතාදිය ඉවසන ප්‍රතිපදාවය, ඉන්ද්‍රියන් දමනය කරන ප්‍රතිපදාවය, කෙලෙස් සංසිඳවන ප්‍රතිපදාවය.´´

´´ධර්ම පද කොටස් සතරක් වෙත්. අලෝභය අද්වේෂය සිහිය සමාධිය මුල් කොට උපදවන ධර්ම කොටස් සතර´´

´´ධර්ම සමාදාන සතරක් වෙත්. වර්තමානයෙහි දුක්වූද මත්තෙහි දුක් විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි දුක්වූද මත්තෙහි සැප විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි සැපවූද මත්තෙහි දුක් විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය. වර්තමානයෙහි සැපවූද මත්තෙහි සැප විපාක ඇත්තාවූද ධර්ම සමාදානයක් ඇත්තේය.´´

´´ධරමස්කන්ධ (ධර්ම සමූහ) සතරක් වෙත්. සීල, සමාධි, ප්‍රඥා විමුක්ති ස්කන්ධ යන සතරයි.´´

´´බල සතරක් වෙත්. වීර්යය, ස්මෘති, සමාධි, ප්‍රඥා බල වෙත්.´´

´´අධිෂ්ඨාන සතරක් වෙත්. ප්‍රඥා, සත්‍ය, ත්‍යාග, ව්‍යපසම (සංසිඳීම) අදිෂ්ඨාන වෙත්.´´

´´ප්‍රශ්න විසඳීම් සතරක් වෙත්. ඒකාන්තයෙන් විසඳීය යතුවූ ප්‍රශ්නය, අසා බලා විසඳිය යුතුවූ ප්‍රශ්නය, බෙදා විසඳිය යුතුවූ ප්‍රශ්නය, (නොවිසඳා) තැබිය යුතුවූ ප්‍රශ්නය (යන සතරයි.)´´

´´කර්ම සතරක් වෙත්. නරක විපාක පව් පලදීම් ඇත්තාවූ කර්මයක් ඇත. ශුක්ලවූ හොඳ විපාක ඇත්තාවූ කර්මයක් ඇත්තේය. නරක හා හොඳවූද නරක හා හොඳ විපාක ඇත්තාවූද කර්මයක් ඇත. නරක නොවූ හොඳ නොවූද නරක හා හොඳ නොවූ විපාක ඇත්තාවූද කර්මයක් ඇත.´´

´´ප්‍රත්‍යක්‍ෂ කටයුතුවූ ධර්ම සතරක් වෙත්. යට ජාතිවල සිටි තැන් සිහි කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. සත්වයන්ගේ මිය යෑම හා ඉපදීම දිවැසින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. සමග එක්ව උපන් නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. කෙලෙස් අවසන් කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය. (යන සතරයි)´´

´´ඕ (සැඩ පහර) සතරක් වෙත්. කාමෝය, භවෝය, දිට්ඨෝය, අවිජ්ජෝය වෙත්.´´

´´යෝග (යෙදීම්) සතරක් වෙත්. කාම, භව, දිට්ඨි, අවිජජා යෝග වෙත්.´´

´´ක්ලේශ සම්බන්ධ නැති කිරීම් සතරක් වෙත්. කාම යෝගයන්ගේ විසංයෝගය, භව යෝගයන්ගේ විසංයෝගය, දිෂ්ටි යෝගයන්ගේ විසංයෝගය, අවිද්‍යා යෝගයන්ගේ විසංයෝගය වෙත්.´´

´´ග්‍රන්ථ (ගැට හෝ බැමි) සතරක් වෙත්. අභිධ්‍යා ව්‍යාපාද සීලබ්බතපරාමාස ඉදං සච්චාභිනිවෙස (මෙයම සත්‍යය අනික හිස්සසයි මෙසේ පවතින දෘෂ්ටිය) කාය ග්‍රන්තය යන (සතරයි).´´

´´උපාදාන (දැඩි ලෙස ගැනීම්) සතරක් වෙත්. කාම, දිට්ඨි, උපාදානය, සීලබ්බත අන්තවාද උපාදානය (යන සතරයි).´´

´´යෝනි (උප්පත්ති ක්‍රම) සතරක් වෙත්. බීජයෙන් උපදින උප්පත්තිය, මවු කුසයෙන් උපදින උප්පත්තිය, කුණු රොඩු ආදියෙහි උප්පත්තිය, ඕපපාතික (එක්වර පහළවන) උප්පත්තිය යන උප්පත්ති වෙත්.´´

´´ගැබ් පිළිසිඳීම් සතරක් වෙත්. ඇතැමෙක් දැනුමක් නැතිවම මවුකුස පිළිසිඳ ගනිති. මවුකුසෙහි සිටිති. මවුකුසින් නික්මෙති. දැනගෙනම මවුකුස පිළිසිඳ ගනියි. නොදැන මවුකුසෙහි සිටියි. නොදැන මවුකුසින් නික්මෙයි. දැනගෙනම මවුකුස පිළිසිඳ ගනියි. දැනගෙනම මවුකුසෙහි සිටියි. නොදැන මවුකුසින් නික්මෙයි. දැනගෙනම පිළිසිඳ ගැනීම් වශයෙන් මවුකුසට බැසගනියි. දැනගෙනනම මවුකුසෙහි සිටියි. දැනගෙනම මවුකුසින් නික්මෙයි.´´

´´උප්පත්ති ලැබීම් සතරක් වෙත්. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීම් කරණකෙටගෙනම චුතවෙයිද, අනුන්ගේ මෙහෙයීම හේතුකොටගෙන චුත නොවෙයිද, එබඳු උප්පත්තියක් ඇත. යම් උප්පත්තියෙක්හි අනුන්ගේ මෙහෙයීම් නිසා චුතවන්නේද, තමාගේ මෙහෙයීමෙන් චුතනොවන්නේද, එබඳු උප්පත්තියක් ඇත. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුතවන්නේද එබඳු උප්පත්තියක් ඇත්තේය. යම් උප්පත්තියෙක්හි තමාගේ මෙහෙයීමත් අනුන්ගේ මෙහෙයවීමත් නිසා චුත නොවන්නේද, එබඳු උප්පත්තියක් ඇත යන (සතරයි).´´

´´දානය පිරිසිඳුවන ක්‍රම සතරක් වෙත්. ඇවැත්නි, දායකයා කෙරෙන් පිරිසිදුවන, පිළිගන්නා කෙරෙන් පිරිසිදු නොවන දානය, පිළිගන්නා කෙරෙන් පිරිසිදු වන දායකයා කෙරෙන් පිරිසිදු නොවන දානය, දායකයා කෙරෙන් පිරිසිදු නොවන පිළිගන්නා කෙරෙන් පිරිසිදු නොවන දානය, දායකයා කෙරෙනුත් පිළිගන්නා කෙරෙනුත් පිරිසිදුවන දානය (යන සතරයි).´´

´´සංග්‍රහ වස්තු සතරක් වෙත්. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව (හිතවැඩෙහි හැසිරීම), සමානාත්මතාවය වෙත්.´´

´´උතුම් නොවන ව්‍යවහාර සතරක් වෙත්. මුසාවාදය, කේලාම් වචන කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය වෙත්.´´

´´ආර්යයන්ගේ ව්‍යවහාර සතරක් වෙත්. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස්වූ කථාවෙන් වැළකුම් වෙත්. උතුම් නොවූ ව්‍යවහාර සතරක් වෙත්. නුදුටු දෙය දුටුවෙමියි කීමය, නොඇසූ දෙය ඇසුවෙමියි කීමය, නොහැඟුන දෙය හැඟීමයි කීමය, නොදන්නා ලද්ද දන්නෙමියි කීමය. උතුම්වූ ව්‍යවහාර සතරක් වෙත්. නුදුටු දෙය නුදුටුමියි කීමය, නොඇසූ දෙය නොඇසීමියි කීමය, නොහැඟුන දෙය නොහැඟිමියි කීමය, නොදන්නා ලද්ද නොදනිමියි කීමය. ආනාර්යය ව්‍යවහාර සතරක් වෙත්. දුටු දෙය නුදුටිමියි කීමය, ඇසූ දෙය නොඇසීමියි කීමය, හැඟි දෙය නොහැඟීමයි කීමය, දන්නා ලද්ද නොදනිමියි කීමය. ආර්යය ව්‍යවහාර සතරක් වෙත්. දුටු දෙය දුටුවෙමියි කීමය, ඇසූ දෙය ඇසීමියි කීමය, හැඟි දෙය හැඟිමියි කීමය, දන්නා ලද්ද දනිමියි කීමය (යන සතරයි).´´

´´පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. (1) ඇතැම් පුද්ගලයෙක් තමහට තැවීම් ඇතිකිරීමෙහි යෙදුනේ තමා තවන්නෙක් වෙයි. අන්‍යයන් තැවීමෙහි යෙදුනේ අනුන් තවන්නෙක් වෙයි. තමා තැවීමෙහි යෙදුනේ තමන් තවන්නෙක්ද අන්‍යයන් තැවීමෙහි යෙදුනේ අනුන් තවන්නෙක් වෙයි. තමා තැවීමෙහි නොයෙදුනේ තමන් නොතවන්නෙක්ද අන්‍යයන් තැවීමෙහි නොයෙදුනේ අනුන් නොතවන්නෙක් වෙයි.

(2) ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිස පිළිපදින්නේ වේ. අනුන්ට හිත පිණිස නොපිළිපදින්නේ වේ. ඇතැම් පුද්ගලයෙක් අනුන්ට හිත පිණිස පිළිපදින්නේ වෙයි. තමහට හිත පිණිස නොපිළිපදියි. ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිස නොපිළිපදියි. අනුන්ට හිත පිණිසද නොපිළිපදියි. ඇතැම් පුද්ගලයෙක් තමහට හිත පිණිසද පිළිපදින්නේ වෙයි. අනුන්ට හිත පිණිසද පිළිපදින්නේ වෙයි.

(3) අඳුරෙන් අඳුරට යන පුද්ගලයාය, අඳුරෙන් එලියට යන පුද්ගලයාය, එලියෙන් අඳුරට යන පුද්ගලයාය, එලියෙන් එලියට යන පුද්ගලයාය.

(4) සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් පුද්ගලයාය යන සතර දෙනායි.´´

´´ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මයෝ පස් දෙනෙක් වෙත්.´´

´´ඒ කවර ධර්ම පසක්ද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානස්කන්ධයයි ස්කන්ධ පසක් වෙත්.´´

´´උපාදානස්කන්ධ (තණ්හා දිට්ඨි දෙකෙන් අල්වාගනු ලබන ස්කන්ධ) පසකි. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන, උපාදාන ස්කන්ධයෝ වෙත්.´´

´´කාමගුණ පසකි. කැමතිවූ, මනාපවූ, ප්‍රියවූ, කාමයන් ඇසුරුකධාවූ, ඇළුම් කටයුතුවූ, ඇසින් දැනගතයුතුවූ රූපයෝ, කණින්දැන ගතයුතුවූ ශබ්දයෝ, නාසයෙන් ආ්‍රානය කටයුතුවු ගන්ධයෝ, දිවෙන් දැනගතයුතුවූ රසයෝ, කයින් දැන ගත යුතුවූ ස්පර්ශයෝ වෙත්.´´

´´ගති පසක් වෙත්. නිරය, තිරිසන් යෝනිය, ප්‍රෙත ආත්මය, මනුෂ්‍යයෝය, දෙවියෝය (යන පසයි). මසුරුකම් පසක් වෙත්. ආවාස, කල, ලාභ, වර්ණ, ධර්ම මසුරුකම යන පසයි. නීවරණ (වැළකීම්) පසක් වෙත්. කාමච්ඡන්ද, ව්‍යපාද, ථිනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්චා නීවරණ (යන පසයි).´´

´´ඕරම්භාගිය සංයෝජන පසක් වෙත්. සත්කාය දෘෂ්ටිය (මමය මාගේය යන හැඟීම), විචිකිච්චාව (සැකය), සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය (යන පසයි).´´

´´උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. රූප රාගය, අරූප රාගය, මානය, උද්දච්චය, අවිජ්ජාය (යන පසයි).´´

´´ශික්‍ෂාපද පසක් වෙත්. ප්‍රාණාතයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාපානයෙන් වැළකීම යන පසයි. නුසුදුසු කරුණු පසක් වෙත්. රහත්වූ මහණතෙම දැනගෙන සතෙකු නැසීමට නුසුදුසු වේ. නුදුන් දෙයක් සොර සිතින් ගැනීමට, මෛථුන සේවනයට, දැන දැන බොරු කීමට, රැස්කර තබාගෙන කාම වස්තූන් පරිභෝග කරන්ට නුසුදුසු වේ යන පසයි. විනාශ පසක් වෙත්. ඤාති, භෝග, රෝග, ශීල, දෘෂ්ටි විනාශ යන පසයි. සම්පත් පසක් වෙත්. ඥාති, භෝග, ආරොග්‍ය, ශීල, දෘෂ්ටි යන පසයි.´´

´´දුස්සීලයාගේ ශීල විපත්තියෙහි ආදීනව පසක් වෙත්. මහත් වස්තු විනාශයට පැමිණේ. අපකීර්තිය පැණ නගියි. කිසියම් පිරිසකට පැමිණෙයි නම් භයින් හැකිලී පැමිණෙයි. සිහි මුළාවී මැරෙයි. මරණින් මතු අපායෙහි උපදියි.´´

´´සිල්වත්හුගේ ශීල සම්පත්තියෙහි ආදීනව පසක් වෙත්. මහත්වූ වස්තු රාශියට පැමිණේ. යහපත් කීර්තිය පැණ නගියි. කිසියම් පිරිසකට පැමිණෙයි නම් භය නැතිව එඩිතරව පැමිණෙයි. සීල සම්පන්නවූ සිල්වත් තෙමේ සිහි මුළා නොවූයේ මැරෙයි. මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදියි.´´

´´ඇවැත්නි, අනුන්ට චෝදනා කරණු කැමතිවූ භික්‍ෂුව විසින් ධර්ම පසක් තමා කෙරෙහි පිහිටුවා අන්‍යයාට චෝදනා කටයුත්තේය. සුදුසු කාලයෙහි කියන්නෙමි. නුසුදුසු කාලයෙහි නොකියන්නෙමි. වූවක් කියන්නෙමි. නුවූවක් නොකියන්නෙමි. මිහිරි බසින් කියන්නෙමි. ඵරුෂ බසින් නොකියන්නෙමි. අර්ථයෙන් යුක්තවූවක් කියන්නෙමි. අනර්ථයෙන් යුක්තවූවක් නොකියනෙමි. මෛත්‍රියෙන් කියන්නෙමි. ක්‍රෝධයෙන් නොකියන්නෙමි යන පසයි.´´

´´වීර්යය කරණ මහණහුගේ අංග පසක් වෙත්. ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයි. ස්වල්ප ආබාධ ඇත්තේ ඉතා ශීතද නොවූ ඉදා උෂ්ණද නොවූ මධ්‍යමවූ වීර්යයට සුදුසුවූ සමව ආහාර දිරවන ගින්නෙන් යුක්ත වූයේ වෙයි. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැත්තාවූ එකට වාසය කරන භික්‍ෂූන් කෙරෙහි හෝ තමා පිළිබඳ කරුණු ඇති සැටියෙන් ප්‍රකාශ කරන කපටි නොවූ රැචටිලි නැත්තෙක් වෙයි. අකුසල් දුරු කිරීම පිණිස කුසල් වැඩීම පිණිස ශක්ති ඇතිව දැඩිවූ වීර්යය ඇතිව කුසල ධර්මයන්හි අත්නොහරින ලද වීර්යය ඇතිව පටන් ගන්නා ලද වීර්යය ඇත්තෙක් වෙයි. ආර්යයවූ කලකිරීම ඇතිකරන්නාවූ හොඳින් දුක් නැති කිරීමට පමුණුවන්නාවූ ඇතිවීම හා නැතිවීම දක්වන ප්‍රඥාවෙන් යුක්තවූයේ ප්‍රඥාව ඇත්තේ වෙයි. (යන පසයි)´´

´´සුද්ධාවාස පසක් වෙත්. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සීය, අකනිට්ඨය (යන පසයි).´´

´´අනාගාමීහූ පස් දෙනෙක් වෙත්. අන්තරා පරිනිබ්බායීය, උපහච්ච පරිනිබ්බායීය, අසංඛාර පරිනිබ්බායීය, සසංඛාර පරිනිබ්බායීය, උද්ධංසෝත අකනිට්ඨාගාමීය වෙත්.´´

6. ´´චිත්තයාගේ තද බැව් පසක් වෙත්. යම් මේ භික්‍ෂුතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි සලෙ කෙරේද, විචිකිච්චා උපදවාද, නිශ්චය නොකෙරේද, නොපහදීද, ඔහුගේ සිත වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමෙයි. ශික්‍ෂාවෙහි සැක කරයි. විචිකිච්චා උපදවයි. යම් මේ මහණෙක්

සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත් ඇත්තේ නැසුනු සිත් ඇත්තේ හටගත් හුල් ඇත්තේ වේද සිත වීර්යය පිණිස, ප්‍රධානය පිණිස නොනැමේ. යමෙකුගේ සිත වීර්යය අනුයොගය පිණිස නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමේ.

´´ සිත පිළිබඳ බැමි පසක් වෙත්. තමාගේ කයෙහි අන්‍යවූ රූපයෙහි, නිදන සැපයෙහි, කාමයන්හි දෙවි කොටසක් පැතීමෙහි, කාමයන්හි කයෙහි පහව නොගිය රාගය, ඡන්දය, ප්‍රේමය, පිපාසා, දැවිල්ල පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වෙයි.´´

´´ඉන්ද්‍රිය පසක් වෙත්, චක්‍ෂු, ශ්‍රොත, ාණ, ජිව්හා, කාය ඉන්ද්‍රිය වෙත්. අනිකුදු ඉන්ද්‍රිය පසක් වෙත්. සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපෙක්‍ෂා ඉන්ද්‍රිය වෙත්. අනිකුදු පසක් වෙත්. ශ්‍රධා, වීර්යය, ස්මෘති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය වෙත්.´´

´´නිස්සරණිය ( නික්මීම ) ධාතු පසක් වෙත්. සිත කාමයන් කෙරෙන් නික්මීම, ව්‍යාපාදයෙන් නික්මීම, විහින්සාව කෙරෙන් නික්මීම, රූපයන් කෙරෙන් නික්මීම, පඤච උපාදාන ස්කන්ධයන් කෙරෙන් නික්මීම.´´

´´විමුත්තායතන ( මිදීමට කරුණු ) පසක් වෙත්,

(1) බුද්ධ ධර්මය දන්නාවූ භික්‍ෂුහට සතුට, ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(2) භික්‍ෂුතෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(3) මහණ තෙම ඇසූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයිද බුද්ධ ධර්මය දැනගත්තේද වෙයි. ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(4) මහණ තෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද, විමසා බලාද,සලකා බලාද, හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, බුද්ධ ධර්මය දැනගත්තේද වෙයි, ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.

(5) භික්‍ෂුව විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්නා ලද්දේ, හොඳින් මෙනෙහිකරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ වේද, හෙතෙම අර්ථය දැනගත්තාවූද බුද්ධ ධර්මය දැනගත්තාවූද, ඔහුට සතුට උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි.´´

´´විමුක්තිය ( රහත් බව ) මුහුකුරු වන්නාවූ සංඥා ( හැගීම් ) පසක් වෙත්. අනිත්‍ය සංඥාය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාය, දුකෙහි අනාත්ම සංඥාය, ප්‍රහාණ සංඥාය, විරාග සංඥාය යන පසයි.´´

7. ´´ භාග්‍යවතුන් වහන්සේ විසින් යහපත් කොට ප්‍රකාශ කරන ලද්දාවූ සවැදැරුම් ධර්ම කෙනෙක් වෙත්.´´

´´ අධ්‍යාත්මික ( තමාකොට ගන්නා ) ආයතන ( කෙලෙස් උපදින හෙතු ) සයක් වෙත්. චක්ඛු ආයතනය (ඇස,) සෝත ආයතනය (කණ,) ාණ අයතනය (නාසය,) ජිව්හා ආයතනය (දිව,) කාය ආයතනය (ශරීරය,) මනො ආයතනය (හිත) යන සයයි.

´´ බාහිරවූ ආයතන සයක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම ආයතන යන සයයි.´´

´´ විඤ්ඤාණ කාය ( සිත් සමූහ ) සයක් වෙත්. වක්ඛු, සොත, ාණ, ජිව්හා, කාය, මනොවිඤඤාණය යන සයයි.´´

´´ස්පර්ශකායයෝ ( ස්පර්ශ සමූහ ) සයක් වෙත්. චක්ඛු, සොත, ාණ, ජිව්හා, කාය, මනොසම්ඵස්සය යන සයයි.´´

´´වෙදනා කායයෝ ( විදීම් සමූහ ) සයක් වෙත්. චක්ඛු, සොත, ාණ, ජිව්හා, කාය, මනො සම්ඵස්සයෙන් හටගත් විදීම යන සයයි.´´

´´ සංඥා කායයෝ ( සංඥා සමූහ ) සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මසංඥාය යන සයයි.´´

´´ සිත මෙහෙයවීම් සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධර්ම සඤ්වෙතනා යන සයයි.´´

´´ තෘෂ්ණා ( ආශා සමූහ ) සදෙනෙක් වෙත්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තෘෂ්ණාය යන සදෙනාය.´´

´´ගරු නොකිරිම් සදෙනෙක් වෙත්. මහණෙතෙම ශාතෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, දෙවැදැරුම් පටිසන්ථාරයෙහි උඩඟුව ගෞරව නැතිව වසය කරයි යන මේ සයයි.´´

´´ගරු කිරීම්. මහණතෙම ශාතෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංයා කෙරෙහි, ශික්‍ෂාවෙහි, අප්‍රමාදයෙහි, දෙවැදැරුම් පටිසන්ථාරයෙහි යටහත් පැවතුම් ඇත්තේ ගෞරව සහිතව වාසය කරයි යන මේ සදෙනයි.´´

´´සොම්නස් සහගත කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූප දැක සතුටට කරුණුවූ රූප සොයා බලයි. කණින් ශබ්ද අසා, නැහැයෙන් ගන්ධය දැන, දිවෙන් රසය විඳ, කයෙන් ස්පර්ශකොට, සිතින් ධර්මය දැන, සතුටට කරුණුවූ ධර්මය සොයා බලයි.´´

´´අසතුටු සහිත කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූපය දැක අසතුටට කරුණුවූ රූපය සොයා බලයි. කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය විඳ, සිතින් ධර්මය අරමුණු දැන අසතුටට කරුණුවූ ධර්ම අරමුණු සොයා බලයි.´´

´´මැදහත් කරුණු සොයා බැලීම් සදෙනෙක් වෙත්. ඇසින් රූපය දැක, කණින් ශබ්දය අසා, නාසයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, ශරීරයෙන් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණු දැන, උපෙක්‍ෂාවට කරුණුවූ ධර්ම අරමුණු සොයා බලයි.´´

´´සිහි කටයුතු ධර්ම සදෙනෙක් වෙත්. මහණහු විසින් මෛත්‍රී සහගත (1) කාය කර්මය, (2) වාක් කර්මය, (3) මනො කර්මය එක්ව බ්‍රහ්මචර්යයාවෙහි හැසිරෙන භික්‍ෂූන්ගේ ඉදිරියේද නොඉදිරියේද පවත්වන ලද්දේ වෙයිද, ප්‍රිය කරන්නාවූ ගරු කරන්නාවූ සිහි කටයුතුවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද විවාද නොකරීම පණිසද නොවෙහෙසීම පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.´´

(4) ´´භික්‍ෂවටු ධාර්මිකවූ දැහැමින් ලැබුණු ලාභ එක්ව මහණදම් පුරණ සිල්වතුන් සමග බෙදා සාධාරණ කොට වළඳන්නෙක් වන්නේද ප්‍රිය කරන්නා, ගරු කරන්නාවූ මේ ධර්මයද සංග්‍රහය පිණිසද අවවාදය පිණිසද අවිහිංසාව පිණිසද සමගිය පිණිසද එක්වීම පිණිසද පවතියි.´´ (5) ´´භික්‍ෂවු තෘෂ්ණාදියෙන් නොබැඳුණු සමාධිය පිණිස පවත්නාවූ යම් මේ සීලයෝ වෙත්ද එබඳු සීලයන්හි එකට මහණදම් පුරණ භික්‍ෂූන් ඉදිරියෙහිද නොඉදිරියෙහිද සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයිද.´´ (6) එසේම මහණතෙම දෘෂ්ටියෙන් සම බවට පැමිණ වාසය කරයි.´´

´´විවාදයට මල් සදෙනෙක් වෙත්. මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, ගුණමකු වූයේ වෙයිද, ඊර්ෂා කරන්නෙක් මසුරුවූවෙක් වෙයිද, කපටි මායා ඇත්තේ වෙයිද, පවිටු ආශා ඇත්තේ මිථ්‍යාදෘෂ්ටීක වෙයිද, තමාගත් මතයම තදින් ගන්නේ දැඩිකොට හන්නේ අත්නොහැරිය හැක්කෙක් වෙයිද, ඒ භික්‍ෂුව හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද, ධර්මය කෙරෙහිද, සංයා කෙරෙහිද ගෞරව නැත්තේ යටහත් පැවතුම් නැතිව වාසය කරයි. ශීලයද සම්පූර්ණ නොකරයිද හෙතෙම සංයා කෙරෙහි විවාද උපදවයි.´´

´´ ධාතු සයක් වෙත්. පඨවි, ආපො, තෙජෝ, වායෝ, ආකාශ, විඤඤාණ ධාතුය යන සයයි.´´

´´නිස්සරණීය ධාතු ( මිදීම් ධාතු ) සයක් වෙත්. යම් මේ මෛත්‍රී සමාධියක් වේද මෙය ( ක්‍රොධයෙන් ) මිදීම වෙයි. කරුණා හිත වනාහි හිංසා කිරීමෙන් මිදීමයි. මුදිතා සමාධිය වනාහි අරතියගේ නිස්සරණය වේමැයි ( නොඇල්මෙන් මිදීමයි ). උපෙක්‍ෂා සමාධිය රාගයට නිස්සරණය ( මිදීම ) වේමැයි. අනිමිත්ත චෙතො විමුක්තිය සියලු නිමිත්තයන්ට නිස්සරණය වේමය. මේ ´මම වෙමි´යි යන හැගිමෙන් මුල් සිඳීමක් වේද, එය කෙසේද කෙසේදැයි ගන්නා විචිකිච්චාු සල්ලයාගේ නිස්සරණය ( මිදීම ) වේමැයි යන සදෙනයි.´´

´´ උතුම් දේ සයක් වෙත්. උතුම් දැකීම්, උතුම් ඇසීම්, උතුම් ලැබීම්, උතුම් හික්මීම්, උතුම් උපස්ථන, උතුම් සිහිකිරීම් යන සයයි.´´

´´සිහිකිරීම් සයක් වෙත්. බුද්ධානුස්මෘතිය, ධර්මානුස්මෘතිය, සංානුස්මෘතිය, සීලානුස්මෘතිය, ත්‍යාගානුස්මෘතිය, දෙවතානුස්මෘතිය යන සයයි.´´

´´රහතුන්ගේ නිතර වාසය කිරීම් සයක් වෙත්. මහණතෙම ඇසින් රූපයක් දැක, කණින් ශබ්දය අසා, නැහැයෙන් ගඳ සුවඳ දැන, දිවෙන් රසය විඳ, කයින් ස්පර්ශය දැන, සිතින් ධර්ම අරමුණු දැන සතුටුද නොවෙයි නොසතුටුද නොවෙයි උපෙක්‍ෂාවෙන් යුක්තව සිහි නුවණින් යුක්තව වාසය කරයි යන සයයි.´´

´´ජාති සයක් වෙත්. ඇතැමෙක් නීච කුලයෙහි උපන්නේම නීච ධරමය උපදවයි. ඇතැමෙක් හීන කුලයෙහි උපන්නේම උසස් ධර්ම උපදවයි. ඇතැමෙක් පහත් කුලයෙහි උපන්නේද පහත් විපාක දෙන ස්වභාවයද නැති, උසස් විපාක දෙන ස්වභාවයද නැති රහත් බව උපදවයි. ඇතැමෙක් උසස කුලයෙහි උපන්නේ යහපත් ධර්මය උපදවයි. ඇතැමෙක් උසස් කුලයෙහි උපන්නේම පහත් ධර්මය උපදවයි. ඇතැමෙක් උසස් කුලයෙහි උපන්නේ පහත් විපාක දෙන ස්වභාවයද නැති, උසස් විපාක දෙන ස්වභාවයද නැති රහත්බව උපදවයි යන සයයි.´´

´´නිවණට පමුණුවන්නාවූ සංඥාවෝ සයක් වෙත්. අනිත්‍ය සංඥාය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාය, දුකෙහි අනාත්ම සංඥාය, ප්‍රහාණ ( දුරු කිරීම ) සංඥාය, විරාග ( නොඇල්ම ) සංඥාය, නිරොධය දන්නාවූ සංඥාය යන සයයි.´´

8. ´´භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දාවූ ධර්ම සතක් ඇත.´´

´´කවර සතක්දයත්? ආර්ය්‍ය ( උතුම් ) ධන සතක් වෙත්. ශ්‍රධා, සීල, හිරි, ඔතප්ප, සුත, ත්‍යාග, ප්‍රඥා, ධනය, යන සතයි.´´

´´බොජජුංග සතක් වෙත. සති, ධම්ම, විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උකෙඛාු සම්බොජජුංගය.´´

´´සමාධි පිරිවර ධර්ම සතක් වෙත්. හොඳ දැකීම, හොඳ කල්පනාව, හොඳ වචනය, හොඳ කර්මාන්තය, හොඳ ජීවිකා වෘත්තිය, හොඳ උත්සාහය, හොඳ සිහිය.´´

´´අයහපත් ධර්ම සතක් වෙත්. මහණතෙම ශ්‍රධා නැත්තේ වෙයි, පවට ලජ්ජා නැත්තේ වෙයි, පවට බිය නැත්තේ වෙයි, ඇසූ පිරූ තැන් ( උහත් කම ) නැත්තේ වෙයි, අලස වෙයි, සිහි මුලාවූයේ වෙයි, ප්‍රඥා නැත්තේ වෙයි.´´

´´යහපත් ධර්ම සතක් වෙත්. මහණ තෙම ශ්‍රධා ඇත්තේ වෙයි, පවට ලජ්ජා ඇත්තේ වෙයි, පවට බිය ඇත්තේ වෙයි, බොහෝ ඇසු පිරූ තැන් ( උගත් කම ) ඇත්තේ වෙයි, පටන් ගන්නා ලද වීර්යය ඇත්තේ වෙයි, එළඹ සිටි සිහි ඇත්තේ වෙයි, නුවණ ඇත්තේ වෙයි.´´

´´සත් පුරුෂ ධර්ම සතක් වෙත්. මහණතෙම දෙශනා පාළිය, අර්ත්ථ, තමා, පිළිගැනීමේ පමණ, කාලය, පිරිස්, පුද්ගලයන් දන්නේද වෙයි.´´

´´නිර්දස වස්තු සතක් වෙත්. මහණ තෙම ශික්‍ෂා පිරීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි, ධර්ම සාන්තියෙහි ( විදර්ශනාවෙහි ) ආශා දුරු කිරීමෙහි, තනිව විසීමෙහි, විර්යය කිරීමෙහි, සිහියෙහිද( නුවණැති බැව්හිද ), බලවත් කැමැත්ත ඇත්තේ වෙයි. මත්තෙහිද පහනොවූ කැමැත්ත ඇතතේ වෙයි. මාර්ග දැකීමෙහි බලවත් කැමැත්ත ඇත්තේ වෙයි.´´

´´සංඥා සතක් වෙත්. අනිත්‍ය, අනාත්ම, අසුභ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරොධ සංඥාය.´´

´´බල සතක් වෙත්. ශ්‍රධා, වීර්ය්‍ය, හිරි, ස්මෘති, සමාධි, ප්‍රඥා, ඔත්තප්ප බලය.´´

´´විඥානස්ථිති ( විඥාන පිහිටන තැන් ) සතක් වෙත්. වෙනස් ශරීර ඇති වෙනස් වෙනස් හැගීම් ( ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. වෙනස් වෙනස් ශරීර ඇති එක හැගීම් ( සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. සමාන ශරීර ඇති සමාන හැගීම් ( සමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. මේ සමාන ශරීර ඇති වෙනස් වෙනස් හැගීම් ( ප්‍රතිසන්ධි විඤ්ඤාණ ) ඇති සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්ම විමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් වෙනස් වෙනස් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතන යට පැමීණියාවූ සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤඤාණය අනන්තයයි විඤඤානඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. සියලු ආකාරයෙන් විඤඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චාඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්.´´

´´දක්‍ෂිණාර්හ ( දැන් පිළිගැනීමට සුදුසු ) පුද්ගලයෝ සත් දෙනෙක් වෙත්. උභතොභාග විමුක්තය, ප්‍රඥා විමුක්තය, කාම සාක්‍ෂුය, දෘෂ්ටි ප්‍රාප්තය, ශ්‍රධා විමුක්තය, ධර්මානුසාරීය, ශ්‍රධානුසාරීය යන සත් දෙනයි.´´

´´සිතෙහි බැඳී පවතින කෙලෙස් සතක් වෙත්. කාම රාගානුසය, ප්‍රතිානුසය, දෘෂ්ට්‍යානුසය, විචිකිච්චාුනුසය, මානානුසය, භව රාගානුසය, අවිජ්ජානුසය යන සතයි.´´

´´සංයෝජන සතක් වෙත්. අනුනය, ප්‍රති, දෘෂ්ටි, විචිකිච්චාු, මාන, භවරාග, අවිද්‍යා සංයොජනය.´´

´´අධිකරණ සමථ ( නඩු විසඳීම් ) සතක් වෙත්. උපනුපන් අධිකරණයන්ගේ සමථය පිණිස සංසිඳිම පිණිස සම්මුඛා විනය දිය යුතුයි. සතිවිනය දිය යුතුයි. අමුළ්හ විනය දිය යුතුයි. ප්‍රතිඥාවෙන් හෙවත් ඇවතින් කරවිය යුතුයි. යෙභුය්‍ය සිකාය තස්සපාපිය්‍යසිකාය තිණවත්ථාරකය යන සතයි.´´

9. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්ම අටක් ඇත්තාහ. කවර අටක්ද යත් මිච්චාුත්ත ( වැරදි ස්වභා ) අටකි. වැරදි දැකීම්, වැරදි කල්පනාව, වැරදි වචනය, වැරදි කර්මාන්තය, වැරදි ජීවිකා වෘත්තිය, වැරදි උත්සාහය, වැරදි සිහිය, වැරදි සමාධිය යන අටයි.´´

´´සම්මත්ත ( යහපත් ස්වභාවයෝ ) අටක් වෙත්. හොඳ දැකීමය, හොඳ කල්පනාව, හොඳ වචනය, හොඳ කර්මාන්තය, හොඳ ජීවිකා වෘත්තිය, හොඳ උතසාහය, හොඳ සිහිය, හොඳ සමාධිය යන අටයි.´´

´´දක්‍ෂුණාර්හ පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර දෙන සහ සෝවාන් ඵලය ආදී ඵල ලබා ගැනීම පිණිස පිළිපන් පුද්ගලයෝ යන සතර දෙනයි.´´

10. ´´කුසීන වස්තු අටක් වෙත්. (1) මහණහු විසින් ( සිවුරු ආදිය පිළිබඳ ) වැඩ නොකර නිදාගනියි. (2) මහණහු විසින් වැඩ කරණ ලද්දේ වෙයි, ශරීරය ක්ලාන්ති වීයයි නිදාගනියි. (3) මහණහු විසින් යායුතු ගමනක් ඇත්තේය ඔහු නොගොස් නිදාගනියි. (4) මහණහු විසින් ගමනක් යන ලද්දේ වේද, ශරීරය ක්ලාන්ත වූයේ නිදා ගනියි. (5) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණයෙන් නොලබයි, ශරීරය ක්ලාන්ත වූයේ නිදාගනියි. (6) මහණතෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව ලබයි, ශරීරය බර වූයේ කටයුතු කිරිමට අසමර්ථවූයේ නිදාගනියි. (7) මහණහට සුළු සඩනීපයක් හටගත්තේ වෙයිද, නිදයි. (8) මහණ තෙම ගිලන්කමින් නැගිටියි, ශරීරය දුර්වල වූයේ නිදාගනියි. නොපැමිණි ධ්‍යාන ආදියට පැමිණීම පිණිස නොලැබූ ධ්‍යාන ආදිය ලැබීම පිණිස නොදුටු ධ්‍යාන ආදිය දැකීම පිණිස වීර්යය නොකරයි.´´

11. වීර්ය්‍ය කිරීමට කරුණු අටක් වෙත්. (1) මහණහු විසින් කර්මය කටයුතු වෙයි, සිවුරු කිරීම් අදී වැඩ කළයුතු වන්නේය. (2) මහණහු විසින් කටයුතු කරන ලද්දේ වෙයි. (3) මහණහු විසින් ගමනක් යායුතු වෙයි, ගමනක් යායුතු වන්නේය. (4) මහණහු විසින් ගමන යන ලද්දේ වෙයි. (5) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව ලබයි, ශරීරය සැහැල්ලු වූයේ කටයුතු කිරීමට සුදුසු වූයේ වෙයි. (6) මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ රළුවූ හෝ රසවත්වූ හෝ භෝජනය ඇතිතාක් සම්පූර්ණව නොලබයි, ශරීරය බලවත් වූයේ කටයුතු කිරීමට සමර්ථ වේ. (7)භික්‍ෂුහට සුළු අසනීපයක් හටගත්තේ වේ, මේ අසනීපය වැඩි වන්නට හේතු ඇත්තේය. (8) මහණතෙම ගිලන්කමින් නැගී සිටියේ, අසනීපය නැවත ඇතිවන්නට ඉඩ ඇත්තේය, එබැවින් මම නොපැමිණි මාර්ගඵලාදියට පැමිණිම පිණිස, නොලද ධ්‍යානාදිය ලැබීම පිණිස, නොදුටු මාර්ගඵලාදිය දකිනු පිණිස, වීර්ය්‍ය කරමියි උත්සාහ කරයි.

12. ´´ දාන වස්තු අටක් වෙත්. දෙමි දෙමියයි කිය කියා නොසිට එකවරම දෙමියි කියා දන් දෙයි, නින්දා භය හෝ අපාය භය නිසා දන්දෙයි, මට දුන්නේයයි කියා දන් දෙයි, මතුවට මට දෙන්නේයයි සිතා දන්දෙයි, දීම හෙඳයයි සිතා දන්දෙයි, පිසන තැනැත්තේ නොපිසන්නවුන්ට දීම් සුදුසුයයි දන්දෙයි, මේ දානය දෙන්නායහපත්වූ කීර්තිශබ්දය උස්ව නගීයයි දන්දෙයි, සිතට අලංකාර පිණිසද, පිරිවර පිණිසද දන්දෙයි යන අටයි. ´´

13. ´´දානයේ හේතුවෙන් ඇතිවන උත්පත්ති අටක් වෙත්. ඇතැමෙක් මහණෙකුට හෝ බමුණෙකුට හෝ ආහාරය, පානය, වස්ත්‍රය, යානය මල් හා සුවඳ විලෙපනය, ආසනය, ආවාසය, පහන් ආදී උපකරණය යන මේ දේ දෙයි, හෙතෙම යමක් දේද, එය ලැබීමට බලාපොරොත්තු වෙයි.´´

´´ඔහුට මෙබඳු සිතක් වෙයි. ´ මම මරණින් මතු මහ ධනවත් ක්‍ෂත්‍රියයන් හෝ මහ ධනවත් බ්‍රාහ්මණයන් හෝ මහ ධනවත් ගෘහපතින් හෝ අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු චාතුරමහාරාජික දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු තව්තිසා වැසි දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු යාම වැසි දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මතු තුසිත දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු නර්මාණරතී දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යෙහෙකැයි ( කියයි. ) මම මරණින් මත්තේහි බඹලොව වැසි දෙවියන් අතර උපදින්නෙම් නම් ඉතා යහපති ( කියයි. ) හෙතෙම ඒ සිත පිහිටුවයි, ඒ සිත අධිෂ්ඨාන කරයි, ඒ සිත වඩයි, පහත්වූ පංචකාමයන්හි ඇළුණු මත්තෙහි මාර්ගඵල පිණිස නොවඩන ලද ඔහුගේ ඒ සිත ඉපදීම පිණිස පවතියි. එයද සිල්වත්හටය, දුස්සීලයාහට නොවේයයි කියමි. පහවූ කාම රාග ඇත්තාහටය, කාම රාග සහිත වූවහුට නොවේයයි කියමි.ඇවැත්නි, සිල්වත්හුගේ ප්‍රාර්ථනාව පහවූ රාගය ඇති බැවින් ඉෂ්ට වේ. ( යන අටයි ).

14. ´´පිරිස් අටක් වෙත්. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ, වාතුර්මහාරාජික, තාවතිංස, මාර, බ්‍රහ්ම පිරිසය ( යන අටයි. ) ´´

´´ලෝක ධර්ම අටක් වෙත්. ලාභයද අලාභයද යසසද අයසද නින්දාවද ප්‍රශංසාවද සැපයද දුකද( යන අටයි )

15. ´´බලය පැවැත්වීම් හෙවත් මැඩගෙන සිටිම් අටක් වෙත්. තමා කෙරෙහි රූප සංඥා ඇති එක් පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩපවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩ ගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වෙයි.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ස්වල්පවූ යහපත් වර්ණ ඇති, අයහපත් වර්ණ ඇති, පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් අප්‍රමාණවූ යහපත් වර්ණ ඇති අයහපත් වර්ණ ඇති පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් නිල්වූ නිල්පාට ඇත්තාවූ නිල් පෙනීම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති එක් පුද්ගලයෙක් රන්වන්වූ රන්වන් පැහැ ඇත්තාවූ රන්වන් පෙනීම ඇත්තාවූ රන්වන් බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් ලේපාටවූ ලේපාට පැහැ ඇති ලේපාට පෙනීම ඇති ලේපාට බැබලුම් ඇති පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

´´තමා කෙරෙහි අරූප සංඥා ඇති පුද්ගලයෙක් සුදුවූ සුදුපාට ඇත්තාවූ සුදු පෙනීම ඇත්තාවූ සුදු බැබලුම් ඇත්තාවූ පිටත්හි රූපයන් දකියි, ඒ රූපයන් මැඩගෙන දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ.´´

16. ´´විමොක්‍ෂ ( මිදීම් ) අටක් වෙත්. (1) රූපී වූයේ රූපයන් දකියි. (2) තමා කෙරෙහි අරූප සංඥා ඇත්තේ පිටත්හි රූපයන් දකියි. (3) සුභයයිම තීරණය කර ගත්තේ වෙයි. (4) සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් හැපීම් සංඥාවන් නැසීමෙන් වෙන් වෙන් සංඥාවන් කල්පනා නොකිරිමෙන් ආකාශය අනන්තයි, ආකාසාණඤුචායතනයට පැමිණ වාසය කරයි. (5) සියලු ආකාරයෙන් ආකාසාණඤුචායතනය ඉක්මවා විඤඤණයු අනන්තයයි, විඤුඤාණඤුචායතනයට පැමිණ වාසය කරයි. (6) සියලු ආකාරයෙන් විඤුඤාණඤුචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤුචඤඤයතනයට පැමිණ වාසය කරයි. (7) සියලු ආකාරයෙන් ආකිඤුචඤඤයතනය ඉක්මවා නෙවසඤඤානාසඤඤායතනයට පැමිණ වාසය කරයි. (8) සියලු ආකාරයෙන් නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සංඥා වෙදයිත නිරොධයට ( නිරොධ සමා පත්තියට ) පැමිණ වාසය කරයි.´´

17. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් දෙශනා කරණ ලද්දාවූ ධර්මයෝ නවදෙනෙක් ඇත්තාහ.

´´කවර නවදෙනෙක්ද යත්? ක්‍රොධයට කරුණු නවයක් වෙත්. මට අවැඩක් කෙළේයයි ක්‍රොධය බඳියි, මට අවැඩක් කරයි කියා ක්‍රොධය බඳියි, මට අවැඩක් කරන්නෙයයි කියා ක්‍රොධය බඳියි, මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේයයි ක්‍රොධය බඳියි, මාගේ අප්‍රියවූ අමනාපවූවහුට යහපතක් කෙළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේයයි ක්‍රොධය බඳියි, යන නවයයි.´´

´´ක්‍රොධය දුරුකිරීම් නවයක් වෙත්. මට වැඩක් කළේය, මට අවැඩක් කරයි, මට අවැඩක් කරන්නේය, මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කළේය, අවැඩක් කරයි, අවැඩක් කරන්නේය, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකිදැයි සිතා ක්‍රොධය දුරු කරයි. මාගේ අප්‍රියවූ අමනාපවූවහුට යහපතක් කළේය, යහපතක් කරයි, යහපතක් කරන්නේය, එසේ අප්‍රියවූවහුට අන්‍යයා විසින් යහපතක් නොකිරීම මා විසින් නොලැබිය හැකියයි සිතා ක්‍රොධය දුරුකරයි යන නවයයි.´´

18. ´´සත්වාවාස නවයක් වෙත්. (1) නොයෙක් ශරීර ඇති නොයෙක් ප්‍රතිසන්ධි විඤඤාණ ඇති සත්වයෝ වෙත්. (2) වෙනස් ශරීර ඇති සමාන ප්‍රතිසන්ධි විඤඤාණ ඇති සත්වයෝ වෙත්. (3) ඇවත්නි, එක සමාන ශරීර ඇති වෙනස් ප්‍රතිසන්ධි විඤඤා ඇති සත්වයෝ වෙත්. (4) එකසමාන ශරීර ඇති එකසමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. (5) හැඟිමක් නැත්තාවූ විඳිමක් නැත්තාවූ සත්වයෝ වෙත්. (6) සියලු කාරයෙන් රූප සංඥාවන් ඉක්මවිමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසාණඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (7) සියලු ආකායයෙන් ආකාසාණඤ්චායතනය ඉක්මවා විඤඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්වායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (8) සියලු ආකාරයෙන් විඤඤාණඤ්වායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චාඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. (9) සියලු ආකාරයෙන් ආකිඤ්චාඤඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්.´´

19. ´´බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ නොකල් නවයක් වෙත්. පුද්ගලයා නිරයෙහි උපන්නේ වේද, තිරිසන් යෝනියෙහි උපන්නේ වේද, ප්‍රෙත ලොකයෙහි උපන්නේ වේද, අසුරකායෙහි උපන්නේ වේද, දීර් ආයුෂ ඇති අසඤඤ තලයෙහි හෝ අරූප තලයෙහි හෝ උපන්නේ වේද, යම් තැනක භික්‍ෂන්ගේදු භික්‍ෂණීන්ගේදු උපසකයන්ගේද උපාසිකාවන්ගේද පැමිණීමක් නැත්තේද, එබඳුවූ ම්ලෙච්චවූු අප්‍රසිද්ධවූ පිටිසර පෙදෙස්වල උපන්නේ වේද, මධ්‍ය දෙශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේද පෙරළුණු දැකුම් ඇතිවූමිථ්‍යාදෘෂ්ටියෙක් වේ, මධ්‍ය දෙශයෙහි උපන්නේ වෙයි, හෙතෙමේද මෝඩවූ කෙල තොලුවූ හොඳ නරක කියුම්වල අර්ථය දැනගන්නට බැරි නුවණ නැත්තෙක් වේ.´´

20. ´´සුගතයන් වහන්සේ විසින් බුදුබණ නොපවතිනා කලක මධ්‍යම දෙශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේද මෝඩනුවූ, කෙලතොලු නොවූ හෙඳ නරක කියුම්වල අර්ථය දැනගන්නට සමර්තථවූ නුවණැත්තේක් වෙයි. මේ බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ නවවන අකාලයයි.´´

21. ´´අනුපූර්ව විහරණ ( පිළිවෙලින් සමවැදිය යුතු විසීම් ) නවයක් වෙත්. විතර්ක සහිතවූ විචාර සහිතවූ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, විතර්ක විචාරයන්ගේසංසිඳිමෙන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, ප්‍රීතියගේද වැළැක් මෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි, සැපය දුරු කිරීමෙන් චතුර්ත්ථ ධ්‍යානයට පැමිණ වසය කරයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්තවූ ආකාසයයි ආකාසානඤුචායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකාසානඤුචායතනය ඉක්මවා අනන්තවූ විඤඤාණයයි විඤඤාණඤුචායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤඤාණඤුචායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤුචඤඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකිඤුචඤඤායතනය ඉක්මවා නෙවසඤඤානාසඤඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් නෙවසඤඤානාසඤඤායතනය ඉක්මවා සඤඤා වෙදයිත නිරොධයට ( නිරොධ සමාපත්තියට ) පැමිණ වාසය කරයි, යන නවයයි.´´

22. ´´අනුපූර්ව නිරොධ පිළිවෙළින් නැති කිරීම් නවයක් වෙත්. ප්‍රථම ධ්‍යානයට පැමිණියහුගේ කාමහැගීම් නැතිවේ. ද්විතීය ධ්‍යානයට පැමිණියහුගේ විතර්ක විචරයෝ නැති වෙත්. තෘතීය ධ්‍යානයට පැමිණියහුගේ ප්‍රීතිය නැතිවේ. චතුර්ථ ධ්‍යානයට පැමිණියහුගේ ආශ්වාසයෝ නැති වෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප සංඥාව නතිවේ. විඤඤාණඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන සංඥාව නැතිවේ. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියහුගේ විඤඤාණඤ්චායතන සංඥාව නැතිවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැතිවේ. සඤඤාවෙදයිත නිරොධයට පැමිණියහුගේ සංඥාවද විඳිමද නැති වෙත්.

23. භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මයෝ දසදෙනෙක් වෙත්.

´´කවර දසදෙනෙක්ද යත්? නාථකපිණ ( පිහියවන ) ධර්ම දසයක් වෙත්.

(1) මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවර වූයේ වාසය කෙරේ, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්ත වූයේ ස්වල්පවූද වරදවල භය දක්නේ ශික්‍ෂා පදයන්හි සමාදන්ව හික්මේය යන යමක් වේද,

(2) මහණතෙම බොහෝ ඇසූ කෙනෙක් වේද, යම් මේ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අර්ථ සහිතවූ, ව්‍යංජන සහිතවූ සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්ය්‍යය ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දෘෂ්ටියෙන් හොඳින් අවබෝධ කරන ලද්දාහු වෙත්ද,

(3) මහණ තෙම යහපත් මිත්‍රයන් ඇත්තේ, යහපත් මිත්‍රයන් යහළු කොට ඇත්තේ, යහපත් මිත්‍රයන් කෙරෙහි නැමීම ඇත්තේ වේද, මේ ධර්මයද තමාට පිහිටවන ධර්මයකි,

(4) මහණ තෙම සුවචයෙක් වේද, නොකිපී අනුශාසනාව ආදරයෙන් පිළිගන්නේ වේද යන යමක් වේද,

(5) මහණ තෙම එකට මහණ දම් පුරන භික්‍ෂන්ගේු කුඩා මහත් කටයුතු ´´ කිමෙක්දැ´´යි අස කරන කටයුතු වෙත්ද, එහි දක්‍ෂවූයේ, අලස නොවූයේ, එහි උපාය දන්නේ පිළිවෙළ කිරීමට දන්නා නුවණින් යුක්තවූයේ වෙයිද,

(6) මහණ තෙම ධර්මය කැමැත්තේ වේද, ප්‍රියවූ වචන ඇත්තේ වේද, අභිධර්මයෙහි අභිවිනයෙහි මහත්වූ සතුටු ගතිය ඇත්තේය යන යමක් වේද,

(7) මහණ තෙම ලද පරිදි සිවුරුය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකරය යන මෙයින් සතුටු වෙයි යන යමකුත් වේද,

(8) මහණ තෙම අකුසල ධර්මයන්ගේ දුරු කිරිම පිණිස කුසල ධර්මයන්ගේ වැඩීම පිණිස ශක්ති ඇත්තේද දැඩි උත්සාහ ඇත්තේද කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ පටන් ගන්නා ලද වීර්යය ඇත්තේ වාසය කරයි යන යමකුත් වේද,

(9) මහණ තෙම උතුම් සිහියෙන් හා දක්‍ෂ නුවණින් යුක්තවූයේ බොහෝ කල්හි කරන ලද්දද, බොහෝ කල්හි කියන ලද්දද, සිහි කරන්නේ නැවත නැවත සිහි කරන්නේ සිහි ඇත්තේ වේය යන යමකුත් වේද,

(10) මහණ තෙම ඇතිවීම, නැතිවීම, පිණිස පවත්නාවූ ආර්ය්‍යවූ නිබ්බේධිකවූ හෙවත් සසර කලකිරීම මනාව දුක් නැති කිරීම, දුක් නැති කිරීම පිණිස පවත්නාවූ නුවණින් යුක්තවූයේ ප්‍රඥාවත් වෙයි යන යමකුත් වේද, මේද තමාට පිහිට වන ධර්ම වෙත්.´´

24. ´´කසිණායතන දහසක් වෙත්. ඇතැමෙක් උඩ,යට, සරස එකමවූ ( දෙකක් නැති ) පෘථවිු කසිණය හඳුනයි. ඇතැමෙක් උඩ යට සරස අද්වයවූ අප්‍රමාණවූ ආපො කසිණය, වායො කසිණය, තෙජො කසිණය, නීල කසිණය, පීත කසිණය, ලොහිත කසිණය, අවදාත කසිණය හඳුනයි. ඇතැමෙක් උඩ යට සරස අද්වයවූ එකමවූ අප්‍රමාණවූ විඤඤාණ කසිණය හඳුනයි යන දසයයි.´´

25. ´´අකුසල කර්ම මාර්ග දසයක් වෙත්. සතුන් මැරීමය, සොරකම් කිරීමය, කාමයෙහි වරදවා හැසිරීමය, බොරු කීමය, කේලාම් කීමය, ඵරුෂ වචන කීමය, හිස් වචන කීමය, අභිධ්‍යාය ( අනුන්ගේ දෙයට ලෝභ කිරීම ), ව්‍යාපාදය ( අනුන් නැසේවා යන කල්පනාව ), මිත්ථ්‍යාදෘෂ්ටිය යන දසයයි.´´

26. ´´කුසල කර්ම මාර්ග දසයක් වෙත්. සතුන් මැරීමෙන්, අදත්තා දානයෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, කේලාම් කීමෙන්, ඵරුෂ වචනයෙන්, හිස් කථාවලින් වැළකීමය. අනුන්ගේ දෙයට ලොභ නොකිරීමය, අනුන් නැසේවායි නොසිතීමය, නිවැරදි දෘෂ්ටිය යන දසයයි.´´

27. ´´ආර්ය්‍යාවාස ( උත්තමයන් පමනක් වාසය කරන විසීම් ) දසයක් වෙත්.

(1) මහණහුගේ කාම ආශාව ක්‍රොධය චිත්ත චෛතසිකයන්ගේ මැලිකම නොසන්සුන්කම හා පසුතැවීම සැකය පහ කරන ලද්දේ වෙයි. මෙසේ මහණ තෙම දුරු කරන ලද අංග පස ඇත්තේ වෙයි.

(2) මහණ තෙම ඇසින් රූපය දැක සතුටුද නොවෙයි, නොසතුටුද නොවෙයි, සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ සුව දුක් දෙකට මැදහත්ව වාසය කරයි, කණින් ශබ්දය අසා නාසයෙන් ගඳ දැන දිවෙන් රස විඳ කයින් ස්පර්ශ කොට සිතින් ධර්ම අරමුණු දැන සතුටුද නොවෙයි නොසතුටුද නොවෙයි,සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ මැදහත් විඳිමෙන් යුක්තව වාසය කරයි. මෙසේ මහණ තෙම අංග සයකින් යුක්තවූයේ වෙයි.

(3) මහණ තෙම සිහිය නැමැති ආරක්‍ෂාව ඇත්තාවූ සිතින් යුක්තවූයේ වෙයි, මෙසේ මහණ තෙම එකම ආරක්‍ෂාවක් ඇත්තේ වෙයි.

(4) මහණ තෙම නුවණින් සේවනය කළ යුත්තක්ම සේවනය කරයි. නුවණින් දැන ඉවසිය යුත්තක්ම ඉවසයි, නුවණින් දැන පහකළ යුත්තක්ම පහකරයි, හැරදමයි. මෙසේ මහණ තෙම හේත්තුවීම් සතරක් ඇත්තේ වේ.

(5) මහණහු විසින් බොහෝවූ මහණ බමුණන්ගේ වෙන වෙන නොයෙක් සත්‍යයෝ වෙත් නම් ඒ සියල්ල දුරු කරන ලද්දාහුය. මෙසේ මහණ තෙම දුරු කරණ ලද වෙන වෙන නොයෙක් සත්‍යය ඇත්තේ වේ.

(6) මහණහුගේ කාමයන් සෙවීම නැසුණේවේ, භවයන් සොයන්නාවූ තණ්හාව නසන ලද්දේ වෙයි, බ්‍රහ්මචරියේසනය ( සදාකාලික යනාදීන් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ) පහ කරණ ලද්දේ වෙයි. මෙසේ මහණ තෙම සම්පූර්ණයෙන් දුරු කළ සෙවීම් ඇත්තේ වෙයි.

(7) මහණහුගේ කාම කල්පනාව දුරුවූයේ වෙයි, ක්‍රොධ කල්පනා දුරුවූයේ වෙයි, හිංසා කිරීමේ කල්පනාව දුරුවූයේ වෙයි. මෙසේ වනාහි මහණ තෙම නොකැළඹුණු කල්පනා අත්තේ වේ.

(8) මහණ තෙම සැප දුරු කිරීමෙන්, දුක් දුරුකිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපෙක්‍ෂා සිහි දෙදෙනාගේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙසේ වනාහි මහණ තෙම සංසිඳුනු කාය සංස්කාර ඇත්තේ වේ.

(9) භික්‍ෂහුගේු සිත රාගයෙන් මිදුනේ වෙයි, වෙෂයෙන් මිදුනේ වෙයි, මුලාවෙන් මිදුනේ වෙයි, මෙසේ වනාහි මහණ තෙම හොඳින් මිදුනාවූ සිත් අත්තේ වේ.

(10) මහණ තෙම මා විසින් රාගය, වෙෂය, මෝහය, නැති කරන ලදී, මුල් සිඳින ලදී, එය නැවත නූපදින ලෙස කරන ලදීයයි දනීද, මෙසේ මහණ තෙම හොඳින් මිදුන ප්‍රඥා ඇත්තේ වෙයි.´´

25. ´´අශෛක්‍ෂ ධර්ම ( රහත් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්මය ) දසයක් වෙත්. අශෛක්‍ෂවූ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය, සම්‍යක් ඤාණය, සම්‍යක් විමුක්තිය යන මේ දසයයි.´´

එකල්හි භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට කථා කර මෙසේ වදාළහ. ´´ශාරිපුත්‍රය, යහපත යහපත ශාරිපුත්‍රය, නුඹ භික්‍ෂන්ටු යහපත් කොට සංගීතී පර්ය්‍යාය ප්‍රකාශ කෙළෙහියයි´´ වදාළහ. ශාස්තෲන් වහන්සේ එය අනුමත කළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂහුදු දෙශනාව සතුටින් පිළිගත්තාහුය.

( තිස්තුන් වැනිවූ සංගීති සූත්‍රය නිමි. )

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: